නුවරඑළිය සුන්දර කඳුකරය ආශ්‍රිතව යළි පිබිඳෙන සංචාරක කාර්මාන්තය පිළිබඳ සොයා බැලීමට ජනපති නිරීක්ෂණ චාරිකාවක

නුවරඑළිය සුන්දර කඳුකරය ආශ්‍රිතව යළි පිබිඳෙන සංචාරක කාර්මාන්තය පිළිබඳ සොයා බැලීමට ජනපති නිරීක්ෂණ චාරිකාවක

▶ කඳුකරයට පැමිණෙන සංචාරකයන්ට නවමු අත් දැකීමක් ලබාදිය හැකි ව්‍යාපෘතියක් ලෙස “පිකෝ ට්‍රේල්” මංපෙත සංවර්ධනයට අවධානය

ශ්‍රී ලංකාව ලෝකයේ හොඳම කඳු නැගීමේ ගමනාන්තයක් ලෙස ජාත්‍යන්තර සිතියමට එක් කළ හැකියි – ධාවන උපදේශක මිගෙල් කුනාට්

නුවර එළිය සුන්දර කඳුකරය ආශ්‍රිතව යළි පිබිඳෙන සංචාරක කර්මාන්තය පිළිබඳ සොයා බලමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (16) පෙරවරුවේ නුවරඑළිය උඩුපුස්සැල්ලාව වැවිලි සමාගමට අයත් කෝට් ලොජ් වතු යායේ සංචාරයක නිරත විය.

“පිකෝ ට්‍රේල් (Peko Trail) මංපෙත හරහා ජනාධිපතිවරයා පා ගමනින් මෙම සංචාරයට එක් වීම විශේෂත්වයකි.

“පිකෝ ට්‍රේල්” යනු ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරය හරහා දිවෙන කිලෝ මීටර් 300 ක පමණ කඳු නැගීමේ මාර්ගයකි. එය ආසියාවේ හොඳම රහසිගත මාර්ග වලින් එකක් ලෙස සැළකේ.

“පිකෝ ට්‍රේල්” නම් මෙම මංපෙත සුප්‍රසිද්ධ මහනුවර නගරයෙන් ආරම්භ වී දකුණු දෙසින් හැටන් සහ හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය දෙසට ගමන් කරයි. ඉන්පසු එය හපුතලේ සහ ඇල්ල හරහා නැගෙනහිර දෙසට ගමන් කර සුන්දර නුවරඑළිය නගරය වටා ගමන් කර අවසන් වේ. මෙම මාර්ගය බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේදී විශාල වතුවල සිට කර්මාන්තශාලා වෙත තේ ප්‍රවාහනය කිරීම සඳහා භාවිතා කරන ලද්දකි.

“පිකෝ ට්‍රේල්” මාර්ගය ඔස්සේ කිලෝමීටර 3.2ක පමණ දුරක් පාගමනින් ඇවිද ගිය ජනාධිපතිවරයා කෝට් ලොජ් වතුයායේ සේවයේ නිරතව සිටින කම්කරු ජනතාවගේ ද තොරතුරු වීමසමින් සුහද කථා බහක නිරත විය.

එම ජනතාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව මහත් හරසරින් පිළිගත් අතර ජනාධිපතිවරයා ලැබුවා වූ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ඔවුන්ට තම සුබපැතුම් පිළිගැන්වීය.

බ්‍රවුන්ස් වැවිලි සමාගම යටතේ පාලනය වන කෝට් ලොජ් වතු යාය හෙක්ටයාර 264ක් වන අතර මුළු සේවක සංඛ්‍යාව 349කි. එම වතු ජනතාව මුහුණ දී සිටින අධ්‍යාපන, සෞඛ්‍ය ගැටළු ඇතුළු මූලික අවශ්‍යතා පිළිබඳ සොයා බැලූ ජනාධිපතිවරයා විශේෂයෙන්ම උසස් පෙළ විභාගයෙන් පසුව පාසල් අධ්‍යාපනය අවසන් කරනු ලබන වතු‍ කම්කරු ප්‍රජාවගේ දරුවන්ගේ අනාගතය සම්බන්ධයෙන්ද විශේෂ අවධානයක් යොමු කළේය.

එසේම වතු ජනතාවගේ නිවාස ගැටළුව පිළිබදව ද ජනාධිපතිවරයාගේ විශේෂ අවධානයක් යොමු විය.

කෝට් ලොජ් වතු යායේ පිහිටා ඇති කර්මාන්ත ශාලාවේ ” ලයිට් බ්‍රයිට් – Light Bright” නම් තේ වර්ගය නිෂ්පාදනය කරනු ලබන අතර එහි ද නිරීක්ෂණ චාරිකාවක නිරත වූ ජනාධිපතිවරයා කර්මාන්ත ශාලාවේ සේවක පිරිස සමඟද සුහද කතා බහක නිරත විය.

කඳු නැගීමට පැමිණෙන සංචාරකයන්ට රසවත් නැවුම් තේ කෝප්පයක් රස විදීමට අවස්ථාව නිර්මාණය කිරීම පිළිබඳව ද එහිදී ජනාධිපතිවරයා අවධානය යොමු කළේය.

අනතුරුව “පිකෝ ට්‍රේල්” හරහා මෙරට කඳුකරය ආශ්‍රිත සංචාරක කර්මාන්තය ප්‍රර්වධනය කිරීමේ හැකියාව පිළිබඳව ද ජනාධිපතිවරයා සොයා බැලීය.

“පිකෝ ට්‍රේල්” ව්‍යාපෘතියේ නිර්මාතෘවරයා වූ ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ වසර ගණනාවක් පුරා කඳු තරණය කළ, ධාවන උපදේශක මිගෙල් කුනාම් (Miguel Cunat) මහතා මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ ශ්‍රී ලංකාව ලෝකයේ හොඳම කඳු නැගීමේ ගමනාන්තයක් ලෙස ජාත්‍යන්තර සිතියමට එක් කළ හැකි බවයි.

” පිකෝ ට්‍රේල් ” මං මාවත ඔස්සේ පා ගමනින් ගොස් ශ්‍රී ලංකාව පුරා විවිධ භුමි ප්‍රදේශ, මෙරට ඉතිහාසය, සංස්කෘතිය, දේශීය ආහාර පාන පිළිබඳ සුවිශේෂී අත්දැකීම් ලබා ගැනීමට සංචාරකයින්ට අවස්ථාව සැලසේ. පිකෝ ට්‍රේල් ” සංචාරක මාර්ගය අදියර 22 කින් සමන්විත වන අතර එක් දිනක් හෝ දින ගනණාවක් ගත කළ හැකි සංචාරක අත්දැකීමකි.

ශ්‍රී ලංකාවේ ජාතික සංචාරක ක්‍රමෝපායන් වෙනුවෙන් සහාය දැක්වීමේ අරමුණෙන් ක්‍රියාත්මක “පිකෝ ට්‍රෙල්” සඳහා යුරෝපා සංගමයේ (EU) සහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ (USAID) සහාය ද ලැබී තිබෙන අතර තිරසාර පාරිසරික සංවර්ධනය වැනි කරුණු ද ඊට ඇතුළත් වේ.

ත්‍රාසජනක අත්දැකීම් සොයා යන්නන් වැනි නව සංචාරක භූමිකාවක් ශ්‍රී ලංකාවට ආකර්ශණය කර ගැනීම හා සහ ග්‍රාමීය ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටු වීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි.

“පිකෝ ට්‍රේල්” ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා ලබාදුන් සහාය පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය ස්තූතිය පළ කළ මිගෙල් කුනාට් මහතා සංචාරක කර්මාන්තයේ නව පරිවතනයක් තුළින් මෙරට ආර්ථිකය නාගා සිටුවීමට ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙළද අගය කළේය.

Jaffna, April 15 (Daily Mirror)- A 62-year-old woman who was receiving treatment at the Jaffna Hospital died of Covid-19, hospital sources said. The woman, a resident of Jaffna had arrived from France last week and was admitted to the Jaffna Hospital due to fever. She had died last Friday (12) and the post-mortem report which was received today had revealed that the death was due to Covid-19. Public Health Inspectors (PHIs) have taken steps to trace her close contacts.

Jaffna, April 15 (Daily Mirror)- A 62-year-old woman who was receiving treatment at the Jaffna Hospital died of Covid-19, hospital sources said.

The woman, a resident of Jaffna had arrived from France last week and was admitted to the Jaffna Hospital due to fever.

She had died last Friday (12) and the post-mortem report which was received today had revealed that the death was due to Covid-19.

Public Health Inspectors (PHIs) have taken steps to trace her close contacts.

පැය 24ක් තුළ රිය අනතුරුවලින් මරණ 10 ක් වාර්තා වෙයි

ගතවූ පැය 24 තුළ මාර්ග අනතුරු 08ක් වාර්තාවී ඇති අතර එම අනතුරුවලින් මරණ 10 ක් වාර්තා වී ඇති බව පොලීසිය පවසනවා.

මෙම අනතුරු 8න් 05ක් සිදුවී ඇත්තේ මාර්ගයේ වාහන ලිස්සා යාමෙන් බවයි පොලීසිය සඳහන් කළේ.

බොහෝ මාර්ග අනතුරු රියදුරන්ගේ නොසැලකිල්ල නිසා සිදුවන බවත් මේ හේතුවෙන් රථවාහන නීති රීති පිළිපදින ලෙස රියදුරන්ගෙන් ඉල්ලීමක් කරන බයි පොලීසිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

අද උණුසුම් කාලගුණය පිළිබඳව අවධානය යොමුකළ යුතු ප්‍රදේශ

උණුසුම් කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව බස්නාහිර හා වයඹ පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය, මිනිස් සිරුරට දැනෙන, අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒ අනුව ප්‍රමාණවත් ලෙස ජලය පානය කරමින් නිසි සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරන ලෙසයි සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

අදාළ නිවේදනය පහතින්.

661c7b7773f20 661c7b775ad54

හිස තෙල් ගෑමේ ජාතික මහෝත්සවය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්….

හිස තෙල් ගෑමේ ජාතික මහෝත්සවය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්….

සිංහල හා හින්දු අලුත් අවුරුදු මංගල්‍යයේ හිසතෙල් ගෑමේ ජාතික උත්සවයඅද (15) වත්තල හැඳල පුරාණ රජමහා විහාරයේදී අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විසින් මෙම ජාතික උත්සවය සංවිධානය කළ අතර පෙරවරු 10.17ට යෙදුණු සුබ නැකතට වත්තල හැඳල පුරාණ රජමහා විහාරාධිපති හිග්ගොඩ චන්දිම නායක හිමියන් අග්‍රාමාත්‍ය දිනෙෂ් ගුණවර්ධන මහතාගේ හිස තෙල් ගෑහ.

අනතුරු රාජ්‍ය උත්සවයට එක්ව සිටි ජනතාවගේ හිස තෙල් ගෑම මහා සංඝරත්නය විසින් සිදු කළහ.

එළැඹෙන 18 වෙනිදාට යෙදී ඇති පැල සිටුවීමේ නැකතට සිටුවීම සඳහා අධිපෝෂණීය, ඉහළ ඖෂධීය වටිනාකමකින් යුත් මුරුංගා ශාකයක් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතින් හැඳල පුරාණ රජමහා විහාර දායක සභාවට පිරිනැමීමද සිදුකෙරිණි.

හිස තෙල් ගෑමේ උත්සවයෙන් බලාපොරොත්තු වන ආකාරයට ජනතාවට නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කරන බව එහිදී අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

හිසතෙල් ගෑමේ උත්සවය සඳහා අවශ්‍ය නානු සහ සිංහල අලුත් අවුරුදු ලිත දේශීය වෛද්‍යවරුන්ට සහ සියලුම විහාරස්ථාන වෙත ලබාදීමට අමාත්‍යාංශය පියවර ගෙන තිබිණි.

දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි, රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර,පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන, සෞඛ්‍ය ලේකම් පාලිත මහිපාල ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් මෙම අවස්ථාවට සහභාගී වූහ.

ඉරානයෙන් ඊශ්‍රායලයට ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර දියත් කරයි

ඊයේ (13) රාත්‍රී ඉරානය විසින් ඊශ්‍රායලයේ හඳුනාගත් ස්ථානවලට ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පසුගිය අප්‍රේල් මස පළමුවන දින සිරියාවේ ඉරාන කොන්සල් කාර්යාලයට එල්ල වූ ප්‍රහාරයට ප්‍රතිප්‍රහාරයක් ලෙස ඉරානය විසින් මෙම ප්‍රහාරය දියත් කර ඇති බවයි වාර්තා වෙන්නේ.

මෙම යුධමය තත්ත්වය පිළිබදව අමෙරිකාව ඇතුළු රටවල් රැසක අවධානය යොමුව ඇති අතර අමෙරිකානු ජනාධිපතිවරයා ධවල මන්දිරයේ විශේෂ සාකච්ඡාවක් ද කැදවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Kristalina Georgieva යළිත් IMF කළමණාකාර අධ්‍යක්ෂ ධූරයට

දෙවන වරටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකාව ලෙස සේවය කිරීම සඳහා Kristalina Georgieva තෝරාපත් කරගෙන තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ ඒකමතික තිරණයකට අනුව මෙම පත් කිරීම සිදුකර ඇති බවයි වාර්තා වෙන්නේ.

ඒ අනුව Kristalina Georgieva ට ලබන ඔක්තෝම්බර් 1 වනදා සිට තවත් අවුරුදු 05ක් එම ධූරය හිමි වනවා.

ජාතියක්, දේශයක්, ලෝකයක් ඉදිරියට යන්නේ අලුත් වීමෙන් – ජනපති

ජාතියක්, දේශයක්, ලෝකයක් ඉදිරියට යන්නේ අලුත් වීමෙන් බවත් අලුත් අලුත් සිතිවිලි ඔස්සේ අලුත් අලුත් දෑ නිර්මාණය කරලීමෙන් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

සිංහල හා දෙමළ අලුත් අවුරුදු දිනය වෙනුවෙන් සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබෙනවා.

සාම්ප්‍රදායික අවුරුද්දට අලුත් වීම, කැලැන්ඩර අවුරුද්දට අලුත් වීම, සෘතුවෙන් සෘතුවට අලුත් වීම ආදී වශයෙන් ලෝකයේ රටවල ජනතාව ඔවුනට ලැබී ඇති අවස්ථාවන්හි අලුත් වන බවත් මේ හැම අලුත්වීමක් පසුපසම තවත් අතිශය වැදගත් කාරණයක් වන අතර ඒ සමාජ සබඳතාවය සහ සාමුහිකත්වය බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.

අලුත් අවුරුද්දේ අලුත් වීමට මතු නොව, රටක් වශයෙන් නිවැරදි මගක ඉදිරියට යන්නට ද අවශ්‍ය මූලික සාධකයක් වනුයේ සමාජ සබඳතාවන් හා සාමුහිකත්වය බවයි ජනාධිපතියරයා සිය අලුත් අවුරුදු සුබ පැතුම් පණිවිඩයෙන් සඳහන් කරන්නේ.

661add82278d7

ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ පුද්ගලයෙක් අත්අඩංගුවට

ව්‍යාජ ලෙස මුදල් නෝට්ටු මුද්‍රණය කළ අයෙකු අහංගම ප්‍රදේශයේදී ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්‌යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු සතුව තිබූ ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය සඳහා යොදාගත් ලැප්ටොප් පරිගණකයක්, මුද්‍රණ යන්ත්‍රයක් සහ නෝට්ටු මුද්‍රණය කරන ලද කඩදාසි තොගයක් පොලිස් භාරයට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.

සැකකරු 47 හැවිරිදි ඉමදුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

අද හා හෙට කාර්යාල දුම්රිය ගමන් වාර කිහිපයක් අවලංගුයි

අද (13) හා හෙට (14) දිනවල කාර්යාල දුම්රිය ගමන් වාර කිහිපයක් අවලංගු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

කෙසේ වෙතත් මෙම දිනවල නගරාන්තර දුම්රිය සේවා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.

එසේම විශේෂ කාල සටහනක් යටතේ දුම්රිය ගමන් වාර 06 ක් සැලසුම් කර ඇති බවද දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරනවා.