සනත් නිශාන්තගෙන් හිස් වූ මන්ත්‍රී ධූරය විමල්ගේ පක්ෂයේ ජගත් ප්‍රියංකරට

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගෙන් පුරප්පාඩු වන පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා මනාප අනුපිළිවෙල අනුව ජගත් ප්‍රියංකර සුදුසුකම් ලබා තිබෙනවා.

2020 වර්ෂයේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පුත්තලම දිස්ත්‍රික්කයෙන් ඔහු මනාප 40,527ක් ලබාගෙන තිබුණා.

ජගත් ප්‍රියංකර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරඟ වැදුනේ විමල් වීරවංශගේ නායකත්වයෙන් යුතු ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමින්.

අධිවේගී මාර්ගයේ වෑන් රථයක් ලොරියක ගැටී විදෙස් ජාතිකයෙක් මරුට

අධිවේගී මාර්ගයේ කඩවත සහ කෙරවලපිටිය අතර කොටසේ සිදුවූ රිය අනතුරකින් එක් පුද්ගලයෙකු මියගොස්, තවත් තිදෙනෙකු රෝහල්ගත කර තිබෙනවා.

වෑන් රථයක් ලොරි රථයක පිටුපස ගැටීමෙන් අනතුර සිදුවී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

එම අනතුරෙන් විදෙස් ජාතිකයෙකු මියගොස් ඇති අතර තුවාල ලැබූවන් රාගම රෝහලට ඇතුළත් කර තිබෙනවා.

බෙලිඅත්ත ඝාතන සිද්ධිය සම්බන්ධ​ව තවත් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයට ආධාර අනුබල දුන්නේ යැයි සැකපිට තවත් පුද්ගලයන් දෙදෙනෙක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව ගාල්ල වංචාවල ප්‍රදේශයේදී අදාළ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔවුන් සන්තකයේ තිබී හෙරොයින්ද සොයාගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

Online Safety පනත ගැන ජනතාවගෙන් 66% ක් දන්නේ නැහැ – Verité Research

පසුගියදා සම්මත වූ Online Safety පනත පිළිබඳ ජනතාවගේ දැනුම ඉතා අල්ප බව Verité Research සමීක්ෂණ ආයතනය සිදුකළ සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව මෙම සමීක්ෂණයේදී 66% ක් මෙම පනත සම්බන්ධයෙන් කිසිවක් නොදන්නා බවට අනාවරණය වී ඇති අතර, පනත ගැන දැනුවත්ව ඇත්තේ 34% ක පිරිසක් බවයි එම ආයතනය පෙන්වා දෙන්නේ.

එසේම 56% ක පිරිසක් මෙම පනත හරහා සමාජ මාධ්‍ය භාවිතයට ඇති නිදහස අඩුවන බවට ප්‍රකාශ කර ඇති අතර 25% ක් මෙම පනත මඟින් වැඩි වෙනසක් සිදුනොවන බව ප්‍රකාශ කර තිබෙනවා.

තවත් 19% ක් සමාජ මාධ්‍ය අවභාවිතය මේ හරහා අඩුවනු ඇති බවට ප්‍රකාශ කර ඇති බවයි වෙරිටේ රිසර්ච් ආයතනය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

65b334b30cc58

Online Safety පනත ගැන අමරිකානු රජය කනස්සල්ල පළ කරයි

ඊයේ (24) පාර්ලිමේන්තුවේදී සම්මත කරන ලද Online Safety පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අමරිකානු රජය අද (25) සිය කනස්සල්ල පළ කර තිබෙනවා.

මෙම පනත ප්‍රකාශනයේ නිදහසට, නවෝත්පාදනයන්ට සහ පෞද්ගලිකත්වයට තර්ජනයක් වන බවට පවසන සිවිල් සමාජය සහ තාක්ෂණික සමාගම් ඇතුළු ප්‍රධාන පාර්ශවකරුවන්ගේ වැදගත් අදහස් ඇතුළත් නොකර, ඊයේ සම්මත කිරීමෙන් ඇති විය හැකි බලපෑම පිළිබඳව තමන් කනස්සල්ලට පත්ව සිටින බව ඇමරිකානු තානාපතිනි ජුලී චන්ග් X පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

අදාළ පනත හරහා ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් අනතුරේ හෙළීමට අමතරව, නොපැහැදිලි සහ පමණට වඩා සීමා සහිත නීති මගින් ශ‍්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය අඩාල කරන බවද, ආයෝජනයට සහ ඩිජිටල් ආර්ථිකයක සංවර්ධනයටද එය බාධාවක් විය හැකි බවද ඇය පෙන්වා දෙනවා.

එබැවින් විනිවිදභාවයට ප්‍රමුඛත්වය දෙන ලෙසත්, කිසිදු නීති සම්පාදනයක් හරහා රටේ ජනතාවගේ හඬ යටපත් නොවන බවට සහතික වන ලෙසත් එක්සත් ජනපදය ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටින බව එම X පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් වෙනවා.

දුරුතු පුර පසළොස්වක පොහොය දිනය අදයි

දුරුතු පුර පසළොස්වක පොහොය දිනය අදට (25) යෙදී තිබෙනවා.

බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය සිදුවනේ ද දුරුතු පුර පසලොස්වක පොහෝ දිනක බවයි ශාසන ඉතිහාසයේ දැක්වෙන්නේ.

බුදුන් වහන්සේ තුන් බෑ ජටිලයන් ප්‍රමුඛ දහසක් පිරිස දහම් මඟට හරවා ගැනීම දුරුතු පෝය දිනක සිදුව ඇති අතර බෞද්ධ ඉතිහාසයේ ප්‍රථම ආරාම පූජාව වන බිමිබිසාර රජු විසින් බුදුන් වහන්සේ ඇතුළු මහ සඟරුවනට වේළුවනාරාමය පූජා කළේ ද දුරුතු පොහොය දිනක බවයි සඳහන් වන්නේ.

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සහ ඔහුගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියා මියයයි:රාගම රෝහලේ අධ්‍යක්ෂ

කටුනායක සිට කොළඹ දෙසට ධාවනය කරමින් තිබූ ඒ මහතා ගමන් කරමින් සිටි සුඛෝපභෝගි රථය, ඒ දෙසටම ධාවනය කරමින් තිබූ කන්ටේනරයක පිටුපස ගැටී තිබූ බවයි පොලිසිය පවසන්නේ

අනතුරුව එම රථය ආරක්ෂක වැටේ ගැටී තිබේ.

අනතුරින් බරපතළ තුවාල ලැබූ රාජ්‍ය අමාත්‍යවරයා, ඔහුගේ ආරක්ෂක නිලධාරියා සහ එම රථයේ රියදුරා රාගම රෝහලට ඇතුළු කෙරිණි.

එහිදී රාජ්‍ය අමාත්‍යවරයා සහ ආරක්ෂක නිලධාරියා ජීවිතක්ෂයට පත්වූ බව පොලීසිය පැවසීය.

WhatsApp Image 2024-01-25 at 05.54.17 (1) WhatsApp Image 2024-01-25 at 05.54.17 (2) WhatsApp Image 2024-01-25 at 05.54.17 WhatsApp Image 2024-01-25 at 05.54.18 (1) WhatsApp Image 2024-01-25 at 05.54.18 (2) WhatsApp Image 2024-01-25 at 05.54.18 (3) WhatsApp Image 2024-01-25 at 05.54.18 (4) WhatsApp Image 2024-01-25 at 05.54.18 WhatsApp Image 2024-01-25 at 05.54.19

බෙලිඅත්තේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙක් අත්අඩංගුවට

බෙලිඅත්ත ප්‍රදේශයේ සිදුවූ පංච පුද්ගල ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව 54 හැවිරිදි පුද්ගලයෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ සැකකරු අදාළ රථය පදවාගෙන ගොස් ඇති බවට මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

ඔන්ලයින් කෙටුම්පත : ඇමැති ටිරාන් කියන්නේ බොරු – කෙටුම්පත සම්මත කළොත් ලංකාවේ ඩිජිටල් ආර්ථිකය ඉවරයි – ආසියානු අන්තර්ජාල සන්ධානය

මාර්ගගත(ඔන්ලයින්) ආරක්ෂණ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මහජන ආරක්‍ෂක ඇමැති ටිරාන් අලස් විසින් පාර්ලිමේන්තුවේදී කියවන ලද ප්‍රකාශයේ සඳහන් ඇතැම් ප්‍රකාශයන් සත්‍ය නොවන බව ආසියානු අන්තර්ජාල සන්ධානය(Asia Internet Coalition-AIC) ප්‍රකාශ කරයි.

තම සන්ධානය දායකත්වය ලබාදී ඇත්තේ නිර්මාණාත්මක සහයෝගීතාව වෙනුවෙන් පමණක් බවත්, පනත් කෙටුම්පතට යෝජිත සංශෝධන ලබාදීමට පෞද්ගලිකව කටයුතු කර නැති බවත් AIC ඊයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ඊයේ දිනයේ පාර්ලිමේන්තුවේදී ආන්දෝලනාත්මක මාර්ගගත ආරක්ෂණ පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේදී ටිරාන් අලස් ඇමතිවරයා කරන ලද ප්‍රකාශයට පිළිතුරු ලබාදෙමින් AIC මෙම නිවේදනය නිකුත් කර ඇත.

ඔන්ලයින් ආරක්ෂණ පනත් කෙටුම්පත එහි වර්තමාන ස්වරූපයෙන් ක්‍රියාත්මක කළ නොහැකි බවත්, එමගින් ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකයට ඇති විය හැකි වර්ධනය සහ විදේශ සෘජු ආයෝජන අඩාල කරන බවත් AIC වැඩිදුරටත් සිය බිවෙදනයෙන් අවධාරණය කර ඇත.

“පනත් කෙටුම්පත ගෝලීය හොඳම භාවිතයන් සමඟ පෙළගැස්වීමට නම්, පුළුල් සංශෝධන අත්‍යවශ්‍ය බව අපි තරයේ විශ්වාස කරමු.” යැයි AIC සිය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ

WhatsApp Image 2024-01-24 at 08.28.46

යෝජිත Online Safety පනත ගැන SMS ජනමත විචාරයක් ඇරඹෙයි

Online Safety හෙවත් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය ගැන පනත් කෙටුම්පත පිළිබඳ මහජන මතය විමසීම සඳහා IT4P තොරතුරු තාක්ෂණ වෘත්තිකයන්ගේ එකමුතුව SMS ජනමත විචාරයක් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත කළ යුතු නම් “OSB YES” ලෙසද, සම්මත ‍නොකළ යුතු නම් “OSB NO” ලෙසද 0767001001 යන අංකයට SMS පණිවිඩයක් යොමුකිරීමට මහජනතාවට හැකියාව තිබෙන බවයි නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පවසන්නේ.

විපක්ෂ මැතිවරණ ව්‍යාපාර අඩාල කිරීමට, දූෂණ සිද්ධි වාර්තා කරන මාධ්‍යවේදීන් මර්දනය කිරීමට මෙන්ම, තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට දැඩි බලපෑමක් එල්ල කිරීමට මෙම පනත් කෙටුම්පත අවභාවිතා කළ හැකි බව අදාළ නිවේදනයෙන් ඔවුන් පෙන්වා දෙනවා.

එමෙන්ම මෙරට දේශීය තොරතුරු තාක්ෂණ සමාගම් පවත්වාගෙන යාමට අත්‍යවශ්‍ය Google Apps, Office 365, AWS වැනි ඔන්ලයින් සේවාවන් අදාළ පනත් කෙටුම්පත මඟින් නිර්වචනය කර තිබෙන ආකාරය හේතුවෙන්, එම සේවාවන් ශ්‍රී ලංකාවට සීමා කිරීමේ අවදානමක් පවතින බවද ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

අදාළ නිවේදනය සහ දැනුවත් කිරීම පහතින්.

65af7c571042e 65af7c5671792