ප්‍රදේශ රැසක වායු ගුණාත්මක බව පහළට – ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය

බාහිරින් හමා එන සුළංවල පවතින දූෂණ කාරක නිසා දිවයිනේ ප්‍රදේශ රැසක වායු ගුණාත්මකභාවය පහළ ගොස් ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.

ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කය තුළ වායුගෝලයේ පවතින දූවිලි අංශු ප්‍රමාණය ඉතා ඉහළ මට්ටමක පවතින බවයි එම සංවිධානය පෙන්වා දෙන්නේ.

කුඩා දරුවන්, වයෝවෘද්ධ පුද්ගලයින් හා ශ්වසන ආබාධවලින් පෙළෙන පුද්ගලයින්ට මෙම තත්ත්වයෙන් යම්කිසි සෞඛ්‍යමය හානිකර තත්ත්වයක් පවතින බව බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්ෂ E.L.M  උදයකුමාර පවසා සිටිනවා.

සෞඛ්‍ය ගැටලු ඇති පුද්ගලයින් මුව ආවරණ පැළඳීම සිදුකරන ලෙසත්, විවෘත පරිසරයේ රැදී සිටීමෙන් වැළකෙන ලෙසත් ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.

දිවයිනේ උසින් වැඩිම කඳු මුදන වන පිදුරුතලාගල නැවත සංචාරකයින් සදහා විවෘත කිරීමට කටයුතු සිදු කළ යුතු බව නුවරඑළිය දිස්ත්‍රීක් සම්බන්ධීකරණ කමිටුවේදී මධ්‍යම ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ ගමගේ මහතා පැවසීය .

ශ්‍රී ලංකාවේ උසින් වැඩිම සහ අංශක බිංදුව ‍පිහිටා ඇති නුවරඑළිය දිස්ත්‍රීක්කේ පිදුරුතලාගල කදු ප්‍රදේශය මේ වනවිට ආරක්ෂක හේතු කිහිපයක් මත සංචාරකයන්ට නැරඹීම සඳහා අවස්ථාව ලබාදීම තාවකාලිකව නතර කර තිබූ අතර  නැවත සංචාරකයින් සදහා විවෘත කිරීම සිදු කළ යුතු ව පවතින බව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතා පවසයි.

මේ බව ඒ මහතා ප්‍රකාශ කර සිටියේ නුවරඑළිය දිස්ත්‍රීක් සම්බන්ධීකරණ කමිටු රැස්වීම එම මහතාගේ සහ සම සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් නුවරඑළිය දිස්ත්‍රීක් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී (13) පැවැති අවස්ථාවේදී අදහස් දක්වමිනි ,

එහිදී ආණ්ඩුකාරවරයා මෑත කාලීනව මුහුණ දුන් පෞද්ගලික සිදුවීමක් ද උදාහරණ ලෙස දක්වමින් විශාල වියදමක් යටතේ මාර්ග පහසුකම් ඇතුලු විවිධ පහසුකම් සහිතව සංචාරකයින් සදහා විවෘතව පැවති පිදුරුතලාගල කදු ප්‍රදේශය අධ්‍යාපනික මෙන්ම සංචාරක වශයෙන් ඉහල වටිනාකමක් උසුලන බවත්, එය ජනතාවට තහනම් කලාපයක් ලෙස දිගින් දිගටම පවත්වා ගැනීමට නුසුදුසු බවත් සදහන් කර සිටියේය.

එමෙන්ම නුවරඑළිය සදතැන්න සංචාරක කලාපයේ හිරු උදාව නිරීක්ෂණය කිරීමට ද දෙස් විදෙස් සංචාරකයින් ‍ප්‍රියතාවයක් දක්වන බැවින් ඒ සදහා ද අවස්ථාවක් ලබාදීම සිදු කළ යුතු බවත්, ඉහල සංචාරක ආකර්ශනයක් සහිත ස්ථානයන් සුදුසු ක්‍රමවේදයන් යටතේ ජනතාවට විවෘත කිරීම සහ ඒ ආශ්‍රිත සුදුසු පරිදි සංචාරක කර්මාන්ත නගාසිටුවීම කාලීන අවශ්‍යතාවයක් බවත් එම මහතා‍ මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේය.

WhatsApp Image 2024-02-14 at 11.43.13 (2) WhatsApp Image 2024-02-14 at 11.43.13 (1) WhatsApp Image 2024-02-14 at 11.43.13 WhatsApp Image 2024-02-14 at 11.43.14

14.02.2024                                                                     ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය

අවිවාහක කතක් කෙලසු කොස්තාපල්ට වසර හතක බරපතල වැඩ සහිත සිර දඬුවමක් – වින්දිත කතට ලක්ෂ පහක් ගෙවන්නත් නියෝග .

 

අවිවාහක කතක් කෙලසු කොස්තාපල්ට වසර හතක බරපතල වැඩ සහිත සිර දඬුවමක්වින්දිත කතට ලක්ෂ පහක් ගෙවන්නත් නියෝග .

අවිවාහක (35) හැවිරිදි කාන්තාවකට ලිංගික අතවර කළ පොලිස් නිලධාරියෙකුට වසර හතක බරපතල වැඩ සහිත සිරදඬුවමක් සහ වින්දිතයාට ලක්ෂ 05ක වම්දියක් ගෙවන ලෙසත් අධිකරණයට රුපියල් 20,000 ක දඩයක් ගෙවන ලෙස නුවරඑළිය මහාධිකරණය තීන්දුවක් ලබාදී තිබේ .

මෙම නඩු තීන්දුව නුවරඑළිය මහාධිකරණ විනිසුරු විරාජ් වීරසූරිය මහතා විසින් (2024.02.13) දින නියම කළේය.

35 හැවිරිදි අවිවාහක කාන්තාවක් මෙලෙස ලිංගික අපයෝජනයට ලක් කර ඇත්තේ කඳපොල හයිෆොරට් පොලිස් ස්ථානයේ පොලිස් කොස්තාපල් වරයෙකු ලෙස නඩු තීන්දුවට ලබා දෙන තෙක්ම සේවය කළ ලක්ෂ්මන් සාලිය බණ්ඩාර වීරසිංහ නැමැත්තා විසිනි.

මේම සිද්ධිය සම්බන්ධයෙන් 2019 වසරේ නුවරඑළිය මහාධිකරණයේ පොලිස් කොස්තාපල්වරයාට එරෙහිව නඩුවක් ගොනුකර ඇත.

පසුගිය වසර පහක් තිස්සේ විභාග වූ මෙම නඩුවේ සාක්ෂි මත නුවරඑළිය මහාධිකරණයේදී පොලිස් කොස්තාපල් ලක්ෂ්මන් සාලිය බණ්ඩාර වීරසිංහ වරදකරු වීමත් සමග  මෙලෙස තීන්දුව ලබාදී තිබේ .

 

ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය

14.02.2024

(077-5272335)

FILE NAME – SPECIAL JUDGMENT

පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම් මහතා ගමන් කරමින් තිබූ මෝටර් රථය අද 13 අළුයම අනුරාධපුර පුත්තලම මාර්ගයේ දි අනතරකට ලක්වීමෙන් පුද්ගලයකු තුවාල ලබා ප්‍රතිකාර සදහා රෝහල් ගතකර ඇතැයි පොලිසිය කියයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම් මහතා ගමන් කරමින් තිබූ මෝටර් රථය අද 13 අළුයම අනුරාධපුර පුත්තලම මාර්ගයේ දි අනතරකට ලක්වීමෙන් පුද්ගලයකු තුවාල ලබා ප්‍රතිකාර සදහා රෝහල් ගතකර ඇතැයි පොලිසිය කියයි.

පුත්තලම අනුරාධපුර මාර්ගයේ 15 කණුව ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව තිබිණ.

පුත්තලමේ සිට අනුරාධපුර දෙසට ගමන් කරමින් තිබූ මංත්‍රී වරයාගේ ජීප් රථය ,එම දෙසටම ධාවනය වෙමින් තිබූ අත්ට්‍රැක්ටරයක පිටුපසින් ගැටී අනතුර සිදුව තිබූ බව පොලිසිය කියයි.

සිදුව ඇති එම අනතුරින් අත්ට්‍රැක්ටරයේ රියදුරා තුවාල ලබා ඇති අතර ප්‍රතිකාර සඳහා ඔහු පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය කියයි.

සිදුව ඇති එම අනතුරින් තුවාල ලබා මෙලෙස රෝහල් ගතකර ඇත්තේ එච්.එම්.හර්ෂණ ප්‍රදීප් නමැති අයෙකි. ඔහු ඉහළ පුලියන්කුලම – අලුත්ගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මන්ත්‍රීවරයා ගමන් කළ මෝටර් රථයේ රියදුරු වැඩිදුර විමර්ශණ සදහා පොලීස් අත්අඩංගුවට ගෙන ඇති අතර.
සාලියවැව පොලිස් ස්ථානය මගින් මෙම රිය අනතුර සම්බන්ධයෙන් වූ වැඩිදුර විමර්ශණ සිදුකරයි.

WhatsApp Image 2024-02-13 at 18.35.40 (1) WhatsApp Image 2024-02-13 at 18.35.40 (2) WhatsApp Image 2024-02-13 at 18.35.40 WhatsApp Image 2024-02-13 at 18.35.39

නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ වෛද්‍යවරුන් ආහාර ලබා ගන්නා කැන්ටිම මුලුමනින්ම ජරාජීරන අපායක් – කැන්ටිමට වැසුම් නියෝගයක් – තවත් ස්ථාන අටකට නඩු .

 

නුවරඑළිය මහ නගර සභාවේ නාගරික සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් (12) දිනය පුරා හදිසියෙන් සිදුකල හදිසි සෝදිසි මෙහෙයුමේදී නුවරඑළිය දිස්ත්‍රික්  මහ රෝහලේ රෝහල් අධ්‍යක්ෂවරයාගේ කාමරය අසලම පවත්වාගෙන යනු ලබන වෛද්‍යවරුන්ගේ කැන්මට වැසුම් නියෝගයක් ලබාදුන් අතර  රෝහල ඉදිරියේ ක්‍රියාත්මක වන කැන්ටිම ඇතුළු හෝටල් අටකර විරුද්ධව නඩු පැවරීමට කටයුතු කර ඇත ,

සෝදිසි මෙහෙයුමේදී මනුස්ස පරිපෝජනයට නුසුදුසු ආහාර අලෙවි කිරීම , අපිරිසිදු අන්දමින් ආහාර සකස් කිරීම , නිසි සෞඛ්‍ය උපදෙස් නොපිළිපැදීම ,  ආහාර අනුභවය සඳහා අවශ්‍ය මූලික පහසුකම් සපයා නොතිබීම  යන කරුණු කාරණා යටතේ අදාළ ස්ථාන සඳහා නඩු පැවරීමට නුවරඑළිය මහ නගර සභාවේ නාගරික සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කළ බව ස්වභාවයේ ප්‍රධාන නාගරික සෞඛ්‍ය පරීක්ෂක කිත්සිරි හේරත් මහතා පවසයි .

තවද නුවරඑළිය දිස්ත්‍රික් මහා රෝහල තුළ රෝහල් සුභසාධක සංගමය මගින් රෝහල් අධ්‍යක්ෂවරයාගේ කාමරයට යාබදව පවත්වාගෙන ගිය වෛද්‍යවරුන්ගේ කැන්ටිම වහාම වැසීමට වැසුම් නියෝගයක් ලබා දෙමින් මනුෂ්‍ය පරිභෝජනයට සුදුසු අන්දමින් අවශ්‍ය පහසුකම් සකසා නැවත නාගරික සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට පෙන්වා කැන්ටිම පවත්වාගෙන යෑමට අවසර ලබා ගන්නා ලෙස  නාගරික සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් නියෝග කළ බවද එතම පැවසීය .

WhatsApp Image 2024-02-13 at 14.39.18 (1) WhatsApp Image 2024-02-13 at 14.39.18 WhatsApp Image 2024-02-13 at 14.39.17 (5) WhatsApp Image 2024-02-13 at 14.39.17 (4) WhatsApp Image 2024-02-13 at 14.39.17 (3) WhatsApp Image 2024-02-13 at 14.39.17 (2) WhatsApp Image 2024-02-13 at 14.39.17 (1) WhatsApp Image 2024-02-13 at 14.39.17 WhatsApp Image 2024-02-13 at 14.39.16 (2) WhatsApp Image 2024-02-13 at 14.39.16 (1) WhatsApp Image 2024-02-13 at 14.39.16

ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය

මඞාටුගම මහවැලි කොට්ඨාස කාර්යාල සේවකයින්ගේ සේවාව මහවැලි අධිකාරියේ ඇගයීමට ලක් වේ.

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ හුරුළුවැව කලාපයට අයත් මඞාටුගම මහවැලි කොට්ඨාස කළමනාකරණ කාර්යාලයට අනියුක්තව සේවය කරන නිලධාරීන්ගේ සේවා ව හුරුළුවැව නේවාසික ව්‍යාපාර කළමනාකාර වරයා ගේ ඇගයීමට ලක් කෙරිණ.
මඞාටුගම මහවැලි කොට්ඨාස කළමනාකරණ කාර්යාලයේ දී පැවැති එම සේවා ඇගයීම් උත්සවය, මහවැලි හුරුළු කලාපයේ නේවාසික ව්‍යාපාර කලමණාකාර උභය කල්‍යාන කුමාර හා මඩාටුගම කොට්ඨාස කලමනාකාරිණි ශාන්ති පද්මලතා යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.
මෙම ඇගයිම් වැඩසටහන යටතේ මඩාටුගම මහවැලි කොට්ඨාස කාර්යාලයට අනියුක්තව සේවය කරනු ලබන සුළු සේවකයින්, රියදුරුවරුන්, ආරක්ෂක නියාමකවරුන්, ලිපිකරුවන්, ඒකක කළමනාකරුවන්, කළමනාකරුවන්, ඇතුලු එම කාර්ය මණ්ඩලයේ සියලු දෙනාම මහවැලි අධීකාරියේ අරමුණු ජය ගැනීම සදහා එම ගොවි ජනතාව වෙනුවෙන් ඒ ඒ අංශ වල දී ඔවුන් විසින් සිදුකරනු ලබන සේවය මෙහිදී නේවාසික ව්‍යාපාර කලමනාකාර වරයාගේ ඇගයිමට ලක්විණ. මෙලෙස සේවා ඇගයීමට ලක්වූ එම ඇතැම් මහවැලි සේවකයෝ විශ්‍රාම යාමට ද ආසන්න වයසේ පසුවන අය වන අතර එම කාර්යාලයේ නිලධාරීන්ගේ සේවය මෙලෙස ඇගයීමකට ලක්ව ඇත්තේ ප්‍රථම වතාවට වීම ද විශේෂත්වයකි.
ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අරමුණු හා ඉලක්ක ජය ගැනීම සදහා වන ගමනේ දී මඩාටුගම මහවැලි කොට්ඨාස කලමනාකරණ කාර්යාලයට අනියුක්තව ඊට කැපවී කටයුතු කරන නිලධාරීන් ඇතුළු එම කාර්යාල කාර්ය මණ්ඩලයේ සේවක සේවිකාවන් 41 දෙනෙකු මෙහිදී මහවැලි අධිකාරයේ සේවා ඇගයීමට ලක් කෙරිණ. එම නිලධාරීන් හා සේවකයින් වෙනුවෙන් ඔවුන්ගේ සේවය අගයමින් ඔවුන් වෙත සහතික පත් ලබා දීම මෙන්ම පදක්කම් පැළදවීම ද මෙහිදී මහවැලි නේවාසික ව්‍යාපාර කළමනාකාරවරයා අතින් සිදු කෙරිණ.
උත්සවයට එක්වූ මහවැලි හුරුළු කලාපයේ නේවාසික ව්‍යාපාර කලමණාකාර උභය කල්‍යාන කුමාර මහතා එහිදී ඔවුන්ගේ සේවය අගයමින් කියා සිටියේ ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ ඉලක්ක ගත අරමුණුසපුරා ගැනීමේදී මහවැලි ජානපදික ජනතාව වෙනුවෙන් වූ සේවාවන් වලදී තමන් වෙත පැවැරුණ රාජකාරිය කටයුතු වගකීමෙන් , නොබියව, නොපැකිලව, විවිධ බාධක හා දුශ්කරතා මැද නොපිරිහෙළා මෙතෙක් ඉටු කරනු ලැබීම වෙනුවෙන් මඩාටුගම මහවැලි කොට්ඨාස කාර්යාලයේ නිලධාරීන් ඇතුළු සේවක මහත්ම මහත්මීන්ගේ සේවය මෙලෙස ඇගයීමට ලක් කෙරෙන බවයි.
මඩාටුගම මහවැලි කොට්ඨාස කළමනාකාරිණී ශාන්ති පද්මලතා මහත්මිය. ඇතුලු පිරිසක් විසින් එම වැඩසටහන සංවිධානය කර තිබිණ.

WhatsApp Image 2024-02-13 at 13.04.34 WhatsApp Image 2024-02-13 at 13.04.32 (1) WhatsApp Image 2024-02-13 at 13.04.32 WhatsApp Image 2024-02-13 at 13.04.33 (1) WhatsApp Image 2024-02-13 at 13.04.33 (2) WhatsApp Image 2024-02-13 at 13.04.33 (3) WhatsApp Image 2024-02-13 at 13.04.33 (4) WhatsApp Image 2024-02-13 at 13.04.33 (5) WhatsApp Image 2024-02-13 at 13.04.33 (6) WhatsApp Image 2024-02-13 at 13.04.33

24-02-13
කැකිරාව කුෂාන් ජයවර්ධන

මහනුවර ජාතික රෝහලේ හෘද කැතීටකරණ ඒකකයක් අක්‍රියයි – සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය

මහනුවර ජාතික රෝහලේ හෘද කැතීටකරණ ඒකක දෙකෙන් එකක් අක්‍රිය වී ඇති බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ සමකැඳවුම්කරු චානක ධර්මවික්‍රම පවසනවා.

මීට අමතරව මහනුවර ජාතික රෝහලේ දන්ත විකිරණ පරීක්ෂණ කෙරෙන යන්ත්‍ර 2 ක්ද අඩාල වී ඇතැයි ඔහු සඳහන් කරනවා.

මහනුවර ජාතික රෝහලේ හෘද කැතීටකරණ ඒකකය තුළ රෝගීන් 8000 ක පමණ සංඛ්‍යාවක් ප්‍රතිකාර සඳහා පොරොත්තු ලේඛනයේ සිටින බවයි වාර්තා වන්නේ.

පානදුර නගර සභාව ඉදිරිපිට පෞද්ගලික ආයතනයක් විසින් ආරම්භ කිරීමට නියමි මත් පැන් අලෙවිසැලක්ට විරුද්ධව

 

පානදුර නගර සභාව ඉදිරිපිට පෞද්ගලික ආයතනයක් විසින් ආරම්භ කිරීමට නියමි මත් පැන් අලෙවිසැලක්ට විරුද්ධව
පානදුර ගලගොඩ ශ්‍රී මහා ව්හාරස්ථානයේ ව්හාරාධිපති පොතුපිටියේ පඤ්ඤාසේකර ස්වාම්න් වහන්සේගේ ප්‍රදානත්වයෙන් අවට ව්හාරස්ථානයන්හි භික්ෂූන් වහන්සේලා හතළිහක් පමණ අද (12)
දින පානදුර ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය වෙත ලිපියක් බාර දී ඉන් අනතුරුව විවෘත කිරීමට නියමිත වෙලද සැල ඉදිරිපිට විරෝදය පල කලේය.

මෙම මත් අලෙවිසැල කුමණ අයුරින් හෝ විවෘත කිරීමක් සිදුකළ හොත් ප්‍රදේශයේ විහාරස්ථානවල භික්ෂූන් වහන්සේලා මෙම මත් අලවිසැල ඉදිරිපිට උපවාසයක් ආරම්භ කිරීමට තීරණය කර ඇති බව විරෝධතාවයට පැමිණි ස්වාමීන් වහන්සේ නමක් පැවසීය.

WhatsApp Image 2024-02-12 at 18.03.59 WhatsApp Image 2024-02-12 at 18.03.50

ගල්පාත චන්දන පෙරේරා

නුවරඑළිය මහ නගර සභාවේ පහනෙන් එළිය බලා නුවරඑළිය වසන්ත සැණකෙළියේ වෙළද කුටි සදහා වන බිම් කොටස් හොර රහසේ විකිණීමේ ජාවාරමක් යෙදුණ නුවරඑළිය නාගරික සංවර්ධන අධිකාරිය .

සෑම වසරකම බක් මාසයේ වසන්ත සැණකෙළි වෙනුවෙන් නුවරඑළියේ මහනගර සභාව මගින් සංවිධානය කරනු ලබන වසන්ත සැණකෙළිය වෙනුවෙන් තාවකාලික කඩ කාමර ඉදිකිරීම සඳහා නාගරික සංවර්ධන අධිකාරිය සතු බිම් කොටස් පසුගිය වසරේ අගෝස්තු මාසය වන විට ලැබුණු ඉල්ලීම් මාසික බදු පදනම මත අලෙවි කර අවසන් බව නාගරික සංවර්ධන අධිකාරියේ නුවරඑළිය දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂක චමින්ද සමන් කුමාර මහතා පැවසීය .

නාගරික සංවර්ධන අධිකාරියේ නුවරඑළිය දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂවරයා ඒ බව කියා සිටියේ නුවරඑළියේ මහනගර සභාවේ වසන්ත සැණකෙළිය වෙනුවෙන් පසුගියදා පැවැති සැලසුම් රැස්වීමේදී කිසිදු විනිවිද භාවයකින් හා ක්‍රියා පටිපාටියකින් තොරව හිතවතුන් කිහිප දෙනෙකු අතර නාගරික සංවර්ධන අධිකාරියට අයත් බිම් කොටස් වසන්ත සැණකෙළිය වෙනුවෙන් මේ වන විටත් හොර රහසේ අලෙවි වී ඇති බවට සැලසුම් රැස්වීමට පැමිණි නුවරඑළිය මහ ජනතාවගෙන් එල්ල වූ චෝදනාවට පිළිතුරු ලබා දෙමිනි ,

වැඩිදුර අදහස් දැක්වූ නාගරික සංවර්ධන අධිකාරියේ නුවරඑළිය දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂක චමින්ද සමන් කුමාර මහ්තා මෙසේද කීය ,

පත්තර දැන්වීම් , රූපවාහිනී දැන්වීම් හා ප්‍රසිද්ධ දැන්වීම් කිසිවක් අපි දැම්මේ නෑ අපිට පසුගිය 2023 වසරේ අගෝස්තු මාසයේ ඉඳන්ම ඉල්ලුම් පත්‍ර ලැබුණා වසන්ත සැණකෙළියේ තාවකාලික කඩ කාමර ඉදිකිරීම සඳහා බිම් කොටස් ලබා ගැනීමට ,

ඒ ආපු ආපු ඉල්ලීම් වලට අනුව අපි බිම කොටස් ටික ලබාදීලා ඉවරයි. මේ වෙන විටත් සියලු බිම් කොටත් අපි ලබා දීලා අවසන් .

ඔහුගේ එම ප්‍රකාශයත් සමග සැලසුම් රැස්වීම උණුසුම් තත්ත්වයක් හට ගැනුණු අතර එහිදී අදහස් දැක්වූ නුවරඑළිය සිවිල් සංවිධාන නියෝජිතයන්  වෙළඳ ව්‍යාපාරිකයන් හා නුවරඑළිය ජනතාව නුවරඑළිය මහ නගර සභාවට යෝජනා කළේ මහජනතාවගේ බදු මුදල්වලින් එකතු වන මුදලින් අතිවිශාල තොගයක් වියදම් කරමින් සංවිධානය කරනු ලබන නුවරඑළිය වසන්ත සැණකෙළියේ සියලු ආදායම් නුවරඑළිය මහ නගර සභාවට ලැබිය යුතු අතර එහි සියලු ප්‍රතිලාභ නුවරඑළියේ මහජනතාවට ලැබිය යුතු බවයි ,

වැඩිදුරටත් අදහස් දැක්වූ සිවිල් සමාජ ක්‍රියාකාරීන් වෙළෙඳ ව්‍යාපාරිකයන් සහ මහජනතාව මෙසේ අදහස් දැක්විය ,

මෙලෙස මහනගර සභාව මගින් සංවිධානය කරනු ලබන වසන්ත සැණකෙළියේ භූමි කොටස් කිසිම ක්‍රමවේදයක් නොමැතිව විනිවිද භාවයකින් තොරව රජයට ගෙවිය යුතු සොච්චම් මුදලක් ලබා ගනිමින් කිහිපදෙනෙකු අතර හොර රහසේ බෙදා දීමට නාගරික සංවර්ධන අධිකාරියේ කටයුතු කිරීමෙන් එම බිම් කොටස් ලබා ගන්නා කිහිප දෙනා පමණක් ඔවුන්ට හිතුමතේ එහි වටිනාකම් තීරණය කර ලක්ෂයක් ලක්ෂ එකහමාරක් අතර විශාල මුදලකට කුඩා කැබැලි වලට එම බිම් කොටස් වෙන්කර වෙළෙඳ කුටි සඳහා අලෙවි කරනවා ,

එය එසේ නොකර නුවරඑළිය මහ නගර සභාවට සම්පූර්ණ භූමි ප්‍රමාණය පවරාගෙන නුවරඑළිය  මහ නගර සභාවෙන් එම භූමි කොටස් ව්‍යාපාරිකයන්ට බෙදා දුන්නේ නම් ඔවුන්ට එම භූමි කොටස් ලබා ගැනීම සඳහා වැය වන්නේ රුපියල් 20000 ක් 24000ක් වැනි ඉතා අඩු මුදලක් බවද ඔවුහු පෙන්වා දුන්නේය ,

සිවිල් ප්‍රජාවගේ වෙළෙඳ ව්‍යාපාරිකයන්ගේ හා මහජනතාවගේ යෝජනාව වූයේ දැනට නාගරික සංවර්ධන අධිකාරිය හොර රහසේ ලබා දී ඇති බිම් කොටස්වල මුදල් අදාළ පාර්ශවයන් වෙත පියවා නාගරික සංවර්ධන අධිකාරිය සතුව ඇති එම ඉඩම් කොටස් මහනගර සභාව වෙත පවරාගෙන ඉන් අනතුරුව නුවරඑළි ජනතාවට මුල් තැන ලබාදී සහනදායි මිලකට අදාල පින් කොටස් බෙදා දෙන ලෙසයි ,

තවද එම යෝජනාවට නාගරික සංවර්ධන අධිකාරිය අකමැත්ත ප්‍රකාශ කරන කල මහ නගර සභාව මගින් ලබා දෙනු ලබන ජල පහසුකම් , විදුලිය ලබා ගැනීම සඳහා වන අවසර ලිපි සහ කසල කළමනාකාරීත්වයට ලබාදෙන දායකත්වය යනාදිය ලබා නොදීමට කටයුතු කරන ලෙසත් නුවරඑළිය මහ නගර සභාවට වරිපනම් හා බදු මුදල් ගෙවන මහජනතාව හා වෙළෙඳ ව්‍යාපාරිකයන් තරයේ ඉල්ලා සිටි ,

මේ පිළිබඳ අදහස් දැක්වූ නුවරඑළිය මහ නගර සභාවේ වැඩබලන  නාගරික කොමසාරිස් හා අතිරේක දිස්ත්‍රික් ලේකම් සුජීවා බෝධිමාන්න මහත්මිය කියා සිටියේ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් සමග කඩිනමින් සාකච්ඡාවක් ලබාගෙන මෙම ගැටලුව සඳහා  සාර්ථක විසඳුමක් ලබා ගැනීමට හැකි විගසින් උත්සාහ දරන බවයි .

ඡායාරූප විස්තරය

  • වසන්ත සැණකෙළියේ පැරණි ඡායාරූප කීපයක් .
  • 2024 වසන්ත සැණකෙළියේ සැලසුම් රැස්වීමේ ඡායාරූප.
  • නාගරික සංවර්ධන අධිකාරියේ නුවරඑළිය දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂක චමින්ද සමන් කුමාර මහතාගේ ඡායාරූපයක් .
  • නාගරික කොමසාරි සුජීවා බෝධිමාන්න මහත්මියගේ ඡායාරූපයක්.
  • තාවකාලික පදනම මත බිම් කොටස් විකිණා ඇති ඉඩමේ ඡායාරූප කීපයක් .

 

WhatsApp Image 2024-02-12 at 14.56.45 (1) WhatsApp Image 2024-02-12 at 14.56.45 (2) WhatsApp Image 2024-02-12 at 14.56.45 (3) WhatsApp Image 2024-02-12 at 14.56.45 WhatsApp Image 2024-02-12 at 14.56.46 (1) WhatsApp Image 2024-02-12 at 14.56.46 (2) WhatsApp Image 2024-02-12 at 14.56.46 (3) WhatsApp Image 2024-02-12 at 14.56.46 (4) WhatsApp Image 2024-02-12 at 14.56.46 (5) WhatsApp Image 2024-02-12 at 14.56.46 (6) WhatsApp Image 2024-02-12 at 14.56.46 (7) WhatsApp Image 2024-02-12 at 14.56.46

ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය

විදුලි ගාස්තුව ගැන සමීක්ෂණ අයාතනයේ කරුණු පිළිගන්න බැහැ – කංචන විජේසේකර

දකුණු ආසියාවේ වැඩිම විදුලි ගාස්තුවක් අය කරන රට ශ්‍රී ලංකාව බවට වෙරිටේ රිසර්ච් ආයතනය ඉදිරිපත් කළ කරුණු පිළිගත නොහැකි බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ඒ අනුව එම සමීක්ෂණය සඳහා තොරතුරු පාදක කරගෙන තිබුණේ ජනතාව නොමග යවන ආකාරයට බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

මෙම සමීක්ෂණ සිදුකරන්නේ මැතිවරණයක් පවතින අවස්ථාවක යම් කණ්ඩායමගේ අවශ්‍යතාවයකටදැයි ගැටලුවක් පවතින බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේදී එය පෞද්ගලික අංශයට ලබාදෙනවාද යන්න සම්බන්ධයෙන් තවමත් කිසිඳු තීරණයක් ගෙන නොමැති බවත් ප්‍රතිව්‍යුහගත කිරීමේ අරමුණ වන්නේ පවතින සේවාවන් කාර්යක්ෂම කිරීම, ගුණාත්මක විදුලිබලයක් ලබාදීම හා පවතින කාර්යන් විනිවිද භාවයෙන් සිදුකිරීම බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.