මත්පැන් සහ දුම්වැටි බදු ඉහළ​ට

අද (11) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සුරාබදු ගාස්තු ඉහළ දමමින් ජනාධිපතිවරයා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව මධ්‍යසාර සහ දුම්වැටි සඳහා වන සුරාබදු ගාස්තු සංශෝධනය කර ඇති බවයි අදාළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.

Starlink පැකේජ 05 ක් සඳහා TRCSL අනුමැතිය

Starlink සේවාවට අයත් පැකේජ කිහිපයක් සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම විසින් අනුමැතිය ලබාදී තිබෙනවා.

ඒ අනුව Starlink පැකේජයන් 05 ක් සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් අනුමැතිය ලබාදී ඇති බවයි සඳහන් වෙන්නේ.

Residential (Fixed), Residential Lite (Fixed), Priority (Fixed), Roam (Mobility), Mobile Priority (Mobility) ලෙස මෙම පැකේජ නම් කර තිබෙනවා.

අදාළ පැකේජ ගාස්තු සම්බන්ධ විස්තර පහතින්.

677ce8a95f364pdf_page_0

ඉතිහාසයේ පළමුවරට කොටස් වෙළෙඳපොළ ඒකක 16,000 ඉක්මවයි

ඉතිහාසයේ පළමුවරට කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (02) ඒකක 16,000 සීමාව පසුකර තිබෙනවා.

ඒ අනුව අද දිනයේ ඒකක 403.94 ක දැවැන්ත වර්ධනයක් වාර්තා කරමින්, දිනය අවසානයේ මෙතෙක් වාර්තා වූ ඉහළම අගය වාර්තා කරමින් සියලු ඒකක 16,341 ක් ලෙස වාර්තා වී තිබුණා.

අද දින ගනුදෙනු පිරිවැටුම රු. බිලියන 12 සීමාව අභිබවා යාමද තවත් සුවිශේෂී සිදුවීමක් වෙනවා.

සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට වාර්තාගත ආදායමක්

සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව වාර්තාගත ආදායමක් ලබා තිබෙන බව එහි අධ්‍යක්ෂ ජනරාල් රන්ජන් මාරසිංහ පවසනවා.

පසුගිය 23 වනදා වන විට සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව රුපියල් මිලියන 4,427 ක් උපයා ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

දෙපාර්තමේන්තුවට අයත් ආයතනවලින් වැඩිම ආදායමක් ලබා ඇත්තේ පින්නවල අලි සුරක්ෂිතාගාරය බවත්, එය උපයා ඇති ආදායම රුපියල් මිලියන 876 ක් බවත් දැක්වෙනවා.

කොටස් වෙළෙඳපොළ අදත් ඉහළ යයි

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (26) ඒකක 232.13කින් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව අද දිනයේ ගනුදෙනු අවසානයේදී සියලු කොටස් මිල දර්ශකයේ අගය ඒකක 15,400.53ක් ලෙස සටහන්වී තිබෙනවා.

අද දිනයේ වාර්තා වූ පිරිවැටුම රුපියල් බිලියන 7 ක් බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

නොවැම්බර් මාසයේ සමස්ත අපනයන ආදායම ඉහළට

වෙළඳ භාණ්ඩ සහ සේවා යන අංශ දෙකම ඇතුළුව 2024 නොවැම්බර් මාසයේ සමස්ත අපනයන ආදායම එක්සත් ජනපද ඩොලර් මිලියන 1,269.33ක් ලෙස වාර්තා වී තිබෙනවා.

එය 2023 වසරේ එම කාලයට සාපේක්ෂව 0.04%ක වර්ධනයක් බවයි සඳහන් වෙන්නේ.

2024 නොවැම්බර් මාසයේ දී වෙළඳ භාණ්ඩ අපනයන කාර්ය සාධනය එක්සත් ජනපද ඩොලර් මිලියන 943.1 ක් වූ අතර එය 2023 නොවැම්බර් මාසයට සාපේක්ෂව 5.6% ක පහත වැටීමක් බවයි ශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කළ දත්ත වාර්තා පෙන්වා දෙන්නේ.

මුහුදු ප්‍රදේශ ආශ්‍රිත අයහපත් කාලගුණය නිසා මාළු මිල ගණන් ඉහළට

මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව පැවැති අයහපත් කාලගුණය හේතුවෙන් මාළු මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ වෙළෙඳ සංගමය පවසනවා.

ඒ අනුව අද දිනයේ, ලින්නා කිලෝග්‍රෑමයක් රුපියල් 2200කටද, තලපත් කිලෝග්‍රෑමයක් ද රුපියල් 2200කටද, තෝරා කිලෝග්‍රෑමයක් රුපියල් 2500 කටද අලෙවි වන බව පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ වෙළෙඳ සංගමයේ සභාපති ජයසිරි වික්‍රමාරච්චි පවසා සිටියා.

Fitch ණය ශ්‍රේණිගත කිරීම්වලින් ශ්‍රී ලංකාව CCC+ වෙත උසස් කෙරේ

ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම්වල ධනාත්මක ප්‍රවණතාවක් පෙන්නුම් කරන බවත්, මේ හේතුවෙන් ඔවුන් විසින් මෙරට ණය ශ්‍රේණිගත කිරීම් සඳහා උසස්වීමක් ප්‍රකාශයට පත්කර ඇති බවත් ෆිච් රේටින් සමාගම පවසනවා.

ඒ අනුව දිගුකාලීන විදේශ මුදල් නිකුත් කරන්නන්ගේ ශ්‍රේණිගත කිරීම CCC- (සෘණ) මට්ටමේ සිට CCC+ (ධන) මට්ටම දක්වා උසස් කර ඇති බවයි සඳහන් වන්නේ.

ඒ අනුව, ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සහ සාර්ව ආර්ථික දර්ශක සඳහා වූ ඉදිරි දැක්ම සම්පූර්ණ කිරීම මගින් දේශීය මුදල් ණය පැහැර හැරීමේ අවදානම අඩු වී ඇති බවයි ෆිච් රේටින් සමාගම පවසා සිටින්නේ.

නිල නිවේදනය

67663d316107e

2024 තෙවන කාර්තුවේ දී ශ්‍රී ලංකා ආර්ථික​ය 5.5% ක වර්ධනයක් වාර්තා කරයි

2023 වර්ෂයේ තෙවන කාර්තුවේ ස්ථාවර මිල (2015) ගණන් යටතේ රුපියල් මිලියන 2,987,544 ක් ලෙස වාර්තා වූ දළ දේශීය නිෂ්පාදිතය 2024 වර්ෂයේ තෙවන කාර්තුවේ දී රුපියල් මිලියන 3,151,941 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව 2024 වර්ෂයේ තෙවන කාර්තුවේ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය 5.5%  ක ධනාත්මක වර්ධනයක් ලෙස වාර්තා වී ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

2024 වර්ෂයේ තෙවන කාර්තුවේ දී කෘෂිකාර්මික ආර්ථික කටයුතු, කර්මාන්ත ආර්ථික කටයුතු හා සේවා ආර්ථික කටයුතු පිළිවෙලින් 3.0% ක් හා 10.8% ක් සහ 2.6% ක් වශයෙන් ධන වර්ධනයන් වාර්තා කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

ඉතිහාසයේ පළමු වරට කොටස් වෙළෙඳපොළ මිල දර්ශකය ඒකක 14,500 සීමාව පසු කරයි

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (16) නැවත වතාවක් වාර්තාවක් පිහිටුවීමට සමත්ව තිබෙනවා.

ඒ අනුව කොළඹ කොටස් වෙළෙඳපොළෙහි සියලු කොටස් මිල දර්ශකය ඉතිහාසයේ ප්‍රථමවරට අද (16) ඒකක 14,500 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.

ඒ අනුව අද දිනය නිමාවන විට ඒකක 295 කින් සියලු කොටස් මිල දර්ශකයේ අගය ඉහළ ගොස්, එහි අගය ඒකක 14,500.44 ක් ලෙස සටහන් වී තිබුණා.

එසේම අද දිනයේ පිරිවැටුම රුපියල් බිලියන 8.27 ක් බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.