ආධුනික නාට්‍යකරුවන්ගේ කුසලතා සංවර්ධනයට විධිමත් සහ නිවැරදි අවස්ථාවක් සලසාදීම තුළිත් කා ක්ෂේත්‍රය පෝෂණය කිරීමේ අරමුණින් කෙටි නාට්‍ය වැඩමුණුවක් සහ තරඟාවලියක් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. නාට්‍ය පිටපත් රචනය, රංගනය, සංගීතය, වේදිකා පසුතල නිර්මාණය, රංගවස්ත්‍ර නිර්මාණය, රංගාලෝකකරණය, අධ්‍යක්ෂණය යන විෂය ක්ෂේත්‍රයන් මෙහිදී ආවරණය කරන බවයි සඳහන් වෙන්නේ. කෙටි නාට්‍ය පිටපත් ලිවීමේ සිට වේදිකා ගත කිරීම දක්වා සියළුම අවස්ථා ඇතුලත්ව නාට්‍ය නිෂ්පාදනයට අදාල අත්දැකීම් නේවාසික වැඩමුළුවක් මඟින් ලබාදී අවසානයේ කෙටි නාට්‍ය තරගාවලියක් පවත්වා සම්මාන ප්‍රදානය සිදු කිරීම හා නාට්‍යකරුවන් සමාජගත කිරීම මෙම වැඩසටහනේ අරමුණ බවයි සඳහන් වෙන්නේ.

විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්යමණ්ඩල දින 75 ක් පුරා ක්‍රියාත්මක කළ වැඩවර්ජනය අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව උසස් අධ්‍යාපන අමාත්‍යවරයා සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

ට්‍රම්ප්ට එල්ල වූ වෙඩි ප්‍රහාරය ගැන ජනපති රනිල්ගෙන් නිවේදනයක්

හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතන තැත සම්බන්ධයෙන් තමා කම්පනයට පත් වූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඒ අනුව ට්‍රම්ප් නිරුපද්‍රිතව සිටින බව දැනගැනීම තමාට සහනයක් වූ බවයි නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා සඳහන් කරන්නේ.

සියලුදෙනා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා නීතිගරුකව කටයුතු කළයුතු බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

ඩොනල්ඩ් ට්‍රම්ප් වෙඩි ප්‍රහාරයකට ලක්වෙයි

රැලියකදී සිදුවූ වෙඩි තැබීමකින් හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තුවාල ලබා තිබෙනවා.

කතාවක් සිදුකරමින් සිටින අතරතුර මෙම වෙඩි තිබීම සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

වෙඩික්කරු හා තවත් පුද්ගලයෙක් ආරක්ෂකයින් විසින් ප්‍රතිප්‍රහාර දියත් කිරීමත් සමඟ එම ස්ථානයේදීම මියගොස් තිබෙනවා.

හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ වන විට ආරක්ෂිත පියවර යටතේ සිටින බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අධික ලෙස දුම පිට කරන රථවාහන සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට WhatsApp අංකයක්

අධික ලෙස දුම පිට කරමින්  මාර්ගයේ ධාවනය කරන රථවාහන සම්බන්ධයෙන් 070 3500 525 යන WhatsApp අංකයට පැමිණිලි යොමු කිරීමේ හැකියාව පවතින බව මෝටර් රථ දෙපාර්තමේන්තුවේ වාහන වායු විමෝචන භාරකාර අරමුදලෙහි අධ්‍යක්ෂ දසුන් ගමගේ සඳහන් කරනවා.

එවැනි රථවාහන අසාදු ලේඛන ගත කිරීමට පියවර ගන්නා බවද, වාහන බලපත්‍රය ලබා ගැනීමේ අරමුණින් පමණක් දුම් සහතිකය ලබා ගැනීම සිදු නොකරන ලෙසද ඔහු දන්වා සිටිනවා.

ව්‍යාජ උපක්‍රම ඔස්සේ දුම් සහතිකය ලබාගත්තත්, එම රථ වාහන මාර්ගයේ ධාවනය වන විට පොලිස් නිලධාරීන් සහ මෝටර් රථ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දිවයිනේ සියලුම ප්‍රදේශවලදී අදාළ පරික්ෂාවන් සිදු කරන බවයි අධ්‍යක්ෂවරයා පවසන්නේ.

අධික දුමක් පිටවන බවට නිරීක්ෂණය වුවහොත් අදාළ රථයේ හිමිකරුට විරුද්ධව නඩත්තු නියෝගයක් හෝ තහනම් නියෝගයක් ලැබෙන බවද ඔහු වැඩිදුරටත්  සඳහන් කරනවා.

ජනාධිපතිවරණ මුද්‍රණ කටයුතු වලට රුපියල් මිලියන 600-800ක් වැයවෙනවා – මුද්‍රණාලයාධිපතිනි

ජනාධිපතිවරණ මුද්‍රණ කටයුතු සඳහා රුපියල් මිලියන 600ත් 800ත් අතර මුදලක් වැයවනු ඇති බවත්, ඡන්ද පත්‍රිකාවේ ප්‍රමාණය අනුව එම මුදල අඩු කළ හැකි බවත් රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව පවසනවා.

තමන් මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමට දැනුම් දුන් බවයි රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගා කල්පනී ලියනගේ සඳහන් කළේ.

මුද්‍රණය සඳහා අදාළ ලිපි ලේඛන ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ලැබෙන බවත්, එසේ වුවත් මැතිවරණ කටයුතු සඳහා යොදා ගන්නා රාජ්‍ය නිලධාරීන්ගේ සංගණන පත්‍රිකා මේ වන විටත් මුද්‍රණය කර අවසන් බවත් මුද්‍රණාලයාධිපතිනිය වැඩිදුරටත් සඳහන් කළා.

A/L විභාගය සඳහා අයදුම්පත් යොමුකිරීමේ කාලය අදින් අවසන් වෙයි

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත් යොමුකිරීමේ අවස්ථාව අදින් (12) අවසන් වනවා.

ඒ අනුව යළිත් කිසිඳු හේතුවක් මත එම දිනය දීර්ඝ නොකරන බවයි විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

අභියාචනාධිකරණයට විනිසුරුවරු පත් නොකිරීමට එරෙහිව පෙත්සමක්

අභියාචනාධිකරණයේ පුරප්පාඩුව පවතින විනිසුරු ධූර සඳහා පත්කිරීම් සිදු නොකිරීමෙන් ජනාධිපතිවරයා සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කර තිබෙනවා.

ඒ අනුව ජනාධිපති නීතිඥවරයෙකු වන සේනක වල්ගම්පාය විසින් එම පෙත්සම ගොනුකර ඇති බවයි වාර්තා වෙන්නේ.

ඒ අනුව, එම පෙත්සම සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය එය විභාගයට ගැනීමට අද (12) අවසර ලබාදී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

හිරුණිකාගේ ඇප ඉල්ලීම ගැන නීතිපතිගේ විරෝධතා ලිඛිතව භාරදෙයි

බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවම් නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇප මත මුදාහරින ලෙස කර ඇති ඉල්ලීමට අදාළව නීතිපතිවරයා විසින් අද (11) සිය විරෝධතාව ලිඛිතව කොළඹ මහාධිකරණය හමුවේ භාරදී තිබෙනවා.

කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඉදිරියේ අද (11) මෙම ඇප ඉල්ලීම කැඳවනු ලැබූ අවස්ථාවේදී රජයේ නීතිඥවරයා විසින් මෙම විරෝධතා භාරදී ඇති බවයි සඳහන් වෙන්නේ.

ඒ අනුව හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ ඇප ඉල්ලීම පිළිබඳ විභාගය මේ මස 15 වනදා සිදුකරන බවට විනිසුරුවරයා නියෝග කර තිබෙනවා.

දුම්රිය ස්ථානාධිපතිවරුන් සේවයෙන් ඉවත් කිරීමේ ලිපි නිකුත් කළා – ප්‍රවාහන ඇමති

වෘත්තීය සමිති ත්‍රස්තවාදයට හිස නැමීමට රජය සූදානම් නොමැති බව ප්‍රවාහන අමාත්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවයක් බවට පත් කර ඇති අවස්ථාවක සේවයට වාර්තා නොකර වර්ජනය කළ සියලුම දුම්රිය ස්ථානාධිපතිවරුන් අද (11) සිට සේවය හැර ගියා සේ සලකා ලිපි නිකුත් කළ බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

අස්වැසුම රාජකාරීවලට සහභාගී වන ප්‍රාදේශීය ලේකම්වරුන් හා සහකාර ප්‍රාදේශී​ය ලේකම්වරුන්ගේ ගැටලු විසඳීමට පියවර

අස්වැසුම වැඩසටහනට අදාළ රාජකාරී ක්‍රියාත්මක කිරීමට පළමුව ප්‍රාදේශීය ලේකම්වරු හා සහකාර ප්‍රදේශීය ලේකම්වරු ඉදිරිපත් කරන ලද ගැටලු සඳහා විසඳුම් ගෙන ඇති බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා.

ඒ අනුව අස්වැසුම වැඩසටහනට අදාළව ප්‍රදේශීය ලේකම් සහ සහකාර ප්‍රදේශීය ලේකම්වරු කර ඇති දීමනාව සම්බන්ධ ඉල්ලීමට මේ වන විටත් මුදල් අමාත්‍යංශය මඟින් නිරවුල් පැහැදිලි කිරීමක් ඉල්ලා ඇති බවත් එය ලැබුණු වහාම ගෙවීම් පිළිබඳ චක්‍රලේඛයක් නිකුත් කිරීමට කටයුතු කර බවයි සඳහන් වෙන්නේ.

අදාළ නිවේදනය පහතින්.

668e532b1b2f3pdf_page_0