වෙසක් සමයේ ඉන්ධන පරිභෝජනය 50% කින් ඉහළට

වෙසක් පොහොයත් සමඟ ඇති වූ දීර්ඝ නිවාඩු සමය හේතුවෙන් ඉන්ධන පරිභෝජනය 50% කින් පමණ ඉහළ ගොස් ඇති බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව කොරෝනා සමයෙන් පසුව වැඩිම ඉන්ධන පරිභෝජනයක් සිදුවූයේ වෙසක් සමයේ බවයි එම සංගමයේ සම ලේකම් කපිල නාඔටුන්න සඳහන් කළේ.

ඉන්ධන පිරවුම්හල් තුළ ප්‍රමාණවත් තොග පැවතීම හේතුවෙන් ජනතාවට අපහසුතාවකින් තොරව ඉන්ධන ලබා ගැනීමට හැකිවූ බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

ප්‍රවීණ සංගීතඥ ආනන්ද පෙරේරා අභාවප්‍රාප්ත වෙයි

මෙරට ප්‍රවීණ සංගීතඥයෙකු වන ආනන්ද පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඔහු මියයන විට 67 වන වියේ පසු වුණා.

පෙරදිග අපරදිග සංගීත ශිල්පය ප්‍රගුණ කළ ආනන්ද පෙරේරා මහතා මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයෙකු ලෙස සැලකෙනවා.

ඉංගිරිය ප්‍රධාන පාසල් දෙකක් අතර මත්පෙති ජාවාරම් කරුවෙකුට මත් පෙති විකිණූ බෙහෙත් වෙළඳසැලේ හිමිකරු සහ ජාවාරම් කරු අත්අඩංගුවට ගත් බව ඉංගිරිය පොලිසිය පවසයි.

2024-5-27
ගල්පාත චන්දන ජයලාල්
ඉංගිරිය ප්‍රධාන පාසල් දෙකක් අතර මත්පෙති ජාවාරම් කරුවෙකුට මත් පෙති විකිණූ බෙහෙත් වෙළඳසැලේ හිමිකරු සහ ජාවාරම් කරු අත්අඩංගුවට ගත් බව ඉංගිරිය පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉංගිරිය ප්‍රදේශයේ පදිංචි බෙහෙත් අලෙවිසලේ පුද්ගලයා (53)සහා ඉංගිරිය වත්ත, ඉංගිරිය පදිංචි (25) හැවිරිදි පුද්ගලයෙකි.

මත්පෙති බේදා හරින ජාවාරම්කවෙකු විසින් ඉංගිරිය ප්‍රධාන පාසල් දෙකක් අතර පිහිටි බෙහෙත් වෙළඳ සැලකින් මත් පෙති ලබාගන්නා බවට ඉංගිරිය පොලිසියට ලැබුණු තොරතුරක් මත නිලධාරීන් දෙදෙනකු විසින් එම වෙළඳ සැලට යාබදව සූක්ෂමව රැක සිටිමින් ජාවාරම්කරු මත්පෙති ලබාගෙන ඉන් පිටවන අවස්ථාවේ පරීක්ෂා කිරීමේදී ඔහු සතුව දවටන වලින් ඉවත් කර වෙනත් දවටනයක වෙළඳසැලේ හිමිකරු විසින් වෙන වෙනම අසුරා සීල් කරන ලද මත් පෙති 10 සහ 15 ක් සොයාගෙන ඇත.

මද වේලාවකින් අදාල බෙහෙත් තලවිකරන වෙළඳසැල වෙත ගිය පොලිස් නිලධාරීන් විමසීමේදී පවසා ඇත්තේ මොවුන් ඉල්ලන නිසා එම පෙති වටනේ ඉවත් කර ඔහු විසින් සාදන ලද දවටනයක සීල් කර ලබාදෙන බවයි. ඉංගිරිය පොලිසියට පැමිණ කට උත්තරයක් ලබාදෙන ලෙස පවසා ඉන්පිටවී යන නිලධාරීන් තවත් සුළු වේලාවකට පසුව නැවත බෙහෙත් අලවිසැල වෙත යන අවස්ථාවේ යාබදව පිහිටි පොත් ලිපි ද්‍රව්‍ය අලෙවි කරන වෙළඳ සැලේ රාක්කයක් මත යම් බෑගයක් සඟවන ආකාරය පොලිස් නිලධාරින් දැක වහා පරීක්ෂා කිරීමට ලක් කිරීමේදී නිෂ්පාදන ආයතන දෙකකට අයත් මත් පෙති 314 සහ 122 වශයෙන් ද පෙති ඉවත් කරන ලද දවටන 3 ක්ද රෙදි බෑගය තුළ තිබී හමුවී ඇත. ඉන්පසු ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පුනරුත්ථාපන නිලධාරී මහතා දැනුවත් කර පරීක්ෂා කිරීමෙන්ද මත්පැති බවට තහවුරු කර ගෙන ඇත.

සැකකරුවන් දෙදෙනා ඉංගිරිය පොලිසිය මගින් අද (27) හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

මෙම වැටලීම ඉංගිරිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වසන්ත චන්ද්‍රලාල් මහතාගේ උපදෙස් පරිදි පො.සැ.70153 මෙන්ඩිස් පො.සැ.35344 අමරසිංහ සිදුකර ඇත.

WhatsApp Image 2024-05-27 at 15.00.42

තද සුළං සහ මුහුද රළු වීම පිළිබඳව කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

තද සුළං සහ මුහුද රළු වීම පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් රතු අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව REMAL සුළි කුණාටුව හේතුවෙන් දිවයින වටා වන මුහුදු ප්‍රදේශයේත් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේත් ඉතා තද සුළං සමගින් තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

උතුරු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති REMAL සුළි කුණාටුව අද (26) පෙරවරුව වනවිට චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

නැවත දැනුම්දෙනතුරු ධීවර කටයුතු සිදු නොකරන ලෙස ඉල්ලා සිටින බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අදාළ නිවේදනය පහතින්.

6652e5d76d6f5 6652e5d730f5b

සියලුම ජනතාවගේ නිශ්චල සහ චංචල දේපොළ ගැන තොරතුරු ලබාදීම අනිවාර්ය කරමින් ගැසට් නිවේදනයක්

රජයේ ආයතන ඇතුළු මෙරට පුරවැසියන්ගේ නිශ්චල හා චංචල දේපළ පිළිබඳ තොරතුරු ජුලි මස පළමු වනදා සිට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත අනිවාර්යෙන්ම ලබාදිය යුතු බවට නියම කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව මෙරට පුද්ගලයින්ගේ ලියාපදිංචි කළ ඉඩම්වල, දේපොළවල අයිතිය හිමිකම් පිළිබඳ තොරතුරු, ලියාපදිංචි කළ බදු ගිවිසුම් පිළිබඳ තොරතුරු, ලියාපදිංචි සමාගම් පිළිබඳ තොරතුරු සහ කොටස් වෙළෙඳපොළේ කොටස් අයිතිය පිළිබඳ තොරතුරු නිතිපතා දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා වෙත ලබා දිය යුතු බවයි සඳහන් වෙන්නේ.

එමෙන්ම මෙරට පුරවැසියන්ගේ ලියාපදිංචි කළ වාහන සහ වාහන හිමිකම් පැවරීම් පිළිබඳ තොරතුරු නිලධාරීන් විසින් පරිශීලනය කරන ලද තොරතුරු ආදිය ද නිතිපතා දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා වෙත ලබා දිය යුතු බවද එම ගැසට් නිවේදනයේ සඳහන් වනවා.

බැංකු හා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නියාමනය කරන බැංකු නොවන මූල්‍ය ආයතන ද ඇතුළත්ව ඕනෑම මූල්‍ය ආයතනයක් විසින් පවත්වාගෙන යන සියලුම ජංගම ගිණුම් පිළිබඳ තොරතුරු සහ ණය හා අත්තිකාරම් පිළිබඳ තොරතුරු ද ලබාදිය යුතුයි.

යම් තැනැත්තෙකු හෝ රජයේ ආයතනයක් විසින් මෙම නිවේදනයේ සඳහන් අප්‍රේල් 01 වන දිනට පෙර යම් තොරතුරක් පවත්වාගෙන ගොස් නොමැති නම් මේ වසරේ ජුලි 01 වනදා සිට එම තොරතුරු පවත්වාගෙන යාම ආරම්භ කළ යුතු බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අදාළ ගැසට් නිවේදනය පහතින්.

වතු සේවකයන්ට වැඩි කළ වැටුප ගෙවීමට නොහැකි නම්, එම සමාගම්වල බදු ගිවිසුම් අහෝසි කර නව ආයෝජකයින්ට වතු ලබාදෙනවා – රංජිත් සියඹලාපිටිය

රුපියල් 1350 ක මූලික වැටුප හා රුපියල් 350 ක විශේෂ දීමනාව සමග රුපියල් 1700 ක් දක්වා වතු සේවක වැටුප් වැඩි කිරීම පසුගිය 21 වැනිදා සිට ක්‍රියාත්මක බව වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ අමත්‍ය සහ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

යම් සමාගමක් එම වැඩිකළ මුදල ගෙවීමට නොහැකි බව පවසන්නේ නම් මුදල් අමාත්‍යාංශය විසින් ඒ බව සොයා බැලීමට කමිටුවක් පත් කරන බවත්, අදාල සමාගමට එවැනි වැටුපක් ගෙවා ගැනීමට නොහැකි වන්නේ බාහිර ගැටළුවක්ද, නොඑසේ නම් අභ්‍යන්තර ගැටළුවක්ද යන්න එම කමිටුව මගින් සොයා බැලීම සිදුකරන බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

ඒ අනුව වතු සේවකයන්ට වැඩි කළ වැටුප ගෙවා ගැනීමට නොහැකි වීම අදාළ සමාගම්වල අභ්‍යන්තර ගැටලුවක් නම්, එම සමාගම් සමග ඇති බදු ගිවිසුම් අහෝසි කර නව ආයෝජකයින්ට වතු ලබාදීමට රජය සූදානමින් සිටින බවද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටිනවා.

විදුලි බිඳවැටීම් යථා තත්ත්වයට පත් කිරීමේදී සිදුවන ප්‍රමාදයන් පිළිබඳව කණගාටුව – ලං.වි.ම. ඉංජිනේරු සංගමය

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සිදුවන විදුලි බිඳවැටීම් යථා තත්ත්වයට පත්කිරීමේ දී සිදුවන ප්‍රමාදයන් පිළිබඳව කනගාටුව ප්‍රකාශ කරමින් ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ආපදා තත්ත්වයන් යටතේ විදුලිය බිඳ වැටීම් විශාල ප්‍රමාණයක් වාර්තා වී ඇති බවත්, එම බිඳ වැටීම් යථා තත්ත්වයට පත් කරලීම සදහා මේ වනවිට ලංවිම සේවයේ යෙදී සිටින සීමිත තාක්ෂණික කාර්ය මණ්ඩලය උපරිම වශයෙන් කැපකිරීම් සිදුකරමින් සිටින බවත් එම නිවේදනයේ දැක්වෙනවා.

රජය, විෂය භාර අමාත්‍යවරයා සහ ලංවිම අධ්‍යක්ෂ මණ්ඩලය විසින් පුරප්පාඩු සඳහා නිසි බඳවා ගැනීම් සිදුකිරීමට හා දැනට සේවයේ නියුතු සේවකයින් රඳවා තබා ගැනීම සඳහා කිසිදු සාධනීය පියවරක් නොගත් බවත්, සේවකයින් හට රැකියාව එපා වෙන තැනට පත්කර සේවය හැර යාමට මඟ සැලැසූ බවත්, සේවකයන් නොමැති වීමෙන් සිදුවන බිඳවැටුම් යාවත්කාලීන කිරීමේ ප්‍රමාදයන් වල වගකීම ඔවුන් ඍජුවම භාරගත යුතු බවත් එම සංගමය අදාළ නිවේදනය මගින් පෙන්වා දී තිබෙනවා.

එම සංගමය නිකුත් කළ නිවේදනය පහතින්.

66515188c6a47pdf_page_0

6651518923e50pdf_page_1

මිනිරන් පතල් අත්පත්කර ගැනීම සඳහා ඉන්දියාව ශ්‍රී ලංකාව සමඟ සාකච්ඡා – Press Trust of India

ශ්‍රී ලංකාවේ මිනිරන් පතල් අත්පත්කර ගැනීම සඳහා ඉන්දියාව ශ්‍රී ලංකාව සමඟ සාකච්ඡා කරමින් සිටින බව Press Trust of India නම් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Lithium-ion සහ අනෙකුත් බැටරිවල ඇනෝඩ සඳහා බහුලව භාවිතා කිරීම හේතුවෙන් මිනිරන්වල ඉල්ලුම ඉහළ යමින් පවතින බවයි එම වාර්තාවල දැක්වෙන්නේ.

මේ සඳහා ඉන්දීය රජය ශ්‍රී ලංකා රජය සමඟ මූලික සාකච්ඡාවක් පවත්වා ඇති බව ආරංචි මාර්ග පැවසූ බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ.

අදාළ වාර්තාව මෙතැනින් සහ පහතින්.

665040c5dd594

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව දුම්රිය මාර්ගයට පස්, ගල් සහ ගස් කඩාවැටීම හේතුවෙන් දුම්රිය ධාවනය ප්‍රමාදවිය හැකි බවයි සඳහන් වෙන්නේ.

අයහපත් කාලගුණ තත්ත්වයෙන් පුද්ගලයින් 6 ක් මරුට

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සිදුවූ පුද්ගල මරණ සංඛ්‍යාව 06 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව ඇතිවූ දැඩි සුළං තත්ත්වය හේතුවෙන් ගස් කඩා වැටීම්, දේපළ හා නිවාස හානි සිදුවීම් වාර්තාවී ඇති බවයි ආපදා කළමණාකරන මධ්‍යස්ථානය සඳහන් කළේ.

හැටන් – බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ ධාවනය වෙමින් තිබූ යතුරු පැදියක් මතට ෆයිනස් ගසක් කඩා වැටීමෙන් යතුරුපැදිකරු බරපතළ තුවාල ලබා දික්ඔය මූලික රෝහලට ඇතුළත් කර තිබුණා.

එසේම එම මාර්ගයේම ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් ලිස්සාගොස් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් එහි ගමන් කළ කුඩා දරුවෙකු ඇතුළු දෙදෙනෙක් ද තුවාල ලබා රෝහල්ගත කර තිබූ බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.