ජනාධිපති අනුර කුමාර දිසානායක අද (25) ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව අද රාත්‍රී 7.30 ට එම විශේෂ ප්‍රකාශය සිදු කිරීමට නියමිත බවයි ජනාධිපති ලේකම් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේ.
Breaking News
ජනාධිපති අනුර කුමාර දිසානායක අද (25) ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව අද රාත්‍රී 7.30 ට එම විශේෂ ප්‍රකාශය සිදු කිරීමට නියමිත බවයි ජනාධිපති ලේකම් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේ.
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය පිටවූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් සොයමින් සිටි උපකාරක පංති ගුරුවරයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (24) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, 49 හැවිරිදි කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි උපකාරක පංති ගුරුවරයෙක් බවයි සඳහන් වෙන්නේ.
මෙම උපකාරක පංති ගුරුවරයා නීතිඥයකු මාර්ගයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පෙනී සිටි අවස්ථාවේදී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සොයමින් සිටි මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් අංශයේ අධ්‍යක්ෂවරයා මීට පෙර අත්අඩංගුවට ගෙන තිබුණා.
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ නව කැබිනට් මණ්ඩලය අද (24) දිවුරුම් දුන්නා.
ඒ අනුව ජනාධිපතිවරයා සමඟ අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය සහ විජිත හේරත්ගෙන් සමන්විත තිදෙනෙකුගෙන් යුතු අමාත්‍ය මණ්ඩලයක් පත්කර තිබෙනවා.
ජනාධිපති අනුර කුමාර දිසානායක යටතේ ආරක්ෂක, මුදල්, ආර්ථික සංවර්ධන, ප්‍රතිපත්ති සම්පාදන, සැලසුම් සහ සංචාරක, බලශක්ති, කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත් යන අමාත්‍යංශ තබාගෙන තිබෙනවා.
අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය අධිකරණ, අධ්‍යාපන, කම්කරු, කර්මාන්ත, විද්‍යා හා තාක්ෂණ, සෞඛ්‍ය හා ආයෝජන අමාත්‍යවරිය ලෙසද දිවුරුම් දී ඇති බවයි සඳහන් වෙන්නේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා, සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය, ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා, විදේශ කටයුතු, මහජන ආරක්ෂක, පරිසර, වනජීවී, වන සම්පත්, ජල සම්පාදන, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම්, ග්‍රාමීය හා නාගරික සංවර්ධන, නිවාස සහ ඉදිකිරීම් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී තිබෙනවා.
අදාළ අමාත්‍යංශ ඇතුළත් නිවේදනය පහතින්.

අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය අධිකරණ, අධ්‍යාපන, කම්කරු, කර්මාන්ත, විද්‍යා හා තාක්ෂණ, සෞඛ්‍ය හා ආයෝජන අමාත්‍යවරිය ලෙස මීට සුළු මොහොතකට පෙර දිවුරුම්දී තිබෙනවා.
ඒ අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේදී ඇය මෙලෙස දිවුරුම්දී ඇති බවයි වාර්තා වන්නේ.
5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කිහිපයක් පිටවී ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් තවත් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මක බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව ඊට අදාළ විමර්ශන අඛණ්ඩව ක්‍රියාත්මක බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කිහිපයක් පිටවී ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂකවරයා ලබන 7 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන සම්බන්ධයෙන් නව ජනාධිපති අනුර කුමාර දිසානායක සමඟ කටයුතු කිරීමට අපේක්ෂා කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනය කර තිබෙනවා.
ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනේ මීළඟ සමාලෝචන කාලසීමාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි එම අරමුදල සඳහන් කරන්නේ.
දිනේෂ් ගුණවර්ධන සිය අග්‍රමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහට ලිපියක් යොමු කරමින් අගමැතිවරයා සිය ඉල්ලා අස්වීම දැනුම්දී තිබෙනවා.
අදාළ ලිපිය පහතින්.

ජනාධිපති අනුර කුමාර දිසානායක දළදා සමිඳුන් වැඳපුදා ගැනීම සිදුකර තිබෙනවා.
ඒ අනුව ජනාධිපති ධූරයේ දිවුරුම් දීමෙන් අනතුරුව අද (23) පෙරවරුවේ දළදා සමිඳුන් වැඳපුදාගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.
අනතුරුව ජනාධිපතිවරයා මල්වතු අස්ගිරි පාර්ශවයේ මහ නායක හිමිවරුන් බැහැදැක තිබෙනවා.
නව ජනාධිපති ලේකම් ලෙස ආචාර්ය නන්දික සනත් කුමානායක පත් කර තිබෙනවා.
ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අද (23) මෙම පත්කිරීම සිදු කර තිබෙනවා.
ආචාර්ය නන්දික සනත් කුමානායක සංවර්ධන ආර්ථික විද්‍යාව පිළිබඳ PhD උපාධිධාරියෙකු වන අතර ශ්‍රී ලංකා රේගුවේ Integrity Development Advisor ලෙස කටයුතු කර ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ශ්‍රී ලංකාවේ 9 වන විධායක ජනාධිපතිවරයා ලෙස ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දුන්නා.
ඒ අනුව අගවිනිසුරු ජයන්ත ජයසූරිය ඉදිරියේදී මේ වන විට පැවැත්වෙන උත්සවයේදී ඔහු දිවුරුම් දෙනු ලැබුවා.