බහුචිතවාදීන්ගේ දැලට හසුවන කාන්තාව

ගමෙන් නගරයට සංක්‍රමණය වූ රැකියා වියුක්තියෙන් පීඩිත තාරුණ්‍යයේ පුරුෂයාගේ ඛේදවාචකය ඉක්මවූ ඛේදවාචකයට මුහුණ පා සිටින්නේ තරුණියයි. ආර්ථික වශයෙන් දිළිඳු ඒකාකාරී ජීවිතයක් ගතකරන ඔවුනට අවශ්‍යව ඇත්තේ පලා යාමටයි.. හොඳම තැනක් සොයාගෙන පලායාමටයි.. ගමෙන් නඟරයට ගොස් නඟරයෙන් වෙනත් රටකට පලා යාමටයි.. ඒ අතරිනුත් වැඩිපුරම මුදල් සෙවිය හැකි හොඳම රටකට පලා යාමටයි… මෙහි කතා නායකයා වන සසිතගේ පෙම්වතිය විටෙක පවසන්නේ “ ලංකාවෙන් එහා ඉන්දියාව හරි කමක් නෑ” යනුවෙනි. මිනිස්සුන්ට ඒ තරමට ලංකාවේ ගතකරන ජීවිතය එපා වෙලාද? එසේ නම් එයට හේතු කවරේද? අධිපරිභෝජනවාදී උන්මත්තක මානසිකත්වයෙන් ඔවුන් වඩාත් සැපවත් ජීවිතයක් සොයති.. ඒත් එය ඊනියා සැපකි..බහුභාණ්ඩික අර්ථවිරහිත සැපකි….නමුත් යුරෝපය, ඇමරිකාව, ඕස්ට්‍රේලියාව, ජපානය වගේ ශක්තිමත් ආර්ථිකයක් සහිත රටවලට පැනගත් ලාංකිකයන් තමන් සැපවත් ජීවිතයක් ගතකරන බව ලෝකය ඉදිරියේ ප්‍රදර්ශනය කරති.. තමන් පිළිබඳ ලෝකයා සිතන විදිහ ඔවුන්ට ඇති එකම සැපයි..

සන්නිවේදන තාක්ෂණික විප්ලවය දුර සිටින සමීපතමයින් දෑස් මානයට ගෙන්වයි.. Skype සංවාද මඟින් ලිංගික ආශාවන් සංතෘප්ත කර ගැනීමට බොහෝ දෙනා පෙළඹෙයි. බහුචිතවාදියා හි සසිත තම අරමුණ සමර්ථ කර ගැනීමේදී ඉත්තන් ලෙස යොදා ගන්නේ ගැහැණුන්ය.. ඔහු ගැහැණුන් තිදෙනෙකු තමන් ඔවුන් හා විවාහ වන බවට අඟවා රවටයි.. තවත් ස්ත්‍රීන් තිදෙනෙකු සමඟ ලිංගික සබඳතා සහිත ඇසුරු පවත්වයි.  ඒ ඔවුන් ලවා තම කාර්ය ඉටු කර ගැනීම සදහාය..

අන්තර්ජාලය හරහා භාණ්ඩ බෙදා හරින ආයතනයක බෙදා හරින්නෙක් ලෙස සේවය කරන සසිත ගැහැණුන් ආශ්‍රය කරන්නේ තම මූලික අභිප්‍රාය වන පිට රට සිහිනය සැබෑ කරගැනීමට, එම කාන්තාවන්ගෙන් ත්‍යාග ලෙස ද්‍රව්‍යමය වාසි ලබා ගැනීම, ලිංගික ආශාවන් මුදුන් පමුණුවා ගැනීම යන නරුම මානසිකත්වයෙනි. සසිත කාංචනාව අශ්‍රය කරන්නේද ඈ හා විවාහ වීමට නොවේ..ඔහු ආශ්‍රය කළ කාන්තාවන්ගෙන් තම පිටරට යාමේ අරමුණ සාක්ෂාත් කර ගැනීමට සහයෝගයක් නොමැතිව අශ්‍රය කළ එකම තැනැත්තිය කාංචනාය..පෙම්වතියගේ කාර්ය ඉටුකරගැනීම සඳහා ඔහු කාංචනා ඇසුරු කළා විනා ඇයව බිරිඳ කරගැනීමේ වුවමනාවක් ඔහුට නැත.

සසිත ආශ්‍රය කරන ස්ත්‍රීන් අතරින් මැදි වියේ සිටින කාන්තාවකි.. ඇගේ සහෝදරයා පිටරට පදිංචිකරුවෙක් වන ඇතර ඇය සුවිසල් නිවසක හුදකලාව පසුවෙයි. සිනමා කෘතියේ ඇය සම්බන්ධ දර්ශනයන්හි ඇය නිතර නරඹන රූපවාහිනි වැඩසටහන් වනුනේ ආගමික වැඩසටහන් හා ජ්‍යෙතිෂ්‍ය වැඩසටහන්ය. ධනපති නිවසක උඩුමහලට වී හුදකලා ජීවිතයක් ගත කරන ඒ අවිවාහක කාන්තාව හුදු සංස්කෘතික සාදාචාරාත්මක බැමිවලින් බැඳී සිටින්නියකි.

සසිතගේ මැදපෙරදිග පෙම්වතියන් දෙදෙනාට අවශ්‍යව ඇත්තේ සුදුසු ජීවණ සහකාරයෙකු සොයාගැනීමටයි. ‘අපි බඳිමු’ යන්න ඔවුන් දෙදෙනා නිරන්තරයෙන් පවසන්නේ එබැවිනි. සසිතගේ තවත් එක් පෙම්වතියක්  (සමනලී ෆොන්සේකා පණ පොවණ චරිතය) සසිතගෙන් බලාපොරොත්තු වන්නේ තම පාලුවට හා තනියට විසඳුමකි. සසිත ඇගේ පිටරට සිටින සැමියාගෙන් ඇය ලවා උදව් ලබා ගැනීමේ අරමුණෙන් ඇයව ආශ්‍රය කරයි. බිරිඳ හා දරුවන් නිවසේ රඳවා විදේශ ගතවන සැමියන් සහිත කුටුම්බයන් සේම බිරිඳ සැමියාගෙන් වෙන්ව මැදපෙරදිග රටවල් කරා යන තත්වය ලංකාවේ නොඅඩුව සිදු වෙයි. එම ඕනෑම පවුලකට මෙවැනි තත්වයක් උදාවිය හැකිය. මෙහිදී සැමියා සයුරෙන් එතෙර දුර බැහැර විසීම තුළ ගැහැණියට ආරක්ෂාව සම්බන්ධව ද ගැටලුවක් මතුවෙයි. එහිදී සසිත වැනි තරුණයෙක් ලං කොට තබා ගැනීම යෙහෙකැයි එම තරුණිය සිතන්නට ඇති.

සසිත තම නියම පෙම්වතිය බව හඟවන කාංචනාට සිසිතගේ වෙනත් සබඳතාවක් පිළිබඳ ඉඟිවැටීම නිසා ඔහුගෙන් ඈත්වීමට සිදුවෙයි. ඔහු නැවත ඈ කරා පැමිණුන අවස්ථාවේ , “මම අලුත් Affair එකක් පටන්ගත්තා  ” යනුවෙන් පැවසූ පසු සසිතගේ ප්‍රතිපිළිතුර කුමක්ද? , “තමුසෙගේ අර හෙලු පන්තූරයි මාත් එක්ක ඉඳපු එකයි Internet දානවා..බලාගන්නවා”  සසිතට ඕනෑම බලු වැඩක් කළ හැකිය. නමුත් පෙම්වතිය ඇය වෙත රැඳී සිටිය යුතුය යන්න නොවේද ඔහුගේ එම නරුම පිළිවදනේ අරුත? ගැහැණිය සම්බන්ධයෙන් ඇති පිරිමියා විසින් නිර්මිත සදාචාර බැමි ස්ත්‍රියට එරෙහිව යොදා ගැනීම තුලින් ඔවුන් පීඩාවට ලක්කිරීම බහුචිතවාදියා තුළ සමකාලීන සමාජය මොනවට විදහා දැක්වීමකි.

කාංචනාගේ විදෙස් රටකට යාමේ සිහිනයෙන් ප්‍රයෝජන ලබාගන්නා අනෙක් පිරිමියා හිටපු වාමාංශිකයෙක් වන සසිතගේ කලින් රැකියා ස්ථානයේ ප්‍රධානියාය..ඔහු තම ලිංගික ආශාවන් කාංචනාගෙන් මුදුන් පමුණුවා ගන්නවා විනා කාංචනාට ලබා දෙන පොරොන්දු ඉටුකරීමක් පිළිබඳ කිසිදු සලකුණක් සිනමා කෘතියේ නොමැත. එම සිදුවීම ද පිරිමියා විසින් ස්ත්‍රිය තම උවමනා ඉටු කර ගැනීමේ භාණ්ඩයක් ලෙස භාවිත කිරීමක් හා රැවටීමට භාජනය කිරීමක් ලෙස හඳුනාගත හැකිය.සසතගේ රැකියා ස්ථානයේ ප්‍රධානියා වාමාංශිකයෙක් ලෙස හඳුන්වාදීම ඉතා උපහාසාත්මක වනුයේ තමා යටතේ රැකියාව කරන තරුණයාට ‘පුතා’ යනුවෙන් ඇමතීමට එහා ගිය වාමංශිකත්වයක් ඔහු තුළ නොමැති බැවිනි.

සසිත සමඟ එක්ව ගංජා උරන මිතුරා දරුවෙකුද සමඟින් තම විවාහක බිරිඳ දික්කසාද කොට ඇය වෙත ගෙවිය යුතු නඩත්තු මුදල ගෙවා දමන්නේ අපූරු ආකාරයකටය. එම මුදල ගෙවා දමන ලෙස සසිතට පවසන මිතුරා ඒ ගණුදෙනුව ඇසුරෙන් සසිත් හා දික්කසාද බිරිඳ අතර ඇතිවන ලිංගික ගණුදෙනුව නොදන්නවා නොවේ. ඒ පිළිබඳව මිතුරා දැනුවත් බව නොදන්නා සසිත් ඇය සමඟ ද යහන් ගතවෙයි. අවසන ඇය ,” අපි බඳිමුදැයි අසන පැනය සසිත වහා ප්‍රතික්ෂේප කරන්නේ, “ පිස්සු ද තමුසෙට?, “ තමුසෙගෙ මිනිහා තව මිනිහෙක් එවාවි.. ඌ බැඳගන්නවා” යනුවෙනි. ඇය පාවිච්චි කොට තම මූලික අරමුණ ඉටුකරගැනීමට නොහැකි හෙයින් ඇය කුණු වූ ගෝවා ගෙඩියක් සේ ය.. ඔහුගේ ලිංගික කාර්ය ඉටු කරගත් පසු ඔහුගෙන් ඇයට තවත් පලක් නැත.

චිත්‍රපටය තුළ සිටින කිසිඳු ගැගැණියක් පිරිමියාව රැවටීමක්, මුලාවක් සිදු නොකරයි. සසිතගේ එක් පෙම්වතියක් වන සමනලී සම්බන්ධ සිදුවීමක් මෙහිදී මාගේ මතකයට නැගෙයි. “හස්බන්ඩ්ට කියල මට UKවලට වීසා එක අරන් දෙනවද? යන්නට” පිස්සුද ඔයා හදන්නෙ මගේ පවුල කඩල දාන්නද?”යනුවෙන් ඇය පිළිතුරු දෙයි. ඔහුගේ හිත හොඳවෙන්න බොරුවක් කියා රැවටීමට ඇයට ඕනෑ තරම් අවස්ථාව තිබියදීත් ඇය එසේ නොකරයි.

සසිතගේ අතීරණය කෙතරම්ද යත් ඔහුගේ පිටරට යාමේ සිහිනය යම්තාක් දුරකට ඉටුකර ගැනීමට ඔහු ලද අවස්ථා පවා ඔහු විසින්ම මඟහැර ගැනුණි. රැකියා වියුක්තියෙන් සේම ආර්ථික දිලිඳුබාවයෙන් පිරි තාරුණ්‍යයට සෘජු තීරණයක් ගත නොහැකි මට්ටමට මානසිකව බිද වැටී ඇත. ඔහු විටෙක තම මිතුරා බඳපන්, යැයි පැවසූ විට  “ කවුද බඳින්නෙ? .” යනුවෙන් ප්‍රශ්න කරයි. ‘කවුරු හරි බැඳපන් ”යනුවෙන් ඔහු පිලිතුරු දෙයි. තම ජීවිතය සම්බන්ධයෙන් අතිශය පෞද්ගලික තීරණ ගැනීම් සිදු කළ යුතු අවස්ථාවන්හිදීත් වෙනත් අයගෙන් විමසා ඔවුන්ගේ තීරණ ලබා ගැනීම දක්වා බිඳ වැටුනු මානසිකත්වයෙන් පීඩිත තාරුණ්‍ය පිලිබඳ ඇඟවුමකි එය. නමුත් මෙම චිත්‍රපටය පුරා කාන්තාවන්ගේ හැසිරීම ගතහොත් පිරිමියාට තරම් අතීරණයක් ඇයට නොමැත. නමුත් ඇයව පීඩාවට, රැවටීමට ලක්කොට තම අරමුණු මුදුන් පමුණුවා ගැනීමේ තැතෙහි අවසනක් ද නැත.

මාලක දේවප්‍රියගේ බහුචිතවාදියාහි සෑම චරිතයකම ඇති තාත්වික බව මෙය හුදු සිනමා පටයක් බව අමතක කරවන තරම් ප්‍රබලය. විශේෂයෙන්ම දමිතා අබේරත්න පණ පෙවන මැදපෙරදිග සිටින ලාංකික තරුණියගේ චරිතය ප්‍රේක්ෂකාගාරයට කිසිදා අමතක නොවන මතකයක් වනු ඇත. ආදරය, ඉවසීම, කෝපය වැනි මානව හැඟීම්හි උත්කෘෂ්ටිය අනාවරණය වන භාව ප්‍රකාශනයෙහි පෘතුලතාව නිසා ප්‍රධාන චරිතය අභිබවා යන සාධාරණත්වයක් ඇය මැවූ චරිතයෙන් ඉටු කෙරෙන බව මාගේ හැඟීමයි.

By- Tharushi Nawanjana Liyanachchi

 

බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත සම්මතයි

බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුති පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ වැඩි ඡන්ද 37කින් සම්මත වී තිබේ.
අදාළ පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 53ක් හා ඡන්ද 16ක් ප්‍රති විරුද්ධව හිමිව තිබේ.
අදාළ පනත් කෙටුම්පත අද (8) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනිණි.
“මේ පනතේ විධිවිධාන ඉදිරියට තිබෙන වරදවල් වලට පමණයි. අතීතයේ වරදවල් පනතින් වරදක් ලෙස සළකන්නේ නෑ. පුද්ගලයන් බාරදීමක් ලෙස වගන්තියේ සඳහන් නෑ. ලංකාවේ නීතිය බලාත්මක වෙන්නයි නීතිය ගේන්නේ. පනතේ විධිවිධාන අනුව, සම්මත වූ පසුව සිදුවන දේවල් වරදක් ලෙස සළකන්නේ යැයි“ ද විවාදය ආරම්භ කරමින් විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා පැවසීය.

MISS & MRS Srilanka 2018 for USA

කිරුළු ත්‍රිත්වයක් සඳහා රැජිණියන් තිදෙනෙකුට අවස්ථාව ලබාදෙන” MISS & MRS Srilanka 2018 for USA” වැඩසටහනෙහි මූලික පියවර අද (03) කොළඹ Light House පරිශ්‍රයේදී අති සාර්ථකව පැවැත්වුණි..
තරඟයේ විනිසුරු මඩුල්ල ලෙස සහභාගි වූයේ අත්දැකීම් පිරි ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් පිරිසකි.  ශමිල් මලික් මහතා, රොසෙල් ප්ලන්කට් මෙනවිය,චන්දි අලුවිහාරේ මහත්මිය, ගීතප්‍රිය සමරසිංහ මහතා සහ ටීනා ශනෙල් ෆර්නෑන්ඩු මෙනවිය ඒ අතර විය.
1415
 Miss crown , Mrs Crown සහ වයස අවු. 25- 36 අතර සුරූපිනියකටද කිරුළු පැළඳීමට මෙමගින් අවස්ථාව හිමිවේ..තේරී පත්වන විවාහක හා අවිවාක රූ රැජිණියන්(Miss & Mrs Srilanka) දෙපලට “Mrs, Miss & Miss teen international pagents” සඳහා සහභාගී වීමට අවස්ථාව හිමිවේ..මෙම වැඩසටහන ඇමරිකා එක්සත් ජනපදයේ වර්ජිනියාහි පැවැත්වීමට නියමිතව ඇත.
විවාහක අවිවාහක බේදයකින් තොරව වයස අවු. 25- 36 අතර වයස් සීමාවන්හි පසුවන තරඟකරුවන් අතරින් කිරුළ හිමිකරගන්නා සුරූපිනිය “International Ms. Pagent” සඳහා තරඟ කිරීමට වාසනාව ලබයි. මෙය ඇමරිකාවේ නිව්යෝක් නගරයේ පැවැත්වෙන වසර 11 ක් පමණ පැරණි තරඟාවලියකි.
 MISS & MRS Srilanka 2018 for USA තරඟයෙහි Franchise Holder ලෙස බොස්ටන් ලංකා මීඩියා අධිපති චිත්‍රාල් ද මැල් මහතාත් National pagent director ලෙස ශමිල් මලික් මහතාත් කටයුතු කරයි.
1118
National pagent director ශමිල් මලික් අදහස් දක්වමින්,
මේ pagent එක ලෝකයේ තුන්වන තැනට තියෙන්නෙ.. ඒ වගේම දුර්ලබ සහ වටිනා අවස්ථාවක්..අපිට හැමෝම එකයි.. මේ අතරින් හොඳම කෙනා තෝරන වැඩේ අපක්ෂපාතීව, ඉතාම සාධාරණව සිදුවේවි..හැමෝටම සුබපතනවා..ඒ වගේම ස්තුතිවන්ත වෙනවා බොස්ටන් ලංකා අධිපති චිත්‍රාල් ද මැල් මහතාට..MISS & MRS Srilanka 2018 for USAහි National pagent director ලෙස කටයුතු කරන්න ලැබීම මා ලැබූ භාග්‍යයක්.”
920
මේ පසුගිය වසරේ කිරුළ දිනාගත් චන්දි අලුවිහාරේ මහත්මිය
” කාන්තාවක් ගෙදරට කොටුවෙන්න අවශ්‍ය නැහැ..ඇය තුළ විශාල ශක්තියක් සහ පෞරුෂයක් තියෙනවා..ඒ වගේම ලෝකය දැක බලා ගන්න ලෝකය ජය ගන්න කාන්තාවන්ටත් හැකියාව තියෙනවා..එ් බව පසුගාය වසරේ කිරුල දිනා ගනාමින් මා ඔප්පු කලා..මේ ඔබගේ අවස්ථාව..සුබපැතුම්”
තරඟකාරියක් ලෙස පැමිණි ශානිකා ඒකනායක මෙනවිය අදහස් දක්වමින්,
“ඇත්තටම මට මෙය හොඳ අවස්ථාවක්..මගේ පළමුවෙනි Pagent එක මේක..හොඳ තරඟයක් දෙන්න බලාපොරොත්තු වෙනවා..ජය පැරදුම සතුටින් භාරගන්නවා..අත්දැකීමක් ලබා ගැනීමයි වටින්නෙ”
Boston Lanka සියලු තරඟකාරියකට සුබපැතුම් එක් කරනවා
BY: Tharushi Nawanjana
1917

“කාන්තාවන් මත්පැන් පානය කිරීම ගැන අප කතා කළ යුතුයි”

By: චිත්‍රා බෝපගේ

ඔස්ට්‍රේලියානු බලධාරීන් කාන්තාවන්ගේ සෞඛ්‍යය සහ ආරක්ෂාව පිළිබඳව ඔවුන්ට සපයන පණිවුඩවලදී භාවිතා කරන්නේ එවැනි ප්‍රවේශයකි.

පිරිමි සහ ගැහැණු දෙපක්ෂයම කෙරෙහි මත්පැන් බලපාන අන්දමේ සමානකම් මෙන්ම වෙනස්කම් ද තිබේ. එක සමාන මත්පැන් ප්‍රමාණයක් පානය කළත් කාන්තාවගේ රුධිරයේ ඇති මත්පැන් මට්ටම හැම විටම පාහේ පුරුෂයෙකුගේ මට්ටමට වඩා වැඩිය. එහෙත්‚ බොහෝ කාන්තාවෝ මත්පැන් තම ශරීරයට බලපාන ආකාරය පිළි ගැනීම ප්‍රතික්‍ෂේප කරති. කෙසේ වුවද‚ මෙය කාන්තාවන්ට පමණක් සීමාවූ කරුණක් නොවේ.

ආගමික‚ සදාචාරාත්මක හෝ සංස්කෘතික හේතුන් හෝ බල කිරීම් මත නිසා නොව‚ විද්‍යාත්මක සාධක මත පදනම් වන නිසා‚ ඉහත තාර්කණය කාන්තාවන්ට මත්පැන්වලින් ඈත්ව සිටින ලෙස ඒත්තු ගන්වන්නට වඩා හොඳ ප්‍රවේශයක් පෙන්වා දෙයි. ඒ අයුරින් ගත් විට මම සම්පූර්ණයෙන්ම වාගේ මත්පැන් නොබොන අයෙක් බව පිළිගනිමි. මා එසේ වන්නේ මගේම තෝරා ගැනීමෙන් මිස‚ වෙනත් යම් අයෙකුගේ බල කරනු ලැබීම හෝ වෙනස්කම් කරනු ලැබීම නිසා නොවේ.

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා වැනි ගතානුගතික අය මතු කරන බෞද්ධ සංස්කෘතිය සහ සදාචාරය ආරක්ෂා කිරීම පිළිබඳ තර්කය සහ ඇතැම් වමේ නායකයන් මතු කරන පවුල් බැඳීම් සහ සමාජ සදාචාරය කැඩී බිඳී යන්නට කාන්තාවන්ගේ මත්පැන් බීම දායක වන්නේ යයි නඟන තර්කය වංක පමණක් නොව කුහකද වෙයි.

රටක් තුළ කාන්තාවන් ලිංගික හිංසාවන්ට භාජනය කිරීමත්‚ සමූහ දූෂණවලට ලක් කිරීමත් දෙස නොබලා දෑස් පියා ගෙන සිටින බව පෙනෙන‚ ආධාර හා අනුබල දෙන ඇතැම් දේශපාලනඥයන් සහ නිලධරයන් සිටින්නාවූත්‚ මැතිවරණයේදී කාන්තා අපේක්ෂකයින්ට පංගු ක්‍රමයක් ලබා දී ඇති නිසා ඔවුන්ට පහර දෙන්නාවූත් රටක‚ එවැනි යල්පැන ගිය නීති ආරක්ෂා කරනවාට වඩා වෙනත් යමක් කෙනෙකුට අපේක්ෂා කළ හැකිද?

පවුල් සහ සමාජ බැඳීම් කෙරෙහි බලපාන්නේ ගැහැණු මත්පැන් පානය කිරීම පමණක්ද? බීමත් පිරිමින්ගේ දෑතින් අතවරයට ලක්වන දහස් ගණන් කාන්තාවන් ගැන කිව හැක්කේ කුමක්ද? පිරිමින්ගේ ඒ බීමත් හැසිරීම පවුල් සහ සමාජ බැඳීම් කෙරෙහි බලපාන්නේ නැත්ද? ඉතින් මත්පැන් තහනම පුරුෂයන්ටද අදාළ නොවන්නේ ඇයි?

බෞද්ධ සදාචාරාත්මක පදනම් මත කාන්තාවන්ට බීම තහනම් කරන්නේ නම්‚ වෙනත් ලබ්ධීන් ඔවුන්ගේ සමාජ‚ සංස්කෘතික හා සදාචාරාත්මක සම්මතයන් හේතුවෙන් පවත්වා ගෙන යන වෙනයම් පිළිකුල් සහගත පිළිවෙත්වලට‚ උදාහරණ වශයෙන්‚ අප්‍රිකාවේ කාන්තාවන්ගේ ලිංග ඡේදනයේ සිට ඇතැම් ඉස්ලාමීය සම්ප්‍රදායයන් තුළ කාන්තාවන්ට එරෙහිව කරන නොයෙක් අක්‍රමිකතාවයන් දක්වා වන පිළිවෙත්වලට එරෙහිව මෙම ඊනියා ප්‍රගතිශීලී නායකයන්ට තම විරෝධය පළ කල හැක්කේ කෙසේද? එසේ නැතහොත් සමහර “ශිෂ්ට” රටවල පවා පුරුෂයෙකුට තම බිරිඳ දූෂණය කළ හැකිය යන සිත් කළඹවන සුළු නීතිය හා සම්බන්ධ කාරණය හෙළා දකින්නේ කෙසේද?

මනුෂ්‍යත්වය පිළිසිඳී උපත ලබන්නේ ස්ත්‍රීයගේ ගර්භාශයෙනි. අගෞරවය‚ වෙනස්කම් කිරීම සහ අවමානය නොව‚ පුරුෂයන් තරමටම හෝ ඊටත් වඩා වැඩියෙන් සමානාත්මතාව‚ සැලකිල්ල හා ගරුත්වය ලබන්නට ගැහැණිය සුදුසු වෙයි.

වමේ අයද ඇතුළු සමහර නායකයෝ එවැනි නාරි ද්වේෂයට (misogyny) සහාය පළ කරන්නේ කෙසේද?

නීතිය අභිමුව විලාප දී හඩන යුක්තිය

යුක්තිය ඉටු නොවීම , පමාවී ඉටුවන යුක්තිය හෝ යුක්තිය ඉටු කිරීමට කල් ගත වීමට වඩා යහපත්….

හිතන්නකො ගැහැණු ලමයෙක් අවුරුදු 14 දී හෝ ඊටත් අඩු වයසකදි සමුහ දුශණයකට හෝ දුශණයකට මුහුණ දුන්නය කියලා ,, දැන් ඔන්න ඒ ගෑණු ලමයා ඒ සිදුවීමෙන් පස්සෙ සමාජයට මුහුණ දීලා ඉස්සරහට යනවා.. එතකොට ඒ කාලේදිම අර සැකකරුවන් / චුදිතයින් නිතීයෙ රැහනට හසු වෙලා ඇප මත එලියට ඇවිත් නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරන තුරු සමාජයෙ නිදහසේ හැසිරෙනවා..

ඔන්න දැන් මේ ගෑණු දැරිවි ලොකු මහත් වෙලා අවුරුදු 7 ක් අටක් නැත්තම් 10 ක් විතර ගත වෙලා,, සමාජයට මේ සිදුවීම අමතකයි,, ඇයත් කාලයාගෙ ඇවෑමෙන් මේ සිදුවීම අමතක කරලා තමන්ගෙ ජිවිතේ හුඟක් ඉස්සරහට ගිහින් ,,

එක්කො හොඳට ඉගෙන ගෙන මේ දැරිවි උසස් තනතුරක් දරනවා

එහෙමත් නැත්තම් තමන්ගෙ නිසි වයසට පැමිණිලා විවාහයක් කරගන්න සූදානමෙන්,,

ඒත් නැත්තම් විවාහ වෙලා ඇයට දැන් දරුවන් සිටින යහපත් පවුල් ජිවිතයක් ගත කරන ගැහැණියක් ,,

නමුත් අධිකරණ ක්‍රියාවලිය තවම අවසන් නෑ..නඩු කටයුතු වල ප්‍රමාදය , අධිකරණ තදබදය වගෙ පොදුවෙ බලපාන කරුණු නිසා ඔන්න අන්තිමෙ තීරණෙ දෙන්නෙ අවුරුදු දහයකට විතර පස්සෙ,,

අවසාන තීන්දුව දෙන දවස එනවා .. ඔන්න මේ තරුණිය එදිනට ඇගෙ වත්මන් ස්වාමිපුරුශයා එක්ක හෝ පෙම්වතා සමඟ උසාවියට එනවා එක්කො තීන්දුව ප්‍රකාශයට පත් කරන්න යන්නෙ ඇගෙ මංගල දිනයට ඔන්න මෙන්න තියා ,,ඇගෙ අතීතය මේ කිසිවෙක් නොදන්නවා වෙන්නත් පුලුවන්,,

ස්ත්‍රී දූශණය දණ්ඩ නීතී සංග්‍රහය යටතෙ බරපතල අපරාධ වරදක්නෙ..
ඔන්න එතනදි ඇයට යුක්තිය ඉටු වෙනවා,, චුදිතයන් අපරාධකරුවන් බවට අධිකරණ ක්‍රියාවලියෙදි සාධරණ සැකයෙන් ඔබ්බට ඔප්පු වෙලා තියෙන නිසා අපරාධකරුවන්ට විසි වසරකට නොවැඩි සිර දඩුවමක් හෝ 1995 අංක 22 පනතින් දණඩ නීතී සංග්‍රහයට ගෙනාපු සංශෝධන අනුව වින්දිත පාර්ශවෙට අධිකරණය නියම කරන වන්දියක් ගෙවීමට නියම කෙරෙනවා හෝ මේ දඩුවම් දෙකම ලබා දෙන්න අධිකරණය තීන්දු කරනවා,,

ඉතින් අවුරුදු 10 ට පසුව ඇයට මේ ලැබෙන තීන්දුවෙන් ඈට සත්‍ය වශයෙන්ම යුක්තිය ඉටු වෙනවා කියලා ඔබ හිතනවාද??? 😑😁

ඔබ එහෙම හිතනවා නම් ඔබේ මොලේ හොදටෝම අප්සෙට්!! 😂🙈

මෙතන තියෙනවා හරිම මානුශිය පැතිකඩක්,, වසර ගනනාවක බරපතල මානසික තුවාලයක් ආයි පෑරෙනවා,, තීන්දුව ප්‍රසිද්දියට පත් වීම හරහා ඈ ආයාසයෙන් යටපත් කල අතීතය නැවත උඩට එනවා දිය යට සැඟවුන රබර් බෝලයක් වගෙ,, සමහරවිට මේ තීන්දුව නිසාම මෙතෙක් ඈ ගතකල සන්සුන් ජිවිතය නොසන්සුන් වෙනවා ,, මේ පිලිබදව එකල නොදත් බොහෝ දෙනා දැනුවත් වෙනවා,, පවුල් ඒකකයෙදි ඈට ලැබුනු තීන්දුව නිසා වත්මන් ස්වාමිපුරුශයා ඇතුලු සමස්ථ පවුල් ඒකකය සමාජය ඉදිරියෙ දැඩි අපහසුතාවකට පත් වෙනවා,,, එක්කො මේ තීන්දුව ප්‍රසිද්ධියට පත් වීම නිසා ඇගෙ පෙම්වතා හෝ අපේක්ශිත ස්වාමියා ඈ විවාහ කර ගැනීම ප්‍රතික්ශේප කරනවා,,,😑

ඉතින් මේ පමාවී ඉටු වෙන යුක්තිය ට වඩා යුක්තිය ඉටු නොවීම තුබුනා නන් කොයිතරම් යහපත්ද කියලා ඈට හිතෙනවා,,,😞

හිතෙනවද නැද්ද? සහෝදරවරුනි?

නීතීයෙ පිලිගත් සිද්ධාන්තයක් / කියමනක් තියෙනවා

යුක්තිය ඉටු නොවීම , පමාවී ඉටුවන යුක්තිය හෝ යුක්තිය ඉටු කිරීමට කල් ගත වීමට වඩා යහපත් ය කියලා ,,

පැහැදිලි අර්ථය යුක්තිය ඉටු වන්නෙ පමාවී නම් එයින් කිසිවෙකුට සිදුවන යහපතක් නැත කියන එකයි,,, නමුත් ස්ත්‍රී දුශණ වලදි හා බොහොමයක් අපරාධමය වැරදි සිවිල් නඩු කටයුතු වලදි උදාහරණයක් විදියට ගත්තොත් ඉඩම් නඩු බූදල් නඩු වගේ දේවල් වලදි පවා අපේක්ශිත සාධාරණත්වය ලැබෙන්නෙ වසර ගණනාවකට පස්සෙ…

එක්කො වින්දිත පුද්ගලයා යුක්තිය නිසා අපහසුතාවට පත්වෙන කාල සීමවකදි, අපේක්ශිත වත්කම දේපල වල වෙලඳපල වටිනාකම පවා අහෝසි ව ගිය කාලයකදි ,, නැත්තම් ලබාගන්නා දේපලට වඩා නඩු ගාස්තු වශයෙන් වැයකල ප්‍රමාණය අධික මොහොතක යුක්තිය ඉටු වීමෙන් පලක් තියෙනවද??😂
ඒ වගේම තමයි මං කියපු ගණයේ ස්ත්‍රී දූශණ නඩුවකට විශේශ කරලා කතා කලොත් ස්ත්‍රී දුශණ නඩුවක් අධිකරණය ඉදිරියෙ විභාග වෙන අවස්තාවකදි ඇත්තෙන්ම හරි පිලිකුල් සහගත ප්‍රශ්න කිරීම් හා විත්තියෙ හරස් ප්‍රශ්න ආදි නින්දිත ප්‍රශ්න කිරීම් වලට මූණ දෙන්න අදාල දැරියට සිදු වෙනවා,, අන්න එතනදිත් බරපතල ලෙස ඇය මානසික පීඩාවකට මූණ දෙනවා,,😖

එක් පුද්ගලෙයෙක් හමුවෙ විනාශ වුන ජිවිතය සභාවක් ඉදිරියෙ වමාරන්න වෙනවා,,සමහර විට මේ ප්‍රශ්න අහන්නෙ වැඩිවිය පැමිණිලාවත් නැති ප්‍රජනන ක්‍රියාවලිය මොකක්ද කියලවත් දන්නෙ නැති පුන්චි කෙල්ලෙක්ගෙන් … ඇය මේ ප්‍රශ්න හමුවෙ අන්දුන්කුන්දුම් වෙනවා ඇත්තෙන්ම එතනදි ඇය මුහුණදෙන ප්‍රශ්ණ කිරීම් තලු මර මරා ඉදිරිපත් කරන ප්‍රශ්න කිරිම් නිසා මුලු අධිකරණය ඉදිරියේම ඇය නැවත නැවත දහස් වතාවක් මානසිකව දුශණය වෙනවා,,😠

යුක්තිය ඉටුවන බව පමණක් නොවෙ යුක්තිය ඉටුවන බව පෙනෙන්නටද තිබිය යුතුයි කියන නීතීයෙ නිසි ක්‍රියාදමය සුරක්ශිත කරන්න අවශ්‍ය කරන වැදගත් සාධකයක් තමයි අධිකරණයෙ විවුර්ත භාවය,,

සරලවම කිව්වොත් නඩුවක් විනිශ්චය කරන ආකාරය සෑම කෙනෙක්ටම දැකබලා ගත හැකි ලෙස විවුර්තව සිදුකිරීම තමයි මේ කියන සිද්ධාන්තය,, ඒ වගේම නඩු කටයුතු වල විවුර්ත භාවය අයිතිවාසිකමක් හැටියටත් පිලිගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඒක තහවුරු කරලා තියෙනවා..

නමුත් සමහර සංවේදි , සුවිශේශි නඩු විභාග මහජනයාගෙන් බැහරව පවත්වන්නත් පුලුවන් නමුත් අදාල පාර්ශව හා අධිකරණ ක්‍රියාවලියට සම්බන්ධ හැම පාර්ශවයක්ම එලියට දාලා ස්ත්‍රී දුශණ නඩුවක් උනත් අහන එක ප්‍රායෝගිකව ටිකක් අමාරුයි!!

එතනදිත් තව දුරටත් අදාල වින්දිත පාර්ශවය / තරුණිය හෝ දැරිය කම්පනයකට පත් වෙනවා විතරමයි!

නිතීයත් යුක්තියත් හැම වෙලේම එකක් නෙමෙයි,, අන්න ඒ නිසාම සමහර වෙලාවට තදබල මානසික පීඩාවන් හමුවෙ උනත් අධිකරණය ඉදිරියෙ මුහුන දීලා ප්‍රරශ්න කිරීම් වලට ලක් වෙලා අන්තිමෙ චූදිතයන් නිදොස් කොට නිදහස් උනොත් සමාජය ඉදිරියෙ ගර්හාවට ලක් වන්නෙත් අර තරුණියමයි!

දරුනුම කේදවාචකය, මේ වගේ කාලකන්නි ස්ත්‍රී දූශණයකින් පස්සෙ තරුණියක් ගැබ් ගත්තොත් ඒ කලලය පිලිලයක් කරගෙන ජිවිතය ගෙවනවා විනා ඉන් නිදහස් වීමටත් ඈට නිතීයෙන් අවසර නෑ හිතවත්නි!! නීතියෙ හැටියට ස්ත්‍රී දුශණයක් නිසා ඇතිවන කලලයක් ගබ්සා කිරීම තහනම්!!

ඉතින් හිතවතුනි!! ස්ත්‍රී දුශණ නඩුවක අධිකරණ ක්‍රියාවලිය මෙන්න මේ වගෙ එකක් නම් අපේක්ශිත යුක්තිය පවා ඉටු වන්නෙ කල් ගත වෙලා නම් එවන් අපරාධයකට ලක් වෙච්ච තරුණියකට දිවි තොර කර ගැනීම හැර වෙනත් මාර්ගයක් තිබෙනවද කියන එක ප්‍රශ්ණකාරීද නැද්ද?

අවුරුදු 16 ට අඩු දැරියක් සමඟ ඇගෙ කැමත්ත ඇතිව හෝ නැතිව සංසර්ගයෙ යෙදීම ස්ත්‍රී දුශණයක් ය කියන නිතීයම අවුරුදු 18 ට එහා තරුණියක් සමඟ ඇගෙ කැමැත්තෙන් සංවාසයෙ යෙදුනාට කමක් නෑය කියනවා( අනාචාරය නොවෙ) ඉතින් එතකොට මේ අවුරුදු 16-18 ත් අතර තියෙන අවුරුදු දෙක ගැන නිතීයට අමතක උනේ කොහොමද?? අන්න එතනත් නිතීය හරිම ප්‍රශ්නකාරී,,,

ඒ වගෙම සමහර අවස්ථාවල මං දැකලා තියෙනවා 18 ට වැඩි ස්ත්‍රී දුශණ නඩු වලදි චුදිත පාර්ශවයෙ නිතීක්න මහත්වරු ඉතා නින්දිත විදියට ඔප්පු කරන්න හදනවා අදාල තරුණියට ඒ අවස්ථාවෙ සංවාසයට කැමැත්තක් තිබුනාමයි කියලා,,, මිත්‍රවරුනි ඒක ඔප්පු කරන්න අර තරුණියගෙන් අහන නින්දිත ප්‍රශ්නාවලිය ඇසුවොත් ඔබ අනිවාර්‍යෙන් නීතී වුර්තීයට පමණක් නෙමෙ සමස්ථ නිතී පද්ධතියටම වෛර කරනවා!!

ඉතින් වයස 14 ක දැරියක් සමුහ දූශණයකට ලක් වෙලා තව දුරටත් නීතිය හමුවෙ හා මාද්‍ය හමුවෙ දූශණය ට ලක් නොවී දිවි තොර කර ගැනීම ගැන එක අතකින් අපි සතුටු වෙමු මිත්‍රරවරුනි!!!

ලංකාවෙ සංස්කුතික බහුබූතය හා නෛතික රාමුව හමුවෙ ඈ තැලී පෙලී ගර්හාවට ලක් නොවිම පිලිබදව අප සන්තෝස වෙමු !!

අතීතයක් ඇති ගැහැණියට අනාගතයක් නැති බව පුන පුනා කියන සමාජයට මුහුණ නොදී ඈ ජිවිතයෙන් සමු ගැනීම ගැන අපි සතුටු වෙමු!!!😞

අනාගතයක හිමිකම එවන් තරුණියන්ට අහිමි කරන සමාජයට, නීතීයට හා මාද්‍යයට අපි අදත් හෙටත් ස්තුතී කරමු!!!

අමනයින් ලෙස!! ඔව් අමනයින් ලෙස!! 😏

චා❤න්‍යා

 
චාන්‍යා  හේරත් මූණු පොතට එක් කළ සටහනක්

“මට කෙලවෙලා” – බුද්ධික දමයන්ත

බුද්ධික දමයන්ත නාට්‍ය කලාවේ විවිධ භූමිකාවන් රැසක් නිරූපණය කරණ තරුණ නාට්‍ය කරුවෙක්. වසර විස්සකර අධික කාලයක් තුල කැපීපෙනෙන නාට්‍ය නිර්මාණයන් රැසක් නිර්මාණය කල බුද්ධික වත්මන් නාට්‍ය කලාව පිළිබද කතාබහකට බොස්ටන් ලංකා අප සමග මෙසේ එක්විය.

17311268_1221594484627543_5732909036746847019_o

දැනට වසර කීපයකට පෙර තවත් නාට්‍ය කරුවෙකු වෙන ධනංජය කරුණාරත්න විසින් ඔබගේ ජීවිත කතාව කරළියට ගෙනාවා ”බුද්ධිකයගෙ කතාව”= නමින්. මේ ගැන ඔබේ අදහස කුමක්ද?

මේ නාට්‍ය නිර්මාණ වලට කියන්නේ බයෝග‍්‍රැෆිකල් තියටර් කියලයි. ධනංජය කරුණාරත්නට  ඕන වුනා ඇත්තටම නාට්‍ය කලාවෙන් ජීවිතය කෙලවගත්ත නාට්‍ය කරුවෙක්ගෙ අත්දැකීම් පේ‍්‍රක්‍ෂකයා හමුවට ගේන්න. ඉතිං ධනංජය මුල් කාලයේ ඉදං මගේ මිත‍්‍රයෙක් නිසාත්, මම ගැන පෞද්ගලිකව දන්න නිසාත්, මගේ කෙලවීම ගැන අවබෝධයක් තියෙන නිසාත් මාව ඒ නිර්මාණයට තෝරගත්ත. නාට්‍ය කියන්නේම ඇත්ත නෙවේ. අන්න ඒක අපි මුලින්ම අවබෝධ කරගන්න  ඕන. ඉතිං මේ නාට්‍යයේත් මගේ ජීවිතය පිලිබ`ද අර්ධවූ සත්‍යයකුත්, ධනංජය වසින් නිර්මාණය කරපු කොටසකුත් තියෙනවා. මේ හැම දේකටම මම එක`ගවුණු නිසා තමයි මම ඒ නිර්මාණය කිරීමට යොමුවුනේ.

13015591_932749396845388_5427974358212538695_n

ඇයි ඔබ ඔබට කෙලවෙලා කියල කියන්නේ?

මට කෙලවෙලා කියන එක ගැන මට අවබෝධයක් තියෙන නිසා.

ඔබ හිතන විදියට කවුද මේකට වගකියන්න  ඕන?

කවුරුත් වගකියන්න  ඕන නෑ. මේකට මම මයි වගකියන්න  ඕන. කිසිම කෙනෙක් මට නාට්‍ය කරන්න කීවෙත් නෑනෙ. මම 94 මුල්ම නාට්‍ය කරනකොටම දන්නවා මට කෙළවෙනවා කියල. එහෙම දැන දැනත් මේ කලාවට තියෙන ආසාව නිසා තමයි මම එදත් නාට්‍ය කරේ. ඒ ආශාව අදත් ඉවරවෙලා නෑ. හෙටත් ඉවර වෙන්නේ නෑ. හැබැයි මේවගේ තක්කඩි, කාලකන්නි පාලකයොයි, නළධාරියොයි, කලාකාරයොයි ඉන්න රටක සැබෑ නාට්‍ය කලාවක් කිරීමට යොමුවීම ගැන මට දුකක් නං තියෙනවා. මේක නාට්‍ය කලාව ගැන දුකක් නං නෙවෙයි.

එතකොට ඔබ තවමත් නාට්‍ය කලාවේ නිරතවෙන්නේ ඇයි?

මම නාට්‍ය කරන්නේ නැතුව වෙන මොනවා කරන්නද. මැටි වැඩ කරන්නද?

මේක ලංකාවේ වෘත්තීය නාට්‍ය කලාවක් ගොඩනැගීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කර නොතිබීමෙන් ඇතිවී ඇති තත්ත්වයක් නේද?

මේ රටේ ඇත්තටම වෘත්තිමය නාට්‍ය කලාවක් ඇත්තේ නෑ, වෘත්තිමය නාට්‍යකාරයොත් නෑ. ඒ අය ජිවත් වෙන්න විවිද දේවල් කරමින් තමයි නාට්‍ය කාලව කරන්නේ. හැබැයි මම නං පූර්ණකාලීනව, වෘත්තීය වශයෙන්ම නාට්‍ය කලාව තමයි කරන්නෙ. අද වෙලා තියෙන්නේ මොකද්ද? නාට්‍ය කරන්න එක කෙනාගේ ඉදිරි ජීවිතය ගොඩන`ගාගැනීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කරල තියෙනවද? අවුරුද්දකට කැම්පස් වලිනුයි, තවත් එක එක නාට්‍ය සම්බන්ධ කොස් වලිනුයි කොයි තරම්නම් ළමයි ප‍්‍රමාණයක් සමාජයට යොමුකරනවාද, ඇයි මේවගේන නාට්‍ය කාරයෝ බිහිවෙන්නේ නැත්තේ. එක්කෝ කොහේ හරි ඈත ඉස්කෝලෙකට ගිහින් අදාළම නැති විෂයක් උගන්නියි. නැත්තං කවුරුහරි ටෙලිනාට්‍ය මුදලාලි කෙනෙක් පැහැරගනියි. මේක ඒ අයගේ වරදක් නෙවේ. මේ ක‍්‍රමේ වරදක්. කිස්ම දේකට ස්ථිර ජාතික ප‍්‍රතිපත්තියක් නැති රටේ නාට්‍ය කලාව වෘත්තිය විදියට කරන්න පු`ඵවන් වෙයිද? මේකට ඇත්තටම අපි රටක් කියල කිව්වට ඇත්තටම මේක මාකට් එකක්. මේකෙ හැදෙන්නේ මුදලාලිලයි ෆුඞ් කෝටුයි විතරයි. මේ අය තමයි රටේ හැමදෙයක්ම අද තීරණය කරන්නේ.

1383003_10202015779743417_897404875_n

නාට්‍ය කරුවන්ට අවශ්‍ය මේ පරිසරය ඒ අය විසින්ම නේද ගොඩන`ගා ගත යුත්තේ?

ඇත්ත, මේ පරිසරය සරච්චන්‍ද්‍රමහත්තයාගේ ඉදන් අද වෙනකං කිසිම කෙනෙක් ගොඩ නැ`ගුවෙත් නෑ. අපි ඉදිරි පරම්පරාවට මේක ගොඩනගන්නෙත් නෑ. ඉදිරියේ එන අය මේක කරයි කියන විශ්වාසයකුත් නෑ. හැම කෙනාම මේක ඇතුලේ තමන්ගේ ගේම ගහල කෑල්ලක් කොහොමද කඩාගන්නේ කියන ප්ලෑන් එකේ තමයි ඉන්නේ.  ඕක තමයි කලාව කියල අපි අද කරන්නෙ. එහෙම නැතිව සමාජයේ හෝ ඉදිරි පරම්පරාවේ පැවැත්ම වෙනුවෙන් කරන කිසිම දෙයක් නෑ. මම නං මගේ දරුවො කැමති වුනත් නාට්‍ය කලාවටනං එන්න ඉඩදෙන්නෙ නෑ.

එතකොට කොහොමද මේක ආරම්භ කල යුත්තේ?

මේක ඇත්තටම මේ ක‍්‍රමේ වෙනස් කිරීමකින් තමයි ආරම්භ කරන්න  ඕන. පහුගිය කාලේ කලාකරුවෝ එකතුවෙලා නොයක් විදියේ සාකච්ඡුාවන් කරා. මං හිත්න්නේ ඇමරිකාවත් හ`දට යන්න ඒ තරං සකච්ඡුා කරන්න නැතුව ඇති. චන්ද කාලෙදි කලාව දඩමීමා කරගෙන එක එක දේශපාලකයන් පස්සෙ ගියා. මොකද අන්තිමේදි උනේ කලාකාරයොයි දේශපාලකයොයි තම තමන්ගෙ පෞද්ගලික අරමුණු වලට ගියා ප‍්‍රශ්ණ එතනමයි. මේක ඔ`ඵගෙඩි මාරු කරල විසදන්න පු`ඵන් දෙයක් නෙවේ. මොකද දේශපාලකයො දන්නව මොනව කළත් තමන්ගේ පිටුපස්සෙ යන පිරිසක් ඉන්නවා කියල. මෙන්න මේකයි වෙනස් කරන්න  ඕන. බුද්ධිමත් ජනතාවක් නිර්මාණය කරගැනිමයි අවශ්‍ය.

21728318_1600754399991206_3617978722041380035_nphoto (2)

එතකොට ඔබේ නාට්‍ය කිරීමේ අරමුණ මොකද්ද?

සමාජයේ මම දකින අවුල ජනතාවට නාට්‍ය ම`ගින් ප‍්‍රකාශ කිරීම තමයි මගේ අරමුණ. සමාජයේ හැමෝම තාම දූෂණය වෙලා නෑ. හිතන පතන යම් පිරිසක් තාමත් ඉන්නවා. මේ ජනතාවට ඥාණය වහ වහා ලබාදියයුතුයි. මේ කාර්යය කවුරුන් හෝ කලයුතුයි. මේ කාර්යය තමයි මම මගේ නිර්මාණ ම`ගින් කරගෙන යන්නේ.

පාලිත අබේලාල්

පෙට් ස්කෑනරය සමගින් සහජීවනයේ සොදුරුතම කතාන්දරය පවසන පින් බිම අපේක්ෂා රෝහල

සටහන: නිරාශා පියවදනි පින්නවල 

එළඹෙන ජනවාරි 25වන දා පෙට් ස්කෑනරය ශ්‍රී ලංකාවට 

අදුරට සාප කිරීමට කාලය නාස්ති නොකළ ඔහු අදිටන් කරගත්තේ  අදුර නසන්නට එක පහනක් හෝ දැල්වීමටය..ඒ පහන් සිලේ දැලේලෙන් රටක් ආලෝකමත්වීමට ඇත්තේ තවත් දින කිහිපයක් පමණි..

සිය ආදරණීය පුතණුවන්ගේ ජීවිතය උදුරා ගත්තද තවත් ජීවිත ඒ අවාසනාවන්ත ඉරණමට ගොදුරු වීමෙන් වළකා ගැනීම ඔවුන්ගේ පැතුම විය.  අකාලයේ මිලිනව ගිය ඒ ආදරණීය පුතණුවන්  හමීඩ්ගේ සහ පියාණන් වූ මොහොමඩ්ගේ ඒකායන අරමුණ වූයේ කෙසේ හෝ පෙට් ස්කෑනරයක් මෙරටට ගෙන්වා ගැනීමයි. 

පෙට් ස්කෑනරය? කුමක්ද ඒ? පෙර දී තරමක් නුහුරු ඒ වදන මෙරට සුවහසක් ජනයා අතර ජනප්‍රිය වූයේද මේ උතුම් මෙහෙයුම නිසාමය.

26167027_1299359903503710_7590572200451796622_n

පිළිකා රෝගය සිරුර පුරා ඔඩු දුවා රෝගියාගේ තත්ත්වය උත්සන්න වනතුරු බලා නොසිට කල් යල් ඇතිව ප්‍රතිකාර කරමින් සුවදායී ආයුෂ සහිතව ජීවිතයක් බේරා ගැනීමට Positron Emission Tomography හෙවත් (PET) Scanner  තුළින් ලැබෙන්නේ අනගි පිටුවහලකි.

ඒ උතුම් මෙහෙයුම පිළිබදවත් ඒ  වටා රොද බැදගත් සුවහසක් උතුම් මිනිස් කැලකගේ දහදිය කදුලින් බිහි කර ගත් Fight Cancer Team පිළිබදවත් තවත් අටුවා ටීකා ටිප්පනි ඇවසි නැත. ඒ දහදිය කදුළුවල අභිමානවත් ප්‍රතිඵලය උදා කරමින් පෙට් ස්කෑනරය එළඹෙන ජනවාරි 25 වෙනි දින ලංකාවට සැපත් වීමට නියමිත බවට සටහන් තබන්නේ හදපිරි තුටිනි.

21752418_284132132085776_5602062964595675420_n

ඒ  පිිළිබද Fight Cancer Team නිර්මාතෘ මොහොමඩ් මහතා බොස්ටන් ලංකා හා සිය අදහස් පළ කළේ මෙලෙසිනි.

“ශ්‍රී ලංකාවේ යල් පැන ගිය ටෙන්ඩර් ක්‍රමය නිසා තමයි මේ විදියට පෙට් ස්කෑනරය ලංකාවට පැමිණීම ප්‍රමාද වුණේ. මෙහෙයුමක අසීරුතම කාර්්‍යය වෙන්නෙ අවශ්‍ය මුදල සොයා ගැනීම. නමුත් මෙතනදි කියන්න ඉතා සතුටුයි අපේ පරිත්‍යාගශීලී  මහජනයා නිසා එය ඉක්මනින් සාර්ථක කර ගත හැකි වුණා. මහජනයා පිරිනැමූ ඒ මුදල අප රජයට පරිත්‍යාග කළා. නමුත් සිදු වුණේ කිසිසේත් නොසිතූ ප්‍රමාදයක්.

 ප්‍රමාදය පිළිබද රජයට  දොස් නගන්න බැහැ. කාලයක් පුරා පැවතගෙන එන ටෙන්ඩර් පටිපාටිය නිසා මෙතනදි රාජ්‍ය අංශයත් අසරණ වුණා. මේ යල් පැන ගිය ක්‍රමය වහා වෙනස් විය යුතුයි.

19396763_244586359373687_4445065790765334877_n

මෙම පෙට් ස්කෑනරය තාක්ෂණයෙන් ඉතා ඉහළයි. තවමත් රෝහල් කාර්්‍යය මණ්ඩලයේ නිළධාරීන් මෙය භාවිතා කිරීම සදහා පුහුණු කර නැහැ. ඔවුන් ඉතා හොදින් ඒ සදහා පුහුණු විය යුතුයි. නැත්නම් වැරදි ලෙස මෙම යන්ත්‍රය භාවිතා කිරීමට ගොස් වෙනත් අනතුරු වෙන්න ඉඩ තිබෙනවා.”

පෙට් ස්කෑනරයෙන් සිය මෙහෙයුම නවතා දැමීම FCT හි අභිලාශය නොවේ. ගෙවෙන සෑම තත්පරයකම  පිළිකාවෙන් විඩාබර රෝගීන්  සිත ගත  සැනසීමට පත් කළ හැකි සෑම අංගෝපාංගයකින්ම සපිරි පින්බර භූමියක් බවට මහරගම අපේක්ෂා රෝහල පත් කිරීම FCT හි මීළග වෑයමයි.

ලොවටම පිළිකාවක් වි ඇති  පිළිකා රෝගයෙන් ශ්‍රී ලංකාවෙ තුළ වාර්ෂිකව මියයන සංඛ්‍යාව ආසන්නතම වශයෙන් 15000ක් පමණ වන බැව් පිළිකා මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීරගේ මතයයි. 

වාර්ෂිකව පිළිකා රෝගීන් 16,000 ත් 20,000 ත් අතර පිරිසක්‌ හඳුනා ගැනීමට මේ වන විට හැකිව තිබෙන බවද  විශේෂඥ වෛද්‍යතුමන් සඳහන් කරයි. 2013 වසරේදී ශ්‍රී ලංකාවේ පිළිකා රෝගීන් 25,515 ක්‌ ලියාපදිංචිව සිටි අතර 2014 වසරේදී එය 26,341 දක්‌වාද 2015 වසරේදී 28,474 දක්‌වාද ලියාපදිංචි පිළිකා රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස්‌ ඇති බව ද වාර්තාවේ. 

රෝගය වේදනාබර බව සැබෑය. නමුත් ඒ විඩාබර ජීවිත සුවපත් කිරීමට මෙරට සෑම ජාතියකම දූ පුතුන් එකාවන්ව එක් රොක් වන හෙයින්ම එ් භූමිය පින්බරය.  මහරගම අපේක්ෂා රෝහල පවසන්නේ සහජීවනයේ අපේක්ෂාව මුදුන්පත් කිරීමට මං සලසන සොදුරුතම කතාන්තරයක් බැව් රහසක් නැත…