යුරෝපා සංගම් ත්‍රස්තවාදී ලැයිස්තුවෙන් LTTEය ඉවත් කිරීමේ සැලසුමක්

යුරෝපා සංගමයේ ත්‍රස්තවාදී ලැයිස්තුවෙන් එල්. ටී. ටී. ඊ. සංවිධානය ඉවත් කිරීමට යුරෝපා සංගම් අධිකරණයක් තීරණය කර ඇති බව වාර්තා වේ.

එසේම පලස්තීනයේ ඉස්ලාමීය සංවිධානයක් වන හමාස් සංවිධානය තවදුරටත් ත්‍රස්තවාදී ලැයිස්තුවේ තැබීමට ද ඔවුන් තීරණය කර ඇත.

ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදී සංවිධානයක් වු එල්. ටී. ටී. ඊය පරාජය කිරීමෙන් පසු ඔවුන්ගේ කිසිඳු ත්‍රස්තවාදී ක්‍රියාවක් වාර්තා නොවීම හේතුවෙන් මෙම තීරණය ගන්නා බව යුරෝපා සංගම් අධිකරණය පෙන්වාදී තිබේ.

තවදුරටත් අදාළ ලැයිස්තුවේ එල්.ටී.ටී.ඊ. සංවිධානය රඳවා තැබීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැතිවීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බවද සඳහන්ය.

යුරෝපා සංගම් අධිකරණයේ මෙම තීරණයත් සමග එල්. ටී. ටී. ඊ. සංවිධානයට අයත් අරමුදල් තහනම් කිරීම ද නතරවනු ඇත.

යුරෝපා සංගමය විසින් ත්‍රස්තවාදී සංවිධාන ලැයිස්තුවක් නිර්මාණය කරනු ලැබුවේ 2001 වසරේ සැප්තැම්බර් 11 වනදා පෙන්ටගනයට එල්ලවු ත්‍රස්ත ප්‍රහාරයත් සමගය.

එය අවසන් වරට පසුගිය ජනවාරි මාසයේදී යාවත්කාලීන කර තිබේ.

එම ත්‍රස්තවාදී ලැයිස්තුවට මේවන විට ත්‍රස්තවාදීන් 13 දෙනෙකු සහ සංවිධාන 22 ක් ඇතුළත්ය.

පිලිපීනයේ කොමියුනිස්ට් පක්ෂය මෙන්ම පේරු රාජ්‍යයේ මාවෝ සංවිධානය ද ඊට ඇතුළත් වෙයි.

හමාස් සංවිධානය යුරෝපා සංගමයේ ත්‍රස්තවාදී ලැයිස්තුවට ඇතුළත් කරනු ලැබුවේ 2003 වසරේදීය.

එල්. ටී. ටී. ඊ. සංවිධානය 2006 වසරේදී ත්‍රස්තවාදී ලැයිස්තුවට එක්කර තිබේ

මේ වන විට ඉන්ධන බවුසර් 15 ක් පිටත් කර අවසන් – බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න

යුද හමුදා මැදිහත්වීමෙන් කොළොන්නාවේ සිට ඉන්ධන බෙදා හැරීම සඳහා  මේ වන විට ඉන්ධන බවුසර් 15 ක් පිටත් කර හැර ඇති බව හමුදා මාධ්‍ය ප්‍රකාශක, බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කර තිබේ.

එසේම ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ කොළොන්නාව නිමාව ඉදිරිපිට උණුසුම් තත්ත්වයක් නිර්මාණය වී  තිබුණි.

ඒ හේතුවෙන් කොළොන්නාව-කොළඹ ප්‍රධාන මාර්ගයේ දැඩි රථ වාහන තදබදයක් නිර්මාණය වී තිබූ  අතර තාවකාලිකව මාර්ගය වසා දැමීමට සිදුවිය.

වැඩවර්ජනයට සම්බන්ධ සේවකයන් පිරිසක් විසින් කොලොන්නාව තෙල් ගබඩා පර්යන්තයට, තෙල් ගෙනයාම සඳහා පැමිණි දුම්රියට විරෝධය පළකරමින් දුම්රිය මාර්ගය හරස් කරමින්  ආරම්භ කළ විරෝධතාවක් හේතුවෙන් මෙම තත්ත්වය හටගෙන තිබේ.

මේ හේතුවෙන් කැරළි මර්දන ඒකක සහ ජල ප්‍රහාරක රථ හතරක්ද මේ වන විට එම ස්ථානයට කැඳවා ඇති බව වාර්තා වෙයි.

අදාළ දුම්රිය ගුවන්තොටුපොළ වෙත තෙල් ගෙනයාම සඳහා පැමිණ ඇතැයිද එම දුම්රිය මේ වන විට පිටත්වීමට සූදානම් බවද සඳහන්ය.

රණවිරුවන් අත්අඩංගුවට ගැනීමේ කිසිදු අවශ්‍යතාවයක් නැහැ – රුවන් විජේවර්ධන

රණවිරුවන් අත්අඩංගුවට ගැනීමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති බව රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පවසයි.
 
(23) දා සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.
 
දීර්ඝ කාලීන පරීක්ෂණයන්ගේ ප්‍රතිඵලයක් වශයෙන් කොමදොරු ඩී.කේ.පී. දසනායක මහතා අත්අඩංගුවට පත් වු අතර යම් වැරැද්දක් සිදු කර ඇති නම් එයට නීතියෙන් දඬුවම් ලැබීමට සිදුවන බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
 
කෙසේ වෙතත් රණවිරුවන් වෙනුවෙන් පෙනී සිටිය ද කිසිවිටෙකත් මිනීමරුවන් වෙනුවෙන් පෙනී නොසිටන බවද කියා සිටි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, රණවිරුවන් දඬයම් කිරීම පසුගිය ආණ්ඩුව තුළින් සිදුවු දෙයක් බවයි.
 
එහි පළමු සිදුවීම වශයෙන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට සිදුවු තත්ත්වය පෙන්වා දිය හැකි බවත් පසුගිය රජයට සාපේකෂව අද වන විට රණවිරුවාගේ ගෞරවය ආරක්ෂා වන පරිදි රජය ක්‍රියා කරන බවත් රුවන් විජේවර්ධන මහතා මෙහිදී සඳහන් කළේය. 

ලාබාලම පක්ෂය ළඟදීම ආණ්ඩුවක් පිහිටුවනවා – බැසිල් රාජපක්ෂ

රටේ ලාබාලම පක්ෂය බවට පත්ව ඇති පොදු ජන පෙරමුණ ළඟදීම ආණ්ඩුවක් පිහිටුවන බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

අගලවත්ත ප්‍රතිරාජ පිරිවෙනේ ඊයේ (23) පැවති ජනහමුවක් අමතමින් ඒ මහතා මේ බව සඳහන් කර සිටියේය.

පක්ෂයට සාමාජිකයන් ලක්ෂ විස්සක් එකවර බඳවා ගැනීමට කටයුතු කරන බවත්, ඒ සඳහා අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර ඇති බවත් ඒ මහතා පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“ රටේ ආර්ථිකය දැන් හොඳටම කඩාවැටිලා. කෘෂිකර්මය නැත්තට නැති වෙලා .එදා ඩී.එස්.සේනානායක මහත්තයාගෙන් පස්සේ මේ රටේ සහල්, බඩඉරිඟු අපනයනය කළේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවයි. අද මේ අය රටින් හාල්, බඩ ඉරිඟු ගෙන්වනවා.

තායිලන්තයේ අගමැති මගෙ හිතවතෙක්. මම එයාත් සමග දුරකථනයෙන් කතා කළා. ඉස්සර අපි ඒ රටවලින් අහනවා අපේ හාල් ටිකක් තියෙනවා ඕනද කියලා. දැන් හාල් කිලෝ එකක් ගෙනල්ලා ගොවියාගේ වී කිලෝ එකහමාරක් විකුණන්න බැරි තත්වයට පත්කරලා.

ලැජ්ජ නැතුව ඉතිහාසයේ පළමු වතාවට කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් ආහාර ද්‍රව්‍ය ආනයනය කරනවා. මේ නිසා අපි පොදුජන පෙරමුණ ඇති කළා. ඒ සඳහා තමුන්නාන්සේලා පෙළ ගැහෙන්න. අපි මේ ආණ්ඩුව ළඟදීම පෙරළනවා” යනුවෙන් සඳහන් කර සිටියේය.

අර්ජුන්ගේ ලැප්ටොප්, ජංගම දුරකථන, ටැබ්ලට්, පරිගණක ලබා දෙන ලෙස නියෝග

ආන්දෝලනයට තුඩුදුන් බැඳුම්කර ගනුදෙනුවට අදාළව සිදුකරන පරීක්ෂණ සඳහා අර්ජුන් ඇලෝසියස් මහතා විසින් භාවිතා කළ ලැප්ටොප්, ජංගම දුරකථන, ටැබ්ලට්, පරිගණක ඇතුළු සන්නිවේදන උපකරණ විමර්ශන නිලධාරීන්ට බාරදෙන ලෙස භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ පරීක්ෂා කිරීමේ හා විමර්ශනය කිරීමේ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව විසින් නියෝග කර තිබේ.

අදාළ විමර්ශන කොමිෂන් සභාව හමුවේ අද (24) දිනයේ ලබාදුන් සාක්ෂි අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට මෙම උපකරණ ලබාදෙන ලෙස නියෝග කෙරුණු බව අද දෙරණ වාර්තාකරු පවසයි.

ඉබ්සන් මේ මොහොතේ අපේ රටේ ජීවත්වෙනවද කියල හිතෙන තරමටම මේ නාට්‍ය සමීපයි…

සටහන : පාලිත අබේලාල් 

හෙන්රික් ඉබ්ස්නගේ ‘‘En Folkefiende’’ නැත්නම් අපි හැමෝම දන්නා ‘‘Enemy of the people’’යනු මෙරට වේදිකාව තුල කිහිප වරක්ම නිෂ්පාදනයට වූ නාට්‍යයක්. මෙවර එය නිර්මාණය වන්නේ  ‘‘ජනතා ද්‍රෝහියා’’ නමින් .

_1.Group photo

ජනතා ද්‍රෝහියාව වේදිකාවට නංවන්නේ නිහාල් සුරංජි. නාට්‍යය ස්කැන්ඞ්න්විෙයානු බසින් සිංහලට පරිවර්තනය කරන්නේ  දැනට ස්වීඩනයේ වාසය කරමින් එහි රංගකලා උපදේශකවරයෙකු වශයෙන් සේවය කරන විජිත ගුණරත්න විසින්. රංග කලා කවයේ ඉදිරිපත් කිරීමක් ලෙස පේ‍්‍රක්‍ෂක ඔබ හමුවට එන මේ අපූරු නිර්මාණය ගැන වැඩිදුර තොරතුරු කතා කරන්න බොස්ටන් ලංකා අපි ජනතා ද්‍රෝහියා නඩේ ගුරා සුරංජිව මුණ ගැහුණා.

12004137_1043811512319603_2137487704236862053_n

මේ නාට්‍ය නැවත වේදිකාවට ගෙන ඒමට ඔබ යොමුවුනේ ඇයි?

ඇත්තටම මම දැනට අවුරුදු තිහකටත් වැඩි කාලයක ඉදන්ම මේ නාට්‍යයත් එක්ක ඉන්නවා කීවොත් තමා නිවැරදි. මොකද මේ නාට්‍ය ඒ තරමටම වැදගත් නාට්‍යයක්. මොකද මේ නාට්‍යයේ තියෙන් සර්ව කාලීන සහ සර්ව භෞමික ගුණයයි. මේ නාට්‍ය බැලූවම ඉබ්සන් මේ මොහොතේ අපේ රටේ ජීවත්වෙනවද කියල හිතෙන තරමටම මේ නාට්‍ය අපේ වත්මන් සමාජයට සමීප නාට්‍යයක් බවට පත්වී තියෙනවා. මේ නාට්‍යය හරියටම අද පවතින සමාජයේ හරස්කඩක් කියල මට කියන්න පුලූවන්.

ඔබ විකල්ප නාට්‍ය ධාරාවන් වගේම ශාලාවල නාට්‍ය රග දැක්වීටත් යොමුවී සිටිනවා. මේ මාධ්‍ය දෙක හසුරුවාගන්නේ කොහොමද?

මම නාට්‍ය කලාව පිළිබද හොද හැදෑරීමකින් මේ ‍ෙක්‍ෂ්ත‍්‍රය යොමුවුන කෙනෙක්. රාජ්‍ය නාට්‍ය පාසලේ ඞ්ප්ලෝමා පාඨමාලාව හැදෑරීමෙන් මම නාට්‍ය කලවේ න්‍යායික අංශය පිළිබදව අවබෝධයක් ලබාගත්තා.

 ඉන් පසුව ධම්ම ජාගොඩක්ලවුස් කුෂන්බර්ග්ඉන්ජමයර්මාක් ක්වා ඩෙල්මා වගේ දේශීය වගේම ජාත්‍යන්තර වශයෙන් කීර්තියට පත් නිර්මාණ කරුවන්ගේ නාට්‍ය නිර්මාණයන් වලට සහභාගී වීමෙන් ප‍්‍රායෝගිකව අත්දැකීම් රැුසක් ලබාගත්තා. මේවත් එක්ක මට මේ මාධ්‍ය දෙක වෙන් කර හ`දුනාගැනීමේ හැකියා ඇතිවුනා. වීදියට නිර්මාණය කරන නාට්‍ය සහ ශාලා සදහා නිර්මාණය කරන නාට්‍ය අතර ඇත්තටම රිද්ම දෙකක් තියෙන්නේ. මොකද මේ නාට්‍ය රගදක්වන පරිසර වෙනස්.

 එතනදී පේ‍්‍රක්‍ෂකයන් ආකර්ශණය කරගැනීම වගේම අප කියන්න් හදන දේ ඒ අය වෙත සන්නිවේදනය කිරීම කියන දේ ගැන අපි මූලික අවධානයෙක් යොමුකලයුතු වෙනවා. වීදි නාට්‍ය වලට ඇත්තටම තියරි කියල දෙයක් නෑ. වැඩකිරීමේන්ම තමයි ඉගෙන ගැනීමට තියෙන්නේ. මේ නිසා මම 1985 ඉදන් ආචාර්ය ගාමිණී හත්තෙට්ටුවේගම මහතාගේ වීදි නාට්‍ය කණ්ඩායම් සම`ග සම්බන්ධව කටයුතු කලා. මීට අමතරව වීදි නාට්‍ය හා සම්බන්ධ ජාත්‍යන්තරව ලැබූ අත්දැකීම් සම`ග මම මේ මාධ්‍ය සම්බන්ධයෙන් මගේ දැනුම පුළුල් කරගැනීමට හැකිවුනා.

_DSC0036

අද වෙනකොට ඔබ නාට්‍ය ක්‍ෂේත‍්‍රයේ ප‍්‍රවීණයෙක් බවට පත්වී තිබෙනවා. මේ කාල වකවානුව තුල නාට්‍ය කලාවේ වෙනස්වීම ඔබ දක්නේ කොහොමද?

අද වෙනකොට වේදිකාව එදාට සාපේක්‍ෂව විශාල වෙනස්වීම් වලට භාජනය වෙලා තියෙනවා. අද වෙනකොට එදාට සාපේක්‍ෂව ජාත්‍යන්තර අවකාශය පවා පුළුල් වී තියෙනවා. අද වෙනකොට දක්‍ෂ තරුණයින් පිරිසක් නාටය කලාව වෙත අවතීර්ණ වී සිටිනවා. 

ඒත් මේ සියල්ල අස්සේ එදාට වඩා හුදෙකලා ස්වභාවයක් මට දැනෙනවා. 

අපි නාට්‍ය කලාවට අවතීර්ණ වූ කාලෙදි අපි සාමූහික වශයෙන් තමයි මේ නාට්‍ය හැම එකක්ම වගේ කලේ. ඒ නිර්මාණත් සමග අපි අතර පුදුමාකාර බැදීමක් ඇතිකලා. මේ බැදීම අද වෙනකන් අපි අතර ශක්තිමත් ආකාරයෙන් පවත්වාගැනීමට හැකිවී තියෙනවා. මේ සම්බන්ධතා සමග අපි නාට්‍ය නිර්මාණ වගේම තවත් සාමූහික සමාජ කාර්යයන් විශාල ප‍්‍රමාණයක් කලා. කොටින්ම දේශපාලන කාර්යයන් පවා කලේ මේ සාමූහික පෙළඹවීම නිසා. 

නමුත් අද වෙනකොට මේ මානව බැදීම් පෞද්ගලික තත්ත්වයට පත්වෙලා තියෙනවා. මේකට අද පවතින ආර්ථික කාරණාත් යම් ආකාරයකට බලපෑමක් කිරීමට සමත්වෙලා තියෙනවා. මේ නිසා අද වනවිට ලංකාවේ නාට්‍ය කලාවේ හැඩයේ විශාල වෙනස්වීමක් මම දකිනවා.

DSC_0250

එතකොට ඔබ නාට්‍ය කිරීමෙන් තෘප්තිමත් වෙන්නේ නැද්ද?

නාට්‍ය කිරීම තෘප්තිමත් දෙයක්. නමුත් ඉන් පසුව ඇතිවෙන්නේ කලකිරීම්ම තමයි. ඒක මේ නාට්‍ය නිර්මාණ සම්බන්ධයෙන් ඇතිවන කළකිරීමක් නොවේ. මේ සමාජ කාරණා සම්බන්ධයෙන් පවතින තත්ත්වයන් සම`ග ඇතිවන කළකිරීම්. ඒත් ඒ කලකිරීමත් තාවකාලිකයි. ආයෙත් ඒව අතෑරල නාට්‍ය කරන්නම තමයි යොමුවෙන්නේ. මම හතන්නේ නෑ මේ ලෝකේ කිසිම කෙනෙක් තමන් කරන කාර්යයන්ගෙන් සීයට සීයක්ම තෘප්තිමත් වෙනවා කියල. එහෙම වුනොත් ඉදිරියට වැඩකරන්නත් බෑනේ.

DSC_0159

ඇයි මේ විදියට කලකිරීමෙන් නාට්‍ය කරන්නේ?

අපි කළේ නැත්නම් කවුද මේව කරන්න ඉන්නේ. අද වෙනකොට බොහෝ නාට්‍ය කරුවන්ගේ අරමුණු වෙනස් වෙලා තියෙනවා. ගොඩක් අය මේවගේ ප්‍රේක්‍ෂකයා ඥාණනය කරණ නාට්‍ය නිර්මාණයන් නොකරන තත්ත්වයට පත්වෙලා තියෙනවා. යහපත් අනාගත සමාජයක් ඇති කරගැනීම ස`දහා අපි මෙවැනි නාට්‍ය නිර්මාණ සමාජයට දිය යුතුයි නේද. ඉතිං නාට්‍ය කරුවකු විදියට මගේ යුතුකම සහ වගකිම තමයි මට පැවරී තියෙන කාර්යය කිරීම. එතනදී මගේ මම මගේ සමාජ දැක්ම මේ නිර්මාණයන් හරහා සමාජය ගත කිරීම තමයි කරන්නේ.

මේවගේ තත්ත්වයක් තුල ලංකාවේ නාට්‍ය කලාවෙ පවතින්නේ කිසියම් අවදානම් තත්ත්වයක නේද?

මේ අවදානම් තත්ත්වය ලංකාවේ නාට්‍ය කලාවේ විතරක් නෙවේපොදුවේ සෑම කලා ක්‍ෂේත‍්‍රයකටම දකින්ට තියෙන දෙයක්. මම හිනන්නෙ මේ පවතින් සමාජ ආර්ථික පසුබිම වෙනස් කිරීම තුල තමයි අපිට මේ අවදානම් තත්ත්වයෙන් මිදීමේ හැකියාව පතතින්නේ. ඉතිං ඒ කාර්යය ස`දහා අපේ සමාජය අංශයන් ගණනාවකින් මීට වඩා ඉදිරියට යා යුතුයි. නාට්‍ය කරුවන් විදියට අපි කරන්නෙත් ඒ කාර්යය ස`දහා ජනතාව හැඩගැස්වීමම තමයි.

ජපන් ඉන්දීය හවුල්කාරීත්වයෙන් ස්වභාවික වායු බලාගාරයක් ඉදිකිරීමේ සැලසුමක්

සාම්පූර්හී ගල් අගුරු බලාගාරයක් වෙනුවට ජපන්, ඉන්දීය හවුල්කාරීත්වයකින් යුත් ස්වභාවික වායු බලාගාරයක් ඉදිකිරීමට තීරණය වී ඇතැයි සම කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න සදහන් කළේය.

ඊයේ (19) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේ මාධ්‍යවේදීන් නගන ලද ප්‍රශ්න වලට පිළිතුරුදෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

ඉන්දියානු රජය විසින් සාම්පූර්හී ගල් අගුරු බලාගාරයක් ඉදිකිරීමට මුලදී තීරණය වී තිබුණත් ඉන් වන පරිසර හානිය සලකා ජනාධිපතිවරයා ගල් අගුරු බලාගාරයක් ඉදි නොකිරීමට තීරණය කළ බැවින් මෙලෙස ස්වභාවික වායු බලාගාරයක් ඉදිකිරීමට නියමිත බව අමාත්‍යවරයා පැවසීය.

ගල් අගුරු බලාගාරයක් වෙනුවට ස්වභාවික වායු බලාගාරයක් ඉදිකිරීමට ඉන්දියානු රජය අකමැති බැවින් එය ඉන්දිය ජපන් හවුල්කාරීත්වයක් යටතේ ඉදිකිරීමට සිදු වන බවද හෙතෙම කීය.

කෙසේ වෙතත් සාම්පූර්හී ස්වභාවික වායු බලාගාරයක් ඉදිකිරීමට කොරියානු සහ ජපන් රජයෙන් යෝජනා ඉදිරිපත් වූ බවත් ඉන් කොරියානු රජය ඉදිරිපත් කළ යෝජනාව වඩා වාසි සහගත එකක් වූ බවත් අමාත්‍යවරයා පැවසීය. නමුත් ජපානය තාක්ෂණික වහයෙන් ඉදිරියෙන් සිටින බැවින් සහ ශ්‍රී ලංකාව හා ජපානය අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සබදතා සළකා බලා ජපාන රජය සමග ගිවිසුමට ඇතුළත් වීමට තීරණය කළ බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

රන්මිණිතැන්නට පාලක මණ්ඩලයක්

රන්මිණිතැන්න ජාතික ටෙලි සිනමා උද්‍යානයේ කටයුතු සදහා පාලක මණ්ඩලයක් පත්කර ගැනීම සදහා අමාත්‍ය මණ්ඩල අනමැතිය හිමිව තිබේ.

එහි කටයුතු නිර්මාණාත්මකව හා කාර්යක්ෂමව ඉටු කිරීම සදහා මෙන්ම ඒ සම්බන්ධයෙන් තීරණ ගැනීමේදී ඇති වන ප්‍රමාදයන් වළක්වා ගැනීම පිණිස මෙම පාලක මණ්ඩලය පත්කීරීමට නියමිතය.

ඒ අනුව ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් හා අදාළ ආයතන වල නියෝජිතයන්ගෙන් සමන්විත පාලක මණ්ඩලයක් පත් කිරීම සදහා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

අ.පො.ස උසස් පෙළ විභාගයේ ප්‍රවේශ පත් නිකුත් කරයි

මෙවර අ.පො.ස උසස් පෙළ විභාගයේ ප්‍රවේශ පත් නිකුත් කර ඇතැයි ශ්‍රි ලංකා විභාග දෙපාර්තමේන්තුව සදහන් කරයි.

ඒ අනුව විභාගය  සඳහා පෙනී සිටින පාසල් අයදුම්කරුවන් 2,37943කගේ ප්‍රවේශ පත්‍ර අදාළ විදුහල්පතිවරුන් වෙතත් පෞද්ගලික අයදුම්කරුවන් 77,284 කගේ ප්‍රවේශ පත්‍ර  ඔවුන්ගේ පෞද්ගලික ලිපිනයන් වෙතත්  තැපැල් කර ඇත.

මෙවර අ.පො.ස. (උ.පෙ) විභාගය  ලබන අගෝස්තු මස 08 වන දින සිට සැප්තැම්බර් මස 02 දිින දක්වා පැවැත්වීමට නියමිතය. දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,230 ක් මෙම විභාගය පැවැත්වීමට සැළසුම් කර තිබේ.

නියමිත දිනය පුවේශපත් නොලද පෞද්ගලික අයදුම්කරුවන් තමා ඉදිරිපත් කළ ඉල්ලුම්පතේ පිටපතක්, විභාග ගාස්තු ගෙවූ කුවින්තාන්සියේ පිටපතක් හෝ විභාග ගාස්තු ගෙවූ බවට  තැපැල් ස්ථානාධිපතිගෙන් ලබාගත් සහතික කළ ලිපියක් සහ අයදුම්පත්‍රය ලියාපදිංචි තැපෑලට යොමු කළ කුවින්තාන්සිය විභාග දෙපාර්තමේන්තුවේ පාසල් විභාග සංවිධාන ශාඛාව වෙත ඉදිරිපත් කර ප්‍රවේශ පත්‍රය ලබා ගත හැක.

ප්‍රවේශ පත්‍රයන්හි විෂය සංශෝධන , භාෂා මාධ්‍ය සංශෝධන හෝ වෙනත් සංශෝධන සිදු කිරීමට අවශ්‍යය පාසල් අයදුම්කරුවන් තම විදුහලේ විදුහල්පති මඟින් ද පෞද්ගලික අයදුම්කරුවන් තමා විසින් ද 2017.07.20 දිනට පෙර  පාසල් විභාග සංවිධාන ශාඛාව වෙත යොමු කිරීමෙන්  අදාල සංශෝධන සිදු කර ගත හැකි බව ශ්‍රි ලංකා විභාග දෙපාර්තමේන්තුව සදහන් කරයි.

මේ සම්බන්ධයෙන් යම් විමසිමක් වෙතොත් පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාවේ 0112784208/ 0112784537/ 0113140314යන දුරකතන අංක අමතා හෝ ෆැක්ස් අංක 0112784422 මගින් නැතිනම් ක්ෂණික ඇමතුම් අංක 1911 මගින් තොරතුරු විමසිය හැකි බව ශ්‍රි ලංකා විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කරයි.

රහසිගතව වීදි සුනඛයින් මරා දැමීමේ ඛේදවාචකය යළිත් හිස ඔසවයි

මොරටුව සරසවියේ අයාලේ යන සුනඛයන් සදහා නිර්වින්දන ඹෟෂධ එන්නත් කිරීමෙන් පසුව එම සුනඛයින් මිය යාම සම්බන්ධය නීතිමය පියවර ගන්නා බව රජයේ පශු වෛද්‍යවරුන්ගේ සංගමය සදහන් කරයි.

මෙම සුනඛයින් නිර්වින්දනය කිරීම සදහා තහනම් ඖෂධවර්ගයක් යොදාගෙන ඇතැයි එම සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රදීප් කුමාරවඩු පෙන්වාදෙයි.

මේ පිළිබද අදහස් දක්වමින්  මොරටුව විශ්ව විද්‍යාලයේ උපකුලපති  මහාචාර්ය ආනන්ද ජයවර්ධන පැවසුවේ විශ්ව විද්‍යාලය තුළ සුනඛයන් අධික බැවින් අධ්‍යාපනය සදහා සුදුසු ආරක්ෂිත පරිසරයක් නිර්මාණය කිරීමට සුනඛයින් එලවා දැමීමටත් එළවා දැමිය නොහැකි සුනඛයින්  සදහා වද එන්නත් ලබාදීමට විශ්වවිද්‍යාල ආරක්ෂක අංශ වෙත දැනුම් දුන් බවයි.

එහිදී එම එන්නත් විෂ වීමෙන් සුනඛයින් දෙදෙනෙක් පමණක් මිය ගොස් ඇතැයි වාර්තා වූ බවත් ඒ සම්බන්ධයෙන් සිය කණගාටුව ප්‍රකාශ කරන බවත් හෙතෙම මාධ්‍ය වෙත අදහස් දක්වමින් අවධාරණය කළේය.

 කෙසේ වෙතත් මේ බව අනාවරණය වූ වහාම එම සුනඛයින්ට හිංසාකාරී වන ලෙස කටයුතු නොකරන මෙන් තමා උපදෙස් දුන් බවද ඒ මහතා වැඩිදරටත් පැවසීය