ඉංගිරිය බෝධිනාගල තානායමක් තුළදී සිය අනියම් බිරිඳව තියුණු ආයුධයකින් කපා බරපතල තුවාල සිදුකිරීමෙන් අනතුරුව ගෙල කපාගෙන සිය දිවි හානි කර ගැනීමට උත්සාහ දැරූ පුද්ගලයෙකු ප්‍රදේශවාසීන්ගෙන් සහයෙන් රෝහල්ගත කළ බව ඉංගිරිය පොලිසිය කියයි

ගල්පාත චන්දන පෙරේරා

ඉංගිරිය බෝධිනාගල තානායමක් තුළදී සිය අනියම් බිරිඳව තියුණු ආයුධයකින් කපා බරපතල තුවාල සිදුකිරීමෙන් අනතුරුව ගෙල කපාගෙන සිය දිවි හානි කර ගැනීමට උත්සාහ දැරූ පුද්ගලයෙකු ප්‍රදේශවාසීන්ගෙන් සහයෙන් රෝහල්ගත කළ බව ඉංගිරිය පොලිසිය කියයි

මෙලෙස රෝහල් ගත කර ඇත්තේ ඉංගිරිය පෝරුව දණ්ඩ පැල්පිටිගොඩ පදිංචිව ඩි එම් මදුකා (40) හා ඇයගේ අනියම් සැමියා බව කියන පිළියන්දල ප්‍රදේශයේ පදිංචි ප්‍රේමසිරි (49) නැමැත්තෙකි
අද පෙරවරු 10ට පමණ පිරිමි පුද්ගලයා තානායමට තනිවම පැමිණ කාමර අංක එක වෙන්කරවාගෙන ඇති අතර ඊට විනාඩි 20 කට පමණ පසු
කාන්තාව ස්කූටි වර්ගයේ යතුරුපැදියකින් තානායම කරා පැමිණ තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත

පැයකට පමණ පසු කාන්තාව පැමිණි ස්කූටි වර්ගයේ යතුරුපැදියෙන් පිරිමි පුද්ගලයා තානායම් භූමියෙන් වේගයෙන් පිටව යන අයුරු කළමනාකරුගේ නෙත ගැටී මද වේලාවකදී දරුණු කැපුම් තුවාල සහිතව කාන්තාව තානායමේ පිළිගැනීමේ කවුන්ටරය අසලට මේ වැගිරෙන තුවාල සහිතව පැමිණ පුටුවක වාඩි වී ඇතැයි පොලිසිය කියයි

අනතුරුව කළමනාකරු ඒ සම්බන්ධයෙන් පොලිසියට කරන ලද දැනුම් දීමක් අනුව
පොලිස් නිලධාරීන් පැමිණ 1990 සුව සැරිය ගිලන් රථයෙන් කාන්තාව හොරණ මූලික රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත

එම සිද්ධිය වී පැයක් යාමට මත්තෙන් ඉංගිරිය බවුන්ඩර් පාර වන රොදක පිහිටි ඇලක් අසල ගෙලෙහි කැපුම් තුවාල සහිත
පුද්ගලයකු වැටී සිටින බවට ඉංගිරිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරිසක වසන්ත චන්ද්‍රලාල් මහතාට ලද තොරතුරකට අනුව එහි ගිය පොලිස් නිලධාරීන් ප්‍රදේශවාසීන්ගේ සහයෙන්
එම පුද්ගලයා ද 1990 සුවසැරිය ගිලන් රථයෙන් කරන මූලික රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත

එලෙස ගෙල කපාගෙන තිබූ පුද්ගලයා තානායමට පැමිණ කාන්තාවගේ යතුරුපැදිය රැගෙන ගිය පුද්ගලයා බවට හඳුනාගත් බව පොලිසිය කියයි

බරපතළ තුවාල ලද ඔවුන් දෙදෙනාම බිරිඳගෙන් සහ ස්වාමිපුරුෂයාගෙන් වෙන්ව ජීවත් වන බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත

බරපතළ තුවාල ලද පුද්ගලයා සිය අනියම් බිරිඳ මිය යන්නට ඇති බව සිතා ඔහුද ගෙල කපාගෙන සියදිවි නසා ගැනීමට උත්සාහ දරා තිබූ බව පොලිසිය කියයි

පානදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වෙනුවට වැඩ බලන සහකාර පොලිස් අධිකාරි නිශාන්ත සේනාරත්න
සහකාර පොලිස් අධිකාරි සම්පත් බණ්ඩාර මහත්වරුන්ගේ උපදෙස් මත ඉංගිරිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වසන්ත චන්ද්‍රලාල් මහතා පරීක්ෂණ පවත්වයි

ඉපලෝගම හිටපු මංත්‍රීවරයෙක් සිදුකළ පහරදීමකින් තිදරු පියෙක් රෝහලේ

24-03-18
කැකිරාව කුෂාන් ජයවර්ධන

ඉපලෝගම හිටපු මංත්‍රීවරයෙක් සිදුකළ පහරදීමකින් තිදරු පියෙක් රෝහලේ
============

ඉපලෝගම ප්‍රාදේශීය සභාවේ හිටපු මංත්‍රීවරයකු ඊයේ(17) රාත්‍රියේ සිදු කළ පහර දීමක් හේතුවෙන් තුවාල ලැබූ ඉපලෝගම ඉහළකාගම ප්‍රෙද්ශයේ පුද්ගලයකු ප්‍රතිකාර සදහා රෝහල් ගතකර ඇතැයි ඉපලෝගම පොලිසිය කියයි.
පහර කෑමට ලක්වූ පුද්ගලයාගේ පාර්ශවයෙන් අද (18) ඉපලෝගම පොලිස් ස්ථානය වෙත මේ සම්බන්ධයෙන් පැමිනිලි කර ඇති අතර මේ වනවිට එම පැමිණීල්ලට අනුව ඉපලෝගම පොලිස් ස්ථානය මගින් මේ වනවිට සිද්දිය සම්බන්ධයෙන් විමර්ශණ ආරම්භ කර තිබේ. අදාළ පහරදීම සිදුකර ඇත්තේ ඉපලෝගම ප්‍රාදේශීය සභාවේ හිටපු පොදුජන එක්සත් පෙරමුණු මංත්‍රීවරයකු විසින් බවට පොලිසිය අනාවරණය කරගෙන තිබේ.
ඉපලෝගම ඉහළකාගම ප්‍රෙද්ශයේ දී ඊයේ (17) රාත්‍රියේ පැවැති ජාතික ජනබලවේගයේ කොට්ඨාස සභා රැස්වීමට සහභාගී වී ආපසු නිවස බලා යමින් සිටි පුද්ගලයකුට සැකකාර මංත්‍රීවරයා මෙලෙස පහර දී ඇති බව මූලික විමර්ශණවලදී අනාවරණය වූ බව පොලිසිය කියයි.
මෙම පහරදීම සිදු කිරීමට පෙර සැකකාර හිටපු ප්‍රාදේශීය සභා මංත්‍රීවරයා ජාතික ජනබල වේගයේ ඉහළකාගම කොට්ඨාස සභා රැස්වීම පැවැති ස්ථානය වෙත ගොස් එහි සිටි පිරිසට බැණ තර්ජනය කර ඇති බව ද එම රැස්වීමේ සංවිධායකයින් විසින් පොලිසියට පැමිණීලි කර තිබේ. අදාළ රැස්වීම නිමවීමෙන් පසු සිය නිවස බලා යමින් සිටි අයෙකුට සැකකාර හිටපු ප්‍රාදේශීය සභා මංත්‍රීවරයා මග රැක සිට මෙලෙස පහරදීමට කටයුතු කර ඇති බව පොලිසිය කියයි.
සැකකාර ප්‍රාදේශීය සභා හිටපු මංත්‍රීවරයා මුගුරකින් අදාළ පුද්ගලයාට පහර දීම සිදුකර ඇති අතර, එම පහරකෑමෙන් තුවාල ලත් පුද්ගලයා ප්‍රතිකාර සදහා කඩිනම් කැකිරාව මූලික රෝහල වෙත ඇතුළත් කිරීමට ප්‍රදේශවාසීන් පියවර ගෙන තිබූ බව පොලිසිය පවසයි. මෙලෙස සැකකාර ප්‍රාදේශීය සභා මංත්‍රීවරයාගේ පහර කෑමට ලක්ව ඇත්තේ ඉපලෝගම ඉහළකාගම ප්‍රදේශයේ පදිංචි රාජකරුණා මුදියන්සේලාගේ විජයානන්ද රාජකරුණා නමැති 49 හැවිරිදි තිදරු පියෙකි. ඔහු දෛනික කුලි කටයුතුවල නිරත වෙමින් සිය ජීවිකාව ගෙන යන්නෙකි.
හිටපු ප්‍රාදේශීය සභා මංත්‍රීවරයකු විසින් සිදුකර ඇති මෙම පුද්ගල පහරදීම සම්බන්ධයෙන් ඉපලෝගම පොලිස් ස්ථානය මගින් මේ වනවිට වැඩිදුර විමර්ශණ ආරම්භ කර තිබේ.

දොඩංගොඩ සපුගාවස්ත 800/B ප්‍රදේශයේ අක්කර 3.5 පමණ ප්‍රදේශයක් කිසියම් පුද්ගලයකු විසින් ගිනි තබා ඇත

දොඩංගොඩ සපුගාවස්ත 800/B ප්‍රදේශයේ අක්කර 3.5 පමණ ප්‍රදේශයක් කිසියම් පුද්ගලයකු විසින් ගිනි තබා ඇති අතර යටදොල යුද්ධ හමුදා කඳවුරේ නිලධාරීන් එකසිය විසි පහක් පමණ පිරිසක් පැමිණ ගින්න නිවා දැමීමට කටයුතු කළ අතර අසල පිහිටි නිවාස කිහිපයකට ගින්න පැතිරීමේ අවදානම් තත්ත්වයක පැවතුණු අතර යුද හමුදා නිලධාරීන් වහාම ගින්න නිවීම හේතුවෙන් එම අවදානම පහව යන ලදී

දොඩංගොඩ ප්‍රාදේශීය ලේකම්තුමියත් එම ස්ථානයට පැමිණ පරීක්ෂා කළ අතර දොඩංගොඩ පොලිසිය මේ පිළිබඳ වැඩිදුර පරීක්‍ෂණ මෙහෙයවයි.

WhatsApp Image 2024-03-17 at 20.28.06 WhatsApp Image 2024-03-17 at 20.28.05 (2) WhatsApp Image 2024-03-17 at 20.28.05 (1) WhatsApp Image 2024-03-17 at 20.28.05 WhatsApp Image 2024-03-17 at 20.28.04 (2) WhatsApp Image 2024-03-17 at 20.28.04 (1) WhatsApp Image 2024-03-17 at 20.28.04 WhatsApp Image 2024-03-17 at 20.28.03 (4) WhatsApp Image 2024-03-17 at 20.28.03 (3) WhatsApp Image 2024-03-17 at 20.28.03 (2) WhatsApp Image 2024-03-17 at 20.28.03 (1) WhatsApp Image 2024-03-17 at 20.28.03

චන්දන පෙරේරා

නෙල්ලිගලදී සිදුවූ බස් රථ අනතුරකින් 37 ක් රෝහලට

නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය වැඳ පුදා ගැනීමට පැමිණි බැතිමතුන් 38 දෙනෙකු රැගත් බස් රථයක් අනතුරට ලක්ව තිබෙනවා.

එම අනතුරින් රියදුරු ඇතුළු 37 දෙනෙකු තුවාල ලබා ඇති අතර තවත් අයෙක් මියගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.

බැතිමතුන් රැගත් බස් රථය නෙල්ලිගල සිට පූඩළුඔය දෙසට ගමන් කරමින් තිබියදී බස් රථයේ රියදුරුට රථය පාලනය කර ගැනීමට නොහැකිව මීටර් 15ක් පමණ බෑවුමකට ලිස්සා ගොස් බස් රථය ගසක ගැටී එම අනතුර සිදුව තිබෙනවා.

තුවාලකරුවන් අතරින් බරපතළ තත්ත්වයේ සිටින දෙදෙනෙකු මහනුවර රෝහල වෙත මාරුකරු යවා ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පේරාදෙණිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

මත්ද්‍රව්‍ය භාවිත කරන බස් රියැදුරන් හා කොන්දොස්තරවරුන් ඇතුළු පුද්ගලයින් 8 ක් අත්අඩංගුවට

බස්නාහිර පළාත් බුද්ධි නිලධාරීන්ගෙන් ලද තොරතුරක් මත වේල්ලවීදිය පොලීසිය විශේෂ මෙහෙයුමක් සිදුකර තිබෙනවා.

ඒ අනුව හෙරොයින්, අයිස් මත්ද්‍රව්‍ය සහ තවත් මත්ද්‍රව්‍ය වර්ග භාවිත කරන පෞද්ගලික බස් රියදුරන් සහ කොන්දොස්තරවරුන් ඇතුළු පුද්ගලයින් 08 දෙනෙකු පමණ එහිදී අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

කොළඹ බැස්ටියන් මාවත සහ ගුණසිංහපුර බස් නැවතුම්පොළ ආශ්‍රිතව මෙම වැටලීම් සිදුකර ඇති අතර මෙහිදී මත්ද්‍රව්‍ය අලෙවි කරන පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔටාවා හි ඝාතනයට ලක්වූ ලාංකිකයන්ගේ අවසන් කටයුතු අද

කැනඩාවේ, ඔටාවා හි ඝාතනයට ලක්වූ ලාංකිකයන්ගේ අවමංගල්‍ය උත්සවය අද (17) ඔටාවා ග්‍රිබ්ෆෝඩ් ඩ්‍රයිව් හි ඉන්ෆිනිටි සම්මේලන මධ්‍යස්ථානයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

කැනඩාවේ බෞද්ධ සම්මේලනය (BCC) සහ ස්වේච්ඡා සේවකයන්ගේ සංවිධායක කමිටුව විසින් සඳහන් කළේ, මේ සඳහා ඕනෑම අයෙකුට සහභාගීවිය හැකි පරිදි පවත්වන බවයි.

අවසන් කටයුතු සඳහා ප්‍රහාරයකට මුහුණ දුන් එම පවුලේ පියා වන ධනුෂ්ක වික්‍රමසිංහ ද සහභාගීවීමට නියමිත බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

අධික උණුසුම් කාලගුණය හේතුවෙන් පාසල් ක්‍රීඩා උත්සව තාවකාලිකව අත්හිටුවීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

අධික උණුසුම් කාලගුණය හේතුවෙන් පාසල් ක්‍රීඩා උත්සව තාවකාලිකව අත්හිටුවීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පැවසුවේ, ඒ පිළිබඳව සියලුම විදුහල්පතිවරු දැනුවත් කළ බවයි.

ඒ අනුව. සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දෙන් පසු එම ක්‍රීඩා උත්සව පැවැත්වීමට විදුහල්පතිවරුන්ට උපදෙස් දී තිබෙනවා.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු 08 ක් ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසකට ස්ථාන මාරුවීම්

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු 08 දෙනෙක්, නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරු 08 දෙනෙක් සහ පොලිස් අධිකාරීවරයෙක්ට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසනවා.

අපරාධ හා රථ වාහන දිසාව භාරව කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය උතුරුමැද පළාතටත්, දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කළ එස්.සී.මැදවත්ත පුහුණු හා උසස් පුහුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙසත් මාරුක‍ර යවා තිබෙනවා.

උතුරු පළාත භාර ‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කළ කේ.පී.එම්. ගුණරත්න බස්නාහිර පළාතටත්, ප්‍රජා පොලිස් සංචාරක හා ආයෝජන තනතුරේ කටයුතු කළ එස්.ඩබ්ලිව්.එම්. සේනාරත්න දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියොජ්‍ය පොලිස්පති ලෙසත් මාරු කර යවා තිබෙනවා.

එසේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධූරයේ කටයතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.පී.ඒ.කේ. පියසේකර ‍කළුතර කොට්ඨාසය වෙතත්, ගල්කිස්ස කොට්ඨාසය භාරව කටයුතු කළ ඊ.එම්.එම්.එස්. දෙහිදෙණිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙසත් මාරු කර යවා ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කර සිටින්නේ.

පානීය ජල ගැටලු ගැන 117 දුරකථන අංකයට දැනුම් දෙන්න – ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

පානීය ජල ගැටලු ඇති ප්‍රදේශවල ජනතාවට වහාම 117 දුරකථන අංකය ඔස්සේ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙත දැනුම් දෙන ලෙස එම මධ්‍යස්ථානය ඉල්ලීමක් කරනවා.

අදාළ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයා හා සම්බන්ධ වී ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙත දැනුම්දෙන ලෙසයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි පවසා සිටියේ.

මේ අතර පවතින අධික උණුසුම් කාලගුණය හමුවේ කෑගල්ල සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල පවුල් 3,000 ක් පමණ පානීය ජල ගැටලුවකට මුහුණ දී ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ.

එවැනි ස්ථානවල ජනතාවට ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථාන සමඟත් ජල ප්‍රවාහන ඒකක සමඟත් එක්ව මෙම තත්ත්වය විසඳීමට වැඩසටහන් ක්‍රියාත්මක වන බව ද නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.

වයඹ EDCS සීයට සීයක්ම අපේ

වයඹ EDCS සීයට සීයක්ම අපේ”

🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️
වයඹ අධ්‍යාපන සමූපකාර නිලවරණය – 2024
🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️

අපේ කණ්ඩායම ඉදිරිපත් කළ සියලු අපේක්ෂකයින් තේරී පත්වෙයි.

මහව 11/11
පුත්තලම 11/11
හලාවත 11/11
කුරුණෑගල 11/11
නිකවැරටිය 10/10
ගිරිඋල්ල 10/10
කුලියාපිටිය 10/10
ඉබ්බාගමුව 9/9

83/83 යි.

ජයග්‍රහණය ට උරදුන් සැමට තුති!
—————————-
ලංකා ගුරු සේවා සංගමය
විදුහල්පති සේවා සංගමය
—————————