පොලිස් පරිපාලන අංශයේ වැඩ බැලීමට ලලිත් පතිනායක පත් කෙරේ

පොලිස් පරිපාලන අංශයේ වැඩ බැලීම සඳහා ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක පත්කර තිබෙනවා.

අද (01) රැස් වූ පොලිස් කොමිසම මඟින් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ජනාධිපතිවරණය ගැන IHP ජූනි සමීක්ෂණයෙන් සජිත් 43%ක් හා අනුර 30%ක් ලබාගනිමින් දෝෂ ආන්තික සීමාව තුළ

ඉදිරි ජනාධිපතිවරණයේදී මෙරට ජන්ද දායකයින්ගේ ඡන්ද අභිප්‍රාය පිළිබඳව IHP ආයතනය විසින් ජුනි මාසයේ සිදුකළ මත විමසුම් සමීක්ෂණයක ප්‍රතිඵල වාර්තාව අද (01) නිකුත් කර තිබෙනවා.

අදාළ සමීක්ෂණයේ ප්‍රතිඵල අනුව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස 43%ක් හා ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක 30%ක් ලබාගෙන ඇති නමුත් එම ප්‍රමුඛ අපේක්ෂකයින් දෙදෙනාම දෝෂ ආන්තික සීමාව (Margin of error) තුළ පවතින බවයි වාර්තාවේ දැක්වෙන්නේ.

තවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ 20%ක් හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් කරන අපේක්ෂයා 7%ක්ද ලබාගෙන ඇති බව සමීක්ෂණ වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙනවා.

ජූනි මාසය තුළ සිදු කරන ලද සම්මුඛ පරීක්ෂණ 446ක් මෙම සමීක්ෂණය සඳහා නියැදිය ලෙස යොදාගෙන ඇති අතර, ජූනි මස ආකෘති අවිනිශ්තතාවයෙහි සැලකිය යුතු වැඩි වීමක් සිදුව ඇති බවද දෝෂ ආන්තිකය 1-11% ලෙස තක්සේරු කර ඇති බවද අදාළ වාර්තාවේ සඳහන්.

IHP ආයතනය විසින් ඉදිරි සතිවලදී පවත්වන සම්මුඛ පරීක්ෂණ සංඛ්‍යාව ඉහළ නැංවීමට සැලසුම් කරමින් සිටින බවත්, මීළඟ යාවත්කාලීනය මඟින් වත්මන් ප්‍රවණතාව පිළිබඳ වඩාත් පැහැදිලි අවබෝධයක් ලබා දෙනු ඇතැයි අපේක්ෂා කරන බවත් වාර්තාවේ වැඩිදුරටත් සඳහන්.

අදාළ වාර්තාව මෙතැනින් සහ පහතින්.

66ab734fc1891 66ab734fa7500

අගෝස්තු මාසයේ ගෑස් මිල සංශෝධනයක් නැහැ – ලිට්රෝ සමාගම

අගෝස්තු මාසයේදී ගෘහස්ථ ගෑස් මිල සංශෝධනයක් සිදු නොවන බව ලිට්රෝ ගෑස් සමාගම පවසනවා.

ඒ අනුව දැනට පවතින මිල ගණන් යටතේම ලබන මාසය සඳහාත් ගෑස් අලෙවිය සිදු කරන බවයි එහි සභාපති මුදිත පීරිස් සඳහන් කළේ.

මෛත්‍රී සහ දුෂ්මන්තගේ ඉල්ලීම නිෂ්ප්‍රභ කෙරේ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයේ සහ මහ ලේකම් ධුරයේ කටයුතුවලට බාධා කිරීම වළක්වාලමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර වෙත අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා එම පක්‍ෂයේ සභාපති මෛත්‍රිපාල සිරිසේන සහ වැඩබලන ලේකම් සාරති දුෂ්මන්ත මිත්‍රපාල යන අය කළ ඉල්ලීමක් නිෂ්ප්‍රභා කිරීමට කොළඹ දිසා අධිකරණය නියෝග කර තිබෙනවා.

අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමට තරම් පැමිණිලිකරුවන් විසින් කරුණු තහවුරු කර නොමැති වීම හේතුවෙන් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බව අධිකරණය ප්‍රකාශ කර ඇත්තේ.

වැඩබලන පොලිස්පතිවරයෙකු පත් කරන ලෙස ජනපතිට ලිඛිතව දැනුම්දීමට මැතිවරණ කොමිසමෙන් තීරණයක්

පොලිස්පතිවරයෙකු හෝ වැඩ බලන පොලිස්පතිවරයෙකු පත්කරන ලෙස, ජනාධිපති ලේකම්වරයාට ලිඛිතව දැනුම් දීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.

ඒ අනුව අද (30) රැස්වූ මැතිවරණ කොමිෂන් සභාව විසින් මෙම තීරණය ගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

මෛත්‍රී ඇතුළු පිරිසකට එරෙහි වාරණ නියෝගය ඔක්තෝබර් 09 දක්වා දීර්ඝ කෙරේ

මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න සහ දුමින්ද දිසානායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරුවලින් ඉවත් කිරීම වළක්වාලමින්  එම පක්‍ෂයේ හිටපු සභාපති මෛත්‍රිපාල සිරිසේන ඇතුළු පිරිසකට එරෙහිව නිකුත්කර තිබූ වාරණ නියෝග තවදුරටත් දීර්ඝ කරන ලෙස කොළඹ දිසා අධිකරණය නියෝග කර තිබෙනවා.

මෙම නඩු අද (30) යළි කැඳවීමෙන් අනතුරුව කොළඹ දිසා විනිසුරුවරයා විසින් මෙම නියෝග නිකුත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

ඒ අනුව අදාළ වාරණ නියෝග ඔක්තෝබර් මස 09 වනදා දක්වා දීර්ඝ කිරීමටද නියෝග කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

මෙවර ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සහාය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ හා ලේකම්වරයා ලෙස සාරථි දුෂ්මන්ත මිත්‍රපාලට එම ධුරවල කටයුතු කිරීම වළක්වාලමින් පනවා තිබෙන වාරණ නියෝගය දිර්ඝ කර තිබෙනවා.

සැප්තැම්බර් මස 24 වන දා දක්වා එම නියෝගය දීර්ඝ කරණ ලෙස කොළඹ දිසා අධිකරණය අද (29) නියෝග කර ඇති බවයි සඳහන් වෙන්නේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් වන මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න සහ දුමින්ද දිසානායක විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් අද යළි කැඳවීමෙන් අනතුරුව එම නියෝග නිකුත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සහය සජිත්ට ලැබෙයි – එම්.එස්.තවුපික්

මෙවර ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සහාය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට ලබාදෙන බව එම කොංග්‍රසයේ ජාතික සංවිධායක ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එස්.තවුපික් පවසනවා.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය මේ වන විටත් සමගි ජනබල වේගය සමග කටයුතු කරන අතර තම පක්‍ෂයේ උත්තරීතර මණ්ඩල සහාය දෙන්නේ කාටදැයි අවසන් තීරණයකට එළඹ නැතත් උත්තර මණ්ඩලය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහාය පළ කිරීමට කටයුතු කරනු ඇති බවයි ඔහු සඳහන් කළේ.

ඒ අනුව පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රාවුප් හකීම් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මඟ දැනටමත් එක්ව කටයුතු කරන බැවින් උත්තරීතර මණ්ඩලයේ සහයද සජිත් ප්‍රේමදාසට ලැබෙනු ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

පොලිස්පති ගැන පැනනැගී ඇති තත්ත්වය කතානායක සහ අගවිනිසුරුවරයා සාකච්ඡා කර විසඳා ගත යුතුයි – ජනපති

පොලිස්පති ගැන පැනනැගී ඇති තත්ත්වය කතානායක සහ අගවිනිසුරුවරයා සාකච්ඡා කර විසඳා ගත යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඒ අනුව මේ වන විට පැවැත්වෙන “ජයගමු ශ්‍රී ලංකා” රැළියට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමෙන් විමසීමට ශ්‍රේෂ්ඨාධිකරණයට යුතු කමක් තිබූ බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

පක්ෂය අවස්ථාවක් දෙනවා නම් ජනාධිපතිවරණයට තරග වැදීමට සූදානම් – ධම්මික පෙරේරා

පක්ෂය අවස්ථාවක් දෙන්නේ නම්, ජනාධිපතිවරණයට තරග වැදීමට සූදානම් බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා පවසනවා.

ඒ අනුව ඉදිරි සතියේදී මේ සම්බන්ධයෙන් පක්ෂය තීරණයක් ගනු ඇති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.

ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවහොත් ජයග්‍රහණය ස්ථිරදැයි මාධ්‍යවේදීන් යොමුකළ පැනයට පිළිතුරු ලබාදුන් ධම්මික පෙරේරා සඳහන් කළේ, එසේ නොහැකි නම් තමා වැනි කෙනෙක් ඉදිරිපත් වෙන්නේ කුමටද යන්නයි.