මේ ගෙවෙන්නේ” ගීතය ලොකු වෙනසක් කරයි කියලා මම හිතනවා – ගායිකා ඉෂානී සන්දනායක

BY: සංඛ රඹුක්වැල්ල

ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත කියන කාරණය අද වන විට කෙතරම් සත්‍ය දැයි යලි යලිත් ප්‍රශ්න කළ යුතු මට්ටමට පැමිණ ඇත.ඒ මන්ද යත් එකී අදහස මුසාවක් කරමින් විවිධ ක්ෂේත්‍රයන් තුළ එක් අයෙකු එක හා සමාන ලෙස දස්කම් දක්වන්නේ නම් ඇතැම් විට එය ඔහුගේ හෝ ඇයගේ වාසනාව වන්නට පුළුවන.එසේත් නැතිනම් දක්ෂතාවය මත ගොඩනැගුණු වාසනා ගුණයක් වුවද විය හැක.ඉහත දැක් වූ කුමන ආකාරයට හෝ ඇය ක්ෂේත්‍ර කිහිපයක එක හා සමාන ලෙස දස්කම් දක්වයි.නමින් ඈ ඉෂානී සන්දනායක ය.වෘත්තියෙන් බැංකු නිළධාරිණියක වන ඈ ගායිකාවකි.නිවේදිකාවකි. ස්වතන්ත්‍ර නිර්මාණ කිහිපයකින් ම රසික ඔබ අතරට පැමිණෙන ඈ අද බොස්ටන් ලංකා කතා බහ හා එක් වේ.

කොහොමද ඉෂානී. මොනවද අලුත් තොරතුරු  ?

හොඳයි,හොඳින් ඉන්නවා. ‍රැකියාවේ වැඩකටයුතු එක්ක සංගීතමය වැඩකටයුතුත් සමබරව කරගෙන යනවා ඉතින්

S3S5

කියන්නකෝ ඔබ ගැන විස්තර ටිකක් ?

මම දැනට ‍රැකියාව කරන්නේ දෝහා කටාර් වල බැංකුවක.මම ලංකාවේ බැංකු ක්ෂේත්‍රයේ වසර අටක පලපුරුද්ද සමගින් තමයි දොහා කටාර් වල බැංකු ක්ෂේත්‍රයේ ‍රැකියාවට එන්නේ.මගේ කුඩා කාලය ගැන කතා කලොත් මම පාසල් යන කාලයේ ඉඳලා තමයි සංගීතයට යොමු වෙන්නේ. පස්සේ මම සංගීතය මාලනී බුලත්සිංහල මහත්මියගෙන් ඉගෙනගන්නවා.උසස් පෙල විභාගයෙන් පස්සේ බැංකු ක්ෂේත්‍රයේ ‍රැකියාවට යොමුවෙන නිසා සංගීතය ඉගෙන ගැනීම සහ සංගීත කටයුතු වල නියැලීම මගෙන් මග හැරෙනවා.‍රැකියාවේ තියෙන කාර්යබහුල බවත් එක්කම.

ඔබ කොහොමද නැවත ආයෙමත් සංගීත ක්ෂේත්‍රයට යොමුවෙන්නේ ?

ඔව් මම දෙදාස් දොළහේ තමයි කටාර් වලට එන්නේ.කටාර් වලදි ‍රැකියාවේ කටයුතු හවස තුන වෙනකොට ඉවර වෙනවා.දැඩි කාර්යබහුල බවකින් මම මිදෙනවා ඒ නිසා.ඒ එක්කම පුහුණුවීම් පටන්ගෙන නැවතත් සංගීතයට යොමු වෙනවා. එහෙම යොමුවෙන්න තවත් එක හේතුවක් තමයි කටාර් වල ශ්‍රී ලාංකිකයන්ගේ එකමුතුවෙන් සංවිධානය කරන විවිධ ප්‍රසංග වල නිවේදන කටයුතු වලට සහ ගීත ගායනා කටයුතු වලට දායක වෙන්න ලැබීම.ඉතින් මේ හැමදේමකම ප්‍රතිපලයක් විදිහට මම මගේම කියලා ගීත පහක් නිකුත් කිරීම දක්වා ඉස්සරහට එනවා.

S1 S2

ඔබ කෙරුව අලුත් ගීත ගැන කීවොත් ?

ගිය අවුරුද්දේ තමයි මම මගේ මුල්ම ගීත කිහිපය කරන්නේ.ඒ ගීත කිහිපයෙන් එක් ගීතයක් සංගීත වීඩියෝවක් එක්කයි කළේ.ලංකාවේ රූපවාහිනී නාලිකා කිහිපයකම ඒක විකාශනය වුණා.ඒ වගේම මම අදහසක් තිබුණා මම කරන හැම නිර්මාණයක්ම ලංකාවේ සිටින ප්‍රවීණ සහ දක්ෂතම සංගීත අධ්‍යක්ෂකවරුන් හා ගී පද රචකයන් අතින් නිර්මාණය කරගන්නවා කියන එක. ඒ අදහස එක්ක මම මුලින්ම ගීතයක් කරන්න හිටියේ අරුණ ගුණවර්ධන මහත්මයා එක්ක.ඒ ගීතයේ පද රචකයා වුණේ මගේ ආදරණීය සැමියා.ඒ ගීතය කරන්න ටිකක් පමා වුණා.ඒ අතරේ මගේ සැමිය ම පද රචනය කරපු  මේ හේතුව කියන ගීතය තමයි මම මුලින්ම නිර්මාණය කරපු ගීතය.එම ගීතයේ සංගීත අධ්‍යක්ෂකවරයා වුණේ දර්ශන වික්‍රමතුන්ග මහත්මයා.ඊට පස්සේ කැලුම් ශ්‍රීමාල් මහත්මයාගේ පද රචනයකට උදාර සමරවීර මහතා සංගීත අධ්‍යක්ෂණය කරපු  ඔබට මා මෙන් කියන ගීතය නිර්මාණය කරනවා.ඒක තමයි මගේ පළවෙනි මියුසික් වීඩියෝ එක වෙන්නෙත්.ඊට අමතරව කීර්ති පැස්කුවෙල් මහත්මයා එක්ක යුග ගායනයක් කරන්න මම වාසනාවන්ත වෙනවා.ඒ ගීතයේ පද රචනය කරන්න බන්දුල නානායක්කාරවසම් මහත්මයා.ඒ වගේම එහි සංගීත අධ්‍යක්ෂණය කළේ දර්ශන වික්‍රමතුංග මහත්මයා.ඊට අමතරව නයනසේන වන්නිනායක මහතා ලීව රෝහණ වීරසිංහ මහතා සංගීත අධ්‍යක්ෂණය කරපු ගීත “මේ ගෙවෙන්නේ” කියන ගීතයත් වෙනස් ආරක ගීතයක්.ඊට අමතරව දර්ශන රුවන් දිසානායක මහතා සහ සමන්ත පෙරේරා මහතා සමඟ කළ ගීත කිහිපයකුත් සහ රාජ්‍ය සම්මානලාභී අසංක රුවන් සාගර මහත්මයා ලීව පද රචනයක් ඇතුළුව නව ගීත කිහිපයක් ඉදිරියේදී එළි දක්වන්න නියමිතයි.

මේ දේවල් වලට ඔබට පවුලෙන් ලැබෙන සහයෝගය කොහොමද ?

ඇත්තටම ඉතා විශාල සහයෝගයක් ලැබෙනවා.මගේ ස්වාමියා වන මංජුල සන්දනායක ඉතා දක්ෂ ගී පද රචකයෙක්.කාර්ය බහුලත්වයත් එක්ක ඔහුට ගී පද රචනයේ යෙදෙන්න අවස්ථාවක් නොලැබුණත් ඔහු ඉතා සුන්දර සංකල්පනා ගොඩ නගන්නෙක්.ඉතින් අපි දෙන්නම ගමන් කරන්නේ එකම පාරක නිසා ඒ ගමන හරිම පහසුයි.මේ හැමදේකම ශක්තිය වෙන්නේ ඔහුයි.

S7

ලංකාවට නැවත පැමිණීමේ අදහසකින් ද ඔබ මේ වනවිට පසුවන්නේ ?

ලංකාවට නැවත පැමිණේවි දවසක.ඒත් ඒක ළඟදි වෙයිද කියන්න බැහැ.සමහරවිට තව අවුරුදු දෙක තුනකින් වෙන්නත් පුළුවන්. එහෙම නොවෙන්නත් පුළුවන්.ඒත් මම මෙහෙ ඉඳලා කරන කලා වැඩ කටයුතු ඒ ආකාරයෙන්ම ඉදිරියටත් කරගෙන යනවා.ඊට අමතරව අපි කටාර් වල සංගීත ප්‍රසංග සංවිධානය කරනවා අපිම බිහිකරගත්ත කලා කවයකින්.එකේ නම සිසාරා ආර්ට් සර්කල්.ඉතින් ඒ වගේ වැඩ කටයුතු අපි කොහේ හිටියත් කලාව වෙනුවෙන් ඉ‍ටු කරයි.

විශේෂයෙන් ස්තූති කළ යුතු අය ඉන්නවද ?

විශේෂයෙන් ස්තූතිකරන්න ඕන අය බොහෝමයක් ඉන්නවා.මගේ අම්මා,මගේ පාසල ගමිපහ සිරිකුරුස විද්‍යාලය ගුරුවරුන්,මගේ ස්වාමි පුරුෂයා.ඒ වගේම දොහා වල ජානක සමරගුණරත්න,බාචි,ප්‍රවීන්,ගයාන් රුක්ෂාන්,කුමුදු ෆොන්සේකා,පැන්ටලීන් පෙරේරා,මන්ජුල ජයවර්ධන. ඒවගේම ලංකාවේ අරුණ ගුණවර්ධන,කීර්ති පැස්කුවෙල්,අසංක රුවන් සාගර ,තරංගී අතුරුලිය,සුරනිමල ජිනේන්ද්‍රසිංහ,තිසංක හේවාවැල්ලල,දර්ශන වික්‍රමතුංග,උදාර සමරවීර,රයන් උද්දික,යසරත් කමල්සිරි වගේම අබුඩාබි වල නයනසේන වන්නිනායක මහත්මයාවත්  ඉතාලියේ හෂාන් ජයවර්ධනවත් මතක් කරන්න ඕන

 

 

 

අජන්ත සෙනෙවිරත්න

අජන්ත සෙනෙවිරත්න යනු ක්ෂේත‍්‍ර කිහිපයක පැතිරුණු දක්‍ෂතා ඇති අයෙකි. ග‍්‍රන්ථකරණයෙහිලා සුවිශේෂී දක්‍ෂතා ප‍්‍රකට කල ඔහු “මම අවංකයි”“දුහුලූ සිත්”“අපි අපිම”“රිදී හුය බින්දා”“සිත මම සහ නොමියෙන මම” , “දැක නොදුටු පෙරනිමිති”“අකාල පේ‍්‍රම”වැනි ග‍්‍රන්ථ රැසක් රචනා කළේය. ඔහුගේ මෑතකාලීනව පාඨකයන් අතට පත් නවකතාව වන්නේ “රාහුලයෙක් උපන්නා”ය.

අප දන්නා ඔබ අවිවේකීරාකාරී බහුල කෙනෙක්. වගකීම් සහගත තනතුරක් දරන්නෙක්. මේ කාර්යයන් මැද ලේඛනයට විවේකය හොයාගන්නේ කොහොමද?

කෙතරම් කාර්ය බහුල වුනත් අපි අපේ ජීවිතයේ අත්‍යවශ්‍ය දේවල් කරන්න කාලය වෙන්කරගන්නවා නේදඅන්න ඒ වගේ තමයි මමත්. මගෙයි අනෙක් අයගෙයි අතර වෙනස වෙන්නේ ලිවීම මගේ ජිවිතයේ අත්‍යවශ්‍ය අංගයක් නැත්නං කොටසක් බවට පත්වීම විතරයි.

ලේඛනය ඔබේ දිවියේ කොටසක් බවට පත්වුනේ කොහොමද?

මුලින්ම මම මට දැනෙන දේ ලිවීමෙන් ලැබුණු උත්තේජනයක් ලැබුව. ඒ සමගම මට මගේ ලිවීම් සම්බන්ධව විශ්වසනීයත්වයක් ගොඩනැගෙන්න පටන්ගත්තා. ඉන්පසුව මම නිරන්තරව ලිවීමේ කාර්යයේ නිරතවුනා. අද වෙනකොට මට නිරායාසයෙන් ලියැවීමේ තැනට පත්වී තියෙනවා. ලේඛනය ආරම්භ කරන කාලෙ යමක් ලිවීමට මනස සකසාගැනීමටත් වශාල කාලයක් ගතවුනා. නමුත් දැන් ඉතාම කෙටි කාලයකින් ඒ සදහා මනස සකසාගැනීමට හැකියාව ලැබී තියෙනවා. මේ සියල්ලම නිරන්තර ලේඛනය තුළින් ගොඩනගාගත් දේවල්.

ajantha

නිර්මාණ කරනයේදී ඔබ බෟද්ධ තේමා කෙරෙහි වැඩි නැඹුරුතාවයක් දක්වන බව ඇතමුන් සඳහන් කර තිබෙනවා. මේ පිළිබඳව ඔබගේ අදහස කුමක්ද?

මම විවිධ විෂයන් කේන්ද්‍ර කරගනිමින් ග‍්‍රන්ථ රචනා කර තිබෙනවා. නමුත් මේ සෑම ක්‍ෂේත‍්‍රයකමසෑම විෂයකම පදනම වෙත ගමන් කිරීමේදී එහි බුද්ධ දර්ශණයේ අන්තර්ගත යම් යම් කොටස් නිරාවරණය වීමක් සිදුවෙනවා. බෞද්ධයෙක් විදියට සහ ඒ ආශ‍්‍රිත සංස්කෘතියක ජිවත් වන මට මේ දේවල් විශේෂයෙන් ග‍්‍රහණය වීම සුබල දෙයක්. කෙනෙකුට මේක බුදු දහම කියල හඳුන්වන්න පුළුවන්. නමුත් මම නිරන්තරව උත්සහ කරන්නේ එහි සැබෑ ස්වරූපය ප‍්‍රතිනිර්මාණය කිරීමට.

ඔබේ මෑතකදී කළ නිර්මාණය සඳහා ‍බෞද්ධ සාහිත්‍යයේ අන්තර්ගත රාහුල චරිතය යොදාගැනීමට පෙළඹීට විශේෂ හේතුවක් තියෙනවාද?

බුද්ධ චරිතය සොයා යන්නෙකුට රාහුල කියන චරිතය ඉතාම වැදගත් චරිතයක් බව මට වැටහුනා. බෝධිසත්වයන් බුද්ධත්වය කරා යන ගමනේදී එයට සහය ලබාදුන් අය අතර රාහුල චරිතයටත් ප‍්‍රධාන ස්ථානයක් හිමිවෙනවා. සිදුහත් කුමාරයාට ගිහිගෙයින් නික්මීමට එක් නිමිත්තක් වන්නේද රාහුල කුමරුන්ගේ උත්පත්තියයි. මීට අමතරව ත‍්‍රිපිටකය අධ්‍යනය කිරීමේදී බුදුහාමුදුරුවන් රාහුල හිමියන්ට දේශනා කල සූත‍්‍ර කිහිපයක්ම අන්තර්ගත වෙනවා. මේ සූත‍්‍ර කීපය අධ්‍යනය කිරීමෙන් අපට අනිත්‍ය ගැන ඉතා ගැඹුරු අවබෝධයක් ලබාගැනීමේ හැකියාව ලැබෙනවා. මේ පිළිබ`දව දීර්ඝ අධ්‍යනය කිරීමකින් පසුව තමයි රාහුල චරිතය කේන්ද්‍ර කරගනිමින් රාහුලයෙක් උපන්නා’ කියන නවකතාව රචනා කිරීමට යොමුවුනේ.

BTI23273_fmt

එතකොටම ඔබ මේ චරිතය ආශ‍්‍රයෙන් මෙම නවකතාව නිර්මාණය කිරීමට යොමුවන්නේ එම චරිතයේ ඇති ධර්මානුකූළ වැදගත්කම හේතුවෙන්ද?

මේක එක හේතුවක් පමණයි. රාහුල චරිතය ගත්තොත් ඔහු කවුදබුදුරජාණන් වහන්සේගේ ගිහි කළ පුත‍්‍රයා. ඉන්පසුව බදුරජාණන් වහන්සේගේ ශාසනයේ සාමනේර නමක් බවට පත්වෙනවා. තමන්ගේ පියාගේ සසුනේ. ශාසනයට ඇතුළත් වෙන්නේ අවුරුදු හතේදී. නමුත් වයස අවුරුදු දහ අට වෙනකලූත් රහත් බව ලබනේනේ නැහැ. මොකද්ද ඒකට හේතුව. උන්වහන්සේ තමන්ගේ රූපයට අධික ලෙස ඇ`ඵම් කිරීම. අද ජිවත්වන සාමාන්‍ය තරුණයෙකුගේම පැවැත්ම සහ සිතුවිලි නොවේද. මේ බව අවබෝධ කරගත් බුදුන් වහන්සේ නව යොවුන් වියේ සිටි තරුණ භික්‍ෂුවගේ ජිවිතයට අරමුණක් ලබාදෙනවා. එම අරමුණ කරා ළඟාවීමට කමටහන් නැත්නම් උපදෙස් ලබාදෙනවා. ඒ ඔස්සේ ගමන් කරන තරුණයා තමන්ගේ ජීවිතය ජයග‍්‍රහණය කරා ගෙනයනවා.

මේ රාහුල හාමුදුරුවන්ගේ චරිතය වර්තමානයේ අපේ සමාජයේ සිටින තරුණයාගේ චර්යා සහ සිතුම් පැතුම් නොවේද. වැඩිහිටියන් විදියට අපි ඔවුන් නිවැරදි සමාජයට වැඩදායී පුද්ගලයින් ලෙස නිර්මාණය කරගැනීමට නම් අප පළමුවෙන්ම ඔවුන් හ`දුනාගැනීම අත්‍යවශ්‍ය නොවන්නේද. බුදුරජාණන් වහන්සේද රාහුල හාමුදුරුවන්ගේ නියම කල පැමිණෙන තෙක් හිටියෙ නියම මාර්ගයට යොමුකරවීමට. වැඩිහිටියන් විදියටත්දෙමාපියන් විදියටත් අපි කිසිදු වෙලාව හැඟීමෙන් නොව බුද්ධිමත් ලෙස දරුවන් සම්බන්ධ කාර්යයන් හි නිරතවීමේ වැදගත්කම බදුහාමුදුරුවන්ගේ චරිතය තුළින් ප‍්‍රතිනිර්මාණය වෙනවා. මේ ආකාරයට දරුවන් නිවැරදි ලෙස අවබෝධ කර නොගැනීම හේතුවෙන් ඇතිවූ ඛේදනීය තත්ත්ව අපට  ඕනෑතරම් අසන්නට දකින්නට ලැබී තියෙනවා. ඉදිරියේදීද අසන්නට දකින්නටත් ලැබේවි. නමුත් මේ පිළිබ`දව අවබෝධයකින් මේ තත්ත්වයන් අවම කරගැනීමේ හැකියාවක්ද පවතිනවා.

මෙම කෘතිය මගින් ඔබ අතීත චරිත මත පිහිටා වත්මන් සමාජයට කිසියම් සමාජමය පණිවිඩයක් ලබාදීමකද නිරතවෙනවා.

නිර්මාණ කරුවන්ගේ කාර්යභාරය සෘජුව දෙයක් පැවසීම නොව පාඨකයාට එය හැඟීයාමට සැළැස්වීමයි. මෙම කෘතිය තුළදී මම මේ සෑම චරිතයක් කෙරෙහිම විවෘත මනසින් බලා එම චරිත ප‍්‍රති නිර්මාණය කිරීමකට යොමු වුනා. එතනදි මම මේ කිසිදු චරිතයකට හානි නොවන ආකාරයෙන් එම චරිත ප‍්‍රති නිර්මාණය කිරීමට යොමුවුනා. රාහුල හිමියන්ගේ චරිතය හා සම්බන්ධ සිදුවීම් බුද්ධ සාහිත්‍ය ඉතිහාසයේ වරළ බැවින් නිර්මාණ කරුවකු විදියට මගේ පරිකල්පනය යොදවමින් සමකාලීන බුද්ධකාලීන සමාජයේ සිදුවූ විවිධ සිදුවීම්ද ආශ‍්‍රය කරගනිමින් ප‍්‍රති නිර්මාණ කාර්යකද නිරතවුනා. සත්‍ය සිදුවීම් මත පදනම්ව මේ ප‍්‍රතිනිර්මාණ කාර්යය කිරීමට සිදුවීම ඇත්තටම දුෂ්කර කාර්යයක් වුවත් මේ නිර්මාණය තුළින් එය සාර්ථක අයුරින් ජයගැනීමට හැකිවුනා යන විශ්වාසය සහ සතුට මා තුළ පවතිනව.

බෞද්ධ ශාසන ඉතිහාසය තුළ මෙතරම් වැදගත් චරිතයක් ආශ‍්‍රය කරගනිමින් නිර්මාණයක් කිරීමට බොහෝ අය නෙපෙළමුනත් එබ එම කාර්යයට යොමුවුනා. ඔබට පෙර ලේඛන කාර්යයේ නිරතවූවන් මේ කාර්යයට අත නොගැසීමට හේතුව පිළිබ`ද කිසියම් අදහසක් තියෙනවාද?

මට හිතෙන්නේ කිසිම කෙනෙක් රාහුල කියන චරිතය නිවැරදි ලෙස දුටුවේ නැහැ. මොකද ශාසන ඉතිහාසයේ ස්ථාන කිහිපයක පමණයි රාහුල හාමුදුරුවන් ගැන සඳහන් වෙන්නේ. ඒත් සීමා සහිතව.අනෙක් කරුණ තමයි තරුණ වයසේදී උන්වහන්සේ පිරිණිවන් පානවා. රාහුල හිමියන් ගැන දැනගැනීමට ඇති එකම ක‍්‍රමය උන් වහන්සේ අරඹයා දේශනා කළ සූත‍්‍ර පමණයි. ඇතැම් විට මේ සූත‍්‍ර වෙත අවධානය යොමු නොකිරීමත් මෙම චරිතයට අවධානය යොමු නොවිමට හේතුවක් වන්නට ඇති.

අවසාන වශයෙන් ඔබගේ ලිවීම අවසාන බලාපොරොත්තුව කුමක්ද?

මගේ ලේඛනයේ අරමුණ මා සතු දැනුම සහ අත්දැකීම් අනෙක් අය සම`ග බෙදාගැනීමයි. එයින මම අසීමිත තෘප්තියක් ලබනවා. ඒ වගේම මම දැඩිව බෞද්ධ දර්ශණය වශ්වාස කරන කෙනෙක්. එම සංස්කෘතියෙන්සභ්‍යත්වයෙන් පෝෂණය වූ කෙනෙක්. මගේ නිර්මාණ කරනය තුළ මේ කිසිදු සීමාවක් උල්ලංගනය කිරීමට යොමුවන්නේ නැහැ. කිසිදු පාර්ශවයක් සම`ග ගැටුම් ඇති නොකරගෙන මගෙන් විය යුතු යුතුකම් සහ වගකීම් ඉෂ්ට කරමින් මගේ පුද්ගල විමුක්තිය ස`දහා මාර්ගය විවර කරගැනීමේ තවත් එක වෑයමක් විදියට මගේ ලේඛනය හඳුන්වන්න පුළුවන්.

චූටි මැණිකේ කියන්නේ ඇත්තටම මම නෙවෙයි – ශලිනි ප්‍රනාන්දු

සංඛ රඹුක්වැල්ල

පාසල් යන වයසේ සිටම ජනප්‍රියම තරුවක් වීමට ලැබීම අහම්බයක් පදනම් වූ වාසනාවකි.එසේ වාසනාවන්ත වූවෝ බොහෝමයක් නොමැති වුවද අතලොස්සක් අතර ඈ ඉදිරියෙන්ම සිටිති.නමින් ඈ ශලිනි ප්‍රනාන්දු ය.එහෙත් එනමින් ඈ දන්නා අයට වඩා දෙවෙනි ඉනිමේ “චූටි මැණිකේ” යන නමින් ඈ දන්නා ප්‍රමාණය අතිමහත් ය.අද බොස්ටන් ලංකා හා කතාබහට එකතුවෙන්නේ දෙරණ අවුරුදු කුමරිය වී දෙවෙනි ඉනිමේ චූටි මැණිකේ වූ  ශලිනි ප්‍රනාන්දු සමඟය.

කොහොමද ශලිනි,මොනවද අලුත් විස්තර ?

හොඳින් ඉන්නවා.දෙවෙනි ඉනිමේ රූගත කිරීම් වලට සහභාගි වෙනවා.ඊට අමතරව මම 2018 වසරේ මගේ ලන්ඩන් ඒ ලෙවෙල් විභාගයට ලෑස්ති වෙනවා.

ඔබ කොහොමද ක්ෂේත්‍රයට පැමිණෙන්නේ ?

ඇත්තටම මගේ පුංචි නිසයි මම ක්ෂේත්‍රයට එන්නේ.2017 දෙරණ අවුරුදු කුමරිය තරඟයට මම අයැදුම් කරන්නේ මගේ පුංචිගේ කැමැත්තට අනූව.ඊට පස්සේ මම දෙරණ අවුරුදු කුමරිය වෙනවා.ඒ තරඟයට සහභාගී වුණ හය දෙනෙක්ට ස්ක්‍රීන් ටෙස්ට් එකක් තියෙනවා.මමත් ඒකට සහභාගී වෙනවා.හරියටම ඒ ස්ක්‍රීන් ටෙස්ට් එකෙන් සති දෙකකට පස්සේ දෙවෙනි ඉනිම විධායක නිෂ්පාදක චරිත් කොතලාව මහත්මයා මට කියනවා මාව දෙවෙනි ඉනිම සඳහා ‍තෝරාගත්තා කියලා.එහෙම තමයි මම දෙවෙනි ඉනිමට සම්බන්ධ වෙන්නේ.

21879289_136749526945655_7804939403515658240_n

දැන් එතකොට ඔබ රංගනය ගැන හදාරලාද එන්නේ එහෙමත් නැත්නම් අවුරුදු කුමරිය වීම ම ද එකම සුදුසුකම රංගනයට යොමුවෙන්න ?

ඇත්තටම නැහැ.මම රංගනය ගැන කිසිම දෙයක් හදාරලා නෑ.මම තවම උසස් පෙළ කරනවා.මම හීනෙන් වත් බලාපොරොත්තු වුණ දෙයක් නෙවෙයි රංගනයට යොමුවීම.ඉතින් ඒ නිසා ඒ ගැන හදාරන්න මට අවස්ථාවක් ලැබුනේ නැහැ.හැබැයි අනිවාර්යයෙන්ම මම ඉදිරියේදි රංගනය ගැන හැදෑරීමට බලාපොරොත්තුවෙනවා. අවුරුදු කුමරිය වීම ම සුදුසුකමක් වෙන්නේ නෑ කොහොමටත් රංගනයට.

22429818_206833443190103_4564164090787790848_n

උසස් පෙළ විභාගයෙන් පස්සේ මොකද කරන්නේ දිගටම රංගනයේ යෙදෙන්න බලාපොරොත්තු වෙනවද ?

රංගනය පැත්තෙන් ඉදිරියට යන්න කැමති ඇත්තටම.ඒත් එක්කම මගේ හීනයක් තියෙනවා ෆැෂන් ඩිසයිනින්ග් පැත්තෙන් ඉගෙනගන්න.ඉතින් මම කැමති මේ දෙකම බැලන්ස් කරගෙන ඉදිරියට යන්න.

රංගන ක්ෂේත්‍රය ගැහැණු ළමයෙක්ට කොයිතරම් අභියෝගයක් ද ?

මගේ ඇත්තම අදහස ඕනම ක්ෂේත්‍රයක් අභියෝගයක්.අභියෝග නැති කිසිම ක්ෂේත්‍රයක් නෑ.ඇත්තටම ඔය ප්‍රශ්නය අහන්න ඕන මගේ අම්මගෙනුයි අයියගෙනුයි.මොකද ඒ දෙන්නා තමයි මට වඩා මට ගොඩක් ළඟින් ඉඳලා හොඳ නරක කියලා දෙන්නේ.ඇත්තටම එයලා මම දකිනවට වඩා පරාසයක් දකිනවා.ඒ කොහොම වුණත් තමන්ට තමන්ව බලාගන්න පුලුවන් වෙන්න ඕන කියලා මම විස්වාස කරනවා.

37325106194_92c70b63e3_o21479913_1598885973519253_7351470344017805312_n

ගොඩක් අය අහන දෙයක් තමයි “චූටි මැණිකේ” ඇතුළේ ඇත්තටම ඉන්නේ ශලිනි ද කියලා ?

චූටි මැණිකේ කියන්නේ ඇත්තටම මම නෙවෙයි.මම ටිකක් කටකාර චරිතයක් ,ම්ම්ම් (සිනා) නෑ නෑ ටිකක් නෙවෙයි සෑහෙන්න කටකාරයි .කට්ටිය මාත් එක්ක එකතුවෙනකම් මම ගොඩක් සයිලන්ට්.කට්ටිය මාත් එක්ක යාලුවෙන්නේ කොතනද එතන ඉදලා මම සෑහෙන්න කටකාරයි.ඒ චරිතේ තියෙන එකම සමානකම තමයි චූටි දේටත් හිත රිද්දගන්න එක.පොඩි දෙයකට වුණත් මගේ හිත ඉක්මනට රිදෙනවා.පොඩ්ඩක් කෑ ගැහුවත් ඇති ඉතින් මට කඳුළු පෙරාගෙන අඬන්න.හැබැයි මම ආසයි ඒ චරිතේ ජීවත් වෙන්න.මම නොවෙන චරිතයක්  ප්‍රතිනිර්මාණය කරන්න මම ආසයි.

21479926_1400446403364733_7005462375583186944_n

ඒ කියන්නේ ශලිනි සිනමාවට අවතීර්ණ වෙන්න මඟ බලාගෙන ඉන්නේ එහෙමද ?

ඔව් ඇත්තටම.ඒකෙදිත් මම අර කලින් කීවා වගේ කියන්නේ මම ආසයි මගේ හැබෑ ජීවිතයට පොඩ්ඩක්වත් සමීප නැති චරිත කරන්න.මම ඇත්තටම ආසයි වෙනස් දේවල් කරන්න.

srilankanmodelsfb_59f73dbe4e1ff (1)

අවසාන වශයෙන් විශේෂයෙන් ස්තූති කළ යුතු අය ඉන්නවද ?

විශේෂයෙන් අම්මා සහ අයියා ඇතුළු මගේ පවුලේ සියලුම දෙනාට.මගේ පුංචිට. ඒ වගේම මගේ ගුරුවරුන්ට සහ දෙරණ ටීවී ආයතනයේ සියලුම දෙනාට හා විධායක නිෂ්පාදක චරිත් කොතලාවල මහතාට ඒ වගේම දෙවෙනි ඉනිම ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂකතුමාට ඇතුළු සියලුම දෙනාට වගේම මගෙත් එක්ක ඉන්න රසික රසිකාවියන්ටත් ගොඩාක් ස්තූතියි කියලා කියන්න කැමතී

ඔව් මම ආදරවන්තියක්

By Sanka Rambukwella
විදුශි උත්තරා කුඩා කාලයේ ඉඳලම ක්ෂේත්‍රයට සම්බන්ධ වුණත් ඇයව බහුතරයක් ප්‍රේක්ෂකයෝ හඳුනාගන්නේ දෙවෙනි ඉනිමේ මල්කි විදිහට.වර්තමානයේ ජනප්‍රිය ටෙලිනාට්‍යක් වන දෙවෙනි ඉනිමේ මල්කි අද බොස්ටන් ලංකා හා කතා බහට එකතුවෙනවා.
මල්කි කියන්නද විදුශි කියන්නද ?
ඒ දෙකෙන් මොකක් කීවත් කමක් නෑ (සිනා)
කොහොමද ඔබ මුලින්ම ක්ෂේත්‍රයට සම්බන්ද වෙන්නේ ?
මම ක්ෂේත්‍රයට මුලින්ම එන්නේ පොඩි කාලේ. පාසල් අවධියේ.ඒ කාලේ රූපවාහිනි සංස්ථාවෙන් පාසලට පැමිණිලා ළමා ඒකකයට ළමයින්ව ‍තෝරාගත්තා. ඒ ‍තෝරාගත්ත අය අතර මමත් හිටියා.ඉතින් ඒක තමයි මගේ පටන්ගැන්ම.ඊට පස්සේ තව ටෙලිනාට්‍යකත් රඟපෑවා.ඉතින් ඒ විදිහට තමයි ක්ෂේත්‍රයට පැමිණෙන්නේ.
image6
ඔබ මුලින්ම කැමරාව ඉදිරියට ආව දවසේ ඔබට තිබුණ බලාපොරොත්තුමද අදටත් තියෙන්නේ ?
 නෑ .මම ඒ කාලේ කැමරාව ඉස්සරහට එද්දි කවදාහරි රංගන ශිල්පිණියක් වෙනවා කියලා බලාපොරොත්තු තියාගෙන හිටියේ නෑ.ඒත් ගෙදර කලාවට හුරු පරිසරයක් ඒ දවස් වල ඉඳලා තිබුණා.හැබැයි අද වෙනකොට මම වෘත්තීයමට්ටමේ රංගන ශිල්පිනියක්.ඒ එක්කම මගේ ව්‍යාපාරයකුත් පවත්වාගෙන යනවා.
වෘත්තීය මට්ටමේ රංගන ශිල්පිණියක් වීම සඳහා ඔබ ඒ සම්බන්ධයෙන් වැඩිදුර අධ්‍යාපනය ලබන්න සූදානම් ද ?
ඔව් ඇත්තටම.මොකද රංගනයේ සෑහෙන්න දේවල් ඉගෙනගන්න තියෙනවා. එහෙම ඉගෙන නොගෙන ඉදිරියට යාම තුළ පැවැත්මක් නැති වෙන්න තියෙන ඉඩකඩ වැඩී.
image5
ඔබ හිතනවාද වර්තමානයේ තාක්ෂණයත් එක්ක ඉන්න රසිකයාගේ රසවින්දනයේ ප්‍රමාණය පිළිබඳ රංගන ශිල්පියා හෝ ශිල්පිණිය ට අවබෝධයක් තිබිය යුතුයි කියලා ?
ඔව් එහෙම හිතන්න පුළුවන් නේද ? රංගනය කියන්නෙම අපි ජීවත් වෙන සමාජය නැවත ප්‍රතිනිර්මාණය කිරීම. ඉතින් අපි ජීවත්වෙන සමාජයෙන් විතැන් වෙලා අපිට බෑ දෙයක් ප්‍රතිනිර්මාණය කරන්න.හොද අන්‍යෝන්‍ය අවබෝධයක් ගොඩනැගෙන තරමට සාර්ථකයි කියලා මම විස්වාස කරනවා.
ඇත්තද දෙවෙනි ඉනිමේ ඉන්න තරුණියන්ගෙන් වඩාත්ම පිරිමි ළමුන්ගේ ආකර්ෂණය දිනාගත්ත රංගන ශිල්පිනිය ඔබ කියලා කියන කතාව ?
(සිනා ) එහෙමත් කියනවද ?? මම අදමයි ඇහුවේ. ඒක ඇත්තනම් ඉතින් ගොඩක් සතු‍ටුයි ඒ ගැන.
image2 image3
මල්කි ධනුක ආදර කතාව වගේම විදුෂිගේ ආදර කතාව ලියවිලා තියෙන්නේ කාත් එක්කද ?
දැන්ම ඒ ගැන නොකියා ඉමු නේද ? හැබැයි මම ආදරවන්තියක්
විශේෂයෙන් ස්තූති කරන්න ඕන අය කවුද ?
අම්මට,තාත්තට සහ පවුලේ හැමෝටම.දෙවෙනි ඉනිමේ අධ්‍යක්ෂකතුමාට සහ ප්‍රභාත් අයියට.ඊට අමතරව මගේ ආදරණීය රසිකයන්ට

Rukshika at Cricket Festival in USA

Rukshika Gamage, the Mrs Sri Lanka 2016 will be one of the Guest of Honor at the US Open Cricket 2017 Festival organized by the Cricket Council in USA.  The event will be held from October 25th to October 29th.

36

Rukshika will be also attending few receptions organized by Boston Lanka to allow the Sri Lankan communities in Boston, New York and Washington DC.

D E

 

අපිට සහෝදරත්වයෙන් දුර ගමනක් යන්න තියෙනවානම් ඒක ලොකු ආශිර්වාදයක්

By: සංඛ රඹුක්වැල්ල
මිනිසුන්ගේ ප්‍රසාදය දිගින් දිගටම ලබාගත හැකිනම් ඔහු හෝ ඇය වාසනාවන්තයකි.රඟපෑමේ දක්ෂතාවය හා එකී වාසනා ගුණය ඇතිව පැමිණි මේ දඟකාර යුවතිය හඳුන්වාදීමට වෙනත් වචන අවැසි නොවේ.බහුතරයක් තරුණයින්ගේ පෙම්වතිය ඇයයි.බහුතරයක් මවුවරුන්ගේ හා පියවරුන්ගේ දියණිය ඇයයි.බහුතරයක් සහෝදරයින්ගේ සොහොයුරිය ඇයයි.ඈ දෙවන ඉනිමේ දෙව්මී ලෙස ඔබ අතරට එන මෙවර සුමති සම්මාන උලෙළේ ජනප්‍රියම නිළිය වූ නයනතාරා වික්‍රමාරච්චිය.සම්මානය ලබා ගැනීමේ උණුසුම පිටව යන්නට මත්තෙන් ඈ බොස්ටන් ලංකා හා කතා බහට එක් වුණා.

නයනතාරා
,මෙවරත් ජනප්‍රියම නිළිය ඔබ ?
ඔව් ඒ ගැන ගොඩාක් සතු‍ටුයි.මිනිස්සුන්ගේ කැමැත්ත ලබාගන්න තියෙන එක කොයිතරම් වටිනවද මම මගේ රටේ මගේ ආදරණීය රසික රසිකාවියන්ට ගොඩක් ආදරයෙන් ස්තූති කරනවා.ක්ෂේත්‍රයට ආව කෙටි කාලය තුළ මේ තරම් ආදරයක් ලබාදීම පිළිබඳව
Nayanathra 2

එදා සම්මානය දෙවන වරටත් ලබාගත්ත රාත්‍රිය ගැන යමක් කීවොත් 
?
ගොඩක් සතු‍ටු හිතුණා.ප්‍රේක්ෂකයන්ගේ ආදරය ගොඩක් දැනුණා.වචනයෙන් විස්තර කරන්න බැරි අවස්ථාවක්

ජනප්‍රියම නිළියගෙන් මිදිලා දක්ෂතම නිළිය වෙන්න කාලය හරි නේද දැන් 
?
අම්මෝ එහෙමම කියන්න බෑ.මම තවම පටන්ගත්තා විතරනේ.. තව ඉගෙනගන්න දේවල් කොයිතරම් නම් තියෙනවද ?හෙමින් දුර ගමනක් යන්නයි ආස මම.
22047226_1941980836053081_1323573246_o

ඔබගේ සමකාලීන නිළියන් ඔබට අභියෝගයක් ද 
?
අපි ඉතින් එකම ක්ෂේත්‍රයේ ඉන්න යාලුවෝනේ.එයාලත් දක්ෂයි.නැත්නම් මෙහෙම ක්ෂේත්‍රයේ ‍රැදෙන්න බැහැනේ.අභියෝගයක් කියනවටත් වඩා අපිට සහෝදරත්වයෙන් දුර ගමනක් යන්න තියෙනවානම් ඒක ලොකු ආශිර්වාදයක් විදිහට මම සලකන්නේ.

ඔබ රංගනයෙන් දායක වුණ සිනමා නිර්මාණය ගැන යමක් කීවොත් 
?
සිනමා නිර්මාණ තුනකට දායක වුණා.දෙකකම වැඩ කටයුතු ඉවරයි.ඉතා ඉක්මනින් එක සිනමා නිර්මාණයක් දකින්න පුළුවන් වෙයි.ඒක අනුරුද්ධ ජයසිංහ මහත්මයාගේ සිනමා නිර්මාණයක්.ඒ වගේම වෛද්‍ය කපිල සූරිය ආරච්චි මහත්මයගේ සිනමා නිර්මාණයකත් වැඩ කටයුතු මේ වෙනකොට සිදු කරලා අවසන්.ඒ සිනමා නිර්මාණ ඉදිරියෙදි දකින්න ලැබෙයි ප්‍රේක්ෂක ඔබට.

ඔබේ ඉදිරි වැඩකටයුතු ගැන යමක් කීවොත් 
?
මේ දවස් වල අලුත් ටෙලිනාට්‍යකට සම්බන්ද වෙලා ඉන්නවා.චන්න පෙරේරා මහත්මයාගේ ටෙලි නාට්‍යක්.ඒක වෙනස් ම තේමාවක් යටතේ සිදුවන ටෙලි නාට්‍යක් ඊට ටෙලි නාට්‍ය කිහිපයකට ආරාධනා ලැබුණා.ඒවට සම්බන්දවෙන්න නොහැකි වුණා අනෙක් වැඩකටයුතු නිසා.කොහොමත් මගේ බලාපොරොත්තුව සිනමාවට වැඩි ඉඩක් වෙන් කරන්න.ඉදිරියට තියෙන්නේ ඔය වගේ සැලසුම් කිහිපයක් ඉතින්

ඔබට ස්තූති කරන්න ගොඩක් අය ඇති. ඒ අය ගැනත් සඳහන් කරමු නේද 
?
අම්මටයි තාත්තටයි.ඊට අමතරව මම රංගනය හදාරපු පාසල් වලට සහ මට රංගනය කියා දුන් ආදරණීය ගුරුවරුන්ට.ඊට අමතරව මට රංගනය පිළිබඳ කියාදුන් මට උදව් කළ සියළුම ටෙලිනාට්‍ය හා සිනමා අධ්‍යක්ෂකවරුන්ට,ක්ෂේත්‍රයේ ප්‍රවීනයන්ට.දෙවෙනි ඉනිම අධ්‍යක්ෂක සාරංග මෙන්ඩිස් මහතා ඇතුළු සියලු දෙනාට හා ටීවී දෙරණට.ඒ වගේම මගේ ආදරණීය ප්‍රේක්ෂකයන්ටත් මම නැවත වරක් ආදරයෙන් ස්තූතියි කියනවා

ජපාන සිනමා උලෙල 22 -24 දක්වා

ලෝක සිනමාවේ අද්විතීය ස්ථානයක් හිමි කර ගත් ජපන් සිනමාව රස විදින්නට රිසි සැමට මෙය අනගි ආරංචියක් වනු ඇති බව නොඅනුමානයි.
 
මෙරට ජපාන තානාපති කාර්්‍යාලය‍ේ මූලිකත්වයෙන් සංවිධානය කරන මෙම උළෙල ජාතික තරුණ සේවා සභාව, ජාතික චිත්‍රපට සංස්ථාව සහ Ship for World Youth Alumni Association සහයෝගීතාවෙන් පවත්වනු ලබයි.මේ වන විටත් ජාතික චිත්‍රපට සංස්ථා ශාලාවේදී තිරගත වන මෙම සිනමා උළෙල සදහා සම්මානනීය ජපාන සිනමා කෘති කිහිපයක් ඇතුළත්ව ඇත.

චතුරිකා ගමගේ

මේ දිනවල රූපවාහිනියේ නිතර දකින්නට ලැබෙන හුරු පුරුදු මුහුණක් සමගිනුයි බොස්ටන් ලංකා අපි අද කතා කරන්නේ. ඇය නමින් චතුරිකා ගමගේ යි.

චතුරිකා ඉතින් මේ දවස් වල මොකද කරන්නේ?

මේ දවස් වල සිරස tv මගින් විකාශනය කරන කියන්න වැඩසටහනට සම්බන්ධ වෙලා ඉන්නවා. Events වලට සහභාගී වෙනවා.social works කරනවා. ඒ දේවල් තමයි.

FB_IMG_1504706753936 (1)

කුඩා කාලයේ දැකපු හීනයක්ද මේ සැබෑ වෙමින් පවතින්නේ?

ඔව් ඇත්තෙන්ම. අවුරුදු 12 වෙද්දි මම රූපවාහිනී සංස්ථාවට අයදුම්පතක් යොමු කරන්නේ.මට tv එකේ සිංදුවක් කියන්න ආසාවෙන් හිටියේ. පොඩි කාලෙදි මම චිත්‍ර ඇදලා ශනිදා ආයුබෝවන් වැඩසටහනට යවනවා.

FB_IMG_1504706010167 (1)

ඔබ දායක වුන කලා නිර්මාණ මොනවාද?

මම මුලින්ම ඉන්දියානු චිත්‍රපටයක් වන බොම්බේ වෙල්වට් චිත්‍රපටයේ පොඩි චරිතයක් කලා. ඒක මීට අවුරුදු 3කට කලින් රන්මිණිතැන්නෙදි තමයි රූප ගත කලේ.tv commercials 50 ක් විතර දැනට කරලා තියෙනවා.තව වාර්තාමය වැඩසටහන් වලට සම්බන්ධ වෙලා ති‍‍ෙයනවා.

මුල්ම වතාවට කැමරාව ඉස්සරහට ගියාම ‍‍ෙමාකද හිතු‍ෙන්?

ජාතික රූපවාහිනියෙදි තමයි ඉස්සෙල්ලම මම ඒ අත්දැකීමට මුහුණ දෙන්නේ.එදා මම ගායනයක් ඉදිරිපත් කරනවා. එදා තමයි ම‍‍‍ෙග් දක්ෂතාවය හදුනගන්‍ෙන්. එදා මම ඒ අවස්තාවට බය නැතුව ඉදිරිපත් වුණා.

FB_IMG_1504705647724 (1)FB_IMG_1504706034134

ඔයා මේ දේවල් කරන්නේ රැකියාවක් විදියටද? නැතිනම් විනෝදාංශයක් විදියටද?

ඇත්තටම මේ කලා කටයුතු වලට සම්බන්ධ වෙනකොට මට වෙනත් වෘත්තියක නියැලෙන්න කාලය මදි.

FB_IMG_1504706384371

වර්තමානයේ ඹයා ඉන්න ආර්ථික තත්වය පිළිබද තෘප්තිමත්ද?

ඔව් ඇත්තෙන්ම.

අනාගත බලා‍පොරොත්තු මොනවද?

කලා කටයුතු වලට සම්බන්ධ වෙමින් මගේ ඉදිරි අධ්‍යාපන කටයුතු කර ගැනීම තමයි

By: Ruvini Kaushalya

Angie – Glamour of a Girl!

Angie Cruise is a Sri Lanka television personality. She has the privilege of creating and presenting MY STYLE program in Channel C, which mainly deals in interviewing Celebrities, professionals in various fields and scopes, and one of unique presenting way in Sri Lankan TV industry.

310kk

And before that people knew her as a very photo-genie person and she has done lots of photo shoots which all of them are her own ideas and presentations. Those photos attracted many in the social media in Sri Lanka.    That visibility helped her to climb up to a top position in the TV industry.

6k9k

The new photoshoot that exclusively features in Boston Lanka Media captures the glamour of a girl in a very decent way but not scarifying the beauty within.

2kdone

Her makeup and hair done by Kevin Nirman, photography by Roshean Abeysekara  ,costume by Rayan K Nevado and photo retouched by Chameera Lakmal.

75

ලොව අවසන් ගැහැණිය පදවන ආදරයේ ඔංචිල්ලා

By: නිරාශා පියවදනි – nirashapiyawadani@gmail.com 

ඇය ලොව අවසානයට ඉතිරි වන ගැහැණියයි. පිරිමින් පමණක්  ශේෂව ගිය ලෝකයක අවසානයට ඉතිරි වූ එකම ගැහැණියකගේ සංවේදනාවන් කෙසේ වනු ඇතිද? 

ඒ ගැහැණිය වේදිකාව මත ප්‍රතිනිර්මාණය කරන ගැහැණියගේ මුහුණ දෙස බලා මා විමසුවේ ඔබ ඇයනම් කුමක් කරන්නේද කියාය. ඇය ගත් කටටම කිවේ “වෙන අහවල් දෙයක්ද? මා නම් හැකිතාක් විනෝද බරව මේ අවසන් හෝරා කිහිපය ගෙවා දමමින් ප්‍රීතිමත් අවසානයකට ලක ලැහැස්ති වන බවයි!”

 ඉතාලි ජාතික ජුලියා පිලිප්පෝ ඒ මුදා හැරියේ  යුරෝපයේ නිෂ්පාදිත ගැහැණු හඩ විය හැකිය. එහෙත් ඉන්දියන් සයුරේ මුතු ඇටය පෝෂණය කළ නිර්මාණකරුවන් දෙපළගේ හිස තුළ මැවුණු ගැහැණිය ඊට ඉදුරා වෙනස්ය.  ඇගේ සංවේදනාවන් රාගය කෝපය ඊර්ෂ්‍යාව මුසු වී ව්‍යාකූලව ගොස් ඇත. 

කාව්‍යමය ගුණය දෝර ගලා යන අපූරු බස් වහරකින් ඇය ඔංචිල්ලාවක් මත දිග හරින්නේ හදවත පුපුරා ගලා හැලෙනා නේක විධ සංවේදනා සමූහයකි. මෙතෙක්  ශ්‍රී ලාංකීය වේදිකා නාට්‍ය  ප්‍රේක්ෂකාගාරයට එතරම් නුපුරුදු මේ බස් වහර ගෙත්තම් වන්නේ ප්‍රවීණ කිවියර මංජුල වෙඩිවර්ධනයන් අතිනි.  ඔහුගේ මුල් සිංහල පිටපත එහි වන කාව්‍යාත්මක බවින් ඉංග්‍රීයට නගන ලද්දේ  දිලිනි ඊරියවල විසිනි.

නාට්‍ය අධ්‍යක්ෂණය ප්‍රවීණ නාට්‍යෙව්දී එම්. සෆීර්  විසිනි. නිරන්තර වේදිකාවේ පර්යේෂණාත්මක නිර්මාණකරණයට වෙසෙස් නැඹුරුවක් දක්වන නිර්මාණකරුවෙක් ලෙසින් එම්. සෆීර් හැදින්විය හැකිය.

සිරුරේ හැඩතල භාවිත කරමින් සිදු කරන හැගීම් ප්‍රකාශනයන්, වර්ණවත් ඔංචිල්ලා, කෘතිම වැස්ස, ආදී පර්යේෂණාත්මක අංගයන්ගෙන් වේදිකාව හැඩ කරන මෙම නාට්‍යමය ගෙත්තම ප්‍රේක්ෂකයාට නව්‍ය අත්දැකීමක් තිළිණ කරනු ඇති බව ඔහුගේ විශ්වාසයයි.

 ජාත්‍යන්තර තලයට රැගෙන යාමේ අරමුණින් නිර්මාණය වූ  මෙම කෘතිය පුරා දිව යන්නේ එකම චරිතයක් පමණි. ඒ කාන්තා චරිතයකි. 

 වේදිකාවේ ජාත්‍යන්තර  අත්දැකීම්වලින් සන්නද්ද වූ ඉතාලියනු රංගවේදිනියක වන  ජූලියා ෆිලප්පෝ මේ සදහා තෝරා ගත්තේ ඈ සතු රංගනයේ අත්දැකීම් බහුලකම නිසාම නොවේ

IMG_3414

ඔංචිල්ලාවක හරඹ කරන්නට තරම් අපූරු නම්‍යශීලී සිරුරක් ඇයට හිමිව තිබීමත් ආදරයේ ඔංචිල්ලා පදවන්නට ඇයට විශේෂ සුදුසුකමක් විය.  මේ වන විට ජූලියා ෆිලිප්පෝ මෙරට පැමිණ සිටීඇය මාසයක කාලයක් පුරාමෙරට රැදෙමීන් පූර්ණකාලීණව පුහුණුවීම්වල නිරත වූ අතර සීමිත ආරාධිත ප්‍රේක්ෂාගාරයක් වෙනුවෙන් පැවැත්වෙන මෙම නාට්‍යය නිර්මාණයේ පූර්ව මංගල දර්ශනය දක්වා අඛණ්ඩව මෙහි රැදී සිටිනු ඇත.

එම පූර්ව මංගල දර්ශනය 21 වන දා එනම් අද දින කොළඹ ලුම්බිණි රගහලේදී වේදිකාගත වේ.

ආදරයේ ඔංචිල්ලා “ මංගල දර්ශනය පැවැත්වෙන්නේ නොවැම්බර් මස ඉන්දියාවේ පූනේ අයිෆා ජාත්‍යන්තර නාට්‍ය උළෙලේදීය. තවත් විශේෂ දර්ශන වාර තුනක් කොරියාවේ සෝල් නුවර කොරියානු ජාත්‍යන්තර ඩියෝ නාට්‍ය උළෙලෙදී’ පැවැත්වේ.  ඉන් පසු එයලොවපුරා ආරාධිත දර්ශන ගණනාවක් වේදිකා ගත කෙරෙයි.

IMG_3342

එමෙන්මමෙහි නිෂ්පාදන කළමණාකරණය හා රංගාලෝක රචනය සූජීව පතිනිසේකර විසින්  සිදුකෙරෙයි.  සංගීත නිර්මාණය වින්දක වීරසිංහගෙනිවේදිකා කළමණාකරණ ජීවන්තිපෙරේරා සිදුකරන අතරවේදිකා පරිපාලනය තරුෂිකාවින්දිය මෙම  නිෂ්පාදනයේ ජාත්‍යන්තර සම්බන්ධිකරණ කටයුතු සිදු කරනු ලබන්නේ ජයලත් එස්ගෝමස් විසිනි.

By: නිරාශා පියවදනි – nirashapiyawadani@gmail.com