අධික උෂ්ණත්වය මාසයක පමණ කාලයක් පැවතිය හැකියි – කාලගුණ දෙපාර්තමේන්තුව

පවතින අධික උෂ්ණත්වය මාසයක පමණ කාලයක් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

සුළඟ නිශ්චිත දිශාවකින් තොරව හමායෑම හා වායුගෝලයේ ජල වාෂ්ප අඩුවීම මෙම උණුසුම් කාලගුණය ඇතිවීමට හේතුව බවයි එහි අනාවැකි අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ අජිත් විජේමාන්න සඳහන් කළේ.

කෙසේ නමුත් රතු නිවේදන නිකුත් කරන මට්ටමකට මෙය පැමිණ නොමැති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉල්ලා අස්වෙයි

රූපවාහිනී වැඩසටහනකදී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකළ ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක නොයෙල් ප්‍රියන්ත සිය මාධ්‍ය ප්‍රකාශක ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර X පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, ඔහු තම ඉල්ලා අස්වීමේ ලිපිය විදුලිබල මණ්ඩලයේ කළමණාකාරීත්වයට බාර දී ඇති බවයි.

ඔහු සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන්ද විදුලිබල මණ්ඩලයේ කළමණාකාරීත්වය සුදුසු පියවර ගනු ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

අදාළ X පණිවුඩය පහතින්.

65d7211632632

බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාර රැදවුම් වාට්ටු දෙකකින් නැවතත් ජංගම දුරකතන හා උපාංග පොලිස් විශේෂ කාර්ය බලකායෙ අත්අඩංගුවට ගත්බව එම බලකාය කියයි.

බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාර රැදවුම් වාට්ටු දෙකකින් නැවතත් ජංගම දුරකතන හා උපාංග පොලිස් විශේෂ කාර්ය බලකායෙ අත්අඩංගුවට ගත්බව එම බලකාය කියයි.

මියගිය සංවිධානාත්මක අපරාධ කරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන කොස්ගොඩ තාරකගේ සහෝදරයා රැදී සිටින බුස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ සිර මැදිරියෙන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන රැවුල් කුමාර යන අය රැදී සිටින සිර මැදිරියෙන් ජංගම දුරකතන සහ උපාංග රැසක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් මෙසේ අත් අත්අඩංගුවට ගෙන ඇත.

විශේෂ කාර්ය බලකාය බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාර කඳවුරේ පොලිස් විශේෂකාර්‍ය බලකායේ නිලධාරීන් කණ්ඩායමක් විසින් 2024.02.21 වන දින බූස්ස බන්ධනාගාරයේ විශේෂ අංශය හදිසි සෝදිසි කිරීමක් සිදුකර ඇත.

එහි දී විශේෂ අංශයේ C කොටසේ අංක 53 සිර මැදිරියේ රදවා සිටින සැක අංක 2726 ධර්මකීර්ති මධුක නිර්මාල් පේරේරා (මිය ගිය සංවිධානාත්මක අපරාධ කරුවකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන කොස්ගොඩ තාරක යන අයගේ මල්ලි) යන අයගේ සිර මැදිරියේ හා අංක 97 සිර මැදිරියේ රදවා සිටින සැක සිර අංක 233 මහින්ද කුමාර හෙවත් රැවුල් කුමාර යන අයගේ සිර මැදිරියේ හා සන්තකයේ තිබී ජංගම දුරකථන හා පහත සදහන් උපාංග කිහිපයක් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කඩිනමින් විශේෂ කාර්ය බලකාය අණදෙන නිළධාරී තුමාගේ කාර්යාලය වෙත භාර දීමට කටයුතු කර ඇත.

මෙසේ අංක දුරකතන උපාංග සිර මැදිරි දෙකක් තුල සගවා තිබු අතර අංක 53 මැදිරියෙන් ජංගම දුරකථන 02 යි. (ඉමි අංක 354757/35/349705/7, IMI 1- 351137933824695 /IMI2 -351137933824703)DIALOG සිම්පත් 01 යි. (ඉමි අංක 9402970314996610) දුරකථන අංක 280 කට අධික ප්රමාණයක් සදහන් කර ඇති කුඩා ප්රමාණයේ සටහන් පොත් 01ක් විද්යුත් ලිපින සහිත කොල කැබලි 01 ක් සහ කළු පැහැති හැන්ඩ් ෆ්රී එකක් සොයාගත් අතර අංක 97 සිර මැදිරියෙන් ජංගම දුරකථන 02 යි. (IMI 1 -864437050103091/IMI 2- 864437050103109, IMI 1 864437050100352/IMI 2 864437050100360)ඩේටා කේබල් 01 ක් සොයාගෙන ඇත..

විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි හම්බන්තොට කලාපය බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත සිල්වා මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී කුමාර කුලසේකර මහතාගේ අධීක්ෂණයෙන් විශේෂ කාර්ය බලකාය බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාර කඳවුරේ පොලිස් පරීක්ෂක පි.ජි.ආර්. තෙන්නකෝන් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් 2024.02.21 වන දින බූස්ස බන්ධනාගාරයේ විශේෂ අංශය හදිසි සෝදිසි කිරීමක් සිදුකර ඇත.

WhatsApp Image 2024-02-22 at 09.19.52

Ambalangoda අනුරාධ ප්‍රියදර්ශන

ඉරාන ජනපති ශ්‍රී ලංකාවේ සංචාරයකට සූදානම් වෙයි

ඉතා කඩිනමින් ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවනු ඇති බව එරට විදේශ අමාත්‍යවරයා පවසනවා.

මෙරට නිල සංචාරයක නිරත වී සිටින ඉරාන විදේශ අමාත්‍යවරයා ඊයේ කොළඹදී ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මේ බව සඳහන් කළා.

සුදුසු අවස්ථාවකදී එම සංචාරය සිදු කෙරෙනු ඇති බවයි ඉරාන විදේශ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

අභිරහස් ලෙස ස්පාඤ්ඤයට ආසන්න මුහුදේදී අතුරුදන් ශ්‍රී ලාංකික විසිඑක් හැවිරිදි විශාරද, නාවිකයා

අභිරහස් ලෙස ස්පාඤ්ඤයට ආසන්න මුහුදේදී අතුරුදන් ශ්‍රී ලාංකික විසිඑක් හැවිරිදි විශාරද, නාවිකයා

මරණය සැකයි.

cctv ඉල්ලුවත් නෑ කියනවා.

අතුරුදන් වීම පස් විදියකට කියනවා.

හොරණ,අඟුරුවාතොට, උඩුවර ප්‍රදේශයේ චිරාත් සදරූ (21) නැමැති තරුණයෙකු ජර්මන් රටේ නැව් සමාගමක අයත් භාණ්ඩ ප්‍රවාහන නව්කාවක සේවය සඳහා ජනවාරි මස 2 වැනි දින ගොස් ඇති අතර ස්පාඤ්ඤ රටෙන් “සෙන්ටුකා බේ”නැමති නෞකාවට සේවය සඳහා එක්වී ඇති අතර පසුගිය 18 වැනි දින ඔහුගේ උඩුවර නිවෙසට පැමිණි අදාළ නැව් සමාගමේ මෙරට කළමනාකරුවන් දෙදෙනකු පවසා ඇත්තේ චිරාන් සඳරූ මුහුදට වැටී ඇති බවත් 17 වන දින රත්‍රි10.00පමණ මුහුදට වැටී ඇති අතර නැවේ කපිතාන්වරයා ප්‍රමුඛ සේවකයින් දැනගෙන ඇත්තේ පැය හතරකට පමණ පසුව බවත් ඔවුන් නිවසට පැමිණ පැවසූ බවට කොටහේන පොලිසියට පැමිණිල්ලක් කළ බව ඔවුන් පවසයි.

මෙසේ 18 වන දින නැවත ත් මෙම නිවැසියන්ට දුරකථනයෙන් කතාකොට ඔවුන් පවසා ඇත්තේ සදරූ සවස 2.30 පමණ මුහුදට වැටී ඇති බවත් එය දැක්ක බව කියන සේවකයා නැවේ කපිතාන්වරයාට මේ බව දන්වා ඇති බවත් ඒ මොහොතේම සෙවීම් කටයුතු සිදුකර බවත් පවසා ඇත.

පසුදින නිවැසියන් අදාල
ඒජන්සියට වෙත ගියත් ඔවුන් ද පවසා ඇත්තේ එම තොරතුරම පමණකි. ඔවුන් ඉන් පසු වෙළඳ හා නාවික කටයුතු අමාත්‍යාංශයට ගොස් අධ්‍යක්ෂක ජෙනරාල් තුමා හමුවීමෙන් පසු මේ පිළිබඳව විමසීමෙන් පසුව පවසා ඇත්තේ ඒ පිළිබඳව ඔහුට ඊමේල් පණිවිඩයක් ලැබී ඇති බවයි.

එදිනම හෙට්ටියවත්තේ පිහිටි අදාළ ඒජන්සියෙන් දුරකථන ඇමතුමක් මගින් පවසා ඇත්තේ නැවේ සේවකයින් තුන්දෙනෙකු සමග බහලූම් අංක දැමීමට ගොස් නැවත පැමිණ ඇත්තේ තුන් දෙනෙකු බව නැවේ එන්ජින් එක භාරව කටයුතු කරන පුද්ගලයා පවසා ඇත්තේ සදරූ අතුරුදන් බවයි.

පුතා නැවේ සිටියදී අතුරුදන්වීම අපිට සම්පූර්ණ සැකයක් පවතිනවා. සෙනසුරාදා පුතා නිවාඩු දවසක් කියල විවාහ වීමට බලාපොරොත්තු වෙන දියණියට sms එකක් මගින් එවලා තියෙනවා මේ සිද්ධිය සම්පූර්ණ සැකයි. අපිට මේ වෙනකොට පස් ආකාරයෙන් මේ පිළිබඳව එක එක විස්තර දීලා තියෙන්නේ. මේ පිළිබඳව අදාළ ජර්මන් සමාගමෙන් සහ ජාත්‍යන්තර පොලිසියෙන් අපි ඉල්ලා සිටින්නේ මේ පිළිබඳව විධිමත් පරීක්‍ෂණයක් පවත්වන ලෙස අතුරුදන් තරුණයාගේ පියා වන රංජිත් සිල්වා පවසයි.

මිය යන විට සඳරු සංගීත විශාරද විභාගයද සමත් දක්ෂ වයිලින් ,පියානෝ, බොක්ස් ගිටා, වාදකයෙක් වගේම ගීත ගායනයටද දක්ෂ පුද්ගලයෙක් වී සිට ඇත.

WhatsApp Image 2024-02-21 at 15.02.51 WhatsApp Image 2024-02-21 at 15.02.40

ගල්පාත – චන්දන පෙරේරා.

විදුලි සැර වැදිමෙන් වයස අවුරුදු 19 ක තරුණයෙකු මියගොස් ඇතැයි ගලෙන්බිදුණුවැව පොලිසිය පවසයි .

විදුලි සැර වැදිමෙන් වයස අවුරුදු 19 ක තරුණයෙකු මියගොස් ඇතැයි ගලෙන්බිදුණුවැව පොලිසිය පවසයි .

(20) සවස 3.00 පමන ගලෙන්බිදුණුවැව හුරුලු කැටුකැලීයාව ප්‍රදේශයේ වයස අවුරුදු තරුණයකු තම නිවසේ කාමරයක් තුල විදුලි පෙනුවක් අලුත් වැඩියා කිරිමට යාමේදී මෙලෙස විදුලි වැදී සිටියදී නිවැසියන් දැක පසුව ත්‍රිවිලර් රථයකින් යකල්ල හුරුළුවැව ප්‍රදේශිය රොහලට ගෙන යාමට කටයුතු කර තිබුනද ඒ වන විටත් විදුලි සැර වැදුණු තරුණයා මියගොස් සිට ඇති බව ගලෙන්බිදුණුවැව පොලිසිය පවසයි…

මෙම අවස්ථාවේ ප්‍රදේශයේ විදුලි විසන්දී වී තිබු බවත් එම කාලය තුල මිය ගිය තරුණයා විදුලි පේනුව අලුත්වැඩියා කිරිමය උත්සහ කරමින් සිට ඇති අතර කාලයතුල දී විදුලිය පැමින ඇතැයි නිවැසියන් පවසති..

මෙලෙස මියගොස් ඇත්තේ අංක 115/b , හුරළු කටුකැලීයාව ,යකල්ල මෙගොඩවැව ලිපිනයේ පදිංචි වයස අවුරුදු 19 පමන වන සේහාන් සුමිදු ජයකොඩි නැමැති දෙදරු පවුලේ වැඩිමහල් දරුවා බවද වාර්තා වේ.

මේ වන විට මියගිය පුද්ගලයාගේ දේහය යකල්ල හුරුළුවැව රොහල් මෘත ශල්‍යාගාරායේ තැම්පත් කර ඇති අතර (21) දහවල් නැයන්ට බාරදීමට නියමිතයි.

සිද්ධියට අධාලව ගලෙන්බිදුණුවැව පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වන ලබයි..

නොමිලේ නීතිඥ උපදෙස් කඳවුරක්  සහ නීතිය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් ආගරපතනේ දී පැවැත්විණි.

කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයට අනුබද්ධිත මානව හිමිකම් අධ්‍යයන කේන්ද්‍රය විසින් දෙවන වරට පැවැත්වු නොමිලේ ජංගම නීති උපදෙස් කඳවුරක් සහ නීතිය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් නුවරඑළිය ආගරපතන වතුයාය කේන්ද්‍ර කරගනිමින් පසුගිය  (17)   දින පැවැත්විණි.

ආගරපතන  ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ දී  පැවැති මෙම වැඩසටහනේ දි කම්කරු ආරවුල්, ඉඩම් ආරවුල්, මුදල් ආපසු අයකරගැනීම්, පවුල් ආරවුල්, පාරිසරික ගැටලු, පහරදීම්, මිනීමැරුම්,  මංකොල්ලකෑම් ආදී සියළුම නීතිමය ගැටලු සම්බන්ධයෙන් නොමිලේ නීතීඥ උපදෙස් ලබා දීම සිදුවිය.

නීතිමය ලේඛණ සකස්කිරීමට නීති උපදෙස් ලබා දීම සහ යුක්තිදාම ආයතන වෙත යොමු කිරීම ඇතුළු කටයුතු  ද මෙහිදී සිදුවිය.

ඒ සඳහා නුවරඑළිය සහ හැටන් නීතිඥ සංගම් නියෝජනය කරමින් සිවිල් සහ අපරාධ නීති ක්ෂේත්‍රවල ප්‍රවීණ නීතිඥ මහත්ම මහත්මීන් රැසක්  සහභාගී වුහ.

මෙම වැඩසටහන මගින්  ප්‍රදේශයේ අඩු ආදායම්ලාභීන් සහ ආන්තිකත්වයට පත්වූ ප්‍රජාවන්ට නොමිලේ නීතීඥ උපදෙස් ලබා දීම සඳහා කටයුතු කල අතර, කොළඹ විශ්වවිද්‍යාලයේ නීති සිසුන්ට වෘත්තික අධීක්ෂණය යටතේ නීති අධ්‍යාපනයේ න්‍යායාත්මක හා ප්‍රායෝගික ක්ෂේත්‍ර අත්විඳීමට ඉඩ සැලසිම විශේෂිතය.

මෙම වැඩසටහන සඳහා  යුක්තිය සඳහා සහාය ව්‍යාපෘතිය (JURE) යටතේ යුරෝපා සංගමයේ මූල්‍ය අනුග්‍රහයෙන්, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සහ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල ඒකාබද්ධව, අධිකරණ අමාත්‍යාංශ‍යේ අනුදැනුම යට‍තේ අනුග්‍රහය දැක්වීම සිදුකර ඇත.

WhatsApp Image 2024-02-20 at 15.41.49 (1) WhatsApp Image 2024-02-20 at 15.41.49 (2) WhatsApp Image 2024-02-20 at 15.41.49 (3) WhatsApp Image 2024-02-20 at 15.41.49

 

20.02.2024

ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය

අල්ලස් සිද්ධියකට නිලධාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට

නුවරඑළිය මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ දිස්ත්‍රික් කළමනාකාරවරයා සහ කළමනාකරණ සහකාරවරයෙකු අල්ලස් ලබා ගැනීමේ සිද්ධියකට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් එම නිලධාරීන් අද (20) අත්අඩංගුවට ගෙන තිබෙන බව සඳහන්.

මාර්ග බලපත්‍රයක් වෙනස් කිරීම වෙනුවෙන් රුපියල් 30,000 ක අල්ලස් මුදලක් ලබා ගත් බව පවසමින් එම නිලධාරින් දෙදෙනා අත්අඩංගුවට පත්වී ඇති බවයි පැවසෙන්නේ.

ගුරු විදුහල්පතිවරු අද විරෝධතාවක

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් යළි උද්ඝෝෂණ මාලාවක් අද සිට ආරම්භ කරන බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය පවසනවා.

පාසල් අධ්‍යාපනයට බාධාවක් නොවන පරිදි එම උද්ඝෝෂණ මාලාව ක්‍රියාත්මක කරන බවයි එම සන්ධානය නියෝජනය කරන ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ සඳහන් කළේ.

ඒ අනුව මහනුවරදී අද (20) දහවල් 2.00 ට දැවැන්ත උද්ඝෝෂණයක් පවත්වන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

ඥාණ කතාවක් හූනු කතාවක්වී පොලිස් කතාවක් දක්වා දුරදිග යාමේ පුවතක් ඉපලෝගම ප්‍රෙද්ශයෙන් වාර්ථාවෙයි.

ඥාණ කතාවක් හූනු කතාවක්වී පොලිස් කතාවක් දක්වා දුරදිග යාමේ පුවතක් ඉපලෝගම ප්‍රෙද්ශයෙන් වාර්ථාවෙයි.
කල්ලංචියාගම ප්‍රෙද්ශයේ වෙළද සැලකින් අලෙවි කර තිබූ ඥාණකතාවක් මෙම සිද්දියට මුල්ව තිබේ.
කල්ලංචියාගම ප්‍රෙද්ශයේ පදිංචි ව වඩුකාර්මික ශීල්පියකු හා ඔහුගේ සහයකයා තේ පානය සදහා කල්ලංචියාගම ප්‍රෙද්ශයේ පිහිටි වෙළද සැලකින් ඥාණකතා පැකට්ටුවක් මිලදී ගෙන තිබේ. ඒවුන් එය සිය නවතැන්පල වෙග රැගෙන ගොස් තේපානයට පෙර එම පැකට්ටුව විවෘත කර එහි තිබූ ඥාණකතා ආහාරයට ගැනීමට සූදානම්ව තිබිණ. එම අවස්ථාවේ එම පැකට්ටුවේ තිබූ එක් ඥාණකතාවක් තුළ තිබී මැරුණු හූනකුගේ තැම්බුනු සිරුරක් ඔවුන්ට හමුව තිබිණ. ඒ අනුව මිනිස් පරිභෝජනයට නුසුදුසු මට්ටමේ පැවැති මෙම ඥාණකතා සම්බන්ධයෙන් ඒවා අලෙවි කළ වෙළසැල් හිමියාද දැනුම්වත් කොට ඉපලෝගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා හා අදාළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට ද මේ සම්බන්ධයෙන් පැමිණීලි කිරීමට පියවර ගෙන තිබිණ. මිනිස් පරිභෝජනයට නුසුදුසු මෙම ඥාණකතා දඹුල්ල ඉනාමළුව ප්‍රෙද්ශයේ පිහිටි එකක් වන අතර එම ඥාණකතා පැකට්ටුවේ ඛාණ්ඩ අංකය ලෙස 045 යනුවෙන් සදහන් වන අතර එහි නිෂ්පාදිත දිනය24 පෙබරවාරි 14 ලෙස සදහන්ව පවතින අතර කල් ඉකුත්වීමේ දිනය ලබන මැයි මස 29 ලෙස සදහන්ව තිබේ. (දර්ශණ එවා ඇත)
මිනිස් පරිභෝජනයට නුසුදුසු මෙම ඥාණකතා සම්බන්ධයෙන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට පැමිණීළි කිරීමත් සමග උරණ වි ඇති එම ඥාණකතා අලෙවි කළ බව කියන වෙළද සැල් හිමියාගේ පාර්ශවයේ පිරිසක් අද දිනයේ එම වඩුකාර්මික ශිල්පියාට හා සහයකයාට පහර දී තිබේ. ඒ එම වඩුකාර්මික ශිල්පියා හා සහයකයා කල්ලංචියාගම ප්‍රෙද්ශයේ ස්ථානයට සේවයේ යෙදී සිටියදී එම සේවා ස්ථානය වෙත කඩාවදිමින්ය..(දර්ශණ එවා ඇත)
මිනිස් පරිභෝජනයට නුසුදුසු මෙම ආහාර සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට පැමිණිලි කිරීම සම්බන්ධයෙන් චෝදනා කරමින් අදාළ වෙළදසැල් හිමියාගේ පාර්ශවයෙන් තමන්ට එල්ලවූ මෙම පහර දීම සම්බන්ධයෙන් එම පහර කෑමට ලක්වූ වඩුකාර්මික ශිල්පියා හා ඔහුගේ සහයකයා විසින් ඉපලෝගම පොලිස් ස්ථානය වෙත පැමිණිලි කිරීමට පියවර ගෙන තිබිණ.
කෙසේ වෙතත් පහර කෑමට ලක්වූ දෙදෙනා විසින් මිනිස් පරිභෝජනයට නුසුදුසු අපිරිසිදු ආහාර අලෙවිය සම්බන්ධයෙන් ඉපලෝගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීකාර්යාලය වෙත කර ඇති පැමිණිල්ල සම්න්ධයෙන් අප එම කාර්යාලයෙන් විමසීමක් කලේම. එහිදී ඊට පිළීතුරු දුන් උසස් නිලධාරියකු කියා සිටියේ මිනිස් පරිභෝජනයට නුසුදුසු එම ආහාර අලෙවිය හා නිෂ්පාදනය සම්බන්ධයෙන් ආහාර පනත යටතේ නීතිමය පියවර ගන්නා බවයි. මින් පෙරද ආහාර පනත උල්ංඝනය කිරීම සම්බන්ධයෙන් එම ආහාර නිෂ්පාදන ආයතනයට එරෙහිව නීතිමය පියවර ගෙන ඇති බව ද එම නිලධාරියා වැඩි දුරටත් පැවැසීය.
මෙම සිද්දිය සම්බන්ධයෙන් අදාළ විත්තිකරුවන් කැකිරාව දිසා මහෙස්ත්‍රාත් අධීකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ආහර පනත උල්ලංගනය කර ඇති එම විත්තිකාර පාර්ශවය විසින් පැමිණීලි කරුවන්ට සිදුකර ඇති පහර දීම සම්බන්ධයෙන් පහරකෑමට ලක්වූ එම පැමිණිලිකරුවන් පොලිසියට කර ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් ඉපලෝගම පොලිස් ස්ථානය මගින් විමර්ශණ ආරම්භ කර තිබේ.

WhatsApp Image 2024-02-19 at 18.53.03 (1) WhatsApp Image 2024-02-19 at 18.53.03 (2) WhatsApp Image 2024-02-19 at 18.53.03 (3) WhatsApp Image 2024-02-19 at 18.53.03 (4) WhatsApp Image 2024-02-19 at 18.53.03 (5) WhatsApp Image 2024-02-19 at 18.53.03 WhatsApp Image 2024-02-19 at 18.53.04 (1) WhatsApp Image 2024-02-19 at 18.53.04 (2) WhatsApp Image 2024-02-19 at 18.53.04 (3) WhatsApp Image 2024-02-19 at 18.53.04 (4) WhatsApp Image 2024-02-19 at 18.53.04 WhatsApp Image 2024-02-19 at 18.53.05 (1) WhatsApp Image 2024-02-19 at 18.53.05 (2) WhatsApp Image 2024-02-19 at 18.53.05

24-02-19
කැකිරාව කුෂාන් ජයවර්ධන