ජාතික රූපවාහිනියේ නුග සෙවන නිවේදිකාව ඇප මත

සමාජ මාධ්‍ය ජාලා මගින් ප්‍රචණ්ඩත්වය පැතිරවීමට ආධාර අනුබල ලබාදීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් ශ්‍රීලංකා රූපවාහිනී සංස්ථාවේ නිවේදිකාවක වන වසුන්දරා ගමගේ මහත්මිය ඇප මත නිදහස් කර තිබේ.

නඩුව එළැඹෙන ජූනි 24 වනදා කැඳවීමට නියමිතයි. ඊයේ (18) පස්වරුවේ
නාරාහේන්පිට ඇගේ නිවසේදී අත්අඩංගුවට ගත් ඇයව අද අධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර පරිගණක අපරාධ පනත යටතේ ඇය ප්‍රචණ්ඩත්වයට අනුබල දුන්නේ යයි චෝදනා ගොනු කර තිබුණි.

වසුන්දරා ගමගේ මහත්මිය නුගසෙවණ ඇතුළු ජාතික රූපවාහිනියේ ප්‍රකට වැඩසටහන් ගණනාවක සම්ප්‍රවේශිකාවක ලෙස කටයුතු කරමින් සිටින්නියකි.

බේරේ වැවට තල්ලු වුණ 47 වියැති අයෙකු රෝහලේදී මරුට

පසුගියදා ගාලුමුවදොර ආසන්න ප්‍රචණ්ඩක්‍රියා වල නිරතවූ අයට ප්‍රතිප්‍රහාර
එල්ලවෙද්දී හිසට හා පපුවට බරපතල පහරදීම් වලට ලක්ව පසුව බේරේ වැවට තල්ලුවී ගිය පුද්ගලයෙකු ප්‍රතිකාර සදහා රෝහල්ගතවී ඇති අතර සතියක පමණ කාලයක් බරපතල තත්වයේ පසුවී රෝහලේදී මියගොස් තිබේ. මියගිය පුද්ගලයා 47 හැවිරිදි කුලියාපිටිය ප්‍රදේශයෙන් පැමිණි අයෙකි.

පශ්චාත් මරණ පරීක්ෂණය අනුව මියගිය අයට පහරදීම් නිසා ඇතිවූ බහුවිධ තුවාල මරණයට හේතුවූ බව සදහන් කර ඇත.මෙය ඝාතනයක් ලෙස සලකා සැකකරුවන් අත්අඩංගුවට ගන්නට සොයන බව පොලිසිය දන්වා ඇත.

India top court frees ex-PM Rajiv Gandhi’s killer

India’s Supreme Court has ordered the release of one of the convicts
involved in the 1991 murder of former prime minister Rajiv Gandhi.
AG Perarivalan was in jail for over 30 years. In 1998, he was
sentenced to death, but it was later commuted.

Arrested at 19, Perarivalan was convicted for procuring batteries that
were used in the bomb to kill Gandhi.  Gandhi was assassinated by a female suicide bomber as he addressed an election rally in Tamil Nadu state.

Gandhi’s killing was widely seen as retaliation for his having sent
Indian peacekeepers to Sri Lanka in 1987 when he was prime minister.

Perarivalan was a member of the Liberation Tigers of Tamil Eelam
(LTTE), a rebel group fighting for a separate Tamil state in Sri
Lanka. The rebels were finally defeated by Sri Lankan troops in 2009.

On Wednesday, a three-judge bench of the Supreme Court invoked a
section of the Indian Constitution that grants it extraordinary powers
“for doing complete justice in any cause” to release Perarivalan, one
of the seven convicts in the case, considering that he had been in
jail for over 30 years.

Over the years, governments in Tamil Nadu state had asked for
Perarivalan and the other convicts to be released.

In 2000, the state governor had commuted the death sentence of Nalini,
a female convict in the case, and in 2014, the Supreme Court had
commuted the death sentences of all the others on account of an
11-year delay in deciding their mercy petitions.

පනින්නේ කව්ද ?

නව අගමැති රනිල් වික්‍රමසිංහගේ දෑත් ශක්තිමත් කරමින් ඉදිරි දිනවලදී
කැබිනට් අමාත්‍ය තනතුරු ලබාගන්නට ඉඩ තිබෙන විපක්ෂයේ මන්ත්‍රීවරුන්
කිහිපදෙනෙකු ගැන දේශපාලන ආරංචි වාර්තා කර තිබේ
පාඨලී චම්පික රණවක, හරීන් ප්‍රනාන්දු, මනුෂ නානායක්කාර ශ්‍රීලනිපයේ නිමල්
සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර ඒ අතර වෙති

සජබයේ තිදෙනාම රට ගොඩනැගීමට රනිල්ට වැඩපිළිවෙලක් ඇතිද යන්න මාධ්‍ය
ප්‍රචාරණයද සහිතව රනිල්ට ලිපි යොමු කළ අතර රනිල් ඊට හැරෙන තැපෑලෙන්ම
ධනාත්මක පිළිතුරු සැපයීය.ඒ අනුව පාඨලී,හරීන් හා මනුෂ තර්කානුකූල පදනමකින් රට නගා සිටුවීම යන අරමුණින් සජබයේ ප්‍රතිපත්ති අතහැර රනිල් සමග එක්වීමට නියමිතය. මෙම කාරණාව ගැන හරින් අවස්ථා දෙක තුනකදීම ප්‍රසිද්ධියේ කියා සිටි අතර ඔහු අනෙක් අයටද තම මතය සමග එක්වන්න ආරාධනා කිරීම විශේෂිතය

පාඨලී චම්පික රණවක පසුගිය දිනවල නිහඩ පිළිවෙතක් අනුගමනය කළ මුත් අවස්ථාව ලද සැණින් සජිත් අතහැර තම ගමන යාමේ උවමනාවෙන් පසුවන්නෙකු ලෙස හදුනාගන්නට ලැබිණි.ඒ අනුව ඔහු රනිල්ට ලිපියක් යොමු කළ පසු රනිල්ගෙන් ධනාත්මක පිළිතුරක් ලැබී ඇත.එයටද මාධ්‍ය ප්‍රචාරයක් ලබාදී ඇත්තේ සිය අනුගාමිකයන්ට සිදුවන දේ ගැන සාධාරණයක් කිරීමට විය හැකිය.

දැනට වාර්තාවන්නේ නිමල් සිරිපාල ද සිල්වාට කැබිනට් ඇමති ධූරයක් ස්ථිරව
ලැබෙන බව හා මහින්ද අමරවීර හෝ දුමින්ද දිසානායක දෙන්නාගෙන් එක් අයෙකුට ඇමති ධූරයක් ලැබෙන බවකි. රනිල්ගේ යෝජනාව අනුව කැබිනට් ඇමති ධූර ශ්‍රිලනිපයට වෙන් කර ඇත්තේ දෙකකි. කෙසේ වෙතත් නියෝජ්‍ය ඇමති ධූර කිහිපයක් ලැබෙන්නට ඉඩ ඇත.
ඇමති ධූර ලබාදීම පමාකරමින් රජයේ කටයුතු පවත්වා යාමට රනිල් මේ දිනවල
කටයුතු කළ අතර එය පාර්ලිමේන්තුවේ වැඩ සදහාද ගැටලු මතු කෙරිණි. නමුත් මෙම ගනුදෙනු සාකච්ඡා හමාරවනතුරු ඇමති ධූර පිලිබද අවසන් නිගමන ගන්නට බැරිව යාම ඊට හේතුවයි. කෙසේ වෙතත් ඉතා ඉක්මණින් 20 දෙනෙකුට සීමා කරන කැබිනට් මණ්ඩලයේ ඉතිරි අය දිවුරුම් දෙනු ඇත.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් නිවේදනයක්

අද (18) දිනයේ පෙට්‍රල් සැපයීම සීමාකෙරෙන බව ලංකා ඛනිජ තෙල් නීතිගත
සංස්ථාව ජනතාවට දැනුම්දෙයි.
ඔවුන් පෙන්වා දෙන්නේ තොග සීමිත බැවිත් එම තීරණය ගත් බවය.

ඒ හේතුවෙන් අත්‍යවශ්‍ය කාරණයක් හැරුණු කොට හෙට දිනයේ පෙට්‍රල් ලබාගැනීමට
ඉන්ධනහල් අසල පෝලිම්වල රැඳීනොසිටින ලෙස ජනතාවට දැනුම්දී තිබේ.

කෙසේවෙතත් 19 වන බ්‍රහස්පතින්දා පෙට්‍රල් බෙදාහැරීමේ කටයුතු සාමාන්‍ය
පරිදි සිදුකරන බවද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වැඩිදුරටත් දැනුම්දී
ඇත.

UN stands with Sri Lanka for a peaceful recovery from current crisis

While admiring the resilience shown by the Sri Lankan people, the
United Nations says it stands with Sri Lanka and hopes for a peaceful
recovery from the current crisis.

On behalf of the Secretary-General and the United Nations Country Team
in Sri Lanka, Hanaa Singer-Hamdy, UN Resident Coordinator in Sri Lanka
wished all those celebrating Vesak.
“Hatred is, indeed, never appeased by hatred in this world. It is
appeased only by loving-kindness.” As Sri Lanka and the world journey
through these troubled times, may this teaching of the Buddha from the
Dhammapada guide you.

His message of compassion, tolerance, and respect for one another are
true today as they were over 2500 years ago.

Acknowledging the contributions of Buddhism to the world, an eminent
Sri Lankan the then Foreign Minister Lakshman Kadirgamar, brought a
proposal to the United Nations General Assembly to make the Buddhist
holy day an International Observance Day. Vesak was thus declared a
Day of Observance by a General Assembly Resolution in 1999. Today the
United Nations stands with Sri Lanka, we admire the resilience shown
by her people, and are hopeful of a peaceful recovery from the current
crisis.

It is only with compassion, and purity of intent, that present
challenges can be overcome. “Not to do evil, to cultivate merit, to
purify one’s mind – this is the Teaching of the Buddhas” Hamdy in a
message said.

SLT Group records Rs. 2.7 bn after tax profit

Sri Lanka Telecom Group (SLT Group), the National ICT solutions
provider, recorded a Group Profit After Tax (PAT) in Q1 2022 of Rs.
2.7 billion, despite challenging economic conditions.

Consolidated revenue recorded a year-on-year (YoY) growth of 5.4% to
Rs. 26 billion in the same period, in comparison to the corresponding
period in the previous year.

SLT Group Chairman Rohan Fernando stated: “The first quarter of 2022
proved more challenging than we had expected; however SLT-MOBITEL’s
overall performance reflected the resilience and strength of our
portfolio. Throughout 2022, we aim to continue to deliver value for
all stakeholders reinforcing our support to bridge the digital divide
serving the Nation and our people. Prudent financial discipline was
also a key factor in our success.”

Beginning the new year, the group continued its focus on the digital
transformation agenda, streamlining the cost base and automating
processes while delivering and creating value for stakeholders and the
nation.

SLT Group’s EBITDA (Earnings Before Interest, Tax, Depreciation, and
Amortisation) recorded a 9.9% YoY growth to stand at Rs. 10.7 billion,
with the EBITDA margin improving to 41% for the quarter against 39.4%
in the corresponding period of the previous year. The Group recorded a
Profit Before Tax (PBT) of Rs. 3.5 billion for the quarter.

SLT Group CEO Lalith Seneviratne added: “We continue to invest in the
best of emerging technologies, including networks and digital
capabilities, and continue our efforts to deploy an innovative
portfolio of products and services implementing the transformation of
the Company. Our considerable infrastructure investment allows us to
continue innovating and improve customer experience.”

The group stated that its revenue growth was primarily driven by the
increased broadband revenues resulting from the ongoing accelerated
fibre expansion project under the National Fiberisation Programme and
due to the expansions and upgrades in the 4G/LTE network. The
investment towards fiberisation and the aggressive roll-out and
marketing of fibre solutions paid off, as it contributed to achieve Q1
targets for the group with increased consumer demand. Further, the
group saw an increase in PEO TV revenues due to the accelerated fibre
expansion project. The group’s revenue from career domestic services
too improved during the period.

The Operating Cash Flows of the group grew to Rs. 16.3 billion, up by
35.3% YoY. The group recorded a favourable cash and cash equivalents
position of Rs. 31.6 billion as at the end of the quarter. SLT Group’s
contribution to the Government of Sri Lanka during the first quarter
of 2022 amounted to Rs. 4.2 billion in direct and indirect taxes,
including levies.

Sri Lanka Telecom PLC (SLT), the holding company of the group,
recorded Rs. 4.1 billion, in Profit After Taxes for Q1 2022. Revenue
for the quarter recorded at Rs. 15.9 billion, whilst the EBITDA and
Operating Profits stood at Rs. 6.3 billion and Rs. 1.1 billion,
respectively.

SLT CEO Janaka Abeysinghe commented: “We are on track for business
growth and improved profitability, driven by rapid adoption of
broadband services, fiberisation and increased bandwidth consumption,
which is generating robust demand. My team is focused on growth. We
are committed to re-invigorating our core broadband and fixed
operations while pursuing modernization of our infrastructure. We will
continue to work to maintain this positive momentum throughout 2022.”

The Mobile services arm of the Group, Mobitel (Pvt.) Ltd, sustained
revenues at previous levels, earning Rs. 11.6 billion in the Q1 2022.
Both EBITDA and Operating Profit margins remained positive at 38.9%
and 19.3%, respectively, whilst foreign exchange losses negatively
affected the bottom line of the company, resulting in a net loss of
Rs. 0.8 billion for the quarter.

Mobitel CEO Chandika Vitharena stated: “Even in these unprecedented
times, we are poised to capitalise on the growing need to simplify
communications. As the National Mobile Service Provider, we
continually aim to introduce next-level solutions driven by the
digital acceleration across our market segments, delivering
superlative customer experience.”

The SLT Group stated it is looking to implement several key strategies
to meet the economic slowdown and the challenging operating
environment that includes cost increases, inflation, rupee
depreciation against the US dollar, and delays in importing necessary
equipment. Consolidating infrastructure at group level, restructuring
field staff to work smarter, encouraging and deploying more staff to
work from home, offering value addition to all customer segments, and
a focus on delivering long-term financial performance through a more
sustainable business model are among these strategies.

Source: The Morning News Paper

Sri Lanka stumbles toward its first default on foreign debt

Sri Lanka is sliding inexorably into default as the grace period on
two unpaid foreign bonds nears an end, the latest blow to a country
rattled by economic pain and social unrest.

The island nation could be formally declared in default if it fails to
make an interest payment to bondholders before Wednesday (18), when
the 30-day grace period for missed coupons on dollar bonds ends. That
would mark its first default.

Sri Lanka’s Government announced in mid-April it would stop paying
back its foreign debt to preserve cash for food and fuel imports as it
struggled with a dollar crunch that’s led officials to implement
capital controls and import curbs. A few days later, it failed to
service a $ 78 million coupon on its dollar bonds due in 2023 and
2028, leading S&P Global Ratings to declare a selective default.

“Without an agreement, there will be a formal default,” said Carlos de
Sousa, a money manager at Vontobel Asset Management in Zurich.
“Legally that matters. But for markets, Sri Lanka is already de facto
in default, so the price effect of such an event is probably not going
to be significant.”

Source: The Morning News Paper

අග්‍රාමාත්‍යවරයා ජාතිය අමතා කල ප්‍රකාශය

පසුගිය බ්‍රහස්පතින්දා මම අග්‍රාමාත්‍ය ධූරය භාරගත්තා. එම ධූරය මම ඉල්ලා
සිටියේ නැහැ. රටේ ඇතිවී තිබූ අර්බුදකාරී තත්ත්වය හමුවේ ගරු ජනාධිපතිතුමා
විසින් මෙම ධූරය භාරගැනීමට ම‌ට ආරාධනා කළා. මම දේශපාලන නායකයෙකු වශයෙන් පමණක් නොව නිදහස් අධ්‍යාපනය බුක්ති විඳලා කොළඹ විශ්ව විද්‍යාලයෙන් නීති උපාධිය ලබාගෙන ඉහළට ගිය ජාතික නායකයෙකු වශයෙනුයි මෙම වගකීම භාර ගත්තේ.

මේ මොහොතේ ලංකාවේ ආර්ථිකය ඉතාමත් දරුණු තැනකයි තියෙන්නේ. 2022 ආරම්භයේ දී පසුගිය රජයේ අයවැයෙන් රුපියල් ට්‍රිලියන 2.3ක ආදායමක් ඇති බවට පෙන්නුම් කළත් මේ වසර සඳහා සැබෑ ආදායම් අනාවැකිය වන්නේ රුපියල් ට්‍රිලියන 1.6 ක්.

2022 වසර සඳහා රජයේ වියදම රුපියල් ට්‍රිලියන 3.3 ක්. කෙසේ වෙතත් පසුගිය
රජයේ පොළි අනුපාත වැඩිවීම් සහ අතිරේක වියදම් හේතුවෙන් 2022 වසර සඳහා රජයේ සමස්ථ වියදම රුපියල් ට්‍රිලියන 04 කි. වර්ෂය සඳහා අයවැය හිඟය රුපියල්
ට්‍රිලියන 2.4 ක් වන අතර එය දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 13 කි.

ඒ වගේම අනුමත ණය සීමාව රුපියල් බිලියන 3200ක්. අපි මැයි මාසයේ දෙවන සතිය වන විට රුපියල් බිලියන 1950ක් වියදම් කරලා. ඒ අනුව දළ ඉතිරිය රුපියල්
බිලියන 1250ක්. අපි ඊයේ කැබිනට් මණ්ඩලයේ දී තීරණයක් ගත්තා භාණ්ඩාගාර
බිල්පත් නිකුත් කිරීමේ අනුදත් සීමාව බිලියන 3000 සිට 4000 දක්වා වැඩි
කරන්න පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කරන්න.

2019 නොවැම්බර් මාසයේ දී අපේ විදේශ විනිමය සංචිතය ඇමරිකානු ඩොලර් බිලියන 7.5ක් තිබුනා. නමුත් අද භාණ්ඩාගාරයට ඩොලර් මිලියනයක්වත් සොයාගැනීමට නොහැකි තත්ත්වයක් උදාවෙලා. ගෑස් නැව්ගත කිරීම සඳහා ගෙවීමට අවශ්‍ය ඇමරිකානු ඩොලර් මිලියන 05ක් වත් මේ වෙලාවේ මුදල් අමාත්‍යාංශයට සොයා දීමට හැකියාවක් නෑ.

මේ සියලු අර්බුද අතර අපි මුහුණ දෙන බැරෑරුම් ම ගැටලු කිහිපයක් තියනවා.
ඉදිරි දින කිහිපයේ දී පෝළිම් පාලනය කිරීම සඳහා ඉතාමත් කඩිනමින් ඇමරිකානු
ඩොලර් මිලියන 75ක් පමණ සොයාගතයුතුව තිබෙනවා. මේ වන විට අප සතුව පෙට්‍රල් තිබෙන්නේ එක් දිනකට පමණයි. ඊයේ පැමිණි ඩීසල් නෞකාව නිසා ඔබගේ ඩීසල් ප්‍රශ්නයට අද සිට යම් සහනයක් ලැබේවි. ඉන්දියානු ණය ආධාර වැඩපිළිවෙල යටතේ මැයි 19 සහ ජුනි 01 දින තවත් ඩීසල් නෞකා දෙකක් සහ මැයි 18 සහ මැයි 29 පෙට්‍රල් නෞකා දෙකක් පැමිණීමට නියමිතව තිබෙනවා. අදට දින 40කට වැඩි කාලයක සිට ලංකාවේ මුහුදු සීමාවේ පෙට්‍රල්, බොර තෙල් සහ දැවි තෙල් නෞකා 03ක් නවතා තිබෙනවා. ඒ සඳහා මුදල් ගෙවීමට විවෘත වෙළඳපොලෙන් ඩොලර් ලබාගන්න කටයුතු කරනවා.

විදුලි අවශ්‍යතාවයෙන් හතරෙන් එකක් උත්පාදනය සඳහා යොදාගන්නෙත් ඉන්ධන. මේ නිසා දෛනික විදුලි කප්පාදුව තව ටික දවසකින් පැය 15ක් වීමටත් ඉඩ තිබෙනවා. නමුත් අපි මේ සඳහා දැනටමත් අවශ්‍ය මුදල් සොයාගෙන ති‌යෙන්නෙ. එමෙන්ම යම් පමණකින් හෝ පාරිභෝගිකයන්ට ගෑස් ලබාදීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 20ක් ඉතාමත් ඉක්මනින් සොයගත යුතුයි. භූමිතෙල් සහ දැවි තෙල් සම්බන්ධයෙන් පවතින තත්ත්වය මෙයටත් වඩා භයානකයි.

මේ මොහොත වන විට ශ්‍රී ලංකා මහ බැංකුව, දේශීය රාජ්‍ය හා පෞද්ගලික බැංකු,
ලංකාවේ තිබෙන විදේශ බැංකු සියල්ලම ඩොලර් නොමැති වීමේ ගැටලුවට මුහුණ දීලයි ඉන්නේ. අප සතුව තිබෙන ඩොලර් ප්‍රමාණය ඉතාමත් කුඩා අගයක් ගන්නා බව මේ වන විටත් ඔබ දන්නවා. නමුත් මෙම සියලු දුෂ්කරතා හමුවේ අප ඊයේ ලංකාවට ඩිසල් රැගත් නෞකාවක් ගෙන්වා ගත්තා. ඒ‌ නිසා අද සිට ඔබට එම ඩීසල් ලබාගැනීමට හැකියාව තිබෙනවා. ඒ සඳහා අපට ඉන්දියාවේ සහයෝගය ලැබුණා. ඒ වගේම අඟහරුවාදා වන විට පැමිණ තිබෙන ගෑස් නෞකාවට මුදල් ගෙවීමට අපි කටයුතු කරනවා. ඒ තුළින් ඔබගේ ගෑස් ප්‍රශ්නයට යම් විසඳුමක් ලැබේවි.

මේ අතර, තවත් උදාහරණයක් වන්නේ ඖෂධ හිඟයයි. හෘද රෝගීන්ට අවශ්‍ය ඖෂධ, සැත්කම් සඳහා අවශ්‍ය ශල්‍ය උපකරණ ඇතුළු ඖෂධ වර්ග රාශියක දැඩි හිඟයක් දැන් පවතිනවා. ඖෂධ, ශල්‍ය උපකරණ සහ රෝගීන්ට අවශ්‍ය ආහාර සපයන සැපයුම්කරුවන්ට මාස 04කින් ගෙවීම් කර නැහැ. ඔවුන්ට ගෙවන්න තියන හිඟ මුදල රුපියල් බිලියන 34ක්. ඒ වගේම රාජ්‍ය ඖෂධ සංස්ථාව ආනයනය කළ ඖෂධවලට මාස 04කින් ගෙවීම් කරල නෑ. ඒ නිසා ඔවුන්ව අසාදු ලේඛනගත කිරීමට විදේශ ඖෂධ සමාගම් කටයුතු කරමින් සිටිනවා. කණගාටුම කාරණය තමයි අත්‍යවශ්‍ය ඖෂධ 14ක් හිඟ වී තිබීමත්,  ඉන් දෙකක්වත් සැපයීමට අපගේ වෛද්‍ය සැපයුම් අංශයට මේ මොහොතේ හැකියාවක් නොමැති
වීම. එම ඖෂධ දෙක වන්නේ හෘද රෝගවලට භාවිත කරන ඖෂධයක් සහ ප්‍රතිජලභීතිකා ඖෂධයක්. හැබැයි ප්‍රතිජලභීතිකා ඖෂධය සඳහා විකල්ප ඖෂධයක්වත් නෑ.

මේ අතර 2022 වසර සඳහා ඉදිරිපත් කළ සංවර්ධන අයවැය වෙනුවට අලුත් අයවැයක් ඉදිරිපත් කරන්න සැලසුම් කරල තිබෙනවා. එය සහන අයවැයක් ලෙස ඉදිරිපත් කරන්නයි මගේ සැලසුම.

ඒ වගේම මේ වන විට දැඩි ලෙස අලාබ ලබමින් සිටින ශ්‍රී ලංකන් ගුවන් සේවය
පුද්ගලීකකරණය කිරීමට මම යෝජනා කරනවා. 2020 – 2021වර්ෂයේ පමණක් ශ්‍රි
ලංකන් ගුවන් සේවයේ පාඩුව රුපියල් බිලියන 45ක්.2021මාර්තු 31 වන විට මෙහි
සමස්ත පාඩුව බිලියන 372ක්. අප මෙය පුද්ගලීකකරණය කළත් මේ පාඩුව අපට දරන්න ම වෙනවා. මේ පාඩුව ජීවිතයටවත් ගුවන් යානයකට පය ගසා නැති මේ රටේ දුගී දුප්පත් අහිංසක මිනිස්සුන්ට විඳින්න වී ඇති බව ඔබ දැනගත යුතුයි. කෙටි කාලීනව අපි මුහුණ දෙන්න යන්නේ මීටත් වඩා දුෂ්කර කාලයකටයි. උද්ධමනය වැඩිවෙන්න ඉඩ තියෙනවා.

රජය මේ වන විට 92 පෙට්‍රල් ලීටරයකින් රුපියල් 84.38, 95 පෙට්‍රල්
ලීටරයකින් රුපියල් 71.19, ඩීසල් ලීටරයකින් රුපියල් 131.55, සුපර් ඩීසල්
ලිටරයකින් රුපියල් 136.31 සහ භූමිතෙල් ලීටරයකින් රුපියල්  294.50 පාඩු
ලබනවා. තෙල් සංස්ථාවට මෙම පාඩු තවදුරටත් දරාගැනීමට හැකියාවක් නෑ. ඒ වගේම විදුලිබල මණ්ඩලය විදුලි ඒකකයක් සඳහා ඔබෙන් රුපියල් 17ක් අය කළත් ඒ සඳහා රුපියල් 48ක පමණ මුදලක් වැය කරනවා. ඒ අනුව පාඩුව එක ඒකකයකින් රුපියල් 30ක් පමණ වෙනවා. එයත් බරපතල ගැටලුවක්.

මට දැඩි අකමැත්තෙන් වුවත් මේ මොහොතේ මුදල් මුද්‍රණය කිරීමට අවසර දෙන්න
සිදුවෙනවා. ඒ රාජ්‍ය සේවකයන්ගේ මේ මාසයේ වැටුප් ගෙවීම සහ ඔබට අවශ්‍ය
අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා වෙනුවෙන් වැය කිරීම සඳහායි. කොහොම වුනත් මුදල් මුද්‍රණය කිරීම නිසා  රුපියල අවප්‍රමාණය වන බව අප සිහි තබාගත යුතුයි. මේ වන විට පවතින තත්ත්වය හමුවේ තෙල් සංස්ථාවට සහ විදුලි බල මණ්ඩලයට රුපියල් සොයාගැනීමට ද හැකියාවක් නෑ.

කෙසේ වුවත් ඉදිරි මාස කිහිපය ඔබට මට ජීවිතයේ දුෂ්කරම කාලපරිච්ඡේදය ගත කරන්න සිදු වේවි. එයට අපි සියල්ලෝම කැපවීමෙන් මුහුණ දිය යුතුයි.

මම ජනතාවට කරුණු සඟවා බොරු කීමට කිසිසේත්ම කැමති නෑ. භයානක වූවත් අප්‍රසන්න වූවත් මේකයි ඇත්ත තත්ත්වය. කෙටි කාලීනව අප මුහුණ දෙන්න යන්නේ ගෙවූ කාලයටත් වඩා දුෂ්කරම කාලයකට.  මේ වෙලාවේ අපට තිබෙන්නේ දුක් කම්කටොලු විතරයි. ඒත් මේ තත්ත්වය කෙටි කාලීනයි. ඉදිරි මාස කිහිපයේ දි අපේ මිත්‍ර රටවල උපකාරය සහ සහයෝගය අපට ලැබේවි. ඔවුන් මේ වන විටත් අපට උදව් කරන්න පොරොන්දු වෙලා තියෙන්නේ. ඒ සඳහා ගතවන මාස කිහිපය අපට ඉවසීමෙන් දරාගෙන ඉන්නම වෙනව.  නමුත් අපිට මේකෙන් ගොඩයන්න පුළුවන්. ඒ සඳහා අපිට අලුත් මාර්ගයකට යන්න වෙනවා.

මේ අවස්ථාවේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් මම විපක්ෂ නායකවරයා ඇතුළු පක්ෂ නායකයින්ට යොමු කළ ලිපිවලට පිළිතුරු ලබා දීම සම්බන්ධයෙන් මම ඔවුන්ට ස්තූතිවන්ත වෙනවා.

දැනට පවතින මෙම ගැටලුවලට පිළිතුරු සොයාගැනීම සඳහා ජාතික සභාවක් හෝ දේශපාලන මණ්ඩලයක් සියලු පක්ෂවල සහභාගීත්වයෙන් වහාම පිහිටුවීමට කටයුතු කළ යුතුව තිබෙනවා.

එවිට සියලු පාර්ශවයන් සමග සාකච්ඡා කොට තීරණය කර ගන්නා නිශ්චිත කාල
රාමුවක් තුළ පොදු කෙටි කාලීන – මධ්‍ය කාලීන සහ දීර්ඝ කාලීන අවම වැඩසටහන් ක්‍රියාවට නංවා රට නැවතත් ඉහළට ඔසවා තබන්නට අපට හැකිවෙනවා. භූමිතෙල්, ගෑස්, ඉන්ධන පෝළිම් නැති රටක්, විදුලි බලය කැපෙන්නේ නැති රටක්, කෘෂිකර්මාන්තය නිදහසේ කරගෙන යන්න පුළුවන් පහසුකම් ඇති රටක්, තරුණ තරුණියන්ගේ හෙට දවස ආරක්ෂිත රටක්. මිනිස් ශ්‍රමය අරගල භූමිවල සහ පෝළිම් වල නාස්ති කරන්න ඕන වෙන්නේ නැති රටක්. හැමෝටම නිදහසේ ජීවිතය ඉදිරියට ගෙනියන්න පුළුවන් රටක්, තුන් වේල කන්න පුළුවන් රටක් අපි ගොඩනගනවා.

මම භාරගත්තේ අනතුරුදායක අභියෝගයක්. හුණුවටයේ ගෲෂා අනුන්ගේ දරුවෙක් වඩාගෙන වැල් පාලම තරණය කළා. මේක ඊටත් වඩා භයානක අභියෝගයක්. හෙළ ගැඹුරුයි. පතුළ පේන්නෙ නෑ. පාලම හදල තියෙන්නේ තුනී වීදුරුවලින්. අත්වැලකුත් නෑ. මගේ කකුල් දෙකට ගලවන්න බැරි සපත්තු දෙකක් දාල තියෙනවා. ඒකේ අඩියේ තියෙන්නේතියුණු යකඩ ඇණ. දරුවාව ආරක්ෂිතව  එහා පැත්තට අරන් යන්නයි මට තියෙන්නෙ. මේ අභියෝගය මම භාර ගත්තෙ රට වෙනුවෙන්. මගේ අරමුණ සහ කැපවීම පුද්ගලයෙක්, පවුලක් හෝ කණ්ඩායමක් බේරා ගැනිම නෙවෙයි. මුළු රටේම ජනතාව බේරා ගැනීම,
මුළු රටම බේරාගැනීම, තරුණ පරපුරේ අනාගතය බේරාගැනීම. ජීවිතය පරදුවට තබා මම මේ අභියෝගයට මූණ දෙනවා. ඒ අභියෝගය ජය ගන්නවා. ඊට ඔබ හැම දෙනාගෙම සහයෝගය මට ලබා දෙන්න.

මම මගේ වගකීම රට වෙනුවෙන් ඉටු කරනවා.
ඒ මා ඔබට දෙන පොරොන්දුවයි.

හරීන් ප්‍රනාන්දුත් පනියිද ?

ස්වර්ණවාහිනී ‘ඉර‘ වැඩසටහනට එක්වෙමින් හරින් කියන්නේ ප්ලෑන් ඒ
ක්‍රියාත්මක නොවූ නිසා ප්ලෑන් බී ලෙස රනිල්ගේ ආන්ඩුවට සජිත් එක්වීම
අවශ්‍ය බවයි. එසේ ගොස් අවශ්‍ය රැඩිකල් තීරණ ගතයුතු බවත් ජනපති අභිබවා
කටයුතු කිරීමට තවම අවස්ථාව ඇති බවයි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ නව රජය තුළ සමගි ජන බලවේගයට
අමාත්‍ය ධුර හිමිවිය යුතු බවට තමන් විශ්වාස කරන බව කියූ හරින් ජාතික ජන
බලවේගයද මෙහිදී ඇමති ධූර ලබාගෙන ගැටලු විසඳිය යුතු බව කියා සිටියේය.

මේ සම්බන්ධයෙන් තම පක්‍ෂය  ප්ලෑන් බී තීරණයක් ගන්නා තෙක් තවත් දිනක් බලා සිටින බවද ඔහු කියා සිටියේය.

“සජිත් ප්‍රේමදාස මහතා තමයි මේ රටේ අනාගත නායකයා, ඒ ගැන කිසිම සැකයක් නැහැ, නමුත් මම හිතන්නේ මේ මොහොතේ අපි දේශපාලනය ගැන නොසිතා නව රජයට සහය දිය යුතුයි.” හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.

තව මාස හයකින් අපිට රටක් නැහැ, මේ අර්බුදය විසඳන්න සජිත් ප්‍රේමදාස සහ
අනුර කුමාර දිසානායක මේ අලුත් ආණ්ඩුවට එකතු වෙනවා නම් මම කැමතියි,” ඔහු වැඩිදුරටත් පැවසීය.