කැනඩා සය පුද්ගල ඝාතනයේ සැකකරු යළි රිමාන්ඩ්

කැනඩාවේ, ඔටාවා හී ශ්‍රී ලාංකිකයින් 6 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ නඩු විභාගය යළි කැඳවා තිබෙනවා.

එහිදී ඔටාවා හි රැඳවුම් මධ්‍යස්ථානයක රඳවා සිටින සැකකාර 19 හැවිරිදි ශ්‍රී ලාංකික සිසුවා දුරකථනය ඔස්සේ අධිකරණය හමුවේ සිදුතළ නඩු විභාගය විනාඩි 4 කට සීමාවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

නඩු විභාගය අතරතුර ඔහුගේ නම සහ උපන්දිනය කෙඳිරි හඬින් පවසා ඇති අතර විශෝධන නිලධාරීයා එය පැහැදිළිව ඇසෙන ලෙස උස් හඬින් ප්‍රකාශ කරන ලෙස දැනුම්දී තිබෙනවා.

නඩු විභාගයේදී මියගිය ශ්‍රී ලාංකික පවුලේ අයගේ නම්වල දෝෂ නිවැරදි කර ඇති අතර චෝදනාවලද කිසිඳු වෙනසක් සිදු නොවූ බවද කැනඩා මාධ්‍ය වාර්තා කර තිබුණා.

සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර නඩු විභාගය එළඹෙන 28 වනදා යළි කැඳවීමට නියමිත බවයි වැඩිදුරටත් විදෙස් මාධ්‍ය වාර්තා වාර්තා කරන්නේ.

අද දිනයේත් ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය ඉහළට

අද (15) දිනයේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය අවධානය යොමුකළ යුතු මට්ටමක් දක්වා තවදුරටත් ඉහළ යනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

වයඹ, උතුරු-මැද, නැගෙනහිර පළාත් සහ කොළඹ, ගම්පහ, මොණරාගල, මන්නාරම, මුලතිව් සහ වවුනියාව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන සඳහා උෂ්ණත්වය අවධානය යොමුකළ යුතු මට්ටමේ පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

වැඩබිම් තුළ සිටින පුද්ගලයින් ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන්න ලෙසත්, සෙවණ ඇති ස්ථානවල හැකි පමණ විවේක ගන්නා ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරනවා.

අදාළ නිවේදනය පහතින්.

65f3cdbca9064pdf_page_3 65f3cdbc9b2ddpdf_page_2

මහ නායක හිමිවරුන්ගේ අනුශාසනා පිළිගත යුතු බවටත් පක්ෂ විපක්ෂ සියලු දෙනාට දැනුම්දීම සඳහා ත්‍රෛනිකායික විශේෂ ජාතික මහා සඟ සමුළුවක් ඊයේ (14) දින පැවැත්විණි.

මහ නායක හිමිවරුන්ගේ අනුශාසනා පිළිගත යුතු බවටත් පක්ෂ විපක්ෂ සියලු දෙනාට දැනුම්දීම සඳහා ත්‍රෛනිකායික විශේෂ ජාතික මහා සඟ සමුළුවක් ඊයේ (14) දින පැවැත්විණි.

ලැබුණු ජනවරමට පිටුපාමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු ආණ්ඩුවට සම්බන්ධයෙන් ජනතා නියෝජිතයන්ට සංඝ ආඥාවක් නිකුත් කර ඇත.

ආර්ථික සහ දේශපාලනික අර්බුදය තුළ නැවත නිවැරදි කරගත නොහැකි තත්වයට රට විදේශීය ආධිපත්‍යයට යටත් කිරීම, ආර්ථික මරමස්ථාන විකුණා දැමීම වහාම නැවැත්විය යුතු බවටත් බවට
ත්‍රෛනිකායික විශේෂ ජාතික මහා සඟ සමුළුවේදී මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු ආණ්ඩුවට මෙම සංඝ ආඥාව නිකුත් කර ඇත.

සියම් මහානිකායේ මල්වතු, අස්ගිරි, කෝට්ටේ, රෝහණ ඇතුළු පාර්ශ්වයන්ගේ හා අමරපුර මහානිකායේ මෙන්ම රාමඤ්ඤ මහානිකායේ අනුනායක මාහිමිපාණන් වහන්සේලා ද විද්‍යෝදය, විද්‍යාලංකාර පරිවෙණාධිපතීන් වහන්සේලා ප්‍රමුඛ මහා සංඝරත්නය වැඩම කරමින් මෙම සඟ සමුළුව පවත්වන ලදී.

කැකිරාවේ තොග වෙළදසැලකින් සොයාගත් මිනිසු පරිභෝජනයට නුසුදුසු ලක්ෂ 15කට අධික ආහාර ද්‍රව්‍ය තොගයක් විනාශ කෙරේ.

24-03-14
කැකිරාව කුෂාන් ජයවර්ධන
FTP
කැකිරාවේ තොග වෙළදසැලකින් සොයාගත් මිනිසු පරිභෝජනයට නුසුදුසු ලක්ෂ 15කට අධික ආහාර ද්‍රව්‍ය තොගයක් විනාශ කෙරේ.
කැකිරාව ප්‍රධාන වීදියේ පිහිටි ප්‍රෙද්ශයේ ජනප්‍රිය තොග වෙළද ව්‍යාපාරික ස්ථානයක් මුද්‍රා තබා එහි අලෙවියට තිබූ මිනිස් පරිභෝජනයට නුසුදුසු මට්ටමේ පැවැති රට ඉදි කරවල ඇතුලු රුපියල් ලක්ෂක 15කට අධික විටිනාකමකින් යුත් ආහාර ද්‍රව්‍ය තොගයක් විනාශ කිරීමට කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කටයුතු කරනු ලැබීය.
මෙලෙස සෞඛ්‍ය බලධාරින් විසින් මුද්‍රා තැබීමට කටයකු කරනු ලැබූයේ කැකිරාව හා ඒ අවට ප්‍රෙදේශ රැසක ඇති සිල්ලර වෙළදසැල් සදහා ආහාර ද්‍රව්‍ය ඇතුළු තොග භාණ්ඩ බෙදා හැරීම සිදු කරන තොග වෙළද ආයතනයකි.
උත්සව සමයේ පාරිභෝගික සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් පාරිභෝගික භාණ්ඩවල ගුණාත්මක බව ආරක්ෂා කිරීම මෙන්ම උත්සව සමයේ සිදු කෙරෙන කූඨ ආහාර වෙළදාම් අවම කිරීමේ අරමුණු ඇතිව, කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන් කැකිරාව නගරයේදී සිදුකළ සෝදිසි මෙහෙයුමකදී අදාළ ව්‍යාපාරික ස්ථානය මෙලෙස පරීක්ෂාවට ලක් කර තිබිණ.
කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී අසිත කෝසල තනිප්පුලිආරච්චි මහතා ඇතුළු කැකිරාව මහජන සෞඛ්‍ය පරීක්ෂඛවරුන් විසින් අදාළ වැටලීම සිදුකර තිබිණ.
සිදුකළ වැටලීමේදී එම වෙළද සැල තුල තීබී මිනිස් පරිභෝජනයට නුසුදුසු රට ඉදි කරවල සීනී හාල්මැස්සන් රටකජු මුද්‍රප්පලම් ඇතුලු තවත් ආහාර ද්‍රව්‍ය රැසක් සොයා ගැනීමට වැටලීම සිදුකළ සෞඛ්‍ය ඉලධාරීන්ට හැකිවිණ. අදාළ වෙළද සැල තුල නිසි ක්‍රම වේදයකට භාණ්ඩ අසුරා නොමැති බවද කරවල වැනි දෑ නැවත පිරිසිදු කර අලෙවි කරන බවද නිලධාරීන් විසින් අනාවරණය කර ගන්නා ලදි. එසේම කල් පැන ගිය රට ඉදි තොග ඇසුරුමේ ලේබලය මකා නැවත ලේබල් අලවා අලෙවි කිරීමේ ජාවාරමක් ද සිදුව ඇති බවද නිලධාරීන් මෙහිදී අනාවරණය කර ගන්නා ලදි. එසේම අදාළ වෙළදසැල තුළ අලෙවියට ඇති ආහාර ද්‍රව්‍ය නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුව අසුරා නොමැති අයුරු මෙන්ම එම වෙළදසැල තුළ මෙන්ම එහි ඇති ගබඩාවල ඇති අපිරිසිදු භාවයට මෙහිදී නිලධාරීන්ගේ නිරීක්ෂණයට ලක්විය.
සෞඛ්‍ය නීති රීති මෙන්ම රෙගුලාසි ද උල්ලංඝනය කරමින් මිනිස් පරිභෝජනයට නුසුදුසු ආකාරයෙන් පාරිභෝගීක භාණ්ඩ අලෙවියේ නිරත වූ මෙම වෙළද සැල මුදා තැබීමට ඒ අනුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කළ අතර පසුව එහි තිබූ මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර තොග පිටතට රැගෙන ගොස් සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය යටතේ විනාශ කිරීමට පියවර ගනු ලැබිණ. ඒ අනුව මිනිස් පරිභෝජනයට නිසුදුසු රටඉදි, කරවල, හාල්මැස්සන් සීනි රටකජු. වැනි මිනිස් පරිභෝජනයට නුසුදුසු මට්ටමේ පැවැති ආහාර ද්‍රව්‍ය තොගයක් මෙහිදි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය යටතේ විනාශ කෙරිණ. මෙලෙස විනාශ කෙරුණ ආහාර ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 15 කට අධික බව සෞඛ්‍ය බලධාරීහු පවසති.

මිනිස් පරිභෝජනයට නුසුදුසු භාණ්ඩ උත්සව සමයේ අලෙවි කිරීමට කටයුතු කළ මෙම වෙළද සැල් හිමිකරු අත්අඩංගුවට ගෙන කැකිරාව දිසා මහේස්ත්‍රාත් අධීකරණය හමුවට ඉදිරිපත් කිරීමට ද කැකිරාව සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන තිබිණ. එහිදී රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත මුදා හැර ඇති අතර සෞඛ්‍ය නිර්දේශයන්ට අනුව වෙළද සැලේ ගබඩා සකස් කිරීමට ද අචාළ ව්‍යාපාරිකයාට අධීකරණයෙන් නියෝග කර තිබූ අතර හෙට (15) දිනයේ යළි එම නඩුව විභාගයට ගැනීමට නියමිත බව කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

WhatsApp Image 2024-03-14 at 21.48.34 (6) WhatsApp Image 2024-03-14 at 21.48.34 (5) WhatsApp Image 2024-03-14 at 21.48.35 WhatsApp Image 2024-03-14 at 21.48.36 WhatsApp Image 2024-03-14 at 21.48.34 (4) WhatsApp Image 2024-03-14 at 21.48.34 (3) WhatsApp Image 2024-03-14 at 21.48.34 (2) WhatsApp Image 2024-03-14 at 21.48.34 (1) WhatsApp Image 2024-03-14 at 21.48.34 WhatsApp Image 2024-03-14 at 21.48.33 (8) WhatsApp Image 2024-03-14 at 21.48.33 (7) WhatsApp Image 2024-03-14 at 21.48.33 (5) WhatsApp Image 2024-03-14 at 21.48.33 (6) WhatsApp Image 2024-03-14 at 21.48.33 (3) WhatsApp Image 2024-03-14 at 21.48.33 (4) WhatsApp Image 2024-03-14 at 21.48.33 (2) WhatsApp Image 2024-03-14 at 21.48.33 (1) WhatsApp Image 2024-03-14 at 21.48.33 WhatsApp Image 2024-03-14 at 21.48.32 (8) WhatsApp Image 2024-03-14 at 21.48.32 (7) WhatsApp Image 2024-03-14 at 21.48.32 (6) WhatsApp Image 2024-03-14 at 21.48.32 (5) WhatsApp Image 2024-03-14 at 21.48.32 (4) WhatsApp Image 2024-03-14 at 21.48.32 (3) WhatsApp Image 2024-03-14 at 21.48.32 (2) WhatsApp Image 2024-03-14 at 21.48.32 (1) WhatsApp Image 2024-03-14 at 21.48.32 WhatsApp Image 2024-03-14 at 21.48.31 (1) WhatsApp Image 2024-03-14 at 21.48.31 (2) WhatsApp Image 2024-03-14 at 21.48.31 (3) WhatsApp Image 2024-03-14 at 21.48.31

කෙහෙළිය ඇතුළු 4 කට නඩුව අවසන් වනතෙක් ඇප ලබාදීම ප්‍රතික්ෂේප කරයි

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, හිටපු අමාත්‍යාංශ ලේකම් ඇතුළු 4 දෙනෙකුට නඩුව අවසන් වන තෙක් ඇප ලබාදීම මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ප්‍රශ්නගත ප්‍රතිදේහ එන්නත් සිද්ධිය සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා.

වෛද්‍ය තුසිත සුදර්ශන අත්අඩංගුවට

වෛද්‍ය තුසිත සුදර්ශන අත්අඩංගුවට

ආන්දෝලනාත්මක හියුමන් ඉමියුනොග්ලොබියුලීන් එන්නත් සිද්ධිය සම්බන්ධයෙන් වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය තුසිත සුදර්ශන මහතා ව අත්අඩංගුවට ගෙන තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඔහු මෙරටට පැමිණෙන විට කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබුණි.

2024.03.08 වන දිනට යෙදී තිබූ ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව සමගි ජන බලවේගය සහ සමගි වනිතා බලවේගය ලක්වාසී කාන්තාවන් වෙනුවෙන් බොහෝ සමාජ සත්කාර පසුගිය දිනයන්හි සිදු කරනු ලැබුවා.

2024.03.08 වන දිනට යෙදී තිබූ ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව සමගි ජන බලවේගය සහ සමගි වනිතා බලවේගය ලක්වාසී කාන්තාවන් වෙනුවෙන් බොහෝ සමාජ සත්කාර පසුගිය දිනයන්හි සිදු කරනු ලැබුවා.
ඊට සමගාමීව අද දින එනම් 2024.03.13 දින සමගි වනිතා බලවේගයේ සංකල්පයක් ලෙස සෑම වසරකම මාර්තු 08 වන දිනට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනයට, බන්ධනාගාරගතව සිටින කාන්තා රැඳවියන් අදාල නිර්නායකයන්ට යටත්ව පොදු සමාව ලබාදී නිදහස් කිරීම පිළිබඳව යෝජනාවක් ගරු අධිකරණ රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මැතිතුමා වෙත ලිඛිතව ලබා දුන්නා.
මෙහිදී ගරු රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කලේ බන්ධනාගාර ආඥා පනත යටතේ මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සහයෝගය ලබා දෙන බවයි.

WhatsApp Image 2024-03-13 at 18.51.22 WhatsApp Image 2024-03-13 at 18.51.09

බාල වයස් දැරියක් අපයෝජනය කළ වයස අවුරුදු පනස් දෙකක පුද්ගලයෙකුට වසර දහයක බරපතළ වැඩ සහිත සිර දඬුවම් .

බාල වයස් දැරියක් අපයෝජනය කළ වයස අවුරුදු පනස් දෙකක පුද්ගලයෙකුට වසර දහයක බරපතළ වැඩ සහිත සිර දඬුවම් .
නානුඔය පොලිස් බල ප්‍රදේශයේදී පාසල් සිසුවියක් අපයෝජනය කිරීමේ චෝදනාවට වරදකරු වී නුවරඑළිය මහාධිකරණයේ නඩු පවරා තිබූ (වයස අවු :52) හැවිරිදි පුද්ගලයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කර තිබේ.
මෙම තීන්දුව නුවරඑළිය මහාධිකරණ විනිසුරු විරාජ් වීරසූරිය මහතා විසින් (2014.03.13) දින ප්‍රකාශයට පත් කරන ලදී.
පසුගිය 2011 වසරේ නානුඔය ප්‍රදේශයේ ෆාරුක් මොහොමඩ් සාලිඩ් නැමැත්තා එම ප්‍රදේශයේම වයස අවුරුදු 16ට අඩු පාසල් සිසුවියකට ලිංගික අතවර කිරීම සම්භන්දව දැරියගේ දෙමාපියන් විසින් නානුඔය පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත උක්ත නඩිව නුවරඑළිය මහ අධිකරණයේ ගොණුකර ඇත ,
වසර 13ක කාලයක් සිදු කල නඩු විභායන් අනුව නුවරඑළිය මහාධිකරණ විනිසුරු විරාජ් වීරසූරිය මහතා විත්තිකරුට එරෙහි ලැබුන සාක්ෂි මත ෆාරුක් මොහොමඩ් සාලිඩ් (අවුරුදු 52) නමැති පුද්ගලයාට වසර 10ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කළේය.
ඒ සමඟම සිද්ධියෙන් අගතියට පත් වූ දැරියට රුපියල් ලක්ෂ පහක වන්දියක් ගෙවිය යුතු බවට තීන්දු කළ විනිසුරුවරයා මෙම මුදල වින්දිත කාන්තාවට නොගෙවන්නේ නම් තවත් වසර තුනක සිර දඬුවමක් විඳීමට සිදුවන බවද තීන්දුවේ සඳහන් කළේය.
එසේම විත්තිකරුට රුපියල් 15,000 ක දඩ මුදලක් අධිකරණයට ගෙවන ලෙසට නියම කළ විනිසුරුවරයා එම දඬුවම නොගෙවන්නේ නම් තවත් මාස තුනක සිරදඬුවම් විඳීමට සිදුවන බවද නියම කළේය.

ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය

මාර්තු 12 ව්‍යාපාරයේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ මැතිවරණ පැවැත්වීමේ යෝජනා සකස්කිරීම වැඩසටහන අද (12) දින නුවරඑළිය පැවැත්විණ.

ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය
මාර්තු 12 ව්‍යාපාරයේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ මැතිවරණ පැවැත්වීමේ යෝජනා සකස්කිරීම වැඩසටහන අද (12) දින නුවරඑළිය පැවැත්විණ.
පැෆරල් සංවිධානය මූලිකත්වයෙන් පාර්ලිමේන්තු පළාත් සභා සහ පළාත් පාලන ආයතන සදහා අපේක්ෂකයන් නම් කිරීමේදී සියලු දේශපාලන පක්ෂ හා කන්ඩායම් විසින් ගත යුතු නිර්ණායක යෝජනාවලිය සදහා දිස්ත්‍රික් මට්ටමින් යෝජනා ලබා ගැනීමේ නුවරඑළිය දිස්ත්‍රික් වැඩසටහන (12) නුවරඑළියේදී පැවැත්විණ .
මෙම වැඩසටහන නුවරඑළිය දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස් හා අතිරේක දිස්ත්‍රික් ලේකම් ලහිරු කළුගම්පිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ ,
මෙම අවස්ථාව සදහා නුවරඑළිය මාර්තු 12 ව්‍යාපාරයේ දිස්ත්‍රික් සභාපති මාකදුරේ රතනවංශ හිමි , උප සභාපති පියසේන කහදගමගේ මහතා , දිස්ත්‍රික් සම්භන්ධීකාරකාරක හා පැෆරල් නියෝජිත ජෙරිණා මහත්මිය ඇතුළු නුවරඑළිය දිස්ත්‍රික් ක්‍රියාකාරි නියෝජිතයන් විශාල පිරිසක් සහභාගි වී සිටියහ ,
මෙම අවස්ථාව සමග පැෆරල් සංවිධානයයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි මහතා සූම් තාක්ෂණය ඔස්සේ එක්විය .

ධාවන තරගයක් අතරතුර සිසුවෙකු මියයෑම ගැන අධ්‍යාපන අමාත්‍යංශයෙන් විමර්ශනයක්

පාසල් මැරතන් ධාවන තරගයක් අතරතුර හදිසියේ ඇති වු අසනීප තත්ත්වයකින් සිසුවෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ඊයේ (11) දිනයේ තිරුක්කෝවිල් හි පාසලක පැවති මැරතන් ධාවන තරගයකට සහභාගී වු 16 හැවිරිදි සිසුවෙකු හදිසියේ රෝගී වීමෙන් අක්කරෙයිපත්තුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබුණා.

අදාළ සිසුවා මියයාමට හේතුව මෙතෙක් නිශ්චිතව අණාවරණය වී නොමැති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අම්පාර රෝහලේ දී සිදුකිරීමට නියමිතව තිබෙනවා.

කෙසේ නමුත් පවතින උෂ්ණාධික කාලගුණික තත්ත්වයත් සමග එළිමහනේ ක්‍රියාකාරකම් සීමාකරන ලෙස දන්වමින් අධ්‍යාපන අමාත්‍යංශය විසින් සියලු පාසල් බලධාරීන් වෙත විශේෂ චක්‍රලේඛයක් ද පසුගියදා නිකුත් කිරීමට කටයුතු කළා.