Category: lifestyle
Life Style
රෝහිත රාජපක්ෂ හා ටට්යානා ලී ජයරත්න අතර විවාහය
දේශපාලනයේ පස මිතුරන් එකට මුණ ගැසුණු අවස්ථාවක් අද තංගල්ලේදී දක්නට ලැබුණා.
ඒ හිටපු ජනාධිපති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත් රෝහිත රාජපක්ෂ මහතාගේ විවාහ මංගල්‍යෙය්දී.
රෝහිත රාජපක්ෂ හා ටට්යානා ලී ජයරත්න අතර මෙම විවාහය සිදුවුණේ වීරකැටිය කාල්ටන් විවෘත පරිශ්‍රයේදී.
දේශපාලන කේෂත්‍රයේ පස මිතුරන් මෙම විවාහ මංගල්‍යයේදී එකට එක්ව සිටීම කාගේත් අවධානයට ලක් වුණා.
විවාහයට සැපයුනේ දේශීය ආහාර වර්ග පමණයි.
අමුත්තන් සදහා පළමු පිළිගැන්වීම ලෙස ලබා දී ඇත්තේ රණවරා, දිවුල් යුෂ සහ බෙලිමල්. ගැමි ආකාරයට සකසා තිබු ආහාර පිලිගන්වා තිබුණේ මැටි හට්ටිවලයි.
තවද මෙහිදී කිසිදු මස් වර්ගයක් එක් කර නොගැනීමටද කටයුතු කර තිබෙනවා.
රටට ප්‍රසිද්ධ නොකලද මෙම විවාහය සදහා මැදමුලන ගම්මානයේ සියලුම දෙනාට ආරාධනා කර තිබු බවටයි වාර්තා වුණේ.
අග්‍රාමතච්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද මෙම විවාහ මංගල්‍යය සදහා ආරාධනා ලැබ තිබුණා.
ඊට අමතරව කරු ජයසුරිය, කබීර් හෂිම්, සාගල රත්නායක, මංගල සමරවීර ඇතුළු ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් රැසක්ම මෙම අවස්ථාව සදහා එක්ව සිටිනු දක්නට ලැබුණා.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විදේශ සංචාරයක නිරතව ඇති එහෙයින් ඔහු ඊට සහභාගී නොවුනත් මීට පෙර මනාල යුවල මුණ ගැසී සුභපැතුම් එක් කර තිබෙනවා.
ටට්යානා සහ රෝහිතට බොස්ටන් ලංකා අපි සුබ මංගලම් යනුවෙන් ප්‍රාර්ථනා කරනවා.

අමෙරිකානු ජාතිකයින් පිරිසකුත් බුදු දහම වැළඳ ගනී
දුරුතු පුරපසලොස්වක පොහොය වෙනුවෙන් නෙත් එෆ්. එම්. රේඩියෝව සංවිධාන කළ ශ්වේත පූජා පිංකම් මාලාවට සමගාමීව අමෙරිකානු ජාතිකයන් පිරිසක් බුදුදහම වැළද ගැනීම සිදුකර තිබෙනවා.
අමෙරිකාවේ ප්‍රධාන සංඝනායක අමෙරිකාවේ බ්ලූ ලෝටස් විහාරාධිපති පූජ්‍ය පේරාදෙණියේ සිරි සුජාත හිමියන්ගේ ධර්ම දේශනා ශ්‍රවණය කිරීමෙන් අනතුරුව බෞද්ධ ධර්මය පිළිබඳ පැහැදුනු මෙම ඇමෙරිකානු ජාතිකයන් පිරිස සිරි සුජාත හිමියන්ගේ මාර්ගෝපදේශයෙන් මෙරටට පැමිණ තිබෙනවා.
ඒ අනුව පේරාදෙණියේ ශ්‍රී සුබෝධාරාම විහාරාධිපති ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය වත්තේගම ශ්‍රී ධම්මාවාස හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ඔවුන් පංචශීලයෙහි පිහිටුවීමෙන් අනතුරුව ඔවුන් සිය අමෙරිකානු නාමයන් වෙනුවට බෞද්ධ නාමයන් ලබාගැනීමටද කටයුතු කර තිබෙනවා.
මෙලෙස බෞද්ධයන් බවට පත්වූයේ Barry Shaffer, JeannineOulette, Michael Kramer, Tyler Lewke, Zoe Winter, Patricia Miller, Dan oliverio යන අමෙරිකානු ජාතිකයන් පිරිසයි.



රෝබට් ඇක්ටින් මහතා එංගලන්තයේ ධම්මානන්ද පැවිදි දිවියට
එංගලන්ත ජාතික 62 හැවිරිදි රෝබට් ඇක්ටින් මහතා එංගලන්තයේ ධම්මානන්ද නමින් අක්මිමන මානවිල ශ්‍රි ඛෙත්තාරාම විහාරස්ථානයේ දි පැවිදි දිවියට ඇතුලත් වී තිබෙනවා.


රෝබට් ඇක්ටින් මහතා ගිහිකළ එංගලන්තයේ මැන්චෙස්ටර් නගරයේ පාසලක නියෝජ්‍ය විදුහල්පතිවරයකු ලෙස කටයුතු කර තිබෙනවා.
බුදු දහම පිළිබද පැහැදි නිවන් ශාන්තිය උදාකර ගැනිම සදහා තමන් පැවිදි දිවියට ඇතුලත් බව රෝබට් මහතා සඳහන් කර ඇති අතර ඔහු පැවිදි දිවියට ඇතුලත්කිරිම සදහා අවශ්‍ය මගපෙන්විම සිදුකොට ඇත්තේ දැනට එංගලන්තයේ මැන්චෙස්ටර් නගරයේ විහාරස්ථානයක වැඩ වාසය කරන ගල්පොත්තයායේ ප්‍රේමානන්ද හිමියන්.


මෙම පැවිදි පිංකම මහා සංඝරත්නයේ හා විහාරස්ථ දායක දායිකාවන්ගේ සහභාගිත්වයෙන් ඛෙත්තාරාම විහාරස්ථානයේ දි පසුගියදා පැවැත්වුණා.
IESL CPD Courses
The Institution of Engineers, Sri Lanka has been providing CPD programs for engineers and other professionals interested in their career and personal development over many years under the guidance and supervision of CPD committee.CPD Committee, which is one of the Standing Committees of the IESL is chaired by the Vice President. The programs are coordinated by the Education Division of the IESL secretariat.
The CPD programs are conducted mostly in the evenings and at weekends, so that the participants can attend the lectures and other activities without disrupting their normal duties. There are programs available in specific subject areas as well as important common topics such as management, communication skill development, Health and Safety , code of ethics etc.
The resource persons for CPD programs are carefully selected from the best available in the country, and the feedback from the participants is used to continually improve the programs over the years.
CPD courses are developed based on input from periodic surveys among members of IESL, industry trends and other directions from the CPD Committee.
The Institution of Engineers, Sri Lanka
120/15, Wijerama Mawatha,
Colombo 07
Tel. : 0112 698 426 Ext.209
Fax : 0112 699 202
E-mail : dir.edu@iesl.lk
“දැන් යුද්ධෙ ඉවරයි. දැන් අපි ඒ මිනිස්සුන්ගේ තුවාලත් සුව කරන්න ඕනේ”
“ඒ කාලේ මගේ ලඟම යාලුවෙක් හමුදාවේ හිටිය. යුද්දේ කාලේ බෝම්බෙකට අහුවෙලා එයාගේ කකුලක් කපන්න වුනා,” අරුණ සමරවික්‍රම අතීතය සිහිපත් කරයි.
“ඒ නිසා එයාගේ මුළු ජීවිතේම වෙනස් වුනා, කොටින්ම ප්‍රේම සම්බන්ධය පවා.”
අපූරු නව නිර්මාණ ගණනාවක් සඳහා පේටන්ට් බලපත්‍ර හිමි ඔහු ශ්‍රී ලංකාවේ සිටින ඉහළම පෙළේ තරුණ නව නිර්මාණකරුවෙකි.
දුම්රිය හරස් මාර්ගවලදී නිතිපතා අහිමිවන ජීවිත බේරාගැනීමේ අරමුණින් නිර්මාණය කරන ලද, සූර්ය තාපයෙන් ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන රේල් ගේට්ටුවක් ද ඔහුගේ නව නිර්මාණ අතර පවතී. වෑන් හෝ ලොරි ගමන් කළ නොහැකි දුෂ්කර මාර්ගවල රොක්වන කුණු රැස්කිරීම පිණිස නිපදවන ලද ට්‍රේලරයක් සහිත ‘කුරුම්බැට්ටි’ ට්‍රයිසිකලය එවැනි තවත් නිර්මාණයකි.
එහෙත් ඒ කිසිදු නිර්මාණයකින් සේවයක් ලබාගැනීමට රටේ බලධාරීන් උත්සුක වී ඇති හැඩක් නොපෙනේ.
හමුදාවේ සේවය කළ සිය මිතුරාගේ අත්දැකීමෙන් සලිත වූ අරුණ, කෙසේ හෝ ඔහුට උපකාර කිරීමට අදිටන් කරගත්තේය.
එහි ප්‍රතිඵලය වූයේ සැබෑ පාදයකට ඉතාමත්ම සමීප ආකාරයෙන් ක්‍රියාකරන ‘Live Flex’වර්ගයේ කෘතිම පාදය ඔහු අතින් නිර්මාණය වීමය.


එය කිසිවෙකුගේ උස සහ බර අනුව වළලුකර, ඇඟිලි සහ දණහිස ස්වභාවික මට්ටමෙන්ම පාහේ ක්‍රියාකරන පාදයකි.
ඒ අත්හදා බැලීම සාර්ථක වීමත් සමග අරුණ සමරවික්‍රම මේ වනවිට එවැනි කෘතිම පාද දහස් ගණනක් නිර්මාණය කොට මනු සතුන්ට පමණක් නොව අලින්, අශ්වයන් සහ ගවයන් වැනි සතුන්ට පවා පිහිටවෙමින් අත්, පා දහස් ගණනක් නිර්මාණය කොට ඔවුන්ට යළි ජීවය ලබා දුන් ජීවකයෙකි.
අරුණ ගැන විස්තර කියා ලොකු අක්කාත් (දේවිකා පතිරණ), සුනිල් ගමගේ අයියාත් (අක්කාගේ ස්වාමි පුරුෂයා) කළුතර, නාගොඩ පිහිටි ඔහුගේ “ආවාස් (AAWAS)” රෝහල් පරිශ්‍රය වෙත මා කැඳවා ගියහ.
අප එහි ගත කළ පැය කිහිපය තුළ බෙලි මල් වතුර සහ විවිධ පළතුරු යනාදියෙන් අපට සංග්‍රහ කරමින් අරුණ හැසිරුනේ ආයුර්වේද වෛද්‍යවරයෙකු මෙනි.

එහෙත් ඔහු වෛද්‍යවරයෙක් නොවේ.
“මම කළේ කොමර්ස්,” ඔහු මා සමග සිනහසෙමින් පවසයි.
ශ්‍රී ලංකාවට අතිමහත් විදේශ විනිමය සම්භාරයක් උපයා ගත හැකි අන්දමේ සහ විදේශයන්ට ගලා යන විදේශ විනිමය මෙරට රඳවාගත හැකි අන්දමේ නව නිර්මාණ කළ නමුත් එයින් ඵල නෙලාගැනීමට පාලකයන් තුළ උනන්දුවක් නොමැතිවීම ගැන ඔහු තුළ පවතින කලකිරීම ද ඒ සිනහව තුළ මම දුටුවෙමි.
අරුණගේ රෝහලේ සේවය ලබන්නේ යුද්ධයෙන් අත්, පා අහිමි වූ හමුදා සොල්දාදුවන් පමණක් නොවේ.
අප එහි සිටින මොහොතේ පාදය කපා දමන ලද වයෝවෘද්ධ පුද්ගලයෙක් එහි කැඳවා එනු ලැබිණ.
“මොකද තාත්තේ ප්‍රශ්නේ?” අරුණ කරුණාවෙන් විමසයි.
දියවැඩියාව හේතුවෙන් පාදය කපා දමන්නට සිදු වූ බවත්, කෘතිම පාදයක් මිලදී ගැනීමට වත්කමක් නැති බවත් ඒ පියා ඔහුට පවසයි.
එසේ වත්කමක් නොමැති වූ පමණින් රෝගියා ආපසු හරවා යැවීම අරුණ ඇතුළු ‘සහෝදරත්වයේ පියසටහන්’ පදනමේ සිරිත නොවේ.
කෘතිම පාදයක් සකස්කොට, එය සවිකොට පුහුණු කිරීම පිණිස සාමාන්‍යයෙන් රුපියල් ලක්ෂ දෙකක පමණක් මුදලක් වැය වේ. ඒ මුදල ගෙවීමට රෝගියාට වත්කමක් නැති අවස්ථාවල සහෝදරත්වයේ පියසටහන් පදනම ඒ සඳහා දානපතියන්ගේ උපකාරය පතයි.
ශ්‍රී ලංකාවාසීන් පමණක් නොව සතා සිවුපාවුන් දහස් ගණනකට එසේ යළි ජීවය දුන් අරුණ, අප හමු වූ අවස්ථාවේ මගෙන් විශේෂ ඉල්ලීමක් කළේය.
යුද ගැටුම්වලින් අත්, පා අහිමි වූ 12,000 කට අධික හිටපු එල්ටීටීඊ සාමාජිකයන්ට උපකාර කිරීමටත් තමන් සූදානම් බව ඔවුන්ට දැනුම්දීමය, ඒ.
ඔවුන්ට කෘතීම පාද සපයා දීමට තමන්ට හැකි වුවත් ඒ සඳහා බර පැන දැරීම දුෂ්කර බැවින් ඒ සඳහා මූල්‍ය දායකත්වය සැපයීමට ඉදිරිපත් වන මෙන් ඔහු දෙමළ ඩයස්පෝරා නායකයන්ගෙන් ඉල්ලීමක් කරයි.
සංහිඳියාව ඇතිකරන්නැයි වේදිකාවල කෑ මොර ගසනු වෙනුවට මහා පොලවේ යථාර්ථය හඳුනා ගත යුතු බව අරුණගේ අදහසය.
“අද අපි මෙහෙම ජීවත් වෙන්නේ අපේ සොල්දාදුවෝ කරපු කැපකිරීම් නිසා. ඒත් දැන් යුද්ධෙ ඉවරයි. දැන් අපි ඒ මිනිස්සුන්ගේ තුවාලත් සුව කරන්න ඕනේ.”
උතුරු පළාත් සභාව ඇතුළු උතුරේ දේශපාලන නායකත්වයට සිය යෝජනාව ඉදිරිපත් කළ නමුත් මෙතෙක් කිසිදු සාධනීය ප්‍රතිචාරයක් නොලැබුන බවත් ඔහු කණගාටුවෙන් පැවසීය.
අරුණ සිය හමුදා මිතුරාට කෘතිම පාදය නිර්මාණය කර දුන් පසු ඔහුගේ පෙම්වතියගේ ප්‍රතිචාරය වූයේ කුමක්දැයි දැනගැනීමටත් ඔබ කැමති ඇති.
ඒ වන විට විවාහ ගිවිසගෙන සිටි නමුත්, පාදයක් අහිමිවීමත් සමග ඔහු හා විවාහවීමට පෙම්වතිය කිසියම් චකිතයක් දැක්වූවාය.
එහෙත් නව කෘතිම පාදයක් ලබා සිය මිතුරා යළිත් බොහෝ දුරට සාමාන්‍ය දිවි පෙවෙතකට හුරුවීමත් සමග ඔවුන් දෙදෙනා විවාපත් වූ බව අරුණ සමරවික්‍රම මා සමග පැවසුවේ ආඩම්බරය මුසු නිහතමානී හසරැල්ලකින් මුව සරසා ගනිමිනි.
සිය මිතුරා ඇතුළු දහස් ගණනක පිරිසකගේ ජීවිතවලට ආලෝකයක් වූ අයුරින්ම, ශ්‍රී ලංකාවේ පමණක් නොව හැකි නම් ලොව පුරා වෙනත් බොහෝ රටවල වෙසෙන ආබාධිතයන්ගේ වේදනාව ද සුවපත් කිරීම ‘සහෝදරත්වයේ පියසටහන්’ පදනමේ නිර්මාතෘවරයා ද වන මේ තරුණ නිර්මාණකරුවාගේ බලාපොරොත්තුවය.
“මගේ බලාපොරොත්තුව ‘ආබාධිතයා’ කියන වචනය මේ ලෝකයෙන් ඉවත් කිරීම.”
සිය නව නිර්මාණ සම්බන්ධයෙන් බලධාරීන්ගෙන් මෙතෙක් ලැබුණ නිශේධනීය ප්‍රතිචාර මේ තරුණ නිර්මාණකරුවාගේ අධිෂ්ඨානය දුර්වල කිරීමට සමත් වී නැති බව අප දෑස් මුණගැසුන මොහොතේ මම දුටුවෙමි.
– සරෝජ් පතිරණ –
Medical Doctor with Many Talents
By Darshani Abeyrathna
It is said that each individual is born to this world clasping one talent to serve a purpose. Yet, there are many instances where individuals have proven this ancient belief wrong and have excelled in many fields in the same time displaying many talents. Dr. Pramitha Mahanama is also an individual who falls in that latter category.
By profession he is a medical doctor but he has caught many hearts with his passion- being a news caster.
His roots are not in Colombo and go back to Walasmulla- a Southern village.
“I received my primary education from H/Walasmulla Primary School and secondary education from Ananda College, Colombo. I entered Faculty of Medicine, University of Sri Jayewardenepura and currently practicing at Avissawella Hospital,” he said while opening up about how he balances two entirely different careers.
Dr. Pramitha who is the eldest in the family has two sisters and considers his parents as his greatest blessing and pillar of strength.
“Working in broadcast industry is quite a challenging task, you teach yourself how not to dwell on problems and how to overcome challenges. It needed a lot of concentration to work as a News anchor and it helped to sharpen my knowledge as well,” he noted.
Commenting on how he ended up being a news anchor at a reputed national channel he said;
“I did not want to become a professional News presenter in the first place. Yet I was engaged in compeering, and debating in school. But at the University, I followed a course at the Sri Lanka Television Training Institute and became the top scorer in both news presentation and program presentation categories. As time passed I realized that I am good enough to be a news presenter. It all started from Siyatha TV News crew and then I joined Hiru TV News from its very beginning. That required so many factors. Being focused was not the only strength you require but also the ability to put personal emotions aside in order to communicate professionally.”
Pramitha’s passion for news presenting extends to anyone who is smart enough to get best out of him.” I won’t say I’m the best person in the field, yet I always try my best to be diligent in what I am doing. Therefore, It is the choice of the onlookers to judge whether I’m the best person or not.”He said.
In his extremely professional and focused outlook, he demands that everything should be neat and tidy.” News anchors appear to have cushy jobs, with their backdrop, clothes, hair styles and make-up. But these are small rewards, bearing in mind the personal sacrifices we have to make during the journey. Yes of course I do work under pressure; I wouldn’t have come this far if I failed to absorb pressure.”He added.
However, Dr. Pramitha acknowledges that everyone makes mistakes. It happens. Simply they are inevitable even at the professional level, I have done mistakes too, yet I keep my self confidence up and it helps me to overcome my mistakes as well as obstacles in the field. We were all born with confidence, and we can all get it back if we learn to be confident on what we are doing. He enthusiastically added.
Although his education is on medicine, one could really say that Dr. Pramitha knows what he does. He shares his views on the role of a news presenter. “They should have a proper voice and updated knowledge on what’s happening around the world and the language potentials. Especially the particular person should have established his own way of presenting, rather than imitating others.” He says.
In his view, the most important quality is the ability to be smart enough to respond well in any unexpected situation.
You can’t let the intensity of the situation to shake you and need to deal with all the intensities, he said.
Apart from being a doctor and a news presenter, Dr. Pramitha also recalls how he always speaks against injustice.
“As a result, I have put myself in trouble too. I’m fond of reading books and I fall in love with dogs than the girls,” he laughed and added that amongst his interests lies dancing too.
“I’m a man who won’t think twice to hit the dance floor, if you play good music. Apart from that, I played Hockey for the school team and in the University.”
Commenting on how he handle the workload he said that “As I’m engaged in two professions (doctor and News anchor), I have truck loads of heavy work to accomplish. Therefore, I always make a priority list, in that way, I manage to do everything without hesitation.”
Recalling his most precious moments he said; “there are two occasions. Few years back, it was my first experience on live election telecast and I did it well without any hesitation. The second one is that I had to do an instant interview with the student who became the island first in GCE O/L and her principal, while I was on air live. I wasn’t informed earlier, yet eventually it turned out really well.”
Commenting on how he is going to describe his job to a kid he came up with amazingly beautiful notion “Imagine that you see Wolverine is walking towards your home, and you want to tell it to your mother before your other siblings. That is the initial task of a news presenter”
When he walks down the memory lane of his life he said that Grade 10 and 11 classes at Ananda College, have been the most memorable classes as he got to meet the craziest bunch of friends that he has ever met in his life.
He also said that he has been away from his family a way too much, from Grade Six.” I had to stay away from my family from my childhood and that made me worry a little too much. The love of a family is life’s greatest blessing and my family is everything to me.”.
Commenting about the difficult news he had to present he said Ceylon Today that “When I was at the university I was presenting News regarding a University students rebellion, and sometimes I have to present News about doctors’ strikes, and being a doctor, I feel bizarre when I have to read these news out.”
I do want to balance both careers as much as I can, I feel blessed to do these professions at the same time. If you do your job properly you surely will learn a lot from any role you do. I also want to highlight the fact that be happy and love what you do. It is simply because there are not many jobs where someone in the town will give you a pat on the back and say Hi to you, he added.
“කාන්තාවන් මත්පැන් පානය කිරීම ගැන අප කතා කළ යුතුයි”
By: චිත්‍රා බෝපගේ
ඔස්ට්‍රේලියානු බලධාරීන් කාන්තාවන්ගේ සෞඛ්‍යය සහ ආරක්ෂාව පිළිබඳව ඔවුන්ට සපයන පණිවුඩවලදී භාවිතා කරන්නේ එවැනි ප්‍රවේශයකි.
පිරිමි සහ ගැහැණු දෙපක්ෂයම කෙරෙහි මත්පැන් බලපාන අන්දමේ සමානකම් මෙන්ම වෙනස්කම් ද තිබේ. එක සමාන මත්පැන් ප්‍රමාණයක් පානය කළත් කාන්තාවගේ රුධිරයේ ඇති මත්පැන් මට්ටම හැම විටම පාහේ පුරුෂයෙකුගේ මට්ටමට වඩා වැඩිය. එහෙත්‚ බොහෝ කාන්තාවෝ මත්පැන් තම ශරීරයට බලපාන ආකාරය පිළි ගැනීම ප්‍රතික්‍ෂේප කරති. කෙසේ වුවද‚ මෙය කාන්තාවන්ට පමණක් සීමාවූ කරුණක් නොවේ.
ආගමික‚ සදාචාරාත්මක හෝ සංස්කෘතික හේතුන් හෝ බල කිරීම් මත නිසා නොව‚ විද්‍යාත්මක සාධක මත පදනම් වන නිසා‚ ඉහත තාර්කණය කාන්තාවන්ට මත්පැන්වලින් ඈත්ව සිටින ලෙස ඒත්තු ගන්වන්නට වඩා හොඳ ප්‍රවේශයක් පෙන්වා දෙයි. ඒ අයුරින් ගත් විට මම සම්පූර්ණයෙන්ම වාගේ මත්පැන් නොබොන අයෙක් බව පිළිගනිමි. මා එසේ වන්නේ මගේම තෝරා ගැනීමෙන් මිස‚ වෙනත් යම් අයෙකුගේ බල කරනු ලැබීම හෝ වෙනස්කම් කරනු ලැබීම නිසා නොවේ.
ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා වැනි ගතානුගතික අය මතු කරන බෞද්ධ සංස්කෘතිය සහ සදාචාරය ආරක්ෂා කිරීම පිළිබඳ තර්කය සහ ඇතැම් වමේ නායකයන් මතු කරන පවුල් බැඳීම් සහ සමාජ සදාචාරය කැඩී බිඳී යන්නට කාන්තාවන්ගේ මත්පැන් බීම දායක වන්නේ යයි නඟන තර්කය වංක පමණක් නොව කුහකද වෙයි.
රටක් තුළ කාන්තාවන් ලිංගික හිංසාවන්ට භාජනය කිරීමත්‚ සමූහ දූෂණවලට ලක් කිරීමත් දෙස නොබලා දෑස් පියා ගෙන සිටින බව පෙනෙන‚ ආධාර හා අනුබල දෙන ඇතැම් දේශපාලනඥයන් සහ නිලධරයන් සිටින්නාවූත්‚ මැතිවරණයේදී කාන්තා අපේක්ෂකයින්ට පංගු ක්‍රමයක් ලබා දී ඇති නිසා ඔවුන්ට පහර දෙන්නාවූත් රටක‚ එවැනි යල්පැන ගිය නීති ආරක්ෂා කරනවාට වඩා වෙනත් යමක් කෙනෙකුට අපේක්ෂා කළ හැකිද?
පවුල් සහ සමාජ බැඳීම් කෙරෙහි බලපාන්නේ ගැහැණු මත්පැන් පානය කිරීම පමණක්ද? බීමත් පිරිමින්ගේ දෑතින් අතවරයට ලක්වන දහස් ගණන් කාන්තාවන් ගැන කිව හැක්කේ කුමක්ද? පිරිමින්ගේ ඒ බීමත් හැසිරීම පවුල් සහ සමාජ බැඳීම් කෙරෙහි බලපාන්නේ නැත්ද? ඉතින් මත්පැන් තහනම පුරුෂයන්ටද අදාළ නොවන්නේ ඇයි?
බෞද්ධ සදාචාරාත්මක පදනම් මත කාන්තාවන්ට බීම තහනම් කරන්නේ නම්‚ වෙනත් ලබ්ධීන් ඔවුන්ගේ සමාජ‚ සංස්කෘතික හා සදාචාරාත්මක සම්මතයන් හේතුවෙන් පවත්වා ගෙන යන වෙනයම් පිළිකුල් සහගත පිළිවෙත්වලට‚ උදාහරණ වශයෙන්‚ අප්‍රිකාවේ කාන්තාවන්ගේ ලිංග ඡේදනයේ සිට ඇතැම් ඉස්ලාමීය සම්ප්‍රදායයන් තුළ කාන්තාවන්ට එරෙහිව කරන නොයෙක් අක්‍රමිකතාවයන් දක්වා වන පිළිවෙත්වලට එරෙහිව මෙම ඊනියා ප්‍රගතිශීලී නායකයන්ට තම විරෝධය පළ කල හැක්කේ කෙසේද? එසේ නැතහොත් සමහර “ශිෂ්ට” රටවල පවා පුරුෂයෙකුට තම බිරිඳ දූෂණය කළ හැකිය යන සිත් කළඹවන සුළු නීතිය හා සම්බන්ධ කාරණය හෙළා දකින්නේ කෙසේද?
මනුෂ්‍යත්වය පිළිසිඳී උපත ලබන්නේ ස්ත්‍රීයගේ ගර්භාශයෙනි. අගෞරවය‚ වෙනස්කම් කිරීම සහ අවමානය නොව‚ පුරුෂයන් තරමටම හෝ ඊටත් වඩා වැඩියෙන් සමානාත්මතාව‚ සැලකිල්ල හා ගරුත්වය ලබන්නට ගැහැණිය සුදුසු වෙයි.
වමේ අයද ඇතුළු සමහර නායකයෝ එවැනි නාරි ද්වේෂයට (misogyny) සහාය පළ කරන්නේ කෙසේද?
නීතිය අභිමුව විලාප දී හඩන යුක්තිය
යුක්තිය ඉටු නොවීම , පමාවී ඉටුවන යුක්තිය හෝ යුක්තිය ඉටු කිරීමට කල් ගත වීමට වඩා යහපත්….
හිතන්නකො ගැහැණු ලමයෙක් අවුරුදු 14 දී හෝ ඊටත් අඩු වයසකදි සමුහ දුශණයකට හෝ දුශණයකට මුහුණ දුන්නය කියලා ,, දැන් ඔන්න ඒ ගෑණු ලමයා ඒ සිදුවීමෙන් පස්සෙ සමාජයට මුහුණ දීලා ඉස්සරහට යනවා.. එතකොට ඒ කාලේදිම අර සැකකරුවන් / චුදිතයින් නිතීයෙ රැහනට හසු වෙලා ඇප මත එලියට ඇවිත් නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරන තුරු සමාජයෙ නිදහසේ හැසිරෙනවා..
ඔන්න දැන් මේ ගෑණු දැරිවි ලොකු මහත් වෙලා අවුරුදු 7 ක් අටක් නැත්තම් 10 ක් විතර ගත වෙලා,, සමාජයට මේ සිදුවීම අමතකයි,, ඇයත් කාලයාගෙ ඇවෑමෙන් මේ සිදුවීම අමතක කරලා තමන්ගෙ ජිවිතේ හුඟක් ඉස්සරහට ගිහින් ,,
එක්කො හොඳට ඉගෙන ගෙන මේ දැරිවි උසස් තනතුරක් දරනවා
එහෙමත් නැත්තම් තමන්ගෙ නිසි වයසට පැමිණිලා විවාහයක් කරගන්න සූදානමෙන්,,
ඒත් නැත්තම් විවාහ වෙලා ඇයට දැන් දරුවන් සිටින යහපත් පවුල් ජිවිතයක් ගත කරන ගැහැණියක් ,,
නමුත් අධිකරණ ක්‍රියාවලිය තවම අවසන් නෑ..නඩු කටයුතු වල ප්‍රමාදය , අධිකරණ තදබදය වගෙ පොදුවෙ බලපාන කරුණු නිසා ඔන්න අන්තිමෙ තීරණෙ දෙන්නෙ අවුරුදු දහයකට විතර පස්සෙ,,
අවසාන තීන්දුව දෙන දවස එනවා .. ඔන්න මේ තරුණිය එදිනට ඇගෙ වත්මන් ස්වාමිපුරුශයා එක්ක හෝ පෙම්වතා සමඟ උසාවියට එනවා එක්කො තීන්දුව ප්‍රකාශයට පත් කරන්න යන්නෙ ඇගෙ මංගල දිනයට ඔන්න මෙන්න තියා ,,ඇගෙ අතීතය මේ කිසිවෙක් නොදන්නවා වෙන්නත් පුලුවන්,,
ස්ත්‍රී දූශණය දණ්ඩ නීතී සංග්‍රහය යටතෙ බරපතල අපරාධ වරදක්නෙ..
ඔන්න එතනදි ඇයට යුක්තිය ඉටු වෙනවා,, චුදිතයන් අපරාධකරුවන් බවට අධිකරණ ක්‍රියාවලියෙදි සාධරණ සැකයෙන් ඔබ්බට ඔප්පු වෙලා තියෙන නිසා අපරාධකරුවන්ට විසි වසරකට නොවැඩි සිර දඩුවමක් හෝ 1995 අංක 22 පනතින් දණඩ නීතී සංග්‍රහයට ගෙනාපු සංශෝධන අනුව වින්දිත පාර්ශවෙට අධිකරණය නියම කරන වන්දියක් ගෙවීමට නියම කෙරෙනවා හෝ මේ දඩුවම් දෙකම ලබා දෙන්න අධිකරණය තීන්දු කරනවා,,
ඉතින් අවුරුදු 10 ට පසුව ඇයට මේ ලැබෙන තීන්දුවෙන් ඈට සත්‍ය වශයෙන්ම යුක්තිය ඉටු වෙනවා කියලා ඔබ හිතනවාද??? ![]()
![]()
ඔබ එහෙම හිතනවා නම් ඔබේ මොලේ හොදටෝම අප්සෙට්!! ![]()
![]()
මෙතන තියෙනවා හරිම මානුශිය පැතිකඩක්,, වසර ගනනාවක බරපතල මානසික තුවාලයක් ආයි පෑරෙනවා,, තීන්දුව ප්‍රසිද්දියට පත් වීම හරහා ඈ ආයාසයෙන් යටපත් කල අතීතය නැවත උඩට එනවා දිය යට සැඟවුන රබර් බෝලයක් වගෙ,, සමහරවිට මේ තීන්දුව නිසාම මෙතෙක් ඈ ගතකල සන්සුන් ජිවිතය නොසන්සුන් වෙනවා ,, මේ පිලිබදව එකල නොදත් බොහෝ දෙනා දැනුවත් වෙනවා,, පවුල් ඒකකයෙදි ඈට ලැබුනු තීන්දුව නිසා වත්මන් ස්වාමිපුරුශයා ඇතුලු සමස්ථ පවුල් ඒකකය සමාජය ඉදිරියෙ දැඩි අපහසුතාවකට පත් වෙනවා,,, එක්කො මේ තීන්දුව ප්‍රසිද්ධියට පත් වීම නිසා ඇගෙ පෙම්වතා හෝ අපේක්ශිත ස්වාමියා ඈ විවාහ කර ගැනීම ප්‍රතික්ශේප කරනවා,,,![]()
ඉතින් මේ පමාවී ඉටු වෙන යුක්තිය ට වඩා යුක්තිය ඉටු නොවීම තුබුනා නන් කොයිතරම් යහපත්ද කියලා ඈට හිතෙනවා,,,![]()
හිතෙනවද නැද්ද? සහෝදරවරුනි?
නීතීයෙ පිලිගත් සිද්ධාන්තයක් / කියමනක් තියෙනවා
යුක්තිය ඉටු නොවීම , පමාවී ඉටුවන යුක්තිය හෝ යුක්තිය ඉටු කිරීමට කල් ගත වීමට වඩා යහපත් ය කියලා ,,
පැහැදිලි අර්ථය යුක්තිය ඉටු වන්නෙ පමාවී නම් එයින් කිසිවෙකුට සිදුවන යහපතක් නැත කියන එකයි,,, නමුත් ස්ත්‍රී දුශණ වලදි හා බොහොමයක් අපරාධමය වැරදි සිවිල් නඩු කටයුතු වලදි උදාහරණයක් විදියට ගත්තොත් ඉඩම් නඩු බූදල් නඩු වගේ දේවල් වලදි පවා අපේක්ශිත සාධාරණත්වය ලැබෙන්නෙ වසර ගණනාවකට පස්සෙ…
එක්කො වින්දිත පුද්ගලයා යුක්තිය නිසා අපහසුතාවට පත්වෙන කාල සීමවකදි, අපේක්ශිත වත්කම දේපල වල වෙලඳපල වටිනාකම පවා අහෝසි ව ගිය කාලයකදි ,, නැත්තම් ලබාගන්නා දේපලට වඩා නඩු ගාස්තු වශයෙන් වැයකල ප්‍රමාණය අධික මොහොතක යුක්තිය ඉටු වීමෙන් පලක් තියෙනවද??![]()
ඒ වගේම තමයි මං කියපු ගණයේ ස්ත්‍රී දූශණ නඩුවකට විශේශ කරලා කතා කලොත් ස්ත්‍රී දුශණ නඩුවක් අධිකරණය ඉදිරියෙ විභාග වෙන අවස්තාවකදි ඇත්තෙන්ම හරි පිලිකුල් සහගත ප්‍රශ්න කිරීම් හා විත්තියෙ හරස් ප්‍රශ්න ආදි නින්දිත ප්‍රශ්න කිරීම් වලට මූණ දෙන්න අදාල දැරියට සිදු වෙනවා,, අන්න එතනදිත් බරපතල ලෙස ඇය මානසික පීඩාවකට මූණ දෙනවා,,![]()
එක් පුද්ගලෙයෙක් හමුවෙ විනාශ වුන ජිවිතය සභාවක් ඉදිරියෙ වමාරන්න වෙනවා,,සමහර විට මේ ප්‍රශ්න අහන්නෙ වැඩිවිය පැමිණිලාවත් නැති ප්‍රජනන ක්‍රියාවලිය මොකක්ද කියලවත් දන්නෙ නැති පුන්චි කෙල්ලෙක්ගෙන් … ඇය මේ ප්‍රශ්න හමුවෙ අන්දුන්කුන්දුම් වෙනවා ඇත්තෙන්ම එතනදි ඇය මුහුණදෙන ප්‍රශ්ණ කිරීම් තලු මර මරා ඉදිරිපත් කරන ප්‍රශ්න කිරිම් නිසා මුලු අධිකරණය ඉදිරියේම ඇය නැවත නැවත දහස් වතාවක් මානසිකව දුශණය වෙනවා,,![]()
යුක්තිය ඉටුවන බව පමණක් නොවෙ යුක්තිය ඉටුවන බව පෙනෙන්නටද තිබිය යුතුයි කියන නීතීයෙ නිසි ක්‍රියාදමය සුරක්ශිත කරන්න අවශ්‍ය කරන වැදගත් සාධකයක් තමයි අධිකරණයෙ විවුර්ත භාවය,,
සරලවම කිව්වොත් නඩුවක් විනිශ්චය කරන ආකාරය සෑම කෙනෙක්ටම දැකබලා ගත හැකි ලෙස විවුර්තව සිදුකිරීම තමයි මේ කියන සිද්ධාන්තය,, ඒ වගේම නඩු කටයුතු වල විවුර්ත භාවය අයිතිවාසිකමක් හැටියටත් පිලිගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඒක තහවුරු කරලා තියෙනවා..
නමුත් සමහර සංවේදි , සුවිශේශි නඩු විභාග මහජනයාගෙන් බැහරව පවත්වන්නත් පුලුවන් නමුත් අදාල පාර්ශව හා අධිකරණ ක්‍රියාවලියට සම්බන්ධ හැම පාර්ශවයක්ම එලියට දාලා ස්ත්‍රී දුශණ නඩුවක් උනත් අහන එක ප්‍රායෝගිකව ටිකක් අමාරුයි!!
එතනදිත් තව දුරටත් අදාල වින්දිත පාර්ශවය / තරුණිය හෝ දැරිය කම්පනයකට පත් වෙනවා විතරමයි!
නිතීයත් යුක්තියත් හැම වෙලේම එකක් නෙමෙයි,, අන්න ඒ නිසාම සමහර වෙලාවට තදබල මානසික පීඩාවන් හමුවෙ උනත් අධිකරණය ඉදිරියෙ මුහුන දීලා ප්‍රරශ්න කිරීම් වලට ලක් වෙලා අන්තිමෙ චූදිතයන් නිදොස් කොට නිදහස් උනොත් සමාජය ඉදිරියෙ ගර්හාවට ලක් වන්නෙත් අර තරුණියමයි!
දරුනුම කේදවාචකය, මේ වගේ කාලකන්නි ස්ත්‍රී දූශණයකින් පස්සෙ තරුණියක් ගැබ් ගත්තොත් ඒ කලලය පිලිලයක් කරගෙන ජිවිතය ගෙවනවා විනා ඉන් නිදහස් වීමටත් ඈට නිතීයෙන් අවසර නෑ හිතවත්නි!! නීතියෙ හැටියට ස්ත්‍රී දුශණයක් නිසා ඇතිවන කලලයක් ගබ්සා කිරීම තහනම්!!
ඉතින් හිතවතුනි!! ස්ත්‍රී දුශණ නඩුවක අධිකරණ ක්‍රියාවලිය මෙන්න මේ වගෙ එකක් නම් අපේක්ශිත යුක්තිය පවා ඉටු වන්නෙ කල් ගත වෙලා නම් එවන් අපරාධයකට ලක් වෙච්ච තරුණියකට දිවි තොර කර ගැනීම හැර වෙනත් මාර්ගයක් තිබෙනවද කියන එක ප්‍රශ්ණකාරීද නැද්ද?
අවුරුදු 16 ට අඩු දැරියක් සමඟ ඇගෙ කැමත්ත ඇතිව හෝ නැතිව සංසර්ගයෙ යෙදීම ස්ත්‍රී දුශණයක් ය කියන නිතීයම අවුරුදු 18 ට එහා තරුණියක් සමඟ ඇගෙ කැමැත්තෙන් සංවාසයෙ යෙදුනාට කමක් නෑය කියනවා( අනාචාරය නොවෙ) ඉතින් එතකොට මේ අවුරුදු 16-18 ත් අතර තියෙන අවුරුදු දෙක ගැන නිතීයට අමතක උනේ කොහොමද?? අන්න එතනත් නිතීය හරිම ප්‍රශ්නකාරී,,,
ඒ වගෙම සමහර අවස්ථාවල මං දැකලා තියෙනවා 18 ට වැඩි ස්ත්‍රී දුශණ නඩු වලදි චුදිත පාර්ශවයෙ නිතීක්න මහත්වරු ඉතා නින්දිත විදියට ඔප්පු කරන්න හදනවා අදාල තරුණියට ඒ අවස්ථාවෙ සංවාසයට කැමැත්තක් තිබුනාමයි කියලා,,, මිත්‍රවරුනි ඒක ඔප්පු කරන්න අර තරුණියගෙන් අහන නින්දිත ප්‍රශ්නාවලිය ඇසුවොත් ඔබ අනිවාර්‍යෙන් නීතී වුර්තීයට පමණක් නෙමෙ සමස්ථ නිතී පද්ධතියටම වෛර කරනවා!!
ඉතින් වයස 14 ක දැරියක් සමුහ දූශණයකට ලක් වෙලා තව දුරටත් නීතිය හමුවෙ හා මාද්‍ය හමුවෙ දූශණය ට ලක් නොවී දිවි තොර කර ගැනීම ගැන එක අතකින් අපි සතුටු වෙමු මිත්‍රරවරුනි!!!
ලංකාවෙ සංස්කුතික බහුබූතය හා නෛතික රාමුව හමුවෙ ඈ තැලී පෙලී ගර්හාවට ලක් නොවිම පිලිබදව අප සන්තෝස වෙමු !!
අතීතයක් ඇති ගැහැණියට අනාගතයක් නැති බව පුන පුනා කියන සමාජයට මුහුණ නොදී ඈ ජිවිතයෙන් සමු ගැනීම ගැන අපි සතුටු වෙමු!!!![]()
අනාගතයක හිමිකම එවන් තරුණියන්ට අහිමි කරන සමාජයට, නීතීයට හා මාද්‍යයට අපි අදත් හෙටත් ස්තුතී කරමු!!!
අමනයින් ලෙස!! ඔව් අමනයින් ලෙස!! ![]()
චා![]()
️න්‍යා
මේ අය සටන් වැදුණේ එක ජාතියකට ආගමකට කඩේ යන්න නෙවෙයි…








BY: Nirosha Piyawadani
බොස්ටන් ලංකා විශේෂ වාර්තාකරු
