ප්‍රදේශ කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ ප්‍රදේශ කිහිපයක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසනවා.

ඒ අද පස්වරු 4.00 සිට හෙට (14) පස්වරු 4.00 දක්වා මෙම අනතුරු ඇඟවීම් බලාත්මක බවයි එම ආයතනය වැඩිදුරටත් සඳහන් කළේ.

අදාළ ප්‍රදේශ පහතින්.

670bb452d6912

670bb45366151

කැලණි ගඟ අවට පහත් බිම් වෙත නිකුත් කළ ගංවතුර අවදානම තවදුරටත් දීර්ඝ කෙරේ

කැලණි ගඟ ද්‍රෝණිය සඳහා නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීමද ඉදිරි පැය 48 දක්වා දීර්ඝ කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව දෙහිඕවිට, රුවන්වැල්ල, සීතාවක, දොම්පේ, හෝමාගම, කඩුවෙල, බියගම, කොළොන්නාව, කොළඹ සහ වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් කැලණි ගංලා නිම්නයේ පහත්බිම් ප්‍රදේශවල පදිංචි මහජනතාවගෙන් සහ එම ප්‍රදේශ හරහා ගමන් ගන්නා රියදුරන් දැඩි සැලකිල්ලෙන් යුතුව කටයුතු කරන ලෙසයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

670b9c2ad8be0pdf_page_0

නාමයෝජනා ප්‍රතික්ෂේප වූ අයට අසාධාරණයක් වූ බව හැඟේ නම් අධිකරණයට යා හැකියි – මැතිවරණ කොමසාරිස්

2024 මහ මැතිවරණය සඳහා මැතිවරණ දිස්ත්‍රික්ක 22 සඳහා කණ්ඩායම් 690 ක් තරග කිරීමට නියමිත බව මැතිවරණ කොමිසම පවසනවා.

ඒ අනුව මෙවර මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වූ නාමයෝජනා පත්‍ර 690 ක් පිළිගෙන ඇති අතර තවත් නාමයෝජනා පත්‍ර 74 ක් ප්‍රතික්ෂේප වී ඇති බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සඳහන් කළේ.

නාමයෝජනා සම්බන්ධයෙන් යම් අසාධාරණයක් වී ඇතැයි හැඟේ නම් එම කණ්ඩායම් වලට අධිකරණයට යා හැකි බවද ඔහු ප්‍රකාශ කළා.

මනාප අංක ඉදිරියේදී ලබාදීමට නියමිත බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ ධීවරයින්ට අනතුරු ඇඟවීමක්

පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ ධීවරයින්ට විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ අනුව පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ මාතර හරහා හම්බන්තොට දක්වා‍, සියලුම ධීවර යාත්‍රාවලට නැවත දැනුම්දෙනතුරු යාත්‍රා නොකරන ලෙස දැනුම්දෙන බවයි ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

සියලුම ධීවර යාත්‍රා මේ සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලෙන් කටයුතු කරන ලෙසයි වැඩිදුරටත් දැනුම් දෙන්නේ.

නුවර එළිය තැපැල් කාර්යාලය දෙපාර්තමේන්තුවේ කටයුතුවලට හැර වෙන කිසිඳු කටයුත්තකට ලබා දෙන්නේ නැහැ – විජිත හේරත්

නුවර එළිය තැපැල් කාර්යාලය හා ඒ භූමිය තැපැල් දෙපාර්තමේන්තුවේ කටයුතුවලට හැර වෙන කිසිඳු කටයුත්තකට ලබා නොදෙන බව අමාත්‍ය විජිත හේරත් පවසනවා.

ඒ අනුව එම ගොඩනැගිල්ල තැපැල් දෙපාර්තමේන්තුව යටතේම භාවිතා කරන බවත් මීට පෙර රජය විසින් ගෙන තිබූ තීරණය අත්හිටුවන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

උන් ඔක්කොම හොරු මල්ලි කියලා මම කොහොමද උන් එක්ක ඉන්නේ මල්ලි – රන්ජන්

තමන්ට මහ මැතිවරණයට තරග කරන ලෙස විවිධ දේශපාලන පක්ෂවලින් ආරාධනා ලැබුණු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක පවසනවා.

නමුත් එම පක්ෂවල පැටිකිරිය හා එහි අපේක්ෂකයින් දෙස බැලූ විට තමන්ට සිතුනේ ‘උන් ඔක්කොම හොරු මල්ලි කියලා, උන් එක්ක වාඩි වෙලා ඉන්නේ කොහොමද’ බව යැයි අද (09) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළා.

එයට ඇති හොඳම විසඳුම ලෙස නවතම නැවුම් පක්ෂයකින් දේශපාලනයට පැමිණීම බවත් ඒ අනුව තමන් එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයෙන් මෙවර මහ මැතිවරණයට තරග කරන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

රජය හැම රටක් සමගම සමබරව කටයුතු කරනවා – කැබිනට් මාධ්‍ය ප්‍රකාශක

රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතාවලදී රජය හැම රටක් සමගම සමබරව කටයුතු කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් පවසනවා.

කිසිඳු රටක් පිළිබඳව විශේෂ සැලකීමක් සිදු නොකරන බවත් රට ලොකු වූවත් පොඩි වූවත් ශ්‍රී ලංකාව එම සියලුම රටවල් සමඟ රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා පවත්වන බවයි ඔහු සඳහන් කළේ.

චීනය, ඉන්දියාව සහ අමෙරිකාව සමඟත් රුසියාව, කියුබාව සහ වියට්නාමය සමඟත් රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා පවත්වන බවත් ඉන්දියාව සමඟ ගනුදෙනු සිදුකරන ලෙසින්ම චීනය සමඟත් ගනුදෙනු කරන බවයි ඔහු සඳහන් කළේ.

සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි ගේ සේවය අවසන් කිරීමට කැබිනට් අනුමැතිය

සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි මහතා ගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අවසන් කිරීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් මුදල් අමාත්‍යවරයා වශයෙන් ඉදිරිපත් කර තිබු එම යෝජනාවට කැබිනට් මණ්ඩලය අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් සඳහන් කළේ.

එම තනතුරේ වැඩබැලීම සඳහා ජනාධිපති අතිරේක ලේකම් (ආයතන සම්බන්ධීකරණ 2) වශයෙන් සේවය කරන යූ.ඩී.එන් ජයවීර පත් කිරිමට කැබිනට් අනුමැතිය හිමිවු බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අදාළ කැබිනට් තීරණය පහතින්.

6704c3d82b3ca

නෙළුම් කුළුණේ නැරඹුම් මැදිරියෙන් වැටී පාසල් සිසුවියක් මරුට

කොළඹ – නෙළුම් කුලුනේ නැරඹුම් මැදිරියෙන් වැටී පාසල් සිසුවියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එම සිසුවිය ජාත්‍යන්තර පාසලක සිසුවියක් බවයි පොලීසිය සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා.

නිලන්ත ජයවර්ධන වන්දි මුදල් ගෙවා අවසන් කරයි

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය පිළිබඳව කලින් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට අදාළව නියම වූ රුපියල් මිලියන 75 ක වන්දි මුදල සම්පූර්ණයෙන් ගෙවා අවසන් කර තිබෙන බව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන අද (07) අධිකරණයට දැනුම්දී තිබෙනවා.

එම නඩුකරය අද (07) කැඳවූ අවස්ථාවේදී අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් පසුගියදා නිකුත් කළ නොතීසියකට අනුව නිලන්ත ජයවර්ධන අධිකරණය හමුවේ පෙනී සිට තිබෙනවා.

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය පිළිබඳව කලින් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම් වලට අදාළව නියම වූ වන්දි මුදල් ගෙවා අවසන් නොකිරීම තුළින් අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් සිදු කර ඇති පැමිණිල්ලට අදාළව මෙම නියෝගය නිකුත් කර තිබුණා.

පසුව අද දිනය තුළ වන්දි මුදල ගෙවීම සඳහා ඔවුන් අවසර ඉල්ලා සිටි පසුව වන්දි මුදල් ගෙවූ බව තහවුරු කරන ලේඛන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දැනුම් දෙමින් නඩුව පස්වරු 1.30 දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු මඩුල්ල නියෝග කළ අතර, ඒ අනුව වන්දි මුදල් ගෙවූ බවට වන ලේඛන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

ඉන් අනතුරුව මෙම නඩු කටයුත්ත යළි නොවැම්බර් මස 18 වනදා කැඳවීමට විනිසුරු මඬුල්ල නියෝග කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.