ශ්‍රී ජයවර්ධනපුර සරසවිය අසළ විරෝධතාවයකට පොලීසියෙන් ජල හා කදුළු ගෑස් ප්‍රහාරයක්

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අසල අද (03) පැවති විශ්වවිද්‍යාල සිසුන්ගේ විරෝධතාවක් පොලිසිය විසින් විසුරුවා හැරීමට කටයුතු කර තිබෙනවා.

ඒ අනුව එම විරෝධතාවට පොලීසිය විසින් ජල ප්‍රහාර සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර ඇති බවයි වාර්තා වෙන්නේ.

අලුත් අවුරුදු සමය වෙනුවෙන් විශේෂ දුම්රිය කිහිපයක් ධාවනයට

එළඹෙන අලුත් අවුරුදු සමයේ ගම්බිම් බලා යන සහ එන මගීන් වෙනුවෙන් විශේෂ දුම්රිය කිහිපයක් එක් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව අප්‍රේල් මස 10 වනදා සිට 15 වනදා දක්වා කොළඹ සිට පිට පළාත් බලා යන මගීන් සඳහා දුම්රිය ධාවනය කෙරෙන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

අදාළ දුම්රිය කාලසටහන පහතින්.

660d2cd2b2bc9pdf_page_2 660d2cd21b222pdf_page_1

සංචාරක කර්මාන්තය සඳහා වාහන 1,000 ක් ආනයනයට කැබිනට් අනුමැතිය

විශේෂ බදු සහන ලබා දීමකින් තොරව සංචාරකයින් ප්‍රවාහනය කිරීම සඳහා භාවිත කරන වෑන් රථ 750ක් සහ බස් රථ 250ක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

ඒ අනුව, සංචාරකයන් ප්‍රවාහනය කිරීම සඳහා භාවිත කරන ආසන 06-15 සහිත වෑන් රථ (විදුලි සහ දෙමුහුන් රථ ඇතුළුව) 750ක් සහ ආසන 16-30 සහිත කුඩා ප්‍රමාණයේ බස් රථ හා ආසන 30- 45ක් සහිත බස් රථ 250ක් ආනයනය කිරීමට අනුමැතිය ලබාදී ඇති බවයි අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ.

සංචාරකයන් ප්‍රවාහනය කිරීම සඳහා භාවිත කරනු ලබන වාහනවල කාලය වසර 6ක් නොඉක්මවීම සංචාරක කර්මාන්තය තුළ පිළිගත් සිරිතක් ලෙස සලකන බවත්, වාහන සහ අත්‍යවශ්‍ය අමතර කොටස් ආනයනය කිරීම සීමා කිරීම හේතුවෙන් සංචාරක කේෂ්ත්‍රයේ ප්‍රවාහන කටයුතු සඳහා භාවිත කරනු ලබන වාහනවල තත්ත්වය සතුටුදායක නොවන බවත් එහි වැඩිදුරටත් දැක්වෙනවා.

අදාළ කැබිනට් තීරණය පහතින්.

660bdb014a49c

විශ්ව විද්‍යාල සඳහා නව ආචාර්යවරුන් බඳවා ගැනීමට අවසර හිමිවේ

විශ්ව විද්‍යාල සඳහා නව ආචාර්යවරුන් බඳවා ගැනීමට අවසර ලබාදුන් බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා.

බොහෝ විශ්ව විද්‍යාල ආචාර්යවරුන් මෙරට හැර විදේශගත වී ඇති බවත්, ඒ හේතුවෙන් සියළුම විශ්ව විද්‍යාලවල බොහෝ පුරප්පාඩු පවතින බවයි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග සඳහන් කළේ.

එම නිසා කරුණු සලකා බලා අළුතෙන් විශ්ව විද්‍යාල ආචාර්යවරුන් බඳවා ගැනීමට අවස්ථාව ලබාදුන් බව සභාපතිවරයා පවසා සිටිනවා.

ඥානසාර හිමිගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරේ

බරපතළ වැඩ සහිත වසර හතරක සිර දඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇප මත මුදාහරින ලෙස කර තිබූ ඉල්ලීම කොළඹ මහාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

2016 වසරේ කොළඹදී පැවැති ප්‍රසිද්ධ මාධ්‍ය හමුවකදී කූරගල විහාරස්ථානය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශය මගින් ජාතික හා ආගමික සංහිඳියාවට හානියක් සිදුකිරීම සම්බන්ධයෙන් එම හිමියන් වැරදිකරු කරමින් පසුගියදා දඬුවම් නියම කර තිබුණා.

මොරටුව රාවතාවත්ත අසරණ සරණ සමිතිය 93 වැනි සංවස්තරය නිමිත්තෙන් මොරටුව ප්‍රදේශයේ තෝරා ගත් පාසල් දරුවන් කිහිප දෙනෙකු වෙත අභ්‍යාස පොත් සහ උපකරණ බෙදා දීමක් (31වැනිදා) සිදු විය .

දර්ශාන් ප්‍රනාන්දු – මොරටුව
01/04/2024
මොරටුව රාවතාවත්ත අසරණ සරණ සමිතිය 93 වැනි සංවස්තරය නිමිත්තෙන් මොරටුව ප්‍රදේශයේ තෝරා ගත් පාසල් දරුවන් කිහිප දෙනෙකු වෙත අභ්‍යාස පොත් සහ උපකරණ බෙදා දීමක් (31වැනිදා) සිදු විය .
හිටපු පළාත් සභා මන්ත්‍රී කෝපි කඩේ ටෙලි නාට්‍යයේ ගජං ලෙස රගපෑ රොඩ්නි ෆ්‍රෙෂර් ප්‍රාධාන අරාධිත ලෙස සහභාගිවු අතර අසරණ සරණ සමිතියේ ලක්දාස භූපාල් ප්‍රනාන්දු ඇතුළු ෆාම්ස් ලංකා ආයතනයේ නිලධාරින්, අසරණ සරණ සමිතියේ නිලධාරීන් සහ සංඝරත්නය සහ ගැලවීමේ හමුදා දේවස්ථානයේ නායකයන් කිහිපදෙනෙක්ද මේ සඳහා සහභාගි වූහ. දරුවන් මෙන්ම දෙමව්පියන් මෙම අවස්ථාවට සහභාගි වූහ
එම අවස්ථාවේදී ලක්දාස ප්‍රනාන්දු මහතා විසින් දුම්බීමෙන් මෙන්ම මත්පැන් වලට ඇබ්බැහි වීමෙන් සිදුවන ජීවතවලට සිදුවන හානිය පිළිබඳව කෙටි දේශනයක් ද පැවැත්විය .
රජය පිළිගත් පුණ්‍ය ආයතනයක් වන මෙම ‘අසරණ සරණ සමිතිය වර්ෂ 1931 දී ආරම්භ කර ඇත.

WhatsApp Image 2024-04-01 at 22.20.41 (3) WhatsApp Image 2024-04-01 at 22.20.41 (2) WhatsApp Image 2024-04-01 at 22.20.41 (1) WhatsApp Image 2024-04-01 at 22.20.41 WhatsApp Image 2024-04-01 at 22.20.38 (2) WhatsApp Image 2024-04-01 at 22.20.38 (1) WhatsApp Image 2024-04-01 at 22.20.38 WhatsApp Image 2024-04-01 at 22.19.50

ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් අවිස්සාවේල්ල ඩිපෝවේ සේවය කරන නව සන්ධානයේ වෘත්තීය සමිති සේවකයෙකුට පොහොට්ටුවේ වෘත්තීය සමිති සමාජිකන් පහර දී තිබෙනවා.

ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් අවිස්සාවේල්ල ඩිපෝවේ සේවය කරන නව සන්ධානයේ වෘත්තීය සමිති සේවකයෙකුට පොහොට්ටුවේ වෘත්තීය සමිති සමාජිකන් පහර දී තිබෙනවා.

මෙසේ පහර කෑමට ලක්ව ඇත්තේ සුමිත් බණ්ඩාර නමැති එම ඩිපෝවේ කාර්මික නිලධාරීයෙකු වන අතර ඔහු මේ වන විට අවිස්සාවේල්ල රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබනවා.

මෙම පහර දීම හෙතුවෙන් අවිස්සාවේල්ල ඩිපෝවේ මේ වන විට වෘත්තීය සමිති නියෝජිතයින් විරෝධයක් ආරම්භ කර තිබෙනවා.

මහ බැංකුවේ වැටුප් ගැන සමාලෝචනයට ජනපතිගෙන් ස්වාධීන කමිටුවක්

මහ බැංකු නිලධාරීන්ගේ වැටුප් වැඩිවීම සමාලෝචනයට මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ස්වාධීන කමිටුවක් පත්කර තිබෙනවා.

රාජ්‍ය මුදල් පිළිබඳ කමිටු වාර්තාවේ (CoPF) නිර්දේශ මත පදනම්ව මහ බැංකුවේ (CBSL) වැටුප් වැඩිවීම සම්බන්ධයෙන් මෙම කමිටුව මඟින් සමාලෝචනය කිරීමට නියමිත බවයි වාර්තා වෙන්නේ.

ලාෆ් ගෑස් මිල පහළට

ගෘහස්ත ලාෆ් ගෑස් මිල අද (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කිරීමට එම සමාගම තීරණය කර තිබෙනවා.

අඩු කළ සහ නව ගෑස් මිල ගණන් පහතින්,

* 12.5KG ගෑස් – රු.625 කින්  (නව මිල රු.4,115)

* 5KG ගෑස්  – රු.248 කින්  (නව මිල රු.1,652)

පාස්කු ඉරිදා දිනය අදයි

කිතුණු බැතිමතුන් මහත් භක්තියෙන් සමරනු ලබන පාස්කු ඉරිදා දිනය අදට (31) යෙදී තිබෙනවා.

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මනුෂ්‍ය සංහතිය පාපයෙන් ගලවා ගැනීම සඳහා කුරුසිය මත සිය ජීවිතය පූජා කර දින 3 කට පසු මරණයෙන් උත්ථානය වීම පාස්කු ඉරුදින මංගල්‍යය ලෙස කිතුණුවන් සමරනු ලබනවා.

මේ අතර අද පාස්කු ඉරුදින දේව මෙහෙයන් පවත්වනු ලබන කිතුණු දේවස්ථාන සඳහා විශේෂ පොලිස් ආරක්ෂාවක් යෙදවීමට පොලිස්පතිවරයා විසින් සියළුම පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත උපදෙස් ලබාදී ඇති බව වාර්තා වෙනවා.

මීට වසර 5 කට පෙර පාස්කු ඉරුදින දේව මෙහෙයට සහභාගී වූවන් ඉලක්ක කරගනිමින් දේවස්ථාන තුළ ම්ලේච්ඡ බෝම්බ ප්‍රහාරයක් සිදු වූයේ 2019 වර්ෂයේ පාස්කු ඉරුදිනයි.