ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද විමසුම අද ඇරඹෙයි

ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීම අද (04) ආරම්භවීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව අද දිනයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කොමිෂන් සභා කාර්යාල, ජ්‍යෙෂ්ඨ සහ නියෝජ්‍ය පොලිස්පති කාර්යාල, පොලිස් අධිකාරී සහ සහකාර පොලිස් අධිකාරී කාර්යාල, පොලිස් ස්ථාන, විශේෂ කාර්ය බළකා කඳවුරු, විශේෂ පොලිස් ඒකක සහ ප්‍රභූ ආරක්ෂක කොට්ඨාසය යන ස්ථානවල සේවය කරන කාර්ය මණ්ඩලවලට තැපැල් ඡන්ද සලකුණු කිරීමේ අවස්ථාව හිමිව තිබෙනවා.

අද දිනයට අමතරව අදාළ ස්ථානවල ලබන 06 වන දින ද තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා අවස්ථාව ලබාදී ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළේ

එළඹෙන ජනාධිපතිවරණ ජන්ද විමසීමට අදාළව සමඟි ජන සන්ධානයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහය පළකරමින් ඔවුන් සමඟ එක වූ හිටපු අමාත්‍යය ප්‍රභා ගනේෂන් මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රජාතන්ත්‍රවාදි ජනතා කොංග්‍රසය සහ මානුෂීය ජනතා සන්ධානය ස්වාධීන වීමට තීරණය කර ඇතැයි එහි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේය.

එළඹෙන ජනාධිපතිවරණ ජන්ද විමසීමට අදාළව සමඟි ජන සන්ධානයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහය පළකරමින් ඔවුන් සමඟ එක වූ හිටපු අමාත්‍යය ප්‍රභා ගනේෂන් මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රජාතන්ත්‍රවාදි ජනතා කොංග්‍රසය සහ මානුෂීය ජනතා සන්ධානය ස්වාධීන වීමට තීරණය කර ඇතැයි එහි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේය.

සමඟියට 27ක් ලෙස එම එකඟතාවට අත්සන් තැබුවද එම එකඟතාව ලියවිල්ලකට පමණක් සීමා වී ඇති බවයි එම කණ්ඩායම පවසන්නේ.

ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට අදාළව ප්‍රචාරක කටයුතුවලට එම 27 කණ්ඩායම සම්බන්ධ කර ගැනීමට සමඟි ජන බලවේගයේ උනන්දුවක් නොමැති බවත් දැනට පවත්වන මහජන රැළි ආමන්ත්‍රණය කිරීමට හෝ අවස්ථාවක් ලබා දී නැති බවයි කියවුණේ.

සමඟි ජන බලවේගයේ මැතිවරණ ප්‍රචාරණ කටයුතුවලට අදාළව මෙම 27 කණ්ඩායම විසින් වැඩපිළිවෙලක් භාර දුන්නද ඊටද යහපත් ප්‍රතිචාරයක් දැක්වීමට සමඟි නායකත්වය කටයුතු කර නැති බවද වාර්තා විය.

ඒ අනුව ඔවුන්ව මෙම මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට අදාලව මෙන්ම ඉදිරි සැලසුම්වලට අදාළව දායකකරගැනීමක් නොකරන හෙයින් තවදුරටත් සමඟි ජන සන්ධානය තුළ රැඳී සිටිනවාද යන්න තීරණයක් ගැනීමට සිදුව තිබෙන බවයි එහි අභ්‍යන්තර ආරංචි මාර්ග තහවුරු කළේ.

මෙම අර්බුදය විසඳා ගැනීමට ඊයේ (03) දිනයේද සාකච්ජා කිරීමට ප්‍රභා ගනේෂන් මහතා ප්‍රමුඛ කණ්ඩායම බලාපොරොත්තුවෙන් සිට ඇතත් ඊටද අවස්ථාවක් ලැබී නැති බව සඳහන්.

ඒ අනුවයි ඔවුන් සමඟි ජන සන්ධානයේ කටයුතුවලට තවදුරටත් සහය දක්වන පාර්ශවයක් නොවී ස්වාධීන වීමට තීරණයක් ගෙන ඇත්තේ.

රට පුරා ස්ථාන 20 ක සූර්ය බලාගාර ඉදි කිරීමට සඳහා කැබිනට් අනුමැතිය

මෙගාවොට් 1 සිට 5 දක්වා වන ධාරිතාවන්ගෙන් යුත් මෙගාවොට් 165 ක මුළු ධාරිතාවකින් සමන්විත භූමිය මත ඉදිකෙරෙන සූර්ය ප්‍රකාශ වෝල්ටීයතා විදුලි බලාගාර ස්ථාපනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

අම්පාර, අනුරාධපුර, අතුරුගිරිය, බෙලිඅත්ත, දෙනියාය, ගාල්ල, හබරණ, හොරණ, කොස්ගම, කුරුණෑගල, මාදම්පේ, මහියංගනය, මහව, මාතර, මතුගම, පන්නල, පොළොන්නරුව, ත්‍රිකුණාමලය, වවුනතිව් හා වේයන්ගොඩ යන ග්‍රිඩ් උපපොළ සඳහා මෙගාවොට් 165ක ව්‍යාපෘති සංවර්ධනය කිරීම සඳහා තරගකාරී යෝජනා කැඳවා ඇති බවයි අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ.

එක් එක් ස්ථානය සඳහා ලංසුකරුවන් විසින් ඉදිරිපත් කරන ලද යෝජනා ඇගයීමෙන් පසු අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුව විසින් නිර්දේශ ඉදිරිපත් කර තිබෙන අතර එකී නිර්දේශ මත පදනම්ව  ප්‍රතිචාරාත්මක සාර්‌ථක ලංසුකරුවන් වෙත කොන්ත්‍රාත්තු පිරිනැමීමට  විදුලිබල හා බලශක්ති  අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

අදාළ කැබිනට් තීරණය පහතින්.

66d6ca63b357a

පුරාවස්තු අලෙවි කිරීමට රැගෙන ගිය සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට

පුරාවස්තු කිහිපයක් සමඟ පුද්ගලයන් තිදෙනෙකු පාදුක්ක නගරයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පාදුක්ක පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත සිදුකල හදිසි වැටලීමකදී එම පුරාවස්තු අලෙවි කිරීම සඳහා වෑන් රථයකින් රැගෙන යමින් සිටියදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

එම වෑන් රථයේ තිබී කිරිගරුඬ බුදු පිළිමයක්, වාලම්පූරියක්, පැරණි කාසි දෙකක් සහ මැටි පිඟානක් සොයාගත් බවත්, අත්අඩංගුවට ගත් සැකකරුවන් හඳපාන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

ජනාධිපතිවරණයේ ‍තැපැල් ඡන්ද සලකුණු කිරීම හෙට ඇරඹෙයි

මෙවර ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු හෙට (04) ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව හෙට දිනයේ දී දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කොමිෂන් සභා කාර්යාල, ජ්‍යෙෂ්ඨ සහ නියෝජ්‍ය පොලිස්පති කාර්යාල, පොලිස් අධිකාරී සහ සහකාර පොලිස් අධිකාරී කාර්යාල, පොලිස් ස්ථාන, විශේෂ කාර්ය බළකා කඳවුරු, විශේෂ පොලිස් ඒකක සහ ප්‍රභූ ආරක්ෂක කොට්ඨාසය යන ස්ථානවල සේවය කරන කාර්ය මණ්ඩලවලට තැපැල් ඡන්ද සලකුණු කිරීමේ අවස්ථාව හිමිව තිබෙනවා.

හෙට දිනයට අමතරව අදාළ ස්ථානවල ලබන 6 වන දින ද තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා අවස්ථාව ලබාදී ඇති බවයි වාර්තා වෙන්නේ.

ත්‍රිවිධ හමුදා කඳවුරුවල සහ සෙසු සියලුම රාජ්‍ය ආයතනවල සිටින කාර්ය මණ්ඩලය සඳහා තැපැල් ඡන්ද සලකුණු කිරීමේ අවස්ථාව සැප්තැම්බර් 05 සහ 06 දිනවල පැවැත්වීමට නියමිතයි.

මෙවර ජනාධිපතිවරණය සඳහා තැපැල් ඡන්දදායකයින් 712,319 දෙනෙකු සුදුසුකම් ලබා සිටිනවා.

මර්දනයට එරෙහිව වෛද්‍යවරුන් අද දහවල් විරෝධතාවල

බස්නාහිර පළාත හැර දිවයිනේ අනෙක් සියලුම දිස්ත්‍රික්කවල රෝහල් ඉදිරිපිට අද (03) විරෝධතා ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව දහවල් 12.‍00 සිට 1.00 දක්වා කෑම පැයේ කාලය තුළ මෙම විරෝධතාවය ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි සඳහන් වෙන්නේ.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අර්බුද පිළිබඳව ජනතාවට සත්‍ය හෙළි කරන වෘත්තීය සමිති නායකයින් මර්දනය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක විනය පරීක්ෂණ ඇතුළු ක්‍රියාමාර්ගයන්ට විරෝධය පළ කිරීමේ අරමුණින් මෙම විරෝධතා ක්‍රියාත්මක බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස සඳහන් කළේ.

කළු ගඟ ආශ්‍රිත ප්‍රදේශ කිහිපයකට සුළු ගංවතුර තත්ත්වයක් ගැන අනතුරු ඇඟවීමක්

ඉදිරි පැය 24ක කාලය තුළ බුලත්සිංහල, මදුරාවල සහ පාලින්ද නුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත්බිම්වලට සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

කළු ගඟේ කුඩා ගඟ උපද්‍රෝණියට අයත් ඉහළ ධාරා ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති අතර තවදුරටත් වර්ෂාව ඇදහැළෙමින් පවතින බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.

මේ හේතුවෙන් බුලත්සිංහල, මදුරාවල සහ පාලින්ද නුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල කුඩා ගඟ සහ මගුර ගඟ පිටාර තැන්නට අයත් පහත් බිම් ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවත් එම ප්‍රදේශවල අතුරු මාර්ග ජලයෙන් යට වීමේ අවධානමක් පවතින අතර ඒ හේතුවෙන් සැලකිල්ලෙන් කටයුතු කරන ලෙස වාරිමාරිග දෙපාර්තමේන්තුව එම ප්‍රදේශවල ජනතවෙගෙන් ඉල්ලා සිටිනවා.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

66d5445a7246e

මැතිවරණ පැමිණිලි 1745 ඉක්මවයි

ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබී ඇති පැමිණිලි තවදුරටත් ඉහළ ගොස් ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

පසුගිය ජූලි 31 වැනිදා සිට අගෝස්තු 31 වනදා දින දක්වා ලැබී ඇති මුළු මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව 1745 දක්වා ඉහළ ගොස් ඇති බවයි එම කොමිෂන් සභාව සඳහන් කරන්නේ.

ඒ අනුව මැතිවරණ නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 1676 ක්, ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධ පැමිණිලි 10 ක් හා වෙනත් පැමිණිලි 59 ක් ද ලැබී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අදාළ වාර්තාව පහතින්.

66d5445a7246e

සැප්තැම්බර් මාසයේ ගෑස් මිල සංශෝධනයක් නැහැ – ලිට්‍රෝ සභාපති

මාසිකව සිදුවන ගෑස් මිල සංශෝධනය අනුව සැප්තැම්බර් මාසයේ ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බව ලිට්‍රෝ සමාගම පවසනවා.

ඒ අනුව මේ වන විටත් පවතින මිලටම ගෑස් අලෙවිය සිදුවන බවයි ලිට්‍රෝ සභාපති මුදිත පීරිස් සඳහන් කළේ.

ඩුබායි සිට තීරුබදු නොගෙවා නීතිවිරෝධීව මෙරටට ගෙන ආ දුම්වැටි තොගයක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

ඩුබායි සිට තීරුබදු නොගෙවා නීතිවිරෝධීව මෙරටට ගෙන ආ දුම්වැටි තොගයක් සමග සැකකරුවෙකු කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ කටුනායක ගුවන්තොටුපොළේ ඒකකය විසින් සැකකරු අද (01) අලුයම අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

සැකකරු සතුව තිබී නීතිවිරෝධී දුම්වැටි 20000ක් පොලිස් භාරයට ගෙන ඇති අතර පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය කටුනායක ගුවන්තොටුපොළ ඒකකය වැඩිදුර විමර්ශන සිදුකරනවා.