බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජිතයින් සහ ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලය අතර හමුවක්

 

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ ආර්ථික හා දේශපාලන නියෝජිතයින් සහ ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලයේ නියෝජිතයින් අතර හමුවක් අද (19) පැලවත්ත ජ.වි.පෙ. ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි.

මෙම හමුවේදී ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින සමාජ ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ක්ෂේත්‍රය මුහුණ පා ඇති ගැටලු සහ ජනතාව මුහුණ දී සිටින ආර්ථික දුෂ්කරතා පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡාවට බඳුන් විය. ආර්ථික අර්බුදය විසඳීම සම්බන්ධයෙන් වන ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්තිමය ප්‍රවේශයන් පිළිබඳවද අවධානය යොමු කෙරිණි.

බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ ආර්ථික කටයුතු පිළිබඳ පළමු ලේකම් මැතිව් වර්ඩින්හම් (Matthew Wordinghem), දේශපාලන කටයුතු පිළිබඳ දෙවන ලේකම් ඇලෙක්ස් ස්මිත් (Alex Smith) සහ දේශපාලන උපදේශක නෙලුනි තිලකරත්න (Neluni Thilakaratne) සහභාගී වූ අතර ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලය වෙනුවෙන් ජාතික විධායක සභික මහාචාර්ය අනිල් ජයන්ත, ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම සහ ජාතික විධායක සභික මුදිත නානායක්කාර යන අය සහභාගි වූහ.

WhatsApp Image 2024-02-19 at 13.04.49 WhatsApp Image 2024-02-19 at 13.04.38

රථ වාහන වැරදි සිදුකළ 793 ක් CCTV මඟින් හඳුනා ගනියි

මේ මාසයේ ගත වූ දින 15ක කාලය තුළ කොළඹ නගරය ආශ්‍රිතව CCTV දර්ශන මඟින් වැරදිවලට සම්බන්ධ පුද්ගලයන් 793 දෙනෙකු හදුනාගත් බව පොලීසිය පවසනවා.

අදාළ වැරදිකරුවන් සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට පොලිස් ස්ථාන 300කට පමණ තොරතුරු දැනුම් දී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව සඳහන් කළේ.

CCTV දර්ශන මඟින් රථ වාහන වැරදි හඳුනා ගැනීමේ වැඩසටහන පසුගිය මාසයේ ආරම්භ කර තිබුණා.

යුක්තිය මෙහෙයුමෙන් ඇල්ලු වාහන කිහිපයක් යලි හිමිකරුවන් වෙත භාරදෙයි

යුක්තිය මෙහෙයුම යටතේ වැලිවිට ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ ඥාතියෙකු භාරයේ තිබී සැකපිට පොලිස් භාරයට ගත් බස් රථ 05 ක් ඇතුළු රථවාහන‍, අධිකරණය ලබාදුන් නියෝගයකට අනුව යළි භාරදීමට කටයුතු කරන බව පොලීසිය පවසනවා.

කඩුවෙල පොලිස් ස්ථානය විසින් සිය භාරයට ගත් එම රථවාහන සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලැබුවේ නීති විරෝධී වත්කම් කොට්ඨාශය විසින් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව සඳහන් කළේ.

ඒ අනුව අධිකරණ නියෝගය අනුව එම වාහන භාරදීමට කටයුතු කරන බවත් එම නියෝගය සම්බන්ධයෙන් අභියාචනයක් ඉදිරිපත් කරන්නේද නැතහොත් නීතිපති උපදෙස් ලබාගන්නේද යන්න සම්බන්ධයෙන් ඉදිරියේදී තීරණය කරනු ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

ළමා හා කාන්තා හිංසනයන් ගැන හොයන්න බස් රථයට නැගි පොලිස් උපාය දුතිකාවටත් ආරක්ෂක නිළධාරියෙක් ජැක් ගහලා එළඹෙන 22 දක්වා රක්ෂිත බන්ධනාගාරයට .

ළමා හා කාන්තා හිංසනයන් ගැන හොයන්න බස් රථයට නැගි පොලිස් උපාය දුතිකාවටත් ආරක්ෂක නිළධාරියෙක් ජැක් ගහලා එළඹෙන 22 දක්වා රක්ෂිත බන්ධනාගාරයට .

 

රටපුරා ක්‍රියාත්මක කෙරෙන යුක්තියේ මෙහෙයුම පොලිස් ක්‍රියාන්විතයට සමගාමිව පොදු ප්‍රවාහන සේවාවන් අරහා ගමන් කරන කාන්තාවන්ට හා බාල වයස්කාර සිදුවන ලිංගික පිළිබඳව නුවරඑළිය පොලිසිය මගින් බස් රථ සඳහා යොදවා සිටි උපායදූතිකාවට ලිංගික හිරිහැර කළ පුද්ගලයෙකු පසුගිය අත්තඩංගුවට ගෙන නුවරඑළිය මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කළ බව නුවරඑළිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රේමලාල් හෙට්ටිආරච්චි මහතා පැවසීය ,

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වැලිමඩ ප්‍රදේශයේ පදිංචි  මේ වන විට පෞද්ගලික ආරක්ෂක සේවයේ නියුතු වයස අවුරුදු 44ක් වූ පුද්ගලයෙකු බවද එතම අනාවරණය කරයි ,

තවද මෙලෙස පොලිසිය මගින් යෙදවූ උපාය දූතිකාවට අතවර කර ඇත්තේ නුවරඑළිය සිට වැලිමඩ දක්වා ගමන් කළ බස් රථයක් තුළය ,

නුවරඑළිය පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරු නුවරඑළියේ මහේස්ත්‍රාත්වරිය වෙත ඉදිරිපත් කිරීමෙන් එළඹෙන (22) දා දක්වා ආරක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නුවරඑළියේ මහේස්ත්‍රාත් ප්‍රබුද්ධිකා ලංකාන්දනී මහත්මිය නියෝග කළ බවද නුවරඑළිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා පැවසීය ,

ළමා හා කාන්තා ඉන්සලයන් මැඩලීම වෙනුවෙන් දියත් කරනු ලබන මෙහෙයුමේදී උපායදූතිකාවක් ලෙස යෙදවූ තරුණියෙකුටම මෙලෙස බස්රථ තුළ අතවර කිරීමට උත්සාහ දැරීම තුල නිගමනය කළ හැක්කේ බස් රථ තුළ ළමුන්ට හා කාන්තාවන්ට බහුල ලෙස ලිංගික අතවරයන් සිදුවන බවය එබැවින් ඉදිරියේදී නුවරඑළිය දාන බස් නැවතුම්පොලේ සිට ගමන් අරඹන සියලුම බස් රථ තුළ කාන්තාවන්ට හා ළමුන්ට සිදුවන ලිංගික හිංසනයන් පිළිබඳ දැඩි ලෙස සොයා බැලීමට සහ ඒ සඳහා සම්බන්ධ වන වැරදිකරුවන්ට නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කරන බවත් නුවරඑළියේ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රේමලාල් හිට්ටිආරච්චි මහතා පැවසීය.

ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය

ග්‍රීසිය සමලිංගික විවාහ නීතිගත කිරීමට අවසර ලබාදෙයි

සමලිංගික විවාහ නීතිගත කිරීම සඳහා අවසර ලබාදීමට ග්‍රීසිය තීරණය කර තිබෙනවා.

ඊයේ (15)  එරට පාර්ලිමේන්තුවේ පැවැත්වූ ඡන්දයෙන් අනතුරුව මෙසේ සමලිංගික යුවල සඳහා සමාන අයිතිවාසිකම් ලබා දී තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඒ අනුව සමලිංගික විවාහ නීතිගත කළ පළමු ක්‍රිස්තියානි ඕතොඩොක්ස් රට බවට ග්‍රීසිය පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

බෙලිඅත්ත වලස්මුල්ල මාර්ගයේ කහවත්ත අධිවේගී පිවිසුම අසලදී පසුගියදා පුද්ගලයින් පස්දෙනෙකුට වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ තවත් පුද්ගලයින්ට කිහිප දෙනෙකු පොලිසිය හඳුනාගෙන ඇත.

බෙලිඅත්ත වලස්මුල්ල මාර්ගයේ කහවත්ත අධිවේගී පිවිසුම අසලදී පසුගියදා පුද්ගලයින් පස්දෙනෙකුට වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ තවත් පුද්ගලයින්ට කිහිප දෙනෙකු පොලිසිය හඳුනාගෙන ඇත. එම පුද්ගලයින්ගේ ඡායාරූප හා
ඔවුන්ගේ විස්තර පොලිසිය විසින් ප්‍රසිද්ධියට පත් කර ඇති අතර ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අදාළ සැකකරුවන් හඳුනන්නේ නම් හැකි ඉක්මනින් පහතින් ඇති දුරකථන අංක වලට දැනුම් ලෙස දෙන ලෙස පොලිසිය පවසයි.

අදාළ සැකකරුවන් පිළිබඳ තොරතුරු දන්නේ නම්
071 8591488 දුරකථන අංකයට හෝ 0718591497 දුරකථන අංකයට ලංගම පොලීසිය දැනුවත් කරන ලෙසයි පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි

WhatsApp Image 2024-02-17 at 15.51.27 WhatsApp Image 2024-02-17 at 15.51.18 WhatsApp Image 2024-02-17 at 15.51.08

ඓතිහාසික සිද්ධස්ථාන 11ක් පූජා භූමි ලෙස නම් කෙරේ

ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව විසින් රජයේ ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශයට පත් කරන ලද  පුරාවිද්‍යාත්මක, ඓතිහාසික සහ පූජනීය වටිනාකමකින් යුත් විහාරස්ථාන 11ක් පූජා භූමි ලෙස ප්‍රකාශයට පත් කෙරේ.

එම භූමි ප්‍රදේශ පූජා භූමි ලෙස නම් කරමින් ඊට අදාළ සන්නස් පත්‍ර පිළිගැන්වීම ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (15) ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ හොරොව්පතාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අඹගස්වැව පුරාණ රජමහා විහාරය, පුත්තලම දිස්ත්‍රික්කයේ දංකොටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පොතුවටවන මහා විහාරය, අම්පාර දිස්ත්‍රික්කයට අයත් පොතුවිල් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අම්පාර මුහුදු මහා විහාරය, ගම්පහ දිස්ත්‍රික්කයේ දොම්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මැද්දේගම රජමහා විහාරය, හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්සමහාරාමය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් උද්ධකන්දර රජමහා විහාරය, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ශ්‍රී සද්ධර්ම යුක්තික වන සෙනසුන, කුරුණෑගල දිස්ත්‍රික්කයේ නාරම්මල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් දඹදෙණිය ශ්‍රී විජය සුන්දරාරාම රජමහා විහාරය, ත්‍රිකුණාමලය කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ශාන්ති විහාරය, කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුලියාපිටිය බටහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කබලෑව ඇඹව ශ්‍රී සුධර්මාරාම පුරාණ විහාරස්ථානය සහ ගම්භාර සිද්ධ කබලෑ මුල් සූනියම් දේවාලය, ත්‍රිකුණාමලය කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් යාන් ඔය රජමහා විහාරය, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් සාගර පුර සමුද්‍රගිරි වන සෙනසුන මෙලෙස පූජා භූමි ලෙස ප්‍රකාශයට පත් කරන ලදී.

ඒ අනුව මේ වන විට මෙරට පූජාභූමි ලෙස ප්‍රකාශයට පත් කර ඇති සමස්ත සිද්ධස්ථාන සංඛ්‍යාව 142ක් බවට පත් වේ.

බුද්ශ ශාසනය ආරක්ෂා කර ගනිමින් එය සුරක්ෂිත කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුවම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැපවී කටයුතු කරන බව මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා සඳහන් කළේය.

ජනාධිපතිවරයාගේ මඟපෙන්වීමෙන් බෞද්ධාගමික අභිවෘද්ධිය වෙනුවෙන් රජය ගෙන ඇති පියවර කිහිපයක් පිළිබඳව ද මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති ලේකම්වරයා ථෙරවාදි බුදුදහමේ කේන්ද්‍රස්ථානය වන මහා විහාරයේ පුරාවිද්‍යාත්මක කැණීම් ආරම්භ කිරීමටත්, මහා විහාර විශ්වවිද්‍යාලය ආරම්භ කිරීමට සහ මහනුවර ජාත්‍යන්තර බෞද්ධ කෞතුකාගාරයක් ඉදිකිරීමේ සැලසුම් පිළිබඳව ද සඳහන් කළේය.

විද්‍යෝදය පරිවෙණාධිපති  ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ ගාලු සහ බස්නාහිර දෙදිසාවේ ප්‍රධාන සංඝනායක දර්ශනපති රාජකීය පණ්ඩිත පූජ්‍ය බළන්ගොඩ සෝභිත නාහිමිපාණන් වහන්සේ, ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහෝපද්‍යාය අමරපුර චූලගන්ඨී පාර්ශ්වයේ මහානායක සාහිත්‍ය ශුරී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු කථිකාචාර්ය අතිපූජ්‍ය පණ්ඩිත ගංතුනේ අස්සජි මහා නායක හිමිපාණන් වහන්සේ, ලංකා රාමඤ්ඤ මහා නිකායේ බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක ශ්‍රී ලංකා විද්‍යාල පරිවේණාධිපති මහාචාර්ය පූජ්‍ය මැදගම නන්දවංශ නායක හිමිපාණන් වහන්සේ මෙහි  මුලසුන හෙඹ වූ අතර පූජා භූමි සන්නස් පත්‍රලාභී විහාරස්ථානවල නායක ස්වාමීන් වහන්සේලා මෙම අවස්ථාවට වැඩම කර සිටියහ.
රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර, පාර්ලිමේන්තු  මන්ත්‍රී සමන්ප්‍රිය හේරත්, බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ  යන මහත්වරුන් ද බෞද්ධ කටයුතු  කොමසාරිස් ජනරාල්,  භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු අදාළ ආයතනවල නිලධාරීන් සහ පූජා භූමි සන්නස් පත්‍රලාභී විහාරස්ථානයන්හි දායක දායිකාවන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

WhatsApp Image 2024-02-16 at 11.16.19 (4) WhatsApp Image 2024-02-16 at 11.16.19 (3) WhatsApp Image 2024-02-16 at 11.16.19 (2) WhatsApp Image 2024-02-16 at 11.16.19 (1) WhatsApp Image 2024-02-16 at 11.16.19 WhatsApp Image 2024-02-16 at 11.16.18 (1) WhatsApp Image 2024-02-16 at 11.16.18 (2) WhatsApp Image 2024-02-16 at 11.16.18 (3) WhatsApp Image 2024-02-16 at 11.16.18 (4) WhatsApp Image 2024-02-16 at 11.16.18

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් PAN ASIA BANK වෙත ප්‍රාථමික අලෙවිකරුවෙකු ලෙස කටයුතු කිරීමට ලබාදී තිබු බලපත්‍රය අත්හිටුවීමට කටයුතු කර ඇත

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් PAN ASIA BANK වෙත ප්‍රාථමික අලෙවිකරුවෙකු ලෙස කටයුතු කිරීමට ලබාදී තිබු බලපත්‍රය අත්හිටුවීමට කටයුතු කර ඇත

මෙම අත්හිටුවීම පෙබරවාරි මස (15) වන දිනයේ සිට මාස හයක කාලයකට දීර්ඝ කර ඇති අතර PAN ASIA BANK විසින් මේ බව කොළඹ කොටස් වෙළදපල වෙත දන්වා ඇත.

මහ බැංකුව විසින් බලපත්‍රයක් අත්හිටුවීම PAN ASIA BANK හි සාමාන්‍ය කටයුතු හා ද්විතීක වෙළඳපළ ගණුදෙනු වලට බලපෑමක් සිදු නොකරන බවද එම නිවේදනයේ සඳහන් වේ.

2024.02.15 ආදරවන්තයන්ගේ දින රාත්‍රියේ යතුරු පැදියක් ධාවනය කර තරුණයා දුරකථන කනුවක ගැටී මියගොස් .

කලුතර උග්ගල්බඩ පෙලෙන්ගහකන්ද ප්‍රදේශයේ දී ආදරවන්තයන්ගේ දින (14) රාත්‍රි11 ට පමණ යතුරුපැදියක් දාවනය කරමින් සිටි විවාහක තරුණයකු දුරකථන කනුව ගැටී බරපතළ ලෙස තුවාල ලබා රොහල් ගත කිරීමේ දී මියගොස් ඇතැයි කලුතර උතුර පොලිසියකියයි .

මෙසේ මියගොස් ඇත්තේ හේගල් කන්ද ගේ ගිහාන් මදුශන්ක ලක්මාල් (26) නැමැති තරුණ ව්වාහක අයෙකු බව පොලිසිය කියයි .

මියගිය තරුණයා මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ ඔහු පදිංචි නිවසට මිටර් 100 ක පමණ දුරකදී සිදු වු අනතුරෙන් බව පරීක්ෂණ සිදුකරන පොලිසිය කියයි .
මියගිය තැනැත්තා මිතුරෙකුගේ නිවසට ගොස් ඔහුගේ මස්සිනා ගේ යතුරුපැදිය ඉල්ලා පැද යමින් සිටියදී මෙලෙස දුරකථන කනුවක ගැටී සිදුවූ අනතුරෙන් මියගොස් ඇතැයි හදිසි මරණ පරීක්ෂකවරයා සදහන් කලහ.
මියගිය තැනැත්තාගෙ පශ්චාත් මරණ පරීක්ෂණය කලුතර නාගොඩ ශික්ෂණ රෝහලේදී වැඩ බලන හදිසි මරණ පරීක්ෂක රෙජිනෝල්ඩ් හෙට්ටිආරච්චි මහතා විසින් සිදුකිරීමට නියමිත අතර කලුතර උතුර පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දමිත් ජයතිලක මහතා ගේ උපදෙස් මත රථ වාහන අංශ පොලිස් සැරයන් සෙනවිරත්න මහතා පරීක්ෂණ සිදුකරයි .

ගල්පාත චන්දන පෙරේරා

රටින් පළාගිය අපරාධකරුවන් 42කට රතු නිවේදන නිකුත් කිරීමට පියවර

පාතාල සහ මත්ද්‍රව්‍ය අපරාධවලට සම්බන්ධ ව මෙරටින් පැන ගිය අපරාධකරුවන් සඳහා ජාත්‍යන්තර රතු නිවේදන 42ක් මේ වන විට නිකුත් කර ඇති බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසනවා.

ඉදිරියේ දී ජාත්‍යන්තර පොලීසියේ සහාය ඇති ව මෙම රතු නිවේදන නිකුත් කළ සැකකරුවන් මෙරටට ගෙන්වීමට කටයුතු සිදු කරමින් ඇති බවයි වැඩබලන පොලිස්පතිවරයා සඳහන් කළේ.

අද (15) උදෑසන මෙරටට රැගෙන ආ කුඩු සලිඳුගේ ප්‍රධාන ගෝලයාගෙන් ද මෙරට කුඩු ජාවාරම පිළිබඳ ප්‍රශ්න කර තොරතුරු ලබා ගැනීමට නියමිත බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.