ගුරු – විදුහල්පතිවරුන්ගේ විරෝධතාවයට පොලීසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
ඔවුන් අද දහවල් කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටින් සිය විරෝධතා පා ගමන ආරම්භ කර තිබුණා.
Breaking News
ගුරු – විදුහල්පතිවරුන්ගේ විරෝධතාවයට පොලීසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
ඔවුන් අද දහවල් කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටින් සිය විරෝධතා පා ගමන ආරම්භ කර තිබුණා.
ගුරු – විදුහල්පති විරෝධතාවය මේ වන විට කොළඹ – කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී ආරම්භ වී තිබෙනවා.
ඒ අනුව මේ හේතුවෙන් එම මාර්ගය අවහිරවී ඇති බවයි වාර්තා වෙන්නේ.
ජුලි 01 වැනිදා සිට කල් ඉකුත් වන විදෙස් ගමන් බලපත්‍ර වල කාලය වසරකින් දීර්ඝ කර තිබෙනවා.
E පාස්පෝර්ට් ලබාදිමේ අරමුණින් එම තීරණය ගත් බවයි ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය සඳහන් කළේ.
නොවැම්බර් මාසයේ සිට E පාස්පෝර්ට් නිකුත් කිරීම ඇරඹෙන බවත් සාමාන්‍ය විදෙස් ගමන් බලපත්‍ර හිමියන් කඩිනමින් E පාස්පොර්ට් ලබාගන්නා ලෙස ආගමන විගමන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙනවා.
24-06-25
කැකිරාව කුෂාන් ජයවර්ධන
සාමාන්‍ය පෙල විභාග ප්‍රථීඵල අපේක්ෂාවෙන් සිටි පාසැල් සිසුවෙකු විදුලි සැර වැදීමෙන් මිය යයි.
==============================
ගල්කිරියාගම දික්වැන්නාගම ප්‍රෙද්ශයේ දී සිදුව ඇති විදුලි සැර වැදීමකින් 17 හැවිරිදි පාසැල් සිසුවකු අද (25) සවස අවාසනාවන්ත ලෙස මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.
මෙලෙස අවාසනාවන්ත ලෙස මිය ගොස් ඇත්තේ සෙනවිරත්න මුදියන්සේලාගේ පසිදු කාංචන බංඩාර නමැති 17 හැවිරිදි පාසැල් සිසුවෙකි. ගල්කිරියාගම දික්වැනාගම ප්‍රදේශයේ පදිංචි ඔහු සහෝදරයින් දෙදෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමල් සහෝදරයා වේ. මිය ගිය සිසුවා ආඬියාගල නවෝද්‍යා ජාතික පාසැලේ 11 වන වසරේ ඉගෙනුම ලැබ ඇති අතර එම සිසුවා ඉකුත් දා පැවැති අ.පො.ස සාමාන්‍ය පෙල විභාගයට පෙනි සිට ප්‍රතිපල අපේක්ෂාවෙන් සිටි අයෙකුද වේ. මිය ගිය සිසුවා ඉගෙනීමට මෙන්ම ක්‍රීඩා ඇතුලු විෂය භාහිර ක්‍රියාකාරකම් වලදී ද දක්ෂතා පෙන්වා ඇති සිසුවෙකි.
සිය නිවස පිහිටි ගෙවත්තට පැමිණෙන රිලවුන් පලවා හැරීම සදහා ගෙවත්තේ සවිකර තිබූ ගුවන්විදුලි යන්ත්‍රයකට සපයා තිබූ විදුලි වරයක ඇති වූ දෝශයක් සැකසීම සදහා කටයුතු කරමින් සිටි අවස්ථාවේ එම සිසුවා මෙලස විදුලි සැර වැදීමට ලක්ව ඇතැයි පොලිසිය කියයි. විදුලි සැර වැදීමෙන් අනතුරටපත් සිසුවා ප්‍රතිකාර සඳහා කඩිනමින් ආඬියාගල ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කිරීමට එම දෙමව්පියන් හා අසල්වැසියන් එක්ව කඩිනමින් කටුයුතු කර තිබිණ. එහිදී අසාධ්‍ය තත්වයේ පසුවූ එම සිසුවා දඹුල්ල රෝහලට මාරු කර යැවීමට එම වෛද්‍යවරුන් පියවර ගෙන තිබුණ ද එම අවස්ථාවේ ගිලන්රථය නොතිබීම හේතුවෙන් හා වෙනත් ගිලන් රථයක් සොයා ගැනීම සදහා පැවැති අපහසුතාවයක් හේතුවෙන් පැය දෙකක පමණ කාලයක් එම රෝහලේදීම ප්‍රතිකාර ලබා දීමට වෛද්‍යවරු පියවර ගෙන තිබිණ. පසුව වෙනත් ගිලන්රථයක් ගෙන්වා අසාධ්‍ය තත්ත්වයේ සිටි එම සිසුවා වැඩිදුර ප්‍රතිකාර සඳහා දඹුල්ල රෝහලට මාරු කර යැවීමට ආඬියාගල ප්‍රාදේශීය රෝහලේ වෛද්‍යවරු පියවර ගෙන තිබිණ. විදුලි සැර වැදීමෙන් බරපතළ තත්වයේ පසුවූ එම සිසුවා දඹුල්ල දිස්ත්‍රික් මූලික රෝහලට ඇතුළත් කිරීමේදී මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.
මිය ගිය සිසුවාගේ දේහය මේ වනවිට දඹුල්ල රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර හෙට(26) දිනයේ එම මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂනයක් පැවැත්වීමට නියමිත බව පොලිසිය කියයි.
සිද්දිය සම්බන්ධයෙන් ගල්කිරියාගම පොලිස් ස්ථානය මඟින් වැඩිදුර විමර්ශණ සිදු කරනු ලබයි.
ක්ෂේත්‍ර කිහිපයක වෘත්තීය සමිති කිහිපයක් අද (25) දිනයේ වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරත වනවා.
ඒ අනුව ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් රජයේ විද්‍යාත්මක නිලධාරින්ගේ සංගමය අද (25) සහ හෙට (26) අසනීප නිවාඩු වාර්තා කිරීමට තීරණය කර තිබෙනවා.
එසේම රජයේ පශු වෛද්‍ය නිලධාරින්ගේ සංගමය වෘත්තීය දීමනාවක් සහ ප්‍රවාහන දීමනාවක් ලබාදෙන ලෙස බලකරමින් අද සහ හෙට අසනීප නිවාඩු වාර්තා කරන බවයි එම සංගමයේ සභාපති වෛද්‍ය සිසිර පියසිරි සඳහන් කළේ.
අධ්‍යාපන අනධ්‍යයන වෘත්තීය සමිති අද දිනයේ ද අසනීප නිවාඩු දමා වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන අතර ජාතික අධ්‍යාපන අනධ්‍යයන සේවා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන ලෙස රජයට බල කරමින් එලෙස ඔවුන් වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වන බවයි සඳහන් වන්නේ.
අනධ්‍යයන වෘත්තීය සමිති වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වූව ද රජයේ සියලුම පාසල් අද දිනයේ ද සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ.
2024/06/25
කලාවැවේ ඉපැරැණි පිටවාන පාදම අසල ගල්තලාව මතුපිට සිදුකර ඇති අනවසර කැණීම් සම්බන්ධයෙන් මූලික විමර්ශනය ක් ආරම්භ කිරීම ට පංච පුද්ගල කමිටුවක්..
කලාවැවේ ඉපැරැණි පිටවාන පාදම අසල ගල්තලාව මතුපිට සිදුකර ඇති අනවසර කැණීම් සම්බන්ධයෙන් මූලික විමර්ශනය ක් ආරම්භ කිරීම සඳහා වාරිමාර්ග, වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ගේ උපදෙස් මත විශේෂ කමිටුව ක් පත් කළ බව ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් මහේන්ද්‍ර අබේවර්ධන මහතා ප්‍රකාශ කරයි.
ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ ප්‍රධාන වේලි හා ජලාශ මෙහෙයුම් අධ්‍යක්ෂ ඉංජිනේරු ඩී. එම්. ධර්මදාස මහතා ගේ සභාපතිත්වයෙන්, යුත් පංච පුද්ගල කමිටුවක් මේ සඳහා පත් කළ බව මහේන්ද්‍ර අබේවර්ධන මහතා කීය.
මෙම අනවසර කැණීම් සිද්ධිය හමුවේ ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ කිසියම් නිලධාරියෙකු වගකීම් පැහැර හැර ඇතිබව ට සනාථ වුව හොත් ඔවුන් ට එරෙහිව විනයානුකූල පියවර ගන්නා බව ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් මහේන්ද්‍ර අබේවර්ධන මහතා සඳහන් කරයි.
ආර්.එෆ්.එම්.සුහෙල් – ඉන්දියා හයිද්‍රාබාද් ප්‍රාන්තයේ සිට.
ජනමාධ්‍ය කළමනාකරණය පිළිබඳව දෙසතියක වැඩමුළුව සඳහා ඉන්දියාවට පැමිණි ශ්‍රී ලාංකික මාධ්‍යවේදීන් හා ජන මාධ්‍ය වෘත්තිකයන් උණුසුම් ලෙස පිළිගැනේ .
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ අනුග්‍රහයෙන් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන කොළඹ හම්බන්තොට මහනුවර යාපනය යන සියලුම ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාල හරහා තෝරාගත් ශ්‍රී ලාංකික මාධ්‍යවේදීන් හා ජනමාධ්‍ය වෘත්තිකයන් තිස් දෙනෙකු සඳහා ආචාර්ය එම්.සී.ආර් අධ්‍යාපන ආයතනයේ දී සති දෙකක කාලයක් පුරාවට පැවැත්වීමට සංවිධානය කර තිබෙන ජනමාධ්‍ය කළමනාකරණ පුහුණු පාඨමාලාව සඳහා සහභාගි වීමට දිවයිනෙන් (23) දහවල් 02.30 ට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලෙන් පිටත් වූ කණ්ඩායම පස්වරු 04.30 හයිඩ්‍රාභාත් ගුවන් තොටුපලට ගුවන් තොටුපලට ළඟා වීමත් සමග එම්.සී.ආර් අධ්‍යාපන ආයතනයේ දී මෙම පිළිගැනීමේ වැඩසටහන සංවිධානය කර තිබිණ ,
උදෑසන යෝගා පුහුණුවත් සමග දින පහළොවක වැඩමුළුවක් වශයෙන් සංවිධානය කර තිබෙන මෙම වැඩසටහන දේශන ක්ෂේත්‍ර චාරිකා මෙන්ම ජනමාධ්‍ය හා සම්බන්ධ නොයෙකුත් ඉසව් රාශියක් සමග ඉතාමත් උද්යෝගිමත් අයුරින් පැවැත්වීමට කටයුතු සම්පාදනය කර ඇත ,
මෙම වැඩසටහන සඳහා ශ්‍රී ලංකාවේ ලියාපදිංචි ජනමාධ්‍ය ආයතන අංශ ප්‍රධානීන් , රාජතාත්ත්‍රිකයන්ගේ හා ආණ්ඩුකාරවරුන්ගේ මාධ්‍ය ලේකම්වරුන් මාධ්‍යවේදීන් හා නිදහස් මධ්‍යවේදින් තිස් දෙනෙකු සහභාගි කර ගැනීමට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ කටයුතු කර ඇත ,
24 වන සඳුදා දින උදෑසන 10 .00 ට නිල වශයෙන් ආරම්භ වන මෙම වැඩසටහන එළඹෙන ජූලි මස හත් වන දින මෙම වැඩසටහන නිමා වීමට නියමිතව ඇති අතර ශ්‍රී ලංකා ජනමාධ්‍යවේදීන් කණ්ඩායම එදින සවස හයිඩ්‍රොපාත් ගුවන් තොටුපොළින් කොළඹ කරුණායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණීමට නියමිතය .
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලබන 26 වනදා ජාතිය ඇමතීමට නියමිතව ඇති බව එක්සත් ජාතික පක්ෂ ජාතික ලේකම් රවී කරුණානායක පවසනවා.
ණය ප්‍රතිව්‍යූහගතකිරීම සම්බන්ධයෙන් ලබා ඇති ප්‍රගතිය පිළිබඳව මෙහිදී ජනාධිපතිවරයා ජනතාව දැනුවත් කිරීමට නියමිත බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.
එසේම තවත් දින 105 කින් මැතිවරණයක් පැවැත්වෙන බවත්, ඒ සඳහා වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිර්පාක්ෂික අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වන බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
වැටුප් ඇතුළු ගැටලු කිහිපයක් මුල් කරගනිමින් ක්ෂේත්‍ර කිහිපයක සේවකයින් අද (24) සිට විවිධ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගවල නිරත වීමට සැලසුම් කර තිබෙනවා.
ඒ අනුව ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දිවයින පුරා පාසල්වල අනධ්‍යන කාර්ය මණ්ඩල සාමාජිකයින් අද සිට ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බවයි අධ්‍යාපන අනධ්‍යන සේවක සංගමයේ ලේකම් අජිත් කේ. තිලකරත්න සඳහන් කළේ.
විශ්ව විද්‍යාල අනධ්‍යන සේවකයින් ආරම්භ කළ වැඩ වර්ජනය අද දිනයේත් ක්‍රියාත්මක අතර වැඩ වර්ජනයේ නිරත විශ්ව විද්‍යාල අන්‍යධන සේවකයින් සහ රාජ්‍ය වැටුප් කමිටුව අතර සාකච්ඡාවක් හෙට (25) පැවැත්වීමටද නියමිතව තිබෙනවා.
එසේම සිය ගැටලුවලට විසදුම් නොලැබෙන්නේ නම්, අනිද්දා සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළැඹීමට සූදානම් බව විදුහල්පති සේවා සංගමයේ ජාතික සංවිධායක සිසිර රාජපක්ෂ සඳහන් කළා.
රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව හෙට (25) හා අනිද්දා (26) දෙදින අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළැඹෙන බව එම කමිටුවේ විධායක සභික සම්පත් දේශප්‍රිය සඳහන් කළා.
ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයද ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් හෙට හා අනිද්දා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළැඹීමට සූදානම්ව සිටින අතර, රජයේ මිනින්දෝරු සංගමයේ සභාපති දුමින්ද උදුගොඩ සඳහන් කළේ සිය ඉල්ලීම් සම්බන්ධයෙන් විසඳුම් නොලැබීම හේතුවෙන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයද අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි.
LTTE තහනම තවදුරටත් පවත්වාගෙන යාමට එක්සත් රාජධානිය තීරණය කර තිබෙනවා.
ඒ අනුව විදේශ අමාත්‍ය අලි සබ්රි සිය X ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර තිබෙනවා.
දෙමළ ඊළාම් සංක්‍රාන්ති රජය හෙවත් TGTE ය විසින් LTTE තහනම ඉවත් කරන ලෙස ඉල්ලා එම අභියාචනය ඉදිරිපත් කර තිබුණා.