Tribute to Icon thespian actor Wijeya Nandasiri

Veteran cherished Icon thespian actor Wijeya Nandasiri who gave life to many a character to stage, small screen and films breathed his last on the way to the Kalubowila Teaching hospital from his residence at Kalapura,Templars road Mt Lavinia on the morning of the 08th August  2016,following a heart attack at the age of 72 years. Thus Wijeya Nandasiri the celebrated thespian actor in performing arts had his final curtain call after providing ample of smiles, joy and laughter to audiences dominating and conquering the stage and the silver screens for over five decades.

Wijeya Nandasiri was born on 06th May 1944 to a humble family in Maharagama had received his primary and secondary education at the Vidyakara Vidyalaya in Maharagama. He had become interested in acting during his tenure in school .He had made theatre debut in the year 1966 in the stage drama Vidura-Diva produced by Amaradasa Gunawardena for the State drama festival. He next portrayed a role in Naribena, Jasaya saha Lenchina made by veteran renowned dramatist Dayananda Gunawardena, who personally invited Wijeya Nandasiri to become part of the cast.

wijaya nandasiri Wijaya-Nandasiri 2

Wijeya was initially attached briefly as a catering officer at the Bandaranaike International airport in Katunayake in the late-’60s as his acting career developed. After his debut drama he subsequently played in many stage dramas including Bakmaha Akunu by Dayananda Gunawardena, Thahanchi and Baka Thapas by Sathischandra Edirisinghe, KontharayaWahalak Nathi Geyak and Sarade Sina by Prema Ranjith Thilakarathna and Bedde Goranaduwa by  Ananda S. Wijesiri.

After Ran Kanda, Nandasiri was on demand, and starred in the plays Subha Saha YasaNariya Saha Keju KellaEkadipathiTharawo EgilethiKuweni and Hunuwataye Kathawa among others.

Over the next 27 years he played the character of Prince Maname in Proffessor Ediriweera Sarachchandra‘s celebrated drama Maname, and appeared in Singha BahuMahasara and Ratnawalee.  Wijeya Nandasiri achieved more fame in 1971 in the play Ran Kanda. He has participated over 40 plays staged island-wide since.

Wijeya Nandasiri’s early television credits included Gamana and Pramada Wedei. He was later a producer of teledrama Humalaya. He became famous as a comedy actor with the character of “Preem” in the teledrama “Nonawaruni Mahathwaruni” broadcasted on Sirasa TV.Then later in Yes Madam, Ethuma and Yes Boss.

Wijeya Nandasiri was married to renowned actress Devika Mihirani], who herself holds the record to be the main actress in Sri Lanka’s first ever Tele-drama, Dimuthu Muthu]. Their first close encounter was at Sudarshi Visual Arts Center, where Mihirani learnt dancing. It was Wijeya Nandasiri the one who invited Mihirani for the drama Subha Saha Yasa in 1974. They have two children, Navanjana and Rasanjana Suchitra.The elder daughter Navanjana is married to Chaminda Guneratne and they are domiciled in Brisbane Australia, the younger son Rasanjana is studying in USA.

Wijaya nandasiri 4

Wijeya Nandasiri in year 1976 had met KAW.Perera the renowned film director and producer while staging T. B. Ilangaratne‘s Shailasanaya gave him his first film role in the movie Nedayo The character  portrayed was of a blind person and the song “Sanasum Susuman Pavila” the song he portrayed  is still a popular song lingering among people as his starring in the scene was absolutely realistic He has had roles in such films as Mage Amma Yasa IsuruSandakada PahanaBangali WalaluSasara ,left right Sir,Bahuboothayo Rail Para,Mage Amma,Magodigo Dayi,King hunthar,Sakvithi Dadayama and Suhada Koka during the years 1976 to 2015 He was awarded the Best Actor award for his role of the match maker in Sikuru Hathe.

More recently he had focused more attention for his stage plays such as Balloth Ekka Behe , Malwadum Anawashai,Aluth Horek One. Invariably his stage shows were in demand and he was actively involved portraying roles in them during the weekends staged island wide

The immense talent accompanied by humility, humbleness and compassion conquering the stage will no doubt would be etched leaving an indelible tinge in the minds of his fans.

May his walk through Sansara be short and may he attain the supreme bliss of Nirvana.

Sunil Thenabadu From Australia

‘ගොන්ඩෝලා’’? මොකක්ද ඒ?

සටහන : පාලිත අබේලාල්

“අපේ රටේ හුගක් අය ජීවත්වෙන්නේ වහල්වලු වගේ… ස්නායු මරලකිසිම හැඟීමක් දැනීමක් නැතිව….”

‘‘ගොන්ඩෝලා’’ ඔබට එතරම් හුරුපුරුදු වචනයක් නොවේ මේක. මේ අපිට ඉදිරියේදී දක්න්නට ලැබෙන නාට්‍යයක් නමක්. මේ නාට්‍ය නිර්මාණය කරන්නේ විශේෂ පුද්ගලයෙක්. ඔහු නමින් ජයලාල් රෝහණයි. දැන් ඔබට ඔහු අමුතුවෙන් හ`දුන්වා දීමට අවශ්‍ය වෙන්නේ නෑ. වර්තමානයේ වේදිකාවේ, ටෙලිනාට්‍යවල වගේම සිනමාවෙත් කැපීපෙනන චරිත රැසක් නිර්මාණය කල සහ ඒ සඳහා විවිද සම්මානයන්ටද පාත‍්‍ර වූ මොහු, අද වෙනකොට සමාජයීය කාරණා සම්බන්ධයෙන් ඉතා සක‍්‍රීය අයුරින් මැදිහත් වීමක නිරත අයෙක්. ‘‘බොස්ටන් ලංකා’’ අපි ඔහු සම`ග මේ අයුරින් ඔහුගේ අලූත්ම නාට්‍ය නිර්මාණය පිලිබ`ද සාකච්ඡාවයකට එළඹුනා.

මොකද මේ පරිවර්තන නාට්‍යයක් කරන්න හිතුනේ?
ඇත්තටම ගොඩක් අය මේ නාට්‍යයේ නම අහපුගමන් හිතන්නේ මේ නාට්‍ය පරිවර්තන නාට්‍යයක් කියල. නමුත් මේ නාට්‍ය ස්වතන්ත‍්‍ර නාට්‍යයක්.

ඒත් මේ නම අපිට හරිම ආගන්තුක බවක් දැනෙනවා?
ඔව්, මොකද මේ නමට පාදකවන කතාව තියෙන්න මෙහෙ නෙවේ,වැනීසිය. වැනීසියේ තියෙනවා ඔරු විශේෂයක් ‘‘ගොන්ඩෝලා’’ කියල. මේ ඔරු භාවිත කරල තියෙන්නේ අතීතයේදී දූපත් අතර ගමනා ගමන කටයුතු සඳහා. මෙහි විශේෂත්වය තියෙන්නේ මේ ඔරු වල නෙවේ. මේ ඔරු පැදවීමට යෙදවූවන්ගේ. ඒ සඳහා යෙදවූයේ වහල්ලූන්. මේ වහල්ලූන්ගේ විශේෂත්වය තමයි නිර්මාණය කරපු අය වීම. මේ අයගේ ස්නායු මරල තමයි නිර්මාණය කරල තියෙන්නේ. මේ නිසා මේ අයට හිතන්න හැකයාවක් නැහැ. දෙන අණට අනුව තමයි ක‍්‍රියා කරන්නේ. මොකද එතකොට පාලනය කරන්න ලේසියිනේ. මම මේ කියන්නේ එක්දහස් අටසිය ගණන්වල වැනීසිය ගැන. මේ තත්ත්වය අද වැනීසියේ නැති වුනත් ‘‘ගොන්ඩෝලාව’’ පැදීමෙන් මට මේ හැගීම තීව‍්‍ර උනා. මේකෙන් තමයි මම මේ නිර්මාණය කිරීමට යොමුවුනේ.

jayalal-rohana

මේ සිදුවීම නිර්මාණයක් විදියට අපේ රටට ගලපාගන්නේ කොහොමද?

ඒක හරි අපූරුවට ගැලපෙනවා. මට මේ ගොණ්ඩෝලාව පැදපු ඒ වහල් ජනතාවගෙයි අද අපේ රටේ ජීවත්වෙන ජනතාවගෙයි අතර විශාල වෙනසක් පේන්නේ නෑ. අද අපේ රටේ බොහෝ ජනතාව ජීවත්වෙන්නේ මේ වහල් ජනතාව වගේ ස්නායු මරල. කිසිම හැඟීමක් දැනීමක් නැතිවයි. මේ නිසා මේ සිදුවීම අපේ ජනතාවට ඉතාම හොඳට ගැලපෙනවා.

ඔබේ නාට්‍ය පිලිබඳව කෙටියෙන් විස්තරයක් කලොත්?
මේ නට්‍යයට පාදකවෙන්නේ අසාර්ථක විප්ලවයක් පැවති රටක්. ඒ රජය විසින් මේ විප්ලවීය පක්‍ෂයේ ලොකු සහෝදරය සහ පොඩි සහෝදරය අත් අඩංගුවට අරගෙන ජිවිතාන්තය දක්වා සිර දඬුවමකට යටත්කරනව. මේ නාට්‍ය පටන්ගන්නේ විප්ලවයෙන් වසර විස්සක් පමණ ගතවී ඇති වසරක එක්තාරා දිනයකින්. ඒ වනවිට මේ රටේ ජනතාව විප්ලවය ජයගෙන තියෙනවා. එළියේ ජනතාව ප‍්‍රීති ඝෝෂා පවත්වනවා, සිර මැදිරියට පවා ඇහෙනවා. මේ සිර මැදිරිරිය තුල තමයි නාට්‍ය දිවෙන්නේ. එතනදී පොඩි සහෝදරය කියනවා ‘‘අපි යමු, දැන් සමාජය වෙනස්වෙලා’’ කියල. ලොකු සහෝදරය න්‍යාය මතම හිතන මතන ක‍්‍රියාකරන කෙනෙක්. ඔහු කියනවා ‘‘නියම තත්ත්වයට පැමිණෙන තුරු එහෙම වෙනස්වීමක් වෙන්නම බැහැ’’ කියල.

Jayala rohana 2

නමුත් බාහිර සමාජය වෙනස්වෙලා. ඒක එයා පිළිගන්නේ නෑ. පිලිගැනීමට සූදානමකුත් නෑ. අද වෙනකොට ලෝකය වෙනස් වෙලා, න්‍යායන් තවදුරටත් වලංගු නැති තත්ත්වයට පත්වෙලා. මම කියන්නේ විශේෂයෙන් අපේ වමේ විප්ලවීය පක්‍ෂත් තාමත් මේ න්‍යායන් මත පදනම්වෙලා කටයුතු කරන තත්ත්වයක් තමයි තියෙන්නේ. මේවත් වෙනස්විය යුතුයි කියන එකයි මගේ අදහස.

සුද්දි කියන්නේ රඟපාන්න ලේසි පහසු චරිතයක් නෙවෙයි

ප්‍රසන්න ජයකොඩිගේ නවතම සිනමා නිර්මාණය වන 28 මේ දින වල ශ්‍රී ලංකාව පුරා සිනමාහල් වල තිරගත වෙමින් පවතිනවා.එහි සුද්දීගේ චරිතයට පණ පොවන ප්‍රවීන රංගන ශිල්පිනී සේමිනී ඉද්දමල්ගොඩ අද බොස්ටන් ලංකා හා කතාබහට එකතුවෙනවා.

කාලයකට පස්සේ සේමිනී කරළියට ඇවිල්ලා තියෙනවා ?

ඔව් සනත් ගුණතිලක මහතාගේ සිනහව අතරින් ‍ෆිල්ම් එකෙන් පස්සේ ප්‍රසන්න ජයකොඩි මහතාගේ 28 ‍ෆිල්ම් එක හරහා නැවත පැමිණෙනවා.මා රංගනයෙන් දායක වූ වෙනස් සිනමා නිර්මාණයක් හැටියට 28 සිනමා නිර්මාණය හඳුන්වන්න පුළුවන්.

Film 28-4

ඔබ ඔය පවසන වෙනස ඔබට අභියෝගයක් වුණා ද ?

ඔව් ඇත්තටම ඒක ලොකු අභියෝගයක් වුණා.මොකද 28 චිත්‍රපටයේ සුද්දි කියන්නේ රඟපාන්න ලේසි පහසු චරිතයක් නෙවෙයි.ගොඩක් අමාරු වුණා.මොකද සියලුම කාන්තාවන් නියෝජනය කරන චරිතයක් තමයි සුද්දි කියන්නේ.ඒ නිසා සුද්දිව ප්‍රතිනිර්මාණය කරනවා කියන එක ලේසි පහසු කාර්යයක් වුණේ නෑ.

සමස්ත කාන්තා පරපුර නියෝජනය කරනවා කියන එකෙන් ඔබ අදහස් කරන්නේ මොකක් ද ?

ආසියාතික රටවල කාන්තාවන්ට තියෙන ප්‍රධානම ප්‍රශ්නයක් තමයි ලිංගික සූරාකෑම.විශේෂයෙන් ලංකාව වගේ රටක ලිංගිකත්වය කියන්නේ හරිම රහක් තියෙන දෙයක්.පාසල් අධ්‍යාපනයේදීවත් හරියට මේක විවර වෙන්නේ නෑ.ඒ නිසා මේක අමුත්තක් වෙලා තියෙන්නේ.කැත දෙයක්,කුණුහරුපයක්,හොරයක්,වංචාවක් වෙලා තියනවා ලංකාවේ සමාජය ඇතුළේ ලිංගිකත්වය කියන එක.ඉතින් ඒ සම්බන්ධයෙන් කාන්තාවන්ට තියෙන තාඩන පීඩන තමයි සුද්දි කතා කරන්නේ.ඉතින් කතාව එක්තරා මට්ටමක සමස්තයම නියෝජනය කිරීමක් කියලා කියන්න පුළුවන්

Film 28-67

ඔබ ඔය කියන ලිංගික සූරාකෑමට වඩා ලාංකික ගැහැණියට ලැබෙන අපවාද ඊට වඩා ප්‍රබලයි කියලා මම කීවොත් ඔබ ඊට එකඟ වෙනවද ?

ඔව් ඔබ කියන කියන දේ හරි.මොකද දැන් තියන තාක්ෂණයත් එක්ක ලිංගික සූරාකෑමට වඩා කාන්තාව දූෂණය වෙනවා දැන් තියෙන තාක්ෂණයෙන්.ඉතින් ඔබ කියන කතාවත් එක්ක මට එකඟවෙන්න පුළුවන්

පුරුෂයාගේ ලිංගික ආධිපත්‍ය තහවුරු කිරීමට කාන්තාව වක්‍රව උදව් කරනවා වෙන්න බැරිද ?

ඔව් කාන්තාවත් මේකට වක්‍රාකාරව උදව් කරනවා.නිහඬ වීම සහ මුණිවත ‍රැකීම ස්ත්‍රියක් ස්ත්‍රියක් වීම නිසා ‍රැකිය යුතු කරුණක් කියලා කාන්තාව සිතනවා.මෙය දැනුවත්ව හෝ අවිඥානිකව සිදුවෙන්නත් පුළුවන්.මේ අවිඥානිකත්වය තමන් තමන්වම ප්‍රපාතයට ඇද දමා ගැනීම දක්වා දිවෙන්න පුළුවන්.

විසි අට හරහා කියවෙන්නේ කාන්තාවට සිදුවන සමාජ අසාධාරණය ගැන විතරක් ද ?

නැහැ.සුද්දි පුරුෂයාට වුණ සමාජ අසාධාරණය පිළිබඳවත් කතා කරනවා.අපේ මේ සංස්කෘතිය ඇතුලෙදි පුරුෂයාටත් හැඟීම් හිරකරගෙන ජීවත් වෙන්න වෙලා තියෙනවා.සමහරවිට ඒ හේතුවම වෙන්නත් පුළුවන් පුරුෂයා නොමග යන්න කියලත් අපිට එක පැත්තකින් හිතන්න පුළුවන්.මම හිතන්නේ අබසිරි හරහා කියන්න උත්සහ කරන්නේ සමාජ අසාධාරණය ඉදිරියේ අසරණ වුණ පිරිමියා ගැන.

‍ෆිල්ම් එකේ සමස්තය ස්ත්‍රී පුරුෂ සමාජභාවය ගැන කතා වෙනවා.පීඩනයට පත් වූ කාන්තාව පිළිබඳ විශාල වශයෙන් කතා වෙනවා.ඒත් චිත්‍රපටය ප්‍රචාරණයේදී,එහෙමත් නැත්නම් අලෙවිකරණ කාරණයේදී සරාගී සේමිනී ඉද්දමල්ගොඩගේ ඡායාරූප සිනමාශාලාව ඉදිරිපිට දර්ශනය වෙනවා ,මේ ගැන ඔබේ අදහස මොකක් ද?

ඔබේ ඔය කතාවට මම එකඟ වෙන්නේ නෑ.මොකද ඔබ ඔය කියන ආකාරයේ සරාගී දෙයක් එතන නෑ.හොඳ දෙයක් ඔයා ඇහුවේ,ගැහැණියෙක් සරමක් ඇඳගෙන නානවා කියන එක,දිය රෙද්දක් ඇඳගෙන නානවා කියන එක සරාගී දෙයක් නෙවෙයි නේ.ඒක සරාගී ඇහෙන් බලන්නත් පුළුවන් ඕනනම් මිනිස්සුන්ට.බලලා ඒකට ප්‍රතිචාර දක්වන්නත් පුළුවන්.ඔබ ඔය කියන කාරණයට මම එකඟ නොවෙන්නේ බො‍රැල්ල හංදියේ තියෙන කටවුට් එක දැක්කොත් ඔය කියන කාරණය නිශේධනය වෙනවා.

ඔබ මෙතෙක් රඟපෑ චරිතයන් තුළින් තවමත් සේමිනීගේ උපරිමය එළියට ආවේ නෑ කියලා මම කීවොත් ?

අපේ පරම්පරාවෙදි ඇත්තටම අපිට ලොකු අසාධාරණයක් වුණා.මොකද හොඳ නිර්මාණ අපේ කාලයේ සෑහෙන්න අඩුවෙන් බිහිවුණේ.මට වගේම ඒ අසාධාරණයට කාංචනා මෙන්ඩිස් ,දමිතා අබේරත්න ට වගේ අවස්ථාවන් විරල වුණා කීවොත් හරි.ඒක අපේ පරම්පරාවට මොකක් හෝ අවාසනාවක් නිසා සිදුවුණ දෙයක් වෙන්න ඇති.නමුත් ලැබුණු හැම නිර්මාණයකින්ම මම පෞද්ගලිකවම මට පුළුවන් උපරිම දේ කළා කියන තැන මම ඉන්නවා.

ඒ කියන්නේ නිර්මාණයක නිර්මාණාත්මක අවශ්‍යතාවයක් වෙනුවෙන් ඔබ ඕනෑම අභියෝගයක් බාර ගනීවි ද ?

ඕනෑම අභියෝගයක් කියන තැන මම නෑ.මොකද මම අම්මා කෙනෙක්,මට දරුවෙක් ඉන්නවා.ඒ වගේම මට සමාජ පසුබිමක් තියනවා.එහිදී යම් චිත්‍රපටයක නිරුවත් දර්ශනයක් රඟපාන්න තිබුණොත් මම එය බාර නොගනී,කවදාවත්ම මගෙන් ඒ වගේ දෙයක් බලාපොරොත්තු වෙන්න බැරිවෙයි.හැබැයි මගේ සීමාවන් තියෙනවා.මම විසින් හදාගත්ත.ඒ සීමාවන් ඇතුලේ මට කරන්න පුලුවන් උපරිම දේ මම නිර්මාණයක නිර්මාණාත්මක අවශ්‍යතාවයන් වෙනුවෙන් කරයි.

සංඛ රඹුක්වැල්ල

විශේෂ කෙනෙක් හිතේ ඉන්නවා – තිවංක අශ්වින්

තිවංක අශ්වින් කියන්නේ නිරූපණ ක්ෂේත්‍රයට අමුත්තෙක් නෙවෙයි.නිරූපණ අංශයේ තරඟයකින් නිරූපණ ක්ෂේත්‍රයට පැමිණි ඔවු මේ වන විට නිරූපණ ක්ෂේත්‍රයේ හා රංගන ක්ෂේත්‍රයේ කටයුතු කරමින් සිටිනවා.බොස්ටන් ලංකා වෙනුවෙන් තිවංක දැක්වූ කෙටි පිළිසඳරක් මේ.

තිවංක කොහොමද ක්ෂේත්‍රයට එන්නේ ?

ඇත්තටම මම නිරූපණ ක්ෂේත්‍රයට එන්නේ අහම්බයකින් කීවොත් නිවැරදී.2014 දී පවත්වන ලද  නිරූපණය හා සම්බන්ද තරඟයකින් පසුව තමයි මම නිරූපණ ක්ෂේත්‍රයට පිවිසෙන්නේ

FB_IMG_1492161257339FB_IMG_1487441506453FB_IMG_1491210784613FB_IMG_1492510902462-1

ඔබ නීති ශිෂ්‍යයෙක්,ඒ වගේම නිරූපණ ශිල්පියෙක්. අන්ත දෙකක් ඔබ එකවර නියෝජනය කරනවා.කොහොමද මේ වෙනස බැලන්ස් කරන්නේ ?

මම මේ වන විට අවසන් වසර නීති ශිෂ්‍යයෙක්.ඒ වගේම මානව සම්පත් කළමණාකරන උපාධි පාඨමාලාවේ අවසන් දින කිහිපය මේ වෙනකොටත් ගත වෙන්නේ.ඔබ කීවා වගේ මේ අන්ත දෙක බැලන්ස් කරන්න ටිකක් අමාරුයි තමයි.අර කතාවට කියනවා වගේ හිතුවොත් කරන්න බැරි දෙයක් නෑනේ.ඒ නිසා හැමදේම අභියෝග විදිහට අරන් අභියෝග වලට සතුටින් මුහුණ දෙනවා.

නිරූපණ ක්ෂේත්‍රයේ නිරූපණ ශිල්පිනියන්ට තියෙන තැන ශිල්පියෝන්ට නෑ නේද ? මොකක් ද ඒකට හේතුව ?

එහෙම වෙන්නත් පුළුවන්,නොවෙන්නත් පුළුවන් කියන තැනක මම ඉන්නේ.හැබැයි ඊටත් වඩා මම විස්වාස කරන දක්ෂතාවය,නිසි හැදෑරීම සහ කැපවීම දවසක නියමිත කෙනාව සොයාගෙන එයි කියලා.ඒ කෙනා කාන්තාවක්ද පිරිමියෙක් ද කියලා එතනදි අදාළ වෙන්නේ නෑ මම හිතන්නේ

FB_IMG_1491663582637FB_IMG_1490881765781

නිරූපණ ක්ෂේත්‍රයට පිරිමියෙක් යොමු වීම තුළ ආර්ථිකමය අතින් වාසි දායක ද ? නිරූපණ ශිල්පියෙක් වෙලා පවුලක් නඩත්තු කරන්න  පුළුවන් ද ?

ලංකාවේ නිරූපණ ක්ෂේත්‍රය වාණිජමය පදනමක් සහිතව ගොඩ නැගිලා නැති නිසා ඔබ ඔය කියන තත්ත්වය යම් මට්ටමකට පවතිනවා.උදාහරණයක් වශයෙන් ගත්තොත් අවස්ථාවන් පවතින්නේ සීමිත ප්‍රමාණයක්.ඊට සාපේක්ෂව යුරෝපය වගේ ගත්තොත් නිරූපණ ක්ෂේත්‍රය ම පදනම් වුණ ඉන්ඩස්ට්‍රියක් නිර්මාණය වෙලා තියෙනවා.ඉතින් අර ඔබ කිව්වා වගේ එහෙම බලද්දී සාපේක්ෂව ආර්ථිකමය අතින් අපි ඔවුන්ට වඩා පසු පසින් ඉන්නවා වෙන්න පුළුවන්.පවුලක් නඩත්තු කිරීම කියන කාරණයෙදී ඉතින් මුදල් නිසි පරිදි කළමනාකරණය කරගැනීමයි වැදගත්.කෝටියක් මාසෙකට ලැබුණත් වැඩක් නෑ කලමනාකරණය අසමත් නම්

තිවංක දැන් පෙම්වතෙක් ද

විශේෂ කෙනෙක් හිතේ ඉන්නවා.බලමු ඉතින් ඉදිරියට.කාලය ඒ දේවල් තීරණය කරාවි

මොනවද තිවංකගේ අලුත් වැඩ කටයුතු .. අවසාන වශයෙන් ඒ ගැනත් කියමු නේද ?

මේ කාල වකවානුවේ නම් අධ්‍යාපන කටයුතු වලට වැඩි අවධානයක් දීලා තියෙන්නේ.උපාධි දෙකේම අවසාන මාස දෙක ගෙවෙන්නේ.ඒ අතර තුර නිරූපණ වැඩ කටයුතු ‍තෝරා බේරාගෙන කරගෙන යනවා.ඊට අමතරව මම විසින්ම රචනා කළ ගීතයක් එළිදක්වන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා

ඔබ දිගටම නිරූපණ ක්ෂේත්‍රයේ ‍රැඳී ඉන්න බලාපොරොත්තුවෙනවද ?

නිරූපණ ශිල්පියෙකු සහ රංගන ශිල්පියෙකු ලෙස ඉදිරියටත් මම සම්බන්ද වේවි.

සංඛ රඹුක්වැල්ල

 

 

චුලක්ෂි රණතුංග ලොව හොදම නිරූපිකාව ලෙස කිරුළු පළදී

ස්පාඤ්ඤයේදී පැවති කීර්තිමත් තරග ඉසව්වකට සහභාගී වූ චුලක්ෂි රණතුංග 2017 වසරේ ලොව හොඳම නිරූපිකාව ලෙස කිරුළු පළදමින් ශ්‍රී ලංකාවට ගෞරවයක් අත් කර දීමට සමත්ව ඇත.

ඇය මෙරට ප්‍රකට මොස්තර නිරුපීකාවක් වන අතර මේ වනවිට සිනමාවට ද පිවිස තිබේ.

කලා කෘතියකින් ආනන්දයෙන් ප‍්‍රඥාවට පේ‍්‍රක්‍ෂකයා ගෙන යා යුතුයි ?

BY: -පාලිත අබේලාල්-

ස්වතන්ත‍්‍ර නාටය නිර්මාණ කරනයෙන් සුවිශේෂී දක්‍ෂතාවයන් දැක්වූ නිර්මාණ කරුවකු වන උදයසිරි වික‍්‍රමරත්නගේ නවතම නාට්‍ය නිර්මාණය ‘361’ නාට්‍ය බොහෝ පේ‍්‍රක්‍ෂක අවධානය දිනාගනිමින් රටවටා වේදිකාගත වන නාට්‍ය නිර්මාණයකි. ෙබාස්ටන් ලංකා අපි  ඔහුව ෙසායා  ගිෙය්  ඒකී සුවිෙශ්ෂත්වය නිසාෙවනි.

ඔබේ නවතම නාට්‍ය නිර්මාණය, ‘361’ පිළිබ`දව කෙටි හැඳින්වීමක් කලොත්?

අද වනවිට අපේ රටේ ජනතාව තුල ටෙලි නාට්‍ය තරමටම වින්දනයක් සපයන අංගයක් බවට දේශපාල සංවාද පත්වී තියෙනවා. මේ නිසාම බොහෝ අය අද වෙනකොට රාත‍්‍රී දොළහ එක වෙනකවන් මේ සංවාදයන් නරඹනවා. ඇත්තටම මේ සංවාද නැරඹීමෙන් කිසිම ආකාරයක් ප‍්‍රයෝජනයක් අතිවෙන්නේ නම් නැහැ.

4R 361 Drama 006

ඒක පොදු අදහසක් නෙවේ නේද?

කවුරුත් පොදුවේ ප‍්‍රකාශ නොකරත් ඒක තමයි ඇත්ත දේ. දැන් තියෙන දේශපාලන සංවාදයක් අවසානයේ ප්‍රේක්‍ෂකයන් විදියට අපිට මොනවද ඉතිරිවෙන්නේ. අපේ දැවෙන ප‍්‍රශ්ණයකට මේ සාකච්ඡා වලින් කිසිම විසඳුමක් ලැබී තියෙනවාද? මිනිස්සු  නිස්කාරණේ ලේ කෝපකරගෙන තමන්ගේ නින්දට තියෙන වටිනා කාලය අහිමි කරගැනීමක් තමයි සිදුකරන්නේ. සමහර අවස්ථාවල අර්ථයක් නැති දේකට අර්ථයක් ඇතැයි විග‍්‍රහ කර ඉදිරිපත් කිරීමත් විශාල ගැටළුවක් නේ. ඉතිං මේ තත්ත්වය හොදට විග‍්‍රහ කර පෙන්වන් පුළුවන් කලාව තුලින්. ඒ නිසා මේ බොරුව නැත්නම් ව්‍යාජත්වය කලාත්මක ලෙස පේ‍්‍රක්‍ෂකයා වෙත ගෙනඒමට දරපු උත්සාහක් තමයි ‘361’ කියන්නේ.

ඇයි ඔබ මේ නිර්මාණය ‘361’ කියල නම්කලේ?

සාමාන්‍යයෙන් ප‍්‍රචාරක මාධ්‍ය තුල සියල්ල ආවරණය කරනවා කියන අදහස 360 කියන සංකල්පය තුල තියෙනවා. අපි මේ නාට්‍ය තුල ඒ සීමාවෙන් නැත්තං ඒ රාමුවෙනුත් පිට පැනල සත්‍ය සොයා යනවා කියන අදහසින් තමයි මේ නම යෙදුවේ.

4R 361 Drama 001

මෙකද්ද ඔබ සොයා යන හෝ මේ නාට්‍ය තුලින් ප‍්‍රකාශ කරන සත්‍ය?

මේක හඳුන්වන් තියෙන හරිම වචනෙ සත්‍ය කියනඑකද යන්න මටත් ගැටළුවක්. ඒක අපි ලොක් ස්වභාවය කියල දැනට හඳුන්වමු. ඔය ප‍්‍රශණයටම ඇල්බයා කැමූත් උත්තරයක් දීල තියෙනවා. ලෝකය විචිත‍්‍රයි විවිධත්වයෙන් යුක්තයි වගේම වහා වෙනස්වන ස්වරූපයක් ගන්නවා. ඉතිං මේ ලොක ස්වභායව ඒ ආකාරයෙන් වචිත‍්‍රව නොවුනත් ඒ හා සමීපව ප‍්‍රතිනිර්මාණය කිරීමේ මදක් හෝ හැකියාව පවතින්නේ කලාවටයි. අපි මේ නාට්‍ය කලාව තුලින් කරන්නෙත් මීට වසර ගණනාවකට පෙර නිර්මාණය වූ කලා සම්ප‍්‍රදායක් ඔස්සේ අපේ සමාජයේ පවතින ප‍්‍රශ්ණයක් ප‍්‍රතිනිර්මාණය කිරීමයි.

කලාකරුවන්ගේ කාර්යභාරය වෙන්නේ සමාජයේ ප‍්‍රශණ පෙන්නීම විතරමද?

මගේ කලා භාවිතාව තුල මම කිසිම විටෙක ප්‍රෙක්‍ෂකයාට ප‍්‍රශණ හෝ ගැටළු ඉදිරිපත් කරන්න යන්නේ නෑ. මම මූලික වශයෙන් වින්දනයක් ලබාදීම තමයි කරන්නේ. මගේ අරමුණත් ඒ අයට වින්දනයක් නැත්නම් රසයක් ලබාදීමයි. මේක අතීතයේ ඉදන්ම අපේ කලාව තුල තිබුණු දෙයක්. මුදලි කෝලම ගත්තොත් ඒක ඇතුලෙ කිසිම වෙලාවක ප‍්‍රශ්ණයක් පෙන්නන්නේ නෑ. ඒක වින්දනයක් බවට පත්කිරීමයි කරන්නේ. සිංහබාහු’, ‘මනමේ’, ‘නරිබෑනා’, ‘මධුර ජවනිකාවගේ නාට්‍ය ගත්තත් ප‍්‍රශ්ණය වින්දනයක් බවට පත්කිරීමයි කරන්නේ.

එතකොට කලා කෘතියකින් ආනන්දයෙන් ප‍්‍රඥාවට පේ‍්‍රක්‍ෂකයා ගෙන යා යුතුයි කියන අදහසට ඔබ විරුද්ධයි?

නෑ, මගේ කිසිම විරුද්ධත්වයක් නැහැ. මේ වින්දනය තුලින් අපි ප්‍රෙක්‍ෂකයන් තුල යම් අවබෝධයක් අතිකරවීම අත්‍යවශම කාරණයක්. ප්‍රෙක්‍ෂකයා ඉන්න තැනිනුත් පහළ ඇදල දාන කෘති, ඒ අය කොල්ලකන කෘති අපි ප‍්‍රති‍‍ක්‍ෂේප කරනවා වගේම මගේ අරමුණ වෙන්නේත් උසස් වින්දනයක් ප්‍රේක්‍ෂකයා තුල ඇති කරවීමයි. නමුත් කලා කෘතියකින් අපි මුලින්ම ප්‍රේක්‍ෂකයා වින්දනයට පත්කර ඉන්පසු ඔහුට යම් අවබෝධයක් ඇතිකරවිමයි සිදුකල යුත්තේ.

ඔබගේ නාට්‍ය නිර්මාණ වල නාට්‍ය ආකෘතියට විශෙෂ ස්ථානයක් ලබාදෙනවා.  මේ ආකෘතීන්  ගොඩනඟා ගැනීමේදී ඔබ අනුගමනය කරන විශේෂ ක‍්‍රමවේදයක් තියෙනවාද?

මම කිසිම විටෙක නට්‍යයක් අච්චුවකට ඔන ආකාරයකට නිර්මාණය කරන්නේ නෑ. මම නිතරම ප‍්‍රස්තුතයට අවශ්‍ය ආකාරයෙන් නාට්‍ය ආකෘතිය ගොඩනැගීමට ඉඩදෙනවා. ඉන්පසු විචාරකයන් මේ ආකෘතීන් තමන්ගේ විචාර කාරයයේදී විවිද නම් වලින් හඳුන්වනවා. නමුත් නිර්මාණ කාරයයේදි මම මේ ආකෘතීන් ගැන තැකීමක් කරන්නේම නෑ. දැන් සමාජවාදී ආකෘතියේ නාට්‍ය වගේ විවිද ආකෘතිවල නාට්‍ය දකින්නට පුළුවන්. නමුත් මගේ නිර්මාණ වල ස්වාධීන ආකෘතීන් තමයි තියෙන්නේ. දැන් මගේ සුද්දෙක් ඔබ අමතයිකියන නාට්‍යයේ ආකෘතියේ සුළු වෙනස්කමකින් තමයි `ගපෑම ඉවරයිනාටය නිර්මාණය වෙන්නේ. ඒක සබකෝලයාකියන චරිතයක් හරහා තමයි නාට්‍ය ඉදිරිපත් කරන්නේ. පෙම්යුවලක් ඔනෑකර තිබේනාට්‍ය ඊට හාත්පසින්ම වෙනස් ආකෘතියක තමයි නිර්මාණය වී තියෙන්නේ. මගේ අළුත්ම නාට්‍ය වෙන ‘361’ `දහා මම අරගන්නේ දේශපාලන සංවාද ආකෘතිය.

එතකොට අපිට මේ නාට්‍යයෙනුත් දේශපාලන සංවාදයක්ද දැක බලාගැනීමට තියෙන්නේ?

නැහැ, මේකෙන් දේශපාලන සංවාදයක් කේන්‍ද්‍ර කරගත් නාට්‍යමය අවස්ථාවන්ගෙන් යුත් සුන්දර නාට්‍යයක් නැරඹීමට හැකියාව තියෙනවා. 

BY: -පාලිත අබේලාල්-

සම්මානනීය චිත්‍රපටි අධ්‍යක්ෂ ටී.අර්ජුන් දැයෙන් සමුගනී

සම්මානනීය චිත්‍රපටි  අධ්‍යක්ෂකවරයකු වු  ටී.අර්ජුන් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

ඔහු මිය යන විට 75ස් වන වියෙහි පසුවිය.

ඔහු ලන්ඩනයේ  ෆිල්ම් ස්කූල්  ඇකඩමියේ උපාධිරයකුවන අතර  කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි සිසුවෙකි.

ඔහු අධ්‍යක්ෂණය කළ සිංහල චිත්‍රපට අතර  කලියුග කාලේ, වසන්තයේ දවසක්  සහ සාරා යන චිත්‍රපට ප්‍රධාන වේ . මේ අතරින්  වසන්තයේ දවසක්  චිත්‍රපටය ඉමහත්  ජනප්‍රියත්වයට පත්වු  අතර  එය ජනාධිපති සම්මාන 8 කින් ද ගෞරවයට  පාත්‍රවිය.

එම මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු බ්‍රහස්පතින්දා (20) බොරැල්ල කනත්තේ දී  සිදු කිරිමට නියමිතය.

ඕඩියෝ ඉන්ජිනේරුවරයා සතුව ලොකු වගකීමක් තියනවා

By: නිරාශා පියවදනි

ශිරෝන් මෙන්ඩිස් කියන්නෙ සංගීත රසික ඔබට වැඩිය අහලා දැකලා පුරුදු  චරිතයක්නම් නෙවෙයි වෙන්න පුළුවන්. ශිරෝන් තිරෙන් පිටුපස වැඩකාරයෙක්. සංගීත රසික අපි සංගීතය රස විදින්න පුරුදු වෙලා ඉන්නෙ ගායනය වාදනය සහ රූප රචනා එක්ක. ඒත් ඒ හැමදේම පිටුපස ලොකු තාක්ෂණික මෙහෙයුමක් තියනවා.  ඒ ගැන වැඩි විස්තර කියන්න සුදුසුම කෙනෙක් වුණු ශිරෝන්ටයි අද බොස්ටන් ලංකා ඉඩ විවර වෙන්නේ.

Shiron 4

ශිරෝන් සංගීත ක්ෂේත්‍රෙය් වැඩ පෙන්වන්නෙ අපේ රසිකයන්ට හුරු පුරුදු ගායනයෙන් හෝ වාදනයට වඩා වෙනස් මාධ්‍යයකින්.

ඔව් මගේ ක්ෂේත්‍රය ඕඩියෝ ඉන්ජිනියරින්.තිරෙන් පිටුපස හිද කරන අපූරු මෙහෙයුමක්.

ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්න මුල පුරන්නෙ කොහොමද?

යුනික් සවුන්ඩ්ස් කණ්ඩායම තමයි මුලින්ම මගේ හැකියාව අදුන ගන්නෙ. එහි ක්‍රිෂාන් කියන මිතුරා නිතර මාව දිරිමත් කරමින් මාව මේ ක්ෂේත්‍රයට යොමු කළා.

Shiron 5

මොාකක්ද මේ ඕඩියෝ ඉන්ජිනියරින් කියන්නෙ?

තාක්ෂණයත් සමග සංගීතය මුසු කිරීමේදී ඕඩියෝ ඉන්ිනේරුවරයාගේ කාර්්‍යය ඉතාම වැදගත්.

ගායකයාගේ කට හඩ මොනතරම් මිහිරි වුණත්, නිර්මාණකරණයේදී යොදා ගන්න සවුන්ඩ් මිලියන ගානක් වටින ඒවා වුණත් වැඩක් නෑ ගායනය, වාදනය පිටතට ඇහෙන්නෙ  කටෝර ලෙස නම්. ගායනයත් සංගීතයත්  සුමට ලෙස සුසංයෝග කරලා ගුණාත්මක බව සුරකිමින් තාක්ෂණය හරහා පිටතට ඇහෙන්න සලස්වන්න ඕඩියෝ ඉන්ජිනේරුවරයා සතු ලොකු වගකීමක් තියනවා. මෙය ගායනය සංගීතය සහ තාක්ෂණය සමබර කිරීම කියලා හැදින්වුවත් නිවැරදියි.

Shiron 7

මේ බැරෑරුම් කාර්්‍යෙයන් ජාත්‍යන්තරයෙත් වැඩ පෙන්වුවා කියලා ආරංචියි?

සිංගප්පූරුවෙ යුනිවර්සල් ස්ටූඩියෝ එකේ රටවල් 24ක් ඇවිත් කරපු තරගයකට සහභාගී වුණා. එහි අවසානයේ තෝරා ගත් තිදෙනාට එක් වීමට හැකි වුණා.

Shiron 6

Gypsiesලාට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණෙ කොහොමද?

පසුකාලයක සුනිල් පෙරේරා මහත්මයා මගේ හැකියාවන් දැකලා ඔවුන්ට එකතු වෙන්න කියලා ආරාධනා කළා. මේ වෙනකොටVoice Print, Daddy වැනි කිර්තිමත් සංගීත කණ්ඩායම් සමග වැඩ කරනවා.

ඉදිරියෙදි සහභාගී වීමට සැලසුම් කරලා තිබෙන කලා කටයුතු මොනවද?

හෙට අනිද්දා ඇමරිකාවෙ පැවැත්වෙන ප්‍රසංගයන් සදහා සහභාගී වීමට මේ දිනවල සූදානම් වෙනවා

Shiron 3

  ගායකයෙක් එහෙමත් නැත්නම් සංගීත නිර්මාණකරුවෙක් විදියට ඉදිරියට එන්න අදහසක් නැද්ද?

සංගීතය සහ ඕඩියෝ ඉන්ජිනියරින් ගැන හදාරන්න ආසයි. හැදෑරීමක් එක්ක සහජ හැකියාව එකතු වුණාම වඩාත් නිර්මාණාත්මක දෙයක් කරන්න පුළුවන්. ඔව් සංගීතයෙන් සහ ගායනයෙන් ඉදිරියට එන්නත් අපේක්ෂාවක් තියනවා.

තිරෙන් පිටුපස කරන මෙහෙයුම්වලින් වැඩ පෙන්වන ශිරෝන්ට ළගින්ම ඉදන් සහය දෙන ආදරණීය කෙනෙක් ඉන්නවා කියන්නෙ ඇත්තද?

(සිනා) අම්මෝ ඒවාට තව කල් තියනවා. දැනටනම් එහෙම දෙයක් නෑ. ක්ෂේත්‍රෙය තුළ ප්‍රමිතිය රැකගෙන දිගු ගමනක් යන එක තමයි දැනට හිතේ තියෙන්නෙ.

ඒ අයට මේක ඉන්ටනැෂනල් වගේ තේරෙන්නේ නැත්තේ ෆ්ලයිට් එකක යන්නේ නැති හින්ද වෙන්න ඇති

සංවාදය සහ සටහන – පාලිත අබේලාල්

නාට්‍ය ලෝකයේ හිතුවක්කාරී රස්තියාදු කාරයෙක් වන එම්.සෆීර් ඉසව් ගණනාවක අත්දැකීම් ඇති කලාකරුවෙකි. ඔහු ඇතුළු Inter Act Art කණ්ඩායම විසින් සංවිධානය කරන Colombo International Theatre Festival ( CITF)නම් ජාත්‍යන්තර නාට්‍ය උළෙල අපේ‍්‍රල් මස 4 වනදා සිට 9 වන දින දක්වා කොළඹ බිෂොප් විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැත්වේ. ඒ පිළිබද බොස්ටන් ලංකා සමගින් ඔහු සිය අදහස් පළ කළේ මෙලෙසිනි.

_KSR3155

මෙවර ජාත්‍යන්තර නාට්‍ය උළෙල පැවැත්වීමට සැලසුම් කර ඇති ආකාරය පිලිබඳව විස්තර කලොත්?

අපේ ෆෙස්ටිවල් එක කොටස් හයක් විදියට පැවැත්වෙන්නෙ. අපේ‍්‍රල් 3 වෙනිදා සමාරම්භක උළෙල, මෙහිදි ලාංකීය නාටය කලාවට ලූෂන් බුලත්සිංහලයන් දැක්වූ දායකත්වය වගේම ජපානයේ නූතන නාට්‍ය කරුවෙකුව වන කෙන්ජිරෝ ඔටානිත් ඇගයීමට ලක්වෙනවා. මේ කාර්යය සිදුවෙන්නේ ගල්කිස්ස මවුන්ට් ලැවිනියා හෝටලයේදී. දෙවන කොටස තමයි අපේ‍්‍රල් 4 සිට 9 වනදා තෙක් පැවැත්වෙන දේශීය සහ විදේශීය නාට්‍ය ප‍්‍රදර්ශණය.

මෙතනදී ලංකාව, ඉන්දියාව,බෙලරූස්, ආමේනියා, ප‍්‍රංශයෙන් සහ ජර්මනිය යන රටවල් වලින් නාට්‍ය දොළහක් කොළඹ බ්‍රිතාන්‍ය පාසල් රංග ශාලාවේදී(British International School Auditorium) සවස 7 ට වේදිකාගත වෙනවා. තුන්වන කොටස විදියට 5වනදා සිට 9 වනදා දක්වා ඉනිදියානු සංස්කෘතික මධ්‍යස්ථානයේදී විදේශීය නාට්‍යකරුවන්ගේ මූලිකත්වයෙන් නාට්‍ය වැඩමුළු මාලාවක් පැවැත්වෙනවා. මේ සඳහා නාට්‍ය උළෙලට නිර්මාණ ඉදිරිපත් කල විදේශීය නාට්‍ය කරුවන්ට අමතරව විශේෂ සම්පත් දායකයන් කිහිපදෙනෙක්ද සහභාගි වෙනවා. සිව්වන අංගය විදියට5 සිට 7 වනදා දක්වා කොළඹ ජර්මානු සංස්කෘතික ආයතනයේදී අන්තර්ජාතික අධ්‍යක්ෂකවරුන්ගේ හමුව පැවැත්වෙනවා. මේ සැරේ තියෙන විශේෂත්වය තමයි අපේ ප‍්‍රධාන නාට්‍ය උළෙලට සමමීවඟාමීව නාට්‍ය උළෙලක් මඩකළපුව විශ්ව විද්‍යාලයේ විපුලානන්ද ආයතනයේ පැවැත්වීම. මේ කාර්යය මාර්තු 31 සිට අපේ‍්‍රල් 2 වනදා දක්වා පැවැත්වෙනවා

 ඇයි ඔබ අන්තර් ජාතික නාට්‍ය උළෙලක් ලංකාවට හදුන්වා දීමට යොමුවුණේ?

මේකට හේතු කීපයක් තියෙනවා. මම ඒ නාට්‍ය උළෙලවල් වලට සහභාගී වෙනකොට ඔවුන් මගෙන් අහනවා ලංකාවේ අන්තර්ජාතික නාට්‍ය උළෙලවල් නැද්ද කියල. ඒ අය පුදුම කැමැත්තක් තියෙන්නේ අපේ රටේ නාට්‍ය උළෙලකට සහභාගිවෙන්න. අනික් කාරණය තමයි අපිට ලෝකෙත් එක්ක ගණුදෙනු කරන නාට්‍ය කලාවක් නිර්මාණය කිරීමට නම් අන්තර්ජාතික නාට්‍ය උළෙලක් අවශ්‍යම වෙනවා.

මේ නාට්‍ය උළෙලට ඇතුළත්වන නාට්‍යවල ගුණාත්මක බව පිළිබඳව ඇතැම් අයගේ විවේචන පවතිනවා නේද?

විවේචන කාටත් කරන්න පුළුවන්, කරන්නනෙ කවුරුත් ඉදිරිපත් වෙන්නේ නැත්තෙ. ඇත්තටම ලෝකෙ ඉහළ මට්ටමේ නාට්‍ය උළෙලවල් වල පවා විවිධ මට්ටම්වල නාට්‍ය රඟදැක්වෙනවා. මේ නාට්‍ය උළෙලට එන නාට්‍ය හොඳ හෝ නරක වෙන්න පුළුවන්. එතකොට නාට්‍ය කරුවන්ට හොඳ නාට්‍යයක් කරන්නේ කොහොමද, නරක නාට්‍යක ලක්ෂණ මොනවද කියල අත්දැකීමක් ගන්නත් පුළුවන්. අඩුම තරමේ නාට්‍ය කරුවන්ට අන්තර්ජාතික අත්දැකීමක් ලංකාවෙදිම ලාබාන්නවත් පුළුවන්.

DSC_6919

CITF එකට අන්තර්ජාතික වශයෙන් මොනවගේ පිළිගැනීමක්ද තියෙන්නේ?

මේ වෙනකොට අපේ නාට්‍ය උළෙලට රටවල් 80 කින් විතර 200 කට වැඩිඅයදුම්පත් ප‍්‍රමාණයක් යොමුකරන තත්ත්වයකට ජනප්‍රියත්වයක් හිමිකරගෙන තියෙනවා. මේ වසර පහක් තුල ලබාගත්ත ජයග්‍රහණයක්. ඇත්තටම මේක පුද්ගලිකව මගේ ජයග්‍රහණයක් නෙවේ. පොදුවේ ලංකාවේ නාට්‍යකලාව ජත්‍යන්තරය යෑමක්. ඒ සඳහා ඇගයීම් ලැබීමක් විදියට මම සළකන්නේ.

අන්තර්ජාතික නාට්‍ය උළෙලවල් වලට වසරකට නාට්‍ය කිහිපයක් හෝ ඉදිරිපත් කරන නිර්මාණකරුවන් ඉන්න අපේ රටේ මේ අන්තර්ජාතික නාට්‍ය උළෙල සඳහා ඔවුන්ගේ සහභාගීත්වය සිදුවන්නේ නැත්තේ ඇයි?

ඒඅයට මේක ඉන්ටනැෂනල් වගේ තේරෙන්නේ නැත්තේ ෆ්ලයිට් එකක යන්නේ නැති හින්ද වෙන්න ඇති. ඇත්තටම ඒක නාට්‍යකරුවන්ගේ ප‍්‍රශ්ණයක් මිසක් මගේ ප‍්‍රශ්ණයක් නෙවේ. ඒකට නාට්‍යකරුවෝම තමයි උත්තර දෙන්න ඔන. අද ඒ අයට මේක අවශ්‍ය නැතිවුනත් යම් දවසක මේකෙ අවශ්‍යතාවය ඒ අයට ඇතිවෙයි. මේ වනවිටත් යම් ප‍්‍රවණතාවයක් ගොඩනැගී තියෙනවා.

4 (1)

ඔබේ අත්දැකීම් අනුව ජාත්‍යන්තර නාට්‍ය උළෙලක් සම්බන්ධයෙන් අපේ රටේ ජනතාවගේ පවතින්නේ මොනවගේ ආකල්පයක්ද?

නාට්‍ය කලාව සම්බන්ධයෙන් අතීතයෙ පැවති ඝෘණාත්මක ආකල්පය ඒ විදියටම තවමත් තියෙනවා. අපේ රටේ මේ ජාත්‍යන්තර නාට්‍ය උළලවල් සම්බන්ධයෙන් වැරදි අවබෝධ කීපයක් තියෙනවා. එකක් තමයි ජාත්‍යන්තර නාට්‍ය උළෙලක් කියන්නේ නිකන් මේ වානිජ උත්සවයක් කියල. ඇත්තටම ඒක එහෙම නෙවෙයි. ලෝකයේ  ඕනම ජාත්‍යන්තර නාට්‍ය උළෙලක් පවත්වන්නේ ඒ ඒ කෂේත්‍රවල ඉන්න අයට නාට්‍ය නරඹන්නට මිසක් පොදු ජනතාවට බලන්න නෙවේ. හැබැයි අවශ්‍ය නම් ඒ අයටත් නාට්‍ය නරඹන්න තහනමක් නෑ. අවාසනාවකට අපිට නාට්‍ය කලාවේ වෘත්තීය මට්ටමේ ශිල්පීන් 1000 ක් වත් නැති තත්ත්වයක් තුල තමයි අපි මේ නාට්‍ය උළෙල පවත්වන්නේ.

මේවගේ තත්ත්වයක් තුල ලංකාවේ නාට්‍ය කලාවේ අනාගතය අර්බුධයක නේද තියෙන්නේ?

සත්‍යවශයෙන්ම, මේ සැරේ අපේ නාට්‍ය උළෙල යුරෝපය, ඉන්දියාව සහ ලංකාව කියන අංශ 3ක් යටතේ තමයි ක‍්‍රියාත්මක වෙන්නේ. මේකට යුරෝපය නියෝජනය කරන්නේ ඒ රාජ්‍යයන්වලින් පඩි ලබන, ගිවිසුම් අනුව නිර්මාණ කාර්යයේ යෙදෙන වෘත්තීය නිර්මාණකරුවන් ඉන්න තියටර් කම්පැනිවල නාට්‍ය කණ්ඩායම්. ඉන්දියාවෙන් එන්නෙත් නාට්‍ය කණ්ඩායම්. ලංකාව නියෝජනය කරන්නේ නාට්‍ය කණ්ඩායම් නෙවේ. නාට්‍ය හදපු අය. මෙතන බරපතළ ගැටළුවක් තියෙනවා. මේ විදේශීය නාට්‍ය කණ්ඩායම් සියල්ලම ඒ රටේ නිළ වශයෙන් පිළිගත් නාට්‍ය කණ්ඩායම්. නමුත් අපේ රටේ එවැනි තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවද. අඩුම තරමින් අපිට සංවිධිත නාට්‍ය කණ්ඩායම්ක්වත් මේ රට තුල ගොඩනගාගැනීමේ අවකාශයවත් නිර්මාණය වෙලා නැහැ. මේ තත්ත්වයට රජය වගකිවයුතුයි. නාට්‍ය නිර්මාණකරුවන් සඳහා මෙයිට වැඩිය පහසුකම් සැළසීමට රජයන් ඉදිර්පත් විය යුතුයි.

DSC_6895

යටිතල පහසුකම් සැපයීමෙන් මේ ගැටළුවට විසඳුම් ලැබේය කියල ඔබ හිතනවාද?

දැන් සංවර්ධනය ප‍්‍රමුඛ කාර්යය කරගෙන අධිවේගී මාර්ග ඉදි කලානේ. මේකෙන් දැන් අපි ඉස්සර වගේ වටවන්දනාවේ යන්නේ නැතිව පැය දෙකකින් වගේ ගාල්ලට ගිහනුත් එනවා. ඉතිං නාට්‍ය කලාවටත් හොඳ තත්ත්වයේ නාට්‍ය ශාලා කීපයක් කීපතැනක ඉදිකරන්නකෝ බලන්න. නාට්‍ය හැදෙන්නේ නැද්ද, නාට්‍ය පෙන්නන්නේ නැද්ද කියල බලන්න.

සංවාදය සහ සටහන – පාලිත අබේලාල් (palithaabelal@Gmail.com )

.

 

දැවෙන විහඟුන් මානව හිමිකම් සිනමා උළෙලේදී හොඳ ම චිත්රපටයට හිමි සම්මානයෙන් පිදුම් ලබයි

ලාංකිය තරුණ සිනමා අධ්‍යක්ෂවරයකු වන සංජිව පුෂ්පකුමාරගේ ‘දැවෙන විහඟුන්’ (Burning Birds) සිනමා පටය අද පැවති 15 වෙනි ජිනීවා අන්තර්ජාතික මානව හිමිකම් සිනමා උළෙලේදී හොඳ ම සිනමා පටයට හිමි සම්මානය හිමිකර ගත්තේ ය.

මීට අමතරව ‘දැවෙන විහඟුන්’ චිත්‍රපටයට තරුණ ජූරියෙන් හොඳ ම සිනමා කෘතියට පිදෙන සම්මානය ද (Young Jury Award) හිමි වී තිබේ.

15 වන එක්සත් ජාතින්ගේ මානව හිමිකම් චිත්‍රපටි උළෙල පසුගිය 10 වන දා සිට ස්විස්ට්සර්ලන්තයේ ජිනීවා නුවරදී පැවැත්විණ.

මෙහිදී ලොව රටවල් රැසක් විශිෂ්ට සිනමාකරුවන් ඉදිරිපත් කර තිබූ සිනමා පට අතුරින් සිනමා පට 8ක් අවසන් වටයට සුදුසුකම් ලබා ගත්තේ ය.

එහිදී ඔස්කාර් සම්මානලාභි ‘Moonlight’ , බර්ලින් සිනමා උළෙලේ හොඳ ම අධ්‍යක්ෂණයට හිමි සම්මාන දිනා ගත් අකි කැවුරිස්මැකිගේ ‘The Other Side Of The Hope’ සහ කෑන්ස් සිනමා උළෙලේ සම්මාන දිනු’ Mimosas’ වැනි චිත්‍රපට ද පරාජයට පත් කරමින් ‘දැවෙන විහඟුන්’ මානව හිමිකම් සිනමා උළෙලේදී හොඳ ම චිත්‍රපටියට චිත්‍රපටය සම්මාන දිනා ගත්තේ ය.

‘දැවෙන විහඟුන්’ සඳහා මහේන්ද්‍ර පෙරේරා, සමනලී ෆොන්සේකා, අනෝමා ජනාදරී, චාන්දනී සෙනවිරත්න, ශ්‍යාම් ප්‍රනාන්දු, දසුන් පතිරණ, පුබුදු චතුරංග, ධර්මප්‍රිය ඩයස් ඇතුළු රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් රැසක් රංගනයෙන් දායක වී තිබේ.

සංජීව පුෂ්පකුමාරගේ දෙවැනි වෘත්තාන්ත චිත්‍රපටය වන ‘දැවෙන විහඟුන්’ ශ්‍රී ලංකා, ප්‍රංශ, දොහා කටාර් සහ නේදර්ලන්තය යන රටවල සම නිෂ්පාදනයකි.