රත්මලාන ප්‍රදේශයේ මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන උපුල් නොහොත් ” රත්මලානේ උපුලා ” නමැත්තා හොරයින් මත්කුඩු ග්‍රෑම් 25 ක් සමග අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය21) සඳහන් කරයි

දර්ශාන් කානිල් ප්‍රනාන්දු – මොරටුව 0773710807
21/03/2024

රත්මලාන ප්‍රදේශයේ මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන උපුල් නොහොත් ” රත්මලානේ උපුලා ” නමැත්තා හොරයින් මත්කුඩු ග්‍රෑම් 25 ක් සමග අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය21) සඳහන් කරයි
මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුනු මෙම ජාවාරම්කරු සම්බන්ධයෙන් යුක්තියේ මෙහෙයුමට සමගාමීව පොලිස් පරීක්ෂක නාලක අලහකෝන් මහතා සහ පොලිස් කණ්ඩායමක් විසින් රත්මලාන දුම්රිය පොල ප්‍රදේශය වටලා වයස අවුරුදු 40 ක් වන රත්මලාන ප්‍රදේශයේම පදිංචි මෙම සැකකරු මත්ද්‍රව්‍ය සිය සන්තකයේ තබාගෙන සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.

පැරිස් රාජ්‍යයේ සිට මහාපරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන “පැරිස් අංජු යන අනුවර්ත නාමයෙන් හදුන්වන මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන ප්‍රධාන පෙලේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන අංජු නමැත්තාගේ ගෝලයෙකු වන මෙම සැකකරු මත්ද්‍රව්‍ය බෙදාහරින බවත් මීට පෙර විශාල අපරාධ රැසකට සහ මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සම්බන්ධයෙන් බන්ධනාගාර ගතකර ඇති බවත් ගල්කිස්ස පොලිසිය පැවසීය.
සැකකරු ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බවත්
ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක්ෂක දිලීප සී. පෙරේරා මහතාගේ උපදෙස් පරිදි අපරාධ පරීක්ෂණ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නාලක අලහකෝන් පො.සැ.71342- ගුණවර්ධන, පො.කො. 82423 – වීරතුංග, පො.කො. 51568 – උදයංග, පො.කො.රි. 80193 – කුලරත්න යන නිලධාරීන් විසින් විමර්ශණ සිදුකරන බව ගල්කිස්ස පොලිසිය මූලස්ථානය පැවසීය.

WhatsApp Image 2024-03-21 at 16.00.06

අනුරාධපුර- නුවර වැවේ සැකකටයුතු මළ සිරුරක්

24-03-21
කැකිරාව කුෂාන් ජයවර්ධන

අනුරාධපුර- නුවර වැවේ සැකකටයුතු මළ සිරුරක්
===========

ශරීරයේ ස්ථාන කිහිපයක තුවාල සහිත සැක කටයුතු ලෙස මියගිය පිරිමි පුද්ගලයකුගේ මළ සිරුරක් අනුරාධපුර නුවර වැවෙහි පාවෙමින් තිබියදී ඊයේ(20) සවස සොයා ගත් බව අනුරාධපුර පොලිසි පවසයි.
නුවර වැවෙහි මළ සිරුරක් තිබෙනු දැක ඇති ප්‍රෙද්ශවාසියකු කළ දැනුම් දීමක් අනුව පොලිස් ජීවිතාරක්ෂක කණ්ඩායමක් සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මෙම පුද්ගල මළ සිරුර සොයාගැනීමට හැකිවූ බව අනුරාධපුර පොලිසිය කියයි.
මියගොස් සිටින පුද්ගලයාගේ වයස අවුරුදු 35ත් 40ත් අතර වන බවට පොලිසිය අනුමාන කරයි. මළ සිරුරෙහි ස්ථාන කිහිපයක තුවාල කිහිපයක් ද දක්නට ඇති බවත්, මිය ගිය පුද්ගලයා කවුරුන්ද කිනම් ප්‍රෙද්ශයක ද යන්න මෙතෙක් තහවුරු කරගැනීමට නොහැකිවූ බවත්, පොලිසිය කියයි.
ඒ අනුව මෙය මනුෂ්‍ය ඝාතනයක්ද යන්න සැක සහිත බැවින්, එම අභිරහස් මරණය සම්බන්ධයෙන් සොය බැලීමට අනුරාධපුර පොලිස් ස්ථානය මඟින් මේ වනවිට පුළුල් විමර්ශණයක් ආරම්භ කර තිබේ.
අනුරාධපුර පොලිස් සොකෝ ඒකකයේ පරීක්ෂණ නිලධාරීන් කණ්ඩායමක් ද පැමිණ සිද්ධියට සම්බන්ධයෙන් ස්ථානීය පරීක්ෂණයක් ද සිදු කර තිබේ. ඊයේ (20) සවස එම ස්ථානයට පැමිණි අනුරාධපුර නාගරික හදිසි මරණ පරීක්ෂකවරයාගේ නියෝගය මත ඔහු ඉදිරියේ මළ සිරුර ගොඩ ගැනීමට පොලිසිය කටයුතු කර තිබිණ..
මළ සිරුර පරීක්ෂාවෙන් පසුව හදිසි මරණ පරීක්ෂකවරයා ලබා දුන් නියෝගයක් අනුව මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කිරීමට පොලිසිය පියවර ගෙන තිබිණ.
අනුරාධපුර උසස් පොලිස් නිලධාරීන්ගේ නියෝග මත අනුරාධපුර මූලස්ථාන පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් සිද්දිය සම්බන්ධයෙන් මේ වනවිට වැඩිදුර විමර්ශණ ආරම්භ කර තිබේ. .

මතුගම, මලබඩ හංදිය අසලදී මාරක රිය අනතුරක් සිදුවී කාන්තා පොලිස් සැරයන්වරියක් මියයි.

මතුගම, මලබඩ හංදිය අසලදී මාරක රිය අනතුරක් සිදුවී කාන්තා පොලිස් සැරයන්වරියක් මියයි.

ගල්පාත චන්දන පෙරේරා

මෙසේ මියගොස් ඇත්තේ කලුතර පොලිස් අධිකාරී කාර්යාලයට අනුයුක්තව සේවය කරනු ලබන ඇට්ටෝරවිල, පුහාඹුගොඩ, දොඩම්ගොඩ පදිංචි කා. පො. සැ.6448 පී. ඩී. දමයන්ති වීරසූරිය නිලධාරීනිය බරපතල තුවාල ලබා නාගොඩ මහ රෝහලට ඇතුළත් කර ඇත. ඒ වනවිට නිලධාරීනිය මියගොස් ඇති බවට වෛද්‍යවරුන් ප්‍රකාශකර ඇත.

මෙම නිලධාරිණිය අද දින(20) සේවය අවසන්කොට නිවස බලා යමින් සිටියදී මලබඩ හංදියේදී බසයෙන් බැස පදිකමාරුවෙන් පාර මාරුවීමට යාමේදී මතුගම දෙස සිට කලුතර දෙසට ගමන් කරමින් තිබූ බූම් ට්‍රක් රථයක සවස 5.30ට පමන ගැටීමෙන් මෙම මාරක රිය අනතුර සිදුවී ඇත.

බූමූ ට්‍රක් රථය සහ එය පැදවූ රියදුරු මතුගම පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම මාරක රිය අනතුර සම්බන්ධව මතුගම පොලිසිය ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පරාක්‍රම උඩවත්ත මහතාගේ උපදෙස් මත මතුගම පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ ස්ථානාධිපති ඉන්දික මහතා ඇතුළු නිලධාරීන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

ජන අරගල ව්‍යාපාරයේ විරෝධයට එක්වූ පුද්ගලයින් 29ක් අත්අඩංගුවට

ජන අරගල ව්‍යාපාරය අද (20) දහවල් කොළඹදී පැවැත්වූ විරෝධතාව අතරතුරදී පුද්ගලයින් 29 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් පිරිස අතර භික්ෂූන් වහන්සේලා දෙදෙනෙක් සහ කාන්තාවන් තුන් දෙනෙක් ද වන බවයි වාර්තා වෙන්නේ.

භාණ්ඩ මිල ඉහළ යාම, විදෙස් ගිවිසුම් ඇතුළු කරුණු කිහිපයක් මුල්කරගෙන මෙම විරෝධතාව කොටුව දුම්රිය ස්ථානය අසලින් ආරම්භ කර තිබුණා.

පසුව විරෝධතාකරුවන් පිටකොටුව දෙසට ගමන් කිරීමත් සමග පොලීසිය පිරිස විසුරුවාහැරීම සඳහා ජල ප්‍රහාර හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට පොලීසිය කටයුතු කළා.

මුහුදුබඩ මාර්ගයේ කාර්යාල දුම්රිය ප්‍රමාදවීමේ අවධානමක්

පිලි පැනීමට ලක්වූ දුම්රිය මැදිරිය මේ වන විට එම ස්ථානයේම පිලී ගත කිරීමේ කටයුතු සිදු කර තිබෙනවා.

කෙසේ නමුත් අදාළ අවහිර වූ මාර්ගය යළි යථා තත්ත්වයට පත් කිරිමට සවස 6.00 පමණ වනු ඇති බවයි වාර්තා වෙන්නේ.

මේ හේතුවෙන් අද දින සවස මුහුදුබඩ මාර්ගයේ ධාවනය වන කාර්යාල දුම්රිය ප්‍රමාද විය හැකි අතර ප්‍රධාන මාර්ගයේ හා පුත්තලම් මාර්ගයේ දුම්රිය ගමනාගමන කටයුතු වලටද මේ හේතුවෙන් බලපෑමක් සිදුව ඇති බවයි සඳහන් වෙන්නේ.

උදෑසන දුම්රිය ගමන් වාර 18 ක් අවලංගු කල අතර සවස දුම්රිය ගමන් වාර 04 ක් ද අවලංගු කිරීමට නියමිතයි.

විරෝධතාවකට පොලීසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාර

විරෝධතාවක් සිරුවා හැරීම සඳහා පොලීසිය විසින් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

ඒ අනුව ජන අරගල ව්‍යාපාරය විසින් අදාළ විරෝධතාව කොළඹ කොටුව ප්‍රදේශයේදී පවත්වා ඇති බවයි වාර්තා වෙන්නේ.

තිරප්පනය – උලගල්ල වැවෙන් මලසිරුරක් සොයා ගැනේ.

24-03-20
කැකිරාව කුෂාන් ජයවර්ධන

තිරප්පනය – උලගල්ල වැවෙන් මලසිරුරක් සොයා ගැනේ.
============

තිරප්පනය උලගල්ල වැවේ තිබී අභිරහස් ලෙස ලෙස මිය ගිය පුද්ගලයකු ගේ මළ සිරුරක් අද (20)දහවල් සොයා ගත් බව පොලිසිය කියයි.
තිරප්පනය පොලිසියට ලද පැමිණිල්ලක් අනුව අනුරාධපුර කොට්ඨාස පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් හා ප්‍රදේශවාසීන් එක්ව එම වැව තුළ දී අද(20) සිදුකළ කළ සෝදිසි මෙහෙයුමකදී මෙම මළ සිරුර සොයා ගැනීමට හැකිව තිබිණ‍
මිය ගොස් ඇත්තේ තිරප්පනේ ඇතුන්ගම දකුණ ප්‍රෙද්ශයේ පදිංචිව සිටි ඉඳිප්පුලිහේවගේ සුජිත් නිශාන්ත නමැති 33 හැවිරිදි අවිවාහක පුද්ගලයකු බවට හඳුනාගෙන ඇතැයි පොලිසිය කියයි. පෙදරේරැවකු ලෙස වෘත්තීය කටයුතු වල නිරතව ඇති ඔහු සහෝදරයින් 07 දෙනෙකුගෙන් යුත් පවුලේ බාලයාය. පවුලේ බාලයා වූ ඔහු සිය මව රැක බලා ගනිමින් ජීවත් වූ ආයකු බවද පොලිසිය පවසයි. මිය ගිය පුද්ගලයා මසුන් ඇල්ලීම සදහා යන බව පවසා ඊයේ රාත්‍රී නිවසින් පිටව ගොස් ඇති බව සිදු කළ මූලික පොලිස් විමර්ශණවලදී අනාවරණය කර ගෙන තිබේ. ඒ අනුව අද පෙරවරුව වන තෙක් ඔහු යළි නිවසට නොපැමිණිම නිසා එම මව හා අසල්වාසී පිරිස් සිද්දිය සම්බන්ධයෙන් තිරප්පනය පොලිසියට දැනුම් දීමට පියවර ගෙන තිබිණ. ඒ අනුව අනුරාධපුර කොට්ඨාස ජීවිතාරක්ෂක ඒකයේ නිලධාරීන්ගේ සහය ලබා ගනිමින් තිරප්පනය පොලිසිය හා උලගල්ල ප්‍රෙද්ශවාසීන් එක්ව අද දහවල් උලගල්ල වැව තුළ සෝදිසි මෙහෙයුමක් දියත්ත කර තිබිණ. එම සෝදිසි මෙහෙයුමේ දී අදාළ පුද්ගල මළ සිරුර සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි. සිද්දිය සැලවිමත් සමග එම මල සිරුර දැක බලා ගැනීමට විශාල පිරිසක්ද එම ස්ථානයට එක්රොක්ව සිටියහ.
මසුන් ඇල්ලීම සදහා වැවට බැස ඇති ඔහු වැව් දියේ ගිලීමෙන් මරණයට පත්වන්නට ඇතැයි පොලිසිය අනුමාන කරයි.
එම සැකකටයුතු මරණය සම්බන්ධයෙන් වූ ඉදිරි වැඩි දුර විමර්ශණ ප්‍රෙද්ශයේ උසස් පොලිස් නිලධාරීන්ගේ නියෝග අනුව තිරප්පනය පොලිස් ස්ථානාධීපතිවරයාගේ මෙහෙයවීම මත ක්‍රියාත්මක පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් මේ වනවිට ආරම්භ කර තිබේ. .

අද ඩොලරයේ විකුණුම් මිල රු. 308 දක්වා පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කරන දෛනික විනිමය අනුපාත අනුව අද (19) දිනයේ රුපියලට සාපේක්ෂව ඩොලරයේ අගය පහළ ගොස් තිබෙනවා.

ඒ අනුව, ඩොලරයේ ගැනුම් මිල රුපියල් 299.29 ක් ලෙස සහ විකුණුම් මිල රුපියල් 308.90 ක් ලෙසයි අද ශ්‍රී ලංකා මහ බැංකු වෙබ් අඩවියේ දැක්වෙන්නේ.

රේගු නිලධාරීන් අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරයි

රේගු නිලධාරීන් අද (19) උදෑසන සිට අකුරට වැඩකිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා.

රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ භාරයේ ඇති ගිණුමක් මුදල් අමාත්‍යංශයට පවරා ගැනීමට විරෝධය පළ කරමින් ඔවුන් මීට පෙර අතිකාල සේවාවලින් ඉවත්වීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබුණා.

මොරටුව ඉදිබැද්ද බැක්වත්ත ප්‍රදේශයේ කාන්තාවක් ගෙල කපා මරා දමා ඇති බව පොලීසිය (18 වැනිදා) පැවසීය.

දර්ශාන් ප්‍රනාන්දු
මොරටුව
0773710807
18.03.2024
මොරටුව ඉදිබැද්ද බැක්වත්ත ප්‍රදේශයේ කාන්තාවක් ගෙල කපා මරා දමා ඇති බව පොලීසිය (18 වැනිදා) පැවසීය.
මෙලෙස මිය ගොස් ඇත්තේ සූරියආරච්චිගේ ප්‍රජාපලි සූරියආරච්චි නමැති 51 හැවිරිදි කාන්තාවකි.
උදෑසන 10 ට පමණ මෙම සිදු වීම සිදු වී ඇති අතර අධිකරණ වෛද්‍ය නිලධාරී ප්‍රසාන් විජේතුංග අදාළ ස්ථානයට පැමිණි අතර අනතුරුව මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයේ වැඩබලන මහේස්ත්‍රාත් අසේල මොරගොල්ල ස්ථානීය පරීක්ෂාවක් සිදු කළේය.

මෙම කාන්තාවගේ ඥාතියෙකු උදෑසන වඩු උපකරණයක් ලබා ගැනීම සඳහා පැමිණ ඇති අතර ඒ අතරතුරදී මෙම සිදුවීම සිදුව ඇතැයි සැක කරන බව පොලිසීයේ උසස් නිලධාරියෙකු පැවසීය.

වයස අවුරුදු 60 ක පුද්ගලයෙකු පොලීසිය වෙත භාර වි ඇති අතර ඔහු මිය ගිය කාන්තාවගේ ඥාතියකු වන බවද පොලීසිය කියයි.

මෙම කාන්තාවගේ සැමියා බන්ධනාගාරගතව සිටියදී පහරදී මින් පෙර මිය ගොස් ඇතැයි පොලීසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ගල්කිස්ස 04 භාර සහකාර පොලිස් අධිකාරී දර්ශන කුලකුලසූරිය උපදෙස් මත , මොරටුමුල්ල පොලිසියේ වැඩබලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චමින්ද, අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක උදයකුමාර ඇතුළු නිලධාරීන් සිදු කරනු ලබයි.