ඉබ්සන් මේ මොහොතේ අපේ රටේ ජීවත්වෙනවද කියල හිතෙන තරමටම මේ නාට්‍ය සමීපයි…

සටහන : පාලිත අබේලාල් 

හෙන්රික් ඉබ්ස්නගේ ‘‘En Folkefiende’’ නැත්නම් අපි හැමෝම දන්නා ‘‘Enemy of the people’’යනු මෙරට වේදිකාව තුල කිහිප වරක්ම නිෂ්පාදනයට වූ නාට්‍යයක්. මෙවර එය නිර්මාණය වන්නේ  ‘‘ජනතා ද්‍රෝහියා’’ නමින් .

_1.Group photo

ජනතා ද්‍රෝහියාව වේදිකාවට නංවන්නේ නිහාල් සුරංජි. නාට්‍යය ස්කැන්ඞ්න්විෙයානු බසින් සිංහලට පරිවර්තනය කරන්නේ  දැනට ස්වීඩනයේ වාසය කරමින් එහි රංගකලා උපදේශකවරයෙකු වශයෙන් සේවය කරන විජිත ගුණරත්න විසින්. රංග කලා කවයේ ඉදිරිපත් කිරීමක් ලෙස පේ‍්‍රක්‍ෂක ඔබ හමුවට එන මේ අපූරු නිර්මාණය ගැන වැඩිදුර තොරතුරු කතා කරන්න බොස්ටන් ලංකා අපි ජනතා ද්‍රෝහියා නඩේ ගුරා සුරංජිව මුණ ගැහුණා.

12004137_1043811512319603_2137487704236862053_n

මේ නාට්‍ය නැවත වේදිකාවට ගෙන ඒමට ඔබ යොමුවුනේ ඇයි?

ඇත්තටම මම දැනට අවුරුදු තිහකටත් වැඩි කාලයක ඉදන්ම මේ නාට්‍යයත් එක්ක ඉන්නවා කීවොත් තමා නිවැරදි. මොකද මේ නාට්‍ය ඒ තරමටම වැදගත් නාට්‍යයක්. මොකද මේ නාට්‍යයේ තියෙන් සර්ව කාලීන සහ සර්ව භෞමික ගුණයයි. මේ නාට්‍ය බැලූවම ඉබ්සන් මේ මොහොතේ අපේ රටේ ජීවත්වෙනවද කියල හිතෙන තරමටම මේ නාට්‍ය අපේ වත්මන් සමාජයට සමීප නාට්‍යයක් බවට පත්වී තියෙනවා. මේ නාට්‍යය හරියටම අද පවතින සමාජයේ හරස්කඩක් කියල මට කියන්න පුලූවන්.

ඔබ විකල්ප නාට්‍ය ධාරාවන් වගේම ශාලාවල නාට්‍ය රග දැක්වීටත් යොමුවී සිටිනවා. මේ මාධ්‍ය දෙක හසුරුවාගන්නේ කොහොමද?

මම නාට්‍ය කලාව පිළිබද හොද හැදෑරීමකින් මේ ‍ෙක්‍ෂ්ත‍්‍රය යොමුවුන කෙනෙක්. රාජ්‍ය නාට්‍ය පාසලේ ඞ්ප්ලෝමා පාඨමාලාව හැදෑරීමෙන් මම නාට්‍ය කලවේ න්‍යායික අංශය පිළිබදව අවබෝධයක් ලබාගත්තා.

 ඉන් පසුව ධම්ම ජාගොඩක්ලවුස් කුෂන්බර්ග්ඉන්ජමයර්මාක් ක්වා ඩෙල්මා වගේ දේශීය වගේම ජාත්‍යන්තර වශයෙන් කීර්තියට පත් නිර්මාණ කරුවන්ගේ නාට්‍ය නිර්මාණයන් වලට සහභාගී වීමෙන් ප‍්‍රායෝගිකව අත්දැකීම් රැුසක් ලබාගත්තා. මේවත් එක්ක මට මේ මාධ්‍ය දෙක වෙන් කර හ`දුනාගැනීමේ හැකියා ඇතිවුනා. වීදියට නිර්මාණය කරන නාට්‍ය සහ ශාලා සදහා නිර්මාණය කරන නාට්‍ය අතර ඇත්තටම රිද්ම දෙකක් තියෙන්නේ. මොකද මේ නාට්‍ය රගදක්වන පරිසර වෙනස්.

 එතනදී පේ‍්‍රක්‍ෂකයන් ආකර්ශණය කරගැනීම වගේම අප කියන්න් හදන දේ ඒ අය වෙත සන්නිවේදනය කිරීම කියන දේ ගැන අපි මූලික අවධානයෙක් යොමුකලයුතු වෙනවා. වීදි නාට්‍ය වලට ඇත්තටම තියරි කියල දෙයක් නෑ. වැඩකිරීමේන්ම තමයි ඉගෙන ගැනීමට තියෙන්නේ. මේ නිසා මම 1985 ඉදන් ආචාර්ය ගාමිණී හත්තෙට්ටුවේගම මහතාගේ වීදි නාට්‍ය කණ්ඩායම් සම`ග සම්බන්ධව කටයුතු කලා. මීට අමතරව වීදි නාට්‍ය හා සම්බන්ධ ජාත්‍යන්තරව ලැබූ අත්දැකීම් සම`ග මම මේ මාධ්‍ය සම්බන්ධයෙන් මගේ දැනුම පුළුල් කරගැනීමට හැකිවුනා.

_DSC0036

අද වෙනකොට ඔබ නාට්‍ය ක්‍ෂේත‍්‍රයේ ප‍්‍රවීණයෙක් බවට පත්වී තිබෙනවා. මේ කාල වකවානුව තුල නාට්‍ය කලාවේ වෙනස්වීම ඔබ දක්නේ කොහොමද?

අද වෙනකොට වේදිකාව එදාට සාපේක්‍ෂව විශාල වෙනස්වීම් වලට භාජනය වෙලා තියෙනවා. අද වෙනකොට එදාට සාපේක්‍ෂව ජාත්‍යන්තර අවකාශය පවා පුළුල් වී තියෙනවා. අද වෙනකොට දක්‍ෂ තරුණයින් පිරිසක් නාටය කලාව වෙත අවතීර්ණ වී සිටිනවා. 

ඒත් මේ සියල්ල අස්සේ එදාට වඩා හුදෙකලා ස්වභාවයක් මට දැනෙනවා. 

අපි නාට්‍ය කලාවට අවතීර්ණ වූ කාලෙදි අපි සාමූහික වශයෙන් තමයි මේ නාට්‍ය හැම එකක්ම වගේ කලේ. ඒ නිර්මාණත් සමග අපි අතර පුදුමාකාර බැදීමක් ඇතිකලා. මේ බැදීම අද වෙනකන් අපි අතර ශක්තිමත් ආකාරයෙන් පවත්වාගැනීමට හැකිවී තියෙනවා. මේ සම්බන්ධතා සමග අපි නාට්‍ය නිර්මාණ වගේම තවත් සාමූහික සමාජ කාර්යයන් විශාල ප‍්‍රමාණයක් කලා. කොටින්ම දේශපාලන කාර්යයන් පවා කලේ මේ සාමූහික පෙළඹවීම නිසා. 

නමුත් අද වෙනකොට මේ මානව බැදීම් පෞද්ගලික තත්ත්වයට පත්වෙලා තියෙනවා. මේකට අද පවතින ආර්ථික කාරණාත් යම් ආකාරයකට බලපෑමක් කිරීමට සමත්වෙලා තියෙනවා. මේ නිසා අද වනවිට ලංකාවේ නාට්‍ය කලාවේ හැඩයේ විශාල වෙනස්වීමක් මම දකිනවා.

DSC_0250

එතකොට ඔබ නාට්‍ය කිරීමෙන් තෘප්තිමත් වෙන්නේ නැද්ද?

නාට්‍ය කිරීම තෘප්තිමත් දෙයක්. නමුත් ඉන් පසුව ඇතිවෙන්නේ කලකිරීම්ම තමයි. ඒක මේ නාට්‍ය නිර්මාණ සම්බන්ධයෙන් ඇතිවන කළකිරීමක් නොවේ. මේ සමාජ කාරණා සම්බන්ධයෙන් පවතින තත්ත්වයන් සම`ග ඇතිවන කළකිරීම්. ඒත් ඒ කලකිරීමත් තාවකාලිකයි. ආයෙත් ඒව අතෑරල නාට්‍ය කරන්නම තමයි යොමුවෙන්නේ. මම හතන්නේ නෑ මේ ලෝකේ කිසිම කෙනෙක් තමන් කරන කාර්යයන්ගෙන් සීයට සීයක්ම තෘප්තිමත් වෙනවා කියල. එහෙම වුනොත් ඉදිරියට වැඩකරන්නත් බෑනේ.

DSC_0159

ඇයි මේ විදියට කලකිරීමෙන් නාට්‍ය කරන්නේ?

අපි කළේ නැත්නම් කවුද මේව කරන්න ඉන්නේ. අද වෙනකොට බොහෝ නාට්‍ය කරුවන්ගේ අරමුණු වෙනස් වෙලා තියෙනවා. ගොඩක් අය මේවගේ ප්‍රේක්‍ෂකයා ඥාණනය කරණ නාට්‍ය නිර්මාණයන් නොකරන තත්ත්වයට පත්වෙලා තියෙනවා. යහපත් අනාගත සමාජයක් ඇති කරගැනීම ස`දහා අපි මෙවැනි නාට්‍ය නිර්මාණ සමාජයට දිය යුතුයි නේද. ඉතිං නාට්‍ය කරුවකු විදියට මගේ යුතුකම සහ වගකිම තමයි මට පැවරී තියෙන කාර්යය කිරීම. එතනදී මගේ මම මගේ සමාජ දැක්ම මේ නිර්මාණයන් හරහා සමාජය ගත කිරීම තමයි කරන්නේ.

මේවගේ තත්ත්වයක් තුල ලංකාවේ නාට්‍ය කලාවෙ පවතින්නේ කිසියම් අවදානම් තත්ත්වයක නේද?

මේ අවදානම් තත්ත්වය ලංකාවේ නාට්‍ය කලාවේ විතරක් නෙවේපොදුවේ සෑම කලා ක්‍ෂේත‍්‍රයකටම දකින්ට තියෙන දෙයක්. මම හිනන්නෙ මේ පවතින් සමාජ ආර්ථික පසුබිම වෙනස් කිරීම තුල තමයි අපිට මේ අවදානම් තත්ත්වයෙන් මිදීමේ හැකියාව පතතින්නේ. ඉතිං ඒ කාර්යය ස`දහා අපේ සමාජය අංශයන් ගණනාවකින් මීට වඩා ඉදිරියට යා යුතුයි. නාට්‍ය කරුවන් විදියට අපි කරන්නෙත් ඒ කාර්යය ස`දහා ජනතාව හැඩගැස්වීමම තමයි.

සොදුරු කැරළිකරුවන් සමග පිළිසදරක්….

තරුණයන් නිරන්තරව කැරළි ගසන්නේ වේදිකාවේය. මෙය අතීතයේ සිටම සිදුවූවකි. අද වන විට ප්‍රවීණත්වයට පත් නාට්‍ය කරුවන්ද ඒ අයුරින් අතීතයේදී වේදිකාවේ කැරළි ගැසූවන්ය. අද දින බොස්ටන් ලංකා අපි හමුවූයේද එවැනිම කැරළිකරුවන් පිරිසකි. නාලක හපුආරච්චි මේ නඩයේ ප්‍රධානියාය. මෙයට පෙර  ‘බමණ මධු’ නාට්‍ය නිර්මාණය කරමින් ප්‍රෙක්‍ෂක ආකර්ෂණය දිනාගැනීමට සමත්වූ මොහු මෙවර ඔබ හමුවට පැමිණ සිටින්නේ ‘Dark Room’ නාට්‍ය සමඟින්. මෙම නාට්‍ය මේ මස 22 වන දින සවස 6.30 ට කොළඹ ලූම්බිණි ර`ගහලේදී වේදිකා ගතවේ.

19030257_10213005587078238_8495029319576223916_n (1)

ඔබ නාට්‍යකරණය යෙදෙන්න හේතුව මොකද්ද?

මට මේ සමාජයත් එක්ක බෙදා සමඟ බෙදා හදාගැනීමට බොහෝ දේවල් තියෙනවා. මේ දෙවල් මට සමාජගත කිරිමට අවශ්‍යයි. විශේෂයෙන්ම මම මේ දේවල් සම්බන්ධයෙන් දරණ ආකල්පය. මේව නිකම්ම සමාජයට කියන්නත් මට බෑ. මම ඒ සඳහා මුලින්ම ක‍්‍රමවේදයක් සොයාගත යුතුයි. විශේෂයෙන්ම සමාජය ආකර්ෂණය කරණ ක‍්‍රමවේදයක්. මෙතනදී මගේ හැකියාවන් අනුව ඊට සුදුසුම මාධ්‍ය විදියට මට තේරුණේ නාට්‍ය, ඒ නිසා මම මේ මාධ්‍ය තෝරාගත්තා.

ඔබේ Dark Room නාට්‍ය පිලිබඳව කෙටි හැඳින්වීමක් කලොත්?

මේ නාට්‍යය තරුණයන් හතරදෙනෙකුගේ අත්දැකීම් ආශ්‍රය කරගෙනයි නිර්මාණය කරල තියෙන්නේ. විශේෂයෙන්ම මම අද සමාජයේ වැඩි පිළිගැනීමකට ලක්ව නැති සමරිසි තරුණයකුගේ චරිතයකුත් යොදාගනිමින් ඒ අයගේ අත්දැකීමත් සමාජගත කිරීමට යොමුවෙන්වා. පොදුවේ තරුණයන් විදියට වර්තමානයේ ගොඩනැගෙන ආර්ථික, දේශපාලන, සමාජ වගේම මානව සම්බන්ධතා අතරත් ඇති අර්බුධ හමුවේ ඔවුන්ගේ අනාගතය මොන ආකාරයේ ස්වරූපයක් ගනීද, එය ගොඩනැගීමේ ඇති අභියෝගාත්මක ස්වභාවය මම මේ නාට්‍යයෙන් සාකච්ඡා  කිරීමට උත්සාහ ගන්නවා.

FB_IMG_1499148460645

ඔබේ නාට්‍ය නිර්මාණය සඳහා රංග ආකෘතිය නිර්මාණය කරගැනීමේදී මොනවගේ කාරණා පිලිබවද අවධානය යොමුකලේ?

ප‍්‍රධාන වශයෙන්ම රංගන කාර්යය සඳහා මම වැඩි අවධානයක් යොමුකලා. මොකද මේ නාට්‍යයේදී සාමාන්‍ය ප‍්‍රමාණයට වඩා විශාල රංග පසුතලයක් මම යොදාගන්නවා. මේ නිසා නළුවන් හට අභියෝගයක් තියෙනවා මේ විශාල රංග පසුතලය අභිබවමින් තමන්ගේ රංගනයන් ඉදිරිපත් කිරීමට. ඒක එක අතකට නළුවන්ට වගේම අධක්‍ෂණ කාර්යයේ නිරතවන මටත් විශාල අභියෝගාත්මක කාරණාවත් වූනා. එතනදී අපි විවිධාකාරයේ අත්හදාබැලීම් ගණනාවක් සිදුකලා. මෙතනදී මම විශේෂයෙන්ම මගේ සියලුම රංගන ශිල්පීන්ගේ කැපවීම වගේම උනන්දුව ඇගයීමට ලක්විය යුතුයි. ඇත්තටම ඒවගේ කැපවීමක් නොවන්නට මට මේ කාර්යය මේ ආකාරයෙන් සාර්ථකත්වයට පත්කරගැනීමට හැකිවෙන්නේ නැහැ. මේ නිසා අපි අපේ සම්ප‍්‍රදායික ප‍්‍රකාශන ක‍්‍රමවේදයන්ගේන් ඔබ්බට ගොස් නව ප‍්‍රකාශන ක‍්‍රමවෙද නිර්මාණය කරගැනීමට පවා යොමුවුනා. මේක ඇත්තටම ආශ්වාදනීය කාර්යයක් වුනා. එතනදී අපේ පිටුපස බොහෝ දෙනෙක් සිටියා ඒ සියලූම දෙනාටත්  Dark Room නාට්‍ය කණ්ඩායම විදියට අපේ ප‍්‍රශංසාව හිමිවිය යුතුයි.

ඔබ මෙවර වෙනත් රචකයෙකුගේ නිර්මාණයක් නාට්‍ය නිෂ්පාදන කාර්යය සහා යොදාගැනීමට යොමුවුනේ ඇයි?

සාමාන්‍යයෙන් ලෝක නාට්‍ය කලාවේ පවතින ප‍්‍රවණතාව තමයි නාට්‍ය රචකයා සහ නාට්‍ය අධ්‍යක්‍ෂක වරයා ස්වාධීන ලෙස ගොඩනැඟීම. නමුත් මේ ලක්‍ෂණය අපේ රටේ නාට්‍ය කලාවේ ආරම්භයේ ඉදලම තිබුනේ නෑ. සරච්චන්‍ද්‍ර මහත්තා එතුමන් ලියපු නාට්‍ය එතුමන්ම නිෂ්පාදනය කලා. හෙන්රි ජයසේන මහත්තයත් එහෙමයි. දනානන්ද ගුණවර්ධන ආදී උදාහරණ  ඕනතරම් පෙන්නන්න පුලූවන්. ඇත්තටම මේ කාර්යයන් දෙක දෙකක්. විදෙස් රටවල රචකයන් තමන්ට ලැබුණු වස්තු බීජය සාර්ථක අයුරින් රචනයකට ගොනු කිරීමකට උත්සාහ කරනවා. එතනදී ඒ අය ස්වාධීනව ඒ කාර්යය කරනවා. ඒ අය අභ්‍යාස කරන්නෙත් රචනය හා සම්බන්ධවයි. අධ්‍යක්‍ෂකවරු මේ රචනයන් ප‍්‍රශස්ත ආකාරයෙන් වේදිකාවට ගෙනඒම සඳහා විවිද අත්හදාබැලීම් සිදුකරනවා. මේ අය මේ සඳහා නිරන්තර අභ්‍යාස කරණයේ නිරතවී සිටිනවා. සමහර අවස්ථා වල මේ දෙදෙනාගේම සාකච්ඡා මත නැවත රචනයවීම් පවා සිදුවෙනවා. මේ නිසා එකම නිර්මාණයකට දෙදෙනෙකුගේ දායකත්වය ලැබීම තුල ඉතා සාර්ථක නිර්මාණයක් ගොඩනැඟීමේ පරිසරය නිර්මාණය වෙනවා. මේන්න මේ අත්දැකීම අධ්‍යක්‍ෂකවරයෙක් විදියට මටත්  ලබාගැනීමට අවශ්‍ය වී තිබුනා. ඒ සඳහා තමයි මම අපට සිටින ප‍්‍රවීණ පිටපත් රචකයෙකු වන රත්නසිරි පරණවිතානයන්ගෙ මේ Dark Room නාට්‍ය පිටපත අධ්‍යක්‍ෂණය කිරීමට යොමුවුනේ.

FB_IMG_1499148455016

නිර්මාණ කාර්යයේදී රචකයා සහ ඔබ අතර ගැටුමක් ඇතිවුනේ එහෙම නැද්ද?

රත්නසිරි පරණවිතාන මහතා කියන්නේ තරුණ අදහස් තියෙන වැඩුණු මිනිසෙක්. මේ නිසා ඔහුට තරුණයන්  හොඳින් තේරුම්ගැනීමේ හැකියාව තියෙනවා. මේක මට එතුමන්ගේ පිටපත මුලින්ම කියවීමෙන් අවබෝධ වුනා. ඒ නසා මම මේ පිටපත් කරන්න එකවරම තීරණය කලා. මේක ඇත්තටම අදට වගේම අනාගතයත් දැකල ලියපු පිටපතක්. මේකට එතුමන් සතු අත්දැකීම් විශාල ලෙස පාදකවෙන්න ඇති. තරුණයන් විදියට අපිට ඒ දැනුම බෙදාහදා ගැනීමටත් මේක හොඳ අවස්ථාවක් වුනා. මේ තුල අපි විශාල දැනුමක් එතුමගේන් ලබාගත්තා. ඇත්තටම Dark Room නාට්‍ය අපිට නාට්‍ය කලාවට නව දොරටුවක් විවරකලා කීවොත් නිවැරදියි.

FB_IMG_1499148479797

තරුණ නාට්‍යකරුවෙකු විදියට ඔබගේ අපේක්‍ෂාව කුමක්ද?

මගේ වගේම අපේ නාට්‍ය කණ්ඩායමේ මූලිකම අපේක්‍ෂව තමයි රසඥතාවයෙන් හෙබි, අන්‍යයන්ට ගරුකරන මනුෂ්‍යයෙක් නිර්මාණය කිරීම. මොකද අද අපිට ඒ අවශ්‍යතාවය විශේෂයෙන් දැනිල තියෙනවා. අද වෙනකොට සමාජයෙන් අතීතයේ තිබුණු සාර්ධර්මයන් ගිලිහී ගොස් තියෙනවා. මේව නැවත රෝපනය කලයුතු තත්ත්වයට අද පත්වෙලා තියෙන්නේ. මෙන්න මේ කාර්යය ආරම්භ කිරීමට හොඳම අවකාශය ගොඩනැඟී තියෙන්නේ කලාව තුල. මේ කලාවන් අතරිණුත් සජීව කලාවක් වන නාට්‍ය කලාවට විශාල කර්යභාරයක් කිරීමට පුලූවන්. අද වනවිට නාට්‍යයක් නරඹා සකච්ඡාවක් පවතින සංස්කෘතිය නැතිවී තියෙනවා. ඒකට ප‍්‍රධාන වශයෙන් ලංකාවේ කලාව සම්බන්ධයෙන් විචාර කලාවක් නොතිබීම ප‍්‍රධාන වශයෙන් බලපා තියෙනවා. ඉතිං තරුණයන් විදියට අපි අපිට හැකි ප‍්‍රමාණයකින් හෝ මේ කාර්යය ආර්භකිරීමටය යොමුවී සිටිනවා.

FB_IMG_1499148483997

ඔබේ නාට්‍ය කණ්ඩායම පිළිබඳව සඳහන් කලොත්?

මේ නාට්‍යට තරුණ පරපුරේ දක්‍ෂ රංගන ශිල්පීන් කිහිපදෙනෙක් වන විජිත හෙට්ටිගේ, නිශාලන්ත කුලරත්න, දිනිඳු ඒකනායක රංගනයෙන් දායකත්වය සපයනවා. මීට අමතරව මමත් එක් චරිතයක් නිරූපණය කරනවා. සංගීත අධ්‍යක්‍ෂණයෙන් දිනේෂ් හේවගේ, වේදිකා පරිපාලනයෙන් ගැමුණු රණවීර, පිටපත් රචනයෙන් රත්නසිරි පරණවිතාන, අධ්‍යක්‍ෂණ කාර්යයෙන් මමත් දායකත්වය සපයනවා. තරුණයෙක් වෙනස් ඇසකින් ලෝකය බැලීමට දරණ මේ උත්සාහයට දිරි දීමක් වශයෙන් මේ 22 වනදා කොළඹ ලූම්බිණි ර`ගහලේ සවස 6.30 ට පැවැත්වෙන Dark Room නාට්‍ය නිර්මාණය නැරඹීමට පැමිණන ලෙස නාට්‍ය ලෝලී සැමට  ගෞරවයෙන් ආරාධනා කිරීමට මෙය අවස්ථාවක් කරගන්නවා.

පාලිත අබේලාල්

Legendary Double Doctorate Literary Lion Professor Sunil Ariyaratne

Scholarly senior Professor Sunil Ariyaratne, was a visual sensation of the Department of Sinhala and Mass communication, had rendered and fulfilled gigantic inestimable artistic nourishment to the University of Sri Jayewardenepura during his long tenure.

Senior Professor Sunil Ariyaratne lived his life and continues being, a researcher, poet, lyricist and a film director. He became a favourite of all of us because he shared his amazing aptitude not only with his students but with the rest of the world with his astonishing skill.

Professor, the acclaimed artistic personality having existed his life continues being a scholar, researcher, poet, lyricist, film director/producer was born on 28th of July 1949 has had schooling at St.John’s, Nugegoda. Having excelled in publishing an assortment of diminutive stories called Ähinsakayo” in 1961 at the tender age of 12 years foretold the emergence of a aesthetically illustrious celebrity. There were also a number of subsequent inscriptions of Professor namely, “Api Okkoma” a poetry assortment in 1963, “Alakeshwara” a historical novel in 1964, and “Siyothunta Rekawal” a poetic narrative in 1965.

His curiosity for drama emerged from childhood. He contributed to a play named “Amal Biso”, by his script when he was 11 years old. With his neighbours and peers had embarked in producing plays as well. He had written a script for Kumaratunga Munidasa’s  “Magul Kema” while still being a student. Then he produced also as a student the play “Deyyo” to the script written by his brother. He had confessed that his school led me to various literary works. He was inspired by his elder brother Tilakaratne Kuruwita Bandara, who composed many poems and songs that were published in newspapers and also by his teachers.. Young Sunil, who was dreadfully passionate to Sinhala Literature and Art, published his first collection of short stories, ‘Ahinsakayo’, at age 11. He was only 15 years, when he won acclamation as a lyricist for his popular song, ‘Sakura Mal Pipila’.

He while in school he had realized the vision of higher education. He entered University of Sri Jayewardenapura then called “Vidyodaya” then. The University tenure encouraged and motivated the determined Sunil Ariyaratne, to prolong his artistic vocation.

He specialised in Sinhala and received a First Class Honours.While in campus had made his first short film, ‘Sara Gee’ (Sensuality) in 1970. The 10-minute 35mm film had taught him film making. Then, in 1978,  made his first full length feature film ‘Anupama’, and before its release four years later,  directed 10 other films, the first was “Sarungale “ in year 1979.

He while in school had realized the vision of higher education. He entered University of Sri Jayewardenapura then called “Vidyodaya”, He had excelled acquiring a first class Sinhala in year 1971.While he still an undergraduate in the University, Sunil wrote a novel “Jeewithaya Geethayak Wewa” in 1969.In 1971, along with Buddhadasa Galappaththi and Jayalath Manoratne, he published a poetry book, “Dolosmahe Pahana”.

Sunil Ariyaratne started his University profession as a temporary lecturer at University of Kelaniya in 1972, subsequently in the University of Jaffna after serving as a apprentice lecturer then as a lecturer at the department of Aesthetics studies at the University of Kelaniya initially from 1975-1976.In year 1985 was allotted to academic staff at the University of Sri Jayewardenepura. From this point he was well on his path to his destiny. In 1990 was appointed Assistant Professor before reaching the pinnacle as Senior Professor in year 2000 thus becoming the youngest Professor in the University configuration. He was a senior Professor of Sinhala Language and Mass Media in the Communication Faculty at Sri Jayewardenapura University, received his first ‘Doctor of Literature’ Degree in 2011, from the University of Visual and Performing Arts. Although Doctorates are customarily awarded to retired university lecturers, for outstanding contributions, Professor Ariyaratne was the first to receive it while still teaching.

 Professor was known in University spheres as a lecturer, the rest got to know him as a versatile lyricist. “Pahan kanda” , “Yathra” , “Pembara amazing creations of his since  year 1983.Not only had his lyrics, even his researches clutched us to a novel world of opinion. He had confided that though Sri Lanka is rich in Literature only fewer researches had been made. Some of his research topics were so unique and timely which made him win a number of national awards for them. He extensively researched and wrote a book on Baila and Kapirigngna for which he won a State Literary award. For his publication on “Grammar phone Era” also won another State Literary award the following year in 1986. Kerol pasam kantharu , Mahinda prabanda , Manawasinghe geetha prabanda , Purana sinhala nadagam Copy editing, Gandarwa apadana , Sinhala Chithrapati geethawali  are also some of professor’s  triumphant researches completed  since year 1985.  Professor was known in University spheres as a lecturer, the rest got to know him as a lyricist. “Pahan kanda” , “Yathra” , “Pembara lanka”, Madhu badun, Adaheraya , Shwetha rathriya  are some wonderful creations of hisS since  year 1983.

In 1989 he travelled to Madras and studied Tamil.Via his Sproficiency in the Tamil language in 1991 he wrote a thesis named “Demala Sahithya Ithihasaya”. In 1994 translated Tamil folk tales with appropriate illustrations and translated the Tamil Ramayanaya too.Then the genius Professor successfully accomplished the Tamil Sinhala alphabet, writing of Tamil letters, Tamil Buddhism for which he won a number of national awards. He had understood while in Tamil Nadu and Jaffna where Monks who follow Tamil Buddhism preach and recite stanzas in Tamil about which he had confided that he is urged to write another book.He has also written a book on 10 acclaimed musicians in our country to pay homage to them.The book was titled ‘Gandharwa Apadhana’ featuring maestro musicians in the likes of R. Muththusamy, M.K. Rocksamy Mohammed Ghouse and Mohammed Sally.

While a university professor, he was also a renowned poet, lyricist, film director and researcher. His work is acclaimed vastly in national and international media; The University of Visual and Performing Arts of  Sri Jayewardenapura conferred Professor Sunil Ariyaratne with his second ‘Doctor of Literature’ honorary Degree in year 2015, an infrequent exploit for any scholar.

Sunil-Ariyaratne1 2

Among the many Sinhala movies directed by him the more recent ones are Uppalawanna, Sacred Cow, Kusa Pabha,Paththini and Ali Kathawa.He had produced and directed Sudu Sevanali. The music score in “sacred Cow was by him while in “The City” was jointly by him and Rohana Weerasinghe.The scripts of the films Ali Kathawa and Paththini were by the Professor himself.

The directing of films that began from “Anupama” in 1978 continued entertaining people with “Siri bo Iya” “Baba ketu hati” “Kele mal”, ‘Kristhu Charithaya”, he had confessed that he would  never retreat from films because it is embedded  in  his genes.

Professor Ariyaratne has revisited to filmmaking directing his 22nd film ‘Bimbhadevi’ alias ‘Yashodhara’, the narrative of the beloved wife of Siddhartha. The titles roles of Siddhartha and Yashodhara (Lady of the Lotus) are portrayed by two Indian stars directed by Professor Ariyaratne .The film had been shot within a massive set at Ranminitenna cinema village down south in Hambantota  for 45 days of strenuous schedule. It is learnt that the two Indian stars selected had been enormously precise. This film like Professors previous films is going to be a box office.Speaking about his selection of Indian stars to play the roles Siddharatha and Yashodhara( Lady of the Lotus), Prof. Ariyaratne said that he wanted an actor and actress from India to portray the roles as Lord Buddha attained enlightenment in India.

Another area where Professor had triumphed had been his lyrics for songs where all Sri Lankan popular singers had done justice by singing gorgeously. His song “Sakura Mal Pipila” was written at the tender age of15.When he wrote a song for Pandit Amaradeva “Bambara Petikke” for the music of Victor Ratnayake, earlier on, the Master had inquired ‘who is this hadaya” who wrote the lyrics. Anyhow Professor continued to donate lyrics in the same vein had written hundreds of songs most of which became trendy. A few of them that strikes any one are Me guru pare,Podiduwage sina welai,Oba themei kiya bayyai,Api ethata ethata pa nagala,Viyo ge gayana,Yalu bala sande,Ane kurulu kooduwata gahanna ape etc. The critics say the lyrics of the song Buddhanu Bhawena is a song like a Buddhist stanza which is one of rare Buddhist songs to bless the noble triple gem to bring prosperity to our country. The lyrics of Professor are full of tinge, wordplay, innovation, allusions, and gorgeousness. For his lyrics he had won six Sarasaviya awards, four Presidential awards from the year 1981 while for the lyrics in Tele dramas Professor has won three awards.

Senior professor Sunil Ariyaratne had also won a number of honorary awards which proves him to be the finest among the best.  Wishwa Prasadini Award, Vidyodaya Vibhushana Honorary name, Sahithya Kala Shiromani Honorary award,and the Kamban Award, are some such awards that he had won.

In the context of the foregoing for milestones of achievements, it would be the fervent hope of all art loving people to wish Professor good health, longevity and courage to continue his superlative endeavours to the utmost to delight the artistic Sri Lankans in the motherland and abroad with more creations..

Sunil Thenabadu

Writing from: Queensland, Brisbane,Australia

email: sthenabadu@hotmail.com

Tel  0061738041967/0061469862769

 

” මෙහෙ යුද්ධයක් තිබුනද කියලවත් හැගීමක් නැතිව නැවත යුද්ධයක් නිරමාණය කිරීමේ අදහසින් තමයි සමහර අන්තවාදී කණ්ඩායම් හැසිරෙන්නේ ” – ධර්මසිරි බණ්ඩාරනායක

යුද්ධයේ බිහිසුණු බව යුධ සමයේදීම දකුණේ මෙන්ම යුද්ධය පැවති උතුරේද ප්‍රේක්ෂක රසඥතාවය  වෙනුවෙන් නිර්මාණාත්මකව රංග ගත කිරීමට ධර්මසිරි බණ්ඩාරනායකයන් ඇතුළු නාට්‍ය කණ්ඩායමක් ප්‍රයත්න දැරූවේ උඩුගං බලා යන චාරිකාවක් පරිද්දෙනි. ලෝක ප්‍රකට යුධ විරෝධී නාට්‍යයක් වන ඉයුරිපිඩීස්ගේ (Euripidies) Trojan Women නම් නාට්‍යය ලංකාවේ ට්‍රොජන් කාන්තාවෝ’ නමින් කරලියට සැපත් වන්නේ එ් අප්‍රතිහත උත්සහයේ ප්‍රතිඵලය ලෙසිනි. දිගු නිහැඩියාවක රළු පරළු සමගින් සෞන්දර්ය අනූනව මුසු වූ ඒ  18 වසරක සැමරුම වෙනුවෙන් මේ මස 09 වන දින කොළඹ ලයනල් වෙන්ඩ්ට් රඟහලේදී විශේෂ නාට්‍ය දර්ශණයක් රඟදැක්වීමට ලහි ලහියේ කටයුතු සූදානම් වන මේ මොහොතේ ඒ ගැන වැඩිදුර පිළිසදරකට එකතු වූ ධර්මසිරි බණ්ඩාරණායකයන් බොස්ටන් ලංකා වෙත අදහස් පළ කලේ මෙලෙසිනි

Andromache

 දිගු කාලයක නිහැඬියාවකින් පස්සේ ආහපු මේ නාට්‍ය පෙන්වන්න තීරණය කලේ ඇයි?

මේ නාට්‍ය පහුගිය අවුරුදු දෙකක කාලය තුල රඟදැක්වීමට නොහැකි වුනේ මේ නාට්‍යයේ ප්‍රධාන නිළිය වන අනෝජා වීරසිංහ ඇගේ අධ්‍යාත්මික වැඩසටහනක් සමඟ සම්බන්ධව කටයුතු කළ නිසා නාට්‍ය කටයුතු සඳහා වෙලාවක් වෙන්කරගැනීමට නොහැකිවී නිසා.

Meena kumari as Cassendra (2)

ඒත් වෙනක් කෙනෙක් පුහුණු කරල මේ නාට්‍ය කරන්න තිබුනනේ?

ඔව්අනෝජා මට එහමත් කීවඒත් මට මේ වගේ චරිතයක් පුහුණු කරන්න දැන් මහන්සි වෙන්නත් අමාරුයිඒ වගේම අද කොයි තරම් නිළියන් හිටියත් එදා අනෝජා කළ මට්ටමට ඒ චරිතය නිරූපණය කරන්න සුදුසු නිළියක් හොයාගන්න මට බැරිවෙලා තියෙනවාඒ තරමටම මේක දැන් කාන්තාරයක් වෙලා තියෙන්නේකිසියම් දෙයක් කීවම ඒක අවබෝධ කරගෙන රංගනයේ යෙදීමේ හැකියාව අද නිළියන්ට ඇත්තේම නෑ.

 මේ වගේ තත්ත්වයක් ඇතිවෙන්න හේතුව මොකද්ද?

අපි එදා නාට්‍යයක් කලේ සීරියස් වැඩක් විදියටනාට්‍ය කලාවට යොමුවුනෙත් කිසියම් අධ්‍යාපන මට්ටමක් තිබුණුරංගන කුසලතාවයක් තිබුණු අයඅනික ඒ අය නාට්‍ය වෙනුවෙන් කැපවුනාඒ අය කිසිම වෙලාවක ජනප්‍රියත්වය පසුපස හඹා ගියේ නැහැඒ අයගේ දක්ෂතාවය තුලින් ජනප්‍රයත්වය හිමිවුනාප්‍රේමා ගණේගොඩඅනුලා කරුණාතිලක වගේම මාලනී ෆොන්සේකා පවා වේදිකවෙන් තමයි සිනමාවට පිවිසියේ.ඒ අය වේදිකාවේ වගේම සිනමාවෙත් තමන්ගේ දක්ෂතාවයක් ප්‍රදර්ශණය කලාමේ නිසා සිංහල ප්‍රේක්ෂකයන් මේ අය ආදරයෙන් වැළඳගත්තාඒ වැළඳගත්තේ ජනප්‍රියත්වය නිසාම නෙවේදක්ෂතාවයත් නිසානමුත් අද තත්ත්වය මීට හාත්පසින්ම වෙනස්අද නාට්‍ය වලට එන අයගේ ඉලක්කය ටෙලි නාට්‍යයකට ගිහින් ජනප්‍රිය වීම. එදා හිටපු ප්‍රේක්ෂකයන් අද වඳභාවයට පත්වෙලා තියෙනවා.

Anoja Weerasinghe as Hecabe

අද වෙනකොට නාට්‍ය පිලිබඳව විවිධාකාරයේ අධ්‍යාපන අවකාශයන් විවෘත වී තිබීම තුල මේ වගේ තත්ත්වයක් අතිවෙලා තියෙන්න හේතුව මොකද්ද?

අන්න ඒක තමයි කණගාටුවට කාරණාවමේ පාඨමාලාවල ඉගෙනගන්න අය බලන්න යන්නෙ ඒ අයගේ සිලබස් එකේ තියෙන් නාට්‍ය විතරයිවෙනත් නාට්‍ය ගැන හිතන්නෙවත් නෑමොකද ඒ අයගේ අරමුණ නාටය කාලාව ඉගනෙගැනිම නෙවේවිභාගය සමත්වීමඅද වෙනකොට තරුණ පරම්පරාවට නාට්‍ය කලාව ඉගෙන ගැනීමට සැබූ වුවමානාවක් තියෙනවානම් අද නාට්‍ය ශාලා පිරිල ඉතිරිලා තියෙන්න ඔන.මේකෙන් පේනවා අද අපේ ප්‍රෙක්ෂකාගාරයට අත්වෙලා තියෙන ඉරණමමේ වගේ විෂයක් උගන්වන්නේ නැති කාලෙක තමයි ලංකාවේ දැවැන්ත නාට්‍ය නිර්මාණයන් වගේම ප්‍රේක්ෂකාගාරය පවා පිරිල ඉතිරිලා ගියේමේ ගුණාත්මක නාට්‍ය නරඹපු ප්‍රේක්ෂකයොම තමයි සිනමා ශාලාවටත් පිවිසුනේමේ නිසා මේ අංශ දෙකේම දියුණුවක් ඇතිවුනා.

මේ තත්ත්වය ඇතිවීමට ආර්ථිකය කියන කාරණාවත් බලපාල තියෙනවා නේද?

මේ සමාජයේ හැම එකක්ම තීරණය කරන්නේ මුදල් මතනේනාට්‍ය වලට සම්බන්ධ වන ශිල්පීන් පවා අද වෙනකොට තමන්ට කීයක් ගෙවනවාද කියල අහල තමයි නාට්‍යකට සම්බන්ධ වෙන්නේමේක හොඳ ලක්ෂණයක් වෙනවා නාට්‍ය කලාව වගේම සිනමාවත් වෘත්තීය පදනමක් දක්වා ගොඩනැඟී තිබෙන පරිසරයකවෘත්තීය තත්ත්වයකදී ඒ අය රංගනය පිලිබඳව හැදෑරීමක් කරනවානමුත් අද මේ අයගේ හැදෑරීමක් අපිට දකින්ට ලැබෙන්නේ නෑඅද වෙනකොට නාට්‍ය වල පිටපතක් නෑනළුවන්ට ඕන ඕන දෙවල් කියන තත්ත්වයකට ඇවිත් තියෙන්නේඒ අයගේ එකම අරමුණ ප්‍රේක්ෂකයන් හිනාගැස්සවීමඅද පත්තරේ මොනවා හරි නිවුස් එකක් තියෙනවා නං ඒක්ත් තියෙනවා නාට්‍යයේ දෙබසකමෙහෙම කොහොමද නාට්‍යයක් කරන්නේනාට්‍ය පිටපතකින් කරන්නේ නාට්‍යයට මඟපෙන්වීක් කරනඑකඒත් අද හැමෝම අයාලේ යන තත්ත්වයට පත්වෙලා තියෙනවානාට්‍ය ඇතුලු සියළුම කලාවන් වගකීමෙන් තමයි කරන්න ඕනඅද අවාසනාවකට නැත්තටමනැතිවෙලා තියෙන්නේත් ෙම්කම තමයි.

යුද්ධය අවසන්වෙලා තියෙන වකවානුවක යුද්ධය ගැන නැවත නිර්මාණයන් කිරීම ගැන ඔබගේ අදහස මොකද්ද?

අද වෙනකොට අපේ රටේ යුද්ධයක් තිබුනද කියලවත් හැගීමක් නැතිව නැවත යුද්ධයක් නිරමාණය කිරීමේ අදහසින් තමයි සමහර අන්තවාදී කණ්ඩායම් හැසිරෙන්නේ සහ වැඩකරන්නේමේ වගේ තත්ත්වයක් තුල අපි නැවතත් මේව පිළිබ`දව කියවීමක් අත්‍යවශ්‍යයිමොකද අපි යුද්දෙන් හො`දට බැටකාලනට්ටංවෙච්ච රටක්මේ රටේ කොච්චර මිනිස්සුන්ගේ ජීවිත ඒකෙන් අහිමි වෙලා ගියාද.අනාගත පරම්පා කීයක ජිවත්වීමේ අයිතිය මේ කුරිරු යුද්ධයෙන් බිල්ලට අරගත්තද.මේව ගැන යුද්ධයට අරඅදින් අයට කිසිම වගක් නෑකලා කරුවන් විදියට අපේ යුතුකම සහ වගකීම තමයි එවැනි ගැටුමින් තොර නිදහසේ ජීවත් වීමේ අවකාශය නිර්මාණය කිරීමට අවශ්‍ය බුද්ධිමය සංවාදය ඇතිකිරීම ඒ කාර්යය අපි පුද්ගලික මට්ටමින් හෝ කිරීමට යොමුවී සිටිනවා.

යුධමය පරිසරයක් නිර්මාණය වීම ආදී විශාල අත්දැකීම් රැසක සාක්‍ෂිකරුවන් තමයි මේ කාල වකවාණුවේ ඉපදුණේ

සටහන : පාලිත අබේලාල්

විවිධ අත්හදාබැලීමේ ඔස්සේ නාට්‍ය කලාවේ නව මානයන් සොයායාමේ නොතිත් ආශාවකින් පෙළෙන රුවන්ති ඩී. චිකේරා‘Dear Children, Sincerely Z නමින් නවතම ආකෘතියක නාට්‍යමය අත්දැකීමක් තිළිණ කිරීමට සූදාන්ම් වී සිටී. 

ලාංකීය ඉතිහාසයේ මෑතකාලීනව සිදුවූ ප‍්‍රබල ඓතිහාසික සිදුවීම් හතක් කේන්‍ද්‍ර කරගනිමින් දිවෙන මෙම නාට්‍යයේ තවත් සුවිශේෂී දර්ශණ වාරයක් මේ මස 5 සහ 6 යන දෙදින තුල කොළඹ ලයනල් වෙන්ඞ්ට් රංග ශාලාවේදී  සවස 7 ට වේදිකාව සැරසීමට ලහි ලහියේ කටයුතු සූදානම් වෙන මේ මොහොතේ ඒ පිළිබද ඇය බොස්ටන් ලංකා හා සිය අදහස් පළ කළේ මෙලෙසිනි.

ruwanthi

මේ කාර්යය පිළිබඳව හැඳින්වීමක් කළොත්?

මේ නාට්‍ය නිර්මාණය ඇත්තටම දීර්ඝ ව්‍යාපෘතියක එක් අවස්ථාවක් කියල හැඳින්වුවොත් මම නිවැරදියි කියල හිතෙනවා. මෙක අපි අරම්භ කළේ මිට අවුරුදු දෙකකට විතර ඉස්සර. මේ නාට්‍ය කිරීමේ අරමුණ වුනේ නවසිය තිස් ගණන්වල ඉපදුණු අයගේ අත්දැකීම් එකතු කරමින් ඔවුන් අද ලංකවේ තත්ත්වය පළිබඳව දක්වන්නේ මොනවගේ ආකල්පයක්ද යන්න පිළිබඳව තොරතුරු එක්රැස් කිරීම තමයි අපි මේ කාර්යයේදී මුලින්ම සිදුකළෙ. 

මෙතනදී නවසිට තිස්ගණන්වල ඉපදුණු අය මේ කාර්යය සඳහා යොදාගැනීමට හේතුවුනේ ඇයි?

මේ අයට ලංකා ඉතිහාසයේ ඉතා වැදගත් සංධිස්ථානයන් පිළිබඳව අත්දැකීම් රාශියක් තියෙනවා. විශේෂයෙන්ම බි‍්‍රතාන්‍ය පාළන කාලයේ අත්දැකීම් මේ අය ලබන්නේ කුඩා අවධියේ. එතකොට නිදහස් රටක් බවට පත්වෙන්නේ මේ අය යොවුන් අවධියේ. ඊට පස්සේ මේ අයගේ තරුණ අවධියේ තමයි විවිද සමාජ පෙරළීම් රැසක් සිදුවෙන්නේ. මෙයට අමරතව වාමාංශික ව්‍යාපාර වල නැඟීම වගේම ඒ ව්‍යාපාර වල කඩාවැටීමතරුණ විප්ලයන් පැණ නැඟීමසිදුවෙන්නේ මේ අයගේ මැදි වයසෙදි. එම ව්‍යාපාර මැඩපැවැත්වීමආර්ථික ක‍්‍රමයන්ගේ වෙනස්වීම්,. ඒ අයගේ ජීවිතය කියන්නේ අපේ රටේ ඉතාම වැදගත් කාල පරිච්ඡේදයක් වෙනවා. මේ පිරිස් එම අතීතය අද දකින ආකාරය වගේම ඒ අය ඒ ඒ අවස්ථාවන් හිදී ගණු ලැබූ තීරණයන් පිළිබඳව අද සිතන ආකාරය අපි මේ නිර්මාණ කාර්යයට යොදාගත්තා.

photography By chanuka thiyambarawaththa (3) (1)

මේ වගේ තොරතුරු එක්රැස් කිරීමකින් ඔබ බලාපොරොත්තු වන්නේ කුමක්ද? 

ඇත්තටම වර්තමාන තරුණ පරපුර අපේ රටේ ඉතිහාසය පිළිබඳව ඇත්තේ අඩු අවධානයකුයි. මම මේ කියන්නේ රජ කාලේ ඉතිහාසය ගැනවත්පන්තියේ ඉතිහාස පාඩමට උගන්වන ඉතිහාසය ගැනවත් නෙවෙයි. ඒ ඉතිහාසය ඉගැන්වීමේ පවා ගැටළු තියෙනවා. නමුත් ලංකා ඉතිහාසයේ සීග‍්‍ර වෙනස්වීම් රැසක් සිදුවූ මේ කාල  වකවාණුව පිළිබඳව නිවැරදි වගේම ගැඹුරු අවබොධයක් ඇති පිරිස් බොහොම අතළොස්සක් තමයි ඉන්නේ. ඇත්තටම මේ නොදැනුවත් කම අද දවසේ බොහෝ ප‍්‍රශණ ඇතිවීමට හෙතු වී තිබෙන බවයි මගේ අදහස. මෙන්න මේ රික්තකය පිරවීම තමයි අපේ අරමුණ. 

මේ අත්දැකීම් සහ නාට්‍ය නිර්මාණ අතර ඇති සම්බන්ධය පිළිබඳව පැහැදිළි කළොත්? 

අපි මේ නාටය නිර්මාණ කාර්යයට යොදාගනු ලබන්නේ ඒ අත්දැකීම්. මේ අත්දැකීම් ලබාගැනීමට අපි සමාජයේ විවිද තාරාතිරම් වල අය හමුවීමට අපි ගියා. එතනදී ලබපු අත්දැකීම තුලින් තමයි මේ නාට්‍ය නිර්මාණයන් කිරීමට අවශ්‍ය වස්තුබීජයන් යොදාගනු ලබන්නේ. මේ නාට්‍ය විනාඩි 10 ක් 15 ක් වැනි කාලයක් තුළ රඟදක්වා අවසන්වන නාට්‍ය. මොකද අපිට කවදාවත් බෑ මේ සමස්ථ අත්දැකීම් එකතුකරල එක නාට්‍යයක් කරන්න. නමුත් මේ නාටය තුළින් ගැඹුරු සාකච්ඡාවන්ට මාර්ගයන් විවර කිරීමේ ඉඩකඩ නිර්මාණය කිරීම විශේෂත්වයක් වෙනවා.

photography By chanuka thiyambarawaththa (22)

එතකොට මේ නාට්‍යවල රංග අකෘතිය නිර්මාණය වීම සිදුවෙන්නේ කොහොමද?

ඇත්තටම මේ නාට්‍ය නිර්මාණයන් සිදුවෙන්නේ අපි සාමාන්‍යයෙන් අත්දකින සාම්ප‍්‍රදායික ක‍්‍රමයට නොවෙයි.ඩිවයිස් තියටර් නමින් තමයි මේ නාට්‍ය නිර්මාණ ක‍්‍රමවේදය හඳුන්වන්නේ. මේක ලෝකයේ නාට්‍ය නිර්මාණය කරනා තවත් එක්  ක‍්‍රමවේදයක්. එතනදී අපි මේ ඉන්ටවීව් තමයි මූලාශ‍්‍ර කරගන්නේ. එතනදි නාට්‍ය කණ්ඩායම සමඟ සාකච්ඡා කරමින්,  පුහුණුවීම් කරමින්, අනවශ්‍ය දේවල් ඉවත් කරමින්, අවශ්‍ය දේවල් එකතුකරමින් දීර්ඝ කාලයක් ගතකරමින් සිදුකරණ නිර්මාණ කාරයයකටත් වඩා ගවේෂණයක් කියල කියන්න පුළුවන්.

photography By chanuka thiyambarawaththa (30)

මෙම නිර්මාණ වලදී රංගන ශිල්පීන් හට විශාල කාර්යභාරයක් යොමුවෙනවා නේද?

ඔව්මේ අය නිරන්තරව මේ කාර්යයන් සමඟ සිටීම අත්‍යවශ්‍ය වෙනවා. මොකද අනෙක් නාට්‍ය වගේ නෙවෙයි මේ නාට්‍ය. කිසිම ආකාරයකින් බොරුවක් කිරීමට ඉඩකඩක් නෑ. මේ නිසා මේ අය නිරන්තර අධ්‍යන කාර්යයක නිරතවීම අත්‍යවශ්‍ය කාරණයක් වෙනවා. එතනදී සිදුවෙන වැදගත් දෙයක් තමයි මේ කණ්ඩායම අතර දැනුම හුවමාරුවීමේ කාරයය. එයින් කණ්ඩායම තුළ හොඳ සම්බන්ධතාවයක් ගොඩනැගීමට අවකාශය සැළසෙනවා. අනෙක් කාරණය තමයි මේ නිර්මාණ සාමූහික අදහස් මත ගොඩනැගේන්නක්. මේ නිසා 

වෙමින් තමයි ගොඩනැගෙන්නේ. එතකොට තමන්ගේ කියන හැඟීම ඇතිවීම තුළ සාර්ථක නිර්මාණ කාර්යයකට අවශ්‍ය පරිසරය නිර්මාණය තුලින්ම ගොඩනැගීම විශේෂත්වයක් වෙනවා. මේ කණ්ඩායම තුළ ස්ථිරව මම මේ දේ කරන්නේ කියල කිසිම කෙනෙක් සම්බන්ධ වෙලා නෑ. මේ කාර්ය අතරතුර ඒ අය ඒ ඒ කාර්යයන් බාරගෙන කරනවා. මටත් වඩා අධ්‍යක්‍ෂණ හැකියාවක් තියෙන කෙනෙක් මතුවුනොත් එයා ඒ කාර්යය බාරගනීවී.

photography By chanuka thiyambarawaththa (28)ruwanthi (2)

එතකොට මේ නාට්‍ය නිර්මාණ ආකෘතියේ අධ්‍යක්‍ෂ කාර්යභාරය කුමක්ද?

මගේ කාර්යභාරය තමයි මේ සියල්ල මැනවින් සංයෝජනය කිරීම. කණ්ඩායමේ සෑම සාමාජිකයෙකුගේම දායකත්වය ලබාගනිමින් නාට්‍ය නිර්මාණය සාර්ථක අයුරින් ගොඩනඟාගැනීමට පරිසරය නිර්මාණය කිරීම. නාට්‍යයේ නිර්මාණාත්මකව ගොඩනැඟීමේ කාර්යයේදී අනවශ්‍ය දේවල් ඉවත් කිරීම වගේම අවශ්‍ය දේවල් එකතුකිරීම වගේ වගකීම් සහගත අසීරු කාර්යයක් තමයි මේ ආකෘතියේ නාට්‍ය නිර්මාණ වල අධ්‍යක්‍ෂක කාර්යයක් කියන්නේ. 

මෙම නාට්‍ය නියෝජනය කළ නාට්‍ය උළෙලවල් පාළිබද කතා කළොත්?

2015 වර්ෂයේදීDCS ව්‍යාපෘතිය යටතේ ශ‍්‍රී ලංකා සහ රුවන්ඩා ඉතිහාසය අළලා තමයි මේ නිර්මාණය පළමුවෙන්ම අපි සිදුකරේ. මේ නිර්මාණය 2015 කිගාල් හිදීUbumuntu නාට්‍ය උළෙල නියෝජනය කලා. මීට අමතරව කේරළනවදිල්ලිජම්බු සහ මුම්බායි ප‍්‍රදේශ වලත් එංගලන්තයේ සහ අයර්ලන්තයේත් විවිධ පේ‍්‍රක්‍ෂකාගාරයන් වලට පෙන්වීමේ අවස්ථාව අපට හිමිවුනා. මීට අමතරව 2016 යේදී පලස්තීනයේ AFTARජාත්‍යන්තර යොවුන් නාට්‍ය උළෙල නියෝජනය කිරීමේ අවස්ථාවත් අපිට හිමිවුනා.

පාලිත අබේලාල්

 

දෙවෙනි ඉනිම ශතකයකින් ඇරඹූ නයනතාරා

මේ දිනවල අතිශයින්ම ජනප්‍රිය යුවතිය වෙන කිසිවෙකුත් නොව ඈය.දෙරණ නාලිකාවේ විකාශනය වන දෙවෙනි ඉනිම ටෙලිනාට්‍යය හරහා ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබා ගැනිමින් රයිගම් ටෙලි සම්මාන උළෙලේ ජනප්‍රියම නිළිය වීමට වාසනාවන්ත වූ ඇය නයනතාරා වික්‍රමාරච්චිය.අද බොස්ටන් ලංකා සමඟ කතා බහට ඇය එක්වෙයි

නයනතාරා කියන්නද දෙව්මි කියන්නද ?

(සිනා) කැමති නමක් කියන්න

ඉතිං කොහොමද ? මොනවද අලුත් විස්තර ?

හොඳින් ඉන්නවා,දෙවෙනි ඉනිම රූගත කිරීම් එක්ක ඒ වගේම චිත්‍රපටයක හඬ කැවීමේ වැඩ එක්ක මේ දිනවල වැඩ කටයුතු කෙරීගෙන යනවා.වෛද්‍ය කපිල සූරිය ආරච්චි මහතාගේ සිනමා නිර්මාණයක් එය.වෙනස් විදිහේ අත්දැකීමක් වෙයි එය ප්‍රේක්ෂකයන්ට.

02-7

ඔබ රයිගම් ටෙලි සම්මාන උළෙලේ ජනප්‍රියතම නිළිය, ආස නැද්ද දක්ෂතම නිළිය වෙන්න ?

ඇත්තටම ආසයි.ඒ වගේම හොඳ නිර්මාණ එක්ක,මගේ යම්කිසි දක්ෂතාවයක් තියෙනවානම් ඒ දක්ෂතාවයත් එක්ක සහ හැදෑරීම් එක්ක දවසක දක්ෂතම නිළිය වෙන්න ආසයි.

19554588_1903472643237234_7061970698298926206_n (1)

එදා ටෙලි සම්මාන උළෙලේ ජනප්‍රියම නිළිය සම්මානය සඳහා ඔබ හා තරඟ වැදුනේ ශනුද්‍රි.හදිසියේ හරි එයාට සම්මානය ලැබුණනම් ?

හදවතින්ම සතු‍ටු වෙනවා මම.ඒ වගේම සුබ පතනවා හදවතින්ම.

ඔබ ටෙලි නිලියක් සේම සිනමා නිලියක්. කලාත්මක නිර්මාණයක රඟපාන්න අවස්ථාවක් ලැබුණොත් බාර ගන්නවද ?

ඔව්,මම දැනටමත් කලාත්මක නිර්මාණයකට රංගනයෙන් දායක වෙලා තියෙනවා.මම හිතන්නේ ඒ නිර්මාණය මේ වෙනකොට විදේශීය සිනමා උළෙලවල් සඳහා යොමු කරමිනුයි පවතින්නේ.ඒ චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා අනුරුද්ධ ජයසිංහ මහතා.එය සම්භාව්‍ය මට්ටමට ගැනෙන නිර්මාණයක්.එය ප්‍රේක්ෂකයන් අතරට එයි ඉදිරියේදී.

Nayanathara-Wickramarachchi-Deweni-inima-Actress-3

ඒ කියන්නේ බහුතරයක් දෙනා කියන රංගනයේ “සීමාව ” ඔබ අතික්‍රමණය කරන්න සූදානම් කියන එකද ?

රංගනය කියන දේ මම දකින්නේ ඉගෙනගෙන ඉවරකරන්න බැරි දෙයක් විදිහට.හැමදාම අපි හිතනවානම් අපිට ලැබෙන සම්මාන හෝ මිනිස්සුන්ගේ ආදරය හෝ වේවා ලැබෙන්න ලැබෙන්න තව හිතන්න පුළුවන්නම් නෑ මේක නෙවෙයි අපේ උපරිමය කියලා ඒ තාක් අපේ ඉදිරි නිර්මාණ සාර්ථක වෙනවා කියලා.

මම පොඩ්ඩක් බාධා කරලා මෙහෙම අහන්නම්,ඒ කියන්නේ නයනතාරා සූදානම් කේට් වින්සල්ට්,ජෙසිකා ඇල්බා වගේ විශිෂ්ට රංගන ශිල්පිනියන් මෙන් දැවැන්ත අභියෝග බාර ගන්න ?

ඔවුන් රඟපෑ බොහෝ නිර්මාණ ඇත්තටම හරිම ලස්සනයි සහ කලාත්මකයි.මම ඉතිං සිංගල ගෑණු ළමයෙක්.අම්මෝ තාත්තා අකමැතිත් වුණා මම රඟපාන්න එනවට (සිනා) ඉතින් ලංකාවේ සංස්කෘතික පරිසරයේ හැදුනු වැඩුණු මට ඒ තරම් දේවල් කරන්න බැරිවෙයි. ඒත් නිරුවත් දර්ශන නොමැති එහෙත් අතිශයින්ම සුන්දර කලාත්මක නිර්මාණ තියෙනවා.උදාහරණ විදිහට ද බියුටිෆුල් මයිඩ් එහෙමත් නැත්නම් ශටර් අයිලන්ඩ්, 12 ඇන්ග්‍රි මෙන් වගේ නිර්මාණ.ඒ එක්කම ලංකාව පැත්තට හැරුණොත් බඹර වළල්ල,පුරහඳ කළුවර වගේ අතිශයින්ම සුන්දර කලාත්මක නිර්මාණ තියෙනවා. ඒ වගේ නිර්මාණයකට රංගනයෙන් දායක වෙන්න මම කැමතී

මේ වෙනකොට තරුණයන්ගේ සිහින කුමරිය ඔබ.. ඉතින් මොනවද තරුණයන්ට කියන්න තියෙන්නේ ?

මුලින්ම කියන්න තියෙන්නේ හරීම සතු‍ටුයි කියලා (සිනා ) හැමකෙනෙක්ටම ගොඩක් ආදරෙයි. පිරිමි ළමයි ඉතින් ගෑණු ළමයින්ට ආදරය කරන්නේ නැතිව කාට ආදරේ කරන්නද අප්පා ?? (සිනා) පවුනේ එයාලා.ඉතින් ඒ හැමෝටම මමත් ගොඩාක් ආදරෙයි.

ඒ කියන්නේ නයන්තාරගේ ආදරය ගත්ත කෙනෙක් මේ වෙනකොට නෑ කියලද කියන්නේ ?

අම්මෝ නෑ !!!  දැන් ඉතින් කියයි විස්වාස කරන්න බෑ කියලා (සිනා) .මට පිරිමි යාලුවෝ ගොඩාක් ඉන්නවා. යාලුවෝ වශයෙන් ආශ්‍රය කරන.හැබැයි ස්ථීරවම ආදරවන්තයෙක් කියලා ‍තෝරාගත්ත පිරිමි ළමයෙක් නෑ.යාලුවෝ තමයි ඉන්නේ ඉතින්

අවසාන වශයෙන් විශේෂයෙන් මතක් කළ යුතු අය ඉන්නවද ?

මේ වෙනකම් මේ තැනට එන්න එදා ඉඳලා උදව් කරපු හැමෝටම වගේම මගේ අම්මා තාත්තට.ඒ වගේම ටීවී දෙරණට .ඊට අමතරව මාත් එක්ක ‍රැඳිලා ඉන්න දයාබර ප්‍රේක්ෂක ඔබ සැමටමත් ස්තූතියි

සංඛ රඹුක්වැල්ල

නිදි නේනා ‍රැයක සියුම් ස්වරයක් ගෙනා කල්පනා කාවින්දී

By: Sanka Rambukwella
ඇය කල්පනා කාවින්දී බමුණුසිංහය.කොළඹ සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ උපාධි අපේක්ෂිකාවක් වන ඇය මේ දිනවල රයිගම් ටෙලි සම්මාන උළෙලේ ජනප්‍රියතම ටෙලි නාට්‍යයට හිමි සම්මානය දිනාගත් දෙවන ඉනිම ටෙලි නාට්‍යයේ “නිදි නේනා” ගීතය මගින් සහෘද හදවතට සියුම් ස්වරයෙන් ආමන්ත්‍රණය කළ ගායිකාවයි.අද බොස්ටන් ලංකා ඇය හා කතා බහක යෙදෙයි
ඔබ සංගීත ක්ෂේත්‍රයට යොමුවන්නේ කොහොමද ?
පුංචි කාලේ ඉදලම ගෙදර තිබුනේ සංගීතමය පරිසරයක්..ඒ කාලෙ හැමදාම තාත්තා  මට සිංදු කියල දෙනවා පාසලේ උදේ රැස්වීමෙදී කියන්න..ගෙදරින් අරුනම මාව මුලින්ම අගය කලේ මගේ ගුරුවරු..ඒ පසු කාලීනව පාසලේ සමස්ථ ලංකා තරග ජයග්‍රහණ ලැබුනා මේවත් එක්ක හිතුනා කුමක් හෝ හැකියාවක් ඇති කියලා..ඒ උනන්දු කිරීම දිරි ගැන්වීම් එක්ක සංගීතයට ගොඩක් ආදරය කලා..ඒ කාලේ හිටපු ගායක ගායිකාවෝ ගැන චිත්‍රපටි ගැන තාත්තා මට නිතරම කිව්ව. හිතුනා මමත් කවදහරී ඒ වගේ කෙනෙක් උනොත් අම්මයි තාත්තායි  ගොඩාක් කැමති වෙයි කියලා…
19449415_1552295811510347_2109360950_o
විශ්ව විද්‍යාලයෙන් සංගීතය පිළිබඳව ලබන ශාස්ත්‍රීය අධ්‍යාපනය ගැන පොඩ්ඩක් කතා කළොත් ?
 
මේ වනවිට මං සොන්දර්‍ය කලා විශ්ව විද්‍යාලයේ උත්තර භාරතීය සංගීත අද්‍යන  අංශයේ 3 වෙනි වසරේ ඉගෙනුම ලබනවා උත්තර භාරතීය සංගීතය  කර්නාටක සංගීතය බටහිර සංගීතය ජන සංගීතය,සංගීත මනෝවිද්‍යව ඇතුලු ක්ශේත්‍ර විශාල ප්‍රමාණයක් එහිදී අද්‍යනය කරන්න ඉඩ පහසුකම් ලැබෙනවා.ඒ හැම දෙයක්ම  ඉගෙන ගන්න ලැබෙන එක ප්‍රායෝගිකව ගොඩාක් ප්‍රයොජනවත්..
අද ක්ෂේත්‍රයේ දකින්නට ලැබෙන්නේ තමන්ට අදාළ ක්ෂේත්‍රය පිළිබඳ නිසි හැදෑරිමක් නොමැතිව පැමිණි අය… මේ තත්ත්වය ක්ෂේත්‍රයේ ප්‍රගමනයට බලපාන්නේ කොයි විදිහටද
ඔබ වෘත්තීමය ගායන ශිල්පිනියක් ද ?
19578840_1552297298176865_34284350_o
උපතින් ගේන හැකියාවට අමතරව යම් ප්‍රමාණයකට හෝ දැනුමක් අත්දැකීමක් තියෙන එක ගොඩක් වටිනවා නිර්මානශීලීව දෙයක් කරන්න..තාම මං ඉගෙන ගන්නවානේ…. පුංචි කාලෙ ඉදලා ආසාවෙන් හිටියේ වෘත්තීමය ගායන ශිල්පිනියක් වෙන්න තාමා..මාද්‍ය ක්ශේත්‍රයේ රැකියාවක් කරන්නත් පොඩි ආසාවක් තියනවා…
කොහොමද දෙවෙනි ඉනිම ටෙලි නාට්‍යයේ ඔබ ගයන ගීතයට තිබෙන ප්‍රතිචාර ?
මුලින්ම මේ ගීතයට මාව තෝර ගන්න ඕන කියලා තීරණය කරපු ලක්සිරි සර්ට වගේම සංගීත නිර්මාණය කරපු නිමේශ් අයියාටත් ගීතය ලියපු ශෙහාන් අයියාටත් දෙරණ කාර්‍ය මන්ඩලයටත් ස්තූතියිවන්ත වෙන්න ඕන..හීනෙකින්වත් හිතුවේ නෑ ගීතයට මේතරම් පිරිසක් ආදරය කරනව ඇති  කියලා..මුහුනු පොතෙන් වගේම පාරට බැස්සත් මුන ගැහෙන හැමෝම මේ දවස් වල සුබ පතනවා.මේ ගීතයත් එක්ක මට තව අවස්ථා කිහිපයක්ම උදා උනා..හැංගී හැංගි එබිකම් කලා ගීතයට පස්සෙ මාව ගොඩාක් දෙනා හොයන්න පටන් ගත්තේ නිදි නේනා ගීතය ගැයුවට පස්සේ..
19578904_1552296021510326_2081261981_o
කවුරුත් දන්නේ නැද්ද තවම ඔබේ ආශාවන් ? 
කවුරුත් දන්නේ නෑ….
අනාගත බලාපොරොත්තු මොනවද ?
වැඩිදුර ඉගෙන ගන්න කැමතියි…ඒ වගේම ඉදිරියේදී හොද නිර්මාණය වලට දායක වෙන්න කැමැත්තෙන් ඉන්නවා..
විශේෂයෙන් මතක් කරන්න ඕන අය ඉන්නවද ?
හැමදාම මගෙ සෙවනැල්ල ශක්තිය උන මගෙ අම්ම තාත්තා  අක්කා අයියා වගේම කුඩා කල සිටම අකුරු  දුන්න ගුරුවරු මගේ නෑදෑයෝ කල්‍යාණ මිත්‍රයන්  ඇතුලු මට  වචනෙකින් හෝ උදව් කල හැම කෙනෙක්ම මතක් කරනවා..ඒ වගේම මට ආදරය කරන මගේ ගීත අහපු අහන හැම කෙනෙක්මත් ආදරයෙන් මතක්  කරනවා..

Tribute to Icon thespian actor Wijeya Nandasiri

Veteran cherished Icon thespian actor Wijeya Nandasiri who gave life to many a character to stage, small screen and films breathed his last on the way to the Kalubowila Teaching hospital from his residence at Kalapura,Templars road Mt Lavinia on the morning of the 08th August  2016,following a heart attack at the age of 72 years. Thus Wijeya Nandasiri the celebrated thespian actor in performing arts had his final curtain call after providing ample of smiles, joy and laughter to audiences dominating and conquering the stage and the silver screens for over five decades.

Wijeya Nandasiri was born on 06th May 1944 to a humble family in Maharagama had received his primary and secondary education at the Vidyakara Vidyalaya in Maharagama. He had become interested in acting during his tenure in school .He had made theatre debut in the year 1966 in the stage drama Vidura-Diva produced by Amaradasa Gunawardena for the State drama festival. He next portrayed a role in Naribena, Jasaya saha Lenchina made by veteran renowned dramatist Dayananda Gunawardena, who personally invited Wijeya Nandasiri to become part of the cast.

wijaya nandasiri Wijaya-Nandasiri 2

Wijeya was initially attached briefly as a catering officer at the Bandaranaike International airport in Katunayake in the late-’60s as his acting career developed. After his debut drama he subsequently played in many stage dramas including Bakmaha Akunu by Dayananda Gunawardena, Thahanchi and Baka Thapas by Sathischandra Edirisinghe, KontharayaWahalak Nathi Geyak and Sarade Sina by Prema Ranjith Thilakarathna and Bedde Goranaduwa by  Ananda S. Wijesiri.

After Ran Kanda, Nandasiri was on demand, and starred in the plays Subha Saha YasaNariya Saha Keju KellaEkadipathiTharawo EgilethiKuweni and Hunuwataye Kathawa among others.

Over the next 27 years he played the character of Prince Maname in Proffessor Ediriweera Sarachchandra‘s celebrated drama Maname, and appeared in Singha BahuMahasara and Ratnawalee.  Wijeya Nandasiri achieved more fame in 1971 in the play Ran Kanda. He has participated over 40 plays staged island-wide since.

Wijeya Nandasiri’s early television credits included Gamana and Pramada Wedei. He was later a producer of teledrama Humalaya. He became famous as a comedy actor with the character of “Preem” in the teledrama “Nonawaruni Mahathwaruni” broadcasted on Sirasa TV.Then later in Yes Madam, Ethuma and Yes Boss.

Wijeya Nandasiri was married to renowned actress Devika Mihirani], who herself holds the record to be the main actress in Sri Lanka’s first ever Tele-drama, Dimuthu Muthu]. Their first close encounter was at Sudarshi Visual Arts Center, where Mihirani learnt dancing. It was Wijeya Nandasiri the one who invited Mihirani for the drama Subha Saha Yasa in 1974. They have two children, Navanjana and Rasanjana Suchitra.The elder daughter Navanjana is married to Chaminda Guneratne and they are domiciled in Brisbane Australia, the younger son Rasanjana is studying in USA.

Wijaya nandasiri 4

Wijeya Nandasiri in year 1976 had met KAW.Perera the renowned film director and producer while staging T. B. Ilangaratne‘s Shailasanaya gave him his first film role in the movie Nedayo The character  portrayed was of a blind person and the song “Sanasum Susuman Pavila” the song he portrayed  is still a popular song lingering among people as his starring in the scene was absolutely realistic He has had roles in such films as Mage Amma Yasa IsuruSandakada PahanaBangali WalaluSasara ,left right Sir,Bahuboothayo Rail Para,Mage Amma,Magodigo Dayi,King hunthar,Sakvithi Dadayama and Suhada Koka during the years 1976 to 2015 He was awarded the Best Actor award for his role of the match maker in Sikuru Hathe.

More recently he had focused more attention for his stage plays such as Balloth Ekka Behe , Malwadum Anawashai,Aluth Horek One. Invariably his stage shows were in demand and he was actively involved portraying roles in them during the weekends staged island wide

The immense talent accompanied by humility, humbleness and compassion conquering the stage will no doubt would be etched leaving an indelible tinge in the minds of his fans.

May his walk through Sansara be short and may he attain the supreme bliss of Nirvana.

Sunil Thenabadu From Australia

‘ගොන්ඩෝලා’’? මොකක්ද ඒ?

සටහන : පාලිත අබේලාල්

“අපේ රටේ හුගක් අය ජීවත්වෙන්නේ වහල්වලු වගේ… ස්නායු මරලකිසිම හැඟීමක් දැනීමක් නැතිව….”

‘‘ගොන්ඩෝලා’’ ඔබට එතරම් හුරුපුරුදු වචනයක් නොවේ මේක. මේ අපිට ඉදිරියේදී දක්න්නට ලැබෙන නාට්‍යයක් නමක්. මේ නාට්‍ය නිර්මාණය කරන්නේ විශේෂ පුද්ගලයෙක්. ඔහු නමින් ජයලාල් රෝහණයි. දැන් ඔබට ඔහු අමුතුවෙන් හ`දුන්වා දීමට අවශ්‍ය වෙන්නේ නෑ. වර්තමානයේ වේදිකාවේ, ටෙලිනාට්‍යවල වගේම සිනමාවෙත් කැපීපෙනන චරිත රැසක් නිර්මාණය කල සහ ඒ සඳහා විවිද සම්මානයන්ටද පාත‍්‍ර වූ මොහු, අද වෙනකොට සමාජයීය කාරණා සම්බන්ධයෙන් ඉතා සක‍්‍රීය අයුරින් මැදිහත් වීමක නිරත අයෙක්. ‘‘බොස්ටන් ලංකා’’ අපි ඔහු සම`ග මේ අයුරින් ඔහුගේ අලූත්ම නාට්‍ය නිර්මාණය පිලිබ`ද සාකච්ඡාවයකට එළඹුනා.

මොකද මේ පරිවර්තන නාට්‍යයක් කරන්න හිතුනේ?
ඇත්තටම ගොඩක් අය මේ නාට්‍යයේ නම අහපුගමන් හිතන්නේ මේ නාට්‍ය පරිවර්තන නාට්‍යයක් කියල. නමුත් මේ නාට්‍ය ස්වතන්ත‍්‍ර නාට්‍යයක්.

ඒත් මේ නම අපිට හරිම ආගන්තුක බවක් දැනෙනවා?
ඔව්, මොකද මේ නමට පාදකවන කතාව තියෙන්න මෙහෙ නෙවේ,වැනීසිය. වැනීසියේ තියෙනවා ඔරු විශේෂයක් ‘‘ගොන්ඩෝලා’’ කියල. මේ ඔරු භාවිත කරල තියෙන්නේ අතීතයේදී දූපත් අතර ගමනා ගමන කටයුතු සඳහා. මෙහි විශේෂත්වය තියෙන්නේ මේ ඔරු වල නෙවේ. මේ ඔරු පැදවීමට යෙදවූවන්ගේ. ඒ සඳහා යෙදවූයේ වහල්ලූන්. මේ වහල්ලූන්ගේ විශේෂත්වය තමයි නිර්මාණය කරපු අය වීම. මේ අයගේ ස්නායු මරල තමයි නිර්මාණය කරල තියෙන්නේ. මේ නිසා මේ අයට හිතන්න හැකයාවක් නැහැ. දෙන අණට අනුව තමයි ක‍්‍රියා කරන්නේ. මොකද එතකොට පාලනය කරන්න ලේසියිනේ. මම මේ කියන්නේ එක්දහස් අටසිය ගණන්වල වැනීසිය ගැන. මේ තත්ත්වය අද වැනීසියේ නැති වුනත් ‘‘ගොන්ඩෝලාව’’ පැදීමෙන් මට මේ හැගීම තීව‍්‍ර උනා. මේකෙන් තමයි මම මේ නිර්මාණය කිරීමට යොමුවුනේ.

jayalal-rohana

මේ සිදුවීම නිර්මාණයක් විදියට අපේ රටට ගලපාගන්නේ කොහොමද?

ඒක හරි අපූරුවට ගැලපෙනවා. මට මේ ගොණ්ඩෝලාව පැදපු ඒ වහල් ජනතාවගෙයි අද අපේ රටේ ජීවත්වෙන ජනතාවගෙයි අතර විශාල වෙනසක් පේන්නේ නෑ. අද අපේ රටේ බොහෝ ජනතාව ජීවත්වෙන්නේ මේ වහල් ජනතාව වගේ ස්නායු මරල. කිසිම හැඟීමක් දැනීමක් නැතිවයි. මේ නිසා මේ සිදුවීම අපේ ජනතාවට ඉතාම හොඳට ගැලපෙනවා.

ඔබේ නාට්‍ය පිලිබඳව කෙටියෙන් විස්තරයක් කලොත්?
මේ නට්‍යයට පාදකවෙන්නේ අසාර්ථක විප්ලවයක් පැවති රටක්. ඒ රජය විසින් මේ විප්ලවීය පක්‍ෂයේ ලොකු සහෝදරය සහ පොඩි සහෝදරය අත් අඩංගුවට අරගෙන ජිවිතාන්තය දක්වා සිර දඬුවමකට යටත්කරනව. මේ නාට්‍ය පටන්ගන්නේ විප්ලවයෙන් වසර විස්සක් පමණ ගතවී ඇති වසරක එක්තාරා දිනයකින්. ඒ වනවිට මේ රටේ ජනතාව විප්ලවය ජයගෙන තියෙනවා. එළියේ ජනතාව ප‍්‍රීති ඝෝෂා පවත්වනවා, සිර මැදිරියට පවා ඇහෙනවා. මේ සිර මැදිරිරිය තුල තමයි නාට්‍ය දිවෙන්නේ. එතනදී පොඩි සහෝදරය කියනවා ‘‘අපි යමු, දැන් සමාජය වෙනස්වෙලා’’ කියල. ලොකු සහෝදරය න්‍යාය මතම හිතන මතන ක‍්‍රියාකරන කෙනෙක්. ඔහු කියනවා ‘‘නියම තත්ත්වයට පැමිණෙන තුරු එහෙම වෙනස්වීමක් වෙන්නම බැහැ’’ කියල.

Jayala rohana 2

නමුත් බාහිර සමාජය වෙනස්වෙලා. ඒක එයා පිළිගන්නේ නෑ. පිලිගැනීමට සූදානමකුත් නෑ. අද වෙනකොට ලෝකය වෙනස් වෙලා, න්‍යායන් තවදුරටත් වලංගු නැති තත්ත්වයට පත්වෙලා. මම කියන්නේ විශේෂයෙන් අපේ වමේ විප්ලවීය පක්‍ෂත් තාමත් මේ න්‍යායන් මත පදනම්වෙලා කටයුතු කරන තත්ත්වයක් තමයි තියෙන්නේ. මේවත් වෙනස්විය යුතුයි කියන එකයි මගේ අදහස.

සුද්දි කියන්නේ රඟපාන්න ලේසි පහසු චරිතයක් නෙවෙයි

ප්‍රසන්න ජයකොඩිගේ නවතම සිනමා නිර්මාණය වන 28 මේ දින වල ශ්‍රී ලංකාව පුරා සිනමාහල් වල තිරගත වෙමින් පවතිනවා.එහි සුද්දීගේ චරිතයට පණ පොවන ප්‍රවීන රංගන ශිල්පිනී සේමිනී ඉද්දමල්ගොඩ අද බොස්ටන් ලංකා හා කතාබහට එකතුවෙනවා.

කාලයකට පස්සේ සේමිනී කරළියට ඇවිල්ලා තියෙනවා ?

ඔව් සනත් ගුණතිලක මහතාගේ සිනහව අතරින් ‍ෆිල්ම් එකෙන් පස්සේ ප්‍රසන්න ජයකොඩි මහතාගේ 28 ‍ෆිල්ම් එක හරහා නැවත පැමිණෙනවා.මා රංගනයෙන් දායක වූ වෙනස් සිනමා නිර්මාණයක් හැටියට 28 සිනමා නිර්මාණය හඳුන්වන්න පුළුවන්.

Film 28-4

ඔබ ඔය පවසන වෙනස ඔබට අභියෝගයක් වුණා ද ?

ඔව් ඇත්තටම ඒක ලොකු අභියෝගයක් වුණා.මොකද 28 චිත්‍රපටයේ සුද්දි කියන්නේ රඟපාන්න ලේසි පහසු චරිතයක් නෙවෙයි.ගොඩක් අමාරු වුණා.මොකද සියලුම කාන්තාවන් නියෝජනය කරන චරිතයක් තමයි සුද්දි කියන්නේ.ඒ නිසා සුද්දිව ප්‍රතිනිර්මාණය කරනවා කියන එක ලේසි පහසු කාර්යයක් වුණේ නෑ.

සමස්ත කාන්තා පරපුර නියෝජනය කරනවා කියන එකෙන් ඔබ අදහස් කරන්නේ මොකක් ද ?

ආසියාතික රටවල කාන්තාවන්ට තියෙන ප්‍රධානම ප්‍රශ්නයක් තමයි ලිංගික සූරාකෑම.විශේෂයෙන් ලංකාව වගේ රටක ලිංගිකත්වය කියන්නේ හරිම රහක් තියෙන දෙයක්.පාසල් අධ්‍යාපනයේදීවත් හරියට මේක විවර වෙන්නේ නෑ.ඒ නිසා මේක අමුත්තක් වෙලා තියෙන්නේ.කැත දෙයක්,කුණුහරුපයක්,හොරයක්,වංචාවක් වෙලා තියනවා ලංකාවේ සමාජය ඇතුළේ ලිංගිකත්වය කියන එක.ඉතින් ඒ සම්බන්ධයෙන් කාන්තාවන්ට තියෙන තාඩන පීඩන තමයි සුද්දි කතා කරන්නේ.ඉතින් කතාව එක්තරා මට්ටමක සමස්තයම නියෝජනය කිරීමක් කියලා කියන්න පුළුවන්

Film 28-67

ඔබ ඔය කියන ලිංගික සූරාකෑමට වඩා ලාංකික ගැහැණියට ලැබෙන අපවාද ඊට වඩා ප්‍රබලයි කියලා මම කීවොත් ඔබ ඊට එකඟ වෙනවද ?

ඔව් ඔබ කියන කියන දේ හරි.මොකද දැන් තියන තාක්ෂණයත් එක්ක ලිංගික සූරාකෑමට වඩා කාන්තාව දූෂණය වෙනවා දැන් තියෙන තාක්ෂණයෙන්.ඉතින් ඔබ කියන කතාවත් එක්ක මට එකඟවෙන්න පුළුවන්

පුරුෂයාගේ ලිංගික ආධිපත්‍ය තහවුරු කිරීමට කාන්තාව වක්‍රව උදව් කරනවා වෙන්න බැරිද ?

ඔව් කාන්තාවත් මේකට වක්‍රාකාරව උදව් කරනවා.නිහඬ වීම සහ මුණිවත ‍රැකීම ස්ත්‍රියක් ස්ත්‍රියක් වීම නිසා ‍රැකිය යුතු කරුණක් කියලා කාන්තාව සිතනවා.මෙය දැනුවත්ව හෝ අවිඥානිකව සිදුවෙන්නත් පුළුවන්.මේ අවිඥානිකත්වය තමන් තමන්වම ප්‍රපාතයට ඇද දමා ගැනීම දක්වා දිවෙන්න පුළුවන්.

විසි අට හරහා කියවෙන්නේ කාන්තාවට සිදුවන සමාජ අසාධාරණය ගැන විතරක් ද ?

නැහැ.සුද්දි පුරුෂයාට වුණ සමාජ අසාධාරණය පිළිබඳවත් කතා කරනවා.අපේ මේ සංස්කෘතිය ඇතුලෙදි පුරුෂයාටත් හැඟීම් හිරකරගෙන ජීවත් වෙන්න වෙලා තියෙනවා.සමහරවිට ඒ හේතුවම වෙන්නත් පුළුවන් පුරුෂයා නොමග යන්න කියලත් අපිට එක පැත්තකින් හිතන්න පුළුවන්.මම හිතන්නේ අබසිරි හරහා කියන්න උත්සහ කරන්නේ සමාජ අසාධාරණය ඉදිරියේ අසරණ වුණ පිරිමියා ගැන.

‍ෆිල්ම් එකේ සමස්තය ස්ත්‍රී පුරුෂ සමාජභාවය ගැන කතා වෙනවා.පීඩනයට පත් වූ කාන්තාව පිළිබඳ විශාල වශයෙන් කතා වෙනවා.ඒත් චිත්‍රපටය ප්‍රචාරණයේදී,එහෙමත් නැත්නම් අලෙවිකරණ කාරණයේදී සරාගී සේමිනී ඉද්දමල්ගොඩගේ ඡායාරූප සිනමාශාලාව ඉදිරිපිට දර්ශනය වෙනවා ,මේ ගැන ඔබේ අදහස මොකක් ද?

ඔබේ ඔය කතාවට මම එකඟ වෙන්නේ නෑ.මොකද ඔබ ඔය කියන ආකාරයේ සරාගී දෙයක් එතන නෑ.හොඳ දෙයක් ඔයා ඇහුවේ,ගැහැණියෙක් සරමක් ඇඳගෙන නානවා කියන එක,දිය රෙද්දක් ඇඳගෙන නානවා කියන එක සරාගී දෙයක් නෙවෙයි නේ.ඒක සරාගී ඇහෙන් බලන්නත් පුළුවන් ඕනනම් මිනිස්සුන්ට.බලලා ඒකට ප්‍රතිචාර දක්වන්නත් පුළුවන්.ඔබ ඔය කියන කාරණයට මම එකඟ නොවෙන්නේ බො‍රැල්ල හංදියේ තියෙන කටවුට් එක දැක්කොත් ඔය කියන කාරණය නිශේධනය වෙනවා.

ඔබ මෙතෙක් රඟපෑ චරිතයන් තුළින් තවමත් සේමිනීගේ උපරිමය එළියට ආවේ නෑ කියලා මම කීවොත් ?

අපේ පරම්පරාවෙදි ඇත්තටම අපිට ලොකු අසාධාරණයක් වුණා.මොකද හොඳ නිර්මාණ අපේ කාලයේ සෑහෙන්න අඩුවෙන් බිහිවුණේ.මට වගේම ඒ අසාධාරණයට කාංචනා මෙන්ඩිස් ,දමිතා අබේරත්න ට වගේ අවස්ථාවන් විරල වුණා කීවොත් හරි.ඒක අපේ පරම්පරාවට මොකක් හෝ අවාසනාවක් නිසා සිදුවුණ දෙයක් වෙන්න ඇති.නමුත් ලැබුණු හැම නිර්මාණයකින්ම මම පෞද්ගලිකවම මට පුළුවන් උපරිම දේ කළා කියන තැන මම ඉන්නවා.

ඒ කියන්නේ නිර්මාණයක නිර්මාණාත්මක අවශ්‍යතාවයක් වෙනුවෙන් ඔබ ඕනෑම අභියෝගයක් බාර ගනීවි ද ?

ඕනෑම අභියෝගයක් කියන තැන මම නෑ.මොකද මම අම්මා කෙනෙක්,මට දරුවෙක් ඉන්නවා.ඒ වගේම මට සමාජ පසුබිමක් තියනවා.එහිදී යම් චිත්‍රපටයක නිරුවත් දර්ශනයක් රඟපාන්න තිබුණොත් මම එය බාර නොගනී,කවදාවත්ම මගෙන් ඒ වගේ දෙයක් බලාපොරොත්තු වෙන්න බැරිවෙයි.හැබැයි මගේ සීමාවන් තියෙනවා.මම විසින් හදාගත්ත.ඒ සීමාවන් ඇතුලේ මට කරන්න පුලුවන් උපරිම දේ මම නිර්මාණයක නිර්මාණාත්මක අවශ්‍යතාවයන් වෙනුවෙන් කරයි.

සංඛ රඹුක්වැල්ල