පොලිස්පතිට හෙට අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝගයක්

පොලිස්පතිවරයාට හෙට (05) දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු පිරිසක් ස්ථාන මාරු කිරීම සම්බන්ධයෙන් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් කිහිපයක් සම්බන්ධයෙන් කරුණු විමසීමට පොලිස්පතිවරයා මෙලෙස කැඳවා ඇති බවයි සඳහන් වෙන්නේ.

අදාළ පෙත්සම් අද කැඳවනු ලැබූ අවස්ථාවේදී අග විනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් එම නියෝගය නිකුත් කර තිබෙනවා.

අලුත් අවුරුදු කාලය තුළ අත්‍යාවශ්‍ය සේවා හා සෙසු රාජ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාමට ජනපතිගෙන් උපදෙස්

එළැඹෙන සිංහල, දෙමළ අලුත් අවුරුදු නිවාඩු කාලය තුළ ජනතාව අපහසුතාවයට පත් නොවන අයුරින් අත්‍යාවශ්‍ය සේවා හා සෙසු රාජ්‍ය සේවා කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට විධිමත් වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

ජනාධිපති කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය, ආරක්ෂක, සෞඛ්‍ය, ප්‍රවාහන, විදුලිබල යන අමාත්‍යාංශ ඇතුළු අදාළ ආයතන ඒකාබද්ධව මෙම වැඩපිළිවෙළ සකස් කරන ලෙස ජනාධිපතිවරයා වැඩිදුරටත් දැනුම්දී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

එසේම එළැඹෙන සිංහල දෙමළ අලුත් අවුරුදු සමය තුළ රටේ මහජන ආරක්ෂාව තහවුරු කිරීමටත්, නීතිය හා සාමය ආරක්ෂා කිරීමටත් පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවන ලෙස ද ජනාධිපතිවරයා විසින් ආරක්ෂක අංශ වෙත උපදෙස් ලබා දී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

660e783c5d02bpdf_page_0

මොනරා TV එළිදකියි

”මොනරා TV” නමින් නවතම රූපවාහිනී නාලිකාවක් අද (03) එළිදක්වා තිබෙනවා.

VIS මාධ්‍ය ජාලයට අනුබද්ධ ⁣⁣⁣මෙම නාලිකාව අද සිට සිය විකාශන කටයුතු ආරම්භ කර ඇති අතර එහි නාලිකා ප්‍රධානීී වශයෙන් මාධ්‍යවේදී බුද්ධික වික්‍රමාදර කටයුතු කරන බවයි වාර්තා වෙන්නේ.

UHF 29 කොළඹ, UHF 56 ගොන්ගල, UHF 56 මඩොල්සිම, UHF 60 නුවරඑළිය, UHF 60 නුවර, UHF 49 රත්නපුර, UHF 56 ගම්මඩුව, නාලිකා අංක 104 PEO TV, නාලිකා අංක 28 FREESAT ඔස්සේ මෙම නාලිකාව නැරඹීමේ හැකියාව පවතිනවා.

මරදාන දුම්රිය ස්ථානයේ දුම්රිය පිලී පැනීමක්

මරදාන දුම්රිය ස්ථානයේ දුම්රිය පිලී පැනීමක් සිදුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පස්වරු 06.05 ට මහව බලා ධාවනය වන සීඝ්‍රගාමී දුම්රිය අද දින සවස 06.15 ට පමණ මරදාන හා දෙමටගොඩ දුම්රිය ස්ථාන අතර මෙලෙස පීලි පැනීමට ලක්ව ඇති බවයි වාර්තා වෙන්නේ.

මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමනාගමන කටයුතුවලට බාධා මතුව තිබෙනවා.

සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 9ක මිල අඩු කරයි

අත්‍යවශ්‍ය භාණ්ඩ 9ක මිල අඩු කිරීමට ලංකා සතොස ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ අනුව අද (02) සිට මෙලෙස මිල පහත දමා ඇති බවයි එම ආයතනය නිවේදනය කරන්නේ.

ලොකු ළුෑණු, රතු ළුෑණු, කඩල, අර්තාපල්, පාන්පිටි, ආනයනික බිත්තර, සුදු කැකුළු සහ සෝයාමීට් යන භාණ්ඩවල මෙලෙස මිල අඩුකර තිබෙනවා.

අදාළ භාණ්ඩ ලැයිස්තුව පහතින්.

660bee423f63a

සේනක බටගොඩට ගීත 7ක් ගායනා කිරීම වළක්වාලමින් වාරණ නියෝගයක්

ගායන ශිල්පී සේනක බටගොඩට ඔහු ගායනා කළ ගීත 7ක් මින් ඉදිරියට ගායනය කිරීම වළක්වාලමින් කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු විසින් වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

අපි කවුරුද, අපි සැනසිල්ලේ, අළු යට ගිනි, රස්තා, හීනවලට පනක් තිබෙනවා, හොඳම දේ, සැනසෙන්නම් මා යන ගීත 7 ගායනා කිරීම වළක්වමින් මෙලෙස වාරණ නියෝගය නිකුත් කර ඇති බවයි වාර්තා වෙන්නේ.

ඒකාබද්ධ ගීත පද රචනය, තනු නිර්මාණය සහ සංගීත සංකල්පය කළ ජනත් කුලතිලක යන අයට බුද්ධිමය දේපොළ පනත යටතේ ගෙවිය යුතු කතෘ භාගය නොගෙවීම සම්බන්ධයෙන් ඔහු විසින් ගොනුකර තිබූ පැමිණිල්ලකට අදාළව මෙම නියෝගය ලබාදී ඇති බවයි වාර්තා වෙන්නේ.

මොරටුව රාවතාවත්ත අසරණ සරණ සමිතිය 93 වැනි සංවස්තරය නිමිත්තෙන් මොරටුව ප්‍රදේශයේ තෝරා ගත් පාසල් දරුවන් කිහිප දෙනෙකු වෙත අභ්‍යාස පොත් සහ උපකරණ බෙදා දීමක් (31වැනිදා) සිදු විය .

දර්ශාන් ප්‍රනාන්දු – මොරටුව
01/04/2024
මොරටුව රාවතාවත්ත අසරණ සරණ සමිතිය 93 වැනි සංවස්තරය නිමිත්තෙන් මොරටුව ප්‍රදේශයේ තෝරා ගත් පාසල් දරුවන් කිහිප දෙනෙකු වෙත අභ්‍යාස පොත් සහ උපකරණ බෙදා දීමක් (31වැනිදා) සිදු විය .
හිටපු පළාත් සභා මන්ත්‍රී කෝපි කඩේ ටෙලි නාට්‍යයේ ගජං ලෙස රගපෑ රොඩ්නි ෆ්‍රෙෂර් ප්‍රාධාන අරාධිත ලෙස සහභාගිවු අතර අසරණ සරණ සමිතියේ ලක්දාස භූපාල් ප්‍රනාන්දු ඇතුළු ෆාම්ස් ලංකා ආයතනයේ නිලධාරින්, අසරණ සරණ සමිතියේ නිලධාරීන් සහ සංඝරත්නය සහ ගැලවීමේ හමුදා දේවස්ථානයේ නායකයන් කිහිපදෙනෙක්ද මේ සඳහා සහභාගි වූහ. දරුවන් මෙන්ම දෙමව්පියන් මෙම අවස්ථාවට සහභාගි වූහ
එම අවස්ථාවේදී ලක්දාස ප්‍රනාන්දු මහතා විසින් දුම්බීමෙන් මෙන්ම මත්පැන් වලට ඇබ්බැහි වීමෙන් සිදුවන ජීවතවලට සිදුවන හානිය පිළිබඳව කෙටි දේශනයක් ද පැවැත්විය .
රජය පිළිගත් පුණ්‍ය ආයතනයක් වන මෙම ‘අසරණ සරණ සමිතිය වර්ෂ 1931 දී ආරම්භ කර ඇත.

WhatsApp Image 2024-04-01 at 22.20.41 (3) WhatsApp Image 2024-04-01 at 22.20.41 (2) WhatsApp Image 2024-04-01 at 22.20.41 (1) WhatsApp Image 2024-04-01 at 22.20.41 WhatsApp Image 2024-04-01 at 22.20.38 (2) WhatsApp Image 2024-04-01 at 22.20.38 (1) WhatsApp Image 2024-04-01 at 22.20.38 WhatsApp Image 2024-04-01 at 22.19.50

සෞඛ්‍ය වෘත්තීය සමිති හෙට දින ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ අඛණ්ඩ වර්ජනය පැය 24 කින් කල්දමයි. රෝහල් 10 ක හෙට උදෑසන 6.30 සිට සේවාවෙන් ඉවත්වීමේ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කරයි

සෞඛ්‍ය වෘත්තීය සමිති හෙට දින ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ අඛණ්ඩ වර්ජනය පැය 24 කින් කල්දමයි. රෝහල් 10 ක හෙට උදෑසන 6.30 සිට සේවාවෙන් ඉවත්වීමේ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කරයි

අද දවසේ පැවැත්වීමට නියමිතව තිබූ ජනාධිපති කාර්යාලයේ සාකච්ඡාව හදිසි කාරණාවක් නිසා හෙට සවස දක්වා කල් තැබූ බව සෞඛ්‍ය ලේකම්වරයා විසින් දැනුවත් කොට ඇත.

මේ හේතුව නිසා හෙට දිනට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගය පැය 24කින් කල් තැබීමට සෞඛ්‍ය වෘත්තීය සබඳි සන්ධානය තීරණය කරන ලදී. එසේම හෙට උදෑසන 6.30 සිට රෝහල් 10 ක පැය හතරක සේවාවෙන් ඉවත් වීමේ වාදන ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.
1. ශ්‍රී ලංකා ජාතික රෝහල
2. කරාපිටිය ශික්ෂණ රෝහල
3. යාපනය ශික්ෂණ රෝහල
4. මඩකලපුව ශික්ෂණ රෝහල
5. පේරාදෙණිය ශික්ෂණ රෝහල
6. කෑගල්ල මහ රෝහල
7. පොළොන්නරුව මහ රෝහල
8. ත්‍රිකුණාමලය මහ රෝහල
9. වව්නියාව මහ රෝහල
10. මන්නාරම මූලික රෝහල

ඉදිරි පැය කීපය අතුලත මෙම ගැටලුව විසදුමක් නොලැබේ නම් අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කරනවා හැර වෙනත් විකල්පයක් නොමැති බව සන්ධානය දන්වා සිටී.

01/04/2024
සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය

පිටි බෙදාහරින ආයතනයක බැංකු ගත කිරීමට ගණන් කරමින් තිබූ ලක්ෂ 39.1/2 මුදලක් කොල්ලකා පලායයි.

පිටි බෙදාහරින ආයතනයක බැංකු ගත කිරීමට ගණන් කරමින් තිබූ ලක්ෂ 39.1/2 මුදලක් කොල්ලකා පලායයි.

ගල්පාත චන්දන පෙරේරා

හොරණ සව්ගස් හන්දියේ දී ආයුධ සමග පුද්ගලයන් දෙදෙනෙකු අද (01)සවස පිටි බෙදා හරින ආයතනයක කඩා වැදී රුපියල් ලක්ෂ 39 1/2 ක මුදලක් කොල්ලකා පලා ගොස් ඇතැයි හොරණ පොලිසිය පවසයි.
අදාළ පිටි බෙදා හරින ආයතනය විසින් සිකුරාදා දින සිට පිටි බෙදා හැර ලබාගත් මුදල් සේප්පුවේ තබා බැංකු ගත කිරීමට සූදානම් වන අවස්ථාවේ කොල්ලකරුවන් දෙදෙනා පැමිණ කාර්යාලයේ දොර විවෘත කරන ලෙස දන්වා සිටියත් ඔවුන් දොර විවෘත නොකිරීම හේතුවෙන් රැගෙන ආ මන්නා පිහියෙන් වීදුරුව බිද පසුව මන්නා පිහිය පෙන්වා මුදල් අයකැමිගේ අත් දෙක පිටුපසට ගැටගසා ලක්ෂ 39.1/2 මුදලද සේවකයින් දෙදෙනා අත තිබූ රුපියල් ලක්ෂයක් පමන වටිකා ජංගම දුරකථන දෙකද කොල්ලකා පලා ගොස් ඇත.

කොල්ලයෙන් පසු කොල්ලකරුවන්
මොරගහහේන දෙසට පලා ගොස් ඇති අතර
සීසීටීවී දර්ශන ඔස්සේ කොල්ලකරුවට ඇත්තඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර ඇත.

පානදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චමිල් රත්නායක සහකාර පොලිස් අධිකාරී උදය කුමාර මහත්වරුන්ගේ උපදෙස් මත හොරණ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක පි එස් පනාවල මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්ෂ්මන්ද සිල්වා පොලිස් සැරයන් 45477 ලලිත් කොස්තාපල් 69128 ප්‍රභාත් මහත්වරුන් ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි

ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් අවිස්සාවේල්ල ඩිපෝවේ සේවය කරන නව සන්ධානයේ වෘත්තීය සමිති සේවකයෙකුට පොහොට්ටුවේ වෘත්තීය සමිති සමාජිකන් පහර දී තිබෙනවා.

ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් අවිස්සාවේල්ල ඩිපෝවේ සේවය කරන නව සන්ධානයේ වෘත්තීය සමිති සේවකයෙකුට පොහොට්ටුවේ වෘත්තීය සමිති සමාජිකන් පහර දී තිබෙනවා.

මෙසේ පහර කෑමට ලක්ව ඇත්තේ සුමිත් බණ්ඩාර නමැති එම ඩිපෝවේ කාර්මික නිලධාරීයෙකු වන අතර ඔහු මේ වන විට අවිස්සාවේල්ල රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබනවා.

මෙම පහර දීම හෙතුවෙන් අවිස්සාවේල්ල ඩිපෝවේ මේ වන විට වෘත්තීය සමිති නියෝජිතයින් විරෝධයක් ආරම්භ කර තිබෙනවා.