කුවේට් රාජ්‍යයේ සේවය කර සිට මෙරටට පැමිණි සිටි පුද්ගලයකු ඔහු එම රටේ සේවය කල ස්ථානයේම පුද්ගලයකුගේ සැලසුමකට අනුව රුපියල් කෝටියක මුදලක් ලබාගැනීමේ චේතනාවෙන් පුද්ගලයින් සිවි දෙනෙකු විසින් මෙරටදි පැහැර ගෙන ගොස් සඟවා තබාගෙන

කුවේට් රාජ්‍යයේ සේවය කර සිට මෙරටට පැමිණි සිටි පුද්ගලයකු ඔහු එම රටේ සේවය කල ස්ථානයේම පුද්ගලයකුගේ සැලසුමකට අනුව රුපියල් කෝටියක මුදලක් ලබාගැනීමේ චේතනාවෙන් පුද්ගලයින් සිවි දෙනෙකු විසින් මෙරටදි පැහැර ගෙන ගොස් සඟවා තබාගෙන සිටියදි විශේෂ කාර්ය බලකාය නිලධාරීන්ට ලද තොරතුරකට අනුව වහා ක්‍රියාත්මක වී ඒම පුද්ගලයා මුදවා ගෙන සැකකරුවන් සිව්දෙනා අත්අඩංගුවට ගනී.

විශේෂ කාර්ය බලකාය කුරුණෑගල කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි කලාප අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිෂේධ ප්‍රනාන්දු මහතාගේ අධික්ෂණය මත සහකාර පොලිස් අධිකාරී ඩි.ඒම්.යු.කේ. අබේරත්න මහතාගේ මෙහෙයවීමෙන් විශේෂ කාර්ය බලකාය කුරුණෑගල කඳවුරේ දෙවන කඳවුර අණදෙන නිලධාරී පොලිස් පරික්ෂක ඊ.පි.ඩි.එල්. ජයරත්න ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් 2024.07.17 වන දින මාවතගම පොලිස් වසමේ රන්දෙනිය හංදිය අසල දී වැටලීමක් සිදුකර ඇත.

එහි දී කුවේට් රාජ්‍යයේ සිට මෙරටට පැමිණි සිටි පුද්ගලයකු ගුවන්තොටුපලේ සිට මාතලේ ප්‍රදේශයට පිටව යමින් සිටියදී මාවතගම පොලිස් වසමේ බරන්දන හංදියේ දී ඔහු එරටසේවය කල ස්ථානයේම පුද්ගලයකුගේ සැලසුමකට අනුව රුපියල් කෝටියක මුදලක් ලබා ගැනීමේ ⁣අරමුනින් පැහැරගෙන ගොස් නාරම්මල පොලිස් වසමේ මැදගොඩ වැවපාර ඉහල රන්මුතුගල ප්‍රදේශයේදී පාළු නිවසක රදවා සිටියදී එම පැහැරගත් පුද්ගලයා බේරාගෙන පැහැර ගැනීමට පැමිණි නාරම්මල සහ කටුපොත ප්‍රදේශ වල පදිංචි වයස අවුරුදු 31 – 39 වයස්වල පසුවන පුද්ගලයින් සිව්දෙනෙකු සමග පැහැරගැනීමට යොදාගත් කැබ් රථයද විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මාවතගම පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

WhatsApp Image 2024-07-19 at 17.37.33 WhatsApp Image 2024-07-19 at 17.37.33 (2) WhatsApp Image 2024-07-19 at 17.37.32

නෙලා ගත් වී අස්වැන්න වේලා ගැනීමට ඉඩ නොදීමෙන් උණුසුම් වූ ගල්කිරියාගම ගොවීන්

24-07-19
කැකිරාව කුෂාන් ජයවර්ධන

නෙලා ගත් වී අස්වැන්න වේලා ගැනීමට ඉඩ නොදීමෙන් උණුසුම් වූ ගල්කිරියාගම ගොවීන් ============

අධීක වියදමක් දරමින් වගා කොට වන අලින් සමග සටන් වැද දහසකුත් දුක්කරදර මැද රැකගෙන නෙලා ගත් වී අස්වැන්න වේලා ගැනීමට යාමේදී පිරිසක් ඊට බාධා කරමින් සිටින බවට ගල්කිරියාගම ගොවිසංවිධාන කිහිපයක නියෝජිතයෝ පවසති. මේ හේතුවෙන් ගල්කිරියාගම ප්‍රෙද්ශවාසීන් දෙපිරිසක් අතර උණුසුම් තත්ත්වයක් ද හට ගැනින.
ගල්කිරියාගම අවට ප්‍රෙද්ශවල මේ දිනවල වී අස්වැන්න නෙලමින් පවතින අතර නෙලාගන්නා වී අස්වැන්න වියලා ගැනීමට නිශ්චිත ස්ථානයක් නොමැතිවීම තුළින් එම ගොවීන් දැඩි අපහසුතාවයට පත්ව සිටී.
ඒ අනුව එම ගොවීන් නෙලාගත් තම වී අස්වැන්න වේලා ගැනීම සදහා තාවකාලිකව ගල්කිරියාගම බස් නැවතුම්පොල භූමියේ කොටසක් යොදා ගැනීමට කටයුතු කර තිබූ අතර පලාගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් එය අත්හිටුවීමට පියවර ගෙන තිබුනේ ගල්කිරියාගම වෙලද සංගමයෙන් බව පවසා ඊට විරෝධය පා පැමිණිල්ලක් ලද බව පවසමින් බව ගොවීහු කියති.
මින් පෙරද ගොවීන් මෙම බස්නැවතුම්පොල භූමියේ කොටසක මෙලෙස වී වේලීම සිදුකර ඇත්තේ ඒ අවට කිසිදු අයෙකුගේ හෝ මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ ද විරෝධතාවයක් නොමැතිවය. ප්‍රෙද්ශයේ ගොවි සංවිධාන 05ක පමණ ගොවීන් මෙම ස්ථානය කලක පටන් වී වේලිම සදහා යොදා ගන්නා බව එම ගොවීහු පවසති.
නිරන්තරයෙන් බස් රථ ඇතුළ නොකරන කාර්ය බහුලත්වයකින් තොර මෙම ග්‍රාමීය බස්නැවතුම්පලෙහි කටයුතු සදහා හානියක් නොවන අයුරින් බසු නැවතුම්පොල භූමියේ පසුපස භූමි කොටසක් ගොවින් විසින් මෙලෙස තාවකාලික වී වේලීමට යොදා ගෙන තිබිණ. දිනකට බස් රථ දෙකක් පමණක් මෙම බසු නැවතුම්පලට ඇතුල් කෙරෙන අතර එම බස් රථ හැසිරවීමට බාධාවක් නොවන අයුරින් තමන් අදාළ භූමි කොටස වි වේලිම සදහා යොදා ගන්නා බවද ගොවීහු කියති.
ඒ අතර තුර පසුගිය දිනක රාත්‍රියේ කිසියම් පිරිසක් ගොවීන් වී වේලන එම භූමි කොටසට කලුතෙල් ප්‍රහාරයක් ද එල්ල කර තිබිණ.
ඊයේ දිනයේද සුපුරුදු පරිදි ගොවීන් පිරිසක් සිය වී වේලා ගැනීමට මෙම ස්ථානයට රැගෙනවිත් තිබූ අතර එහිදී ප්‍රෙද්ශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා විසින් එම කටයුතු අත්හිටුවා දැන්වීම් පල කර තිබිණ. ගොවීන් පවසන්නේ අවට පුද්ගලයින් දෙදෙනෙකු ඒ සම්බන්ධයෙන් එල්ල කර තිබූ විරෝධතාවයක් හේතුවෙන් එම තත්වය හට ගෙන ඇති බවයි. මෙහිදී ගොවීන් හා තවත් පිරිසක් අතර උණුසුම් තත්ත්වයක් ද හට ගැනීන. ගල්කිරියාගම වෙළද සංගමයේ උපසභාපතිවරයා පැවැසූයේ ගොවීන් බස් නැවතුම්පල භූමියේ වී වේලිම සම්බන්ධයෙන් වෙළද සංගමය කිසිදූ විරෝධතා තීන්දුවක් ගෙන නොමැති බවයි. වෙලද සංගමයේ නියෝජිතයින් මේ සම්බන්ධව විරෝධතාවයක් නොමැති බවට අදාළ අංශ වෙත ලිඛීත ලියවිල්ලක් ද ඉදිරිපත් කර තිබේ.
රටට බත සපයන ගොවියා තවදුරටත් අසරණ නොකරන ලෙස එම ගොවීහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.
ගල්කිරියාගම වෙළද සංගමයේ උප සභාපති ආනන්ද ඒකනායක මහතා පැවැසූයේ ගල්කිරියයාගම බස් නැවතුම්පල භූමියේ කොටසක වී වේලීමට යොදා ගැනීම සම්බන්ධයෙන් වෙලඳසංගමයේ සාමාජිකයින් විසින් විරෝධතාවය පලකර තීන්දුවක් ගෙන නොමැති බවයි.
අවට ප්‍රෙද්ශවාසීන් ද පවසන්නේ ගොවීන්ගේ මෙම වී වේලිම තමන්ට හිරිහැරයක් නොවන බවයි.

නෙලා ගත් වී) WhatsApp Image 2024-07-19 at 17.36.48 (1) WhatsApp Image 2024-07-19 at 17.36.48 WhatsApp Image 2024-07-19 at 17.36.47 (5) WhatsApp Image 2024-07-19 at 17.36.47 (4) WhatsApp Image 2024-07-19 at 17.36.47 (3) WhatsApp Image 2024-07-19 at 17.36.47 (2) WhatsApp Image 2024-07-19 at 17.36.47 (1) WhatsApp Image 2024-07-19 at 17.36.47 WhatsApp Image 2024-07-19 at 17.36.46 (1) WhatsApp Image 2024-07-19 at 17.36.46

මිනිසා සඳ මත පා තබා 2024 ජූලි 20 වන දිනට වසර 55ක්‌ සැපිරෙයි.

දර්ශාන් ප්‍රනාන්දු
0773710807
18.07.2024

සඳ ගමනට වසර 55යි

මිනිසා සඳ මත පා තබා 2024 ජූලි 20 වන දිනට වසර 55ක්‌ සැපිරෙයි.

අප ජීවත්‌ වන පෘථිවියට ඇති එකම පරිවාර ග්‍රහයා වන්නේ චන්ද්‍රයායි. අතීතයේ මිනිසුන්‌ සිතුවේ සඳ මතුපිට සාගර ඇති බවකි. සඳෙහි ඇති අඳුරු කොටස්‌ මුහුදු ලෙස ඔවුන්‌ විශ්වාස කළ නිසා ලතින්‌ භාෂාවෙන්‌ “මුහුදු ” කියන නම සඳට භාවිතා කරන ලදී. පසු කාලයේ දී සඳෙහි මුහුදු නොමැති බව හෙළි වූවත්‌ සඳ යන නම
වෙනස්‌ නොවුණි.

දුරේක්ෂය නිර්මාණය වීමත්‌ සමග දුරේක්ෂ භාවිතයෙන්‌ සඳේ තොරතුරු සෙවූ මිනිසා 1950 දශකයේදී ඡායාරූප ගැනීමට යානා යවන ලදී. ඒ අනුව 1959 ඔක්තෝම්බර්‌ චන්ද්‍රයා වෙත ගිය සෝවියට්‌ දේශයේ ලූනා-3 යානය මගින්‌ පෘථිවියට නොපෙනෙන, සඳේ අනෙකුත්‌ ප්‍රදේශ ඡායාරූප ගත කරන ලදී. එයින්‌ පසුව 1968 දක්වා ඇමරිකාව ගුවන්ගත කළ රේන්ජර් 7,8,9 හා ලූනා ඕබිටර් 1,2,3,4 යානා මගින්‌ සඳ මත ආවාට ට්‍රිලියන තුනකට වඩා ඇති බව සොයා ගන හැකි විය.

අභ්‍යවකාශ තරණය සඳහා මුල්‌ පියවර රුසියානුවන්‌ විසින්‌ තැබීම ඇමෙරිකානුවන්ට මහත්‌ බලපෑමක්‌ එල්ල වීම නිසා ඇමරිකානු ජනාධිපතිවරයෙකු වූ ජෝන්‌ එෆ්‌ කෙනෙඩි 1961 මැයි 25 වන දින නාසා විද්‍යාඥයින්‌ අමතා ඇමරිකානු විද්‍යාඥයින්ට දුන් ඉල්ලක්කය වුයේ අදින්‌ වසර 10ක්‌ ඇතුළත ඇමෙරිකානුවෙක්‌ සඳ තරණය කළ යුතු බවයි. ඒ අනුව 1960 දශකයේ අග භාගයේදී ඇමරිකාව දියත්‌ කළ ඇපලෝ වැඩසටහන හරහා සඳ වෙත මිනිසුන් සහිත යානා යැවීම සිදු කළ අතර ඒ හරහා ඡායාරූප පමණක්‌ නොව සඳේ කාලගුණ තොරතුරු, මතුපිට ස්වභාවය ආදී නොයෙක්‌ දේ දැනගැනීමට මිනිසාට හැකි විය.

අභ්‍යවකාශ වස්තුවක්‌ වෙත මූල්‌ වරට මිනිසුන්‌ සහිතව යානා යැවීම ආරම්භ කරන ලද්දේ 1968 දෙසැම්බර්‌ 4 ‘ඇපලෝ-8 නම් වූ අභ්‍යවකාශ යානාව යැවීමෙනි. ඇමරිකානු ජාතික ෆෑන්ක් බොර්මන් ද , ජේමිස් ලොවෙල් ද ඇමරිකානු ගුවන්‌ හමුදා නිලධාරිවරයකු වූ විලියම්‌ ඇන්ඩර්ස්‌ රැගත්‌ මෙම යානාව චන්ද්‍රයා වෙත ගමන්‌ කළත්‌ පුරා පැය 20 කාලයක්‌ තුළ චන්ද්‍රයා වටා 10 වාරයක් ගමන් කොට , චන්ද්‍රයා මත ගොඩ බස්වා ගැනීමට අපොහොසත් වීම නිසා නැවතත් පෘථිවිය කරා පැමිණීමට සිදු විය.

පෘථිවියෙන් බැහැර ආකාශ වස්තුවක් වූ චන්ද්‍රයා වෙත ඓතිහාසික සඳ ගමනෙහි සැබෑ ආරම්භය සිදු වූයේ 1969 ජූලි 16 වන දින ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ කැනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙනි. එම ගමන සඳහා නීල් ආම්ස්ට්‍රෝන් , එඩ්වින් ඕල්ඩින් හා මයිකල් කෝලින්ස් එකතු වූ අතර සඳ මත පා තැබීම සිදුවූයේ 1969 ජූලි 20 වන දායි. සඳ මත පා තැබූ මුල්ම මිනිසා ලෙස ඉතිහාසයට එක්‌ වූ නීල්‌ ආම්ස්ට්‍රෝන්‌
‘’මෙය මිනිසෙකුට කුඩා පියවරක්‌ පමණි. නමුත් මිනිස් සංහතියේ යෝධ පිම්මකි.” ලෙස උදාන වාක්‍යකින්‌ ලෝවැසියන්‌ ඇමතිය.
මෙම සඳ ගමන සඳහා රටවල්‌ 137 ක්‌ දායක චූ අතර එයින්‌ ශ්‍රී ලංකාවට සුවිශේෂී තැනක්‌ හිමිවූයේ සඳෙහි රැගෙන ආ පස් පරීක්ෂා කළ මහාචාර්ය සිරිල් පොන්නප්පෙරුම මහතාගේ දායකත්වය හේතුවෙනි. එම නිසා ශ්‍රී ලංකා කොඩියද සඳ ගමනට එක්කර ගැනීමට හැකිවිය.

ඇපලෝ 11 සිට 17 දක්වා යානා මිනිසුන්‌ සභිතව සඳට ගිය අතර ඔවුන්‌ කිලෝ 384 චන්ද්‍ර පාෂාණ සහ පස් පෘථිවියට ගෙනාහ.මේ යානා වලින්‌ සඳ මත පා තැබූ ගගනගාමීන්‌ ප්‍රමාණය 12 කි. ඇපලෝ 11 මගින් සඳෙන් රැගෙන ආ පස්වලින් ජීවින්‌ පිලිබඳ පරික්ෂා කිරීමේ භාග්‍ය උදාවූයේ ශ්‍රී ලාංකික මහාචාර්ය සිරිල්‌ පොන්නප්පෙරුම මහතාටය. එතුමා ශ්‍රී ලංකාවේ ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ ආරම්භක අධ්‍යක්ෂවරයාද වේ.

ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ තාරකා විද්‍යාඥ ඉන්දික මැදගන්ගොඩ මෙසේ පැවසීය.
“ සඳ ගමන මානව වර්ගයාගේ සුවිශේෂි දිනයක්. පරිගණක තාක්ෂණය , සන්නිවේදන තාක්ෂණය වැනි බොහෝ දේ දියුණු වුණා. විද්‍යාත්මක දේවල් පවා දියුණු වුණා. සඳෙන් රැගෙන ආ පාෂාණ කොටස් පිළිබඳව පරීක්ෂණ කළා. ඒ හරහා සෞරග්‍රහ මණ්ඩලයේ අනෙකුත් ග්‍රහලෝක සෑදී තිබෙන ආකාරය පිළිබඳව දැනගැනීමට ලැබුණා. අන්තර් ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය පවා බිහි වීමට මූලික ලෙස පාදක වුණේ මෙම සඳ ගමනයි. නාසා ආයතනය 2026 වර්ෂයේදී තවත් සඳ ගමනක් ආරම්භ කරන්න කටයුතු කරගෙන යනවා. විද්‍යාඥයන් බලාපොරොත්තු වෙනවා අඟහරු ග්‍රහලෝකය මතට කෙනෙක් යවන්න. ඒ යැවීමේදී නැවතුම් මධ්‍යස්ථානයක් ලෙස චන්ද්‍රයා භාවිතා කරන්නේ කොහොමද කියලා පරීක්ෂණ සිදු කරගෙන යනවා. එම පරීක්ෂණ කටයුතු සඳහා අනාගතයේදී සඳ ප්‍රධාන නැවතුම්පොළක් වේවි.

ධම්මික නිරෝෂන් ඝාතනයට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට

2002 වසරේ වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ ධම්මික නිරෝෂන්ට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද (18) පෙරවරුවේ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

පෙරේදා රාත්‍රියේ අම්බලන්ගොඩ කන්ද මාවතේ පිහිටි නිවස ඉදිරිපිටදී හිටපු ක්‍රිකට් ක්‍රීඩක ධම්මික නිරෝෂන් වෙඩි තබා ඝාතනය කර තිබුණා.

ඥා​ණසාර හිමි ඇප මත මුදාහැරීමට නියෝග

බරපතළ වැඩ සහිත වසර හතරක සිර දඬුවම් නියම වී සිටි පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඇප මත මුදාහැරීමට අභියාචනාධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ අනුව, අද (18) එම හිමියන් විසින් ඉදිරිපත් කර තිබූ අභියාචනා පෙත්සම කැඳවීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

“රන්දොර” උරුමය සින්නක්කර නිවාස හිමිකම් ඔප්පු ප්‍රදානය කිරීමේ ජාතික වැඩසටහන ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි

කොළඹ නගරයේ මහල් නිවාසවල ජීවත්වන අඩු ආදායම්ලාභී පවුල් 50,000කට සින්නකර ඔප්පු ලබාදීමේ “රන්දොර උරුමය” වැඩසටහන ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුනා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සංකල්පයකට අනුව, 2024 අයවැය යෝජනා මඟින් ලක්ෂ 20ක ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය ලබාදීමේ උරුමය වැඩසටහන සහ කොළඹ නගරයේ මහල් නිවාසවල ජීවත්වන අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ දෙක හමාරකට එම නිවාසවල පූර්ණ අයිතිය ලබාදීමේ වැඩසටහන ක්‍රියාවට නංවා තිබුණා.

ඒ අනුව මෙහි පළමු අදියර යටතේ කොළඹ නගරයේ මහල් නිවාසවල ජීවත්වන අඩු ආදායම්ලාභී පවුල් 50,000කට සින්නකර ඔප්පු ලබාදීමට නියමිත අතර නාගරික සංවර්ධන අධිකාරිය යටතේ ඇති නිවාස 937 ක් හා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය යටතේ ඇති නිවාස 180 ක් ඇතුළු හිමිකම් ඔප්පු 1117ක් ප්‍රදානය කිරීම මෙලෙස සිදුකර ඇති බවයි සඳහන් වෙන්නේ.

කිසිදු ආණ්ඩුවක් ක්‍රියාත්මක නොකළ මෙම විප්ලවීය වැඩපිළිවෙල රජය ආරම්භ කළේ රටේ ජනතාවට සහනයක් ලබාදීමට බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

6698aafbd0afbpdf_page_2 6698aafbbd7f2pdf_page_1 6698aafba7897pdf_page_0

තිස්ස අත්තනායක ගමන් ගත් ජීප් රථය අනතුරට ලක්වෙයි

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක ගමන් ගත් ජීප් රථය අද (18) උදෑසන ජාවත්ත මාර්ගයේ සළුසල ඉදිරිපිටදී අනතුරට ලක් වී තිබෙනවා.

මන්ත්‍රීවරයා ගමන් ගත් ජීප් රථය සහ මෝටර් රථයක් එකිනෙක ගැටී මෙම අනතුර සිදුව තිබෙනවා.

මෙම අනතුරින් මන්ත්‍රීවරයා ඇතුළු තිදෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් නාරාහේන්පිට ප්‍රදේශයේ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇති බවයි වාර්තා වෙන්නේ.

සිරකරුවන්ටත් ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සිරකරුවන්ට ඉදිරි ජනාධිපතිවරණ සහ මහ මැතිවරණවලදී ඡන්දය ප්‍රකාශ කිරීමට අවශ්‍ය කරන පහසුකම් සලසා දීමට අවශ්‍ය මාර්ගෝපදේශ නිකුත් කිරීමට මැතිවරණ කොමිසම වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සාමාජිකයෙක් වන සුදේශ් නන්දිමාල් ද සිල්වා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

මැතිවරණ කොමිසම සහ එහි සාමාජිකයින් ඇතුළු පිරිසක් එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා.

පුරාවස්තු හා පුරාවිද්‍යාව පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමේ අරමුණින් පුරාවිද්‍යා දෙසතියක්

මෙරට ඉතිහාසය පිළිබඳව ඇති දැනුම වියැකෙමින් යන මොහොතක, පුරාවස්තු හා පුරාවිද්‍යාව පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමේ අරමුණින් පුරාවිද්‍යා දිනය නිමිති කොටගෙන ‘පුරාවිද්‍යා දෙසතිය’ වැඩසටහන දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇති බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක පවසනවා.

මේ යටතේ, හෙට (18) සිංහපාදයේ කැණිම් සිදු කිරිම ආරම්භ කිරීම සිදු කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

මෙම පුරාවිද්‍යා දෙසතිය වැඩසටහන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ මධ්‍යම සංස්කෘතික අරමුදල මඟින් සංවිධානය කෙරෙනවා.

ඒ අනුව මෙම ‘පුරාවිද්‍යා දෙසතිය’ වැඩසටහන තුළින් සෑම පළාතකම සහ දිස්ත්‍රික්කයකම පුරාවිද්‍යා කාර්යාල හරහා පාසල් සිසු දරුවන්, රාජ්‍ය නිලධාරීන් සහ පුරාවිද්‍යාව පිළිබඳව උනන්දුවක් දක්වන කණ්ඩායම් සඳහා පුරාවිද්‍යාව, උරුම කළමනාකරණය, පුරාවස්තු ආරක්ෂා කර ගැනීම, එහි නෛතික පදනම පිළිබඳව දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණ සහ වැඩසටහන් සිදුකරන බවයි පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ඩී. තුසිත මැන්දිස් සඳහන් කළේ.

නව විදුලි මිල සංශෝධනයත් සමඟ භාණ්ඩ හා සේවා ගාස්තු 20% කින් අඩුකළ හැකියි – කංචන

විදුලි මිල සංශෝධනය කිරීමට සාපේක්ෂව වෙළඳපළේ ඇති භාණ්ඩ හා සේවා ගාස්තු 20% කින් පමණ අඩුකළ හැකි බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

විදුලිබිල වැඩිවන දින මධ්‍යම රාත්‍රියේම ඉහළ දැමෙන භාණ්ඩ හා සේවා ගාස්තු මිල ගණන්, විදුලිබිල අඩු කරන දිනයේ සිට පහත දමමින් ජනතාවට සහන සලසන ලෙස ව්‍යාපාරික ප්‍රජාවගෙන් ඉල්ලා සිටින බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

නව විදුලි සංශෝධනයෙන් වැඩිම සහනයක් ලැබී තිබෙන්නේ ඒකක 90 ට වඩා අඩුවෙන් පාරිභෝජනය කරන ජනතාවට බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.