මඩාටුගම අනතුරකින් යතුරු පැදියෙන් ගිය දෙදෙනෙකු මරුට

24-05-12
කැකිරාව කුෂාන් ජයවර්ධන

මඩාටුගම අනතුරකින් යතුරු පැදියෙන් ගිය දෙදෙනෙකු මරුට
නුවර යාපනය ඒ 9 මාර්ගයේ මඩාටුගම ප්‍රෙද්ශයේදී අද (12) සිදුවූ අනතුරකින් 28 හා 31 හැයිරිදි තරුණයින් දෙදෙනෙකුට දිවි අහිමිවූ බව මඩාටුගම පොලිසිය කියයි.
අනුරාධපුර සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබී පුද්ගලලික බස් රථයක් හා දඹුල්ල සිට කැකිරාව දෙසට ධාවනය වෙමින් තිබූ යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම මාරක රිය අනතුර සිදුව තිබේ. මහනුවර බලා ධාවනය වෙමින් තිබූ බස් රථය එම දෙසටම ධාවනය වෙමින් තිබූ කුඩා ලොරි රථයක් ඉස්සර කිරීමට යාමේදීඉදිරියෙන් පැමිණි යතුරු පැදියේ ගැටී ඇති අතර බස් රථයේ ගැටුණු යතුරු පැදිය බස් රථයේ යට සිරවී මීටර් 20ක් පමණ ඉදිරියට ඇදී ගොස් තිබිණ. එහිදී යතුරු පැදියේ ගමන් ගත් තරුණයින් දෙදෙනා බරපතළ තුවාල ලබා තිබිණ. කෙසේ වෙතත් එම අවස්ථාවේ බස් රථයද ලොරි රථයේ ගැටී මාර්ගයෙන් ඉවතට පැන අසළ වෙල් යායකට පෙරැළී තිබූ බව පොලිසිය කියයි.
අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේදී මගීන් 40ක් පමණ සිට ඇති අතර අනතුරින් එම කිසිවකුටත් තුවාල සිදුව නැති බව පොලිසිය කියයි. එලෙස අනතුරට ලක්වූ ලොරි රථයේදී රියදුරු හා තවත් පුද්ගලයකු ගමන් කර ඇති ඇතර ඔවුන්ටද අනතුරින් කිසිහු හානියක් සිදුව නැතත් එම ලොරි රථයට සැලකිය යුතු හානි සිදුව ඇති බව පොලිසිය කියයි. අනතුරට ලක්වූ යතුරු පැදියට බරපතළ හානි සිදුව තිබේ.
අනතුරින් බරපතළ තුවාල ලබා සිටි තරුණයින් දෙදෙනා ප්‍රෙද්ශාවසීන් එක්ව මාර්ගයේ ගමන් ගත් ත්‍රීරෝද රථයකින් දඹුල්ල මහ රෝහල වෙත රැගෙන යාමට ප්‍රෙද්ශවාසීන් එම අවස්ථාවේ කටයුතු කර තිබූ බවද පොලිසිය කියයි. එලෙස ඔවුන් රෝහල වෙත රැගෙන යන අවස්ථාවේදී කිසිවකුත් කරන ලද දැනුම් දීමක් අනුව 1990 ගිලන්රථ සේවාවට අයත් ගිලන් රථයක් ද පැමිණ තිබිණ. පසුව ත්‍රීෙරාධ රථයෙන් රෝහලට රැගෙන යමින් සිටි අනතුරට පත්ව බරපතල තත්වයේ සිටි එම පුද්ගලයන් දෙදෙනා බුලාගල ප්‍රෙද්ශයේදී 1990 ගිලන් රථයට මාරැ කිරීමට කටයුතු කර තිබිණ. එම අවස්ථාවේ බරපතල තත්ත්වයේ සිටි එක් අයෙකු මිය ගොස් ඇති බව පවසා ගිලන්රථයේ සේවක පිරිස විසින් එම පුද්ගලයා මහමග දමා ගොස් ඇතැයි පොලිසිය කියයි. එම අවස්ථාවේ පොලිසියට ලද තොරතුරක් අනුව වහා ක්‍රියාත්මකව ඇති මඩාටුගම පොලිස් ස්ථානාධීපතිවරයා සිය නිලරථයඑම ස්ථානයට පිටත් කර යවා එම පුද්ගලයාද කඩිනමින් රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබිණ. කෙසේ වෙතත් බරපතළ තත්ත්වයේ සිටි ඔවුන් දෙදෙනාම රෝහල් ගත කිරීමේදී මිය ගොස් ඇතැයි පොලිසිය කියයි. මෙලෙස මිය ගොස් ඇත්තේ දඹුල්ල කළුන්දෑළුල ප්‍රදේශයේ පදිංචිව සිටි 31 හැවිරිදි පුද්ගලයකු හා මහනුවර හතරලියද්දි ප්‍රෙද්ශයේ පදිංචිව සිටි 28 හැවිරිදි පුද්ගලයෙකි. මිය ගිය අයෙගෙන් එක් අයෙකු විවාහක දෙදරු පියෙකු වන බවත් ඒ අතර මාසයක් වයසැති දරුවෙකු සිටින බත් පොලිසිය කියයි මෙම මාරක රිය අනතුර සම්බන්ධයෙන් අදාළ බස් රථයේ රියදුරැ පොලිස් අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔහු තලාව ප්‍රෙද්ශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකි. අත්අඩංගුවට ගත් බස් රථ රියදුරු අද (12) කැකිරාව වැඩ බලන මහේස්ත්‍රාත් කිත්සිරි අඹගහවත්ත මහතා වෙත ඉදිරිපත් කිරීමට පොලිසිය කටයුතු කර තිබූ අතර එහිදී සැකකාර රියදුරු ලබන 20 වැනිදා දක්වා රක්ෂීත බන්ධනාගාර ගත කිරීමට වැඩ බලන මහේස්ත්‍රාත්වරයා එහිදී නියෝග කර තිබිණ.
අනතුරින් මිය ගිය දෙදෙනාගේ සිරුර දඹුල්ල රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් වූ පශ්චාත් මරණ පරීක්ෂණය හෙට දිනයේ දඹුල්ල රෝහලේ අධීකරණ වෛද්‍ය නිලධාරීවරිය විසින් පැවැත් වීමට නියමිතව ඇති බව පොලිසිය කියයි.
අනුරාධපුර උසස් පොලිස් නිලධාරීන්ගේ උපදෙස් අනුව මඩාටුගම පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ නිලධාරීන් විසින් මෙම මාරක රිය අනතුර සම්බන්ධයෙන් වූ වැඩිදුර විමර්ශණ සිදු කරනු ලබයි.

දන්සැල් සඳහා ලංකා සතොසෙන් විශේෂ වට්ටම්

එළෙඹෙන වෙසක් සමය වෙනුවෙන් දිවයින පුරා සංවිධානය කෙරෙන දන්සැල් සදහා අවශ්‍ය කරන ආහාර ද්‍රව්‍යයන් වෙනුවෙන් විශේෂ මිල වට්ටම් ලබාදීමට කටයුතු කරන බව ලංකා සතොස ආයතනය පවසනවා.

ඒ අනුව සංවිධානය කරනු ලබන දන්සල් සදහා අවශ්‍යකරන ආහාර ද්‍රව්‍ය ඇණවුම් මැයි මස 17 වන දිනට පෙර ළගම ඇති ලංකා සතොස ශාඛාව වෙත ලබාදීමට කටයුතු කරන ලෙසයි සතොස ආයතනය දැනුම් දෙන්නේ.

අදාළ නිවේදනය පහතින්.

664036ee4de73

පසුගිය කාලේ පාසල් 81 වහලා දැන් ඒ ගොඩනැගිලි විකුණන්න හදනවා. පාසල් සුරැකීමේ ජනතා ව්‍යාපාරය

දර්ශාන් ප්‍රනාන්දු
12/04/2024

පසුගිය කාලය තුළ රටේ පාසල් 81ක් වැසී ගොස් ඇති බවත්, එමගින් එම පාසල්වල අධ්‍යාපනය ලැබූ සිසුන්ගේ අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම බිඳවැටී ඇති බවත් පාසල් සුරැකීමේ ජනතා ව්‍යාපාරයේ චෝදනා කරයි. එහි ලේකම් පූජ්‍ය නාගස්තැන්නේ අරුණිහිමියන් මේ බව ප්‍රකාශ කර සිටියේ අද (12) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වූ පාසල් සුරැකීමේ ජනතා ව්‍යාපාරයේ ලේකම් පූජ්‍ය නාගස්තැන්නේ අරුණ හිමියන් “බලය ගැන පමණක් හිතන පාලකයන් රටේ අධ්‍යාපනය අමතක කරලා ගෙවුණු කාලය තුළ පාසල් 81ක් සම්පූර්ණයෙන්ම වහලා දාලා. ඒ විතරක් නෙවෙයි එම වහපු පාසල්වල ගොඩනැගිලි හා අනෙකුත් සම්පත් පෞද්ගලික ආයෝජකයන්ට විකුණන්නත් බලාපොරොත්තු වන බව අධ්‍යාපන නැමැති සුසිල් ප්‍රේමජයන්ත පාර්ලිමේන්තුවේදී පැවසුවා. මේක ඉතාම බරපතල තත්වයක්. ආණ්ඩුව සල්ලි හොයාගන්න අද වෙනකොට රටේ ස්වභාවික සම්පත් වගේම ජාතික සම්පත් කුණු කොල්ලෙට විකුණමින් තියෙන්නේ එහිම දිගුවක් ලෙස තමයි පාසල් වලට ස්වාභාවික මරණයක් අත්පත් කරලා දීලා එම පාසල් වළ භෞතික සම්පත් විකුණලා මුදල් හොයන තැනකට ආණ්ඩුව පත් වෙලා. මේක ආණ්ඩුවේ නොහැකියාව පෙන්නුම් කරන තවත් මොහොතක් හැටියට තමයි අපි දකින්නේ.

වත්මන් ආණ්ඩුව අධ්‍යාපනය පෞද්ගලීකරණය වෙනුවෙන් ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව කියලා ඊනියා වැඩපිළිවෙළක් ගෙනල්ලා තියෙනවා. ඒ වැඩපිළිවෙලේ නිශ්චිතව සඳහන් වෙනවා මේ විදිහේ පාසල්වල හා උසස් අධ්‍යාපන ආයතන තුළ භාවිතයට නොගන්නා භෞතික සම්පත් ආයෝජකයන්‍ට කුලියට දෙනවා කියල. අපි දකින්නේ මේකත් එවැනිම ක්‍රියාවක් හැටියට. ඒ වගේම අපි ආණ්ඩුවෙන් අහනවා ඇයි ඒ ගොඩනැගිලි භාවිතයට නොගන්නේ. ඒක මේ රටේ ගුරුවරුන්ගේවත්, දෙමාපියන්ගේවත් දරුවන්ගේවත් වරද්දක් නෙවෙයි. ඒ සඳහා විද්‍යාත්මක වැඩපිළිවෙළක් නැති එකයි මෙතන තියෙන ප්‍රශ්නය. නැතුව ඉස්කෝලවල සම්පත් වැඩි නිසා විකුණනවා නෙවෙයිනේ.

ඒ වගේම තමා මේ විදියට පාසල් වැහෙන්නේ නඩත්තු කරගන්න බැරි නිසාවත්, ළමයි නැති නිසාවත් නෙවෙයි. ආණ්ඩුවට පාසල් පද්ධතිය ගොඩනැගීම සඳහා වැඩපිළිවෙලක් නැති නිසා. අපි අහන්නේ මේ දරුවන්ට දැන් අධ්‍යාපනය හදාරන්න තියෙන අවස්ථාව මොකක්ද කියල?

ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට සුඛෝපභෝගී ජීවිත ගත කරන්න ඕන තරම් මුදල් තියෙනවා. නමුත් රටේ අධ්‍යාපනය නගා සිටුවීමට ප්‍රතිපාදන වෙන් කරන්න බෑ. පසුගිය කාලේ අපි ඕන තරම් දැක්කා මහා පරිමාණ වංචා දූෂණ එමගින් මහජනතාවගේ මුදල් කෝටි ප්‍රකෝටි ගණනින් හොරා ගත්තා, වංචා කරා. එහෙම වංචා කරේ මේ රටේ අධ්‍යාපනය සෞඛ්‍ය ඇතුළු ජනතාවගේ අයිතීන් වෙනුවෙන් වෙන් කරන්න තිබුනු මුදල්.

එනිසා අපි මහජනතාවට කියනවා මේ පාලකයන්ගෙන් තවදුරටත් සහන බලාපොරොත්තු වෙලා වැඩක් වෙන්නෙ නෑ. මේක හරියට ” බීරි අල්ලන්ට වීණා වාදනය කරනවා වගේ වැඩක්”. එනිසා ජනතාවගේ සිතුම් පැතුම් තේරුම් ගතහැකි, ජනතාවට සේවය කිරීමට හැකි ජනතාවාදී පාලනයක් නුදුරේදීම පිහිටුවා ගැනීම වෙනුවෙන් සංවිධානය වෙන්න, ඒවෙනුවෙන් වහෙස නොබලා කටයුතු කරන්න කියලා අපි මේ රටේ මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මෙම මාධ්‍ය සාකච්ඡාව සඳහා පාසල් සුරැකීමේ ජනත ව්‍යාපාරයේ ලේකම් නාගස්ථන්නේ අරුණ හිමියන්, එහි ජාතික සංවිධායක ගැමුණු විජේකීර්තී සහෝදරයා, හිටපු අධ්‍යාපන අධ්‍යක්ෂක ජේ. ජී. අමරජීව මහතා, දෙමව්පියන් නියෝජනය කරමින් අසංක ප්‍රනාන්දු මහතා හා රත්නාවලී කරුණාජීව මහත්මිය යන අය සම්බන්ධ විය.

පාසල් සුරැකීමේ ජනතා ව්‍යාපාරය
2024 – 05 – 12

WhatsApp Image 2024-05-12 at 17.09.57

මිනිස් පරිභෝජනයට නුසුදුසු සහල් තොගයක් කහටගස්දිගිලිය කිරිඉබ්බෑව ප්‍රදේශයේ දී අද (12) දහවල් පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පාරිභෝගික අධිකාරියේ අනුරාධපුර ඒකකයට ලද තොරතුරක් අනුව ලොරි රථ අටකින් මෙම සහල් තොගය කිරිඉබ්බෑව පෞද්ගලික සහල් සකස් කිරීමේ මෝලකට රැගෙන ගොස් නැවත ඇසුරුම් කිරිමේ ක්‍රීයාවලිය සිදුකරමින් සිටින අවස්ථාවේ පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් වැටලීම සිදුකර ඇත.

මෙම සහල් තොගයේ බර ප්‍රමාණය කිලෝග්‍රෑම් එක් ලක්ෂ හැත්තැහයදාස් පන්සියයක් බව වැටලීම් නිලධාරීහු පවසති

එම සහල් තොගයේ අසුරා තිබු ඇසුරුම්වල සටහන්ව තිබු අයුරින් පසුගිය 30 වෙනිදා වෙන විට මෙම සහල් කල්ඉකුත් වීමට නියමිත වන අතර අත් අඩංගුවට ගත් සහල් මිනිස් පරිබෝජනයට සුදුසු නොමැති බවත් යන්ත්‍රානු සාරයෙන් සහල් නැවත පිරිසිදු කර වෙනත් බහාළුම් වල අසුරා කල් ඉකුත්වීමේ දිනය ඉදිරියට දින 30ක් දක්වා දින යොදා රජය මගින් අඩු ආදායම් ලාබීන්ට නොමිලේ බේදා දීමේ අපේක්ෂාවෙන් පෞද්ගලික සහල් මෝල වෙත රැගෙන ගිය බවට අනාවරණය කරගෙන ඇතැයි ද පාරිභෝගික අධිකාරියේ අනුරාධපුර ඒකකයේ නිලධාරියෙක් පැවැසීය.
අත්අඩංගුවට ගත් සහල් තොගය එම මෝලේ ගබඩාවකට දමා සීල් කිරිමෙන් අනතුරුව සහල් මෝලේ හිමිකරු වන කේ.එස්.ජි. අස්මි නැමැත්තා අද (12) ශරිර ඇපමත මුදාහැරිනු ලැබු අතර එළේබෙන (13) දින කහටගස්දිගිලිය අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.

මෙම වැටලීම සදහා ජේෂ්ඨ විමර්ශන සේවා නිළාදාරි J.M.R.කරුණාරත්න මහතා ඇතුලු නිළධාරින් පිරිසක් හා කහටගස්දිගිලිය පොලිස් නිළධාරින් ද මෙම අවස්ථාවට සහභාගි වී සිටියේය.

ඉදිරි ජනාධිපතිවරණය ඉලකක් කර අඩු ආදායම්ලාභි පවුල් සදහා මාසිකව සහල් කිලෝ දහයක් ලබා දිමෙි වැඩ සටහන එලැබෙින මැතිවරණයක් තෙක් ලබාදිමට ආන්ඩුව සැලසුම් කර ඇති බව වාර්ථායවෙි.

ඉදිරි ජනාධිපතිවරණය ඉලකක් කර අඩු ආදායම්ලාභි පවුල් සදහා මාසිකව සහල් කිලෝ දහයක් ලබා දිමෙි වැඩ සටහන එලැබෙින මැතිවරණයක් තෙක් ලබාදිමට ආන්ඩුව සැලසුම් කර ඇති බව වාර්ථායවෙි.

මිට පෙර පවුල් ලක්ෂ 28 කට අප්‍රේල් හා මැයි මාස දෙකක් යන තෙක් එම සහල් ලබා දිමට සැලසුම් කර තිබිණි.

කෙසේ වෙතත් කුඩා පරිමාණ මෝල්හිමියන් ගෙන මිලදී ගන්නා සහල් මෙමෙ ්අඩු ආදායම් පවුල් සදහා ලබා දෙන අතර තවත් අමතර පවුල් ලක්ෂ පහකට එය ලබා දිමට නියමිත බව වාර්ථාවෙි.

මඤ්ඤොක්කා සිටුවීමට බිම සැකසූ පුද්ගලයකුට බෝම්බයක් අසුවෙයිඉඩමක විදේශීය රටක නිෂ්පාදිත බෝම්බයක්

මඤ්ඤොක්කා සිටුවීමට බිම සැකසූ පුද්ගලයකුට බෝම්බයක් අසුවෙයිඉඩමක විදේශීය රටක නිෂ්පාදිත බෝම්බයක්

ගල්පාත චන්දන පෙරේරා

හොරණ කුඹුක ගෝනපොල ජය මාවත ප්‍රදේශයේ ඉඩමක මඤ්ඤොක්කා
දඬු සිටුවමින් සිටි පුද්ගලයකුට විදේශීය රටක නිෂ්පාදිත ජීව අත් බෝම්බයක් හමුවී ඇතැයි මොරගාහේන පොලිසිය කියයි

යුද හමුදාව පරිහරණය කරන ලද බෝම්බයක් බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත

ගෝනපොළ කෝරලීම ප්‍රදේශයේ පුද්ගලයෙකු වසර 2 ක බදු පදනම මත ලබාගත් ඉකුත් සතියේ ටැක්ටරයකින් බිම සකස්කර අද පෙරවරුවේ මඤ්ඤොක්කා දඬු සිටුවීම සඳහා සූදානම් වීමේදී මෙම බෝම්බය දැක දැනුම් දුන් බව පොලිසිය කියයි

පොලිස් විශේෂ කාර්ය බළකා බෝම්බ බෝම්බ නිෂ්ක්‍රීය අංශය දැනුම්වත් කිරීමට පියවරා ගන්නා බව පොලිසිය සඳහන් කළේය
මොරගහහේන පොලිසිය  පරීක්ෂණ පවත්වයි

WhatsApp Image 2024-05-11 at 12.41.07

සාමාන්‍ය පෙළ විභාගයේ අක්‍රමිකතා ගැන CID යට පැමිණිල්ලක්

මේ දිනවල පැවැත්වෙන අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ සිදුවු අක්‍රමිකතාවයක් සම්බන්ධයෙන් අද (10) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් සිදුකරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසනවා.

කොළඹ විභාග මධ්‍යස්ථාන දෙකක සහ හසලක ප්‍රදේශයේ විභාග මධ්‍යස්ථානයක මෙම අක්‍රමිකතාවන් සිදුවී ඇති බව සඳහන් වෙන්නේ.

විභාග අපේක්ෂකයින් විසින් ජංගම දුරකථන සූක්ෂම ලෙස භාවිත කරමින් ඊයේ (09) ලබාදුන් ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය ජායාරූප ගතකර වෙනත් පාර්ශ්ව වෙත එය යොමුකර පිළිතුරු ලබාගැනීමට උත්සාහ කර ඇති බවයි වාර්තා වෙන්නේ.

අදාළ අවස්ථාවේ විභාග මධ්‍යස්ථානවල සිටි නිලධාරීන් විසින් එම ජංගම දුරකථන සිය භාරයට ගෙන ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද වැසි

දිවයිනේ බොහෝ පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මධ්‍යම, සබරගමුව, ඌව සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල මි.මී. 100ක පමණ තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

බස්නාහිර සහ දකුණු පළාත්වලත් පුත්තලම, මන්නාරම, කිලිනොච්චි සහ යාපනය දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදීත් තැනින් තැන වැසි ඇතිවිය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

බස්නාහිර, සබරගමුව, දකුණ, නැගෙනහිර, ඌව සහ උතුරු මැද පළාත්වල සහ මාතලේ, මුලතිව් සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල රාත්‍රී කාලයේ දී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි අවධානමක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එම ප්‍රදේශවල ජනතාවට විමසිලිමත් වන ලෙසත්, ගිගුරුම් සහිත වැසි ඇති වනවිට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇතිවිය හැකි බවත් එහි සඳහන් වනවා.

ජනාධිපතිවරණය සැප්තැම්බර් 17 සහ ඔක්තෝබර් 16 අතර පැවැත්වෙනවා – මැතිවරණ කොමිසම

2024 ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම සැප්තැම්බර් 17 වනදා සහ ඔක්තෝබර් 16 වැනිදා අතර කාලය තුළ පවත්වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව ඊට අදාළ නාම යෝජනා කැඳවීම නියමිත කාලසීමාව තුළ සිදුකරන බවයි එම කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.

අදාළ නිවේදනය පහතින්.

663c9478e02c8