ඩොලරයේ විකුණුම් මිල රු.307.52 දක්වා ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකය අනුව පසුගිය දින කිහිපය තුළ එක්සත් ජනපද ඩොලරයේ මිල යළි ඉහළ යාමක් සිදුව තිබෙනවා.

ඒ අනුව අද (10) ඩොලරයක ගැනුම් මිල රු.297.93 ක් ලෙස හා විකුණුම් මිල රු.307.52 ක් ලෙසයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබෙන්නේ.

මෙම ඉහළ යෑම ශ්‍රී ලංකා මහ බැංකු වෙබ් අඩවියේ දක්වා ඇති ආකාරය පහතින්.

6666e38c51285

ඇදසිටි කමිසයෙන් මුහුණ ගැටගසා ඝාතනය කර ඇති බවට සැක මළසිරුරක් වාද්දුව වෙරලෙන් හමුවෙයි.

ඇදසිටි කමිසයෙන් මුහුණ ගැටගසා ඝාතනය කර ඇති බවට සැක මළසිරුරක් වාද්දුව වෙරලෙන් හමුවෙයි.

ගල්පාත චන්දන පෙරේරා

ඇදසිටි කමිසයෙන් මුහුණ ගැටගසා ඝාතනය කර ඇති බවට සැකසහිත මළසිරුරක් වාද්දුව පොහද්දරමුල්ල වෙරලේ තිබී හමුව ඇති බව වාද්දුව පොලිසිය පවසයි.

මියගොස් ඇති පුද්ගලයා කවුරුන්ද යන්න මෙතෙක් හඳුනාගෙන නොමැති බව පොලිසිය පවසයි.
නිල් පැහැති කලිසමකින් සහ සුදු මේස් බැමියමක් ඇද සිටින පුද්ගලයා වයස අවුරුදු 40 – 45 ත් අතර වියේ පසුවන අයෙකු බවට පොලිසිය සැක කරයි

පානදුර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් පැමිණ පරීක්ෂණ ආරම්භ කර ඇති අතර
වාද්දුව පොලිසියද පරීක්ෂණ මෙහෙයවයි.

දුම්රිය රියදුරන්ගේ වර්ජනය අදත් පැවැත්වෙයි

දුම්රිය එංජින් රියදුරන් විසින් ආරම්භ කළ වැඩවර්ජනය තුන්වන දිනටත් අද (09) ක්‍රියාත්මක වන බව ලොකෝමෝටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමය පවසනවා.

දුම්රිය ධාවනාගාර 5න් ධාවනාගාර දෙකක රියදුරන් පමණක් එම වර්ජනයට එක්ව සිටින අතර මේ හේතුවෙන් බලවේග කට්ටල දුම්රිය ධාවනය සිදුනොවන බව සඳහන් වෙන්නේ.

දෙවන පෙළ උසස් වීම් ලබාදීම ප්‍රමාද වීම, බඳවාගැනීම් ප්‍රමාද වීම ඇතුළු ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් ඔවුන් එම වෘත්තීය ක්‍රියාමාර්ගය පසුගිය 06 වනදා මධ්‍යම රාත්‍රී 12.00 සිට ආරම්භ කර තිබුණා.

මරදන්කඩවල සැකකටයුතු පුද්ගල මරණයක්

24-06-09
කැකිරාව කුෂාන් ජයවර්ධන

මරදන්කඩවල සැකකටයුතු පුද්ගල මරණයක්
අද (09) පස්වරුවේ මරදන්කඩවල පොලිස් වසමට අයත් මාමිණියාව ප්‍රෙද්ශයේ මාර්ගයක තිබී සැකකටයුතු ලෙස මිය ගිය පුද්ගලකුගේ මළ සිරුරරක් මරදන්කඩවල පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් සොයා ගෙන තිබේ.
මාමිණියාව ප්‍රෙද්ශවාසීන් විසින් එම සැකකටයුතු මළ සිරුර සම්බන්ධයෙන් මරදන්කඩවල පොලිස් ස්ථානයට කර ඇති දැනුම් දීමක් අනුව සිදුකළ සෝදිසියකදී එම මළ සිරුර සොයා ගැනීමට පොලිසියට හැකිව තිබේ.
මාමිණියාව වැවේ පිට වාන ආසන්නයේ මාර්ගයේ තිබී එම සැකකටයුතු පුද්ගල මළ සිරුර සොයා ගත් බව පොලිසිය පවසයි.
එම සැකකටයුතු මරණය සම්බන්ධයෙන් මේ වනවිට පොලිස් පරීක්ෂණ අාරම්භ කර ඇති අතර සිද්දිය සම්බන්ධයෙන් කැකිරාව මහේස්ත්‍රාත් අධීකරණය මඟින් ස්ථානීය මහේස්ත්‍රාත් පරීක්ෂණයක් සිදු කිරීමට නියමිත බව පොලිසිය කියයි.
මෙලෙස අභීරහස් ලෙස මිය ගොස් ඇත්තේ මරදන්කඩවල මාමිණියාව, ප්‍රෙද්ශයේ පදිංචිව සිටි පදිංචි වයස අවුරුදු 63ක් වන පුද්ගලයෙකු බව මෙතෙක් සිදු කළ මූලික පොලිස් විමර්ශණවලදී අනාවරණය කරගෙන තිබේ.
සිද්දිය සම්බන්ධයෙන් මරදන්කඩවල පොලිස් ස්ථානය මඟින් මේ වනවිට වැඩි දුර විමර්ශණ සිදුකරමින් සිටී.

 

ළමා රැඳවුම් මධ්‍යස්ථානයක සිටිනා දැරියන් ලිංගික කටයුතු සඳහා විවිධ පුද්ගලයන්ට මුදලට විකිණු පාලිකාවක් සම්බන්ධයෙන් මඩාටුගම පොලිසිය පරීක්ෂණ අරඹයි.

24-06-09
කැකිරාව කුෂාන් ජයවර්ධන

ළමා රැඳවුම් මධ්‍යස්ථානයක සිටිනා දැරියන් ලිංගික කටයුතු සඳහා විවිධ පුද්ගලයන්ට මුදලට විකිණු පාලිකාවක් සම්බන්ධයෙන් මඩාටුගම පොලිසිය පරීක්ෂණ අරඹයි.
============
මහනුවර ප්‍රෙද්ශයේ පිහිටි පරිවාස දෙපාර්තමේන්තුවට අයත් ළමා රැදවුම් මධ්‍යස්ථානයක රඳවා සිටින දැරියන් ලිංගික කටයතු සදහා විවිධ පුද්ගලයන්ට මුදලට අලෙවි කරමින් මුදල් උපයන බව කියන ළමා රැඳවුම් මධ්‍යස්ථාන පාලිකාවක් සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ අරඹා තිබේ.

මහනුවර වේරලවත්ත ප්‍රදේශයේ පිහිටි ළමා රැඳවුම් මධ්‍යස්ථාන පාලිකාවක් සම්බන්දයෙන් මෙලෙස පොලිස් විමර්ශන ආරම්භ කර තිබේ.

අධිකරණ නියෝග අනුව පරිවාස දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ මෙම රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා සිටින දැරියන් අදාළ පාලිකාව විසින් ලිංගික කටයුතු සඳහා විවිධ පුද්ගලයන්ට එම රැඳවුම් මධ්‍යස්ථානය තුළදී මුදලට අලෙවි කර ඇති බවත් පොලිසිය කියයි.

මඩාටුගම පොලිස් වසමේ ස්ථීර පදිංචි 17 හැවිරිදි දැරියක විසින් ඊයේ(08) රාත්‍රියේ මඩාටුගම පොලිස් ස්ථානයට සිදුකර ඇති පැමිණීල්ලකට අනුව එම සිද්දිය සම්බන්ධයෙන් මෙලෙස පොලිස් විමර්ශණ ආරම්භ කර තිබේ.

දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලද නියෝගයකට අනුව, මෙම වින්දිත දැරිය ඉකුත් ජනවාරි මාසයේ අවසන් භාගයේ දිනක සිට මහනුවර වේරලවත්ත ප්‍රදේශයේ පිහිටි ළමා රැඳවුම් මධ්‍යස්ථානයක රඳවා තැබිමට දඹුල්ල පරිවාස නිලධාරීන් කටයුතු කර තිබිණ. එම ළමා රැඳවුම් මධ්‍යස්ථානයේ පාලිකාවන් කිහිප දෙනෙකුම සේවයේ යෙදි සිටින අතර වින්දිත දැරියන් 30ක් පමන එම ළමා රැදවුම් මධ්‍යස්ථානයේ රඳවා සිටින බව ද වාර්තා වේ.

මහනුවර වේරලවත්ත ප්‍රෙද්ශයේ පිහිටි එම ළමා රැඳවුම් මධ්‍යස්ථානයේ පාලිකාවන් අතර සිටින එක් පාලිකාවක විසින්, අවස්ථා කිහිපයකදී එම රැඳවුම් මධ්‍යස්ථානයේ සිටින වින්දිත දැරියන් ලිංගික කටයුතු සඳහා පිරිමි පුද්ගලයන්ට මුදලට අලෙවි කර ඇති බවත්, එම රැඳවුම් මධ්‍යස්ථානය තුළදීම ඔවුන්ට අවශ්‍ය කාමර පහසුකම් ලබා දීමටද මෙම පාලිකාව කටයුතු කර ඇති බවටත්, තොරතුරු ලැබී ඇතැයි පොලිසිය කියයි.

ඒ අනුව, අදාළ පාලිකාව විසින් එහි රඳවා සිටි එක් දැරියක් ඉකුත් අප්‍රේල් මාසයේදී යෙදී තිබූ අලුත් අවුරුදු සමයේ මෙලෙස පිරිමි පුද්ගලයින් 06 දෙනෙකුට මුදලට අලෙවි කර මුදල් ලබා ගැනීමට කටයුතු කර ඇති බවට ද පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන තිබේ.

එම පාලිකාව විසින් වයස අවුරුදු 20ත් 40ත් පමණ වන පිරිමි පුද්ගලයින් 06 දෙනෙකු සඳහා මෙම දැරිය අවස්ථා කිහිපයකදී මුදලට අලෙවි කර ඇති බවත්, එම කටයුතු සඳහා ළමා රැඳවුම් මධ්‍යස්ථානයේ පිහිටි වෛද්‍ය කාමරය යොදා ගෙන ඇති බවටත් තොරතුරු අනාවරණය වී ඇතැයි ද පොලිසිය කියයි.

මෙම දැරියට අමතරව එම රැඳවුම් නිවාසයේ සිටින වෙනත් දැරියන් ද වරින්වර එහි පැමිණෙ පිරිමි පුද්ගලයන්ට අලෙවි කිරීමට එම පාලිකාව කටයුතු කරමින් සිටින බවද පැමිණිලිකාර වින්දිත දැරිය විසින් පොලිසියට ප්‍රකාශකර තිබේ.

පැමිණිලිකාර වින්දිත දැරියගේ ආරක්ෂාව සඳහා එම දැරිය මේ වනවිට මඩාටුගම පොලිස් ස්ථානය භාරයේ රඳවාගෙන සිටින අතර අධීකරණ වෛද්‍ය පරීක්ෂනයක් සඳහා එම දැරිය අද (09) දඹුල්ල මූලික රෝහලේ අධීකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කිරීසෙන් අනතුරුව ප්‍රතිකාර සදහා දඹුල්ල මූලික රෝහලටම ඇතුලත් කර ඇති බවට රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.
අදාළ ළමා රැදවුම් මධ්‍යස්ථානය තුළදී වින්දිත භාවයට පත් දැරියක විසින් පොලිසියට කර ඇති මෙම පැමිණිල්ලට අනුව, අනුරාධපුර උසස් පොලිස් නිලධාරීන්ගේ නියෝග අනුව, මඩාටුගම පොලිස් ස්ථානාධීපතිවරයාගේ මෙහෙයවීම යටතේ මඩාටුගම පොලිස් ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධීපතිය ඇතුළු පොලිස් කණ්ඩායමක් විසින් මූලික විමර්ශණ ආරම්භ කර ඇත.

පැමිණීල්ලට අනුව සිද්දිය සම්බන්ධ වැඩිදුර විමර්ශණ කටයුතු වෙලම්බොඩ පොලිස් ස්ථානය මඟින් සිදු කිරිමට නියමිත බව පොලිසිය කියයි.

ක්‍රිකට් ක්‍රීඩාව පුද්ගලික ව්‍යාපාරයක් බවට පත් කළ අයගේ පාලනයෙන් මුදාගත හැකි ප්‍රවේශයක් අවශ්‍යයි – අලි සබ්රි

ICC ලෝක කුසලාන 2023 සහ ICC විස්සයි විස්ස ලෝක කුසලානයේ මෑත කාලීන බලාපොරොත්තු සුන්වීම් කණගාටුවට කරුණක් වන බව විදේශ අමාත්‍ය අලි සබ්රි පවසනවා.

ක්‍රිකට් යටිතල ව්‍යුහය තුළ ගැඹුරට මුල් බැස ඇති ගැටලු ඇති බවත් ඒවාට තාවකාලික විසඳුම් ලබා දීමෙන් කිසිදු ඵලයක් නොමැති බවයි සිය X ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ.

ක්‍රිකට් ක්‍රීඩාව පුද්ගලික ව්‍යාපාරයක් බවට පත් කළ අයගේ පාලනයෙන් නිදහස් කරන නිර්භීත, වෘත්තීය ප්‍රවේශයක් අවශ්‍ය බවද අමාත්‍යවරයා පෙන්වාදී තිබෙනවා.

ක්‍රිකට් ක්‍රීඩාවේ තත්ත්වය සොයා බැලීම සඳහා පත් කළ කැබිනට් අනුකමිටුවේ සභාපතිවරයා ලෙසද විදේශ අමාත්‍ය අලි සබ්රි කටයුතු කරනවා.

අදාළ සටහන පහතින්.

666450fbedcf0

‘EARTHRISE’ ඡායාරූපය ගත් ඇපලෝ 8 ගගනගාමී බිල් ඇන්ඩර්ස් මරුට

අභ්‍යවකාශයේදී ලබාගත් වඩාත් ප්‍රසිද්ධ ඡායාරූපයක් ලෙස සැලකෙන ’Earthrise’ ජායාරූපය ලබාගත් ඇපලෝ 8 ගගනගාමී බිල් ඇන්ඩර්ස් මියගොස් තිබෙනවා.

ඒ අනුව ඔහු පියාසර කරමින් සිටි බීච්ක්‍රාෆ්ට් A A 45 – T-34 කුඩා ගුවන් යානය වොෂින්ටනයේ සියැටල් නගරයට උතුරින් වූ ජලයට කඩා වැටීමෙන් මෙලෙස මියගොස් ඇති බවයි සඳහන් වෙන්නේ.

මියයනවිට හෙතෙම 90 වන වියේ පසු වුණා.

1069 වසරේ සඳ වෙත ළඟා වූ පළමු කාර්ය මණ්ඩලය සහිත අභ්‍යවකාශ ගුවන් ගමන වන ඇපලෝ 8 මෙහෙයුමේ චන්ද්‍ර මොඩියුල නියමුවෙකු වූ ඇන්ඩර්ස් විසින් Earthrise ඡායාරූපය ලබාගෙන තිබුණා.

බිරිඳගේ ත්‍රීරෝද රථයෙන් අනියම් බිරිඳ හමුවීමට යන අතරමගදී තවත් තරුණියක පැහැරගෙන ලිංගික අතවර සිදුකර, අනියම් බිරිදගේ නිවසේ සැඟව සිටියදී පොලිස් අත්අඩංගුවට ගත් යුදහමුදා සෙබලකු ලබන 12 වනදා දක්වා රක්ෂීත බන්ධනගාරයට

24-06-07
කැකිරාව කුෂාන් ජයවර්ධන

බිරිඳ ගේ ත්‍රීරෝද රථයෙන් අනියම් බිරිඳ හමුවීමට යන අතරමඟදී අවිවාහක තරුණියකට ලිංගික අතවර කළ බව කියන යුද හමුදා සෙබලෙකු ලබන 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කැකිරාව වැඩබන මහේස්ත්‍රාත් ‍සෙනරත් බංඩාර මහතා අද (07) නියෝග කළේය.
ගල්කිරියාගම පොලිසිය මඟින් සැකකාර සෙබලා අත්අඩංගුවට ගෙන අද(07) අධීකරණයට ඉදිරිපත් කරනු ලැබිණ.
සැකකරු අදාළ තරුණියට ලිංගික අතවර කිරීමට යොදා ගත් බව කියන ත්‍රීරෝද රථයක් ද මෙහිදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබිණ.
විවාහක දෙදරු පියෙකු වන සැකකාර හමුදා සෙබලා සිය බිරිඳට අයත් බව කියන ත්‍රී රෝද රථයකින් ඔහුගේ අනියම් බිරිඳගේ නිවසට යමින් සිටින අතරමඟදී මෙම තරුණීය පැහැරගෙනත්‍රීරෝද රථය තුලදී ලිංගික අතවර සිදුකර ඇතැයි පොලිසිය කියයි.
මෙම අපරාධය සම්බන්ධයෙන් පොලිසියට තොරතුරු ලැබී පැය 07ක් වැනි කෙටි කාලයක් තුළදී එම සැකකාර යුද හමුදා සෙබලා හා ඒ සඳහා යොදා ගත් ත්‍රී රෝද රථය අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබීම විශේෂත්වයකි.
සැකකරුගේ පැහැර ගැනීමට ලක්වූ තරුණිය එම අවස්ථාවේ ධාවනය වෙමින් තිබූ ත්‍රී රෝද රථයෙන් ඉවතට පැනීම හේතුවෙන් බරපතළ තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇතැයි ද ඇයගේ තත්වය බරපතල බවද පොලිසිය කියයි.
සැකකාර යුද හමුදා සෙබලා මෙලෙස පැහැර ගෙන ඇත්තේ පලාගල බමුණුගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 23ක් වන අවිවාහක තරුණීයකි.
පැහැර ගැනීමට ලක්වූ එම තරුණිය ප්‍රදේශයේ සමාජ සේවා කටයුතුවල යෙදෙමින් දහම්පාසැල් ගුරුවරියක ලෙස කටයුතු කරන බව පොලිසිය කියයි.
පලාගල බලලුවැව ප්‍රදේශයේ පිහිටි ව්‍යාපාරික ආයතනයක සේවයේ නියුතු එම තරුණිය දවසේ සේවය නිමවා නිවසට යමින් සිටියදී පලාගල බලලුවැව ප්‍රදේශයේදී මෙලෙස පැහැර ගැනීමට ලක්ව තිබිණ.
සේවය නිම වී නිවසට යාම සඳහා බස් රථයක් පැමිණෙනතුරු බලලුවැව මංසන්දියේ සිට පා ගමනින් පලාගල දෙසට ගමන් කරමින් සිටියදී ත්‍රී රෝද රථයක් පදවාගෙන පැමිණි යුද හමුදා සෙබලා ඇයව උපක්‍රමශීලීව ත්‍රී රෝද රථයට නංවාගෙන තිබේ. පසුව ත්‍රී රෝද රථය පදවන අතරතුර සැකකරු ත්‍රීරෝද රථයට නංවාගත් එම තරුණීය ලිංගික අතවරයට ලක් කර ඇති බවත් සිදුකළ විමර්ශණවලදී හෙළීව ඇතැයි පොලිසිය කියයි.
සැකකරුගේ ක්‍රියාකලාපයට අනුව තමන් පැහැරගෙන යන බවටත් ලිංගික අතවරයකට ලක්වන බවත් වටහාගත් එම තරුණීය වහා ක්‍රියාත්මකව වේගයෙන් ධාවනය වෙමින් තිබූ එම ත්‍රී රෝද රථයෙන් ඉවතට පැන ගැනීමට කටයුතු කර තිබිණ. පලාගල මිරිහම්පිටිගම ප්‍රෙද්ශයේදී එම තරුණිය මෙලෙස ත්‍රී රෝද රථයෙන් ඉවතට පැන ඇති බව පොලිසිය කියයි.
වේගයෙන් ධාවනය වෙමින් තිබූ ත්‍රී රෝද රථයෙන් ඉවතට පනින අවස්ථාවේ දී අනතුරට පත්ව ඇති එම තරුණීය එහිදි බරපතළ තුවාල ලබා තිබිණ..
එලෙස බරපතල තුවාල ලබා සිටි තරුණිය පසුව එම ප්‍රෙද්ශවාසීන් එක්ව රෝහල්ගත කිරීමට කටයුතු කර ඇති අතර ඇය මේ වනවිට අනුරාධපුර ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර සිටී. තරුණියගේ තත්වය තරමක් බරපතළ බවත් ඇය ශල්‍ය කර්මයක් සිදුකිරීමට නියමිත බවත් රෝහල් ආරංචි මාර්ග පවසයි.
ගල්කිරියාගම පොලිස් ස්ථානාධීපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රුක්මල් රත්නායක මහතාට ලද තොරතුරකට අනුව ගල්කිරියාගම පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධීපති දේශප්‍රිය නවරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් වහා ක්‍රියාත්මකව සැකකරු හා අපරාධයට යොදා ගත් ත්‍රී රෝද රථය ද සමඟ අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබිණ. මෙය පැහැර ගැනීමක් හා ලිංගික අතවරයක් බවට තොරතුරු ලැබී පැය 07ක් වැනි කෙටි කාලයක් තුළදී සැකකරු හා එම ත්‍රී රෝද රථය ද අත්අඩංගුවට ගැනීමට ගල්කිරියාගම පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ නිලධාරීන් සමත්ව තිබිණ.
සිද්දියෙන් පසුව ත්‍රිරෝද රථය පලා යන අයුරු ද මාර්ගය අසළ තිබූ ආරක්ෂිත කැමරාවක සටහන්ව තිබූ අතර ඒ ඔස්සේ පොලිස් විමර්ශන ආරම්භ කර තිබිණ.
අත්අඩංගුවට පත්ව සිටින සැකකාර හමුදා සෙබලාගේ අනියම් බිරිඳ බව කියන පලාගල මිරිහම්පිටිගම මහයාය ප්‍රෙද්ශයේ පිහිටි කාන්තාවකගේ නිවසේ සැඟව සිටියදී අදාළ සැකකාර හමුදා සෙබලා අත්අඩංගුවට ගෙන ඇති අතර අපරාධයට යොදා ගත් ත්‍රීරෝද රථයද එම කාන්තාව පදිංචි නිවසේ ගරාජයක් තුල දමා රෙදිවලින් ආවරණය කර සඟවා තිබියදී සොයා ගැනීමට පොලිසිය සමත්ව තිබිණ. එම ත්‍රී රෝද රථයේ හඳුනා ගැනිමේ සංඛේත ලෙස තිබූ ස්ටිකර් කිහිපයක් ද ඒවනවිටත් ගලවා දමා එම රථයේ බාහිර පෙනුම ද වෙනස් කිරීමට සැකකරු කටයුතු කර තිබූ බව පොලිසිය කියයි. අත්අඩංගුවට පත් සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්ණ කිරීම් අනුව ත්‍රී රෝද රථයෙන් ගලවා ඉවත් කළ ස්ටිකර් කොටස් ද සැකකරු සැඟව සිටි නිවස තුළ පිහිටි කසළ බඳුනක සඟවා තිබියදී සොයා ගැනීමට පොලිසියට හැකිව තිබිණ.
මෙලෙස පොලිස් අත්අඩංගුවට ගෙන ඇති සැකකරු යුද හමුදාවේ සේවයේ නියුතු අයෙකු වන අතර ඔහු ඉපලෝගම කලාකරඹෑව මහයායගම ප්‍රෙද්ශයේ පදිංචි 31 හැවිරිදි විවාහක දෙදරු පියෙකි. කාන්තාවක පැහැර ගැනීම සම්බන්ධයෙන් මේ වනවිට පොලිස් අත්අඩංගුවට ගෙන ඇති එම සැකකාර සෙබලා ලක්ෂපාන ප්‍රදේශයේ යුධහමුදා කඳවුරකට අනියුක්තව සේවය කරනු ලබන අයෙකු බවට පොලිසිය අනාවරණය කරගෙන තිබේ.
සිදුකල පොලිස් විමර්ශණවලදී තවදුරටත් අනාවරණය කරගෙන ඇත්තේ ඔහු සිය අනියම් බිරිඳ බැලීමට එම නිවසට යන අතරතුරදී මෙම තරුණීය පැහැර ගැනීමට කටයුතු කර ඇති බවයි.
අනුරාධපුර කොට්ඨාසය භාර උසස් පොලිස් නිලධාරීන්ගේ මග පෙන්වීම යටතේ ගල්කිරියාගම පොලිස් ස්ථානාධීපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රුක්මල් රත්නායක මහතාගේ උපදෙස් අනුව අපරාධ අංශයේ ස්ථානාධීපති උප පොලිස් පරීක්ෂක දේශප්‍රිය නවරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් හා මෙහෙයවීමෙන් යුතුව පොලිස් සැරයන්වරුන් වන 63566- අජිත් 10310-වීරකෝන් 36953-වන්නිනායක ඇතුළු නිලධාරීන් පිරිසක් සිද්දිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකර තොරතුර ලැබි පැය 07ක් වැනි කෙටි කාලයක් තුලදී එම සැකකරු හා ත්‍රී රෝද රථය අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබිණ.
අත්අඩංගුවටපත් සැකකාර හමුදා සෙබලා අද (07) කැකිරාව දිසා මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පොලිසිය කටයුතු කර තිබූ අතර එහිදී අධිකරණයෙන් ලත් නියෝග අනුව සැකකාර හමුදා සෙබලා ලබන 12 වනදා දක්වා රක්ෂීත බන්ධාගාර ගත කෙරිණ.
ගල්කිරියාගම පොලිස් ස්ථානය මඟින් සිද්දිය සම්බන්ධයෙන් වූ විමර්ශණ සිදු කරනු ලබයි.

WhatsApp Image 2024-06-07 at 22.05.06 (8) WhatsApp Image 2024-06-07 at 22.05.06 (5) WhatsApp Image 2024-06-07 at 22.05.06 (6) WhatsApp Image 2024-06-07 at 22.05.06 (7) WhatsApp Image 2024-06-07 at 22.05.06 (4) WhatsApp Image 2024-06-07 at 22.05.06 (3) WhatsApp Image 2024-06-07 at 22.05.06 (1) WhatsApp Image 2024-06-07 at 22.05.06 (2) WhatsApp Image 2024-06-07 at 22.05.06 WhatsApp Image 2024-06-07 at 22.05.05 (2) WhatsApp Image 2024-06-07 at 22.05.05

වැඩවර්ජනය හේතුවෙන් සව​ස දුම්රිය ගමන්වාර අවලංගු වීමේ අවධානමක්

දුම්රිය ධාවනාගාර රියදුරු වැඩ වර්ජනය හේතුවෙන් අද දින මේ දක්වා දුම්රිය ගමන්වාර 32 ක් අවලංගු වී තිබෙනවා.

ඒ අනුව සවස කාලය වන විට එම ප්‍රමාණය මීට වඩා වැඩිවීමට හැකියාවක් ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

උසස් වීමේ ගැටලුවක් සහ බඳවා ගැනීමේ ගැටලුවක් මුල් කරගමින් දුම්රිය රියදුරු සංගමය මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කර තිබෙනවා.

මාසයක කාලයක් තුළ ඩෙංගු රෝගීන්ගේ ඉහළ යාමක් අපේක්ෂා කළ හැකියි – ජාතික ඩෙංගු මර්දන ඒකකය

මාසයක කාලයක් තුළ ඩෙංගු රෝගීන්ගේ ඉහළ යාමක් අපේක්ෂා කළ හැකි බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

ඒ අනුව මෙම කාලය තුළ ඩෙංගු මරණ 09ක් වාර්තා වී ඇති නමුත් අධි වසංගත තත්ත්වයක් දක්වා රෝග ව්‍යාප්තිය වර්ධනය වීම පාලනය කිරීමට අවශ්‍ය පියවර ගත යුතු බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර සඳහන් කළේ.

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සංවිධානය කර තිබූ ඩෙංගු මර්දන වැඩසටහන් සියල්ල කල් දැමීමට සිදුවී ඇති බව සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමයේ සභාපති නජිත් සුමණසේන සඳහන් කළා.