ආනයනික සිමෙන්ති සඳහා පනවා තිබූ සෙස් බද්ද රුපියලකින් අඩු කෙරේ

ආනයනික සිමෙන්ති සඳහා පනවා තිබූ සෙස් බද්ද අඩු කිරීමට රජය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව සැප්තැම්බර් මස 06 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික සිමෙන්ති කිලෝග්‍රෑම් 1ක් සඳහා පැවති සෙස් බද්ද රුපියලකින් අඩු කිරීමට පියවර ගෙන ඇති බවයි මුදල් අමාත්‍යංශය සඳහන් කරන්නේ.

අදාළ මිල අඩුවන ආකාරය පහතින්.

66dd3de64e371

රේගු ආදායම රුපියල් ට්‍රිලියනය පසුකරයි

2024 වසරේ මේ දක්වා ගතවුණු කාලය තුල ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව රුපියල් ට්‍රිලියනයක රේගු ආදායමක් ලබාගෙන ඇති බව රේගු අධ්‍යක්ෂ ජනරාල් සරත් නෝනිස් පවසනවා.

රේගු ආදායම රුපියල් ට්‍රිලියනය පසුකිරීම සිදුවූයේ ඉතිහාසයේ පළමු වරට වන බවයි අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ.

මේ අනුව 2024 වසර සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නියම කර ඇති රුපියල් ට්‍රිලියන 1.5ක ආදායම් ඉලක්කය සපුරාලීමට හැකිවනු ඇති බවද ඔහු වැඩිදුරටත් පවසා සිටියා.

2024 පළමු මාස 06 තුළ අමෙරිකානු ඩොලර් බිලියන 09ක අපනයන ආදායමක් ලබා තිබෙනවා – දිලුම්

මෙම වසරේ ගතවුණු මාස හය තුළ අමෙරිකානු ඩොලර් බිලියන නවයක (09) අපනයන ආදායමක් ලබා ඇති බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා.

එසේම  පසුගිය මාස හයක කාලයක තුළ ශ්‍රී ලංකාව, අමෙරිකානු ඩොලර් මිලියන 800ක පමණ ආයෝජන සඳහා ගිවිසුම් ගත වී ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මේ බව සඳහන් කර සිටියේ ‘දෙවසරක ප්‍රගතිය සහ ඉදිරිය’ යන මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (21) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

අදාළ නිවේදනය පහතින්.

66c6c0504a885pdf_page_1 66c6c05018213pdf_page_0

15වෙනිදා ට පෙර ආදායම් බදු ගෙවීම් ගැන විශේෂ දැනුම් දීමක්. – දඩ සහ පොලී ගෙවීම් වලින් බේරෙන හොඳම විදිහ මෙන්න.

තක්සේරු වර්ෂයේ පළමු කාර්තුවේ ආදායම් බදු ලබන 15 වැනිදාට පෙර ගෙවිය යුතු බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජේෂ්ඨ නියෝජ්‍ය කොමසාරිස් නන්දන කුමාර පවසා තිබෙනවා.

ඔහු පෙන්වා දෙන්නේ, ගෙවීම තුළින් දඩ ගෙවීම හා පොලී ගෙවීමෙන් වැළකිය හැකි බවත්, මාර්ගත ක්‍රමය හරහා ගෙවීමේ පහසුකම් මේ වන විට සලසා ඇති බවත්ය.

සතො​ස අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල අඩු කරයි

ලංකා සතොස ආයතනය විසින් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල අඩුකර තිබෙනවා.

ඒ අනුව සුදු සීනි, කීරි සම්බා, ආනයනික අර්තාපල්, සුදු කව්පි, ඉන්දියානු ලොකු ලූනු, මුං ඇට, රතු කව්පි, රතු පරිප්පු, වියළි මිරිස් ඇතුළු භාණ්ඩ කිහිපයක මිල මෙලෙස අඩු කර ඇති බවයි සඳහන් වෙන්නේ.

අද වන විට තැඹිලි සඳහා මැදපෙරදිග රටවලින් විශාල ඉල්ලුමක් පවතින අතර ලංකාවේ තැඹිලි වලට ඇත්තේ සුවිශේෂ ඉල්ලුමකි.

අද වන විට තැඹිලි සඳහා මැදපෙරදිග රටවලින් විශාල ඉල්ලුමක් පවතින අතර ලංකාවේ තැඹිලි වලට ඇත්තේ සුවිශේෂ ඉල්ලුමකි.
තැඹිලි ගත්කල ඩුබායි වෙළඳපළෙහි ලංකාවේ තැඹිලි වලට ඉතා වැඩි ඉල්ලුමක් පවතින බවත් ඩිරාම් තිහක මුදලකටඑහිදී තැඹිලි අලෙවියන බවත් වාර්තාවනවා.
නමුත් අද වන විට තැඹිලි වලට සුදු මැස්සා රෝගය උස්සන්න වී ඇති අතර මේ සඳහා සාර්ථක විසඳුමක් ලබාදී නොමැති බවපවසයි.
වෙනදා අපනයනය සඳහා පැමිණිල්ල ලෑස්ති කිරීමට පෙර බහලුම ගෙන්වා ගන්නා අතර දින තුනක් හතරක් වැනි කාලයක් තුළ ත අපනයනය කළ හැක.
නමුත් අද වන විට දින දහයක් පමණ මහළුම් නතර කර තබා ගැනීමට අවශ්‍ය වන බවත් කැමිලි එකතු කර ගැනීම සඳහා දැඩි අපහසුතාවයක් පවතින බවත් කපන එන කරුවන් පවසයි.

පාන් මිල රු.10 කින් අඩු කෙරේ

පාන් ගෙඩියක මිල රු.10 කින් අඩු කිරිමට සමස්ත ලංකා බෙකරිහිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

ඒ අනුව එහි සභාපති එන්. කේ. ජයවර්ධන මේ බව සඳහන් කළා.

පාන් මිල අඩු කිරීම ගැන තීරණය හෙට

පාන් මිල අඩු කිරීම සම්බන්ධයෙන් හෙට (26) දිනයේ දී ප්‍රකාශයක් සිදුකරන බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

පාන් මිල අඩු කිරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ඊයේ (24) දිනයේ දී පැවති බවයි එහි සභාපති එන්.කේ. ජයවර්ධන සඳහන් කළේ.

එහෙත් පාන් මිල අඩුකිරීම සම්බන්ධයෙන් එහිදී අවසන් එකඟතාවයකට පැමිණීමට නොහැකි වූ බවද, ඒ හේතුවෙන් හෙට දිනයේ තවත් සාකච්ඡාවක් පවත්වන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

බස්නාහිර පළාතේ ත්‍රිරෝද රථ ගාස්තු හෙට සිට අඩුවෙයි

බස්නාහිර පළාත තුළ හෙට (15) සිට ත්‍රිරෝද රථ ගාස්තු අඩුවීමක් සිදුකරන බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතිය පවසනවා.

ඒ අනුව දෙවන කිලෝමීටරය සඳහා මෙතෙක් අය කළ රුපියල් 100ක මුදල රුපියල් 90 දක්වා අඩු කර ඇති බවයි ඔවුන් සඳහන් කළේ.

පළමු කිලෝ මීටරයට අයකළ හැක්කේ උපරිමය රුපියල් 100 ක් බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

අවම බස් ගාස්තුව රුපියල් 2 කින් පහළට

ජූලි 1 වනදා සිට බස් ගාස්තු 5% කින් පහළ දැමීමට තීරණය කර තීරණය කර තිබෙනවා.

ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 2කින් පහළ යන අතර එහි නව ගාස්තුව රුපියල් 28 ක් බවයි සඳහන් වෙන්නේ.

වාර්ෂික බස් ගාස්තු සංශෝධනයට අදාළව බස් සංගම් සහ අමාත්‍ය බන්දුල ගුණවර්ධන සමඟ පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන තිබෙනවා.