විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවක වැඩ වර්ජනය අදත්

වැටුප් ඇතුළු ගැටලු කිහිපයක් මුල් කරගනිමින් විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවකයින් ආරම්භ කළ අඛණ්ඩ වැඩ වර්ජනය අද (07) දිනයේත් ක්‍රියාත්මක වනවා.

මෙම වැඩ වර්ජනය ආරම්භ කර අදට දින 06 ක් ගතවන බවයි වාර්තා වෙන්නේ.

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ ඇති රාජ්‍ය විශ්ව විද්‍යාල 17ක සහ උසස් අධ්‍යාපන ආයතන 17ක කටයුතුවලට අනධ්‍යයන සේවක වර්ජනයෙන් බාධා එල්ල වී තිබෙනවා.

පළාත් සභා ගොඩනැගිල්ලක් වටකළ රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් අත්අඩංගුවට

රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් උතුරුමැද පළාත් සභා ගොඩනැගිල්ල වටකර අද (06) විරෝධතාවක නිරත වී තිබෙනවා.

එහිදී ඇතිවූ නොසන්සුන්තාව අතරතුර විරෝධතාකරුවන් 22 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

Visa ප්‍රමාදය ගැන ගුවන්තොටුපොළේ නිලධාරීන්ට බැන වැදුණු තරුණයා පොලීසියට කැඳවයි

පසුගිය මැයි 01 වැනිදා දින කටුනායක ගුවන්තොටුපොළේ Visa නිකුත් කිරීමේ දී ඇති වු ප්‍රමාදයක් හේතුවෙන් එහි නිලධාරීන්ට දෝෂාරෝපණය කරමින් බැන වැදුනු තරුණයා අද (06) උදෑසන ගුවන් තොටුපොළ පොලීසිය වෙත කැඳවා තිබෙනවා.

වෘත්තියෙන් නීතිඥවරයෙකු වන සඳරුවන් කුමාරසිංහ නැමති අදාළ තරුණයා අද උදෑසන 10.00ට පමණ ගුවන් තොටුපොළ පොලීසිය වෙත පැමිණ ඇති බවයි වාර්තා වෙන්නේ.

මේ වන විටත් අදාළ තරුණයා ප්‍රකාශයක් ලබාදෙමින් ඇති බව වැඩිදුරටත් වාර්තා වෙනවා.

රට කිසිඳු බාධාවකින් තොරව ස්ථාවර ගමනක ගමන් කරනවා – වජිර

දිනෙන් දින කඩා වැටුණු ආර්ථිකය ශක්තිමත් කරමින් නව මාවතකට පිවිස ඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසනවා.

ඒ අනුව රට කිසිඳු බාධාවකින් තොරව ස්ථාවර ගමනක ගමන් කරමින් ඇති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා යනු ආසියාවේ සහ මෙම කලාපයේ සිටින දේශපාලන පළපුරුද්ද වැඩියෙන්ම ඇති නායකයා බවයි වජිර අබේවර්ධන මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

නිවාඩු ලබා නොගෙන සේවයට වාර්තා නොකළ හමුදා සාමාජිකයින් 9,770 ක් ඉවතට

නිවාඩු ලබා නොගෙන සේවයට වාර්තා නොකර සිටි හමුදා සාමාජිකයින් 9,000කට අධික පිරිසක් සති දෙකක් තුළ පොදු සමාව යටතේ සේවයෙන් ඉවත්කළ බව යුද හමුදා මූලස්ථානය පවසනවා.

ඒ අනුව එම පොදු සමා කාලය තුළ මේ වනවිට යුද හමුදා සාමාජිකයින් 9,770 දෙනෙකු සේවයෙන් ඉවත් වී ඇති බව යුද හමුදා මූලස්ථානය සඳහන් කළා.

අප්‍රේල් මස 20 වනදා සිට ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නිවාඩු ලබා නොගෙන සේවයට වාර්තා නොකර සිටින නිලධාරීන් හා සෙසු නිලයන් හට නිත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීමට පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කර තිබුණා.

Foxhill අනතුරින් ජීවිතක්ෂයට පත්වූවන් හා තුවාල ලැබූවන්ට වන්දි

Foxhill ධාවන තරගාවලිය අතරතුර සිදුවූ රිය අනතුරින් ජීවිතක්ෂයට පත්වූවන් හා තුවාල ලැබූ පුද්ගලයින් සඳහා වන්දි මුදල් පිරිනැමීමට ක්‍රීඩා අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.‍

ඒ අනුව, එහිදී ජීවිතක්ෂයට පත් වූ 7 දෙනා වෙනුවෙන් එක් අයෙකුට රුපියල් මිලියනය බැගින් ලබා දීමට නියමිත බවයි එම අමාත්‍යාංශය පැවසුවේ.

එසේම තුවාල ලැබූ අයට එක් පුද්ගලයෙකුට රුපියල් 250,000ක් බැගින් වූ වන්දි මුදලක් හිමිවනු ඇති බවයි වාර්තා වන්නේ.

අවාරයේ ශ්‍රී පාදය කරුණා කිරීම දේශීය සංචාරකයින්ට තහනම් කෙ​රේ

අවාරයේ ශ්‍රී පාදය කරුණා කිරීම දේශීය සංචාරකයින්ට තහනම් කිරීමට තීරණය කර තිබෙනවා.

ශ්‍රී පාද වන්දනා වාරය මේ මස 24 වනදායින් අවසන් වන නිසා ඉදිරි කටයුතු සිදුකෙරෙන ආකාරය පිළිබඳව රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ විශේෂ සාකච්ඡාවක් ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර, එහිදී මෙම තීරණය ගෙන තිබෙන බව සඳහන්.

ඒ අනුව අවාරයේ ශ්‍රී පාදස්ථානය වෙත පැමිණීමට අවසර ලැබෙන්නේ විදේශිකයන්ට පමණක් වන අතර, ශ්‍රී පාදස්ථානයට ඇතුළුවීමට ඇති කිසිඳු මාර්ගයකින් දේශීය සංචාරකයින්ට ඇතුළුවීම තහනම් කෙරෙනු ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

පරණ පක්‍ෂ කෝන්තර පැත්තකින් තියලා ලංකාවේ ප්‍රබලතම මහජන ව්‍යාපාරය අපි හදන්න ඕනා – අනුර

පරණ පක්‍ෂ කෝන්තර පැත්තකින් තියලා ලංකාවේ ප්‍රබලතම මහජන ව්‍යාපාරය අපි හදන්න ඕනා – අනුර

එදා රනිල්ට “රනිලා” කිව්ව හරීන්, අද සජිත්ට “සජියා” කියනවා – මුජිබර් රහුමාන්

එදා රනිල්ට “රනිලා” කිව්ව හරීන්, අද සජිත්ට “සජියා” කියනවා – මුජිබර් රහුමාන්

බස් ගාස්තුවේ වෙනසක් නෑ – ජාතික ගමනාගමන කොමිෂන් සභාව

බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා.

බස් ගාස්තු සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට කොමිෂන් සභාව රැස්ව තිබූ අතර එහිදී මෙම තීරණය ගෙන තිබෙනවා.

පසුගිය 30 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල අඩු කෙ‍රුණු අතර, එහිදී ඩීසල් මිල රුපියල් 30කින් අඩු කිරීමට කටයුතු කර තිබුණා.

අදාළ නිවේදනය පහතින්.

663354d68b8d2pdf_page_1