අලුත් අවුරුද්ද නිමිත්තෙන් අධිකරණය මගින් දඩුවම් ලබා සිටි රැඳවියන් 43 දෙනෙකු නිදහස් කිරීම අද (12) කළුතර බන්ධනාගාරයේදී සිදුවිය.

අලුත් අවුරුද්ද නිමිත්තෙන් අධිකරණය මගින් දඩුවම් ලබා සිටි රැඳවියන් 43 දෙනෙකු නිදහස් කිරීම අද (12) කළුතර බන්ධනාගාරයේදී සිදුවිය.
කළුතර බන්ධනාගාරයේ සිරකාරියක ඇතුළුව සිරකරුවන් 43 ක් මුදා හැරේ

කළුතර බන්ධනාගාරයේ රඳවා සිටි සිරකාරියක ඇතුළු සිරකරුවන් 43 කු අද නිදහස් කරන ලදී
2024 සිංහල හා හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් අතිගරු ජනාධිපතිවරයා විසින් ලබාදුන් විශේෂ සමාව යටතේ මෙම සිරකරුවන් නිදහස් කරන ලදී.

කළුතර බන්ධනාගාර අධිකාරි රෝහණ ගලප්පත්ති මහතා ඇතුළු නිළධාරීන් නිදහස ලැබූ සිරකරුවන් වෙත සුභ පැතුම් එක්කර බන්ධනාගාරයෙන් පිටත් කරලා හරිනු ලැබීය.

ගල්පාත චන්දන පෙරේරා

ප්‍රබ​ල අකුණු සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක්

අද (11) පස්වරුවේ හෝ රාත්‍රී කාලයේ ප්‍රබල අකුණු ඇතිවීමේ හැකියාවක් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර, මධ්‍යම, සබරගමුව, ඌව සහ වයඹ යන පළාත්වලට හා ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලට බලපැවැත්වෙන පරිදි මෙම අනතුරු ඇඟවීම සිදුකර තිබෙනවා.

අදාළ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බැවින් අකුණු මගින් සිදුවිය හැකි අනතුරු අවම කරගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

අදාළ නිවේදනය පහතින්.

6617ebc4ce9ed

හෙට සහ අනිද්දා සුරාසැල් වැසෙයි

දිවයින පුරා පිහිටි සියලුම මත්පැන්හල් අප්‍රේල් 12 සහ 13 යන දෙදින තුළ වසා තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

සිංහල හා හින්දු අලුත් අවුරුද්ද හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ලක්ෂ දෙකකට අධික ආනයනික බිත්තර තොගයක් කැකිරාවේදී අත්අඩංගුවට

24-04-12
කැකිරාව කුෂාන් ජයවර්ධන
ලක්ෂ දෙකකට අධික ආනයනික බිත්තර තොගයක් කැකිරාවේදී අත්අඩංගුවට
============================

කැකිරාව නගරයේ පවත්වාගෙන යනු ලබන රාජ්‍ය අංශයට අයත් සුපිරි වෙළදසැලක තිබී මිනිස් පරිභෝජනයට නුසුදුසු අයුරින් අලෙවි කරමින් තිබූ රුපියල් ලක්ෂ දෙක හමාරකට අධික වටිනාකමකින් යුත් ආනයනික බිත්තර තොගයක් කැකිරාව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් අත්අඩංගුවට ගන්නා ලදි.
කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාට ලද තොරතුරක් අනුව උත්සව සමයේ සිදු පාරිභෝගික සෞඛ්‍ය ආරක්ෂාව උදෙසා සිදු කෙරෙන ආහාර වැටලීම් මෙහෙයුම් යටතේ මෙම මෙහෙයුම සිදු කෙරිණ. ඒ අනුව, කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා ප්‍රමුඛ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සිදුකළ වැටලීමකදී එම බිත්තර තොගය අත්අඩංගුවට ගනු ලැබිණ. මෙලස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් අත්අඩංගුවට ගන්නා ලද බිත්තර තොගය ඉන්දියාවෙන් මෙරටට ආනයනය කර ඇති ඒවා බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසති. සේල්සියස් අංශක 2-ත් 5ත් අතර අගයක ගබඩා කර අලෙවි කළ යුතු එම බිත්තර තොගය සාමාන්‍ය කාමර උෂ්ණත්වයේ ගබඩාකර අලෙවි කිරීමත් ඒවායේ අපද්‍රව්‍ය තිබීමත් හේතුවෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් එම බිත්තර තොගය අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ අතර එම සුපිරි වෙළද සැලේ අලෙවි කිරීමට තිබූ මහජන සෞක්‍යයට අහිතකර අයුරින් ගබඩා කර තිබූ බිත්තර 5100ක් මෙහිදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් අත්අඩංගුවට ගන්නා ලදා. මෙලෙස අත්අඩංගුවට ගන්නා ලද බිත්තරවල සාමාන්‍ය වෙළදපල වටිනාකම රුපියල් ලක්ෂ දෙක හමාරකට අධික වේ.
මිනිස් පරිභෝජනයට නිසුදුසු අයුරින් බිත්තර අලෙවි කළ එම සුපිරි වෙළදසැලේ හිමිකරුද මෙහිදී අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැරීමට මහජන සෞක්‍ය පරීක්ෂකවරුන් කටයුතු කළ අතර අත්අඩංගුවට ගත් එම ව්‍යාපාර කලමනාකාරවරයා ලබන 25 වනදා කැකිරාව මහේස්ත්‍රාත් අධීකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

කෝටි 06ක හෙරොයින් තොගයක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

රුපියල් කෝටි 06 කට ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ එකයි ග්‍රෑම් 105ක් ග්‍රෑන්ඩ්පාස් වෙත රැගෙන යමින් සිටි සැකකරුවෙක් මාලිගාවත්ත පොලිස් ස්ථානය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු සතුව තිබී මුදලින් තවත් රුපියල් ලක්ෂ හත හමාරක්ද සොයාගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

සැකකරු වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි අයෙක් වන අතර ඔහු දැනට ඩුබායිහි සැඟව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන කෙසෙල්වත්ත දිනුකගේ ගෝලයෙක් බවටද මේ වන විට අනාවරණය වී ඇති බවයි පොලීසිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

අද උණුසුම් කාලගුණය පිළිබඳව අවධානය යොමුකළ යුතු ප්‍රදේශ

අද (11) දිනයේ මිනිස් සිරුරට දැනෙන උණුසුම “අවධානය” යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

උතුරු, බස්නාහිර, සබරගමුව, වයඹ සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලත් මෙම තත්ත්වය පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒ අනුව ප්‍රමාණවත් ලෙස ජලය පානය කරමින් නිසි සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරන ලෙසයි සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

අදාළ නිවේදනය පහතින්.

6617331f260f1 6617331e7ad04

දුම්රියේ ගැටීමෙන් 9 හැවිරිදි දරුවෙක් මිය ගොස් ඇතැයි පොලීසිය (11 වැනිදා) කියයි.

දුම්රියේ ගැටීමෙන් 9 හැවිරිදි දරුවෙක් මිය ගොස් ඇතැයි පොලීසිය (11 වැනිදා) කියයි.
මෙලෙස මිය ගොස් ඇත්තේ මොරටුව මොරටුවැල්ල ක්ලෝවියස් මාවතේ, පදිංචි එම්. ආර්. රන්තරු නමැති මොරටුව ජන ජය විදුහලේ සිව්වන වසරේ ඉගෙනුම ලබයි.

මොරටුව මුරවත්ත දුම්රිය හරස් මාර්ගය අසලදී දුම්රියක ගැටී මෙලෙස මෙම දරුවා මිය ගොස් ඇතැයි මොරටුව මූලස්ථාන පොලීසිය කියයි.
මියගිය දරුවා අලුත් ගාලු පාරේ සිට පාපැදිය පදවාගෙන යමින් සිටියදී දුම්රිය ධාවනය කිරීමට නියමිතව තිබී ඇති බැවින් දුම්රිය හරස් මාර්ගයේ ගේට්ටු වසා දමා තිබී ඇති අතර දරුවා දුම්රිය මාර්ගය අසල පාපැදිය නවතාගෙන සිට ඇතැයි පොලීසිය පවසයි.
එම අවස්ථාවේදී කොළඹ සිට ගාල්ල දෙසට ගමන් ගන්නා දුම්රියක් ගමන් කර ඇති අතර හරස් ගේට්ටු විවෘත කිරීමට පෙර දරුවා සිය පාපැදිය දුම්රිය මාර්ගය හරහා පදවා ඇතැයි පොලීසිය සඳහන් කළේය.

එම අවස්ථාවේදී සැනෙකින් පැමිණ ඇති බෙලිඅත්ත සිට නුවර බලා ගමන් ගන්නා දුම්රිය ද අනෙක් දුම්රිය මාර්ගය ඔස්සේ ධාවනය වී ඇති අතර, එහිදී දරුවා ගමන් ගත් පාපැදියේ ගැටී ඇත.
අනතුරින් දරුවා මීටර් 13ක් පමණ ඈතට විසිවී ගොස් ඇත. දුම්රිය ඒ ආසන්නයේ නතර කර ඇතැයි පොලීසිය සිදුකළ විමර්ශනයේ දී අනාවරණය වී තිබේ.
කඩිනමින් දරුවා රෝහල්ගත කළද ඒ වනවිටත් දරුවා මියගොස් සිටි බව පොලීසිය පවසයි.
දරුවාගේ පශ්වාත් මරණ පරීක්ෂණය මොරටුව හදිසි මරණ පරීක්ෂක කවිඳු පීරිස් මූලිකත්වයෙන් පානදුර මූලික රෝහලේදී සිදුකෙරිණි.
මොරටුව මූලස්ථාන පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

දර්ශාන් කානිල්
මොරටුව

උත්සව සමයේ ගිනිකෙළි හා මාර්ග අනතුරු අවම කර ගැනීමට කටයුතු කරන්න – සෞඛ්‍ය අංශ

එළැඹෙන සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සව සමයේ මාර්ග හා ගිනිකෙළි අනතුරු අවම කර ගැනීමට සැලකිලිමත් වන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

උත්සව සමයේ හදිසි අනතුරුවලින් 36%ක් ගිනිකෙළි භාවිතය නිසා සිදුවන අතර, 17%ක් අක්ෂි ආබාධ වාර්තා වන්නේ අපරික්ෂාකාරී රතිඤ්ඤා සහ ගිනිකෙළි භාවිතය නිසා බවට සමීක්ෂණ වාර්තාවලින් අනාවරණය වී ඇති බවයි වාර්තා වෙන්නේ.

මෙරට සිදුවන මාරක අනතුරුවලින් වැඩි ප්‍රමාණයක් අධිවේගී මාර්ගවලින් පිටත සිදුවීම හේතුවෙන් රියදුරන් අවධානයෙන් කටයුතු කළ යුතු බවයි විශේෂඥ ශල්‍ය වෛද්‍ය සජිත් රණතුංග වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

කෙහෙළියගේ රීට් පෙත්සම ගැන තීරණය අප්‍රේල් 30 වැනිදා

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් හත් දෙනකුගේ ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කිරීමට

මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධියේ සැකකරු වශයෙන් තමන්ව නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය දුන් නියෝගය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඉදිරිපත් කළ රීට් පෙත්සම විභාගයට ගැනීම සඳහා නොතිසි නිකුත් කරන්නේද? නැද්ද? යන තීරණය අප්‍රේල් 30 වැනිදා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය නියෝග කරනු ලැබීය.

මෙම පෙත්සම අභියාචනාධිකරණ විනිසුරු ඩී. එන්. සමරකෝන් ඉදිරියේ අද (අප්‍රේල් 09 වැනිදා) සලකා බැළුණි.

එම අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නිර්මලන් විග්නේෂ්වරන් මූලික විරෝධතා මතු කරමින් මෙම පෙත්සම මුල් අවස්ථාවේදීම නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලා සිටියේය.

තමා අත් අඩංගුවට ගැනීම අභියෝගයට ලක් කරමින් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙන බවත් එම මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ තවදුරටත් පවතින බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා පැවසීය.

එම මූලික අයිතිවාසිකම් පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් දෙන තුරු මෙම පෙත්සම සලකා බැලීමට අභියාචනාධිකරණයට බලයක් නොමැති බවත් ඔහු සඳහන් කළේය.

 

ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබෙන මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම පිළිබඳව පෙත්සම්කරු අභියාචනාධිකරණය හමුවේ ගොනු කර තිබෙන මෙම රිට් පෙත්සමේ සඳහන් කර නොමැති අතර එය අධිකරණය හමුවේ කළ කරුණු වසන් කිරීමක් බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා චෝදනා කර සිටියේය.

 

තමන්ට මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප ප්‍රතික්ෂේප වූ අවස්ථාවක ඊට එරෙහිව මහාධිකරණය හමුවේ ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කිරීමට අවස්ථාව තිබියදී එම නීතිමය පියවර අනුගමනය කිරීම මග හැර පෙත්සම්කරු අභියාචනාධිකරණය හමුවට පැමිණීම සම්මත නීතිමය පටිපාටිය උල්ලංඝණය කිරීමක් බවත් එය අධිකරණ බලය අවභාවිතයට ලක් කිරීමක් බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා චෝදනා කළේය.

පෙත්සම්කරු නීතිය මගහැර තමාට රිසි අධිකරණ තෝරා මෙවැනි නඩුකර ඉදිරිපත් කිරීම අනුමත කළ නොහැකි බවත් ඔහු සඳහන් කළේය.

එම අවස්ථාවේදි ප්‍රශ්නයක් මතු කළ විනිසුරු සමරකෝන් “ඔබ මේ අධිකරණයට චෝදනා එල්ල කරනවාද?” යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ගෙන් විමසීය.

ඊට පිළිතුරු දුන් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා ” ස්වාමීනි…මා කිසිම අවස්ථාවක ඔබ තුමාගේ අධිකරණයට චෝදනා එල්ල කරන්නේ නෑ. මා චෝදනා කළේ පෙත්සම්කරුට. පෙත්සම්කරු නීතිය අවභාවිතයට ලක් කිරීම මැඩ පැවැත්විය යුතුයි .” යනුවෙන් කියා සිටියේය.

මෙම පෙත්සමට අදාළ දිවුරුම් පෙත්සම පෙත්සම්කරු විසින් අත්සන් කර තිබෙන්නේ පාර්ලිමේන්තුවේදී බව එහි සඳහන් වන බව පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පෙත්සම්කරුට පාර්ලිමේන්තු කටයුතු වලට සහභාගී වීම සඳහා පමණක් අනුමැතිය හිමි වී තිබෙන බවත් කියා සිටියේය.
බන්ධනාගාර රෙගුලාසිවලට අනුව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරුවකු දිවුරුම් ප්‍රකාශයකට අත්සන් කළ යුත්තේ බන්ධනාගාර නිලධාරිකු ඉදිරිපිට බවත් මෙම නඩුවට අදාල දිවුරුම් පෙත්සම අත්සන් කිරීමේදී පෙත්සම්කරු එම නීතිමය ප්‍රතිපාදනය අනුගමනය කර නොමැති බවත් සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මෙම ක්‍රියාව තුළින් පෙත්සම්කරු බන්ධනාගාර පනත යටතේ වරදක්කර ඇති අතර පාර්ලිමේන්තු වරප්‍රසාද ද අවභාවිතයට ලක් කර තිබෙන බවත් චෝදනා කළේය.
ඒ අනුව අධිකරණය ඉදිරියේ පවත්වාගෙන යාමට තරම් ප්‍රමාණවත් නෛතික පදනමක් එම පෙත්සම තුළ අන්තර්ගත වී නොමැති හෙයින් එය මුල් අවස්ථාවේදීම නිෂ්ප්‍රභ කරන ලෙසත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මෙම මූලික විරෝධතා සම්බන්ධයෙන් සිය පිළිතුරු දේශන ඉදිරිපත් කළ පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාෆා පෙත්සම්කරු නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීම වැරදි සහගත බවත් ඔහුට එරෙහිව පොලිසිය විසින් පොදු දේපළ පනත යටතේ විධිමත් සහතිකයක් ඉදිරිපත් කර නොතිබූ බවත් සඳහන් කළේය.

මෙම සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් අධිකරණ නඩුකරයේ සෙසු සැකකරුවන් සදහා ඉදිරිපත් කළ සහතිකය පෙත්සම්කරු සඳහා ද අදාළ කරගන්නා ලෙස පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටිය ද එය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් ඔහු චෝදනා කර සිටියේය.

ඒ අනුව පෙත්සම්කරු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී පොදු දේපළ පනත යටතේ වු සහතිකයක් පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කර නොතිබූ බව පෙනී යන්නේ යැයි සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා ඒ මත පදනම්ව නඩුව අවසන් වන තුරු පෙත්සම්කරු රක්ෂිත බන්ධනාගාර ගත කිරීම නීතියට පටහැනි බවත් කියා සිටියේය.
පොදු දේපළ පනත යටතේ විත්තිකරුවන්ට නීතිපතිවරයා විසින් අධිචෝදනා ඉදිරිපත් කරනු ලබන්නේ මහාධිකරණය හමුවේ බවත් මහාධිකරණය හමුවේ එවැනි නඩු විභාගයක් ආරම්භ වී නොමැති අවස්ථාවක මෙම පෙත්සම්කරු මහේස්ත්‍රාත් අධිකරණය විසින් නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන්නේ කෙසේදැයි ජනාධිපති නීතිඥවරයා ප්‍රශ්න කළේය.

ශ්‍රී ලංකා නීතීඥ සංගමයෙන් අතරමැදි පෙත්සමක්

මෙහිදී අතරමැදි පෙත්සමක් ඉදිරිපත් කළ ශ්‍රී ලංකා නීතීඥ සංගමය වෙනුවෙන් නීතිඥ ජී.ජී. අරුල්ප්‍රගාසම්ගේ උපදෙස් මත කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර කියා සිටියේ මෙම නඩුකරයට සම්බන්ධ අපරාධමය ක්‍රියාවලිය හේතුවෙන් මහජනතාව අගතියට පත්ව ඇති බවයි.

ඒ අනුව මහජන සුභසාධනය සැලකිල්ලට ගෙන මෙම නඩුකරයට මැදිහත්වීමට ලංකා නීතිඥ සංගමය තීරණය කළ බවත් මෙම පෙත්සම සම්බන්ධයෙන් නීතිපතිවරයා ඉදිරිපත් කළ සියලු මූලික විරෝධතා තමන් පිළිගන්නා බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කර සිටියේය.

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ ඖෂධ මිලදී ගැනීම සිදු කර ඇත්තේ ඉන්දියානු ණය ක්‍රමය යටතේ බවට පෙත්සම්කරු ප්‍රකාශ කළත් එය මිලදී ගෙන ඇත්තේ ශ්‍රී ලංකා රජයේ අරමුදල් වලින් බවට කරුණු අනාවරණය වී ඇති බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.

මෙම ප්‍රමිතියෙන් තොර ඖෂධ හේතුවෙන් මාතර, මාතලේ, මහනුවර වැනි රෝහල් වල ප්‍රතිකාර ගත් රෝගීන්ට සංකූලතා මතුවී තිබෙන බවත් කොළඹ ජාතික රෝහලේදී ප්‍රතිකාර ගත් රෝගියෙකු මියගොස් ඇති බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේය.

සියලු කරුණු සලකා බලා මෙම පෙත්සම විභාගයට ගැනීමට නොතීසි නිකුත් කිරීමකින් තොරව නිෂ්ප්‍රභ කරන ලෙසත් ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

(උපුටා ගැනීම -BBC සිංහල සේවය )

පානීය ජලය පිළිබඳ සහ ජල සුරක්ෂිතතාවය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක්

‘’පානීය ජලය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය’’ සහ ‘’ජල සුරක්ෂිතතාවය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය’’ ඊට අදාළ අනෙකුත්  ප්‍රතිපත්තීන් සමඟ යෝග්‍ය පරිදි ඒ්කාබද්ධ කර ක්‍රියාත්මක කිරීම පිණිස කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

පානීය ජල සැපයුම් සේවා අංශයේ පැන නැගී ඇති ප්‍රවණතා හා අභියෝගවලට මුහුණ දීම පිණිස වඩාත් පුළුල් සහ යාවත්කාලීන ප්‍රවේශයක අවශ්‍යතාව හඳුනාගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

ඒ අනුව, අදාළ ක්ෂේත්‍රයේ විශේෂඥයින්ගේ සහ පාර්ශවකරුවන්ගේ උපදේශනය මෙන්ම මහජන අදහස්ද ලබාගෙන වර්තමාන හා අනාගත අවශ්‍යතාවන්ට ගැළපෙන අයුරින් , ‘’පානීය ජලය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය’’ සහ ‘’ජල සුරක්ෂිතතාවය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය’’ සකක් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

ඒ මගින් සියලුම පුරවැසියන් සඳහා ආරක්ෂිත සහ ගුණාත්මක පානීය ජලය සදහා ඇති ප්‍රවේශය සහතික කිරීම, තිරසර ජල භාවිතය ප්‍රවර්ධනය කිරීම සහ ජල අංශයේ ආර්තික වර්ධනය හා සමෘද්ධිය ප්‍රවර්ධනය කිරිම යන අරමුණු සාක්ෂාත් කර ගැනීම අපේක්ෂා කරන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අදාළ කැබිනට් තීරණය පහතින්.

661500a02ac26