මැයි මාසයේ දින 26 ක් තුළ සංචාරකයින් 96,890 ක් ශ්‍රී ලංකාවට

2024 මැයි මාසයේ පළමු දින 26 තුළ දී විදෙස් සංචාරකයින් 96,890 ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

ඒ අනුව 2024 වසරේ මේ දක්වා ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත සංචාරකයින් ප්‍රමාණය 881,541 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි එම අධිකාරිය සඳහන් කළේ.

ඉන්දියාව, මාලදිවයින, ජර්මනිය, එක්සත් රාජධානිය, චීනය, ඔස්ට්‍රේලියාව වැනි රටවලින් සංචාරකයින් වැඩි වශයෙන් මෙරටට පැමිණ ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අදාළ වාර්තාව පහතින්.

6657e0162f759 6657e0161e9b7

පරිගණක අපරාධකරුවන් භාරයේ සිටින ලාංකික තරුණයින් බේරාගැනීමට මියන්මාරයට ගිය විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම එරට නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා සහ එරට ප්‍රධාන සංඝනායක ස්වාමීන් වහන්සේ සමග සාකච්ඡා ආරම්භ කරයි.

මාධ්‍ය නිවේදනයයි.

පරිගණක අපරාධකරුවන් භාරයේ සිටින ලාංකික තරුණයින් බේරාගැනීමට මියන්මාරයට ගිය විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම එරට නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා සහ එරට ප්‍රධාන සංඝනායක ස්වාමීන් වහන්සේ සමග සාකච්ඡා ආරම්භ කරයි.

2024.05.29 එනම් ඊයේ දින ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් වන ජේ.සී. අලවතුවල, නීතිඥ වසන්න යාපාබණ්ඩාර, සුජිත් සන්ජය පෙරේරා යන මන්ත්‍රීවරුන් මියන්මාරයේ මියාවඩි ප්‍රදේශයේ පරිගණක අපරාධකරුවන් විසින් බලහත්කාරයෙන් රදවාගෙන සිටින ශ්‍රී ලාංකික තරුණ තරුණියන් 49 දෙනා බේරාගැනීම සඳහා මියන්මාරයේ යැංගුම් නුවර සිට කිලෝමීටර් 500ක් පමණ දුරින් Nay Pyi Taw නෙපිටෝ නුවර පිහිටා ඇති එරට විදේශ අමාත්‍යාංශයේ දී උදෑසන 11.30 ට සාකච්ඡා ආරම්භ කළේය. ඒ සඳහා මියන්මාර අග්‍රාමාත්‍යවරයා වෙනුවෙන් එරට විදේශ නියෝජ්‍ය අමාත්‍ය H.E.U. Than Swe මැතිතුමා ඇතුළු රාජතාන්ත්‍රික නිලධාරීන් කණ්ඩායමක් සහභාගි විය. එහිදී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ගරු සජිත් ප්‍රේමදාස මහතා විසින් විශේෂයෙන් මේ පිරිස බේරාදීමට අදාල රාජතාන්ත්‍රික කටයුතු කර දෙන මෙන් කරන ලද ඉල්ලීම ඇතුළත් සංදේශයක්ද භාරදෙන ලදී.

එම සාකච්ඡාවෙන් අනතුරුව නැවත යැංගුම් නුවර පිහිටි Shwe Dagon Pagoda මියන්මාර පන්සලේ වැඩවසන මියන්මාර ප්‍රධාන සංඝනායක ස්වාමීන් වහන්සේ වන Thanlyin Min Kyaung Sayardaw නායක ස්වාමීන් වහන්සේ සමඟ ද මෙම දරුවන් බේරා ගැනීම පිළිබඳව සාකච්ඡා ආරම්භ කළේය. එම ස්වාමීන්වහන්සේ වෙත ශ්‍රී ලංකාවේ ත්‍රෛ නිකායික මහානායක ස්වාමිපාදයන් වහන්සේලාගේ අත්සනින් යුතු, මෙම දරුවන් බේරා ගැනීම සඳහා වන විශේෂ ඉල්ලීමක් ඇතුළත් සංදේශයක් බාරදීම ද සවස 07.30 ට යැංගුම් විහාරස්ථානයේදී සිදුවිය.

-මාධ්‍ය ඒකකය-
2024-05-30

WhatsApp Image 2024-05-30 at 14.55.08 (1) WhatsApp Image 2024-05-30 at 14.55.08 (2) WhatsApp Image 2024-05-30 at 14.55.08 (3) WhatsApp Image 2024-05-30 at 14.55.08 (4) WhatsApp Image 2024-05-30 at 14.55.08 (5) WhatsApp Image 2024-05-30 at 14.55.08

ආචාර්ය පුන්සර අමරසිංහට ඇප

අත්අඩංගුවට ගත් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය ආචාර්ය පුන්සර අමරසිංහව ඇප මත මුදාහැර තිබෙනවා.

ඒ අනුව ලක්ෂ 10ක ශරීර ඇපයක් මත කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය මගින් ඔහු මුදාහැර ඇති බවයි වාර්තා වෙන්නේ.

ISIS සංවිධානය සමඟ සම්බන්ධ බවට සැකකෙරෙන ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයින් 4 දෙනෙකු සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශයක් සිදුකළ බවට ඔහුට චෝදනා එල්ල වී තිබෙනවා.

මැතිවරණ කොමිසම සහ අමෙරිකානු තානාපතිනිය අතර හමුවක්

මෙරට අමෙරිකානු තානාපති Julie Chung හා මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක අතර හමුවක් සිදුව තිබෙනවා.

රටේ ඉදිරි මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් තොරතුරු විමසීම සඳහා ඇය මැතිවරණ කොමිසමේ සභාපතිවරයා හමුවී ඇති බවයි සඳහන් වෙන්නේ.

ව්‍යවස්ථාවෙන් තමන්ට පැවරී ඇති බලතල ප්‍රකාරව ඉදිරි මැතිවරණ පවත්වන බව මෙහිදී මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක ප්‍රකාශ කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

මීට පෙර එක්සත් රාජධානියේ මහ කොමසාරිස්වරයා ඇතුළු පිරිසක් ද මැතිවරණ කොමිසමේ සාමාජිකයින් හමුවී ඉදිරි මැතිවරණ ක්‍රියාවලිය පිළිබඳ කරුණු සාකච්ඡා කර තිබුණා.

තද සුළං සහ රළු මුහුද පිළිබඳව අනතුරු ඇඟවීමේ නිවේදනයක්

තද සුළං සහ රළු මුහුද පිළිබඳව අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

එම ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී 60 – 70ත් අතර වැඩිවෙන බවත් මුහුද ඉතා රළු වෙන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

කල්පිටිය සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 2.5 – 3.5 දක්වා ඉහළ යාමේ හැකියාව පවතිනවා.

මුහුදු ප්‍රදේශයන්ට නැවත දැනුම්දෙන තුරු යාත්‍රා නොකරන ලෙසට ද නාවික හා ධීවර ප්‍රජාවන්ට දැනුම්දී සිටින බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අදාළ නිවේදනය පහතින්.

6656cddf53a56pdf_page_4 6656cddced512pdf_page_3

පියපුතු දෙදෙනාට එල්ලවූ පහරදිමකින් පියා මරුට පුතා රෝහලට

24-05-29
කැකිරාව කුෂාන් ජයවර්ධන
පියපුතු දෙදෙනාට එල්ලවූ පහරදිමකින් පියා මරුට පුතා රෝහලට

ඊයේ (28) සවස ගල්කිරියාගම බණ්ඩාරපොතාන ප්‍රෙද්ශයේදී ඇතිවූ ගැටුමකදී පිය පුතු දෙදෙනාට සිදුකර ඇති පහර දීමකින් පියා මිය ගොස් පුත්‍රයා බරපතළ තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි ගල්කිරියාගම පොලිසිය පවසයි.
ගල්කිරියාගම පොලිස් වසමට අයත් පුබ්බෝගම බන්ඩාරපොතාන ප්‍රෙද්ශයේදී ඊයේ(28) සවස මෙම ගැටුම ඇතිව තිබිණ. දෙපිරිසක් අතර ඇතිව තිබූ පුද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් එම දෙපිරිස අතර මෙම ගැටුම හට ගෙන ඇති බව පොලිසිය කියයි.
දෙපිරිස අතර ඇතිවූ එම ගැටුම දුර දිග යාමෙන් එක් පුද්ගලයකුට තියුණු ආයුධයකින් පහර දීමක් සිදුකර ඇතැයි ද ඉන් එම පුද්ගලයා මිය ගොස් ඇතැයි ද පොලිසිය කියයි., මෙම ගැටුමේදී පහර කෑමට ලක්ව බරපතළ තුවාල ලබා සිටින තවත් අයෙකු රෝහල්ගතකර ඇතැයි ද පොලිසිය කියයි. මෙලෙස පහර කෑමට ලක්ව ඇත්තේ පියපුතු දෙපලක් බව පොලිසිය කියයි.
ඇති වූ ගැටුමේදී තියුණු ආයුධයකින් සිදුකර තිබූ පහර දීම නිසා බරපතල තුවාල ලබා එම ස්ථානයේ වැටී සිටි පුද්ගලයා ප්‍රෙද්ශවාසීන් හා පොලිසිය එක්ව ගල්කිරියාගම රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර තිබූනද රෝහල් ගත කරන අවස්ථාවේදී එම පුද්ගලයා මිය ගොස් ඇතැයි පොලිසිය කියයි..
මිය ගිය එම පුද්ගලයාගේ සිරුර මේ වනවිට ගල්කිරියාගම ප්‍රාදේශීය රෝහලේ තැන්පත් කර තිබේ. මෙලෙස මිය ගොස් ඇත්තේ ගල්කිරියාගම පුබ්බෝගම බණ්ඩාරපොතාන ප්‍රෙද්ශයේ පදිංචිව සිටි නාවුරු අඩුමේ අබ්දුල් හකීම් නමැති 68 හැවිරිදි පුද්ගලයෙකි.
කැකිරාව මහේස්ත්‍රාත් අධීකරණයෙන් ළත් නියෝගයක් අනුව එම මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සඳහා මේ වනවිට දඹුල්ල රෝහලේ අධීකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කිරීම මේ පොලිසිය පියවර ගෙන ඇත.
පුබ්බෝගම බණ්ඩාරපොතාන ප්‍රෙද්ශයේදී ඇතිව තිබූ මෙම ගැටුමේදී මරණයට පත් පුද්ගලයාගේ පුත්‍රයකු ද පහර කෑමට ලක්ව බරපතළ තුවාල ලබා ඇති අතර ඔහුද ප්‍රතිකාර සඳහා දඹුල්ල රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය කියයි. මෙලෙස රෝහල් ගතකර ඇත්තේ පුබ්බෝගම බණ්ඩාරපොතාන ප්‍රෙද්ශයේ පදිංචි අබ්දුල් හකීම් මොහොමඩ් අස්මල් නමැති 37 හැවිරිදි අයෙකු බව පොලිසිය කියයි. ඔහුගේ තත්ත්වය ද තරමක් බරපතළ බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
මෙම සිද්දිය සම්බන්ධයෙන් ගල්කිරියාගම පොලිසි ස්ථානය මඟින් විමර්ශණ අරඹා ඇති අතර මඑම ඝාතනය හා පහරදීම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් දෙදෙනෙකු ද මේ වනවිටත් පොලිස් අත්අඩංගුවට ද ගෙන තිබේ.
සිද්දිය සම්බන්ධයෙන් එලෙස පොලිස් අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් ද පුබ්බෝගම බණ්ඩාරපොතාන ප්‍රෙද්ශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් අවුරුදු 72 හා 44 වයස්වල පසුවන්නෝ බව පොලිසිය කියයි.
මෙම ඝාතනය ඇතුළුව සිද්දිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් අද (29) කැකිරාව දිසා මහේස්ත්‍රාත් අධීකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය කියයි.
අනුරාධපුර කොට්ඨාස භාර උසස් පොලිස්නිලධාරීන්ගේ නියෝග අනුව ගල්කිරියාගම පොලිස් ස්ථානාධීපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රුක්මල් රත්නායක මහතාගේ උපදෙස් හා මෙහෙයවීම අනුව ගල්කිරියාගම පොලිස් අපරාධ අංශයේ ස්ථානාධීපති උප පොලිස් පරීක්ෂක නවරත්න මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සිද්දිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ සිදු කරයි. .

ඡායාරූප
60- සිද්දියෙන් මිය ගිය අබ්දුල් හකීම්.
61- තුවාල ලබා රෝහල් ගත කර සිටින මොහොමඩ් අස්මල්
62- මිය ගිය අයගේ සිරුර සිද්දිය වූ සිථානයේ වැටී තිබූ අයුරු

අයහපත් කාලගුණය හේතුවෙන් විපතට පත්වූවන්ට කඩිනම් සහන සලසන ලෙස ජනපතිගෙන් උපදෙස්

අයහපත් කාලගුණය හේතුවෙන් විපතට පත් ජනතාවට කඩිනම් සහන සලසන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ අනුව ආපදා තත්ත්වය පහව යන තුරු සහන සේවා කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක කරන ලෙසද උපදෙස් ලබාදී ඇති බවයි සඳහන් වෙන්නේ.

මිය ගිය පුද්ගලයන් වෙනුවෙන් වන්දි මුදල් ලබාදීමට ද මේ වන විට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

OnmaxDT වංචාවට හසු වූ 61,000කට වසර 2ක් තුළ මුදල් ගෙවීමට පියවර ගන්නා බව අධ්‍යක්ෂවරුන් දැනුම්දෙයි

OnmaxDT පිරමීඩ යෝජනාක්‍රමයට හසු වී මේ වනවිට මුදල් අහිමිව සිටින තැන්පත්කරුවන් 61,000කට එම මුදල් වසර දෙකක් තුළ ගෙවා අවසන් කිරීමට පියවර ගන්නා බව එම සමාගමේ අධ්‍යක්ෂවරුන් අද (28) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම්දී තිබෙනවා.

අදාළ පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී එහි අධ්‍යක්ෂවරුන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා මේ බව දැනුම්දී තිබෙනවා.

තම සමාගමට අදාළ බැංකු ගිණුම් මේ වනවිට අධිකරණය විසින් තහනමට ලක් කර තිබෙන බවත්, එම තහනම ඉවත් කරන්නේ නම් වසර දෙකක් තුළ අදාළ මුදල් තැන්පත්කරුවන්ට නැවත ගෙවා අවසන් කිරීමට හැකි වනු ඇති බවයි ජනාධිපති නීතිඥවරයා අධිකරණයට දැනුම්දී ඇත්තේ.

විමර්ශන සිදු කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමග සාකච්ඡා කර අදාළ මුදල් නැවත ගෙවීමේ වැඩපිළිවෙළක් සකස්කර අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් ඉන් අනතුරුව අදාළ බැංකු ගිණුම් තහනම් ඉවත් කිරීම සම්බන්ධයෙන් අධිකරණය කරුණු සලකා බලන බවත් මහෙස්ත්‍රත්වරයා විත්ති පාර්ශ්වයට දැනුම්දී තිබෙනවා.

තද සුළං සහ රළු මුහුද පිළිබඳ​ව කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

තද සුළං සහ රළු මුහුද පිළිබඳ රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී 60 – 70ත් දක්වා වැඩි වන අතර එම ප්‍රදේශවල මුහුද ඉතා රළු වන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

කල්පිටිය සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන වෙරළට ඔබ්බෙන් වෙන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 2.5 – 3 දක්වා ඉහළ යා හැකි බවද සඳහන්.

අදාළ නිවේදනය පහතින්.

66556b140157fpdf_page_4 66556b1360891pdf_page_1

පොලී අනුපාතික නොවෙනස්ව පවත්වාගෙන යාමට මහ බැංකුව තීරණය කරයි

ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාතිකය තවදුරටත් නොවෙනස්ව පවත්වා ගැනීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) 8.5% සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) 9.5% ලෙස දැනට පවතින මට්ටමේ පවත්වා ගැනීමටයි තීරණය කර ඇත්තේ.

මෙයින් අදහස් වන්නේ, මහජනතාව බැංකුවල මුදල් තැන්පත් කිරීමේදී ලැබෙන පොලී අනුපාතිකය සහ ණය ලබාගැනීමේදී ගෙවීමට සිදුවන පොලී අනුපාතිකය යන දෙකම දැනට පවතින මට්ටමවලම පවතින බවයි.