දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා බලපැවැත්වෙන පරිදි නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අදියර 1 යටතේ අද (15) පස්වරු 4 දක්වා බලපැවැත්වෙන පරිදි මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය ක්‍රියාත්මක බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ.

බදුල්ල දිස්ත්‍රික්කයේ ඇල්ල, පස්සර, හාලිඇල, හපුතලේ, මහනුවර දිස්ත්‍රික්කයේ මැදදුම්බර, පාතදුම්බර, කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම, මාතලේ දිස්ත්‍රික්කයේ අඹන්ගහ කෝරළය, රත්තොට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථකව අවසන් – මුදල් අමාත්‍යංශ ලේකම්

ශ්‍රී ලංකාව සිය ජාත්‍යන්තර බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථකව අවසන් කරන ලද බව මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන පවසනවා.

මෑත ඉතිහාසයේ වඩාත් සංකීර්ණ සහ අභියෝගාත්මක ස්වෛරී ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කාර්යයක් අවසන් වූ බවයි ඔහු සිය X ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර සිටින්නේ.

මේ බව මුදල් අමාත්‍යාංශයද නිල වශයෙන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙන අතර, එයට අනුව ස්වෛරී බැඳුම්කර හිමියන්ගෙන් 98%ක් බැඳුම්කර හුමවාරුව සඳහා කැමැත්ත පළ කර තිබෙන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

675d0942eb5d0

නව පාසල් වාරය ආරම්භ වීමට පෙර සිසුන්ට පාසල් නිල ඇඳුම් ලබාදෙනවා – අධ්‍යාපන අමාත්‍යාංශය

නව පාසල් වාරය ආරම්භ වීමට පෙර සිසුන් අතට පාසල් නිල ඇඳුම් ලබාදීමට උපදෙස් දී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව, එම නිල ඇඳුම් කට්ටල කොට්ඨාස අධ්‍යාපන කාර්යාල හරහා පාසල් වෙත යොමු කරන බවයි එම අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව සඳහන් කළේ.

2025 වර්ෂය සඳහා පාසල් නිල ඇඳුම් අවශ්‍යතාවය රෙදි මීටර් මිලියන 11,817ක් වන අතර, නිල ඇඳුම් ලබා දීමට නියමිත සිසුන් සංඛ්‍යාව 4,640,086ක් බවද අධ්‍යාපන අමාත්‍යාංශය පවසා සිටිනවා.

මෙවර පාසල් නිල ඇඳුම් සියල්ලම චීන රජයේ ප්‍රදානයක් ලෙස ලැබී තිබෙනවා.

ෆයිසර් මුස්තාෆාගේ නම ගැසට් කෙරේ

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය සඳහා ෆයිසර් මුස්තාෆාගේ නම ගැසට් කර තිබෙනවා.

ඒ අනුව ඊට අදාළ ගැසට් නිවේදනය මැතිවරණ කොමිසම විසින් නිකුත් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අදාළ ගැසට් නිවේදනය පහතින්.

675984f3f016fpdf_page_0

මේ ආණ්ඩුවත් මොකටද කියලා තමයි අපිට අහන්න තියෙන්නේ – සමන් රත්නප්‍රිය

අද රටේ ජනාධිපති අනුර කුමාර දිසානායකද නැතහොත් ඩඩ්ලි සිරිසේන දැයි සැකයක් මතුවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය පවසනවා.

පාලන මිලට සහල් ලබාදීමට නොමැකිව යළි සහල් මෝල් හිමියන් කැඳවා මේසයට ගසා 220 ට තිබූ සහල් 230 කර ලබාදුන් බවයි අද (11) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේ.

ඔවුන් මීට පෙර ප්‍රකාශ කළේ, වී වැවෙන රටේ සහල් පිටරටින් ගෙන්වන ආණ්ඩුවක් කුමකටද යන්න බවත් අපටත් අසන්නට ඇත්තේ මේ ආණ්ඩුව කුමකටද බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

හාල් ප්‍රශ්නයක් විසඳගන්න බැරි ආණ්ඩුවක් තිබිලා වැඩක් නෑ – අජිත් රාජපක්ෂ

වත්මන් ආණ්ඩුව සම්බන්ධයෙන් විශාල බලාපොරොත්තුවක් ජනතාව තබා තිබුණද, ජනතාවගේ ප්‍රධාන ආහාරය වන බත් ටික සොයාගැනීමට නොහැකිව කාලය ගත කරන තත්ත්වයකට පත්ව ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් රාජපක්ෂ පවසනවා.

සහල් හිඟයක් රට තුළ ඇතිවීමට කිසිදු හැකියාවක් නොමැති බවත් ආණ්ඩුව විසින් සහල් මෝල් හිමියන් සතුටු කිරීමට ගත් ක්‍රියාමාර්ග නිසා මෙම ගැටලුව ඇතිවී ඇති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.

සහල් ප්‍රශ්නයක් විසඳා ගැනීමට නොහැකි ආණ්ඩුවක් රට තුළ තිබී ඵලක් නොමැති බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් රාජපක්ෂ වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

නව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයෙක් පත්කෙරේ

යූ.එල්. උදය කුමාර පෙරේරා සුරාබදු කොමසාරිස් ජනරාල් තනතුරට පත්කිරීමට මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක ගෙන ආ යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

ඔහු මේ වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කොමසාරිස්වරයෙක් වශයෙන් සේවය කරන බවයි සඳහන් වෙන්නේ.

ඒ අනුව මෙතෙක් සුරාබදු කොමසාරිස් ජනරාල් තනතුරේ වැඩ බැලූ යූ.ඩී.එන්. ජයවීර නැවත දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට අනුයුක්ත කර තිබෙනවා.

ශ්‍රී ලංකාව අල්ලස දූෂණය අවම රාජ්‍යයක් බවට පත් කිරීමට සියලු දෙනා කැපවෙමු – ජනපති

කොපමණ නීති සම්පාදනය කළත්, කොපමණ ආයතන ගොඩනැගුවත් ඒවා හොබවන පුද්ගලයින් නිසියාකාරයට ක්‍රියාත්මක නොවන්නේ නම් පුරවැසියාට සාධාරණය ඉටු නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

ජනතාව විසින් උත්පාදනය කර ඇති බලය භාවිත කර ජනතාවට යුක්තිය ඉටු නොකරන්නේ නම් එම බලය ඵලක් නොවන බවයි “2024 ජාත්‍යන්තර දූෂණ විරෝධී දින ජාතික සැමරුම”   වෙනුවෙන්  බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ අද (09) පැවැති උත්සවයේදී ජනාධිපතිවරයා සඳහන් කළේ.

ශ්‍රී ලංකාවේ අල්ලස හා දූෂණය  වැළැක්වීම සම්බන්ධයෙන් අවශ්‍ය තරම් නීති සහ ආයතන පැවතුණත් එම නීතිය භාවිත කර අල්ලස් හෝ දූෂණය වළක්වාලීමට කටයුතු කර තිබෙන බව තමන්ගේ හෘද සාක්ෂියෙන් විමසීමක් කළ යුතු බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

6756e9fed5ec6pdf_page_1 6756e9fec06bapdf_page_0

කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂ නෙවිල් සිල්වා අත්අඩංගුවට

කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

සිරියානු කැරලිකරුවන් අගනුවරට ඇතුළුවීමත් සමඟ ජනපති රටින් පළායයි

සිරියානු කැරලිකරුවන් එරට ඩැමැස්කස් අගනුවරට ඇතුළු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

කැරලිකරුවන් ඊයේ (07) ඩැමැස්කස් අගනුවර ආසන්නයේ හොම්ස් නගරයේ ද සිය පාලනයට නතු කර ගැනීමට සමත්ව ඇති බවයි සඳහන් වෙන්නේ.

අගනුවරට තදාසන්න පෙදෙස් රැසක් කැරලිකරුවන්ගේ පාලනයට යටත් වී ඇති අතර  සිරියානු ජනාධිපති බෂර් අල් අසාද් පෞද්ගලික ගුවන්යානයකින් රටින් පළාගොස් ඇති බවයි සඳහන් වෙන්නේ.

වසර 54ක් පුරා සිරියාවේ පැවති කෘෘර අසාද් පාලනය මේ වනවිට බිඳ වැටී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.