මහපොළ ශිෂ්‍යාධාරය 2025 අප්‍රේල් සිට රු.7,500 දක්වා ඉහළ දැමීමට කැබිනට් අනුමැතිය

විශ්ව විද්‍යාල සිසුන්ගේ මහපොළ හා ශිෂ්‍යාධාර 2025 අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහල නැංවීම සඳහා අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී තිබෙනවා.

මහපොළ හා ශිෂ්‍යාධාර වාරික 2015 වර්ෂයේ සිට මේ දක්වා වැඩි කර නොමැති බැවින්, එම වාරික මුදල් සංශෝධනය කිරීම සඳහා අමාත්‍යවරුන් දෙදෙනෙකු විසින් ඒකාබද්ධ යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.

එම යෝජනාව සැලකිල්ලට ගෙන මහපොළ ශිෂ්‍යත්ව වාරිකය රු.7,500 දක්වාත්, ශිෂ්‍යාධාර වාරිකය රු.6,500 දක්වාත් 2025 අප්‍රේල් මස සිට ක්‍රියාත්මක වන පරිදි වැඩි කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබාදී තිබෙනවා.

අදාළ කැබිනට් තීරණය පහතින්.

66e00d8ad36af

iPhone 16 නිල වශයෙන් එළිදක්වයි

නවතම iPhone 16 ජංගම දුරකථන මාදිලිය එළිදක්වා තිබෙනවා.

Apple Park හිදී පැවැත්වෙන වාර්ෂික උළෙලේදී ඇපල් සමාගම සිය නවතම iPhone මාදිලිය මෙලෙස එළිදක්වා ඇති බවයි සඳහන් වෙන්නේ.

iPhone 16, iPhone 16 plus, iPhone 16 pro සහ iPhone 16 pro max ලෙස මාදිලි කිහිපයකින් මෙය සමන්විත වනවා.

ජායාරූප පහතින්.

66dfc60332fff 66dfc5fec9b22

66dfc603549dd

සජබ රැලියක් අතරතුර රතිඤ්ඤා පත්තු කිරීමකින් සිදුවූ අනතුරකින් 5 ක් රෝහලට

සමගි ජන බලවේගයේ ජනාධිපතිවරණ ප්‍රචාරණ රැලියක් අතරතුර සිදුකළ රතිඤ්ඤා පත්තු කිරීමකින් සිදුවු අනතුරකින් තුවාල ලැබු පොලිස් නිලධාරීන් ඇතුළු කිහිපදෙනෙක් රෝහල් ගතකර තිබෙනවා.

ප්‍රචාරණ රැලිය ආරම්භ කරනවාත් සමග අදාළ ස්ථානයේ රතිඤ්ඤා දල්වා ඇති අතර, ඉන් පොලිස් නිලධාරීන් 5 දෙනෙකු සහ සිවිල් පුද්ගලයින් දෙදෙනෙක් තුවාල ලබා මහනුවර රෝහලට ඇතුළත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස සහභාගී වන ජන රැළියක් මේ වන විට මහනුවර දී පැවැත්වෙනවා.

තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව බෙංගල බොක්ක මුහුද ආශ්‍රිත ගැඹුරු මුහුදු ප්‍රදේශවල ක්‍රියා කරන ධීවර සහ නාවික ප්‍රජාව සඳහා සැලකිලිමත්වන ලෙස දන්වා අනතුරු අඟවා ඇති බවයි සඳහන් වෙන්නේ.

වයඹ සහ ඊට යාබද බටහිර-මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී සැප්තැම්බර් 08 වන දින 1800UTC වන විට උතුරු අක්ෂාංශ 18.9 ත් නැගෙනහිර දේශාංශ 86.3ත්  ආශ්‍රිතව පැවතින බවද සඳහන්.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් මේ සම්බන්ධයෙන් නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳ සිය අවධානය යොමු කරන ලෙස ද ධීවර හා නාවික ප්‍රජාවට දැනුම් දෙන්නේ.

මෙම නිවේදනය පහතින්.

66dea7ee70f17pdf_page_1

2024 වසරේ මේ දක්වා රුපියල් බිලියන 15ක මත්ද්‍රව්‍ය නාවික හමුදාව භාරයට

වසරේ ගත වූ මාස කිහිපය තුළ සිදුකළ වැටලීම්වලදී මුහුදු මාර්ගය ඔස්සේ රැගෙන ආ රුපියල් මිලියන 15,000කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය සිය භාරයට ගෙන ඇති බව නාවික හමුදාව පවසනවා.

ඒ අනුව හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 385කට ආසන්න තොගයක් නාවික හමුදා භාරයට ගෙන ඇති අතර එහි වටිනාකම රුපියල් මිලියන 9,631ක් බවයි වාර්තා වෙන්නේ.

එසේම රුපියල් මිලියන 4,860ක වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 511කට ආසන්න තොගයක් ද නාවික හමුදා භාරයට ගෙන ඇති බවද සඳහන්.

අදාළ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරිම් සම්බන්ධයෙන් පුද්ගලයින් 162 දෙනෙකු සහ  මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා භාවිත කළ බෝට්ටු 11ක් ද සිය භාරයට ගත් බවයි නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කරන්නේ.

තැපැල් ඡන්ද පත්‍රිකාව ඡායාරූපගත කළ විදුහල්පතිවරයා අත්අඩංගුවට

තැපැල් ඡන්දය සලකුණු කළ පත්‍රිකාවක් ඡායාරූප ගත කිරීමේ චෝදනාවකට මුලතිව් ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මුලතිව් අධ්‍යාපන කාර්යාලයේ සහතික කිරීමේ නිලධාරියා ලෙස කටයුතු කළ විදුහල්පතිවරයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

අදාළ විදුහල්පතිවරයා පසුගිය 06 වනදා මුලතිව් අධ්‍යාපන කාර්යාලයේ දී තැපැල් ඡන්දය භාවිත කරන අතරතුර ඡන්ද පත්‍රිකාවේ ඡායාරූපයක් ගෙන ඇති බව මුලතිව් පොලීසිය වැඩිදුරටත් ප්‍රකාශ කළා.

ආනයනික සිමෙන්ති සඳහා පනවා තිබූ සෙස් බද්ද රුපියලකින් අඩු කෙරේ

ආනයනික සිමෙන්ති සඳහා පනවා තිබූ සෙස් බද්ද අඩු කිරීමට රජය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව සැප්තැම්බර් මස 06 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික සිමෙන්ති කිලෝග්‍රෑම් 1ක් සඳහා පැවති සෙස් බද්ද රුපියලකින් අඩු කිරීමට පියවර ගෙන ඇති බවයි මුදල් අමාත්‍යංශය සඳහන් කරන්නේ.

අදාළ මිල අඩුවන ආකාරය පහතින්.

66dd3de64e371

අද විශේෂ දිනයක් ලෙස නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම සිදු කෙරේ

අද (08) නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ විශේෂ දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ පවසනවා.

ඒ අනුව අද පෙරවරු 8.00 සිට පස්වරු 6.00 දක්වා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවසින් නිවසට රැගෙනගොස් භාරදීමට නියමිත බවයි ඔහු සඳහන් කළේ.

අද දිනයේ නිවසේ රැඳී සිට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා අත්සන් සහිතව ලබාගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි නියෝජ්‍ය තැපැල්පතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

හෙට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ විශේෂ දිනයක් – නියෝජ්‍ය තැපැල්පති

හෙට (08) නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ විශේෂ දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ පවසනවා.

ඒ අනුව පෙරවරු 8.00 සිට පස්වරු 6.00 දක්වා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවසින් නිවසට රැගෙනගොස් භාරදීමට බලාපොරොත්තු වන බවත්, හෙට දිනයේ නිවසේ රැඳී සිට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා අත්සන් සහිතව ලබාගන්නා ලෙසට නිවැසියන්ගෙන් ඉල්ලා සිටින බවත් ඔහු සඳහන් කළා.

පසුගිය 03 වනදා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම ආරම්භ වු අතර, 2024 ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලක්ෂ 30ක් පමණ මේ වනවිට බෙදාහැර ඇති බවයි තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

පළමු දින විවාදයට දිලිත් පමණයි ‍- සජිත්, නාමල් සහ ආරියනේත්තිරන් නොපැමිණෙයි

මාර්තු 12 ව්‍යාපාරය සංවිධානය කරන ජනාධිපතිවරණ විවාද මාලාවේ පළමු දිනය වන අද (07) ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර පමණක් විවාදය සඳහා සහභාගී වී තිබෙනවා.

අද දින විවාදය සඳහා සජිත් ප්‍රේමදාස, නාමල් රාජපක්ෂ සහ ආරියනේත්තිරන් පාක්කියසෙල්වම් යන ජනාධිපති අපේක්ෂකයින්ද සහභාගී වීමට නියමිතව තිබුණත් ඔවුන් සහභාගී වී නොමැති බවයි වාර්තා වන්නේ.

කෙසේනමුත් විවාදයේ දෙවන දිනය හෙට (08) පැවැත්වෙන බවද ඒ සඳහා විජේදාස රාජපක්ෂ, නුවන් බෝපගේ ඇතුළු ජනාධිපති අපේක්ෂකයින් 6 දෙනෙකු සහභාගී වීමට නියමිත බව මාර්තු 12 ව්‍යාපාරය නිවේදනය කළා.

හෙට දිනයේද විවාදයේ සජීවී ඩිජිටල් විකාශය හෙළකුරු ජනවරම මැතිවරණ තොරතුරු සේවාව ඔස්සේ නැරඹිය හැකියි.