ජනප්‍රිය ටෙලිනාට්‍ය නිළි සහ ස්වර්ණවාහිනී ප්‍රවෘත්ති නිවේදිකා මහේෂි මධුසංකා අධිකරණ වෛද්‍ය හමුවට..

ජනප්‍රිය ටෙලිනාට්‍ය නිළි සහ ස්වර්ණවාහිනී ප්‍රවෘත්ති නිවේදිකා මහේෂි මධුසංකා අධිකරණ වෛද්‍ය හමුවට..

හිරු නාලිකාවෙන් සහ විවිධ පුද්ගලයින් සමාජ මාධ්‍ය යොදා ගනිමින් සිදුකරන පදනම් විරහිත ප්‍රකාශ නිසා සිත් තැවුලට පත් මහේෂි මදි සංකා මහත්මිය කොළඹ කාන්තා හා ළමා කාර්යාංශය හරහා අද දින අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කරනු ලැබුවා.

හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීහු රාත්‍රී ආහාර වෙලදසැල් පරීක්ෂාවට

හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීහු රාත්‍රී ආහාර වෙලදසැල් පරීක්ෂාවට

ගල්පාත චන්දන පෙරේරා

මිනිස් පරිභෝජනයට නුසුදුසු රාත්‍රි ආහාර පරීක්ෂා කර නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ වැඩසටහන ඊයේ
(11 )දින රාත්‍රිය පුරා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 30 කට ආසන්න පිරිසකගේ සහභාගීත්වයෙන්,
හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශය ආවරණය කරමින් පවත්වන ලදී.එහිදී ජනතාවගේ සෞඛ්‍යට අහිතකර ලෙස ආහාර විකිණූ සහ ගබඩා කර තිබූ ස්ථාන රැසකට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලදී.
මේ සඳහා හොරණ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරින් සහ කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යා ආයතනයේ පුහුණුව ලබන මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් පිරිසක්ද සහභාගිවන ලදී.

WhatsApp Image 2024-03-12 at 13.59.26 WhatsApp Image 2024-03-12 at 13.59.16

වැටුප් වැඩි කරගැනීමට එරෙහිව මහ බැංකුව ඉදිරිපිට විරෝධතාවක්

ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවක වැටුප් වැඩි කිරීමට එරෙහිව සිවිල් සංවිධාන කිහිපයක් අද (11) විරෝධතාවයක නිරත වුණා.

ඒ අනුව ඔවුන් බැංකු පරිශ්‍රය ඉදිරිපිට දී මෙලෙස විරෝධතාවයේ නිරත වී ඇති බවයි වාර්තා වෙන්නේ.

වැඩි කරගත් වැටුප් පහළ දැමීමට නොහැකි නම් මහ බැංකු අධිපතිවරයා ඇතුළු පිරිස සිය තනතුරුවලින් ඉවත් විය යුතු බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

පෞරාණික වටිනාකමින් යුත් රන් බුදුපිළිම හා තවත් වටිනා පෞරාණික උපකරණ තොගයක් සමඟ අනුබල දුන් විහාරාධිපතී හිමි නමක් හා පුද්ගලයෙක් අද (11) අත්අඩංගුවට

ගල්පාත චන්දන පෙරේරා

පෞරාණික වටිනාකමින් යුත් රන් බුදුපිළිම හා තවත් වටිනා පෞරාණික උපකරණ තොගයක් සමඟ අනුබල දුන් විහාරාධිපතී හිමි නමක් හා පුද්ගලයෙක් අද (11) අත්අඩංගුවට
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ නෙලුව පාර,5 කණුව,පැලවත්ත ලිපනයේ පදිංචි 24 හැවිරිදි පුද්ගලයෙකු සහ එයට අනුබල දුන් යට්ටපාත, 7 කණුව, සදහම් ගඟුල විහාරස්ථානයේ 64 හැවිරිදි විහාරාධිපති හිමියන්ය බව මීගහතැන්න පොලිසිය පවසයි.

මීගහතැන්න ලිහිණියාව කණිෂ්ඨ විද්‍යාලය අසළදී ලද තොරතුරුකට අනුව වැලිපැන්න පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් එක්ව කළ වැටලීමකදී නෙලුව පාර, 7 කණුව, පැලවත්ත ලිපිනයේ පිහිටි ශ්‍රී සදහම් ගගුල විහාරස්ථානයේ සිට ප්‍රවාහන කරමින් තිබූ පෞරාණික වටිනාකමකින් යුත් රන් බුදු පිළිමයක්,කිරිගරුඬ පිලිමයක්,රත්හදුන් පිලිමයක්,
ඇත්දල දෙකක්,ගල් පිලිමයක්
සෙනර වලිග 2 කලු සුදු
කස්තුරි,
පැරණි මුදල් නොට්ටු හා කාසි කිහිපයක්
ජෝජ් රජුගේ රැව සහිත පීරිසි කොප්ප 1 ඇතුළු භාණ්ඩ කීපයක් භාන්ඩ ප්‍රවාහනය කළ යතුරුපැදීයද අත්අඩංගුවට ගෙන මීගහතැන්න පොලිස් ස්ථානය වෙත භාරදී ඇත

මීගහතැන්න පොලිස් ස්ථානාධිපති තුමා ඇතුළු නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවන අතර හෙට(12) හිමිනම මතුගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිම නියමිතයි.

ඉඟුරු, ගම්මිරිස්, කහ ඇතුළු කුළුබඩු වර්ග ආනයනයට අවසර

ගම්මිරිස්, ඉඟුරු, කහ ඇතුළු කුළුබඩු වර්ග ප්‍රතිඅපනයනය කිරීම සඳහා ආනයනයට අවසර ලබාදීමට රජය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව, ගම්මිරිස්, සාදික්කා, වසාවාසි, කරඳමුංගු, ඉඟුරු, කහ සහ අනෙකුත් කුළුබඩු වර්ග ආනයන හා අපනයන පාලන ජනරාල්වරයාගේ අනුමැතියට යටත්ව ආනයනය කිරීමට අවසර හිමිව තිබෙනවා.

එලෙස ආනයනය කරනු ලබන ද්‍රව්‍ය සඳහා දේශීයව 35% ක අවම අගයක් එකතු කිරීමෙන් අනතුරුව ප්‍රතිඅපනයනය කිරීම සඳහා අවසර හිමිවන බවයි මුදල් අමාත්‍යංශය සඳහන් කළේ.

අදාළ ගැසට් නිවේදනය පහතින්.

65ed5700e21d1pdf_page_1 65ed5700d2d65pdf_page_0

ලෝක රූ රැජින කිරුළ චෙක් රාජ්‍යයේ Krystyna Pyszková හිමිකර ගනී

මෙවර ලෝක රූ රැජින කිරුළ චෙක් ජනරජයේ Krystyna Pyszková විසින් හිමිකරගෙන තිබෙනවා.

71 වෙනි ලෝක රූ රැජින කිරුළ ඉන්දියාවේ මුම්බායිහිදී ඊයේ (09) රාත්‍රී අතිඋත්කර්ෂවත් අයුරින් පවත්වා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එම තරගාවලිය සඳහා රටවල් 115ක තරගකාරිනියන් සහභාගී වූ අතර චෙක් ජනරජයේ Krystyna Pyszková ලෝක රූ රැජින කිරුළ හිමිකරගෙන ඇති අතර අනුශූරිය ලෙස ලෙබනනයේ Yasmina Zeytoun තේරී පත්ව තිබෙනවා.

65ed2263d2b8c 65ed226400b43

උත්සව සමය වෙනුවෙන් බිත්තර මිලියන 40ක් ආනයනය කෙරේ

එළඹෙන උත්සව සමය වෙනුවෙන් බිත්තර මිලියන 40ක් ආනයනය කර ඇති බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර පවසනවා.

ඒ අනුව බිත්තරයක් රුපියල් 43කට මිලදී ගැනීමට අවස්ථාව උදාකරන බවයි එම සංස්ථාව වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර උත්සව සමයේදී මෙරට නිෂ්පාදිත බිත්තර සාධාරණ මුදලකට අලෙවි කිරීමට වෙළඳුන් ක්‍රියාකළ යුතු බවයි ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමය සඳහන් කරන්නේ.

පවතින අධික උෂ්ණත්වය නිසා අක්ෂි ආබාධ ඇතිවීමේ අවදානමක්

මේ දිනවල පවතින අධික උෂ්ණත්වය හමුවේ හිරු එළියට නිරාවරණය වීමෙන් අක්ෂි ආබාධ ඇතිවිවේ අවධානමක් ඇති බව කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය අක්ෂි ශල්‍ය වෛද්‍ය විශේෂඥ මධුවන්ති දිසානායක පවසනවා.

හිරු එළිය සෘජුවම ඇසට පතිත වීමක් සිදු වුවහොත් අක්ෂි සෛලවලට හානි වී, ඇසේ පෙනීමට පවා බාධා මතුවිය හැකි බවයි ඇය පෙන්වා දෙන්නේ.

එසේම පවතින අධික උෂ්ණ තත්ත්වය යටතේ ඇසේ සුද රෝග තත්ත්වයද ඉහළ යා හැකි බවද අක්ෂි ශල්‍ය වෛද්‍යවරිය වැඩිදුරටත් පවසා සිටියා.

සංරක්ෂිත සත්වයකු වන කැස්බෑවකුගෙ බිත්තර තොගයක් සමග පුද්ගලයකු CRISTAL SANDS හෝටලය ඉදිරිපිට වෙරළ තිරයේ දී වි‍ශේෂ කාර්ය බලකාය නිලධාරීන්ගේ අත්අඩංගුවට.

සංරක්ෂිත සත්වයකු වන කැස්බෑවකුගෙ බිත්තර තොගයක් සමග පුද්ගලයකු CRISTAL SANDS හෝටලය ඉදිරිපිට වෙරළ තිරයේ දී වි‍ශේෂ කාර්ය බලකාය නිලධාරීන්ගේ අත්අඩංගුවට.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සංකල්පයකට අනුව දීප ව්‍යාප්තව සිදු කරනු ලබන යුක්තිය මෙහෙයුමට අදාලව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි හම්බන්තොට කලාපය බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත සිල්වා මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී කුමාර මහතාගේ අධීක්ෂණයෙන් විශේෂ කාර්ය බලකාය රත්ගම කදවුරේ පොලිස් පරීක්ෂක එස්.ඒ.සී. ශිරන්ත ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් 2024.03.05 වන දින රත්ගම පොලිස් වසමේ CRISTAL SANDS හෝටලය ඉදිරිපිට වෙරළ තිරයේ දී වැටලීමක් සිදුකර ඇත. සංරක්ෂිත සත්වයකු වන කැස්බෑවකුගෙ බිත්තර 153 ක් සන්තකයේ තබා ගත් රත්ගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 43ක් වන පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශණ කටයුතු සඳහා දොඩංදූව වනජීවී දෙපාර්තමේන්තු කාර්යාලය වෙත භාර දී ඇත.

අම්බලන්ගොඩ අනුරාධ ප්‍රියදර්ශන

WhatsApp Image 2024-03-09 at 11.44.03

6 dead, including 4 children, in Ottawa mass killing

Six people including a mother, her four young children and a family acquaintance were killed inside a townhouse in the south Ottawa suburb of Barrhaven late Wednesday night.

During a media briefing Thursday afternoon, Ottawa police Chief Eric Stubbs said there were initially two calls to 911 around 10:52 p.m. local time Wednesday.

He said first responders arrived within minutes to the home on Berrigan Drive near Palmadeo Drive, a residential area close to two schools.

Police have identified five of the victims as a family of newcomers to Canada from Sri Lanka:

  • 35-year-old mother Bandaranayake Gama Walawwe Darshani Dilanthika Ekanayake.
  • Seven-year-old son Inuka Wickramasinghe.
  • Four-year-old daughter Ashwini Wickramasinghe.
  • Three-year-old daughter Ranaya Wickramasinghe.
  • Two-month-old daughter Kelly Wickramasinghe.

Police said Ekanayake’s husband was injured and is currently in hospital in stable condition. He’s since been identified as Dhanushka Wickramasinghe.

Another man, 40-year-old Gamini Amarakoon Amarakoon Mudiyanselage, was also killed.

Febrio De-Zoysa, 19, is charged with six counts of first-degree murder and one count of attempted murder. Police said he is a Sri Lankan national who is believed to be in Canada as a student.

On Thursday evening, Algonquin College president Claude Brulé released a statement confirming De-Zoysa was a student at the college and that “it appears his last semester of attendance was winter 2023.”

He made his first court appearance late Thursday afternoon.