රජයේ විශ්‍රාමිකයින්ට රුපියල් 3000ක අතුරු දීමනාවක්

රජයේ සියලුම විශ්‍රාමිකයින් සඳහා රුපියල් 3000ක අතුරු දීමනාවක් ලබාදීම සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

සැප්තැම්බර් මාසයේ දීමනාව සමඟ මෙම අතුරු දීමනාව ඔක්තෝබර් මාසයේ සිට ක්‍රියාත්මක වන බවයි එම චක්‍රලේඛයේ දැක්වෙන්නේ.

අදාළ චක්‍රලේඛයේ පිටපත්, මැතිවරණ කොමිෂන් සභාව, මහා භාණ්ඩාගාරය සහ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවටද යොමු කර ඇති බව වාර්තා වෙනවා.

තායිලන්තයේ ලාබාලතම අගමැතිනිය ලෙස හිටපු අගමැතිගේ දියණිය තේරී පත්වෙයි

තායිලන්තයේ නව අගමැතිනිය ලෙස Paetongtarn Shinawatra තේරී පත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඇය හිටපු අගමැති තක්ෂින් ෂිනවත්‍රාගේ දියණිය වන අතර, 37 හැවිරිදි ඇය එරට ලාබාලතම අගමැතිනිය බවයි සඳහන් වන්නේ.

ඔවුන්ට පාර්ලිමේන්තුවේ ආසන 314ක් හිමිව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් සඳහන්.

රජයේ විශ්‍රාමිකයින්ට අන්තර්කාලීන දීමනාව ගෙවීමේ චක්‍රලේඛය නිකුත් කෙරේ

සියලුම රජයේ විශ්‍රාමිකයින් වෙත අන්තර්කාලීන දීමනාවක් ගෙවීම සම්බන්ධයෙන් වන චක්‍රලේඛය නිකුත් කර තිබෙනවා.

ඒ අනුව 2024 වසරේ ඔත්තෝම්බර් මස සිට අදාළ දීමනාව ගෙවීමට කටයුතු කරන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අදාළ චක්‍රලේඛය පහතින්.

66beef8db8021pdf_page_0

රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීමේ යෝජනා සඳහා කිසිඳු දේශපාලන අරමුණක් නැහැ – රංජිත් සියඹලාපිටිය

රජය හැකි සෑම විටකම ජනතාවට ලබාදිය හැකි උපරිම සහන ලබාදීමට කටයුතු කර ඇති බවත්, රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමේ යෝජනා තුළ කිසිදු දේශපාලන අරමුණක් නොමැති බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

කලක පටන් පැවති ඉල්ලීම් සලකා බලා, හිටපු ජනාධිපති ලේකම් උදය ආර්. සෙනවිරත්නගේ ප්‍රධානත්වයෙන් පත් කළ විශේෂඥ කමිටුව මගින් ලබාදුන් නිර්දේශ හා තීරණ අනුව ඉදිරිපත් කළ මෙම යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණු බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

පවතින ජීවන තත්ත්වය, ආර්ථික තත්ත්වය, ගෙවීමේ හැකියාව ආදී සෑම පැතිකඩක්ම පිලිබඳ අවධානය යොමුකර මෙම කමිටු වාර්තාව සකස් කර ඇති බවත්, විපක්ෂය බදු අඩු කර, පඩි වැඩි කරන බව පැවසීම හා එම ක්‍රමවේදය සම්බන්ධයෙන් නම් සොයා බැලිය යුතු බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

රනිල් ගෑස් සිලින්ඩරය ලකුණින් ජනාධිපතිවරණයට

2024 ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත්වී ඇති වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ඡන්ද සලකුණ ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව ඔහුට මෙවර ජනාධිපතිවරණය සඳහා “ගෑස් සිලින්ඩරය” ලකුණ හිමිවී ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා පත්‍රයට අත්සන් තබයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සඳහා වන නාමයෝජනා පත්‍රයට අත්සන් තබා තිබෙනවා.

ඒ අනුව කොළඹ මල් පාරේ පිහිටි සිය දේශපාලන කාර්යාලයේදී, මීට සුළු මොහොතකට පෙර එම නාම යෝජනා පත්‍රයට අත්සන් තබා ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

2030 වනවිට මෙරට තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ වාර්ෂික අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලිය​න 05 ක් කිරී​ම ඉලක්කයයි – අනු​ර

2030 වසර වන විට මෙරට තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ වාර්ෂික අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 5 ක් බවට පත් කිරීම සිය ඉලක්කය බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.

ඒ අනුව ක්ෂේත්‍ර ගණනාවක් සඳහා තොරතුරු තාක්ෂණය යොදා ගැනීමට අපේක්ෂා කරන බවත්, ආර්ථිකය වැඩිදියුණු කිරීමට, රාජ්‍ය සේවය කාර්යක්ෂම කර ගැනීම සඳහා සහ රාජ්‍යයේ ගනුදෙනුවල විනිවිදභාවය ඇතිකර ගැනීම සඳහා සැලසුම් සකස් කර ඇති බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

ජාතික ජන බලවේගයේ තොරතුරු තාක්ෂණ ප්‍රතිපත්තිය එළි දැක්වීම ඊයේ (13) සිදු වූ අතර විවිධ ක්ෂේත්‍රවල, විවිධ කණ්ඩායම් සමග සාකච්ඡා කරමින්, තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට වැදගත් ප්‍රතිපත්ති ප්‍රකාශනයක් සකස් කිරීම සඳහා සැලකිය යුතු කාලයක් වෙහෙසුන බවද ඔහු සඳහන් කළා.

වර්තමානයේ Smart Agriculture, Smart Classroom සම්බන්ධයෙන් සාකච්ඡා කළද, රටේ තිබෙන්නේ Dirty Politics බවත්, ඩිජිටල්කරණයට යාමට පෙර දේශපාලන පිටිය සුද්ද කළ යුතු බවත් අනුර කුමාර දිසානායක සඳහන් කළා.

මේ වනවිට එහෙට මෙහෙට පැනීම සිදුවන්නේ ප්‍රතිපත්තිමය කරුණු මත නොවන බවත්, සමහරුන් ඊළඟ පාර්ලිමේන්තුවට තමන්ගේ දොරටුව විවෘත කර ගැනීමට පනින අතර, සමහරුන්ගේ මාරුවීම් පිටුපස මූල්‍යමය ගනුදෙනු, රජයේ ඉඩම් ලබාදීම්, බාර් ලයිසන්, පෙට්‍රල් ෂෙඞ් ලබාදීම් තිබෙන බවද ඔහු සඳහන් කළා.

රටේ ජනතාව දීර්ඝ කාලයක් තිස්සේ ආණ්ඩු මාරු කිරීම් කළද, ආණ්ඩුව මාරු වූ පසු ඔවුන් මාරුවීමට කටයුතු කරන බවයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක වැඩිදුරටත් සඳහන් කළේ.

රාජ්‍ය සේවක වැටුප් සංශෝධනයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

රාජ්‍ය සේවයේ සියලුම අංශයන්හි වැටුප් සංශෝධනය කිරීම සඳහා වූ යෝජනා සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

2025 අයවැය මඟින් එම යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා නිර්දේශ ඇතුළත් වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා විශේෂඥ කමිටුවක් පත්කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය මීට පෙර ලබාදී තිබූ බවයි අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ.

ඒ අනුව හිටපු ජනාධිපති ලේකම් උදය සෙනෙවිරත්නගේ ප්‍රධානත්වයෙන් පත්කරන ලද විශේෂඥ කමිටුව විසින් රාජ්‍ය නිලධාරීන්ගේ සහ රාජ්‍ය අංශයේ ප්‍රධාන වෘත්තීය සංගම් සමග සාකච්ඡා කර අදාළ තොරතුරු විශ්ලේෂණය කර වාර්තාව සකස් කර තිබෙනවා.

එකී වාර්තාවේ නිර්දේශ අනුව පහත සඳහන් යෝජනා සඳහා අනුමැතිය ලබාදීමටත් අදාළ යෝජනා 2025 වසරේ අයවැයට ඇතුළත් කර ක්‍රියාත්මක කිරීමටත් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට එලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

අදාළ කැබිනට් තීරණය පහතින්.

66bb217588f5a

Starlink සේවා සැපයීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අනුමැතිය ලබාදෙයි

Starlink Lanka (Private) Limited සමාගම සඳහා විදුලි සංදේශ සේවා සැපයුම් බලපත්‍රයක් ලබා දුන් බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව නිවේදනය කරනවා.

ඒ අනුව ශ්‍රී ලංකාව තුළ චන්ද්‍රිකා හරහා අන්තර්ජාල පහසුකම් ලබාදීම සඳහා මෙම අනුමැතිය ලබාදී ඇති බවයි සඳහන් වෙන්නේ.

2024 අගෝස්තු 12 වන දින සිට බලපත්‍රය ක්‍රියාත්මක වන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

66bb1339b08f1

නාමල්ට අභියෝගය තියෙන්නේ බත්තරමුල්ලේ සීලරතන හිමියන් එක්ක – ප්‍රසන්න රණතුංග

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ජනතාව ආදරය කළද, එම පවුලේ සියලුම දෙනාට ජනතාව ආදරය නොකරන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා.

මේ වන විට තරගය ඇත්තේ රනිල් වික්‍රමසිංහ සහ සමගි ජන බලවේගය අතර බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක නාමල් රාජපක්ෂට අභියෝගය ඇත්තේ බත්තරමුල්ලේ සීලරතන හිමියන් සමඟ බවද අමාත්‍ය ප්‍රසන්න රණතුංග වැඩිදුරටත් සඳහන් කළා.