අන්තිම දුම්රිය

නීතිඥ උපුල් කුමාරප්ෙපරුම

එක්දහස් නවසිය හැත්තෑ හතේ ජාතිවාදී කෝලාහල ආරම්භයත් සමගම යාපනය සරසවියෙහි සියලුම සිංහලයන්ට යාපනය හැර යෑමට සිදුවිය. යාපනයේ සරසවියේ සිටි සිංහලයෝ බස්රථ දහයකින් යුධ රථ කිහිපයක දැඩි ආරක්ෂා සහිතව අනුරාධපුරයට ගෙන ආහ. ඔවුන් යාපනයේ සිටගෙන ආවේ අද යුද හමුදා කඳවුරක්ව ඇති සුනාත විශ්‍රාම ශාලාවටයි. ශිෂ්‍යයන් මෙන්ම ඇදුරන්ද අනෙක් සේවකයන්ද ඒ අතර වූයේය.

ඔවුන් අනුරාධපුරයට ගෙන එද්දී ජාතිවාදි ගින්දර අනුරාධපුරයම වසා පැතිරෙමින් තිබුනේය. තැන තැන ගිනි ගන්නා කඩ සාප්පු, මිනිසුන්ගේ අඳෝනාවන්, අයැදීම්, වැඳ වැටීම් සමග තවත් කෙනෙකුගේ පරැෂ වචනයන්, බැන වැදීම්, තර්ජනයන් මේ සියල්ල එකවර ඇසුනේය පෙනුනේය. යාපනයේදී ඔවුන්ට එරෙහිව නැගී සිටි පීඩකයා අනුරාධපුරයේදී පීඩිතයා බවට පත්ව ඇත්තේය.

ඔවුන්ව රැගෙන පැමිණි ආරක්ෂක අංශයන්හි වගකීම අනුරාධපුරයෙන් අවසන්ව ඇත. එතැන් සිට තම ආරක්ෂාව තමන් සලසා ගත යුතුය. නගරය නීතියේ පාලනයෙන් මිදී ඇත්තේය. නීතිය රැකීමට බැඳී ඇත්තන්ද වගකීමක් ගැනීමට සූදානමක් නැති සේය. ගමනාගමනය නැවතී ඇත. කඩපිල් වැසී ඇත. ඇරී ඇති කඩපිල්වල බඩු මුට්ටු එකිනෙකාට රිසි සේ ගෙන යන්නේය. හිස්වූ කඩ සාප්පු ගිනි තබන්නේ ඒවා තවදුරටත් අවශ්‍ය නැති බව හඟවමිනි. තවත් තැනෙක මිනිසෙකුට පහර දෙයි. ඔහුව මරා දමයි, සිරැරට ගිනි තබයි. නගරයේ තැනින් තැන අහසට විහිදී ගිය කොත් කැරළි ගිනි ගෙන දැවෙන්නාවු මනුෂ්‍ය ශරීරයන්ගේ සහ ඒ මනුෂ්‍යයන්ට ජීවිකාව ගෙන දුන් දේපලෙන් නැගෙන්නාවූ ගිනි දැල් සහ දුම් රොටු වලින් අව පැහැ ගැන්වී අති සේය.

බස් රථ ගමනාගමනය නැවතී ඇත. පුද්ගලික වාහන හෝ ටැක්සි රථ වෙනදා මෙන් නගරයේ තිබුනේ නැත. කොලඹට යා හැකි එකම ක්‍රමය දුම්රිය බවට පත්ව තිබුනේය. යාපනයේ සිට පැමිණියවුන් අනුරාධපුර දුම්රිය ස්ථානයට පැමිණෙන්නට වූයේ කෙසේ හෝ හැකි ඉක්මනින් කොලඹට පැන ගැනීමටය. දුම්රිය ස්ථානයද පාලනයෙන් බැහැර වී ඇත. ද්‍රවිඩ ජාතික දුම්රිය ස්ථානාධිපතිවරයා දුම්රිය ස්ථානයේම ඝාතනයට ලක්වී ඇත. මගීන්ගෙන් මෙන්ම සාහසිකයන්ගෙන්ද දුම්රිය වේදිකාවන් පිරී ඉතිරී ඇත. දිවි බේරා ගන්නවුන් හමුදාවේ මැදිහත්වීමෙන් කච්චේරියේ වත්තට ගෙන යයි. කච්චේරි වත්තද පිරී ඉතිරී ඇත. කචචේරි වත්ත මැදට වනසේ දිවි ගලවා ගත්තවුන් එක් රොක් වී සිටින්නේ ජාති මාමකයෙකුගේ අතින් ගිලිහෙන ගල් පහරෙන් බේරීම සඳහාය.

කොලඹ සිට පැමිණි පළමු දුම්රිය සිසුන් සියලුදෙනට වෙන් වූයේය. දුම්රිය කොලඹ බලා පිටත්විය. තවත් දුම්රියක් පැමිණෙන වෙලාවක් හෝ තවත් දුම්රියක් පැමිණෙත්දැයි කවුරැන් හෝ දැන සිටියේ නැත. කොලඹ යන්නට තවත් බොහෝ දෙනෙකු බලා සිටියි. වේදිකාවෙහි මෙන්ම එයින් පිටත ද සෙනඟ රැඳී සිටිති.

දුම්රිය ස්ථානය අභියස බොහෝ දෙනෙකු රැඳී සිටියි. පොලු මුගුරැ ගත්තෝද ඒ අතර වෙති. ඔවුහූ ගොදුරැ සොයමින් සිටිති. ඔවුහූ ඉව අල්ලමින් ගොදුරැ හඳුනා ගන්නට බලති.

ගෙවෙන සෑම මොහොතක්ම භයංකාරය. එලැඹෙන සෑම මොහොතක්ම අවිනිශ්චිතය. කෙනෙකු ඊලඟ නිමේශයක දකින දෑ හෝ විඳින දෑ කව්රැන් හෝ දැන සිටියේ නැත. දුම්රිය ස්ථානය ඉදිරියේ එක් මිනිස් පොදියෙකි. කාට හෝ පහර දෙනු ඇත. පහර කන්නා ප්‍රහාරකයන්ගෙන් වැසී ඇත. ඔහු පෙනෙන්නේ නැත. මේ මිනිස් පොදිය අතරින් ගැහැණියක බිම දිගෙහි ඇදෙමින් එලියට ආවාය. ඇයද ප්‍රහාරයට ලක්වී ඇත. කොන්ඩය කැඩී අවුල්ව ඇඳිවත ඉරි ගැලවී සිරැරෙහි තැන තැන තුවාලයන් සමග ඈ ඒ මහා මිනිස් පොදිය අස්සෙන් මතු උනාය. එසැනින්ම ඈගේ එක් අතක් රලුව අල්ලා ගත් තරැණයෙකු ඈ සිටි තැනින් ඈතට ඇදගෙන යන්නට වූයේය. ඈ තරැණයාට හස්බන්ඩ්, හස්බන්ඩ් යැයි කියමින් පිටුපස බලමින් ඒ මහා මිනිස් පොදිය දෙසට නිදහස් අත දිගු කලාය. ඔහු ඇයව තවත් දෘඩ ලෙස ග්‍රහ‍ණය කර ගනිමින් දුවන්නට වන. ඒ පිටු පසින් මිනිස් පොදියෙන් කැඩී ගිය කිහිප දෙනෙකු හඹා එන්නට වූ නිසාය. මිනිස් පොදියෙන් කැඩී ආවුන්ගේ මුවින් පිට වන්නේ දෙමලුන් දෙදෙනා අල්ලන්නටයැයි බලා සිටින්නවුන්ට කෙරෙන විධානයයි. එහෙත්.ඒ අවට කිසිවකුත් ඔවුන් අල්ලන්නට පැමිණියේ නැත. ඔහු ඇය අත ග්‍රහණය කොට ගෙන දුවන්නේය,ඇයද ඔහු හා සමානවම දුවන්නීය. ඇය ඔහුගේ ස්පර්ශය හැඳින්නීය. එම ස්පර්ශයෙන් සංවේදනය වන්නේ ආරක්ෂාව බව ඈ හැඳින ගත්තීය. මරණ බය විසින් ඔවුනට මහත්වූ ජවයක් ලබා දී ඇත්තාක් මෙනි, මිනිස් පොදියෙන් ගැලැවී ආ උන්ට සොයා ගත නොහැකිවනසේ දුව ගොස් රේල් පාරට පැන ගත්තේය. නැවතත් දුම්රිය ස්ථානයෙහි කෙලවරකට පැමිණියාහුය. ඇය රැක ගත හැකි එකම සහ හොඳම අභය භූමිය ලෙස ඔහු දුටුවේ දුම්රිය සංඥා කුටියයි. ඔහු ඈ ඒ අසල සැඟවූයේය. පැහැදිලි කල හැකි උපරිමයෙන් පැහැදිලි කොටඑතැනආරක්ෂාව ගැන සහතික දුන්නේය. ඇය හඩමින් කල කන්නලව්වක ස්වරෑපයේ ඉල්ලීම ඔහුට වැටහුනේ නැත. ඔහු යන්නට සැරසෙත්ම ඇය හඩමින් ඔහුට ස්තූති කලාය. ඔහු නැවතත් වේදිකාව ඔස්සේ ඉදිරියට ගමන් කරන්නේය. ඈ ඔහු යන දෙස බලා සිටියේ ඈගේ අවසන් ආරක්ෂකයාද ඈගෙන් වෙන්වූ ශෝකය නිසා විය හැකිය.

ඔහු සමග උදෑසන සිට
සැරිසැරෑ ඔහුගේ මහාචාර්යවරයා ඔහු සොයමින් සීනි සම්බල් තැවරෑ පාන් භාගයක් අතැතිව වේදිකාවෙහි බලා සිටින්නේය. ඒ සමගම තවත් දුම්රියක් පැමිණ වේදිකාවෙහි නවත්වන්නේ ඉතිරි සරණාගතයන්ද කොලඹට ගෙනයන්නටය. එය දවසේ අවසන් දුම්රියයි. මහාචාර්යවරයා සහ ඔහු ද ඇතුලු සෙනග පිරී ඉතිරී ගිය දුම්රිය සෙමින් සෙමින් වේදිකාවෙන් නික්ම සංඥා කුටිය පසුකරයත්ම ඇය මොහොතකට පෙර සැඟවුනු ආකාරයෙන්ම ගුලිවී වාඩිවී ඇදී යන දුම්රිය දෙස බලා සිටිනු ඔහුට පෙනුනේය. දුම්රිය පැමිණීමත් සමග දුම්රිය වේදිකාවට පැමිණි නාවික හමුදා භටයෝ සංඥා කුටිය දෙසට පිය නගන සැටි කවුලුවෙන් දුටු ඔහු සුසුමක් හෙලා සීනි සම්බෝල තැවරෑ පාන් කැබැල්ල අතට ගත්තේය.

( යාපනය සරසවියේ සිට පලා ආ සෙනග අතර උන් මහාචාර්යවරයා සුචරිත ගම්ලත් මහතා වන අතර ඔහුගේ ගමන් සගයා වී ඇත්තේ එම සරසවියේම සහකාර කථිකාචාර්යවරයෙකු වශයෙන් සේවය කල අසෝක පීරිස් මහතාය)

ප්‍රේමය, දේශපාලනය, සහ නන්නත්තාර වූ ජීවිතය…

නීතිඥ උපුල් කුමාරප්පෙරුම

බිම්ගෙයි සිරකරුවා

දෙල්කඳ හන්දියේ වික්‍රම හෝටලය අද එතැන නැත. වික්‍රම හෝටලය බිමට සමතලා කොට ඇත. වික්‍රම හෝටලය ජීවිතයෙහිම කොටසක් බවට පත්වන්නේ එක්දහස් නවසිය අසූ අට නවය කාලයේදීය. රැවන් සහ මාගේ බොඩිම් තිබුනේ දෙල්කඳ හන්දිය ආසන්නයේය. වික්‍රම හෝටලය තුල ඒවයසට නොගැලපෙන සහ ඔරොත්තු නොදෙන්නාවු බොහෝ දේකතා කලේය. ප්‍රේමය, දේශපාලනය, යම් ආකාරයකින් නන්නත්තාර වූ ජීවිතය සහ අවිනිශ්චිත අනාගතය ඒ අතර විය.

බිම් ගෙයි 2බිම් ගෙයි සිරකරුවා

වික්‍රම හෝටලයේ පැයක හමාරක සමාගමය සෑමදාම පාහේ සිදුවිය. එය සැනසිලිදායකය. එකල කොලඹ, අප හඳුනන්නේ නැත, අපද කොලඹ හඳුනන්නේ නැත. ඇති වූ දේශපාලන කැළඹීමකින් අපව කොලඹට කොටු කර ඇත්තේය.

මේ කාලයේ රැවන්ගේ මිත්‍රයෙකුගේ මිත්‍රයෙකු අප හා මිත්‍රවූයේය. ඔහුද අප සමග වික්‍රම හෝටලයේ සවස් කාලයේ පැයක් හමාරක් ගතකරන්නට ආවේය. ඔහුගේ නවාතැනද දෙල්කඳ බෝඩිමකි. ගම බදුල්ලයි. අනූව වසරේදි රැවන් ඔහු හා මිත්‍රත්වය ඉතා හොඳින් පවත්වාගෙන ගියේය. මා එකල ඒ සමීපයේ නොවීය. නැවත වතාවක් මේ දෙදෙනා හා මිත්‍රත්වය අලුත්වන්නේ ඊට පසු වසරේය.

ඔහු බොහෝ අවස්ථාවල දහවල් කාලය ගතකලේ අප නවාතැනේය. අපට වඩා හොඳ නවාතැනක් ගෙන දීමට ඔහු ඉදිරිපත් වූයේය. අලුත් නවාතැනකට ගියද ඔහු බොහෝ දිනවල එහි රාත්‍රිය ගත කලේ නැත. කුමන හෝ හේතුවක් කියා ඔහු රාත්‍රියේ පිටව ගියේය. ඔහුට හදිසි පනිවුඩයක් දෙන්නට අවශ්‍යනම් දෙල්කඳ හන්දිය ආසන්නයේ වූ කුඩා වෙළඳ සැලක හිමිකරැ අපට හඳුන්වා දුන්නේය.

ඔහු සමහර දිනවල විශේෂ කෑමක් රැගෙන එන්නේය. නිවෙසක පිලියෙල කල කෑමද සමහර දිනවල ගෙන එන්නේ අම්මා සහ අක්කා ඔහු බැලීමට පැමිණි බව කියමිනි. කොතෙක් කීවද අම්මා සහ අක්කා ඔහු නවාතැනට ගෙනාවේ නැත. වෙනත් කිසිදු යහලු මිත්‍රයෙකු ගෙනාවේද නැත. රැවන්ගේ ඥාතියෙකු වූ දේශපාලකයෙකු දිනක් පැමිණි අවස්ථාවකද ඔහු මගහැර ගියේය.

කාලය ගෙවී යන්නේය. අනූ එක වසර වැඩි කාලයක් මා සිටියේ ගමේය. මසකට වරක් දෙකක් කොලඹ ආවද වැඩි කාලයක් රැඳුනේ නැත. ඔහු වැඩි කාලයක් ගතකලේ රැවන් සමගය. ඔහු රැවන්ගේ පොතපත ඉතා ආශාවෙන් බලමින් සිටි අවස්ථා බොහෝය. එහෙත් ඔහුට ඒවයෙහි තිබූ දෑ අවබෝධ වූයේ නැත.

දිනක් රැවන් හදිසියේ මාතර ආවේය. කලබලයෙන් පැමිණි රැවන්, ඔහු දින කිහිපයක සිට අතුරැදන් යැයි කීවේය. රැවන් සමග මමද කොලඹ පැමිණියෙමු. එහෙත් සොයා යන්නට තැනක් නොදන්නේය. වෙළඳසැල හිමිකරැද කිසිත් නොදන්නේය. දිනපතා ඔහුගෙන් විමසුවද ලැබුනේ එකම පිලිතුරකි. ඔහුද නොදන්නා බවයි.

දින සති ගෙවී ගියද ඔහු ගැන ආරංචියක් නැත. අනූ දෙක වසරේ මුල්මාසයේ වෙලඳසැල් හිමිකරැ ඔහු ගැන තොරතුරක් කීවේය. එහෙත් අඩමානයටය.ඔහු අත්අඩංගුවේය. ජීවතුන් අතරද ඇත්ද නැත්ද යන්න නොදන්නා බව කීවේය. එසේ වූ හේතු කිසිවක් කවුරැන් හෝ දැන සිටියේ නැත. අසනන්නට හෝ කෙනෙකු නැත. නැවතත් කාලය ගෙවුනේ ප්‍රශ්න ගණනාවක්ද සමගිනි.

අනූදෙක වසරේ අප්‍රයෙල් මාසයේ මුල් සතියේ අහම්බෙන් තොරතුරක් ලැබුනේය. එය කෙසේ ලැබුනේදැයි දැන් අමතකය. කෙසේ වෙතත් ඔහු බූස්සේ රැඳවුම් කඳවුරෙහි රඳවා ඇති බව දැන ගත්තේය. ඒ වකවානුවේ ඔහු බලන්නට බූස්සට යන්නට ඇත්තෙන්ම බියවිය. ඒ එකල තිබූ මර්ධනය සහ අනෙකුත් සාහසිකකම් දුටු නිසාය. එහෙත් ඔහු දැක ගැනීමට අවශ්‍යය. ඔහුට සිදුවූ දේ අසා ගැනීමට අවශ්‍යය. අපි කල්පනා කලෙමු. දිනෙක තීරණයකට ආවෙමු. අප්‍රෙල් දොලහ යමු. ගෙදරට කියන බොරැව; කරාපිටියේ රෝහලෙහි රෝගියෙක් බලන්න යනව කියමු. මෙහෙයුම ක්‍රියාත්මක විය. අපි බූස්සට ගියෙමු. දොදොල් කෑල්ලක්, කේක්, බිස්කට් සහ කැවිලි මල්ලක් රැගෙන ගියෙමු.

එදා කඳවුරෙහි අමුත්තන්ගේ පෝලිම දිගුය. පෝලිමේ අති බහුතරයක් වැඩිහිටියන්ය. තරැණ තරැණියෝ සිටියද සිටියේ වැඩිහිටියන් සමගය. අප පෝලිමේ ගොස් අදාල නිලධාරියාට නම කීවේය. රණවීර, ගෙවල් බදුල්ලේ , සොරණාතොට; එහෙම හොයන්න බැහැ. බදුල්ලෙ රණවීරල පන්සීයක් විතර ඉන්නව. අංකය සහ ශාලා අංකය ඕන. අප මේ කිසිවක් දන්නේ නැත. ඔහු අප පැත්තකට කලේය. පෝලිම දහවල් වනවිට අඩුවිය. අප එතෙක්වේලා රැඳී සිටිනු දුටු අර නිලධාරියා නැවත අපට කතා කලේය. ඔහු පොත්පත් කිහිපයක් පෙරලා ඇතුලේ කාමරයකට යන්නට අපට අණ කලේය. අප කාමරයට වී දොරටුව දෙස බලා සිටින්නේය. ඔහු සරමක් සහ කමීසයකින් සැරසී දොරටුවෙන් ඇතුල්වූයේය.
ඔහු පලමුව අප දෙදෙනා වැලඳ ගත්තේ කඳුලු කැට අප දෙවුර මත ගලා යෑමට ඉඩ හරිමිනි. ඔහු පලමුව කීවේ කෙදිනක හෝ අප පැමිණේයැයි බලාපොරොත්තුවක් විශ්වාසයක් ඔහු තුල තිබුනු බවයි. අද පැමිණ ඇත්තේ අප බව පණිවුඩය ලද විගස සිතූ බවද කීවේය. ඔහු ජීවත්ව සිටීම ඔහුටද පුදුමයක් බවද කීවේය. පහර කෑමෙන් ඇතිවූ තුවාල කැලැල් ඔහු අපට පෙන්වූයේ ඒ තුවාලයන්හි වේදනාවන්ද මුහුණෙහි සනිටුහන් කරමිනි. අපගේ වෙලාව අවසන්වන තෙක් ඔහු සමග රැඳී සිටි අප වේදනාත්මක සමුගැනීමකින් ඔහුගෙන් වෙන්වූයේ නැවත ඔහු බලන්නට එන බවට පොරොන්දු වෙමිනි.

එසේ වෙන්වී දින කිහිපයකින් ඔහුගෙන් ලිපියක් ලැබුනේය. ඔහු අපට ස්තූති කොට තිබුනේය. අප අනාගතයට සුබ ප්‍රාර්ථනා කර තිබුනේය. නැවත පැමණෙන විට කොට කලිසමක් රැගෙන එන්නයයැයි ඉල්ලීමක් කර තිබුනේය. ඔහුව නැවත බලන්නට යන්නට කෙතරම් සැලසුම් සෑදුවද කුමන හෝ හේතුවක් නිසා එය අතපසු වූයේය. කාලයත් සමග අතපසූවීම් සාධාරණීකරනය කරගන්නට හැකියාවක් අපටම ලැබුනේය.

අනුතුන වසරේදී මා නීති විද්‍යාලයේය. දිනක් මා මහාධිකරණය දෙසට කුමන හෝ කාරණයකට ඇවිද ගියේය. වේලාව දහවල් දෙකට පමණ විය. දම්වැලකට අමුනා ගෙන සිර මැදිරිය වෙත ගෙන යන හිරකරැවන් කිහිප දෙනෙකු මා ඉදිරියට පැමිණියේය. ඒ සමග මාගේ නම කියා කවුරැන් හෝ අමතනු ඇසිනි. මම හැරී බැලුවෙමි. දම්වැලෙන් ගැටගසාගෙන ගෙන යන සිරකරැවන් අතර ඔහුද විය. ඔහු මා දැකීමෙන් මහත්සේ සතුටු වූ මුහුණකින් සිනහ සෙමින් සිටියේය. මා සිරකරැවන් පිටුපසින් සිර මැදිරියටදෙසට ගියේ ඔහු සමග කතා කරන්නටය. ඔවුන් මැදිරිය තුලට දැමූ පසු කම්බි කූරැ අතරින් මම ඔහුට කතා කලෙමි.

නඩුවෙහි ඔහුට එරෙහි සාක්ෂි නොමැති බව කීවේය. නිදහස් වුවහොත් විදේශ ගතවන බව කීවේය. ඔහු රඳවා ඇති බන්ධනාගාරය මට කීවේ නැත. නඩුවෙහි දිනයද කීවේ නැත. ඔහු කීවේ මා නීති ශිෂ්‍යයෙකු බැවින් ඔහු සමග ආශ්‍රය ගැටලුවක් විය හැකි බවයි. මා කොතෙක්දෑ කීවද ඔහු එය වෙනස් කලේ නැත. ඒ ඔහු සිතූ හැටියි. අවසන කූඩුවේ කම්බි අතරින් ඔහුගේ ඔහුගේ හිස අත ගා ඔහුගෙන් වෙන් වුනෙමි. ඉන්පසු කිසි දිනෙක ඔහු නැවත හමුවූයේ නැත, ඔහුට සිදුවූ දෙයක් හෝ දන්නේ නැත…..

අවුරුදු දහ අටක පුතෙකු වෙනුවෙන් උපන් මවකගේ කදුළු

මේ අම්මා ට උදව් නම් අවැසිය.. අවුරුදු දහ අටක පුතෙකු වෙනුවෙන් තවමත් අත දරුවෙකු ලෙස සෙවණ සදන සුජාතා රත්නායක මට හමුවන්නෙ මගෙ පාසලේ දරුවෙකුගෙ මවක ලෙසය . ටීච අපෙ ගෙදරට ඇවිත් බලන්න ..

ඇය බොහෝ විට ඉල්ලීම ක් කළාය. මම පසුගියදා ඇගෙ නිවසට ගියෙමි. ඒ අවුරුදු දහ අටක් නමුත් තවමත් කිරි සප්පයෙකු තරම් වත් නොවු ඇගෙ පුතුට රෝද පුටුවක් රැගෙනය. ඒ සඳහා මට රෝද පුටුව ලබා දුන්නෙ මහින්ද වීරසිංහ අයියා සහ යහළුවන් ය .

2 (2)3 (2)

 මම එහි යන විටද ඔවුන් සිටියෙ අසළ කුඹුරක වැඩට ගොසිනි. ජිවිතේ පුදුමය. ඔවුන්ගේ නිවස අසළ පසුගිය වසරක නාය යාමට ලක්වු පෙදෙසක්ය. අසළ නිවාස අතහැර බොහෝ අය ගොස්ය. මේ දරු පවුලට යන්න තවම තැනක් නැත. මේ නියඟය ඔවුන්ට සහනයක් ව ඇත්තේ වැස්ස ආවොත් ඔවුන්ගේ ගෙපැලෙ ඉරණම ගැන සිතන්නට නොහැකි නිසාමය. දැනට පදිංචි නිවස සෘජුවම නාය යා හැකි බව ඔවුන්ට අදාළ ආයතන හරහා ලිඛිතව දන්වා ද අැත. 

අබාධිත පුතු පමණක් නොව තවත් දරුවන් දෙදෙනෙක් සිටින මෙම පවුලෙ අනෙක් දරුවන් ඉගෙනීමට දක්ෂය. මොවුන් දිවි සරි කරන්නෙ කුලී වැඩවල නිරත වීමෙනි. ඒ යන අතරේ අබාධිත පුතු ඉන්නෙ තනිවමය. 

මේ අම්මා ඉන්නෙ ගිනි ගොඩක ය. කුලියක් මලියක් සොයන්නට එළියට බසින්නෙ නිවස අති අවධානම් බව දැන දැනම පුතු දමාය. ඒ දෛවයේ සරදමය. සුජාතා තම මව වන මාලනී ගෙ වැල්ලවායේ ඉඩමේ නිවසක් හදන්නෙ මේ නිසාම නමුත් තවම ඇයට තම දරුවන්ට ආරක්ෂිතව එහි යාමට ගෙන යා නොහැකිව ඇත්තෙ නිවසේ වැඩ අහවර නැති නිසාමය. 

සර්පයන් බහුල එම ප්‍රදේශයේ පදිංචිය ට පෙර එක කාමරයක් හො කපරාරු කර පුතු එහි රදවා තම ජීවිත සරි කරන්න ට ඇයට එළියට බහින්නට අවැසිමය. එහෙත් වත්කම බිංදුවය. ජලය විදුලිය වැනි අවම පහසුකම් ටිකවත් සරි කරගෙන යම් ආරක්ෂාව ක් සහිතව ඒ කාමර දෙක ඉදිකර ගැනීමට ඇයට උදව් කිරීමට ඔබට හැකි නම් එය මහා දානයක් වනු ඇත. ඒ සඳහා ඇයට සෘජුවම ඔබට දායක විය හැකි අතර කිසිදු අතරමැදි ගැටළුවක් නැත.
ඒ සඳහා
බණ්ඩාරවෙල මහජන බැංකුවේ 037-2-002-4-6535117
R.M. සුජාතා රත්නප්‍රිය (මේ දරුවාගෙ මව)ගිණුම ආරම්භ කර ඇති අතර
ඒ ආරම්භයද Sameera Sachithra Madushanka Rajapakshaසහෝදරයා දුන් මුදල යොදා ගත් බව කියන්නෙ පින් සිතිනි.
හැකිනම් කරන්න ට යමක්
ඔවුන් හිදිවී සතුටෙන් මොන දුක තිබුණත්…

වැඩි විස්තර ඕනි නම් 0714407095 මට කතා කරන්න ..
දන්න තොරතුරු කියන්නම්

කමතට පැයූ මංගලම් සුභ මංගලම්


මේ නම් අපූරු මගුලක්මය. නිලට නිලේ බබළන වෙල් යායේ සිසිලස මැද්දෙන් කමතට පෑයූ මංගල සීනු හඩක එකෝමත් එක කතානතරයක්ය.

රටටම ණය වී මංගල ගමන් ගොස් පහුවදා සිට පස්ස කැඩුණු කූහුඹුවන් මෙන් ණය ගෙවා ගැනීමට දස අතේ දුවන අයට අපූරු ආදර්ශයක් දෙන මේ මගුල් තුලාව වාර්තා වෙන්නේ  ගම්පොල යක්හටුව ප්‍රදේශයේ වෙල්යායකිනි.

weddingaweddingb

යසන්තත් – ඕෂිත් සිය මංගල දිනයේ අභිමානය සනිටුහන් කිරීමට තෝරා ගත්රාතේ ගමේ වෙල්යායේ කදිමට සැරසූ කමතකි. කමතේ ඉදිකළ ගොක්කොළ පෝරුවක් මත පුරාණ චාරිත්‍රානු කූලව යුගදිවියට එළබුණු නව යුවල වෙනුවෙන් මංගල කෑම මේසය රසගැන්වූයේද සිංහල රසකැවිලි වලිනි. පැමිණි සිටි පිරිස්ද හෙල කුල සිරිතට ගැලපෙන පරිද්දෙන් සැරසී මේ මගුල් තුලාවට සපැමිණිමට හැකිතාක් උත්්සහ දරා ඇත්තේ එහි ඇති අපූර්වත්වය තව තවත් රස ගන්වමිනි.

ඡායාරූප එලිගන්ට් ස්ටුඩියෝ – ගම්පහ 

wedding 2 weddingweddingc weddingd weddinge weddingg weddingh weddingi weddingj