ව්‍යාපාරිකයෙක් වන විරංජිත් තාඹුගල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
Latest News
ව්‍යාපාරිකයෙක් වන විරංජිත් තාඹුගල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
දිවයිනේ සියලුම පාසල්වලට හෙට (22) දින නිවාඩු දෙන බව සමාජ මාධ්‍ය ජාල හරහා ප්‍රචාරය වන නිවේදනය අසත්‍ය බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.
ඒ අනුව හෙට දින දිවයිනේ සියලුම පාසල් පැවැත්වෙන බවයි අධ්‍යාපන අමාතාංශය සඳහන් කළේ.
අධිකරණයට ඉදිරිපත් වු හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ ඇප මත මුදාහරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
ඒ අනුව සැකකාරිය රුපියල් ලක්ෂ පහක මුදල් ඇප සහ රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා, අගතියට පත් පාර්ශවයේ නීතිඥවරුන්ට අගතියක් වන ආකාරයේ අනවශ්‍ය ප්‍රකාශ සිදුකිරීමෙන් වළකින ලෙසද නියෝග කර ඇති බවයි සදහන් වෙන්නේ.
සියලු පාර්ශ්ව ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මෙම නියෝගය නිකුත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.
හෙලිකොප්ටර් අනතුරින් මියගිය ඉරාන ජනාධිපතිවරයාගේ සහ එරට විදේශ ඇමතිවරයාගේ සිරුරු සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
අනතුර සිදු වූ ස්ථානයෙන් එම මළ සිරුරු සොයාගැනීමට මුදවා ගැනීමේ කණ්ඩායම්වලට හැකිවූ බවයි එරට මාධ්‍ය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 8 දෙනෙක් ජුනි මස 03 වනදා දක්වා නැවතත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.
ඔවුන්ට එරෙහි නඩුව අද (20) යළි කැඳවූ අවස්ථාවේදී මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් මෙම නියෝගය නිකුත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.
ප්‍රශ්නගත ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධ සිද්ධිය සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව චෝදනා එල්ලවී තිබෙනවා.
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට (20) දිනයේ වසාතැබීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව වයඹ පළාත් ප්‍රධාන ලේකම් විසින් මේ පිළිබඳව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂතුමිය දැනුවත් කර ඇති බවයි වයඹ පළාත් ආණ්ඩුකාරවරයා සඳහන් කළේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ලොව ප්‍රකට ව්‍යවසායකයකු වන Elon Musk අතර හමුවක් අද (19) සිදුව තිබෙනවා.
ඉන්දුනීසියාවේ පැවැත්වෙන 10 වැනි ලෝක ජල සමුළුවවේ ඉහළ පෙළේ රැස්වීමක් අතරතුරදී මෙම හමුව සිදුව ඇති බවයි වාර්තා වෙන්නේ.
එහිදී ගෝලීය “Starlink” ජාලය සමඟ ශ්‍රී ලංකාව සම්බන්ධ කිරීම සඳහා අයදුම් කිරීමේ ක්‍රියාවලිය වේගවත් කිරීමට කැපවී සිටින බව ජනාධිපතිවරයා අවධාරණය කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
මලිත්තගොල්ල ප්‍රදේශයේදී මාර්ගයට පස් කන්දක් කඩා වැටීම නිසා තාවකාලිකව වසා දමා තිබුණු ඇල්ල – වැල්ලවාය මාර්ගය ගමනාගමනය සඳහා යළි විවෘත කර තිබෙනවා.
කෙසේ වෙතත්, අධික වර්ෂාව පවතින විටදී අවදානම් තත්ත්වයක් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් රියදුරන්ට අනතුරු අඟවා සිටින අතර, මාර්ගයේ විමසිලිමත්ව රිය පදවන ලෙසට උපදෙස් ලබා දී තිබෙනවා.
අයහපත් කාලගුණික තත්ත්වයන් තුළදී ඇතිවිය හැකි අනතුරු පිළිබඳව රියදුරන්ට අනතුරු ඇඟවීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මගින් රථවාහන සංඥා යන්ත්‍ර යොදවනු ඇති බවත්, රාත්‍රී කාලයේදී ආරක්‍ෂිතව රිය ධාවනය සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් මාර්ගයේ අනතුරුදායක ප්‍රදේශ ආලෝකමත් කිරීම සඳහා විදුලි පහන් ද සවි කර ඇති බවයි වැඩිදුරටත් දැක්වෙන්නේ.
ඉන්දුනීසියාවේ බාලි නගරයේ පැවැත්වෙන 10 වැනි ඉහළ පෙළේ සැසියට සහභාගීවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද පිටත්ව යාමට නියමිතයි.
ඉන්දුනීසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩෝගේ ආරාධනය පරිදි ජනාධිපතිවරයා මෙම සංචාරයට එක් වෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ.10 වැනි ලෝක ජල සමුළුවේ ඉහළ පෙළේ සැසිය “සාමුහික සෞභාග්‍ය සඳහා ජලය” යන තේමාව යටතේ මැයි 18 සිට 20 දක්වා ඉන්දුනීසියාවේ බාලි නගරයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මැයි 20 වනදා සමුළුව අමතා සිය විශේෂ දේශනය ඉදිරිපත් කිරීමට නියමිත බව වැඩිදුරටත් සඳහන්.
කටුනායක ගුවන් තොටුපොළේදී කලහකාරී ලෙස හැසිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ගුවන් තොටුපොළ පොලිසියට කැඳවා තිබෙනවා.
එහිදී පැයකට ආසන්න කාලයක් රාජ්‍ය අමාත්‍යවරයාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.
රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පසුගිය 14 වැනිදා අලුයම කටුනායක ගුවන්තොටුපළේදී කලහකාරී ලෙස හැසිරුණු බවටයි චෝදනා එල්ල වෙන්නේ.