Online Safety පනත වහා අහෝසි කරන ලෙස වෘත්තීය සමිති එකමුතුව ජනපතිගෙන් ඉල්ලයි

මාධ්‍ය නිදහස මර්දනය කරන හා ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් සහ කතිකාවට තර්ජනයක් වන Online Safety පනත වහා අහෝසි කිරීමට කටයුතු කරන ලෙස වෘත්තීය සමිති එකමුතුව ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.

පසුගිය මාසයේ දී පාර්ලිමේන්තුව විසින් සම්මත කරගත් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත (Online Safety Act) පුරවැසියන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස මර්දනයට ලක් කරන්නක් බවයි සඳහන් වෙන්නේ.

මෙම නීතිය මගින් වෘත්තීය අයිතිවාසිකම් ඇතුලු ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින වෘත්තීය සමිති ව්‍යාපාරයන්ට, මාධ්‍යවේදීන්ට, ප්‍රහසනකරුවන්ට, කාටුන් ශිල්පීන්ට, ඩිජිටල් අන්තර්ගතයන් නිෂ්පාදනය කරන නිර්මාණකරුවන්ට සහ විසම්මුතික අදහස් ප්‍රකාශ කරන සියලුම පුරවැසියන්ට බරපතල තර්ජනයක් ඇතිවන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

නිදහස මර්දනයට පාලමක් සහ ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් සහ ප්‍රජාතන්ත්‍රීය කතිකාවට තර්ජනයක් වන ශ්‍රී ලංකාවේ නීතියක් බවට පත්කර ඇති මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත (Online Safety Act)  පනත වහා අහෝසි කිරීමට කටයුතු කරන ලෙසයි ඔවුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ.

අදාළ නිවේදනය පහතින්.

66b1a52dcb47epdf_page_1 66b1a52dbd656pdf_page_0

බංග්ලාදේශ පාර්ලිමේන්තුව විසුරුවා හැරේ

බංග්ලාදේශයේ පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇති බව එරට ජනාධිපති කාර්යාලය නිවේදනය කර තිබෙනවා.

එරට වේලාවෙන් අද පස්වරු 3.00 සිට ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තුව විසුරුවාහරින ලෙසයි විරෝධතාකරුවන් ඉල්ලා සිටියේ.

හමුදා ප්‍රමුඛ රජයක් පිළිනොගන්නා බව ශිෂ්‍ය විරෝධතාකරුවන් පවසා ඇති අතර නොබෙල් සාම ත්‍යාගලාභී Muhammad Yunus උපදේශකත්වය යටතේ අන්තර්වාර රජයක් පිහිටුවන ලෙසයි ඔවුන් ඉල්ලා සිටින්නේ.

අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවීම සඳහා කටයුතු කරනවා – බංග්ලාදේශ හමුදා ප්‍රධානී

අගමැතිනි ෂීක් හසීනා ඉල්ලා අස් වූ බව බංග්ලාදේශ හමුදා ප්‍රධානී ජෙනරාල් Waker-Uz-Zaman මාධ්‍ය අමතමින් මීට සුළු මොහොතකට පෙර සඳහන් කළා.

ඒ අනුව අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවීම සඳහා කටයුතු කරන බවත් ඒ සම්බන්ධයෙන් අදාළ පාර්ශව සමඟ සාකච්ඡා පවත්වන බවයි මාධ්‍ය අමතමින් හමුදා ප්‍රධානියා සඳහන් කළේ.

ඒ හේතුවෙන් විරෝධතා දැක්වීමෙන් වැළකී සාමකා‍මීව කටයුතු කරන ලෙස එරට හමුදා ප්‍රධානියා වැඩිදුරටත් සඳහන් කළා.

බංග්ලාදේශ අගමැතිනී ෂෙයික් හසීනා ඉල්ලා අස්වෙයි

බංග්ලාදේශ අගමැතිනී ෂෙයික් හසීනා අගමැති ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව බංග්ලාදේශ අගමැතිනී ෂෙයික් හසීනා එරට අගනුවර වන ඩකා නුවර නිල නිවසින් ඉවත්වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

ඇය බංගලාදේශයෙන් නික්ම ඉන්දියාවේ අගර්තාලා නගරයට පිටව ගොස් ඇති බවද ඇතැම් මාධ්‍ය වාර්තා කරනවා.

බංග්ලාදේශ අගමැතිනී ෂෙයික් හසීනාට සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස බල කරමින් එරට විරෝධතා දැඩි ලෙස උත්සන්න වී තිබුනා.

දිලිත් ජයවීර ජනාධිපතිවරණ අපේක්ෂකත්වයට නම් කෙරේ

සර්වජන බලයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස දිලිත් ජයවීර නම් කර තිබෙනවා.

ඒ අනුව මේ වන විට පැවැත්වෙන “සර්වජන සමුළුව” වේදී ජනාධිපතිවරණ අපේක්ෂකයා ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

පොහොට්ටුවේ නව දිස්ත්‍රික් නායකයින් පත් කෙරේ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නව දිස්ත්‍රික් නායකයින් පත් කර තිබෙනවා.

ඒ අනුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් නායකයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ද ගම්පහ දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් නායකයා ලෙස රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ ද පත්කර තිබෙනවා.

එමෙන්ම ගල්ල දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් නායකයා ලෙස අමාත්‍ය මොහාන් ද සිල්වා ද, මන්ත්‍රී නිපුණ රණවක මාතර දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් නායකයා ලෙස පත් කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

ජනපතිට හදවත දෙන්න පුළුවන්, හැබැයි හාරත ලකුණ දෙන්න බෑ – මහින්ද දේශප්‍රිය

ජනාධිපතිවරණය සඳහා තරග කිරීමේ ලකුණක් ලෙස හදවත ලකුණ යම් අපේක්ෂකයෙකුට ලබා ගත හැකිමුත් හාරත ලකුණ ලබාගත නොහැකි බව හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය පවසනවා.

දැනටමත් ඇස, කන, අත වැනි ලකුණු එලෙස ලබාදී ඇති හෙයින් කූටීර හතර සහ රුධිර නාලිකා සහිත ජීවවිද්‍යාත්මක හෘදය වස්තුවේ ලකුණ ලබාදීමේ ගැටළුවක් නොමැති බවයි ඔහු සඳහන් කළේ.

කෙසේ නමුත් ස්වාධීන අපේක්ෂකයෙකුට නිශ්චිත ලකුණක් ලබාගත නොහැකි බවද, එම ලකුණම තව කෙනෙකු ඉල්ලා සිටියොත් කුසපත් ඇදීමට සිදුවන බවද ඔහු සඳහන් කළා.

වත්මන් ජනාධිපතිවරයා ස්වාධීනව තරග කිරීම සඳහා හදවත ලකුණ ඉල්ලා ඇති බව වාර්තා වන හෙයින් එම ලකුණ ලබාදිය හැකිදැයි මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් හිටපු මැතිවරණ කොමසාරිවරයා මේ බව සඳහන් කළා.

රාජ්‍ය නිලධාරින් සිදු කරන මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් ගැන පැමිණිලි ලබා ගැනීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවෙන් අංකයක්

ජනාධිපතිවරණ කාල සීමාවේදී පොලිසිය ඇතුළු රාජ්‍ය නිලධාරින් විසින් සිදු කරන මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි ලබා ගැනීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පියවර ගෙන තිබෙනවා.

නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම වෙනුවෙන් මෙම පියවර ගෙන ඇති බවයි එම කොමිසමේ කොමසාරිස් නීතිඥ නිමල් පුංචිහේවා සඳහන් කරන්නේ.

ඒ අනුව, 0767914696 යන දුරකථන අංකයට හෝ 0112505566 යන ෆැක්ස් අංකයට මේ සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කිරීමේ හැකියාව පවතිනවා.

බස් – ලොරි අනතුරකින් පස්දෙනෙකු රෝහල් ගතකෙ​රේ

තලවකැලේ- නුවරඑළිය මාර්ගයේ ලිඳුල, පාමස්ටන් ප්‍රදේශයේදී බස් රථයක් හා ලොරි රථයක් මුහුණට මුහුණ වැදී අද (02) සිදු වූ අනතුරකින් පුද්ගලයන් පස් දෙනෙකු තුවාල ලබා ඇතැයි ලිඳුල පොලීසිය පවසනවා.

නුවරඑළියේ සිට හැටන් දක්වා ගමන්ගත් අන්තර් නගර සුඛෝපභෝගී බස් රථයක් හා ලොරි රථයක් මෙසේ අනතුරට ලක්ව ඇති බවයි සඳහන් වෙන්නේ.

අනතුරින් බස් රථයේ රියදුරා ඇතුළු එහි ගමන්ගත් මගීන් හතර දෙනෙකු මෙසේ තුවාල ලබා ලිඳුල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අත්‍යාවශ්‍ය කටයුත්තකට හැර ඉදිරි දින කිහිපය තුළ ලෙබනනයේ සංචාරය කිරීමෙන් වළකින ලෙස උපදෙස්

මැදපෙරදිග පවතින නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් අත්‍යවශ්‍ය කටයුතු සඳහා හැර ලෙබනනයට යාමෙන් වළකින ලෙස ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටින බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි පවසනවා.

ඒ අනුව සංචාරක උපදේශනයක් නිකුත් කරමින් විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි සඳහන් කරන්නේ, ඉදිරි දින කිහිපය තුළ ලෙබනනයේ සංචාරය කිරීමෙන් වළකින ලෙසයි.