Author: uslanka
ලෙනින් පවා වරෙක විරෝධතාකරුවන් ත්‍රස්තවාදීන් ලෙස හදුන්වා තිබෙනවා – රාජිත
ලෙනින් පවා වරෙක විරෝධතාකරුවන් ත්‍රස්තවාදීන් ලෙස හදුන්වා ඇති හෙයින් රාජ්‍ය දේපල විනාශ කරමින් විරෝධතා කරන සිසුන් මර්දනය කිරීම කළ යුතු යැයි සම කැබිට් ප්‍රකාශක සෞඛ්‍ය පෝෂණ හා දේශිය අමාත්‍ය රාජිත සේනාරත්න පැවසීය.
ඊයේ (ජුනි 28) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදීන් අසන ලද ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.
එසේම ඔවුන් පලවා නොහැර අමාත්‍යංශයට ගිනි තබා විනාශ කරනතෙක් තමා බලා සිටින්නදැයි අමාත්‍යවරයා මෙහිදී ප්‍රශ්න කළේය.
රතුපස්වල සහ කදාන ප්‍රදේශ වල ඇතිවූ උද්ඝෝෂණ වලදී රජපක්ෂ රජය විසින් විරෝධතාකරුවන් ඝාතනය කළ ලෙසට වත්මන් රජය විරෝධතාකරුවන් ඝාතය නොකිරීම මහින්ද රාජපක්ෂට ඇති ගැටලුවක්ව ඇති බැවින් අමාත්‍යංශයට කඩාවැදුන සිසුන් පලවාහැරීම සම්බන්ධයෙන් විවිධ ප්‍රකාශ නිකුත් කරමින් සිටිනවා යැයි හෙතෙම කීය.
එසේම විශ්ව විද්‍යාල සිසුන් කිසිදු දිනක තමා හමුවීම සදහා වෙලාවක් වෙන්කරගෙන නැතැයිද අමාත්‍යවරයා පැවසීය.
විරෝධතාකරුවන් අමාත්‍යංශයට කඩාවදින තෙක් පොලීසියේ නිලධාරීන් පවා ඒ පිළිබද නොදන්නා බවත් විශේෂකාර්ය බලකායේ නිලධාරීන් පමණක් පැමිණ අමාත්‍යංශය වැටලූ අවස්ථාවේ ආරක්ෂක පියවර ගත් බවත් අමාත්‍යවරයා පැවසීය.
ලෝකයේ කිසිම පොලීසියක් ලබානොදෙන ලෙස එම අවස්ථාවේ විරෝධතාකරුවන්ට ඉවත්වීමට පොලීසිය විනාඩි පහලොවක් ලබාදුන් බවද පැවසූ අමාත්‍යවරයා පොලීසිය එම අවස්ථාවේ හැසිරුණ ආකාරය සම්බන්ධයෙන් ජනාධිපති ක්‍රියාමාර්ගයක් ගනු ඇතැයි සදහන් කළේය.
අමාත්‍යංශ දේපල වලට හානි කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය දේපල පනත යටතේ නඩු පැවරිය හැකි බවත් අමාතයංශයට සිදුවූ හානිය මිලියන ගණනාවක් වන මුත් තවම එම ප්‍රමාණය මෙතෙක් ගණනය කර නැතැයි අමාත්‍යවරයා සදහන් කළේය.
ජනපති GMOA සමග කිසිදු සාකච්ඡාවකට එකග නැහැ – රාජිත සේනාරත්න
ජනාධිපතිවරයා, සයිටම් වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමග කිසිදු සාකච්ඡාවකට සූදානම් නැතැයි සම කැබිට් ප්‍රකාශක සෞඛ්‍ය පෝෂණ හා දේශිය අමාත්‍ය රාජිත සේනාරත්න පැවසීය.
වෛද්‍ය සභාව, වෛද්‍ය පීඨ ආචාර්ය සංගමය සමග මිස වෘත්තිය සමිති සංගමයක් සමග සාකච්ඡා කිරීම ජනාධිපතිවරයා ප්‍රතික්ශේප කළ බවද හෙතෙම කීය.
වෘත්තිය අරමුණු පසෙකලා දේශපාලන කටයුතු වල යෙදෙන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ තීන්දු තීරණ රටේ සමස්ත වෛද්‍යවරුන්ගේ මතය නොවේ යැයි පැවසූ අමාත්‍යවරයා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ක්‍රියාකාරකම් වලට විරුද්ධව දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් දැන් දැන් වෛද්‍ය සංගම් නැගී සිටින බවද පෙන්වා දුන්නේය.
එසේම නෙවිල් ප්‍රනාන්දු රෝහල මිස සයිටම් විශ්ව විද්‍යාලය ජනසතු කිරීමක් පිළිබද සදහන් කැබිනට් මණ්ඩල සාකච්ඡාවේදී ඇති නොවූ බවද අමාත්‍යවරයා අවධාරණය කළේය. වෛද්‍ය සභාවේ සභාපති කාලෝ ෆොන්සේකා මහතාගේ කාලය දීර්ඝ කරනවාද නැද්ද යන්න සම්බන්ධයෙන්ද තීරණයක් මෙතෙක් ගෙන නොමැති හෙයින් ඉදිරියේදී ඒ පිළිබද දැනුම් දෙන බවද හෙතෙම පැවසීය.
ඊයේ (ජුනි 28) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදීන් අසන ලද ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.
එසේම වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතියද නුදුරු දිනෙක ගැසට් කරන බව අමාත්‍යවරයා පැවසීය. නිතර ඇති වන වෛද්‍ය වැඩ වර්ජන නිසා විදේශ වෛද්‍යවරුන් ගෙන්වීමට යෝජනාවක් ඇතත් තීරණයක් නැතැයි අමාත්‍යවරයා පැවසීය.
‘ගොන්ඩෝලා’’? මොකක්ද ඒ?
සටහන : පාලිත අබේලාල්
“අපේ රටේ හුගක් අය ජීවත්වෙන්නේ වහල්වලු වගේ… ස්නායු මරල…කිසිම හැඟීමක් දැනීමක් නැතිව….”
‘‘ගොන්ඩෝලා’’ ඔබට එතරම් හුරුපුරුදු වචනයක් නොවේ මේක. මේ අපිට ඉදිරියේදී දක්න්නට ලැබෙන නාට්‍යයක් නමක්. මේ නාට්‍ය නිර්මාණය කරන්නේ විශේෂ පුද්ගලයෙක්. ඔහු නමින් ජයලාල් රෝහණයි. දැන් ඔබට ඔහු අමුතුවෙන් හ`දුන්වා දීමට අවශ්‍ය වෙන්නේ නෑ. වර්තමානයේ වේදිකාවේ, ටෙලිනාට්‍යවල වගේම සිනමාවෙත් කැපීපෙනන චරිත රැසක් නිර්මාණය කල සහ ඒ සඳහා විවිද සම්මානයන්ටද පාත‍්‍ර වූ මොහු, අද වෙනකොට සමාජයීය කාරණා සම්බන්ධයෙන් ඉතා සක‍්‍රීය අයුරින් මැදිහත් වීමක නිරත අයෙක්. ‘‘බොස්ටන් ලංකා’’ අපි ඔහු සම`ග මේ අයුරින් ඔහුගේ අලූත්ම නාට්‍ය නිර්මාණය පිලිබ`ද සාකච්ඡාවයකට එළඹුනා.
මොකද මේ පරිවර්තන නාට්‍යයක් කරන්න හිතුනේ?
ඇත්තටම ගොඩක් අය මේ නාට්‍යයේ නම අහපුගමන් හිතන්නේ මේ නාට්‍ය පරිවර්තන නාට්‍යයක් කියල. නමුත් මේ නාට්‍ය ස්වතන්ත‍්‍ර නාට්‍යයක්.
ඒත් මේ නම අපිට හරිම ආගන්තුක බවක් දැනෙනවා?
ඔව්, මොකද මේ නමට පාදකවන කතාව තියෙන්න මෙහෙ නෙවේ,වැනීසිය. වැනීසියේ තියෙනවා ඔරු විශේෂයක් ‘‘ගොන්ඩෝලා’’ කියල. මේ ඔරු භාවිත කරල තියෙන්නේ අතීතයේදී දූපත් අතර ගමනා ගමන කටයුතු සඳහා. මෙහි විශේෂත්වය තියෙන්නේ මේ ඔරු වල නෙවේ. මේ ඔරු පැදවීමට යෙදවූවන්ගේ. ඒ සඳහා යෙදවූයේ වහල්ලූන්. මේ වහල්ලූන්ගේ විශේෂත්වය තමයි නිර්මාණය කරපු අය වීම. මේ අයගේ ස්නායු මරල තමයි නිර්මාණය කරල තියෙන්නේ. මේ නිසා මේ අයට හිතන්න හැකයාවක් නැහැ. දෙන අණට අනුව තමයි ක‍්‍රියා කරන්නේ. මොකද එතකොට පාලනය කරන්න ලේසියිනේ. මම මේ කියන්නේ එක්දහස් අටසිය ගණන්වල වැනීසිය ගැන. මේ තත්ත්වය අද වැනීසියේ නැති වුනත් ‘‘ගොන්ඩෝලාව’’ පැදීමෙන් මට මේ හැගීම තීව‍්‍ර උනා. මේකෙන් තමයි මම මේ නිර්මාණය කිරීමට යොමුවුනේ.

මේ සිදුවීම නිර්මාණයක් විදියට අපේ රටට ගලපාගන්නේ කොහොමද?
ඒක හරි අපූරුවට ගැලපෙනවා. මට මේ ගොණ්ඩෝලාව පැදපු ඒ වහල් ජනතාවගෙයි අද අපේ රටේ ජීවත්වෙන ජනතාවගෙයි අතර විශාල වෙනසක් පේන්නේ නෑ. අද අපේ රටේ බොහෝ ජනතාව ජීවත්වෙන්නේ මේ වහල් ජනතාව වගේ ස්නායු මරල. කිසිම හැඟීමක් දැනීමක් නැතිවයි. මේ නිසා මේ සිදුවීම අපේ ජනතාවට ඉතාම හොඳට ගැලපෙනවා.
ඔබේ නාට්‍ය පිලිබඳව කෙටියෙන් විස්තරයක් කලොත්?
මේ නට්‍යයට පාදකවෙන්නේ අසාර්ථක විප්ලවයක් පැවති රටක්. ඒ රජය විසින් මේ විප්ලවීය පක්‍ෂයේ ලොකු සහෝදරය සහ පොඩි සහෝදරය අත් අඩංගුවට අරගෙන ජිවිතාන්තය දක්වා සිර දඬුවමකට යටත්කරනව. මේ නාට්‍ය පටන්ගන්නේ විප්ලවයෙන් වසර විස්සක් පමණ ගතවී ඇති වසරක එක්තාරා දිනයකින්. ඒ වනවිට මේ රටේ ජනතාව විප්ලවය ජයගෙන තියෙනවා. එළියේ ජනතාව ප‍්‍රීති ඝෝෂා පවත්වනවා, සිර මැදිරියට පවා ඇහෙනවා. මේ සිර මැදිරිරිය තුල තමයි නාට්‍ය දිවෙන්නේ. එතනදී පොඩි සහෝදරය කියනවා ‘‘අපි යමු, දැන් සමාජය වෙනස්වෙලා’’ කියල. ලොකු සහෝදරය න්‍යාය මතම හිතන මතන ක‍්‍රියාකරන කෙනෙක්. ඔහු කියනවා ‘‘නියම තත්ත්වයට පැමිණෙන තුරු එහෙම වෙනස්වීමක් වෙන්නම බැහැ’’ කියල.

නමුත් බාහිර සමාජය වෙනස්වෙලා. ඒක එයා පිළිගන්නේ නෑ. පිලිගැනීමට සූදානමකුත් නෑ. අද වෙනකොට ලෝකය වෙනස් වෙලා, න්‍යායන් තවදුරටත් වලංගු නැති තත්ත්වයට පත්වෙලා. මම කියන්නේ විශේෂයෙන් අපේ වමේ විප්ලවීය පක්‍ෂත් තාමත් මේ න්‍යායන් මත පදනම්වෙලා කටයුතු කරන තත්ත්වයක් තමයි තියෙන්නේ. මේවත් වෙනස්විය යුතුයි කියන එකයි මගේ අදහස.
පහසු චරිතයක් නෙවෙයි
ද(14) අළුයම බටහිර ලන්ඩනයේ, ලැටිමර් ප්‍රදේශයේ මහල් 24කින් සමන්විත ගොඩනැඟිල්ලක දැවැන්ත ගින්නක් හටගත් අතර ගින්න නිවා දැමීම සඳහා මේ වන විටත් ගිනි නිවන භටයින් කටයුතු කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ගිනි ගැනීමට ලක්වූ මහල් නිවාස සංකීර්ණයේ ශ්‍රී ලාංකිකයන් සිටියේද යන්න පිළිබඳව එරට මහ කොමසාරිස් කාර්යාලය හරහා තොරතුරු ලබා ගනිමින් සිටින බව විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.
එසේම අමාත්‍යවරයා සඳහන් කළේ එම ගොඩනැඟිල්ලේ ශ්‍රී ලාංකිකයන් සිටි බවට මෙතෙක් වාර්තා වී නොමැති බවයි.
ගොඩනැගිල්ල තුළ පුද්ගලයින් සිරවී ඇති බවට තොරතුරු වාර්තා වන අතර ඔවුන් මුදා ගැනීම සඳහා ද මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බව වාර්තා වෙයි.
සුද්දි කියන්නේ රඟපාන්න ලේසි පහසු චරිතයක් නෙවෙයි
ප්‍රසන්න ජයකොඩිගේ නවතම සිනමා නිර්මාණය වන 28 මේ දින වල ශ්‍රී ලංකාව පුරා සිනමාහල් වල තිරගත වෙමින් පවතිනවා.එහි සුද්දීගේ චරිතයට පණ පොවන ප්‍රවීන රංගන ශිල්පිනී සේමිනී ඉද්දමල්ගොඩ අද බොස්ටන් ලංකා හා කතාබහට එකතුවෙනවා.
කාලයකට පස්සේ සේමිනී කරළියට ඇවිල්ලා තියෙනවා ?
ඔව් සනත් ගුණතිලක මහතාගේ සිනහව අතරින් ෆිල්ම් එකෙන් පස්සේ ප්‍රසන්න ජයකොඩි මහතාගේ 28 ෆිල්ම් එක හරහා නැවත පැමිණෙනවා.මා රංගනයෙන් දායක වූ වෙනස් සිනමා නිර්මාණයක් හැටියට 28 සිනමා නිර්මාණය හඳුන්වන්න පුළුවන්.

ඔබ ඔය පවසන වෙනස ඔබට අභියෝගයක් වුණා ද ?
ඔව් ඇත්තටම ඒක ලොකු අභියෝගයක් වුණා.මොකද 28 චිත්‍රපටයේ සුද්දි කියන්නේ රඟපාන්න ලේසි පහසු චරිතයක් නෙවෙයි.ගොඩක් අමාරු වුණා.මොකද සියලුම කාන්තාවන් නියෝජනය කරන චරිතයක් තමයි සුද්දි කියන්නේ.ඒ නිසා සුද්දිව ප්‍රතිනිර්මාණය කරනවා කියන එක ලේසි පහසු කාර්යයක් වුණේ නෑ.
සමස්ත කාන්තා පරපුර නියෝජනය කරනවා කියන එකෙන් ඔබ අදහස් කරන්නේ මොකක් ද ?
ආසියාතික රටවල කාන්තාවන්ට තියෙන ප්‍රධානම ප්‍රශ්නයක් තමයි ලිංගික සූරාකෑම.විශේෂයෙන් ලංකාව වගේ රටක ලිංගිකත්වය කියන්නේ හරිම රහක් තියෙන දෙයක්.පාසල් අධ්‍යාපනයේදීවත් හරියට මේක විවර වෙන්නේ නෑ.ඒ නිසා මේක අමුත්තක් වෙලා තියෙන්නේ.කැත දෙයක්,කුණුහරුපයක්,හොරයක්,වංචාවක් වෙලා තියනවා ලංකාවේ සමාජය ඇතුළේ ලිංගිකත්වය කියන එක.ඉතින් ඒ සම්බන්ධයෙන් කාන්තාවන්ට තියෙන තාඩන පීඩන තමයි සුද්දි කතා කරන්නේ.ඉතින් කතාව එක්තරා මට්ටමක සමස්තයම නියෝජනය කිරීමක් කියලා කියන්න පුළුවන්


ඔබ ඔය කියන ලිංගික සූරාකෑමට වඩා ලාංකික ගැහැණියට ලැබෙන අපවාද ඊට වඩා ප්‍රබලයි කියලා මම කීවොත් ඔබ ඊට එකඟ වෙනවද ?
ඔව් ඔබ කියන කියන දේ හරි.මොකද දැන් තියන තාක්ෂණයත් එක්ක ලිංගික සූරාකෑමට වඩා කාන්තාව දූෂණය වෙනවා දැන් තියෙන තාක්ෂණයෙන්.ඉතින් ඔබ කියන කතාවත් එක්ක මට එකඟවෙන්න පුළුවන්
පුරුෂයාගේ ලිංගික ආධිපත්‍ය තහවුරු කිරීමට කාන්තාව වක්‍රව උදව් කරනවා වෙන්න බැරිද ?
ඔව් කාන්තාවත් මේකට වක්‍රාකාරව උදව් කරනවා.නිහඬ වීම සහ මුණිවත රැකීම ස්ත්‍රියක් ස්ත්‍රියක් වීම නිසා රැකිය යුතු කරුණක් කියලා කාන්තාව සිතනවා.මෙය දැනුවත්ව හෝ අවිඥානිකව සිදුවෙන්නත් පුළුවන්.මේ අවිඥානිකත්වය තමන් තමන්වම ප්‍රපාතයට ඇද දමා ගැනීම දක්වා දිවෙන්න පුළුවන්.
විසි අට හරහා කියවෙන්නේ කාන්තාවට සිදුවන සමාජ අසාධාරණය ගැන විතරක් ද ?
නැහැ.සුද්දි පුරුෂයාට වුණ සමාජ අසාධාරණය පිළිබඳවත් කතා කරනවා.අපේ මේ සංස්කෘතිය ඇතුලෙදි පුරුෂයාටත් හැඟීම් හිරකරගෙන ජීවත් වෙන්න වෙලා තියෙනවා.සමහරවිට ඒ හේතුවම වෙන්නත් පුළුවන් පුරුෂයා නොමග යන්න කියලත් අපිට එක පැත්තකින් හිතන්න පුළුවන්.මම හිතන්නේ අබසිරි හරහා කියන්න උත්සහ කරන්නේ සමාජ අසාධාරණය ඉදිරියේ අසරණ වුණ පිරිමියා ගැන.
ෆිල්ම් එකේ සමස්තය ස්ත්‍රී පුරුෂ සමාජභාවය ගැන කතා වෙනවා.පීඩනයට පත් වූ කාන්තාව පිළිබඳ විශාල වශයෙන් කතා වෙනවා.ඒත් චිත්‍රපටය ප්‍රචාරණයේදී,එහෙමත් නැත්නම් අලෙවිකරණ කාරණයේදී සරාගී සේමිනී ඉද්දමල්ගොඩගේ ඡායාරූප සිනමාශාලාව ඉදිරිපිට දර්ශනය වෙනවා ,මේ ගැන ඔබේ අදහස මොකක් ද?
ඔබේ ඔය කතාවට මම එකඟ වෙන්නේ නෑ.මොකද ඔබ ඔය කියන ආකාරයේ සරාගී දෙයක් එතන නෑ.හොඳ දෙයක් ඔයා ඇහුවේ,ගැහැණියෙක් සරමක් ඇඳගෙන නානවා කියන එක,දිය රෙද්දක් ඇඳගෙන නානවා කියන එක සරාගී දෙයක් නෙවෙයි නේ.ඒක සරාගී ඇහෙන් බලන්නත් පුළුවන් ඕනනම් මිනිස්සුන්ට.බලලා ඒකට ප්‍රතිචාර දක්වන්නත් පුළුවන්.ඔබ ඔය කියන කාරණයට මම එකඟ නොවෙන්නේ බොරැල්ල හංදියේ තියෙන කටවුට් එක දැක්කොත් ඔය කියන කාරණය නිශේධනය වෙනවා.
ඔබ මෙතෙක් රඟපෑ චරිතයන් තුළින් තවමත් සේමිනීගේ උපරිමය එළියට ආවේ නෑ කියලා මම කීවොත් ?
අපේ පරම්පරාවෙදි ඇත්තටම අපිට ලොකු අසාධාරණයක් වුණා.මොකද හොඳ නිර්මාණ අපේ කාලයේ සෑහෙන්න අඩුවෙන් බිහිවුණේ.මට වගේම ඒ අසාධාරණයට කාංචනා මෙන්ඩිස් ,දමිතා අබේරත්න ට වගේ අවස්ථාවන් විරල වුණා කීවොත් හරි.ඒක අපේ පරම්පරාවට මොකක් හෝ අවාසනාවක් නිසා සිදුවුණ දෙයක් වෙන්න ඇති.නමුත් ලැබුණු හැම නිර්මාණයකින්ම මම පෞද්ගලිකවම මට පුළුවන් උපරිම දේ කළා කියන තැන මම ඉන්නවා.
ඒ කියන්නේ නිර්මාණයක නිර්මාණාත්මක අවශ්‍යතාවයක් වෙනුවෙන් ඔබ ඕනෑම අභියෝගයක් බාර ගනීවි ද ?
ඕනෑම අභියෝගයක් කියන තැන මම නෑ.මොකද මම අම්මා කෙනෙක්,මට දරුවෙක් ඉන්නවා.ඒ වගේම මට සමාජ පසුබිමක් තියනවා.එහිදී යම් චිත්‍රපටයක නිරුවත් දර්ශනයක් රඟපාන්න තිබුණොත් මම එය බාර නොගනී,කවදාවත්ම මගෙන් ඒ වගේ දෙයක් බලාපොරොත්තු වෙන්න බැරිවෙයි.හැබැයි මගේ සීමාවන් තියෙනවා.මම විසින් හදාගත්ත.ඒ සීමාවන් ඇතුලේ මට කරන්න පුලුවන් උපරිම දේ මම නිර්මාණයක නිර්මාණාත්මක අවශ්‍යතාවයන් වෙනුවෙන් කරයි.
සංඛ රඹුක්වැල්ල
කොළඹ කුණු මුතුරාජවලට බැහැර කිරීමට එරෙහිව පෙත්සම 20දා සළකා බැලීමට නියමිතයි
ලන්ඩනයේ ගිනි ගත් මහල් නිවාසයේ ශ්‍රී ලාංකිකයන් සිටි බව තවම වාර්තා වී නැහැ- රවී
ආණ්ඩුවට මහජන සබඳතා ටොක්කක් ආදරෙන්
සටහන : අමිල ජයචන්ද්‍ර ලියනආරච්චි
ආණ්ඩුව නුවරඑළියෙ තැපැල් කන්තෝරුව හෝටලයක් කරන්න ගිය ව්‍යාපෘතිය අසාර්ථකයි. ඒකෙන් වුනේ ආණ්ඩුව තව ටිකක් මඩ නාගෙන අපහසුතාවයට පත්වුන එක විතරයි. හැබැයි හරි මහජන සබඳතා ක්‍රමෝපායන් පාවිච්චි කරානම් නුවරඑළියෙ තැපැල් කන්තෝරුව හෝටලයක් කිරීම අපහසු දෙයක් නෙවෙයි. විරෝධතා එල්ල වෙන එක මගහැරගෙන ඒක පහසුවෙන්ම කරන්න තිබුණා. ඒකට වැදගත් වෙන්නෙ මහජන මතය හදන්නෙ කොහොමද කියන එක. ජාත්‍යන්තරව කෙසේ වෙතත් මේ ආණ්ඩුවෙ දේශීය මහජන සබඳතා අංශය විභාගෙන් අසමත්වීම නිසා ඒකට ඕනෙ කරන පදනම දාගන්න බැරි වුණා.
නුවරඑළියෙ තැපැල් කන්තෝරුව අධිරාජ්‍යවාදී පාලනය කාලෙ ඉදිකරපු ගොඩනැගිල්ලක්. දැන් ඒක සෑහෙන පරණයි. ඒ ගොඩනැගිල්ලෙ ගෘහ නිර්මාණශිල්පය තවදුරටත් ආණ්ඩුවෙ කන්තෝරුවකට ගැලපෙන්නෙ නැහැ. හැබැයි ඒක හෝටලයකට විශේෂයෙන්ම ගැලපෙනවා.
ආණ්ඩුවට මුලින්ම කරන්න තිබුනෙ ඒ ගොඩනැගිල්ල පරණ, අබලන් සහ නඩත්තුවට අපහසු බවට මතයක් හදන එක. ගොඩනැගිල්ලෙ දිරාපත් තැනක දෙකක පිංතූර ටිකක් එක්ක නිව්ස් ටිකක් යැව්ව නං මිනිස්සු හිතන්න ගන්නවා මේක දැං පරණයි සහ අබලන් ස්ථානයක් නේද කියලා. ‘නුවරඑළිය තැපැල් කාර්යාල සේවක පිරිස අනතුරේ’ වගේ හෙඩිමක් එක්ක නිව්ස් ටික ගියානම් හරියට හරි.
ඊට පස්සෙ අලුත් ගොඩනැගිල්ලක් ඕනෙ කියන අදහස නිකංම එනවා. ඉතිං අලුත් ගොඩනැගිල්ලක් හදල ඒකට තැපැල් කන්තෝරුව ගෙනියනවා. තවත් ටික කාලයක් යද්දි පරණ ගොඩනැගිල්ල තව ටිකක් ජරාවාස වෙනවා. අන්න එතකොට මතයක් හැදෙනවා මේ ගොඩනැගිල්ල රැකගන්න ඕනෙ සහ ඒක රැක ගැනීම ජාතික අවශ්‍යතාවයක් කියලා. අන්න ඒ මොහොතෙදි ඒක සංචාරක හෝටලයක් කරල හරි රැකගත්තට කමක් නෑ කියන එකයි බහුතර මතය වෙන්නෙ.
එතකොට විරුද්ධ දේශපාලන මතවාදීන්ටත් මේක මාතෘකාවක් කරගන්න කාලයක් නෑ. ඒක ඒ තරමටම අමතක වෙලා ගිය දෙයක් සහ තව දුරටත් එතන තැපැල් කන්තෝරුවක් නැති නිසා.
හෝටලයක් කරන්න මේ ගොඩනැගිල්ලේ පුරාවිද්‍යාත්මක වටිනාකම රැකගනිමින් අලුත්වැඩියා කරන බව මිනිස්සු අතරට ගෙනියන්න ඕනෙ. එතකොට ඒකෙන් රටට එන ආදායම සහ රැකියා උත්පාදනය කියන අනුමාතෘකා මතුවෙනවා.ආණ්ඩුව කරේ මේ ක්‍රියාවලියෙ අවසන් පියවර මුලින් තබපු එක. ඉතිං ප්‍රොජෙක්ට් එක ෆේල් වෙන එක අහන්නත් දෙයක්ද?
මහජන සබඳතාවය නැතිනම් (PR) එක කියන්නෙ තනිපුද්ගලයින්ට,කොම්පැණිවලට වගේම ආණ්ඩුවලටත් අත්‍යවශ්‍ය දෙයක්. අනිකා අපි ගැන විශ්වාසය තබන්න අපේ මහජන සබඳතා පැවැත්වීමේ ක්‍රමෝපාය හරිම වැදගත් වෙනවා.
ජාත්‍යන්තර මහජන සබඳතාවය පවත්වන් යන විදියට දේශීය මහජන සබඳතාවය පවත්වන් යන්න බැහැ කියන එක මුලින්ම අවබෝධ කරගන්න ඕනෙ. අපේ දේ විනාශ කරනවා විකුණනවා කියන එක වෙනුවට අපේ දේ රැකගන්නවා, රටට විදේශ විනිමය වැඩියෙං ගේනවා කියන මතය මෙතෙන්දි හරිම පහසුවෙන් හදන්න තිබුණා.
හෝටලේට අමතරව මේකෙ පැත්තකින් පොඩියට තැපැල් කෞතුකාගරයක් හදන්න තිබුණ නම් ව්‍යාපෘතිය තවත් සාර්ථක වෙනවා. ඒකෙන් හෝටලේ අගය තවත් වැඩිවෙනවා. තැපෑල පරණ වෙන්න, පරණ වෙන්න පෞරාණික වටිනාකම වැඩිවෙනවා. හෝටලයක ගොඩනැගිල්ලක් පරණ වෙන්න පරණ වෙන්න සංචාරක ආකර්ෂණය ඉහළ යනවා.
ආණ්ඩුව මහජන මතය හදන්න හරි විදියට මහජන සබඳතා භාවිතා නොකරපු නිසා තැපැල් කන්තෝරුව තවමත් එතැනමයි. දැං ඉතිං තව කාලයක් යනකන් එතන මුද්දර උඩ සීල් ගහන ‘දඩාං’සද්දෙ නුවරඑළි සීතල කපාගෙන කණට වදියි.
සටහන : අමිල ජයචන්ද්‍ර ලියනආරච්චි
ශ්‍රී ලංකා තේ 150 උපන් දිනයට සැරසෙයි!
ශ්‍රී ලංකා තේ මණ්ඩලයට එළඹෙන ජූලි 6 වන දිනට වසර 150ක් පිරීමට නියමිතය.
මේ වෙනුවෙන් සමස්ත ලෝකය පුරා එම රටවල වේලාවෙන් පස්වරු 5ට සැමරුම් උත්සවයක් පැවැත්වීමට සැළසුම් කර ඇත. ඒ අනුව ෆිජී දූපත් හා නවසීලන්තය යන රටවල ප්‍රථමයෙන් මෙම සැමරුම් උත්සවය පැවැත්වෙනු ඇත.
කොළඹ තේ වෙළඳුන්ගේ සංගමය, තේ මණ්ඩලය, වාණිජ මණ්ඩලය සහ විදේශ කටයුතු අමාත්‍යංශය එක්ව මෙම අවස්ථාව සංවිධානය කරනු ලබයි.
මෙම ඓතිහාසික අවස්ථාව සනිටුහන් කිරීම සඳහා මුද්දරයක්ද නිකුත් කිරීමට නියමිතය. ඊට අමතරව තේ කර්මාන්තය මෙරටට හදුන්වා දුන් ස්කොට්ලන්ත ජාතික ජේමිස් ටේලර්ගේ පිළිමයක්ද මීට සමගාමීව විවෘත කිරීමට නියමිතය.
මෙම සැමරුම් දිනය අවසානයේදී තේ නිෂ්පාදනයට දායක වන ලොව පුරා විශේෂඥයන්ගෙන් හා කර්මාන්ත නායකයන් සහභාගී වනු ලබන ගෝලීය තේ සමුළුවක්ද පැවැත්වීමට කටයුතු යොදා ඇත.
ශ්‍රී ලංකාව වසරකදී තේ කිලෝ ග්රෑම් මිලියන 350 ක් නිෂ්පාදනය කරන අතර එය ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන බෝගයද වේ.
ජනගහනයෙන් ලක්ෂ දෙකකට අධික පිරිසක් තේ කර්මාන්තය ආශ්‍රිත රැකියාවල නියුතුව සි
