මුදල් ආරවුලක් මත සිය මස්සිනාට පහරදී බරපතලයි.

මුදල් ආරවුලක් මත සිය මස්සිනාට පහරදී බරපතලයි.

ගල්පාත චන්දන පෙරේරා

මිල්ලනිය දෙල්දොර වත්ත ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් අද (11) සවස මස්සිනාට පොල්ලකින් පහරදී බරපතල තත්වයෙන් හොරණ රෝහල වෙත ඇතුළත් කර ඇති බව මිල්ලනිය පොලිසිය පවසයි.

මෙසේ පහරකෑමට ලක්ව ඇත්තේ (38) හැවිරිදි මිල්ලනිය දෙල්දොරවත්ත ප්‍රදේශයේ පදිංචි විවාහක පුද්ගලයෙකි. පහරදීම සිදුකර ඇත්තේ සිය නැගණියගේ ස්වාමිපුරුෂයා වන අතර මුදල් ආරවුලක් මත මෙම පහරදීම සිදුවිය ඇති බව අනාවරණය වී ඇත.

සිය මස්සිනා සමග ඇතිවූ බහින්බස් වීම දුරදිග යාමෙන් පසු හිස ප්‍රාදේශයට පොල්ලකින් පහර දී ඇති අතර පහර කෑමෙන් බිම වැටුණු පුද්ගලයාගේ පපු ප්‍රදේශයට සහ උදර ප්‍රදේශයට නැවත පහර දී ඇති බව පරීක්ෂණවලදී යනාවරණය වී ඇත.

තුවාල කරු1990 හදිසි ගිලන් රථයෙන් හොරණ රෝහල වෙත රැගෙන ගොස් හදිසි අනතුරු ඒකකයට ඇතුලත් කර ඇත. තුවාලකරු සාධ්‍ය තත්ත්වයේ සිටින අතර වෛද්‍යවරුන් විසින් දැඩි උත්සහයක නිරතවෙමින් සිටින බවද ශරීරය අභ්‍යන්තරයේ රුධිර වහනය වන බවද රෝහල් අරංචි මාර්ග පවසයි.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මිල්ලනිය පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.

15වෙනිදා ට පෙර ආදායම් බදු ගෙවීම් ගැන විශේෂ දැනුම් දීමක්. – දඩ සහ පොලී ගෙවීම් වලින් බේරෙන හොඳම විදිහ මෙන්න.

තක්සේරු වර්ෂයේ පළමු කාර්තුවේ ආදායම් බදු ලබන 15 වැනිදාට පෙර ගෙවිය යුතු බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජේෂ්ඨ නියෝජ්‍ය කොමසාරිස් නන්දන කුමාර පවසා තිබෙනවා.

ඔහු පෙන්වා දෙන්නේ, ගෙවීම තුළින් දඩ ගෙවීම හා පොලී ගෙවීමෙන් වැළකිය හැකි බවත්, මාර්ගත ක්‍රමය හරහා ගෙවීමේ පහසුකම් මේ වන විට සලසා ඇති බවත්ය.

වාහන ආනයනය ගැන ජනපති කියන අලුත්ම කතාව..තාරුණ්‍යයේ සිහින බොදව යයිද..

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසන්නේ, බදු සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලු, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව විසඳා ගැනීමට අපේක්ෂා කරන බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟ වන කරුණු මෙන්ම, එකඟ නොවන කරුණුද පවතින බවයි,මහනුවර පැවති රැස්වීමකදී ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මහනුවර දිස්ත්‍රික් වෙළෙඳ සංගම් නියෝජිතයින් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡාවක් ඊයේ පැවැත්වුණි.

මහනුවර එක්සත් වෙළෙඳ පෙරමුණ විසින් සංවිධාන කෙරුණු එම හමුවට එම ප්‍රදේශයේ සිංහල, දෙමළ, මුස්ලිම් ව්‍යාපාරික සංගම්වල නියෝජිතයින් රැසක් සහභාගී විය. එහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,

“බදු වැඩි කිරීම නිසා 2023 සහ 2024 මුල් කාලය අමාරු කාලයක් වුණා. දැන් ආර්ථිකය ටිකෙන් ටික හොඳ අතට හැරෙනවා. ප්‍රාථමික අයවැය අතිරික්තයක් පවත්වා ගන්න හැකිවුණා. මේ පියවර පෞද්ගලික අංශයට බලපානවා. IMF සමඟ මාස 6කට සැරයක් සාකච්ඡා කරනවා. එතැනදි පෙනුණේ තවත් දියුණු වෙමින් පවතින බව
බදු ගැටලු සංශෝධනය කිරීමට IMF සමඟ සාකච්ඡා කරනවා. IMF සමඟ එකඟ වන කරුණුත් – එකඟ නොවන කරුණුත් තියෙනවා. එන අවුරුද්දේ විදේශ සංචිතය අඩුවෙන්න යන්නේ. වාහන ආනයනය ආරම්භ කළාම එහෙම වෙනවා. ඒත් අපිට වාහන නොගෙන ඉන්න බැහැ. ආදායමේ විශාල කොටසක් තියෙන්නේ වාහන බදුවලින්. ලබන අවුරුද්ද මැද වෙනකොට මීට වඩා හොඳ දියුණුවක් ලැබෙයි.”

මෙරට ප්‍රධානතම වරායක නවතා තිබුණු නැවක ගින්නක්..

කොළඹ වරායේ JCT 4 ජැටියේ නැංගුරම් දමා තිබූ නැවක අද (11) උදෑසන හදිසි ගින්නක් ඇතිවී තිබෙනවා.

වාර්තා වෙන්නේ, වරායේ ගිනි නිවන අංශය විසින් එම ගින්න සාර්ථකව මැඩ පවත්තා ඇති අතර මේ වනවිට සම්පූර්ණයෙන්ම ගින්න නිවා දමා ඇති බවයි

වරාය අධිකාරිය පවසන්නේ, ස්විට්සර්ලන්තයේ ජිනීවාහි නෞකා සමාගමට අයත් මෙම MSC Captown නෞකාව සිංගප්පූරු වරායේ සිට කොළඹ වරායට පැමිණි අතර බහාලුම් 995 ක් ගොඩබෑමට සහ බහාලුම් 880 ක් පටවා ගැනීමට නියමිතව තිබූ බවයි.

මෙම සිද්ධිය පිළිබඳව පූර්ණ පරීක්ෂණයක් සිදුකරන ලෙසට වරාය,නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා විසින් වරාය අධිකාරියේ සභාපති කීත් බර්නාඩ් මහතාට උපදෙස් ලබා දී තිබෙනවා.

ජනාධිපතිවරණට අපේක්ෂකයින් වැඩිවන විට, සෑම අපේක්ෂකයෙකු සඳහාම රුපියල් මිලියන 200ක අතිරේක වියදමක් යනවා – මැතිවරණ කොමසාරිස්

ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයින් වැඩිවන විට, ඒ වැඩිවන සෑම අපේක්ෂකයෙකු සඳහාම රුපියල් මිලියන 200ක අතිරේක වියදමක් දැරීමට සිදුවනු ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසා සිටියා.

මතවාදමය වශයෙන් ජනාධිපතිවරණය නියෝජනය කිරීම ගැටළුවක් නොවන බවත්, නමුත් බොහෝ දෙනා අපේක්ෂකත්වය ලබාගන්නේ මාධ්‍ය ආවරණ කාලය ලබාගැනීම සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් හෝ වෙනත් එවැනි ප්‍රතිලාභයක් බලාපොරොත්තුවෙන් බව ද ඊයේ (09) කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු සඳහන් කළා.

රජයේ මුද්‍රණාලයේ මුද්‍රණය කළ හැකි ඡන්ද පත්‍රිකාවක උපරිම දිග අඟල් 27.5 ක් බවත්, ඒ ප්‍රමාණය ඉක්මවා ගියහොත්, පේළි දෙකකට පත්‍රිකාව මුදුණය කිරීමට සිදුවන බවයි කොමසාරිස්වරයා පවසා සිටියේ.

එසේ වූ විට ඡන්ද පෙට්ටියකට බහාලිය හැකි ඡන්ද පත්‍රිකා ගණන අඩු වන නිසා ඡන්ද පෙට්ටි ගණන වැඩි වන බව ද, ඒ හේතුවෙන් ප්‍රවාහන වියදම් ඇතුළු සියළු වියදම් ඉහළ යන බව ද ඔහු පෙන්වා දෙනවා.

පසුගිය ජනාධිපති මැතිවරණ ගණනාවකම ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා හැරුණු විට අනෙකුත් සියලුම අපේක්ෂකයන් ලබාගෙන තිබුණේ 5%ට වඩා අඩු ඡන්ද ප්‍රතිශතයක් බවයි මැතිවරණ කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.

සතො​ස අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල අඩු කරයි

ලංකා සතොස ආයතනය විසින් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල අඩුකර තිබෙනවා.

ඒ අනුව සුදු සීනි, කීරි සම්බා, ආනයනික අර්තාපල්, සුදු කව්පි, ඉන්දියානු ලොකු ලූනු, මුං ඇට, රතු කව්පි, රතු පරිප්පු, වියළි මිරිස් ඇතුළු භාණ්ඩ කිහිපයක මිල මෙලෙස අඩු කර ඇති බවයි සඳහන් වෙන්නේ.

හරීන් සහ මනූෂගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීම නීත්‍යානුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග කරයි

හරින් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර යන අයගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට ගත් තීන්දුව නීත්‍යානුකූල බව අද (09) ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.

සමගි ජන බලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසි ඔවුන් පක්ෂයේ තීන්දුවට පටහැනිව ආණ්ඩුවේ ඇමැති ධුර ලබා ගැනීම හේතුවෙන් ඔවුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට කටයුතු කර තිබුණා.

සමගි ජන බලවේග පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය විසින් ඔවුන් දෙදෙනාගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරිමට එරෙහිව ඔවුන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනු කර තිබුණා.

අගෝස්තු 11 ගම්පහ ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක්

විදුලිබල මණ්ඩලයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් බියගම ජල පවිත්‍රාගාරයට අගෝස්තු මස 11 වැනි ඉරිදා පෙරවරු 9.00 සිට පස්වරු 9.00 දක්වා පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණඩලය පවසනවා.

ඒ අනුව පෑලියගොඩ, වත්තල, ජා ඇල, කටුනායක/සීදූව, නගර සභා බල ප්‍රදේශවලට සහ කැලණිය, වත්තල, බියගම, මහර, දොම්පේ, ජා-ඇල, කටාන, මිනුවන්ගොඩ, ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය මෙන්ම ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොටසකට මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි එම මණ්ඩලය සඳහන් කළේ.

ජලය අරපිරිමැස්මෙන් පරිභෝජනය කරන ලෙස ද එම මණ්ඩලය පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටිනවා.

ජපානයේ රික්ටර් මාපකයේ 7.1 ක භූමිකම්පාවක්

ජපානයේ දකුණු ප්‍රදේශයේ රික්ටර් මාපකයේ 7.1 ක භූමිකම්පාවක් ඇතිවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව Kyushu හා Shikoku යන ප්‍රදේශවලට සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

රී ලංකාවේ ප්‍රථම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදිකාව වූ සුමනා නෙල්ලම්පිටිය අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රථම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදිකාව වූ, ජ්‍යෙෂ්ඨ නිවේදිකා සුමනා නෙල්ලම්පිටිය මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට ඇය 80 වන වියේ පසු වුණා.

1962 වසරේදී ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වෙළෙඳ සේවයේ සහය නිවේදිකාවක ලෙස ඇය විසින් ඉදිරිපත් කළ “පිබිදෙන ගායක පරපුර”, “ඕවල්ටීන් පැනපොඩි” සහ “රේඩියෝ සඟරාව” යන වැඩසටහන් රසිකයින් අතර මහත් ජනාදරයට පත් වුණා.