Author: uslanka
අමෙරිකානු කොංග්‍රස් නියෝජිතයින්, සම්බන්ධන් මුණගැසෙයි
දිවයිනට පැමිණ සිටින අමෙරිකානු කොංග්‍රස් නියෝජිතයින්, විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා මුණගැසී සාකච්ඡා පවත්වා තිබේ.
කොළඹදී පැවැති මෙම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති අතුල් කේෂප් මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් ද එක්ව සිටි බව දෙමළ ජාතික සන්ධානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමේ ක්‍රියාවලිය, අතුරුදන්වූවන් පිළිබඳ ගැටළු, ආරක්ෂක අංශ සතු ඉඩම් නිදහස් කර ගැනීම, විරැකියා ගැටළුව ඇතුළු කරුණූ රැසක් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා වී තිබේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සැකසීමේ ක්‍රියාවලිය පිළිබඳ අදහස් දක්වමින් ආර්. සම්බන්ධන් මහතා ප්‍රකාශ කර ඇත්තේ රටේ යහපත උදෙසා කටයුතු කරනු වෙනුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතීක පක්ෂය තම දේශපාලන අනාගතය සම්බන්ධයෙන් කටයුතු කරමින් සිටින බැවින් නව ව්‍යවස්ථාව සකස් කිරීමට අපේක්ෂිත කාලයට වඩා වැඩි කාලයක් ගතවනු ඇති බවයි.
ව්‍යවස්ථාව සකස් කිරීම සඳහා උදාවී ඇති මෙම අවස්ථාව මඟනොහැරිය යුතු බව සඳහන් කර ඇති සම්බන්ධන් මහතා තමා පෙනී සිටින්නේ දෙමළ ජනතාව පමණක් නොව සමස්ත ශ්‍රී ලංකාව වෙනුවෙන් බව ප්‍රකාශ කර තිබේ.
අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාල පනත පාර්ලිමේන්තුව මඟින් සම්මත කරගෙන ඇතත් මේ වන තුරු එය ක්‍රියාත්මක කර නොමැති බව ද විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා අමෙරිකානු කොංග්‍රස් නියෝජිතයින් හමුවේ ප්‍රකාශ කළ බව දෙමළ ජාතික සන්ධානය සඳහන් කළේය.
එමෙන්ම උතුරේ ආරක්ෂක අංශ සතුව පවතින ඉඩම් මුල් පදිංචිකරුවන්ට නිදහස් කීරිම සඳහා රජය විසින් ඇතැම් පියවර ගෙන තිබුණ ද එම ක්‍රියාවලිය මන්දගාමී බව ද ආර්. සම්බන්ධන් මහතා ප්‍රකාශ කර තිබේ.
රවී ඉල්ලා අස්වීම ජාතික ආණ්ඩුවේ ජයග්‍රහණයක් – ශාන්ත බණ්ඩාර
හිටපු විදේශ අමාත්‍ය රවී කරුණානායක මහතාගේ ඉල්ලා අස්වීම, ජාතික ආණ්ඩුවේ ජයග්‍රහණයක් බව ශ්‍රීලනිප තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර මහතා පවසයි.
තනි පක්ෂයක් පමණක් බලයේ සිටියේ නම් මෙවන් අවස්ථාවකදී අනෙක් මන්ත්‍රීවරුන්ද ඉවත්වීමක් සිදුවන බවත්, එහිදී බලය ගිළිහී යන බවත් හෙතෙම කියා සිටියේ අද (11) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.
පක්ෂයක් විදිහට තව දුරටත් එක්ව හිඳින්නට තීරණය කර ඇති බැවින් ආණ්ඩුව තුළ රැඳී සිටින බවත්, පක්ෂය විසින් තීරණය කරනු ලැබුවහොත් ආණ්ඩුවෙන් ඉවත්වන බවත් ඔහු කියා සිටියේය.
සයිටම් ආයතනය එදා පැවති තත්ත්වයට වඩා අද ඉදිරියට පැමිණ ඇති බවත්, එහි ප්‍රමිතිය ඉහළ නැංවීම රජය විසින් කළ යුතු බවත් බණ්ඩාර මහතා සඳහන් කළේය.
පෞද්ගලික අධ්‍යාපනය හොඳ බවත්, එය වරදක් ලෙස නොදකින බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, සිසුන් හා බලධාරීන් සයිටම් ප්‍රශ්නය සම්බන්ධයෙන් මීට වඩා වගකීමෙන් යුතුව ක්‍රියා කළ යුතු බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
බැදුම්කරේට සහය දක්වන්නන්ට විවිධ පාර්ශව සිදු කරන ප්‍රකාශ පදනම් විරහිතයි – යසන්ත කෝදාගොඩ
Farewell for Ambassador Prasad Kariyawasam in Washington D.C
“Though I wind up as Ambassador to the USA, I want to say that I will forever remain an Ambassador for ‘U.S.-Sri Lanka relations.’ I believe there is so much that our two countries, though geographically distant, can achieve for mutual benefit”, Ambassador Prasad Kariyawasam said addressing a distinguished gathering at a farewell reception hosted by the U.S. State Department this morning.
The State Department hosted the reception for a select group of well wishers of Sri Lanka, including U.S. government representatives, Washington-based foreign diplomats, and representatives from business establishments, civil society and non-governmental organizations, in honour of the Sri Lankan Ambassador who leaves the U.S. capital later this week to take up a new assignment as the Secretary of the Ministry of Foreign Affairs.
Welcoming the Ambassador, Assistant Chief of Protocol Gladys Boluda recalled the Ambassador’s close association with the State Department in the past three years and remarked that the turnout at the reception was a statement to his accessibility to his peers and interlocutors at all times. Echoing a long-held view in the State Department that governments send their best to serve in Washington D.C., she said this was certainly justified in the case of Ambassador Kariyawasam, whose next assignment in Colombo further strengthened this claim.
Under Secretary of State for Political Affairs, Ambassador Thomas Shannon observed that Ambassador Kariyawasam was witness to two transitions in administration during his tenure – one in Sri Lanka in 2015, the other in the U.S. in 2017 – and was able to navigate both skillfully for the benefit of both countries. He hailed the upward trajectory in bilateral relations and recalled the inaugural U.S. – Sri Lanka Partnership Dialogue in 2016 in which he and the Ambassador played a leading role to set up a structured framework for bilateral cooperation. Under Secretary Shannon pointed to Sri Lanka’s significance as a key player in the U.S. Indian Ocean policy and alluded to the immense potential for expanding the bilateral partnership.
Ambassador Kariyawasam recalled the historic government transition in Sri Lanka in 2015 which engendered a path-breaking revival in Sri Lanka’s bilateral relations with the United States, and the landmark achievements in the partnership since, including, among others, Sri Lanka’s selection for development programs by the Millennium Challenge Corporation, the many high level bilateral visits and the renewal of military cooperation. This trend continues in spirit and in substance under the current U.S. administration, he said, observing that, like all relationships, constant care and nurturing would be required to sustain the partnership and guide it to greater heights.
එළඹෙන වසර අමාරු වසරක් – වැඩිපුරම ණය ගෙවීමට ඇත්තේ 2018 සහ 2019 – රනිල්
එළඹෙන වසර ආර්ථිකමය වශයෙන් අපහසුතාවලින් පිරි වසරක් වන බවත්, වැඩිපුරම ණය ගෙවීමට ඇත්තේ 2018 සහ 2019 වසරවලදී බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්රමසිංහ මහතා පවසයි.
අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද (10) හෝමාගම, දියගම පිහිටි මොරටුව විශ්වවිද්‍යාලයීය තාක්ෂණ ආයතනය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
එහිදී වික්‍රමසිංහ මහතා මෙසේද සඳහන් කළේය.
යහපාලන රජය බලයට පත්වූ පසුව ආදායම වැඩි කර ණය ගෙවීමට හැකි තත්ත්වයක් නිර්මාණය කර තිබෙනවා. නමුත් අපට තවදුරටත් ණය ලබා ගැනීමට සිදු වෙනවා. අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය දියුණු කිරීමට, සෞඛ්‍ය දියුණු කිරීමට ණය ගන්නට සිදු වෙනවා. අප බලාපොරොත්තු වූයේ ණය මුදල් ලබා ගෙන අධ්‍යාපනය ආදී ක්ෂේත්‍රවලට වැඩිපුර යෙදවීමටයි. රජයේ අවසන් අරමුණ වන්නේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 6% ක් අධ්‍යාපන ක්ෂේත්‍රය වෙනුවෙන් ලබාදීමටයි. එය කළ හැක්කේ ආර්ථිකය ශක්තිමත් නම් පමණයි.
එක් පැත්තකින් ලබන වසර අමාරු අවුරුද්දක් බව කිව යුතුයි. වැඩිපුරම ණය ගෙවීමට ඇත්තේ 2018 සහ 2019 වසරවලදීයි. 2018 වසරේ දී නව අධ්‍යාපන වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. 2019 වසරේ දී අධ්‍යාපනය දියුණු කිරීම වෙනුවෙන් තවදුරටත් මුදල් යෙදවිය යුතුව තිබෙනවා. ලබන වසරේ දී කොතරම් ප්‍රශ්න තිබුණත් “ළඟම පාසල හොඳම පාසල“ බවට පත් කිරීමේ ව්‍යාපෘතියට අමතරව සියලූම දෙනාට වසර 13 ක අධ්‍යාපනය අනිවාර්ය කිරීමේ මූලික වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. එම අත්හදා බැලීම් අනුව ඊළඟ වසර දෙකේ දී වසර 13 ක අධ්‍යාපනය අනිවාර්ය කිරීම ක්‍රියාත්මක කරනවා.
ඒ වැඩසටහන වෙනුවෙන් නව ගුරුවරුන්, නව විෂය පද්ධති උගන්වන ගුරුවරුන්, කොට්ඨාශ බාර ප්‍රධානීන්, නියෝජ්‍ය විදුහල්පතිවරුන්, විදුහල්පතිවරුන් ආදී සියලූ දෙනාම පුහුණු කළ යුතුව තිබෙනවා. මේ වැඩකටයුත්ත සාර්ථක කර ගත හැකි වන්නේ එලෙස ලබාදෙන පුහුණුව මතයි.
දෙවෙනි කාරණය පළාත් සභා, ප්‍රාදේශීය සභා යටතේ තිබෙන පාසල්වල සංවර්ධනය පිළිබඳ වාර්තා ලබාගැනීමයි. වසර 13ක පාසල් අධ්‍යාපනය අනිවාර්ය කරන අතරම පාසල් ළමුන්ට ටැබ්ලට් පරිගණක ලබාදීමටත් අප කටයුතු කරනවා. එය පළමුවෙන් අත්හදා බැලීමක් ලෙස සිදුකර පසුව ලක්ෂ 5කට අධික උසස් පෙළ සිසුන්ට එම ටැබ්ලට් ලබාදීමට අප තිරණය කර තිබෙනවා. 2030, 2035 පමණ වන විට අධ්යා පන වැඩකටයුතු සදහා පාසැල් ළමුන් ටැබ්ලට් පරිගණකය භාවිත කරන තත්වයක් ඇතිවේවි.
එවාගේම අපි වයි – ෆයි ගමට ගෙනයාමේ වැඩසටහනත් ක්‍රියාත්මක කරනවා. එහිදි විශේෂයෙන්ම උසස් පෙළ විෂයන් උගන්වන පාසැල් තිබෙන ගම්මානවලට ප්‍රමුඛතාවය දී කටයුතු කිරීමට අප තීරණය කර තිබෙනවා. මේ කාරණා දෙකම දැන් අප ක්‍රියාත්මක කරමින් සිටිනවා.
වසර 13ක අධ්‍යාපනයෙන් පසු සියලූම දරුවන් විශ්වවිද්‍යාල සඳහා තේරී පත්වීම අනිවාර්ය නැහැ.
ඔවුන්ට උසස් පෙළ විභාගයෙන් පසු කාර්මික අධ්‍යාපන පුහුණුව ආදී ද්විතික අධ්‍යාපනයක් ලබාදිය යුතුයි. ඒ ආකාරයට අධ්‍යාපනය ලබා ඉදිරියට යාමේ හැකියාව අනෙක් විභාග සදහා මුහුණ දීමේ හැකියාව දරුවන්ට ඇතිවෙනවා. ඒ වැඩකටයුතු අප දැන් සිදුකරමින් සිටිනවා.
මෙරටේ වෘත්තීය පුහුණුව අනෙක් විශාලම ගැටළුවයි. එය රටේ දුර්වලම අංශයක්. අපි එම අංශය සංවිධානාත්මකව සකස් කළ යුතුයි. දරුවන්ට වෘත්තීය පුහුණුව ලබාදුන්නත් රැකියා කරගෙන යාම සදහා අවශ්‍යම පුහුණුවක් ලැබෙන්නේ නැහැ. පුහුණුව සඳහා අවශ්‍ය කර්මාන්තශාලා සහ ආයෝජකයන් තෝරා ගනිමින් කරගනිමින් එම වැඩසටහන අප ආරම්භ කළ යුතුයි.
තුන්වෙනුව මේ රටේ විශ්ව විද්‍යාලවල දියුණුව වෙත අවධානය යොමු කළ යුතුයි.
විශේෂයෙන්ම අනාගත පරම්පරාව මේ දැනුමෙන් සන්නද්ධ විය යුතුයි. ඉදිරියේදී අප වටා තිබෙන අනෙක් රටවල ජනගහණය වර්ධනය වෙනවා. ඉදිරියේදී ඉන්දියාව ලෝකයේ ජනාකීර්ණම රට බවට පත්වෙනවා. ඉන්දියාව, පකිස්ථානය, බංගලාදේශය යන රටවල් පිළිබද සලකා බලන විට එම කලාපයේ අඩුම තරමින් මිලියන 500 ක් ඉක්මවූ ජනගහනයක් ජීවත් වෙනවා. නමුත් 2050 වන විට ලංකාවේ ජනගහනය වැඩිවෙන්නේ ලක්ෂ 20කින් පමණයි. ලෝකයට අවශ්‍ය යන්ත්‍ර සහ රොබෝ යන්ත්‍ර ආදිය නිෂ්පාදනය කරදීමට අපට මෙය හොඳ අවස්ථාවක්. එසේ නම් අප එළඹෙන වසර 20, 30 පිළිබදව අවධානය යොමුකරමින් අපේ අධ්‍යාපන ක්‍රමය සකස් කළ යුතුයි.
ලංකාවේ ප‍්‍රථම වරට කසළවලින් විදුලිය
රවි ගෙදර යයි
ජවිපෙ ඡන්දය විශ්වාසභංගයට පක්ෂවයි – විජිත හේරත්
2015 ජනාධිපතිවරණයේත් මහ මැතිවරණයේත් ප‍්‍රධාන සටන් පාඨය බවට පත්වී තිබුණේ වංචාවට හා දූෂණයට එරෙහිව පියවර ගන්නා බවට සහ යහපාලනය ඇතිකරන බවට වූ පොරොන්දුව නමුත් මේ ආණ්ඩුව ඒ ප‍්‍රධාන පොරොන්දුවම බලයට පත්වී මාසයක් යනවිටම උල්ලංඝණය වූ බව ජ.වි.පෙ. ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා පවසයි.
ජනතා විමුක්ති පෙරමුණ බත්තරමුල්ල, පැලවත්ත ජ.වි.පෙ. ප‍්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකට සහභාගීවෙමින් ඒ මහතා මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,
2015 ජනාධිපතිවරණයේත් මහ මැතිවරණයේත් ප‍්‍රධාන සටන් පාඨය බවට පත්වී තිබුණේ වංචාවට හා දූෂණයට එරෙහිව පියවර ගන්නා බවට සහ යහපාලනය ඇතිකරන බවට වූ පොරොන්දුවයි. නමුත් මේ ආණ්ඩුව ඒ ප‍්‍රධාන පොරොන්දුවම බලයට පත්වෙලා මාසයක් යනකොට උල්ලංඝණය කළා. ලංකා ඉතිහාසයේ මහ බැංකුවේ විශාලම බැඳුම්කර වංචාව මේ ආණ්ඩුව යටතේ සිදු කළා. එය මුලින්ම මේ රටේ ජනතාව හෙළිදරව් කළේ, ජනතා විමුක්ති පෙරමුණයි. අපේ සුනිල් හඳුන්නෙත්ති සහෝදරයා මේ වගේම මාධ්‍ය සාකච්ඡාවක් තියලා මේ බව රටට හෙළිදරව් කළා. නමුත් ආණ්ඩුව කිසිඳු පියවරක් ගත්තේ නැතුවා විතරක් නෙමෙයි. පහුගිය රාජපක්ෂ පාලනය යටතේ සිදුවූ හොරකම් සම්බන්ධයෙන් පවා පරීක්ෂණ සිදුනොකොට ඒ හොරුන් සමගත් අත්වැල් බැඳගෙන ආණ්ඩුව පිහිටවූවා.
පසුගිය පාලන සමයේ සිදුවූ ඇවන්ගාඞ් සිදුවීම ආරක්ෂා කිරීමට ප‍්‍රබල ඇමතිවරු තිදෙනෙක්ම එම වංචාව යටගහන්න කටයුතු කළා. අපි ඒ ඇමතිවරුන් පිළිබඳව ජනතාවට හෙලිදරව් කළා. ඒවායේ ප‍්‍රතිඵලයක් විදිහට තිලක් මාරපන අමාත්‍යවරයාට ඉල්ලා අස්වීමට සිදුවුණා. තාවකාලිකව එහෙම කරලා සිදුවීම යටපත් කරලා දැන් නැවතත් ඔහුට ඇමතිකමක් දී තිබෙනවා. ඇවන්ගාඞ් හොරුන්ට තවමත් නීතිය කි‍්‍රයාත්මක වෙලා නැහැ. එවැනි සිදුවීම් ගණනාවක් ආණ්ඩුව විසින් යටපත් කරමින් සිටිනවා. පසුගිය ආණ්ඩුවේ හොරු වත්මන් ආණ්ඩුවේ ඇමති ධුර අරගෙන සුවසේ සිටිනවා. ඔවුන් පිළිබඳ පරීක්ෂණත් නිසි ලෙස සිදුවන්නේ නැහැ. යටපත් වෙමින් තිබෙනවා.
මහ බැංකු බැඳුම්කර වංචාව ගත්තොත් දැන් සියල්ල හෙළිදරව් වී අවසන්. උසාවියෙන් අහවලා වැරදිකාරයා කියා කිව්වෙ නැති වුණාට, ජනතා අධිකරණයෙන් මේ වරදකරුවො කවුදැයි තීන්දු කර අවසානයි. මේ පිළිබඳ පළමු පරීක්ෂණය පැවැත්වුණේ කෝප් කමිටුවේදීයි. එහිදී සත්‍ය තොරතුරු එළියට ගන්න අරගලයක් කරන්න සිදුවුණා. ඒ කමිටුව ඇතුළෙත් මේ වංචාව යටගන්න උත්සාහ කරපු බොහෝ අය හිටියා. අර්ජුන් මහේන්ද්‍රන් සහ ඔහුව පාවිච්චි කරලා මේ වංචාව සිදුකරපු දේශපාලන අධිකාරිය කෝප් කමිටුව තුළ එය යටපත් කරන්න හැදුවා. එහෙත් එහි සභාපති සුනිල් හඳුන්නෙත්ති සහෝදරයත් තවත් මන්ත‍්‍රීවරුත් එකතු වෙලා මෙහි විමර්ශන කටයුතු සිදුකොට වාර්තාවක් ඉදිරිපත් කළා. ඒ අනුව නීතිපති දෙපාර්තමෙන්තුව නඩු දැමිය යුතුව තිබෙනවා. ඒත් තවමත් අධිකරණයේ නඩු පවරා නැහැ.
දැන් ජනාධිවරයා විසින් පත් කරන ලද කොමිසම හමුවේත් අලූත් කරුණු හෙළිදරව් වෙමින් තිබෙනවා. රවී කරුණානායක ඇමතිවරයා පිළිබඳ බොහෝ කරුණු හෙළිවුණා. තවත් කරුණු හෙළිවෙමින් තිබෙනවා. ඒත් කෝප් කමිටුව ඇතුළෙ වගේම කොමිසමේදීත් එජාපය මෙම වංචාව සැඟවීමට උත්සාහ කරමින් සිටිනවා. එදත් කෝප් කමිටුවේ ෆුට් නෝට් කල්ලියක් මේක ආරක්ෂා කරන්න හිටියා. මෙතන වංචාවක් සිද්ධ වෙලා නැහැ කියන්න කිසිම හිරිකිතයක් නැතිව ෆුට් නෝට් කල්ලිය මාධ්‍ය ඉස්සරහට ආවා. අද කොමිසමේ ක‍්‍රියාවලිය ඇතුළේ මෙම වංචාව තවත් හෙළිදරව් වෙමින් තිබෙනවා.
රුපියල් කෝටි 5500ට වැඩි මුදලක් මේ සිදුවීමෙන් ජනතාවට අහිමි වුණා. පෞද්ගලික අංශයේ වැඩකරන ජනතාව දුක් මහන්සියෙන් එකතු කරපු අර්ථසාධක අරමුදලේ මුදල් මේ හරහා අහිමි වුණා. රටේ ජනතාවගේ දහඩිය මහන්සිය ආණ්ඩුවේ ප‍්‍රධානීන් තමන්ගේ සුඛ විහරණය වෙනුවෙන් පාවිච්චි කර තිබෙනවා. මේ වංචාවේ වරදකරුවන්ට අනිවාර්යයෙන් දඩුවම් පැමිණවිය යුතුයි. එහි ප‍්‍රමාණය කවරක් වුවත් කමක් නැහැ. රාජිත ඇමතිවරයා පසුගියදා කියා තිබුණා, රාජපක්ෂ ආණ්ඩුවේ හොරකම් එක්ක බැලූවාම මේක ලූනු බිකක් කියලා. ඔහුත් රාජපක්ෂ ආණ්ඩුවේ ඇමතිවරයෙක්. රවීගේ වැරැද්ද ලූනු බිකක්නම් ඒ කාලයේ ඔවුන්ගේ, ඔවුන්ගේ ආණ්ඩුවේ හොරකම් කොහොමදැයි ජනතාවට සිතාගත හැකියි. ඔහු ධීවර ඇමති ලෙස හිටපු කාලයේ මෝදර ධීවර වරාය විදෙස් සමාගමකට බදු දීමේදී සිදු කරන ලද වංචාව රුපියල් කෝටි 47ක් පමණ වෙනවා. ඒවත් ලොකු හොරකම්. මේවත් ලොකු හොරකම්.
ඇත්තටම එදා රාජපක්ෂ ආණ්ඩුව සිදුකරපු හොරකම් අභිභවා යන්න මේ ආණ්ඩුව තරගයට හොරකම් කරමින් ඉන්නවාදැයි අපට හිතෙනවා. අපිට හොරකම්වල ලොකු පොඩිකම් මනින්න බැහැ. ලොකු හොරුන්ගෙයි පොඩි හොරුන්ගෙයි වෙනසක් නැහැ. මේ ඉන්නේ නැව් ගිලපු හොරුන්ට මේක ලූනු බිකක් වුණාට මේ හොරකම් කරලා තියෙන්නෙ රටේ ජනතාවගේ මුදල්. එදා සහ අද වෙන සියලූ හොරකම්වලට එරෙහිව වෙනසකින් තොරව නීතිය ක‍්‍රියාත්මක විය යුතුයි.
ෆයිසර් මුස්තාපා ඇමතිවරයා කියනවා, හොරකම් නැති ආණ්ඩුවක් මේ රටේ තිබිලා නැහැ කියලා. ඔහු පිළිගන්නවා, මෙච්චර කල් තිබුණෙ හොරුන්ගෙන් පිරුණු ආණ්ඩු කියන එක. ඒ කියන්නේ, මේ රටේ ජනතාව ඡුන්දෙ දීලා තියෙන්නෙ හොරුන්ගෙ ආණ්ඩුවලට. එහෙනම් ජනතාව අලූතෙන් හිතා බලන්න ඕනෙ තවදුරටත් හොරුන්ගේ ආණ්ඩුවලට ඡුන්දෙ දෙනවද කියන එක. දෙගොල්ලන්වම කිරලා මැනලා බලන්න අවස්ථාවක් දැන් ජනතාව හමුවේ තිබෙනවා. දැන් බැසිල් කියනවා, එයාලා හොරෙන් ප්ලේන්ටියක්වත් බීවේ නැහැ කියලා. එහෙනම් මල්වානේ මාළිගය හැදුවේ කොහොමද? ඒ සල්ලි ආවේ කොහොමද? ඒ ඉඩම ගත්තේ කොහොමද? ඒවා ඉබේ ඉදිවුණාද? මේ මහබැංකු බැඳුම්කර හොරකමෙන් රාජපක්‍ෂ ආණ්ඩුව කාලේ හොරකම් වහන්න බැහැ. අද මේ විශ්වාසභංග යෝජනාව ගේන්නේ එවැනි චෝදනා තියෙන අයයි.
ඔවුන්ට ඒ සඳහා සදාචාරාත්මක අයිතියක් තියෙනවාද කියන ප‍්‍රශ්නේ තියෙනවා. මේ ඇතිවී තියෙන තත්ත්වය හමුවේ එවැනි විශ්වාසභංග යෝජනාවක් ගෙන ආ යුතුව තියෙනවා. අපි කිව්වා, එවැනි විශ්වාසභංග යෝජනාවක් ගෙන ආ යුතුයි කියලා. නමුත් මේ කණ්ඩායම විශ්වාසභංග යෝජනාවක් ගෙනත් තියෙනවා. ඔවුන් කියන්න හදනවා, ඔවුන් කරපු හොරකම්වලට වඩා මහබැංකු බැඳුම්කර වංචාව ලොකුයි කියලා. ඒකේ ඇත්තක් නැහැ. දෙගොල්ලම කරපු හොරකම් එකයි. ඒ දෙකේ වෙනසක් නැහැ. මේක හරියට කේතලේ මුට්ටියට කළුයි කිව්වා වගේ වැඩක්. කේතලෙත් කළුයි. මුට්ටියත් කළුයි. රටේ ජනතාව බලන්න ඕන දැන් ඇත්තටම වෙලා තියෙන්නේ මොකක්ද කියලා. දෙකම එකයි. එක වරදක් තවත් වරදකින් වහන්න බැහැ. එක වරදක් තවත් වරදකින් ශුන්‍ය වෙන්නේ නැහැ. කෙනෙක් දෙක දෙකෙන් බෙදුවාම බිංන්දුවයි කිව්වා වගේ ශුන්‍ය වෙන්නේ නැහැ. දෙක දෙකෙන් බෙදුවාම බිංදුව වෙන්නේ නැහැ. පාලනයන් දෙකේම වරදවල්වලට අදාළව නීතිය කි‍්‍රයාත්මක වෙන්න ඕනැ. ඒ සඳහා ආණ්ඩුව පැත්තෙන් කි‍්‍රයාමාර්ග ගත යුතුව තියෙනවා.
ආණ්ඩුව මැතිවරණ පොරොන්දුවක් විදිහට වංචා දූෂණ හොරකම් සම්බන්ධයෙන් කටයුතු කරන්න විශේෂ අධිකරණයක් පිහිටුවන බව කිව්වා. අජිත් පෙරේරා ඇමතිවරයා කියනවා විශේෂ අධිකරණයක් පිහිටුවන්න බැරිව ඉන්නේ තමන්ගේ ආණ්ඩුවේ විජේදාස රජපක්ෂ අධිකරණ ඇමතිවරයා හින්දා කියලා. එහෙත් ආණ්ඩුවට ඕන වුණ තීන්දු ගන්න ඇමතිවරයාගේ පෞද්ගලික අදහස සලකන්නේ නැහැ. කැබිනට් මණ්ඩලයට තීන්දුවක් අරගෙන කි‍්‍රයාත්මක කළ හැකියි. දැන් වරාය විකුණන්න අදාළ හිටපු ඇමතිවරයා එපා කිව්වා කියලා වරාය විකුණන එක නතර වුණාද? අධිකරණ ඇමතිවරයා පිට පටවලා ආණ්ඩුවට ඇඟ බේරගන්න බැහැ. ඒ නිසා අපි කියනවා ආණ්ඩුවට ඇත්ත වුවමනාවක් තියෙනවා නම් එවැනි දෙයක් කළ හැකියි. විශේෂ අධිකරණයක් පිහිටුවන්න ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් කරන්න වෙනවා නම්, ඒක දුෂ්කර නම් ආණ්ඩුවට වෙනම අධිකරණයක් පිහිටුවන්න පුළුවන්. ඒකට කරන්න තියෙන්නේ දැනට තියෙන උසාවිවලින්ම එක උසාවියක් වෙන් කරලා මේ සියලූ වංචා-දූෂණ සම්බන්ධ නඩු ඒකට යොමු කරන එක. එහෙම පිහිටුවලා මේ නඩු කඩිනම් කරන්න පුළුවන්. එහෙම නොවුණොත් මේ වංචා-දූෂණ කොයි තරම් එළිදරව් වුණත් නීතිය කි‍්‍රයාත්මක වීම ප‍්‍රමාද වෙනවා.
දැන් බැඳුම්කර කොමිසම මේ පරීක්‍ෂණය මෙහෙයවනවා. ඔවුන්ගේ අවසන් වාර්තාව නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කළ යුතුයි. ඔවුන් නැවත මෙය අධිකරණය වෙත යොමුකළ යුතුයි. මේ කි‍්‍රයාවලිය අවසන් වෙනකොට තව අවුරුදු දෙක-තුනක් යනවා. ඒ වෙනකොට මේ ආණ්ඩුවේ ආයුෂ ඉවරයි. ඒ කියන්නේ කිසිදු චූදිතයෙකුට මේ ආණ්ඩුවේ කාලය ඇතුළත දඬුවම් ලැබෙන්නේ නැහැ කියන එක. එතකොට දේශපාලනය වෙනස් වෙලා. පහුගිය කාලයේ සිද්ධ වුණේ එහෙම දේවල්. ඒ නිසා දැනට මෙහෙයවන නඩු කටයුතු පවා වෙනම අධිකරණයක් මගින් කි‍්‍රයාවලිය වේගවත් කරලා වරදකරුවන්ට දඬුවම් පැමිණවිය යුතුයි.
දැන් විශ්වාසභංගය පාර්ලිමේන්තුව හමුවේ තියෙනවා. ආණ්ඩුව ප‍්‍රාදේශීය සභා ඡුන්දේ කල් දැම්මා. දැන් පළාත් සභා ඡුන්දේ කල් දාන්න හදනවා. ඒ වගේ විශ්වාසභංගෙට අදාළ ඡුන්දෙත් කල් දාන්න ඉඩ තියෙනවා. අපි කියන්නේ ඒවට ඉඩ දෙන්න බැහැ. එය වහාම විවාදයට ගත යුතුයි. අපේ පැත්තෙන් අපි අවධාරණය කරන්නේ, මෙය ඉක්මනින් විවාදයට අරගෙන ඉක්මනින් ඡුන්දය තියන්න කියලා. මේ විශ්වාසභංගයේදී අපි පැහැදිලි ස්ථාවරයක ඉන්නවා ජනතා විමුක්ති පෙමරමුණ විදිහට ඊට පක්‍ෂව ඡුන්දය දෙන්න. රවී කරුණානායක තමන්ගේ මුදල් අමාත්‍ය ධුරය පාවිච්චි කරලා බැඳුම්කර ගනුදෙනුව ආශි‍්‍රතව කරපු ඒ දූෂිත ගනුදෙනුව වැරදි සහගතයි. ඒ නිසා ඔහු අමාත්‍ය ධූරයෙන් ඉවත් කළ යුතුයි. ඔහු විදේශ අමාත්‍ය ධුරයෙන් ඉවත් කළත් ඔහු මෙම ගනුදෙනුවට සම්බන්ධ වෙන්නේ මුදල් ඇමතිවරයා විදිහට. ඔහු මුදල් අමාත්‍යාංශයේ යාන්ත‍්‍රණය පාවිච්චි කළා මේ ගනුදෙනුවට. මේ රටේ ජනතාවගෙන් ඔහු සමාව ගත යුතුයි.
දැන් ආණ්ඩුව උත්සාහ කරනවා, මේ සිද්ධිය රවී කරුණානායක ඇමතිවරයාගේ පිටින් තියන්න. නිධානය ගන්න බිල්ල බවට රවීව පත්කරන්න උත්සාහ දරනවා. නිධානය ගත්ත කට්ටිය පැත්තක ඉන්න පුළුවන්. ඒකට ඉඩ තියන්න පුළුවන්කමක් නැහැ. ඔහුත් ඇතුළත්ව නිධානය ගත්ත මුළු හොරු කණ්ඩායමටම දඬුවම් ලැබිය යුතුයි. මේ නිධානයේ තියෙන්නේ ජනතාවගේ සල්ලි. ඒව නැවත ජනතාවට ලැබිය යුතුයි. හොරුන්ට දඬුවම් දීලා ජනතාවට ඒ සල්ලි ආපසු ලැබිය යුතුයි. දැන් ආණ්ඩුව හදනවා රවීට ඉල්ලා අස්වෙන්න කියලා මේක ගොඩින් බේරගන්න. අපි කියන්නේ ඔහු ඉල්ලා අස්වෙලා හෝ වෙනත් කිසිදු පියවරකින් මේ බැඳුම්කර වංචාව යටපත් කරන්න දෙන්න බැහැ. තිලක් මාරපන ඇමතිවරයා ඉල්ලා අස්වෙලා ඇවන්ගාඞ් සිද්ධිය යටපත් කළා වගේ කවුරු හරි ඇමතිවරයෙක් ඉල්ලා අස්වෙලා බැඳුම්කර සිද්ධිය යටපත් කරන්න දෙන්න බැහැ. අපි දැඩිව එම ස්ථාවරයේ ඉන්නවා. එහි වරදකරුවන් නීතිය හමුවට ගෙන ආ යුතුයි. මෙම සිදුවීම සමඟ තවත් අයගේ නම් කියවෙනවා. ආණ්ඩුවේ ප‍්‍රධානින්ගේ නම් කියවෙනවා. මේ සිදුවීමේ ඇත්ත සැලසුම්කරුවෝ, ප‍්‍රබලයෝ හෙළිදරව් කරගත යුතුයි. ඒ සඳහා අපේ බලපෑම දිගින් දිගටම සිදුකරනවා. අපි අවධාරණය කරන්නේ, විශ්වාසභංගයට අදාළ විවාදය කඩිනමින් ගත යුතුයි. අපි ඊට පක්‍ෂව ඡුන්දය ප‍්‍රකාශ කරනවා.
මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්,
ඉතා පැහැදිලියි මහ බැංකුව තිබුණෙත් තිබෙන්නෙත් අගමැතිවරයා යටතේ. එහි අධිපතිවරයා හැටියට අර්ජුන මහේන්ද්‍රන් පත් කළේ ඔහුයි. එම නිසා මේ බැඳුම්කර ගනුදෙනුමට අදාළ විශේෂ වගකීමක් ඔහුට තියෙනවා. තමන්ගේ දෑත් පිරිසිදුයි කියලා ඔහුට කියන්න බැහැ. මේකෙන් ගැලවෙන්න ඔහුට බැහැ. මේ වංචාවට සම්බන්ධ අය ඇමතිවරු වෙන්න පුළුවන්, ප‍්‍රධානීන් වෙන්න පුළුවන්, තරාතිරම වැදගත් නැහැ. ඔවුන් සියලූ දෙනාම කොමිසමට කැඳවිය යුතුයි. ඔවුන් එම සිද්ධියට සම්බන්ධතාවයක් තිබේ නම් ඔවුන්ට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කළ යුතුයි. අපි බලාගෙන ඉන්නේ, මේ ආණ්ඩුව ඇතුළේ එහෙම වෙයිද කියලා. නමුත් අපිට පේන දේ තමයි කොමිසම් පිහිටුවලා, සාක්‍ෂි කැඳවලා වාර්තා හදලා, නීතිපති වෙත යවලා, නඩු කි‍්‍රයාවලිය යනකොට බොහෝ කාලයක් යනවා. ඒ අනුව බැඳුම්කර හොරුන්ට මේ ආණ්ඩුව යටතේ දඬුවම් ලැබෙයි කියලා විශ්වාස කරන්න අමාරුයි.
මේ හොරකමෙන් පරණ හොරකම් වහන්න බැහැ. විශ්වාසභංගය ගෙනත් තමන්ගේ හොරකම් වහගන්න ඔවුන්ට බැහැ. ආණ්ඩුව ඇතුළේ ඉන්න ඇමතිවරුත් විශ්වාසභංගයට පක්‍ෂ වෙනවා කියලා කියනවා. ඒකෙන් විශ්වාසභංගය ගෙනාපු අයට පක්‍ෂ වෙන බවක් අදහස් වෙනවද? ඒ විශ්වාසභංගයයේදී රවී කරුණානායක ඇමතිවරයාට විරුද්ධව ඡුන්දය දීමේන් හොරු සමඟ එකට හිටගැනීමක් කොහෙත්ම අදහස් වෙන්නේ නැහැ.
අපි අවධාරණය කළේ මේ ආයතනය අගමැතිවරයා යටතේ තිබුණු ආයතනයක් බව. ඒ නිසා ඔහුට වගකීමෙන් නිදහස් වෙන්න බැහැ. මේ සිද්ධියේ වරදකරුවන් වෙන්නේ කවුද කියන එක, ඔහුගේ තරාතිරම මොකක්ද කියන එක අපට වැදගත් වෙන්නේ නැහැ. මේ වංචාවට සම්බන්ධ වුණු සියලූ දෙනාට නීතිය කි‍්‍රයාත්මක වෙන්න ඕනැ. ජේ.වී.පී. එකට ආණ්ඩුවක් දෙන්න, හොරුන්ට දඬුවම් දෙන හැටි බලන්න. මේක අපේ ආණ්ඩුවක් නෙමෙයි, මේක හොරුන්ගේ ආණ්ඩුවක්. හොරුන්ගේ ආණ්ඩුවකින් හොරුන්ට දඬුවම් දෙන්නේ නැහැ. මේක තමයි ඇත්ත. අපි ජනතාවට කියන්නේ මේ ඇත්ත.
මෙච්චර කල් ඔබ ඡුන්දය දීලා තියෙන්නේ හොරුන්ට. ඔබ එක හොර ආණ්ඩුවක් අයින් කරලා තව හොර ආණ්ඩුවක් ගෙනත් තියෙනවා. ඔවුන් කලින් හොරුන්ට දඬුවම් දෙන්නේ නැහැ. රාජපක්‍ෂ ආණ්ඩුව කාලේ ගමේ එක්සත් ජාතික පාක්‍ෂිකයා ගමේ කඩ මණ්ඩියට ගිහින් බය නැතිව කිවුවා ‘මහින්ද හොරා’ කියලා. අද ඔවුන්ට එහෙම කියන්න බැහැ. අද එහෙම කියපු ගමන් අහනවා, ‘ඇයි ඔහෙලගේ ලොක්ක’ කියලා. මහ බැංකු බැඳුම්කර වංචාව ගැන කිවුවාම ඔවුන්ගේ කටවල් වැහෙනවා. ඒ නිසා මේ දෙගොල්ලන්ගෙන් හොරුන්ට දඬුවම් ලැබෙයි කියලා විශ්වාස කරන්න බැහැ. ඒ නිසා අපි ජනතාවට කියන්නේ අපිට ආණ්ඩුවක් දෙන්න. අපි පෙන්වනන්නම් හොරකම, වංචාව, දූෂණය නවත්වන විදිහ. අපි අමාත්‍යාංශ හතරක් මෙහෙයවූවා. අල්පෙනෙත්තක දෙයක් හොරකම් කළා කියලා චෝදනාවක් නැහැ. අපි තිස්සමහාරාම ප‍්‍රාදේශීය සභාව කළා. වංචා-දූෂණ නැති කරලා තිස්ස සභාව හදලා පෙන්නුවා. ජනතාවට දැන් විශ්වාස කරන්න තියෙන එකම දේශපාලන බලවේගය ජනතා විමුක්ති පෙරමුණ පමණයි. අපි වංචා-දූෂණවලට මේ තරම් විරුද්ධ මේ රටේ මහජනතාවගේ ධනය මේ වංචාවලින් දූෂණවලින් විනාශ වෙන නිසා. ඉස්කෝලේ ළමයින්ට පාසැල්වල ඩෙස් බංකු ටික නැතිව, ගුරුවරු නැතිව, ඉස්පිරිතාලවල බෙහෙතේ නැතිව දුක් විඳින්න සිද්ධ වෙලා තියෙන්නේ මේ කම්බා හොරු නිසා. මේ වංචාව-දූෂණය-නාස්තිය නැති කළොත් මේ රටේ ප‍්‍රශ්න සෑහෙන ප‍්‍රමාණයක් මේ සල්ලිවලින් විසඳන්න පුළුවන්. ඒ නිසා අපි ඉල්ලා සිටින්නේ මේ හොරුන්ගෙන් පිරුණු ආණ්ඩු පිහිටුවීම නවත්වලා වෙනත් විකල්පයක් වෙත හැරෙන්න කියලා.
ඇත්තටම මේ ආණ්ඩුවේ සාධනීය මට්ටමක් නැහැ. ඔවුන් සාධනීය වෙන්න හදන්නේ කථාවලින් විතරයි. ඔවුන් පරණ අයට දඬුවම් දෙන බව කියමින් ඉන්නවා. ඩුබායිවල කෝටි පන්දාස් ගණනක් තියෙන බව කිව්වා. ඇස් දෙකෙන් දැක්ක කියලා කිවුවා. කෝ? මේ වංචනිකයින්ට එරෙහිව පියවර ගත්තද? ජනතාවට කතා වැඩක් නැහැ. වැඩවලින් ඔප්පු කළ යුතුයි. ජනාධිපති කොමිසමක් පත් කළා කියලා මේවට කි‍්‍රයාමාර්ග ගත්තේ නැත්නම් වැඩක් නැහැ. මෙච්ච කරුණු ඔප්පු වුණු ඇවන්ගාඞ් සිද්ධියට අදාළවත් නීතිය කි‍්‍රයාත්මක් වුණේ නැහැ. දූෂණයට, වංචාවට විරුද්ධ නම් කි‍්‍රරයාමාර්ගවලින් ඒ බව පෙන්වන්න. අගමැතිවරයා කියනවා, ආණ්ඩුවේ හොරු හිටියොත් හොරුන්ට එරෙහිව පියවර ගන්නවා කියලා. ඒත් අපිට කිසිම දෙයක් පේන්නේ නැහැ. ආණ්ඩුව වැඩවලින් ඔප්පු කරලා නැහැ නීතිය කි‍්‍රයාත්මක කරන බව.
වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අදහස් දක්වමින්,
ජනාධිපති කොමිසම ඉදිරියට ඇමතිවරු පැමිණීම හෝ නීතිපති දෙපාර්තමේන්තුව ඇමතිවරුන් ප‍්‍රශ්න කිරීම මේ ආන්ඩුව කැමැත්තෙන් ලබාදුන් නිදහසක් නෙවෙයි. මෛතී‍්‍රපාල සිරිසේන මහතා ජනාධිපති පුටුවේ වාඩි වෙන්නෙත් රනිල් වික්රමසිංහ මහතා අගමැති පුටුවේ වාඩි වෙන්නෙත් මේ ඇමතිවරු ඇමතිවරු ඇමතිකම් දරන්නේත් ජනතාව වංචාවට-දූෂණයට එරෙහිව දීපු ජනවරම නිසා. ඒ ජනවරම අනුව මෙහෙමවත් හැසිරීමක් පෙන්වන්නේ නැතිනම් ඔවුන්ට පැවැත්මක් නැහැ. මේ ඔවුන්ගේ කැමැත්ත නෙවෙයි. මේ බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ විමර්ශනයේදී රවී කරුණානායක ඇමතිවරයා පිටින් සියලූ වැරදි තබා ගැලවීමට ආණ්ඩුවට බැහැ. මේ ගනුදෙනුව පිළිබඳ වගඋත්තරකරුවන් සෙවීම මූලික කුමන්ත‍්‍රණය සිද්ධ වෙච්ච 2015 ජනවාරි 15 මුදල් අමාත්‍යාංශයේ සිද්ද වෙච්ච සාකච්ඡාවේ සිටම ආරම්භ විය යුතුයි.
ඒ සඳහා සහභාගි වෙච්ච රවී කරුණානායක මුදල් අමාත්‍යවරයා, එවකට උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍ය කබීර් හෂීම්, මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්, අගමැතිවරයාගේ නියෝජිතයා විදිහට සම්බන්ධ වූ මලික් සමරවික‍්‍රම යනාදීන් පිළිබඳව විමර්ශන සිදුවිය යුතුයි. බොහෝ එක්සත් ජාතික පක්‍ෂ නායකයින් මේ ගිලටීනයට අහු වෙනවා. ඒ වගේම තමයි මහ බැංකු බැඳුම්කර වංචනිකයින්ගෙන් අල්ලස් ගත්තේ රවී කරුණානායක විතරක් නෙවෙයි. ජනාධිපති විමර්ශන කොමිසම මේ පිළිබඳ පරීක්‍ෂණ කටයුතුවලදී කෝප් කමිටුවේ ෆුට් නෝට් කල්ලියට සම්බන්ධ එක්සත් ජාතික පක්‍ෂ මන්තී‍්‍රවරුන්ගේ දුරකතන පරීක්‍ෂා කර බැලූවොත් ඒ කාලයේ අර්ජුන මහේන්ද්‍රන්, අර්ජුන් ඇලෝසියස් එක්ක සම්බන්ධකම් පැවැත්වුවේ කවුද කියලා හොයා ගන්න පුළුවන්. කෝප් කමිටුවේ විමර්ශන තීරණාත්මකව යන වෙලාවේ අර්ජුන් මහේන්ද්‍රන්ගෙන් දුරකථන ඇමතුම් ලැබුණු එ.ජා.ප. මන්තී‍්‍රවරු එතන වාඩිවෙලා හිටියා. ඒ නිසා රවී කරුණානායකට විතරක් නෙවෙයි, ෆුට් නෝට් කල්ලිය ලෙස රටට එළිදරව් වුණු අජිත් පෙරේරා, සුජීව සේනසිංහ, හර්ෂණ රාජකරුණා, හර්ෂද සිල්වා ඇතුළු ඒ කල්ලියේම දුරකථන ඇමතුම් පරීක්‍ෂා කළොත් මීට සම්බන්ධ තව බොහෝ අය හොයාගන්න පුළුවන්.
රවීට එහෙි විශ්වාසභංගයට තව දින 08යි
විදේශ අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහිව කථානායකවරයා වෙත බාරදී ඇති විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේදී සැළකිල්ලට ගැනීම සඳහා තවත් දින 08 ක පමණ කාලයක් ගතවනු ඇති බව වාර්තා වෙයි.
පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් නීතිඥ නීල් ඉද්දවෙල මහතා සඳහන් කළේ අමාත්‍යවරයෙකුට එරෙහිව මෙවැනි විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් වූ පසු පළමුව කථානායකවරයා විසින් එහි අනුකූලතාව පිළිබඳ තීරණය ලබා දීම කළ යුතු බවයි.
අනතුරුව එය සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම පරිවර්තනය කිරීම සිදු කෙරෙන බව ඔහු පෙන්වා දෙයි.
අදාළ විශ්වාසභංග යෝජනාව දින රහිත යෝජනාවක් ලෙස න්‍යාය පුස්තකයට ඇතුළත් කරන බව පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් නීතිඥ නීල් ඉද්දවෙල මහතා පැවසුවේය.
එතැන් සිට දින 07 ක කාලයක් ගත වූ පසු පක්ෂ නායකයන් රැස් වී එම විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනෙන කාල වකවානු තීරණය කෙරෙන බව සඳහන්ය.
ඒ අනුව ලබන සභා වාරයේදී මෙම විශ්වාසභංග යෝජනාව විවාදයට ගනු ඇති බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම්වරයා සඳහන් කළේය.
මේ අතර පක්ෂ නායක රැස්වීමක් මේ වන විට පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වෙයි.
මෙම සතිය තුළ පාර්ලිමේන්තුව තුළ සාකච්ඡාවට ලක් වන කාරණා සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු කිරීමට නියමිතය.
කෙසේවෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේ රවී කරුණානායක මහතාට එල්ල වී ඇති විශ්වාසභංග යෝජනාව පිලිබඳව අද දිනයේ රැස්වන පක්ෂ නායක රැස්වීමට කරුණු ඉදිරිපත් කිරීමට බලාපොරෙත්තු වන බවයි.
