විශ්ව විද්‍යාල වෘත්තීය සමිති නායකයින් අද රැස්වෙයි

අද (09) දින විශ්ව විද්‍යාල වෘත්තීය සමිති නායකයින් රැස්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව මින් ඉදිරියට ගන්නා ක්‍රියාමාර්ග පිළිබදව තීරණය කිරීම සඳහා මෙම රැස්වීම කැඳවා ඇති බවයි විශ්ව විද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති ධම්මික එස්. ප්‍රියන්ත සඳහන් කළේ.

වැටුප් කප්පාදුව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවකයින් ආරම්භ කළ අඛණ්ඩ වැඩ වර්ජනය අද 8 වන දිනටත් ක්‍රියාත්මක වනවා.

800 ගිය බී ලූනූ 160 අඩුවෙයි..

රු 800යට ගියපු බී ලූනු අද ඇල්පිටියේ රු 160යි,රු 200 රු 300 පන්නිපිටිය රත්මල්දෙනිය රු 160යි,දැන් කල යුත්තේ බී ලූනු පසුගිය කාලේ ඇරියස් එකත් එක්ක බුදින එක,වහාම හෙට සිට සිනි සම්බල් පාන් කාලට සීනි සම්බල් වැඩි කල යුතුය ,සිනි සම්බල් බන් එකට සීනි සම්බල් වැඩි කල යුතුය ,මාලු පාන් එලවලු රොටි,කොත්තු හාල් මැස්සෝ බැදුමට බී ලූනු වැඩි කල යුතුය ,මේ පිලිබද පාරිභෝගික යා හෝටල් බේකරි දැනුමෙන් සන්නද්ධ කල යුතුය ,චීනෙන් ගෙනාපු පොල් ගෙඩි සයිස් ලූනු කුනු වෙලා යන තැනට පිටකොටුවේ පත් වී ඇත ,ඒ ලූනු kg1ක් රු 60කටවත් අලෙවි කර ගත නොහැක ,අද ඇල්පිටියේ කුකුල් මස් රු 1100 යි,මේ මිල පහත හේලිම පිලිබද වෙලෙද අමාත්‍යාංශය ආනයනය කරුවන් තොග හා සිල්ලර වෙළෙඳුන්ට ගෞරවනීය ප්‍රණාමය,හෙට උදේ 9.30 මේ පිලිබද ගෞරවනීය මාධ්‍ය දැනුවත් කිරිම පන්නිපිටිය නිවසේදී ,,
අසේල සම්පත්
ජාතික පාරිභෝගික පෙරමුණ

WhatsApp Image 2024-05-09 at 17.54.29

පාහියන්ගල ගල්ලෙන් පිහිටි ස්ථානයේ බස්නාහිර පළාත් පුරාවිද්‍යා කාර්යාලය මගින් නව ජායාරූප සහිත සවිස්තරාත්මක පුවරු සවිකර යි.

ගල්පාත චන්දන පෙරේරා

පාහියන්ගල ගල්ලෙන් පිහිටි ස්ථානයේ බස්නාහිර පළාත් පුරාවිද්‍යා කාර්යාලය මගින් නව ජායාරූප සහිත සවිස්තරාත්මක පුවරු සවිකර යි.

මේ දිනවල රට තුළට ඇදී එන විදේශීය සංචාරකයන් හා දෙශීය සංචාරකයින්ට පාහියන්ගල ඉතිහාසය දැන ගැනීම සඳහා බස්නාහිර පළාත් පුරාවිද්‍යා කාර්‍යාලය මගින් පාහියන්ගල පුරාවිද්‍යා ස්ථානයට පිවිසෙන මාර්ගයේ සිට ලෙන දක්වා පිවිසුම් මාර්ගය දෙපස ප්‍රදේශයේ භාෂා තුනෙන් ම දිස්වන පරිදි සවිස්තරාත්මක පුවරු සවිකිරීම මේ දිනවල සිදුකෙරෙමින් පවතී.

මීට අමතරව මේ වන විට කැණීම් සිදුකර ඇති ප්‍රධාන ස්ථාන 02 ක සඳහා ආරක්ෂිත වැටක්ද ඉදිකර ඇත.

බස්නාහිර පළාත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ කලාප 06 නිලධාරීන් විසින් මෙම පුවරු සවිකිරීම මේ දිනවල සිදුකරනු ඇත

WhatsApp Image 2024-05-09 at 14.51.45 (1) WhatsApp Image 2024-05-09 at 14.51.45 (2) WhatsApp Image 2024-05-09 at 14.51.45 (3) WhatsApp Image 2024-05-09 at 14.51.45 (4) WhatsApp Image 2024-05-09 at 14.51.45

අමරවීර, අලගියවන්න හා දුමින්ද දිසානායක තනතුරුවලින් ඉවත් කිරීම වළක්වාලීමේ වාරණ නියෝගය 15 වනදා දක්වා දීර්ඝ කෙරේ

මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න සහ දුමින්ද දිසානායක යන අය  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඔවුන් විසින් දැරූ තනතුරුවලින් ඉවත් කිරීම වළක්වාලමින් නිකුත් කළ වාරණ නියෝගය මේ මස 15 වනදා දක්වා දීර්ඝ කරන ලෙස කොළඹ දිසා අධිකරණය නියම කරනු ලැබුවා.

මෙම පැමිණිල්ල අද (08) කැඳවූ අවස්ථාවේදී ඊට අදාළ විරෝධතා ඉදිරිපත් කිරීමට අවසර දෙන ලෙස වගඋත්තරකාර පාර්ශ්වය ඉල්ලා සිටි අතර, ඒ අනුව අදාළ විරෝධතා තිබේ නම් ඒවා ගොනුකරන ලෙස නියෝග කළ අධිකරණය නඩුව නැවත ලබන 15 වනදා කැඳවන ලෙස නියෝග කළා.

කිසිදු සාධාරණ පරීක්ෂණයකින් තොරව තමන් දැරූ තනතුරුවලින් ඉවත් කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඇතුළු පිරිසක් ගනු ලැබූ තීරණය නීතිවිරෝධී බවට තීන්දු කරන ලෙස ඉල්ලා මෙම පිරිස කොළඹ දිසා අධිකරණය හමුවේ නඩු පවරා තිබුණා.

සාමාන්‍ය පෙළ සිංහල ප්‍රශ්න පත්‍රයේ දෝ​ෂ පිළිබඳව සොයා බලනවා – විභාග දෙපාර්තමේන්තුව

අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේදී ලබාදුන් සිංහල ප්‍රශ්න පත්‍රයේ දෝෂ ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් සොයා බලන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

පිළිතුරු පත්‍ර ලකුණු කිරීමේදී ප්‍රශ්න පත්‍රය පුළුල් ලෙස අධ්‍යයනය කරන ලෙස තමන් උපදෙස් දුන් බවයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පැවසුවේ.

යම් හෙයකින් ප්‍රශ්න පත්‍රයේ වැරදි ඇත්නම්, විභාග අපේක්ෂකයින්ට අසාධාරණයක් නොවන අයුරින් කටයුතු කරන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.

සාකච්ඡා මඟින් ස්ථිර විසඳුමක් නොලැබුණොත් වෘත්තීය ක්‍රියාමාර්ග දැඩි කරනවා – විශ්ව විද්‍යාල විධායක නිලධාරීන්ගේ සංගමය

අද (08) පැවැත්වෙන සාකච්ඡා මගින් ගැටළු සඳහා ස්ථිර විසඳුමක් නොලැබුණහොත්, දැනට සිදුකරන වෘත්තීය සමිති ක්‍රියාමාර්ග තවදුරටත් තීව්‍ර කිරීමට සිදුවන බව විශ්ව විද්‍යාල විධායක නිලධාරීන්ගේ සංගමය පවසනවා.

වැටුප් කප්පාදුව පිළිබඳව කැබිනට් පත්‍රිකාව අද සාකච්ඡා කර ඉදිරියේ දී එයට විසඳුමක් ලබාදෙනු ඇති බවට අපේක්ෂා කරන බවයි විශ්ව විද්‍යාල විධායක නිලධාරීන්ගේ සංගමයේ අනුශාසක, කොළඹ විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ ලේඛකාධීකාරී සම්පත් උදයංග සඳහන් කළේ.

මෙම වැඩ වර්ජනයට සමගාමීව අද දිනයේ දී උද්ඝෝෂණයක් පැවැත්වීමට නියමිත බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

තම පෙම්වතිය හමුවීමට යාමෙන් පසුව අතුරුදහන්වී සිටි කුලියාපිටිය – කබැල්ලෑව පදිංචිකරුවෙකු වන සුජිත් ජයවංශ (අවු:31) යන අයගේ සිරුර දින 15 කට පසුව 07 වැනිදා දහවල් මාදම්පේ පනිරෙන්දාව වනාන්තරයේ තිබී පොලීසිය විසින් සොයා ගෙන ඇත.

තම පෙම්වතිය හමුවීමට යාමෙන් පසුව අතුරුදහන්වී සිටි කුලියාපිටිය – කබැල්ලෑව පදිංචිකරුවෙකු වන සුජිත් ජයවංශ (අවු:31) යන අයගේ සිරුර දින 15 කට පසුව 07 වැනිදා දහවල් මාදම්පේ පනිරෙන්දාව වනාන්තරයේ තිබී පොලීසිය විසින් සොයා ගෙන ඇත.
ඉකුත් 22 වැනිදා කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි තම පෙම්වතිය මුණ ගැසීමට ගොස් ඇත.එතැන් සිට ඔහු අතුරුදහන්වී සිටියේය.
සිද්ධිය සම්බන්ධයෙන් ඉකුත් 06 වැනිදා අත්අඩංගුවට ගෙන ඇති සැකකුරවෙකුගෙන් ලද තොරතුරු මත ඝාතනයට ලක්වූ අයගේ සිරුර සොයා ගැනීමට විමර්ශණ කටයුතු සිදු කරණ කුලියාපිටිය කොට්ඨාස අපරාධ විමර්ශණ අංශ්‍ය සමත්වී තිබුණි.
ප්‍රධාන මාර්ගයේ සිට මීටර් 150 ක් පමණ දුරින් මිය මිය ගොස් ඇති තරුණයාගේ සිරුර හමු විය.ඊට මීටර් 25 ක් පමණ දුරක තිබී මිය ගොස් ඇති අයගේ ඇදුම් කීපයක්ද පොලීසිය විසින් සොයා ගෙන තිබුණි.
හලාවත අතිරේක දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් සසිත ද සිල්වා මහතා සිරුර තිබූ ස්ථානයට පැමිණ මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණය පවත්වන ලදි.හලාවත මහා රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී වරුණ වන්නිආරච්චි මහතාද පැමිණ නිරීක්ෂණ කටයුතු සිදු කරන ලදි.

WhatsApp Image 2024-05-07 at 21.25.21

විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවක වැඩ වර්ජනය අදත්

වැටුප් ඇතුළු ගැටලු කිහිපයක් මුල් කරගනිමින් විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවකයින් ආරම්භ කළ අඛණ්ඩ වැඩ වර්ජනය අද (07) දිනයේත් ක්‍රියාත්මක වනවා.

මෙම වැඩ වර්ජනය ආරම්භ කර අදට දින 06 ක් ගතවන බවයි වාර්තා වෙන්නේ.

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ ඇති රාජ්‍ය විශ්ව විද්‍යාල 17ක සහ උසස් අධ්‍යාපන ආයතන 17ක කටයුතුවලට අනධ්‍යයන සේවක වර්ජනයෙන් බාධා එල්ල වී තිබෙනවා.

මන්නා රමේෂ් ඩුබායිවලින් කොළඹට කුදලාගෙන එයි.

මන්නා රමේෂ් ඩුබායිවලින් කොළඹට කුදලාගෙන එයි.

නියෝගය ටිරාන්ගෙන් ඩුබායිහි විෂය බාර අමාත්‍යවරයා සමගත් කිහිපවතාවක් සාකච්ඡා කරලා
ඩුබායි හි දී එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ මෙරට ප්‍රධාන පෙළේ පාතාල කල්ලි නායකයකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස
සැලකෙන මන්නා රමේශ් නැමැත්තා කටුනායක ගුවන්තොටුපොළෙන් අද (7) උදෑසන කොළඹට රැගෙනවිත් තිබේ.

මෙම පාතාල සාමාජිකයා මෙරටට රැගෙන ඒම සඳහා රහස් පොලිසියේ සහකාර පොලිස් අධිකාරිවරයකුගේ ප්‍රධානත්වයෙන් යුත් පොලිස් කණ්ඩායමක් පෙරේදා ඩුබායි බලා පිටත්ව ගොස් තිබුනේ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ගේ විශේෂ නියෝගයක් මතබව පොලිස් මූලස්ථානය කියයි.

රහස් පොලිසියේ භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න ගේ මෙහෙයුම යටතේ එම විශේෂ රහස් පොලිස් කණ්ඩායම ඩුබායි බලා පිටත්ව ගොස් ඇත.

පාතාල කල්ලි නායකයකු ලෙස සැලකෙන මන්නා රමේෂ් නමැත්තා ඔහුගේ බිරිඳ සහ දරු දෙදෙනා සමග මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී එරට පොලිසිය අත්අඩංගුවට ගත්තේ මීට මාස දෙකකට පමණ ඉහතදීය.
මන්නා රමේෂ් නමැත්තා රතු නිවේදන නිකුත් කර ඇති හතළිස් තුන්දෙනා ගේ ලයිස්තුවේ සිටින අයකු බව ද කියයි.

මන්නා රමේෂ් මෙරටට ගෙන්වා ගැනීම සඳහා විෂයබාර අමාත්‍ය ටිරාන් අලස් දුරකථනය ඔස්සේ එරට විෂයබාර අමාත්‍යවරයා සමග කිහිපවරක්ම සාකච්ජා කර ඇත.

දරුවන් දෙදෙනාව ප්‍රාණ ඇපයට ගත් පියෙක් STF අත්අඩංගුවට

හංවැල්ල ප්‍රදේශයේ දී තම දරුවන් දෙදෙනා ප්‍රාණ ඇපයට තබාගෙන සිටි පියෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය සිදුකළ විශේෂ මෙහෙයුමක දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (05) රාත්‍රී කාලයේ හංවැල්ල, ජල්තර, රාජ්‍ය සේවක නිවාස සංකීර්ණයේ පදිංචි පුද්ගලයෙකු තම බිරිඳ ඝාතනය කිරීම සඳහා අත්බෝම්බයක් ද රැගෙන සිය නිවස වෙත පැමිණ ඇති බව සඳහන් වෙන්නේ.

කෙසේවෙතත් එම අවස්ථාවේ දී කාන්තාව නිවසින් පළාගොස් ඇති අතර අදාළ පුද්ගලයා විසින් ඔහුගේ දරුවන් දෙදෙනා නිවසේ කාමරයක ප්‍රාණ ඇපයට තබාගෙන සිට තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ලද තොරතුරක් මත වහාම ක්‍රියාත්මක වු හංවැල්ල පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ බෝම්බ නිෂ්ක්‍රීය අංශයේ නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් මෙහෙයුමක් ආරම්භ කර තිබුණා.

පැයක පමණ කාලයකට පසුව දරුවන් නිරුපද්‍රිතව බේරා ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකායට හැකියාව ලැබුණු අතර මෙහිදී පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අදාළ පුද්ගලයා ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.