මෙවර ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ වෙනුවෙන් ඇප තැන්පත් කර තිබෙනවා.
ඒ අනුව ඔහුගේ පුත්‍රයෙකු වන ආලෝක රණසිංහ විසින් එලෙස ඇප මුදල් තැන්පත් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
Latest News
මෙවර ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ වෙනුවෙන් ඇප තැන්පත් කර තිබෙනවා.
ඒ අනුව ඔහුගේ පුත්‍රයෙකු වන ආලෝක රණසිංහ විසින් එලෙස ඇප මුදල් තැන්පත් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසන්නේ, බදු සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලු, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව විසඳා ගැනීමට අපේක්ෂා කරන බවයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟ වන කරුණු මෙන්ම, එකඟ නොවන කරුණුද පවතින බවයි,මහනුවර පැවති රැස්වීමකදී ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
මහනුවර එක්සත් වෙළෙඳ පෙරමුණ විසින් සංවිධාන කෙරුණු එම හමුවට එම ප්‍රදේශයේ සිංහල, දෙමළ, මුස්ලිම් ව්‍යාපාරික සංගම්වල නියෝජිතයින් රැසක් සහභාගී විය. එහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,
කොළඹ වරායේ JCT 4 ජැටියේ නැංගුරම් දමා තිබූ නැවක අද (11) උදෑසන හදිසි ගින්නක් ඇතිවී තිබෙනවා.
වාර්තා වෙන්නේ, වරායේ ගිනි නිවන අංශය විසින් එම ගින්න සාර්ථකව මැඩ පවත්තා ඇති අතර මේ වනවිට සම්පූර්ණයෙන්ම ගින්න නිවා දමා ඇති බවයි
වරාය අධිකාරිය පවසන්නේ, ස්විට්සර්ලන්තයේ ජිනීවාහි නෞකා සමාගමට අයත් මෙම MSC Captown නෞකාව සිංගප්පූරු වරායේ සිට කොළඹ වරායට පැමිණි අතර බහාලුම් 995 ක් ගොඩබෑමට සහ බහාලුම් 880 ක් පටවා ගැනීමට නියමිතව තිබූ බවයි.
මෙම සිද්ධිය පිළිබඳව පූර්ණ පරීක්ෂණයක් සිදුකරන ලෙසට වරාය,නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා විසින් වරාය අධිකාරියේ සභාපති කීත් බර්නාඩ් මහතාට උපදෙස් ලබා දී තිබෙනවා.
ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයින් වැඩිවන විට, ඒ වැඩිවන සෑම අපේක්ෂකයෙකු සඳහාම රුපියල් මිලියන 200ක අතිරේක වියදමක් දැරීමට සිදුවනු ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසා සිටියා.
මතවාදමය වශයෙන් ජනාධිපතිවරණය නියෝජනය කිරීම ගැටළුවක් නොවන බවත්, නමුත් බොහෝ දෙනා අපේක්ෂකත්වය ලබාගන්නේ මාධ්‍ය ආවරණ කාලය ලබාගැනීම සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් හෝ වෙනත් එවැනි ප්‍රතිලාභයක් බලාපොරොත්තුවෙන් බව ද ඊයේ (09) කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු සඳහන් කළා.
රජයේ මුද්‍රණාලයේ මුද්‍රණය කළ හැකි ඡන්ද පත්‍රිකාවක උපරිම දිග අඟල් 27.5 ක් බවත්, ඒ ප්‍රමාණය ඉක්මවා ගියහොත්, පේළි දෙකකට පත්‍රිකාව මුදුණය කිරීමට සිදුවන බවයි කොමසාරිස්වරයා පවසා සිටියේ.
එසේ වූ විට ඡන්ද පෙට්ටියකට බහාලිය හැකි ඡන්ද පත්‍රිකා ගණන අඩු වන නිසා ඡන්ද පෙට්ටි ගණන වැඩි වන බව ද, ඒ හේතුවෙන් ප්‍රවාහන වියදම් ඇතුළු සියළු වියදම් ඉහළ යන බව ද ඔහු පෙන්වා දෙනවා.
පසුගිය ජනාධිපති මැතිවරණ ගණනාවකම ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා හැරුණු විට අනෙකුත් සියලුම අපේක්ෂකයන් ලබාගෙන තිබුණේ 5%ට වඩා අඩු ඡන්ද ප්‍රතිශතයක් බවයි මැතිවරණ කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.
මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කරන ලද මාධ්‍ය උපමාන සමාජ මාධ්‍ය සඳහාද අදාළ වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
මැතිවරණ කාල සීමාව තුළ මෙම උපමානවලට අනුව සමාජ මාධ්‍ය කටයුතු කළ යුතු බවයි අද (09) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මැතිවරණ නියෝජ්‍ය කොමසාරිස් පියුමි ආටිගල සඳහන් කළේ.
ඉදිරියේදී මාධ්‍ය ආචාර ධර්ම ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට කටයුතු කරන බවද ඇය වැඩිදුරටත් සඳහන් කළා.
පොලීසිය හා මැතිවරණ කොමිෂන් සභාව අතර සාකච්ඡාවක් අද (09) පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව නාම යෝජනා දිනයේ රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභාවේ ආරක්ෂක සැලැස්ම පිළිබඳ මෙහිදී සාකච්ඡා කිරිමට නියමිත බවයි සඳහන් වෙන්නේ.
ඊට කොළඹ ප්‍රදේශය භාර ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන් පිරිසක් කැඳවා ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළා.
හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු තිදෙනෙක් එළඹෙන 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
එසේම සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්ත සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් සමන් රත්නායක ඇප මත මුදා හැරීමට නියෝග කර තිබෙන බවද සඳහන්.
ඒ අනුව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් තිදෙනා අගෝස්තු 22 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
ජපානයේ දකුණු ප්‍රදේශයේ රික්ටර් මාපකයේ 7.1 ක භූමිකම්පාවක් ඇතිවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ අනුව Kyushu හා Shikoku යන ප්‍රදේශවලට සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
රටට වින කටින කණ්ඩායම්වල අපේක්ෂාව වන්නේ සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා එක්සත් ජාතික පක්ෂය එක්වීම බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.
ඒ අනුව ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් එම පක්ෂ එක්විය යුතු බවට වන කරුණු මතුපිට තලයේ ඉදිරිපත් කළද අභ්‍යන්තරයේ එක්වීම පිළිබඳ සාකච්ඡාවක් සිදු වෙමින් ඇති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.
සිංහල බෞද්ධ සංස්කෘතියකින් ගොඩනැගුනු රාජ්‍යක් තුළ ගිහියෙක් හාමුදුරුවන්වහන්සේ නමක් සමඟ විවාදයට යාම සුදුසු නොවන බවද, එබැවින් එම ගෞරවය උන්වහන්සේට ලබාදෙන නමුත් එය ආරක්ෂා කරගැනීම උන්වහන්සේගේ වගකීමක් ලෙස සලකන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
අරගලය ඉල්ලූ තරුණ නායකත්වය ලබාදී ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.
ඒ අනුව මෙවර ජනාධිපතිවරණය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කරන බවයි අද (07) මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ගිය කොටස් සඳහා යළි එක්වන ලෙස ආරාධනා කරන බවත්, සමහර පිරිස් යළි පැමිණෙනු ඇති බවයි ඔහු සඳහන් කළේ.