ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ ඉතුරුම් පොලී අනුපාත ගැන විශ්ලේෂණයක් කිරීමට රජයෙන් පියවර

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ ඉතුරුම් පොලී අනුපාත සම්බන්ධ පැහැදිලි විශ්ලේෂණයක් සිදුකිරීමට ජනාධිපතිවරයා විසින් තමා වෙත උපදෙස් ලබාදුන් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ ඉතුරුම් සඳහා වර්ෂයකට බිලියන 80ක් පමණ මුදලක් අවශ්‍ය වන බවත් මීට පෙර එසේ ලබාදුන් මුදල් සඳහා මහා භාණ්ඩාගාරයෙන් රුපියල් බිලියන 105ක් ණයක් ගෙවීමට ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් ඉතා උනන්දුවෙන් හා සංවේදීව කටයුතු කරන බවත්, විවිධ වයස් තලයන්ගේ පොලි ප්‍රතිශතයන් පිළිබඳව ලැබෙන විවිධ ඉල්ලීම් සියල්ලම සලකා බලා මේ ගැන විශ්ලේෂණයක් සිදුකරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

ඉදිරි ජනාධිපතිවරණය ඉලකක් කර අඩු ආදායම්ලාභි පවුල් සදහා මාසිකව සහල් කිලෝ දහයක් ලබා දිමෙි වැඩ සටහන එලැබෙින මැතිවරණයක් තෙක් ලබාදිමට ආන්ඩුව සැලසුම් කර ඇති බව වාර්ථායවෙි.

ඉදිරි ජනාධිපතිවරණය ඉලකක් කර අඩු ආදායම්ලාභි පවුල් සදහා මාසිකව සහල් කිලෝ දහයක් ලබා දිමෙි වැඩ සටහන එලැබෙින මැතිවරණයක් තෙක් ලබාදිමට ආන්ඩුව සැලසුම් කර ඇති බව වාර්ථායවෙි.

මිට පෙර පවුල් ලක්ෂ 28 කට අප්‍රේල් හා මැයි මාස දෙකක් යන තෙක් එම සහල් ලබා දිමට සැලසුම් කර තිබිණි.

කෙසේ වෙතත් කුඩා පරිමාණ මෝල්හිමියන් ගෙන මිලදී ගන්නා සහල් මෙමෙ ්අඩු ආදායම් පවුල් සදහා ලබා දෙන අතර තවත් අමතර පවුල් ලක්ෂ පහකට එය ලබා දිමට නියමිත බව වාර්ථාවෙි.

මඤ්ඤොක්කා සිටුවීමට බිම සැකසූ පුද්ගලයකුට බෝම්බයක් අසුවෙයිඉඩමක විදේශීය රටක නිෂ්පාදිත බෝම්බයක්

මඤ්ඤොක්කා සිටුවීමට බිම සැකසූ පුද්ගලයකුට බෝම්බයක් අසුවෙයිඉඩමක විදේශීය රටක නිෂ්පාදිත බෝම්බයක්

ගල්පාත චන්දන පෙරේරා

හොරණ කුඹුක ගෝනපොල ජය මාවත ප්‍රදේශයේ ඉඩමක මඤ්ඤොක්කා
දඬු සිටුවමින් සිටි පුද්ගලයකුට විදේශීය රටක නිෂ්පාදිත ජීව අත් බෝම්බයක් හමුවී ඇතැයි මොරගාහේන පොලිසිය කියයි

යුද හමුදාව පරිහරණය කරන ලද බෝම්බයක් බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත

ගෝනපොළ කෝරලීම ප්‍රදේශයේ පුද්ගලයෙකු වසර 2 ක බදු පදනම මත ලබාගත් ඉකුත් සතියේ ටැක්ටරයකින් බිම සකස්කර අද පෙරවරුවේ මඤ්ඤොක්කා දඬු සිටුවීම සඳහා සූදානම් වීමේදී මෙම බෝම්බය දැක දැනුම් දුන් බව පොලිසිය කියයි

පොලිස් විශේෂ කාර්ය බළකා බෝම්බ බෝම්බ නිෂ්ක්‍රීය අංශය දැනුම්වත් කිරීමට පියවරා ගන්නා බව පොලිසිය සඳහන් කළේය
මොරගහහේන පොලිසිය  පරීක්ෂණ පවත්වයි

WhatsApp Image 2024-05-11 at 12.41.07

සාමාන්‍ය පෙළ විභාගයේ අක්‍රමිකතා ගැන CID යට පැමිණිල්ලක්

මේ දිනවල පැවැත්වෙන අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ සිදුවු අක්‍රමිකතාවයක් සම්බන්ධයෙන් අද (10) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් සිදුකරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසනවා.

කොළඹ විභාග මධ්‍යස්ථාන දෙකක සහ හසලක ප්‍රදේශයේ විභාග මධ්‍යස්ථානයක මෙම අක්‍රමිකතාවන් සිදුවී ඇති බව සඳහන් වෙන්නේ.

විභාග අපේක්ෂකයින් විසින් ජංගම දුරකථන සූක්ෂම ලෙස භාවිත කරමින් ඊයේ (09) ලබාදුන් ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය ජායාරූප ගතකර වෙනත් පාර්ශ්ව වෙත එය යොමුකර පිළිතුරු ලබාගැනීමට උත්සාහ කර ඇති බවයි වාර්තා වෙන්නේ.

අදාළ අවස්ථාවේ විභාග මධ්‍යස්ථානවල සිටි නිලධාරීන් විසින් එම ජංගම දුරකථන සිය භාරයට ගෙන ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද වැසි

දිවයිනේ බොහෝ පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මධ්‍යම, සබරගමුව, ඌව සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල මි.මී. 100ක පමණ තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

බස්නාහිර සහ දකුණු පළාත්වලත් පුත්තලම, මන්නාරම, කිලිනොච්චි සහ යාපනය දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදීත් තැනින් තැන වැසි ඇතිවිය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

NMRA හිටපු ප්‍රධාන විධායක නිලධාරී 20 වනදා දක්වා රිමාන්ඩ්

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකරව එළඹෙන 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගතකර තිබෙනවා.

ප්‍රශ්නගත හියුමන් ඉමියුනෝග්ලොබියුලින් ප්‍රතිදේහ එන්නත් සිද්ධියට අදාළව ඒ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගෙන තිබුණා.

ඒ අනුව ඔහුව මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී තිබෙනවා.

ජනාධිපතිවරණය සැප්තැම්බර් 17 සහ ඔක්තෝබර් 16 අතර පැවැත්වෙනවා – මැතිවරණ කොමිසම

2024 ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම සැප්තැම්බර් 17 වනදා සහ ඔක්තෝබර් 16 වැනිදා අතර කාලය තුළ පවත්වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව ඊට අදාළ නාම යෝජනා කැඳවීම නියමිත කාලසීමාව තුළ සිදුකරන බවයි එම කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.

අදාළ නිවේදනය පහතින්.

663c9478e02c8

අමරවීර, අලගියවන්න හා දුමින්ද දිසානායක තනතුරුවලින් ඉවත් කිරීම වළක්වාලීමේ වාරණ නියෝගය 15 වනදා දක්වා දීර්ඝ කෙරේ

මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න සහ දුමින්ද දිසානායක යන අය  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඔවුන් විසින් දැරූ තනතුරුවලින් ඉවත් කිරීම වළක්වාලමින් නිකුත් කළ වාරණ නියෝගය මේ මස 15 වනදා දක්වා දීර්ඝ කරන ලෙස කොළඹ දිසා අධිකරණය නියම කරනු ලැබුවා.

මෙම පැමිණිල්ල අද (08) කැඳවූ අවස්ථාවේදී ඊට අදාළ විරෝධතා ඉදිරිපත් කිරීමට අවසර දෙන ලෙස වගඋත්තරකාර පාර්ශ්වය ඉල්ලා සිටි අතර, ඒ අනුව අදාළ විරෝධතා තිබේ නම් ඒවා ගොනුකරන ලෙස නියෝග කළ අධිකරණය නඩුව නැවත ලබන 15 වනදා කැඳවන ලෙස නියෝග කළා.

කිසිදු සාධාරණ පරීක්ෂණයකින් තොරව තමන් දැරූ තනතුරුවලින් ඉවත් කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඇතුළු පිරිසක් ගනු ලැබූ තීරණය නීතිවිරෝධී බවට තීන්දු කරන ලෙස ඉල්ලා මෙම පිරිස කොළඹ දිසා අධිකරණය හමුවේ නඩු පවරා තිබුණා.

සාමාන්‍ය පෙළ සිංහල ප්‍රශ්න පත්‍රයේ දෝ​ෂ පිළිබඳව සොයා බලනවා – විභාග දෙපාර්තමේන්තුව

අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේදී ලබාදුන් සිංහල ප්‍රශ්න පත්‍රයේ දෝෂ ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් සොයා බලන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

පිළිතුරු පත්‍ර ලකුණු කිරීමේදී ප්‍රශ්න පත්‍රය පුළුල් ලෙස අධ්‍යයනය කරන ලෙස තමන් උපදෙස් දුන් බවයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පැවසුවේ.

යම් හෙයකින් ප්‍රශ්න පත්‍රයේ වැරදි ඇත්නම්, විභාග අපේක්ෂකයින්ට අසාධාරණයක් නොවන අයුරින් කටයුතු කරන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.

මධ්‍යම අධිවේගයේ කොන්ක්‍රීට් බාල්කයක් කඩා වැටීම පිළිබඳව වාර්තාව නිකුත් වේ

මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකරමින් පැවතුන කොටසක කොන්ක්‍රීට් බාල්කයක් කඩා වැටීම පිළිබඳව සිදුකළ පරීක්ෂණයේ වාර්තාව නිකුත් වී තිබෙනවා.

ඒ අනුව අදාල ඉදිකිරීම් ප්‍රමාදවීම මෙම කොන්ක්‍රීට් බාල්කය කඩාවැටීමට මූලික හේතුවක් බවයි විමර්ශණවලදී හෙළිවී තිබෙන්නේ.

බාල්ක අතරේ යොදා තිබෙන රබර් පටි කාලගුණ තත්ත්වයන්ට නිරාවරණය වී තිබීමද තවත් හේතුවක් ලෙසින් දැක්වෙන අතර මාර්ග සංවර්ධන අධිකාරිය පවසන්නේ අදාල රබර් පටි ආවරණය වී තිබිය යුතු වුවත්, අව්, වැසි වලට නිරාවරණය වීමෙන් එහි ගුණාත්මක තත්ත්වය පහත වැටී ඇති බවයි.

ටොන් 80 ක පමණ බරකින් යුතු කොන්ක්‍රීට් බාල්ක කොටස ඇද වැටීමට දෙදරීමක් හේතු වන්නට ඇතැයි වාර්තාවෙන් පෙන්වා දෙන අතර, මෙම ප්‍රදේශය ආශ්‍රිතව ගල්කොරියක වැනි දෙදරීමක් වූවාදැයි සැක කරන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.