ශ්‍රී ලංකාවේ මැතිවරණ පැවැත්වීම ගැන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට කිසිදු ගැටලුවක් නැහැ – Peter Brewer

ශ්‍රී ලංකාවේ මැතිවරණ පැවැත්වීම සම්බන්ධව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට කිසිදු ගැටලුවක් නොමැති බව එහි ශ්‍රී ලංකාව සම්බන්ධ දූත කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ප්‍රධානී Peter Brewer පවසනවා.

ඕනෑම රටක ප්‍රජාතන්ත්‍රවාදයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගරු කරන බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.

ශ්‍රී ලංකාවේ මැතිවරණයක් පැවැත්වෙන්නේ නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනේ කාලය කෙරෙහි එය බලපාන නමුත්, අදාළ බලධාරීන් සමග සාකච්ඡා කර නැවත කාල රාමුවක් සකස් කරගැනීමට හැකි බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත් කර තිබෙනවා.

බදුල්ලේ සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියක් තලවාකැලේ සහ වටගොඩ අතරදී පීලි පැනීම හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට ඊයේ (13) බාධා මතුව තිබුණා.

කුරුණෑගල නයිලිය ප්‍රදේශයේ වයස අවුරුදු තිස් හයක පියෙකු තම වයස අවුරුදු 14ක දියණිය වසරකට වැඩි කාලයක් ලිංගික අතවර කළේ යැයි සැකපිට අත්අඩංගුවට ගෙන අද දින කුරුණෑගල වැඩ බලන මහේස්ත්‍රාත් වරයා විසින් ලබන 18 වන දා දක්වා වයස අවුරුදු තිස් හයක පියෙකු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී.

කුරුණෑගල නයිලිය ප්‍රදේශයේ වයස අවුරුදු තිස් හයක පියෙකු තම වයස අවුරුදු 14ක දියණිය වසරකට වැඩි කාලයක් ලිංගික අතවර කළේ යැයි සැකපිට අත්අඩංගුවට ගෙන අද දින කුරුණෑගල වැඩ බලන මහේස්ත්‍රාත් වරයා විසින් ලබන 18 වන දා දක්වා වයස අවුරුදු තිස් හයක පියෙකු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී.
කුරුණෑගල කාන්තා කාර්යාංශය ස්ථානාධිපතිනිය විසින් අධිකරණයට ඉදිරිපත් කළ අතර මෙම දැරිවියගේ මව විදේශගතව සිටි අවධියේ මෙම අතවර සිදුවී ඇති බවත් පාසලේ තම පන්තිභාර ගුරුවරිය වෙත මෙම සිද්ධිය දරුවා විසින් සැලකිරීමෙන් අනතුරුව කුරුණෑගල කාන්තා කාර්යාංශයට දැන්වීමෙන් පසු වැඩිදුර විමර්ශන සිදු කරන ලද අතර දැරිවිය කුරුණෑගල සීක්ෂණ රෝහලේ වැඩිදුරටත් ප්‍රතිකාර ලබමින් සිටි.
දැරිවියගේ මව විදේශගත වීමෙන් පසු වරින් වර මෙම සිදුවීම සිදුව ඇති බවත් දැනට මසකට පමණ පෙර මව නැවත ලංකාවට පැමිණ ඇති අතර දැනට දැරිවිය මව භාරයේ සිටි.
අධිකරණ වෛද්‍ය වාර්තා කුරුණෑගල සීක්ෂණ රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබයි.

ඉදිරි ජනාධිපතිවරණයේ දී තීරණය වන්නේ මගේ ජය පැරදුම නොව, රටේ ජයග්‍රහණය හෝ පරාජයයි – ජනපති

ඉදිරි ජනාධිපතිවරණයේ දී තීරණය වන්නේ තම ජය පැරදුම නොව, රටේ ජයග්‍රහණය හෝ පරාජය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

රජයේ වැඩපිළිවෙළ සමඟ ඉදිරියට යා යුතු බවට ජනතාව සෑහීමකට පත්ව සිටී නම් එම ක්‍රමවේදය සමඟ ඉදිරියට යා හැකි බවත්, එසේ නොමැති වුවහොත් නැවතත් කඩා වැටුණු ආර්ථිකයක් ඇති රටක, ඖෂධ හා පොහොර සපයාගත නොහැකිව මෙන්ම ඉන්ධන සහ ගෑස් පෝලිම්වල දුක් විදීමට ජනතාවට සිදුවන බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

අද වේදිකා මත විවිධ පොරොන්දු දෙන පිරිසට රටේ ආර්ථිකය ඉදිරියට ගෙනයාම වෙනුවෙන් කිසිදු වැඩපිළිවෙළක් නොමැති බවත්, මැතිවරණවලදී පුද්ගලයන් දෙස බලා තීරණ ගැනීමේ අතීත වැරැද්ද නැවත සිදු නොකරන ලෙස තමා සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

66692abd5c58bpdf_page_2 66692abd42ff5pdf_page_1 66692abd31ea3pdf_page_0

තැපැල් සේවකයින් අද මධ්‍යම රාත්‍රි​යේ සිට වැඩවර්ජනයක

අද (12) මධ්‍යම රාත්‍රී 12.00 සිට පැය 24 ක ලෙඩ නිවාඩු වාර්තා කර වෘත්තිය ක්‍රියාමාර්ගයක නියැලීමට තීරණය කළ බව ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණ පවසනවා.

සේවක හිඟය හේතුවෙන් මේ වනවිට තැපැල් දෙපාර්තමේන්තුව අකර්මන්‍ය වී ඇති බවයි ඒකාබද්ධ තැපැල් සේවක වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර සඳහන් කළේ.

ඒ අනුව 13 වනදා උදෑසන සිට රටපුරා සියලු තැපැල් කාර්යාල වසා දැමීමට කටයුතු කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

කැකිරාවේ පාසැල් සිසුන් පිරිසකට බඹර ප්‍රහාරයක්

24-06-12
කැකිරාව කුෂාන් ජයවර්ධන

පාසැල නිමවීමට ආසන්නව තිබියදී එල්ලවූ බඹර ප්‍රහාරයක් හේතුවෙන් කැකිරාව අධ්‍යාපන කලාපයට අයත් ඉහළ කාගම ප්‍රාථමික විද්‍යාලයේ සිසුන් හා ගුරුවරුන් ඇතුළු 35ක පමණ පිරිසක් ප්‍රතිකාර සදහා කැකිරාව දිසා රෝහලට ඇතුළත් කර තිබේ.
එම විද්‍යාලයේ ඉගෙනුම ලබන වයස අවු5ත් 10ත් අතර දරුවන් පිරිසක් මෙම බඹර ප්‍රහාරයට ලක්ව තිබේ. විද්‍යාලය අසළ තිබූ බඹර කූඩුවක් ඇවිස්සී එම පාසැල් සිසුන්ට මෙලෙස පහර දීමට පටන් ගෙන තිබේ. බඹර පාසැලේ සිසුන් 30 දෙනෙකු පමණ මෙම බඹර ප්‍රහාරයට ලක්ව ඇතැයි එම පාසැල් ආරංචි මාර්ග පවසයි.
බඹර ප්‍රහාරය එල්ලවන අවස්ථාවේ ඉන් සිසුන් බේරා ගැනීමට කටයුතුකල ගුරුවරුන් කිහිප දෙනෙකු හා අසල්වැසි දෙමව්පියන් කිහිප දෙනෙකු ද මෙහිදී එම බඹර ප්‍රහාරයට ලක්ව තිබේ.
බඹර ප්‍රහාරයට ලක්වූ පාසැල් සිසුන් ගුරුවරුන් හා දෙමව්පියන් කඩිනම් ප්‍රතිකාර සඳහා කැකිරාව රෝහලට ඇතුළත් කිරීමට එම අවස්ථාවේ ප්‍රෙද්ශවාසීන් යුහුසුළුව කටයුතු කර තිබේ.
ඒ අනුව එම පාසැලේදී බඹර ප්‍රහාරයට ලක්වූ සිසුන්, ගුරුවරුන්, දෙමව්පියන් ඇතුළු 35 දෙනෙකු පමණ මේ වනවිට ප්‍රතිකාර සඳහා කැකිරාව දිසා රෝහලට ඇතුළත් කර ඇති අතර ඒ අතරින් එක් පාසැල් සිසුවකුගේ තත්වය තරමක් බරපතළ බැවින් එම සිසුවා වැඩිදුර ප්‍රතිකාර සඳහා දඹුල්ල මහ රෝහල වෙත මාරු කර යැවීමට රෝහල් බලධාරීන් මේ වනවිට පියවර ගෙන තිබේ.
එක් ගුරුවරියක් හා තවත් සිසුන් පිරිසක් කැකිරාව රෝහලේ තව දුරටත් නේවාසිකව ප්‍රතිකාර ලබන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

ඩොලරයේ විකුණුම් මිල රු.308 දක්වා ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකය අනුව අද (11) දිනයේ එක්සත් ජනපද ඩොලරයේ මිල යළිත් ඉහළ යාමක් සිදුව තිබෙනවා.

ඒ අනුව අද (11) ඩොලරයක ගැනුම් මිල රු.298.45 ක් ලෙස හා විකුණුම් මිල රු.308.00 ක් ලෙසයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබෙන්නේ.

මෙම ඉහළ යෑම ශ්‍රී ලංකා මහ බැංකු වෙබ් අඩවියේ දක්වා ඇති ආකාරය පහතින්.

66682bc14fe39

ගිම්හාන සෘතු​වේ ලොව සංචාරය කිරීමට හොඳම රටවල් තුන අතරට ශ්‍රී ලංකාව ඇතුළත්වෙයි

2024 ගිම්හාන සෘතුවේ දී සංචාරය කිරීම සඳහා ලොව හොඳම රටවල් තුන අතරට ශ්‍රී ලංකාව Forbes සඟරාව විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව 2024 ගිම්හාන සෘතුවේ දී සංචාරය කිරීම සඳහා ලොව හොඳම රටවල් තුන ලෙස ශ්‍රී ලංකාව, ග්‍රීසිය සහ මුරුසිය යන රටවල් නම් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

මේ වසරේ ගිම්හාන සෘතුවේ දී සංචාරකයින් යුරෝපා රටවලින් ඈත්ව සිටිනු ඇති බවත් සංචාරකයින් සඳහා සුඛෝපභෝගී මට්ටමේ පහසුකම් ශ්‍රී ලංකාව තුළ පවතින අතර ස්වභාව සෞන්දර්ය අත්විඳීම සඳහා ජාතික වනෝද්‍යානද 22ක් පවතින බවයි එම වාර්තාවේ සඳහන් වෙන්නේ.

මේ ජාතික පොසොන් උත්සවයක් තියෙද්දී මිහින්තලේ,පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඒ ආසන්නයේ පුද බිමකට සියලු පහසුකම් හා සේවා සැපයීම සම්බන්ධව ප්‍රකාශයක්

Capture

ආර්ථික විශේෂඥයින් පිරිසක් සහ ජාතික ජන බලවේගය අතර හමුවක්

දෙස් විදෙස් ආර්ථික විශේෂඥයින් පිරිසක් සහ ජාතික ජන බලවේගයේ නියෝජිතයින් අතර හමුවක් අද (10) සිදුවී තිබෙනවා.

ආර්ජන්ටිනාවේ හිටපු ආර්ථික අමාත්‍ය සහ කොලොම්බියා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය Martin Guzman, මැසචුසෙට්ස් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය Jayathi Ghosh, එක්සත් ජාතීන්ගේ සහස්‍රක ව්‍යාපෘතියේ හිටපු කලාපීය අධ්‍යක්ෂ Charls Abugre, යාපනය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය Ahilan Kadirgamar ඇතුළු පිරිසක් මෙම හමුව සඳහා එක් වූ බවයි එම පක්ෂය පැවසුවේ.

ජාතික ජන බලවේගය වෙනුවෙන් එහි ජාතික විධායක සභිකයින් වන ආචාර්ය හරිනි අමරසූරිය, වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ මහාචාර්ය අනිල් ජයන්ත ඇතුළු නියෝජිතයින් පිරිසක් හමුව සඳහා සහභාගී වී තිබෙනවා.

ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින ආර්ථික අර්බුදය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මැදිහත්වීම් සහ ආණ්ඩුවේ ආර්ථික ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට බඳුන් වූ බවයි එම පක්ෂය වැඩිදුරටත් සඳහන් කළේ.