ප්‍රවීණ ජ්‍යෝතීර්වේදී චන්ද්‍රසිරි බණ්ඩාර අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ ජ්‍යෝතීර්වේදී චන්ද්‍රසිරි බණ්ඩාර අද (22) උදෑසන අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට චන්ද්‍රසිරි බණ්ඩාර මහතා 63 වන වියේ පසු වුණා.

ඇල්පිටිය -අවිත්තාව මාර්ගයේ කැටපල කිස්තියානි දේවස්ථානය ඉදිරිපිටදී ඊයේ ලොරි රථයක් සහ තීරෝද රථයක් මුහුණට මුහුණ ගැටී තීරෝද රථයේ රියදුරු සහ කුඩා දරුවන් දෙදෙනෙකු ඇතුලු තිදෙනෙක් මරුමුවට පත්වී තවත් දෙදෙනෙක් බරපතල තුවාල ලබා රෝහල් ගත කළ බව ඇල්පිටිය පොලීසිය කියයි.

අම්බලන්ගොඩ අනුරාධ ප්‍රියදර්ශන .
ඇල්පිටිය -අවිත්තාව මාර්ගයේ කැටපල කිස්තියානි
දේවස්ථානය ඉදිරිපිටදී ඊයේ ලොරි
රථයක් සහ තීරෝද රථයක් මුහුණට මුහුණ ගැටී තීරෝද
රථයේ රියදුරු සහ කුඩා දරුවන් දෙදෙනෙකු ඇතුලු
තිදෙනෙක් මරුමුවට පත්වී තවත් දෙදෙනෙක් බරපතල
තුවාල ලබා රෝහල් ගත කළ බව ඇල්පිටිය පොලීසිය
කියයි.
මේ අනතුරින් මිය ගොස් ඇත්තේ අඹගහදූව, වල්ලඹගල
ඇල්පිටිය ලිපිනයේ පදිංචි හැට අට හැවිරිදි
කාලිංග නිහාල් සෝමරත්න නමැති තීරෝද රථ රියදුරු හා
ඇල්පිටිය මිල්ලගහදූව පදිංචි දස හැවිරිදි තිනුල
පනාන්දු,සහ එම ලිපිනයේම් පදිංචි අට හැවිරිදි කෙනුලි
පනාන්දු යන එකම පවුලේ සහෝදරයෙක් සහ
සහෝදරියකි. ඔවුන්
දෙදෙනාම අම්බලන්ගොඩ පොල්වත්ත බුද්දධත්ත
පාථමික විදුහලේ අධයාපනය හදාරන්නෝය.
මේ අනතුරින් බරපතල ලෙස තුවාල ලැබූ කාන්තාවන්
දෙදෙනෙක් කරාපිටිය රෝහලේද පාසල් ශිෂයාවක්

ඇල්පිටිය රෝහලේද පතිකාර ලබන බව ද පොලීසිය
කියයි. මෙම අණතුර සම්බන්ධයෙන් ඇල්පිටිය පොලිස්
ස්ථානය මගින් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබන අතර
ලොරි රථයේ රියදුරු මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත.
ඇල්පිටිය පොලීසිය මේ සම්බන්ධයෙන් පරීක්ෂණ්
පවත්වයි.

WhatsApp Image 2024-04-21 at 20.54.19 (1) WhatsApp Image 2024-04-21 at 20.54.19 WhatsApp Image 2024-04-21 at 20.54.18 (2) WhatsApp Image 2024-04-21 at 20.54.18 (1) WhatsApp Image 2024-04-21 at 20.54.18

දියතලා​ව Foxhill ධාවන තරගාවලි​ය අතරතුර සිදුවූ අනතුරකින් පුද්ගලයින් 5 ක් මරුට

දියතලාවේ පැවැත්වෙන Foxhill මෝටර් රථ ධාවන තරගාවලිය අතරතුරදී සිදුවූ අනතුරකින් පුද්ගලයින් 5 දෙනෙකු මියගොස් තිබෙනවා.

ධාවන තරගය අතරතුරදී මෝටර් රථයක් ධාවන පථයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වෙන්නේ

අනතුරින් පුද්ගලයින් 21කට ආසන්න පිරිසක් තුවාල ලබා රෝහල්ගතකර ඇති බව පොලීසිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

ලොකු ළුෑණු මෙට්‍රික්ටොන් 2000ක් ඉදිරි සති දෙක තුළ ශ්‍රී ලංකාවට

ඉන්දියාවෙන් ලොකු ළුෑණු ආනයනය ලංකා සතොස හරහා සිදුකිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව පළමු තොගය ලෙස ලොකු ළුෑණු මෙට්‍රික්ටොන් 2,000ක් ඉදිරි සති දෙක තුළ ගෙන්වීමට නියමිත බවයි සතොස සභාපති පසඳ යාපා අබේවර්ධන සඳහන් කළේ.

කෙසේවෙතත් මෙරට මාසික ලොකු ළුෑණු අවශ්‍යතාව මෙට්‍රික්ටොන් 20,000ක් පමණ වන බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු සඳහන් කළා.

පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරයට අදට වසර 5ක් සපිරෙයි

2019 වසරේ අප්‍රේල් 21 වනදා පාස්කු ඉරුදින දේවමෙහෙයට සහභාගී වූ බැතිමතුන් ඉලක්ක කරගනිමින් 273 දෙනෙකුගේ ජීවිත හානි කරමින් එල්ල වූ මිලේච්ඡ බෝම්බ ප්‍රහාරය සිදු වී අදට (21) වසර 5ක් සපිරෙනවා.

ඒ නිමිත්තෙන් අද උදෑසන කොළඹ කොච්චිකඩේ සාන්ත අන්තෝනි සිද්ධස්ථානයේදී අති උතුම් කාදිනල් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්, ප්‍රහාරයෙන් ඝාතනය වූවන් සිහිපත් කරමින් දේව මෙහෙයක් සහ සැමරුමක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

එමෙන්ම අද සවස 3.00ට මීගමුව මාරිස්ටෙලා විද්‍යාල භූමියෙන් යාච්ඤායෝගී පා ගමනක් කටුවපිටිය දේවස්ථානය දක්වා ගමන් ආරම්භ කිරීමට නියමිත අතර, කාදිනල් හිමිපාණන් ඇතුළු සියලුම රදගුරු හිමිවරුන්, පියතුමන්ලා සහ පැවිදි සොයුරියන් සහභාගී වන මෙම පා ගමන සඳහා සහභාගී වන ලෙස සියලුම ගිහි ජනතාවටද ආරාධනා කර සිටින බව ගරු සිරිල් ගාමිණී පියතුමන් පවසනවා.

තවද අද උදෑසන 8.45 ට ප්‍රහාරයෙන් මියගිය අය සිහිකරමින් විනාඩි 2ක නිශ්ශබ්දතාවයක් පැවැත්වෙන අතර, ඒ මොහොතේ දිවයිනේ සියලු දේවස්ථානවල ඝණ්ඨාර නාද කිරීමටද නියමිතයි.

මඩකලපුවේ සියෝන් දෙව්මැදුරේ ජනතාව( 21 වැනිදා ) දේවමෙහෙය සඳහා සහභාගි වු අයුරු .

මඩකලපුවේ සියෝන් දෙව්මැදුරේ ජනතාව( 21 වැනිදා ) දේවමෙහෙය සඳහා සහභාගි වු අයුරු .
වසර 5 කට ඉහතදී අප්‍රේල් 21 උදෑසන 8:45 පමණ පාස්කු බොම්බ ප්‍රහාරයේ ගොදුරක් බවට එහි ජනතාව ලක්විය .එහිදී මෙම දේවස්ථානයේ 31 දෙනෙකු මියගොස් 93 දෙනෙකු බරපතළ තුවාල ලැබිය .ඉන් එක් අයෙකු තවමත් සදාකාලික අබාධයට ලක්වි ඇත .ඇය 50 වියේ පසුවන දහම් පාසල් ගුරුවරියක් බවත් මේ වන විට බෝම්බ්‍ය පිපිරීමට ලක්වු දෙව්මැදුරට කිලෝ මීටරයක පමණ දුරකින් නව දෙව්මැදුරක් ගොඩනගා එහි දේවමෙහෙයන් පවත්වන බව දෙව්මැදුරේ රෝශාන් දෙවගැතිතුමා පැවසීය .

WhatsApp Image 2024-04-21 at 11.05.00 WhatsApp Image 2024-04-21 at 11.04.53 WhatsApp Image 2024-04-21 at 11.04.46

බාල බෙහෙත් ගෙන්වූ සමාගම් වැලම අධිකරණයට; සමාගම් ලැයිස්තුවත් එළියට

හියුමන් ඉමියුනොග්ලොබුලින් ඇතුළු මෑත කාලීනව සිදු වූ මතභේදාත්මක වෛද්‍ය සැපයුම් සිදුකර ඇති සමාගම් වෙතින් වෛද්‍ය සැපයුම් ලබා ගැනීමට අමාත්‍ය මණ්ඩලය සහ සෞඛ්‍ය බලධාරීන් ගත් තීරණය වැරදි, නීත්‍යානුකූල නොවන, ශුන්‍ය සහ අවලංගු, සහ නීතිය ඉදිරියේ බල රහිත බව ප්‍රකාශ කරන ලෙස ඉල්ලමින් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය (TISL) විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අප්‍රේල් 16 වැනිදා  මූලික අයිතිවාසිකම් පෙත්සමක් (SCFR/99/2024) ගොනු කර තිබේ.

පෙත්සමෙන් වගඋත්තරකරුවන් 66 දෙනෙකු ඇතුළුව ආන්දෝලනාත්මක වෛද්‍ය සැපයුම්වලට සම්බන්ධ සමාගම් වන අයුසුලේට් බයොටෙක් ෆාර්මා (Isolez Biotech Pharma AG (Pvt) Ltd), ලයිව්එල්ත් බයෝ ෆාමාර් (Livealth BioPharma (Pvt) Ltd),  යදීන් ඉන්ටර් නැෂනල් පුද්ගලික සමාගම (Yaden International (Pvt) Ltd), ස්ලිම් ෆාමර්සූටිකල්ස් පුද්ගලික සමාගමේ (Slim Pharmaceuticals (Pvt) Ltd) නන්දනී මෙඩිකල් ලැබෝටරිස් පුද්ගලික සමාගම (Nandani Medical Laboratories (Pvt) Ltd), ඩිවයින් ලැබෝටරීස් (Divine Laboratories (Pvt) Ltd), ගල්ෆික් බයෝසෙන්ස් පුද්ගලික සමාගම  (Gulfic Biosciences Limited) සහ නවචෙම් ලංකා පුද්ගලික සමාගම(Novachem Lanka (Pvt) Ltd) නම් කර තිබේ.

වගඋත්තරකරුවන් අතර කැබිනට් අමාත්‍ය මණ්ඩලය, සෞඛ්‍ය අංශයට අදාල වත්මන් සහ හිටපු ඉහළ නිලධාරීන්, හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල,  භාණ්ඩාගාර ලේකම්, විගණකාධිපති, රේගු අධ්‍යක්ෂ ජනරාල්, පොලිස්පති, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙහි සාමාජිකයින් සහ අධ්‍යක්ෂ ජනරාල් සහ නීතිපතිවරයා වේ.අයුසුලේට් බයොටෙක් ෆාර්මා (Isolez Biotech Pharma AG (Pvt) Ltd) හා ලයිව්එල්ත් බයෝ ෆාමාර් (Livealth BioPharma (Pvt) Ltd) යන සමාගම් ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් සැපයීමේ සිද්ධියේ පළමු සැකකාර් වන සුගත් ජානක ප්‍රනාන්දු නමැත්තාට අයත් සමාගම් බව පැවසේ.

යදීන් ඉන්ටර් නැෂනල් පුද්ගලික සමාගම (Yaden International (Pvt) Ltd) සෂිමාල් දිසානායකට අයත් එකක් වන අතර එහි නිෂ්පාදන කටයුතු සිදුකරනු ලබන්නේ කටුනායක බවද වාර්තා වේ. (රුපියල් මිලියන 20ක අල්ලසක් ලබා ගනිද්දී කොටුවූ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපතිවරයකු වූ පී. දිසානායක මහතා සෂිමාල්ගේ පියාය.)
ස්ලිම් ෆාමර්සූටිකල්ස් පුද්ගලික සමාගමේ (Slim Pharmaceuticals (Pvt) Ltd) ප්‍රධානියා, සභාපතිවරයා ලෙස කටයුතු කරනු ලබන්නේ සුමිත් ප්‍රේමරත්න නැමැත්තෙකි.

නන්දනී මෙඩිකල් ලැබෝටරිස් පුද්ගලික සමාගම (Nandani Medical Laboratories (Pvt) Ltd), ඩිවයින් ලැබෝටරීස් (Divine Laboratories (Pvt) Ltd), ගල්ෆික් බයෝසෙන්ස් පුද්ගලික සමාගම  (Gulfic Biosciences Limited) සහ නවචෙම් ලංකා පුද්ගලික සමාගම (Novachem Lanka (Pvt) Ltd)  යන සමාගම් සියල්ල ඉන්දීය සමාගම් වේ.

පෙත්සම මගින් තරඟකාරී ලංසු නොමැතිව හියුමන් ඉමියුනොග්ලොබුලින් සහ තවත් ඖෂධ කිහිපයක් ආනයනය කිරීම වැරදි සහ නීති විරෝධී බව ප්‍රකාශ කිරීම, සැපයුම්කරුවන්ගේ ලියාපදිංචිය අත්හැරීමේ ක්‍රමවේදය (Waivers of Registration) පිළිබඳව සමාලෝචනය කිරීම, මිලදී ගැනීම් වලට අදාළ විශේෂ පරීක්ෂණයක් සිදුකරන ලෙස විගණකාධිපතිවරයාට නියෝග කිරීම, අදාළ පාර්ශවයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට නියෝග කිරීම හා රජයට හෝ මහජනතාවට සිදු වූ වියදම් සහ වන්දි අයකර ගැනීමට කටයුතු කිරීම යන කරුණු ඉල්ලා තිබේ.

පොදු දේපළ අවභාවිතය සහ පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීම පිළිබඳව වගවන ලෙස ඉල්ලා සිටිමින්, මහජන සුබ සිද්ධිය වෙනුවෙන් මෙම පෙත්සම ගොනු කර ඇත.

වගඋත්තරකරුවන්ගේ ක්‍රියාවන් හෝ අත්‍යාවශ්‍ය ක්‍රියා නොකිරීම් හේතුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සහතික කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව පෙත්සම්කරුවන් කියා සිටියි.

වෛද්‍ය සැපයුම් ලබා ගැනීමේදී, සැපයුම්කරුවන්ගේ ලියාපදිංචිය අත්හැරීමේ ක්‍රමවේදය (Waivers of Registration) පිළිබඳව සමාලෝචනය කිරීමට පෙත්සම්කරුවන් අධිකරණයේ මැදිහත්වීම අපේක්ෂා කරයි.

එමෙන්ම, ප්‍රසම්පාදනයේ විනිවිදභාවය සහතික කිරීම සඳහා පනවා ඇති නීතිරීති සහ රෙගුලාසි වලට වගඋත්තරකරුවන්ට අනුකූල වන්නැයි නියෝග කරන ලෙසද පෙත්සම්කරුවන් අධිකරණයෙන් ඉල්ලා සිටියි.

“සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පැවතියේ යැයි කියන ලද ‘හදිසි තත්ත්වය’ බොහෝ දුරට දුර්වල කළමනාකරණය නිසා ඇති වූවක් බව පෙනී යයි. සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළු අදාළ ආයතන වල නිලතල දරන පුද්ගලයන්ගේ වැරදි කළමනාකරණය විසින් ඉහත කී හදිසි අවස්ථාව සැලසුම් කළේ යම් යටි අරමුණු ඉටු කර ගැනීමේ වුවමනාවට දැයි සැකයක් ඇතිවේ,” යනුවෙන් පෙත්සමේ සඳහන් වේ.

ඉන්දියානු ණය පහසුකම යටතේ ඖෂධ ආනයනය කිරීමේදී දක්නට ලැබුණු අක්‍රමිකතා සහ නීතිය නොසලකා හැරීම සැලකිල්ලට ගනිමින්, 2023 පෙබරවාරි මාසයේ දී ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය (TISL) ආයතනය ගොනු කළ,දැනට අධිකරණය ඉදිරියේ විභාග වෙමින් පවතින පෙත්සමට (SCFR/65/2023) අමතරව මෙම පෙත්සම ගොනු කර ඇත.

ලියාපදිංචිය අත්හැරීමේ ලිපි නිකුත් කර ඇති සැපයුම්කරුවන්ගෙන් වෛද්‍ය සැපයුම් ලබා ගැනීමට ගත් තීරණය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් පවත්වන ලෙසත්, ඔවුන් හරහා ලබා ගත් වෛද්‍ය සැපයුම් සඳහා දරන ලද පිරිවැය ගණනය කරන ලෙසත් විගණකාධිපතිවරයාට නියෝග කරන ලෙස ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය (TISL) ආයතනය මෙවර ඉදිරිපත් කළ පෙත්සම මගින් අධිකරණයෙන් ඉල්ලා ඇත.

මීට අමතරව, ලියාපදිංචිය අත්හැරීමේ ලිපි නිකුත් කර වෛද්‍ය සැපයුම් ප්‍රසම්පාදනය තුළින් මූල්‍ය හෝ වෙනත් ප්‍රතිලාභ ලබාගෙන ඇති බවට හඳුනාගෙන ඇති පුද්ගලයන්ට එරෙහිව නඩු පැවරීම ආරම්භ කරන ලෙස නීතිපතිවරයාට නියෝග කරන ලෙසද අධිකරණයෙන් ඉල්ලා ඇත.

මෙම සිද්ධීන් හේතුවෙන් රජයට හෝ මහජනතාවට දැරීමට සිදු වූ වියදම් මෙන්ම ඒ සම්බන්ධයෙන් වන්දි මුදලක් අදාළ වගඋත්තරකාර පාර්ශවවලින් අයකර ගන්නා ලෙස නීතිපතිවරයාට නියෝග කරන ලෙස පෙත්සම මගින් තවදුරටත් ඉල්ලා ඇත.

ITC Ratnadipa Colombo හෝටල් සංකීර්ණය ලබන සතියේ විවෘත කෙරේ

කොළඹ නගරයට එක්වන නවතම අතිසුඛෝපභෝගී, සුපිරි හෝටල් සංකීර්ණය වන ITC Ratnadipa Colombo එළඹෙන සතියේ දී විවෘත වීමට නියමිතව තිබෙනවා.

ඉන්දියානු සමාගමක් වන ITC Ltd හි පූර්ණ අනුබද්ධිත සමාගමක් වන WelcomHotels Lanka Ltd විසින් මෙම හෝටලය ඉදිකර ඇති බවයි වාර්තා වෙන්නේ.

මෙම සුපිරි හෝටලය, මෙරට පළමු වරට දැකගත හැකි AHASA ONE Sky Bridge අහස් පාලමෙන් යුක්ත වනවා.

ණය හිමියන් සමග ප්‍රතිපත්තිමය එකඟතාවයකට පැමිණීමට හැකිවේවි – මුදල් රාජ්‍ය ඇමති

ශ්‍රී ලංකාවේ ණය තිරසරභාවය තහවුරු කිරීම සඳහා සියලු ණය හිමියන් සමග ප්‍රතිපත්තිමය එකඟතාවයකට පැමිණීමට හැකිවනු ඇති බවට රජය දැඩි විශ්වාසයෙන් පසුවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

අමෙරිකාවේ, වොෂින්ටන් හී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සැසිවාරයකට සමගාමීව පැවැති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබෙනවා.

2023 වසරේදී දළ දේශීය නිෂ්පාදිතයෙන් 11%ක් දක්වා රජයේ ආදායම ඉහළ ගොස් තිබෙන බවත්, 2024 වන විට එම අගය 12%ක් දක්වා ඉහළ අගයකින් බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කළා.

බදු සඳහා ලියාපදිංචි වීමද ඉහළ ගොස් ඇති බවත්, එය හොඳ තත්ත්වයක් වුවත් තවමත් ඒ සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බවත්, රජයට අවශ්‍ය වන්නේ බදු ගෙවිය යුතු සියලු දෙනාම බදු ගෙවීමට යොමු කිරීම බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

අප්‍රේල් පළමු දින 15 තුළ සංචාරකයින් 82,000 ක් දිවයිනට

2024 අප්‍රේල් පළමු දින 15 තුළ දී විදෙස් සංචාරකයින් 82,531 ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

ඒ අනුව 2024 වසරේ මේ දක්වා ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත සංචාරකයින් ප්‍රමාණය 718,315 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි එම අධිකාරිය සඳහන් කළේ.

ඉන්දියාව, එක්සත් රාජධානිය, රුසියාව, ජර්මනිය, ප්‍රංශය, ඔස්ට්‍රේලියාව වැඩිම සංචාරකයින් පැමිණි රටවල් අතර ඉදිරියෙන් පසුවනවා.

අදාළ වාර්තාව පහතින්.

6621c3be4ac37