ප්‍රවීන රංගන ශිල්පිනී, මාධ්‍යවේදිනියක් සහ ගුවන් විදුලි ප්‍රවෘත්ති නිවේදිකාවක් වන රම්‍යා වනිගසේකර අභාවප්‍රාප්ත වී ඇත.
රම්‍යා වනිගසේකර මිය යනවිට 73 හැවිරිදි වියේ පසුවිය.
Breaking News
ප්‍රවීන රංගන ශිල්පිනී, මාධ්‍යවේදිනියක් සහ ගුවන් විදුලි ප්‍රවෘත්ති නිවේදිකාවක් වන රම්‍යා වනිගසේකර අභාවප්‍රාප්ත වී ඇත.
රම්‍යා වනිගසේකර මිය යනවිට 73 හැවිරිදි වියේ පසුවිය.
පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් නැගෙනහිර පළාතේ සිදුකළ සෝදිසි මෙහෙයුම්වලට අදාළව වාලච්චේන සෙම්මන්නෝඩේ ගම්මානයේදී මත්ද්‍රව්‍ය වැටලීමක් සිදුකර තිබෙනවා.
එහිදී අයිස් මත්ද්‍රව්‍ය සමග 23 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.
ඒ අනුව අදාළ ගම්මානයේ නිවසක් පරීක්ෂා කිරීමේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 53යි මිලිග්‍රෑම් 240ක්, කේරළ ගංජා ග්‍රෑම් 24යි මිලිග්‍රෑම් 30ක්, මත්පෙති 2,950ක් සහ රුපියල් 86,000ක මුදලක් නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා.
පසුව අදාළ සැකකාරිය සහ මත්ද්‍රව්‍ය ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා වාලච්චේන පොලීසියට භාරදී තිබෙනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා සම්බන්ධයෙන් එහි ඉහළ පෙළේ නියෝජිත පිරිස සමග සාකච්ඡාවක් සිදුකිරීමට විපක්ෂයට අවස්ථාව ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව අදාළ සාකච්ඡාව සඳහා පාර්ලිමේන්තුව පිළිගත් විපක්ෂයේ පක්ෂ නායකයින් වෙත අවස්ථාව සලසා දෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් එළඹෙන සඳුදා (11) ජනාධිපති කාර්යාලයේදී රැස්වීමක් කැඳවා ඇති බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ.
පොලිසියේ ආධුනික කොස්තාපල්වරයෙක් ඉංගිරියේ නිවසකට පහර දෙයි
ගල්පාත චන්දන පෙරේරා
ජාඇල පොලිස් ස්ථානයට අනුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙකු විසින් අද (08)උදෑසන ඉංගිරිය ප්‍රදේශයේ නිවෙසකට ප්‍රහාරයක් එල්ල කර ඇති බව ඉංගිරිය පොලිසිය පවසයි.
මෙසේ ප්‍රහාරය එල්ල කර ඇත්තේ ඇළබඩ පාර ඉංගිරිය, ප්‍රදේශයේ නිවෙසකටය. කොස්තාපල්වරයා විසින් එම නිවසේ දොර ජනෙල් කඩා අලාබ හානි සිදු ඇත. ඊයේ රාත්‍රී ඉංගිරිය ප්‍රදේශයට සාදයකට සහභාගි වී පැමිණි කොස්තාපල්වරයා අද (8)පාන්දර 01.00 පමණ අදාල
නිවසට අලාභ හානි සිදු කරු ඇත. ඒ වන විට නිවසේ සිට ඇත්තේ නිවෙස් හිමිකරුගේ ආ මව සහ බිරිඳ ත් සිගිති දියණියත් පමනක් බවත් දුව කම්පනයෙන් සිටින බවත් පොලිසිය පවසයි.
නිවසට පහර දීමෙන් අනතුරුව එම නිවස ඉදිරිපිට දීම ඉංගිරිය පොලිසියට දුරකථන ඇමතුමක් ලබා පොලිසියට ද තර්ජනය කර ඇති බව ඉංගිරිය පොලිසිය පවසයි.
නිවසට පහර දීමෙන් මෙම ආධුනික කොස්තාපල්වරයාටද තුවාල සිදු වී ඇති අතර අද උදෑසන ඉංගිරිය පොලිසිය මගින් ඔහු අත්අඩංගුවට ගෙන පොලිස් ආරක්ෂාව යටතේ ඉංගිරිය රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පවසයි.
ඉංගිරිය පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් නිලධාරීන් පරීක්ෂණ මෙහෙයවයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප් කමිටුවේ) සභාපති ධුරයට තේරී පත්ව තිබෙනවා.
ඒ අනුව අද (07) රැස්වූ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී මෙම පත්වීම සිදුව ඇති බවයි වාර්තා වෙන්නේ.
නව විදුලි සබඳතාවක් ලබාගැනීමේදී අය කරගන්නා ගාස්තුව වාරික වශයෙන් ගෙවීමේ අවස්ථාව ඉදිරියේදී විදුලි පාරිභෝගිකයන්ට හිමිවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.
ඒ අනුව සම්පූර්ණ මුදලින් 25% ක් පමණ ගෙවා ඉතිරිය වාරික 10 කින් හෝ 12 කින් ගෙවීමට අවස්ථාව ලබාදෙන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
අධ්‍යක්ෂක මණ්ඩලයේ අනුමැතිය ඒ සඳහා ලැබී ඇති බවත්, ඉදිරියේදී එය නිල වශයෙන් දැනුවත් කරනු ඇති බවයි අමාත්‍ය කංචන විජේසේකර වැඩිදුරටත් සඳහන් කළේ.
24- 03-07
කැකිරාව කුෂාන් ජයවර්ධන
වව්නියාව බලා ධාවනය වෙමින් තිබූ බස් රථයේ රියදුරු සිහිසුන් වීමෙන් මැදවච්චියේදී සිදුවූ අනතුරකින් මගීන් 13ක් රෝහලේ.
————————–
ඇගලුම් සේවකයින් පිරිසක් රැගෙන වව්නියාව බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක රියදුරු සිහිසුන්වීම හේතුවෙන් අද (07) උදෑසන මැදවච්චිය ප්‍රෙද්ශයේදී සිදුවූ අනතුරකින් තුවාල ලැබූ 13 දෙනෙකු ප්‍රථීකාර සදහා රෝහල් ගත කර ඇතැයි පොලිසිය කියයි.
වව්නියාව ප්‍රදේශයේ පිහිටි අඟලුම් හලක් වෙත සේවකයින් රැගෙන යමින් තිබූ බස් රථයක් මෙලෙස අනතුරට පත්ව තිබේ. අනතුර සිදුවන අවස්ථාවේ ඇගලුම් සේවකයින් 40ක් පමණ එම බස් රථයේ සිට ඇතැයි පොලිසිය කියයි.
අදාළ බස් රථය ධාවනය කරමින් සිටියදී එහි රියදුරාට රියදුරු අසුනේ දීම සිදුවූ සිහිසුන්වීමකින් එම බස් රථය රියදුරුගේ පාලනයේ මිදී මැදවච්චිය ප්‍රෙද්ශයේදී මෙලෙස අනතුරට ලක්ව ඇති බව පොලිසිය කියයි. ධාවනය වෙමින් තිබූ බස් රථය රියදුරාගේ පාලනයෙන් ගිලිහී ගොස් මාර්ගයෙන් ඉවතට පැන අසළ වූ නිවසක් සමග ඇති ගරාජයකට කඩා වැදීමෙන් අනතුර සිදුව තිබිණ. සිදුව ඇති එම අනතුරින් එම නිවසේ හෝ ගරාජයේ කිසිවකුටත් ජීවිත හානියක් සිදුව නොමැති බව පොලිසිය කියයි.
එහෙත් එම බස්රථයේ ගමන් කරමින් සිටි ඇගලුම් සේවකයින් 13 දෙනෙකු මෙම අනතුරින් තුවාල ලබා ඇති අතර එම තුවාලකරුවන් ප්‍රතිකාර සදහා කඩිනමින් මැදවච්චිය රෝහලට ඇතුළත් කිරීමට ප්‍රදේශවාසීන් පියවර ගෙන තිබේ. මැදවච්චිය රෝහලට ඇතුළත් කෙරුණ එම තුවාලකරුවන් අතරින් 07 දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සදහා මේ වනවිට අනුරාධපුර මහ රෝහල වෙත මාරුකර යැවීමට රෝහල් බලධාරීන් පියවර ගෙන තිබේ.
මැදවච්චිය පොලිස් රථවාහන අංශය මෙම අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ෂණ සිදුකරමින් සිටී.

මෙම වසරේ මුල් මාස දෙක තුළ රිය අනතුරුවලින් පුද්ගලයින් 341 දෙනෙකු මිය ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව පවසනවා.
ඒ අනුව මෙම වසරේ ජනවාරි 01 වනදා සිට මාර්තු මස 01 වනදා දක්වා කාලය තුළ මාරක රිය අනතුරු 324 ක් වාර්තා වී ඇති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.
එම අනතුරුවලින් පුද්ගලයින් 641 ක් බරපතල තුවාල ලබා ඇති බවත් පුද්ගලයින් 341 දෙනෙකු මිය ගොස් ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.
යතුරුපැදි ත්‍රීරෝද රථ ධාවනය කිරීමේදී විශේෂ අවධානයකින් කටයුතු කරන ලෙසත්, පදික මාරුවේදී ද පදිකයින් මාරුවන අවස්ථාවේදී වාහන හිමියන් කල්පනාකාරී විය යුතු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
බිත්තර සදහා උපරිම සිල්ලර මිලක් පැනවීමේ ගැසට්ටුව පළ කිරීමට අදාල මිල ගණන් ඇතුළත් යෝජනාව මෙම සතිය තුළ පාරිභෝගික ආරක්ෂණ අධිකාරියට ඉදිරිපත් කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
ඒ අනුව බිත්තරයක් නිෂ්පාදනය කිරීම සඳහා වන පිරිවැය රුපියල් 30ක් පමණ වන බවත්, අද දිනය තුළ මෙරට බිත්තර නිෂ්පාදනය බිත්තර මිලියන 5.8ක් බවත්, දෛනික බිත්තර පාරිභෝජන අවශ්‍යතාවය බිත්තර මිලියන 7.5ක් බවත් එහිදී අනාවරණ කෙරුණු බවයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සඳහන් කළේ.
බිත්තරයක නිෂ්පාදන මිල රුපියල් 30ක් නම් වෙළෙදපළේ අලෙවි කරන බිත්තරයක මිල රුපියල් 60ක් දක්වා ඉහළ මට්ටමක පැවැතීම කිසිසේත්ම සාධාරණීකරණය කළ නොහැකි බවද, එබැවින් බිත්තර සඳහා පනවන උපරිම සිල්ලර මිල බිත්තර නිෂ්පාදකයා, පාරිභොගිකයා මෙන්ම සිල්ලර වෙළෙන්දා ද ආරක්ෂා වන පරිදි පැනවිය යුතු බව එහිදී අදහස් දැක්වූ අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කර තිබෙනවා.
ළමා අපයෝජනයක් සිදුකළ ස්වේච්ඡා ගුරුවරයෙකුට වසර දොළහක සිර දඬුවම් නියම කිරීමට නුවරඑළිය මහාධිකරණ විනිසුරු විරාජ් වීරසූරිය මාහතා නියෝග කරයි.
ළමා අපයෝජන නඩුවකට වරදකරු වූ ස්වේච්ඡා ගුරුවරයෙකු ලෙස කටයුතු කළ පුද්ගලයකුට වසර 12ක බරපතළ වැඩ සහිත සිර දඬුවම් ලබාදීමට (05) දින නුවරඑළිය මහාධිකරණ විනිසුරු විරාජ් වීරසූරිය මහතා නියෝග කළේය .
නෝර්ටන් බ්‍රිජ් පොලිස් වසමට අයත් ක්ලෙන්ටන් ප්‍රදේශයේ පදිංචි රාජරත්නම් කේතීස්වරන් ( වයස අවුරුදු : 37 ) නම් පුද්ගලයෙකුට මෙලෙස වසර දොළහක බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම කර ඇත ,
පසුගිය දෙදහස් දහය වසරේදී ජනවාරි මාසයේ ක්ලෙන්ටන් ප්‍රදේශයේ පාසලක ස්වේක්ෂා ගුරුවරයකු ලෙස සේවය කල රාජරත්න්ස්ම් කේතීස්වරන් යන පුද්ගලයා පහ ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ බාල වයස්කාර දැරියක් අපයෝජනයට ලක් කිරීම සම්බන්ධයෙන් මෙම නඩුව ගොනු කර තිබිණ ,
උක්ත නඩුව හා සම්බන්ධ නඩු කටයුතු නුවරඑළිය මහාධිකරණය විසින් පසුගිය වසර 13 ක කාලයක් පරිශීලනය කිරීමෙන් අනතුරුව ලැබුණු සාක්ෂි හා තොරතුරු පදනම් කරගනිමින් චෝදනා ලැබූ පුද්ගලයාගේ වරද සාක්ෂි සහිතව ඔප්පු වීමෙන් මෙලෙස වසර 12ක බරපතල වැඩ සහිත සිර දඬුවම් ලබාදීමට නුවරඑළිය මහාධිකරණ විනිසුරු විරාජ් වීරසූරිය මහතා නියෝග කර තිබේ.
තවද වරදකරු වූ පුද්ගලයා විසින් අපයෝජනයට ලක් වූ දැරියට ලක්ෂ පහක වන්දි මුදලක් ගෙවීමටද එම වන්දි මුදල ගෙවීමට අපොහොසත් වුවහොත් තවත් වසර දෙකක සිරදඬුවම් නියම කිරීමට කටයුතු කරන බවද අදාළ නඩු තීන්දුවේ සඳහන් වී ඇත.
ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය