යුක්ති මෙහෙයුමට සමගාමීව සංවිධානාත්මක අපරාධ සහ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට අයත් තවත් දේපල රැසක් 2023.12.22 වන අද දින නීති විරෝධි වත්කම් හෝ දේපල විමර්ශන කොට්ඨාසයේ නිළධාරීන් විසින් දේපල තහනමට ගෙන ඇත.

යුක්ති මෙහෙයුමට සමගාමීව සංවිධානාත්මක අපරාධ සහ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට අයත් තවත් දේපල රැසක් 2023.12.22 වන අද දින නීති විරෝධි වත්කම් හෝ දේපල විමර්ශන කොට්ඨාසයේ නිළධාරීන් විසින් දේපල තහනමට ගෙන ඇත.

විදේශගතව සිට ඉතා ක්ෂුක්ෂම ලෙස මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකර එම ජාවාරමෙන් උපයාගන්නා ගන්නා ලද මුදල් භාවිතා කර මෙම වාහන සහ දේපල මිලදී ගෙන ඇති බවට විමර්ශන නිළධාරීන් වෙත අනාවරණය වීමෙන් පසුව මෙම දේපල තහනමට ගැනීම සිදු කර ඇත.

තහනමට ගත් වාහන සහ දේපල පහත පරිදි වේ.
අඩි 45 ක බහුදින යාත්‍රා 01 ක්
KDH වෑන් රථ 01 ක්
TOYOTA CHR වර්ගයේ ජීප් රථ 01 ක්
WAGON R වර්ගයේ කාර් රථ 01 ක්
හික්කඩුව ලිපිනයේ තට්ටු 03 කින් සමන්විත ගොඩනැගිල්ල
හික්කඩුව මහමෝදර පාලම අසල මහල් 04 කින් යුත් Villa 01 ක්
හික්කඩුව මහමෝදර පාලම අසල මහල් 03 කින් යුත් Villa 01 ක්
රත්‍රං පවුම් 30 ක්

ඉහත පරිදි තහනමට ගත් වාහන සහ දේපල වල මුළු වෙළදපල වටිනාකම ලක්ෂ 1340 කට ආසන්න බවට අනාවරණය වී ඇත.

WhatsApp Image 2023-12-22 at 21.52.06 (2) WhatsApp Image 2023-12-22 at 21.52.06 (1) WhatsApp Image 2023-12-22 at 21.52.06 WhatsApp Image 2023-12-22 at 21.52.05 WhatsApp Image 2023-12-22 at 21.52.04 (5) WhatsApp Image 2023-12-22 at 21.52.04 (4) WhatsApp Image 2023-12-22 at 21.52.04 (3) WhatsApp Image 2023-12-22 at 21.52.04 (2) WhatsApp Image 2023-12-22 at 21.52.04 (1) WhatsApp Image 2023-12-22 at 21.52.04 WhatsApp Image 2023-12-22 at 21.52.03

දැනට පැතිරෙන ඉන්ෆ්ලුවෙන්සා තත්ත්වය JN.1 නව කොරෝනා උප ප්‍රභේදය විය හැකියි – මහාචාර්ය චන්දිම ජීවන්දර

කොවිඩ් ඔමික්‍රෝන් ප්‍ර‍භේදයේ උප ප්‍රභේදයක් වන JN.1 නව කොරෝනා වෛරස් ප්‍රභේදය දැනටමත් මෙරට තුළ පැතිරමින් ඇති බවට සැක පහළ කරන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී මහාචාර්ය චන්දිම ජීවන්දර පවසනවා.

නමුත් ලංකාව තුල කොවිඩ් පරීක්ෂණ සිදුකිරීම ඉතාමත් අවම මට්ටමක පැවතීම හේතුවෙන් මේ මොහොතේ JN.1 හි ව්‍යාප්තිය පිළිබඳව තත්ත්වය සම්බන්ධයෙන් විද්‍යාත්මකව ප්‍රකාශ කළ නොහැකි බවයි සිය නිල එක්ස් (X) ගිණුමට සටහනක් එක් කරමින් ඔහු පවසා සිටින්නේ.

දැනටමත් ශ්‍රී ලංකාව තුල ILI ඉන්ෆ්ලුවෙන්සා රෝගීන්ගේ වැඩි වීමක් නිරීක්ෂණය වන අතර එය JN.1 ‍වීමේ හැකියාවක් ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත් තවමත් බලාත්මක බවත්, කෙසේ වුවත් දුර්වල ප්‍රතිශක්තියක් සහිත අයට බූස්ටර් එන්නත් මාත්‍රාවක් ලබාගැනීමට අවශ්‍ය විය හැකි බවත්, සමස්තයක් ලෙස අවදානම් තත්ත්වයේ පසුවන අයට මුඛ ආවරණ පැළඳීම ආරම්භ කිරීමට සුදුසු බවත් මහාචාර්යවරයා සඳහන් කර සිටිනවා.

JN.1 හි රෝග ලක්ෂණ වන්නේ උණ, කැස්ස, සුවඳ නැතිවීම සහ රසය නැතිවීම, දිගටම පවතින අධික උණ, හුස්ම ගැනීමේ අපහසුතා, තෙහෙට්ටුව, ආහාර ගැනීමට නොහැකි වීම සහ වමනය යෑමේ ප්‍රවණතාවය ආදිය ඇත්නම් වෛද්‍ය උපදෙස් ලබාගන්නා ලෙස ඔහු වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.

පසුගිය පැය 24 තුළ සැකකරුවන් 1,865ක් අත්අඩංගුවට

රට පුරා ක්‍රියාත්මක යුක්තිය පොලිස් මෙහෙයුම යටතේ පසුගිය පැය 24 තුළ සිදුකරන ලද වැටලීම්වලදී සැකකරුවන් 1,865ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසනවා.

ඒ අනුව එම සැකකරුවන් අතරින් 145 දෙනෙකු සම්බන්ධව රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන බව පොලීසිය සඳහන් කළේ.

එසේම, සැකකරුවන් 40 දෙනෙකු සම්බන්ධයෙන් නීතිවිරෝධි වත්කම් විමර්ශන ආරම්භ කරනු ලබන අතර, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ පුද්ගලයින් 134 දෙනෙකු පුනරුත්ථාපන මධ්‍යස්ථාන වෙත යොමු කර තිබෙනවා.

මෙම මෙහෙයුමේදී හෙරොයින් මත්ද්‍රව්‍ය 613g ක්, අයිස් මත්ද්‍රව්‍ය 746g ක්, ගංජා මත්ද්‍රව්‍ය 16kg 500g ක්, ගංජා පැළ 272,041ක්, මත්පෙති 3,142 ක් හා තවත් මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් බවයි සඳහන් වන්නේ.

දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 787 ක ණය ආධාර

2023 දෙසැම්බර් මාසයේදී, ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන වාරිකය සහ ආසියානු සංවර්ධන බැංකුවේ සහ ලෝක බැංකුවේ ප්‍රතිපාදන ලැබී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන වාරිකය ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 337 ක් හා ආසියානු සංවර්ධන බැංකුවෙන් විවිධ වැඩසටහන් සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 200 ක් හා ලෝක බැංකුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 250 ක් ලැබී ඇති බවයි සඳහන් වන්නේ.

එක්සත් ජනපද ඩොලර් මිලියන 787 ක් වන මෙම මුදල් ප්‍රමාණය මගින් අයවැය ශක්තිමත් කිරීම සහ රටේ බාහිර සංචිත වැඩි දියුණු කිරීම අරමුණු කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

ටෙලිකොම් සේවකයින් අද 8 වන දිනටත් වැඩ වර්ජනයේ

ටෙලිකොම් සේවකයින් අද (21) අඛණ්ඩව 8 වන දිනටත් වැඩ වර්ජනය ක්‍රියාත්මක කර තිබෙනවා.

වත්මන් සභාපතිවරයා සහ අධ්‍යක්ෂක මණ්ඩලයේ ක්‍රියාකලාපයට සහ ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණයට විරෝධය පළ කරමින් ඔවුන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කර තිබුණා.

අද දිනයේ අධ්‍යක්ෂක මණ්ඩලයේ රැස්වීමක් කැඳවා ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි ශ්‍රී ලංකා සියලු විදුලි සංදේශ සේවක සංගමයේ සභාපති ජගත් ගුරුසිංහ සඳහන් කළේ.

දේශබන්දු තෙන්නකෝන් බස්නාහිර පළාත භාර තනතුරෙන් ඉවත් කර වැඩ තහනම් කර සේවයෙක් පහ කිරීමේ නියෝග නිකුත් කරන ලෙස ඉල්ලා සිටීම

සභාපති සහ සියලුම සාමාජිකයන්,
ජාතික පොලිස් කොමිෂන් සභාව.

දේශබන්දු තෙන්නකෝන් බස්නාහිර පළාත භාර තනතුරෙන් ඉවත් කර වැඩ තහනම් කර සේවයෙක් පහ කිරීමේ නියෝග නිකුත් කරන ලෙස ඉල්ලා සිටීම

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස ජාතික පොලිස් කොමිෂන් සභාව මගින් පත් කර සිටින දේශබන්දු තෙන්නකෝන් නම් නිලධාරියා පොලිස් අධිකාරීවරයකුව සිටියදී ශ්‍රී ලංකාවේ පුරවැසියකු නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගෙන, නීති විරෝධී ලෙස රඳවා තබා ගනිමින්, බරපතල ලෙස වධහිංසා පැමිණවීමට වගකිවයුතු බවට ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා තීන්දු කළේය.

SC (FR) Application No.107/2011 දරණ මූලික අයිතිවාසිකම් නඩුවට අදාලව 2023 දෙසැම්බර් මස 14 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇත්තේ දේශබන්දු තෙන්නකෝන් නම් එම නඩුවේ පස් වැනි වගඋත්තරකරු පුරවැසියාට වද හිංසා කිරීමට සෘජුවම සම්බන්ධ වී ඇති බවයි. එම පෙත්සමේ පෙත්සම්කරු ඇතුළු සැකකරුවන් කිහිප දෙනකුට දැනට මාලිගාවත්ත පොලිස් ස්ථානාධිපතිව සිටින එවකට මිරිහානේ සේවය කළ භාතිය ජයසිංහ ඇතුළු පොලිසියේ පරිසක් වද හිංසා පමුණුවමින් සිටි වධකාගාරයට දේශබන්දු තෙන්නකෝන් ද ගොස් ඇති බව එම මූලික අයිතිවාසිකම් පෙත්සමේ සඳහන් වේ. දේශබන්දු තෙන්නකෝන් එම වධකාගාරයට ගොස් සැකකරුවන් නිරුවත් කර ඔවුන් පෝලිම් කර ඔවුන්ගේ ශරීරයේ සෑම තැනකටම පහර දී සැකකරුවන්ගේ ලිංගේන්ද්‍රවල සිද්ධාලේප ආලේප කරගන්නා ලෙස අණ කර නැවත පහරදී ඇතැයි එම නඩු තීන්දුවේ පැහැදිලිවම සඳහන් වේ.

එවැනි වධකාගාර ඇත්නම් ඒවා ගැන සොයා බලා නිලධාරීන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට වාර්තා කළ යුතු කොට්ඨාස භාර පොලිස් අධිකාරීවරයකු වධකාගාරයටම ගොස් බරපතල ලෙස වධහිංසා පැමිණවීම ඉතාම බරපතල තත්ත්වයක් වන අතර එවැනි නිලධාරියකු ශ්‍රී ලංකා පොලිසියේ සිටීමම පොලිසිය ගැන මහජන විශ්වාසය බරපතල ලෙස පලුදු කරන්නකි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11, 12.1, 13.1 සහ 13.2 යන ව්‍යවස්ථා මගින් ආරක්ෂා කර ඇති මූලික අයිතිවාසිකම් ඉතා බරපතල ලෙස උල්ලංඝනය කළ බවට ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇති දේශබන්දු තෙන්නකෝන් නම් පුද්ගලයා මේ වන විට බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කරමින් සිටින අතර ජනාධිපතිවරයා විසින් ඔහු වැඩබලන පොලිස්පති ලෙස ද පත් කරනු ලැබ තිබේ. සැකකරුවන්ට පහරදීමට එහා ගොස් ලිංගික අතරවයට ලක් කර ඇති බව ද නඩුවේදී කියැවී තිබෙන අතර සැකකරුවන් නිරුවත් කර ඔවුන් දෙස බලා සිටීම, සැකකරුවන්ගේ ලිංගේන්ද්‍රවල සිද්ධාලේප ආලේප කිරීමට අණ කිරීම ඇතුළු ක්‍රියා මගින් දේශබන්දු තෙන්නකෝන් යනු විකෘති ලිංගික ආශාවන් ඇති පුද්ගලයකුද යන්නද බරපතල සැකයක් මහජනතාව තුළ මතුවී තිබේ. එවැනි පුද්ගලයකු පොලිසියේ ප්‍රධාන තනතුරක් දැරීම මගින් ශ්‍රී ලංකා පොලිසිය ගැනත්, ජාතික පොලිස් කොමිෂන් සභාව ගැනත් මහජන විශ්වාසය පළුදු වීමට මෙන්ම ජාත්‍යන්තර වශයෙන් පවා දැඩි කතා බහක් ඇතිවීමටත් ඉඩ කඩ තිබේ.

තමන් විසින් මෙම මූලික අයිතාවිසිකම් කඩ කිරීමට වගඋත්තරකරුවන් යැයි සොයාගෙන ඇති පිරිසට සුදුසු විනය පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ජාතික පොලිස් කොමිෂන් සභාවට නියෝග කර ඇත. ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගයේ දැක්වෙන්නේ විනය පරීක්ෂණ පවන්වන ලෙස නොව සුදුසු විනය පියවර ගන්නා ලෙසයි. දේශබන්දු තෙන්නකෝන් නම් නිලධාරියා ඇතුළු සෙසු නිලධාරීන් පුරවැසියන් නීති විරෝධීව අත්අඩංගුවට ගෙන, නීති විරෝධීව රඳවා තබා ගනිමින්, කෘර සහ අමානුෂික ලෙස වද හිංසා කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය සනාථ කර ඇති හෙයින් නැවත විනය පරීක්ෂණයක් අවශ්‍ය නොවන අතර පොලිස් කොමිසම කළ යුතුව ඇත්තේ සුදුසු විනය පියවරක් ගැනීමය.

මෙවැනි නිලධාරීන් තවදුරටත් පොලිස් සේවයේ තබා ගැනීම මගින් පොලිස් සේවය බරපතල ලෙස කඩාවැටීමකට ලක්විය හැකිය.

එසේ හෙයින් ජාතික පොලිස් කොමිෂන් සභාවට පැවරී ඇති බලතල අනුව පහත ක්‍රියාමාර්ග ගන්නා ලෙස තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ලෙස අපි ඉල්ලා සිටිමු. අදාල නඩු තීන්දුව මේ සමග ඇත.
https://www.supremecourt.lk/images/documents/sc_107_2011.pdf

1) මූලික අයිතිවාසිකම් නඩුවේ පස් වැනි වගඋත්තරකරු වූ දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව ගත හැකි සුදුසු විනය ක්‍රියාමාර්ගය වන පොලිස් සේවයෙන් පහ කරීමට අදාල විනය නියෝගය නිකුත් කරන ලෙස ඉල්ලා සිටිමු.

2) එලෙස විනය ක්‍රියාමාර්ග ගන්නා තෙක් වහාම ඔහු බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරෙන් ඉවත් කර වැඩ තහනම් කරන ලෙස ඉල්ලා සිටිමු.

3) මුලික අයිතිවාසිකම් පෙත්සමේ දෙවැනි වගත්තරකාර භාතිය ජයසිංහ නම් නිලධාරියා දැනට දරණ මාලිගාවත් පොලිස් ස්ථානාධිපති තනතුරෙන් වහාම ඉවත් කර වැඩ තහනම් කරන ලෙසත්, සුදුසු විනය ක්‍රියාමාර්ගය වන පොලිස් සේවයයෙන් පහ කිරීමේ නියෝග නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටිමු.

4) මූලික අයිතිවාසිකම් පෙත්සමේ පළමු වගඋත්තරකරු වන බණ්ඩාර නම් නිලධාරියා දැනට දරණ තනතුරෙන් ඉවත් කර වැඩ තහනම් කරන ලෙසත්, කඩිනමින් විනය ක්‍රියාමාර්ගය වන සේවයෙන් පහ කිරීමේ නියෝග නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටිමු.

ස්තුතියි.

සභාපති
තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය

සමලිංගික යුවළ ආශිර්වාද ගැන්වීමට රෝමානු කතෝලික පූජකවරුන්ට අවසර

සමලිංගික යුවළ ආශිර්වාද ගැන්වීම සඳහා රෝමානු කතෝලික පූජකවරුන්ට නිල වශයෙන් අවසර ලබාදීමට අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව සමරිසි යුවළ සඳහා ආශිර්වාද කිරීමේ දී ඇතැම් කොන්දේසිවලට යටත් කර ඇති අතර එම යුවළ සඳහා ආශිර්වාද කිරීම පිළිබඳව තීරණය කිරීමට පූජකවරුන්ට ලබාදී තිබෙන බවයි සඳහන් වන්නේ.

කෙසේවෙතත් විවාහය යනු තවදුරටත් කාන්තාවක් සහ පුරුෂයෙකු අතර සිදුවන ක්‍රියාවක් ලෙස අඛණ්ඩව සැලකීමට වතිකානුව තීරණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

නුවරඑළිය මහ නගර සභාවෙන් ගව මස් කඩ ගැන දැඩි තීරණයක්

නුවරඑළිය හා නානුඔය ප්‍රදේශයන්වල ජනතාව සහ නුවරඑළියට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්  දීර්ග කාලයක් තිස්සේ අනුභව කර ඇත්තේ මැරිච්ච , තුවාල පලුදු වී පනුවො හැදිච්ච විවිධ ලෙඩ රෝග වලට ගොදුරු වී ආසාදනයන් වලට ලක්වූ ගවයන්ගේ මස් බවට සාක්ෂි සහිතව ආන්දෝලනාත්මක හෙලිදරව්වක්

WhatsApp Image 2023-12-20 at 14.02.20 (1) WhatsApp Image 2023-12-20 at 14.02.20 WhatsApp Image 2023-12-20 at 14.02.21 (1) WhatsApp Image 2023-12-20 at 14.02.21 (2) WhatsApp Image 2023-12-20 at 14.02.21 (3) WhatsApp Image 2023-12-20 at 14.02.21 (4) WhatsApp Image 2023-12-20 at 14.02.21 (5) WhatsApp Image 2023-12-20 at 14.02.21 WhatsApp Image 2023-12-20 at 14.02.22 (1) WhatsApp Image 2023-12-20 at 14.02.22 (2) WhatsApp Image 2023-12-20 at 14.02.22 (3) WhatsApp Image 2023-12-20 at 14.02.22 (4) WhatsApp Image 2023-12-20 at 14.02.22 (5) WhatsApp Image 2023-12-20 at 14.02.22 (6) WhatsApp Image 2023-12-20 at 14.02.22 WhatsApp Image 2023-12-20 at 14.02.23 (1) WhatsApp Image 2023-12-20 at 14.02.23 (2) WhatsApp Image 2023-12-20 at 14.02.23 (3) WhatsApp Image 2023-12-20 at 14.02.23 WhatsApp Image 2023-12-20 at 14.02.24 (1) WhatsApp Image 2023-12-20 at 14.02.24 (2) WhatsApp Image 2023-12-20 at 14.02.24 (3) WhatsApp Image 2023-12-20 at 14.02.24 (4) WhatsApp Image 2023-12-20 at 14.02.24 WhatsApp Image 2023-12-20 at 14.02.25 (1) WhatsApp Image 2023-12-20 at 14.02.25 (2) WhatsApp Image 2023-12-20 at 14.02.25 (3) WhatsApp Image 2023-12-20 at 14.02.25

උඩරට දුම්රිය ගමනාගමන​ය යථා තත්ත්වයට

උඩරට දුම්රිය ගමනාගමන කටයුතු යථා තත්ත්වයට පත් කර තිබෙනවා.

අද (19) අලුයම හපුතලේ සහ දියතලාව අතර දුම්රිය මාර්ගයට පස් කන්දක් කඩා වැටීමෙන් උඩරට දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී තිබුණා.

හෙට සිට බිත්තර වෙළඳපොලෙන් රුපියල් පනස් හතරට ලබා දෙනවා.

හෙට සිට බිත්තර වෙළඳපොලෙන් රුපියල් පනස් හතරට ලබා දෙනවා. සමස්ත ලංකා බිත්තර වෙළෙඳ සංගමය ප්‍රකාශ කරයි. ඉන්දියන් බිත්තරය සතොස විසින් අවභාවිතා කරමින් විකුණයි.

බිත්තර මිල ඉහළ යෑමට ප්‍රධාන හේතුව වී ඇත්තේ වෙළඳපොලේ ඉල්ලුම වැඩිවීමත් සමග ඇතිවූ වෙළඳපොළ උච්චාවචනයයි. බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය තම ලාභ අසීමාන්තික ලෙස ලබා ගනිමින් පාරිභෝගිකයන් සූරා කෑම මෙලෙස විශාල ලෙස මිල ඉහළ යාමට හේතු වී තිබෙනවා. නිෂ්පාදන වියදම සමග සැසදීමේදී දිනකට ලක්ෂ 100ක පමණ විශාල ලාභයක් මොවුන් උපයමින් සිටී. වෙළඳ සංගමය ලෙස ඔවුන්ට සිදුවී ඇත්තේ ඔවුන් දෙන මිලට තවත් රුපියල් දෙකක් තුනක් අතර මුදලක් එක් කරමින් පාරිභෝගිකයාට ලබාදීමයි. නිෂ්පාදන වියදම මේ වන විට බිත්තරයක රුපියල් දහ අටත් විස්සක් අතර මුදලක් වන අතර නමුත් පාරිභෝගිකයාට ලබා නොදීමට බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය උත්සාහ දරන්නේ නැත. සත්ව කෑම මිල ඉහළම ගිය අවධියේදී පවා බිත්තරයක නිෂ්පාදන වියදම රුපියල් විසි අටක් පමණ වන බවත් එය පෙර සිටම තම සංගමය ප්‍රකාශ කළ බවත් වර්තමානයේදී බිත්තරයක් රුපියල් තිස්පහට ලබාදීමට හැකියාව ඇති බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා. හෙට සිට බිත්තර රුපියල් පනස් හතරක් වැනි මුදලකට ලබාදෙන බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා. එමෙන්ම ඉන්දියන් බිත්තර සතොස විසින් ඉතාමත් අක්‍රමික ලෙස වෙළඳපොලේ මාෆියාවට තවත් රුකුලක් වෙමින් කටයුතු කරමින් සිටී. සාමාන්‍ය පාරිභෝගිකයින්ට බිත්තර විස්සක් වැනි ප්‍රමාණයක් ලබාදී ඉතුරු කරගෙන රාත්‍රී කාලයේදී ව්‍යාපාරිකයින්ට ඒවා ලබාදෙයි. එසේ ලබා දෙන්නේ ජනතා මුදලින් ගෙනා බිත්තර නැවත වෙළඳපොලේ රුපියල් හතළිහක් වැනි මුදලකට විකිණීමටයි. එමෙන්ම බේකරි නිෂ්පාදකයින්ට කියා දෙන්නේ මහා පරිමාණ ව්‍යාපාරිකයින්ට බවත් සුළුවෙල් කරන කිසිවකුට හෝ මෙම බිත්තර ලබා නොදෙන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා