Author: uslanka
සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ ලබන වසරේ මුල් මාස හත ර තුළ දිවයිනේ ඖෂධ හිඟයක් ඇතිවීමේ අවධානමක් පවතින බවයි.
මෙරටට අවශ්‍ය ඖෂධ නිෂ්පාදනය වන්නේ ණයවර ලිපි නිකුත් කර ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් අනතුරුවයි.
රට තුළ පැවැති දේශපාලන තත්වය නිසා ඖෂධ ඇඳුම් නවුම් කිරීම සඳහා ප්‍රසම්පාදන ලබාදීමේ ණයවර ලිපි නිකුත් කිරීමට නොහැකි වීම මෙම ඖෂධ හිඟය ඇතිවීමට හේතු විය හැකි බවයි අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ.
එලෙස ණයවර ලිපි නිකුත් කිරීම සඳහා ප්‍රමාණවත් මුදල් ප්‍රතිපාදන නොමැති වීම ඖෂධ සැපයීමේ ප්‍රමාද වීමට තවත් හේතුවක් විය හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා පෙන්වා දෙනවා.
එමෙන්ම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කොළඹදී ඊයේ මාධ්‍ය හමුවක් කැදවමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් ඉල්ලීමක් කරමින් පැවසුවේ සෞඛ්‍යය අමාත්‍ය ධූරය සඳහා රාජිත සේනාරත්න යළි පත් නොකරන ලෙසයි.
කුමන්ත්‍රණය පරාදයි – සැබෑ ජනතා ජයග්‍රහණයට පෙළගැසෙමු යන මැයෙන් කිරුලපන ප්‍රදේශයේ අද දින ජනතාව විමුක්ති පෙරමුණවිසින් ජන හමුවක් සංවිධානය කර තිබුණා.
මෙම ජනහමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පැවසුවේ නව ආණ්ඩුවට මහා බැංකු බැඳුම්කර වංචාව හෝ අමාත්‍ය වරුන්ගේ සොරකම් යට ගැසීමට ඉඩ ලබා නොදෙන බවයි.
මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ කණ්ඩායම ව්‍යාජ තොරතුරු සමාජගත කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හරහා ලද දේශපාලන පසුබෑම් ආවරණය කර ගැනීම්ට උත්සාහ කරන බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා මෙම ජන හමුවට එක්වෙමින් සඳහන් කළා.
නව අග්‍රාමාත්‍යවරයා ලෙස එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ හෙට පෙරවරු 10.30 ට ජනාධිපති කාර්යාලයේ දී දිවුරුම් දීම්ට නියමිත බව එම පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් පවසා ඇත.
යුක්තියේ හඬ ජයග්‍රහණය සැමරුම් අනිද්දා කොළඹ ගාලු මුවදොර පිටියේදී සමරන බව ද එතුමා මේ අවස්ථාවේදී වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.
එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස ද ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීරණය සහ ඉදිරි ක්‍රියා ක්‍රියාමාර්ග පිළිබඳ දැනුවත් කිරීම සඳහා අද දින අරලියගහ මන්දිරයේ මාධ්‍ය හමුවක් කැඳවා තිබුණි.
මෙහිදී ප්‍රතිවාදීන්ට පහර ගැසීමට සූදානම් නොමැති බවත් ජයග්‍රහණය හරහා උදම්නොවන බවත් ඔහු සඳහන් කළා.
එමෙන්ම තිස්දෙනෙකුගෙන් සමන්විතවිත නව අමාත්‍ය මණ්ඩලය අනිද්දා දිවුරුම් දීමට නියමිතයි.
අනිද්දා දින නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.
මෙහිදී තිස් දෙනෙකුගෙන් යුත් අමාත්‍ය මන්ඩලයේ ජේෂ්ඨ අමාත්‍ය ධූර එක්සත් ජාතික පෙරමුණ වෙත ලබාදීමටයි තීරණය වී ඇත්තේ.
අද දින මහින්ද රාජපක්ෂ මහතා විසින් විජයරාම මාවතේ පිහිටි සිය නිල නිවසේ සිට අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපියට අද දින අත්සන් තැබුවා.
ඉන් අනතුරුව ඔහු පැවසුවේ පෙබරවාරි 5 වනදා පළාත් පාලන මැතිවරණයෙන් පසු තම පාර්ශ්වයේ අරමුණ වූයේ ජනතාවට මහා මැතිවරණයක් ලබාදීම බවත්, මහමැතිවරණයක් නොමැතිව අගමැති ධූරයක් දැරීමට තමාගේ කිසිදු බලාපොරොත්තුවක් නොමැති බවත් ය.
ඔක්තෝබර් 26 වන දින තමා අගමැති බවට පත් වනවා සමගම දිවයින පුරාම නව බලාපොරොත්තු සහගත පිබිදීමක් ඇති වූ බවත් 2015 පසු කඩා වැටී තිබූ කොටස් වෙළඳපොළ ගැන තිබුණු බව මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසීය.
මහජනතාව විසින් අපේක්ෂා කළ ආණ්ඩු වෙනස සාක්ෂාත් කරගැනීම මේවනවිට දැන් කල් ගොස් ඇති නමුත් අවසානයේ දී ජනතාවට ඒ වෙනස අනිවාර්යෙන්ම ලැබෙන බවත් එය වැළැක්විය නොහැකි බවත් ඒ මහතා පවසයි.
එමෙන්ම කැඳවා තිබු මහ මැතිවරණය පැවැත්වීමට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණ දුන් නඩු තීන්දුව ඉතාමාත්ම දීර්ඝ හා සංකීර්ණ ලියවිල්ලක් බැවින් එය හදාරා බලා, ඒයින් ව්‍යවස්ථාමය වශයෙන් පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයක් පවත්වාගෙන යෑමට ඇතිවෙන බලපෑම පිලිබඳ පසුව විග්‍රහයක් කිරිමට බලාපොරොත්තු වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළේය.
මේ මොහොතේ දී සාකච්ඡා කරනු ලබන්නේ කැඳවූ මහ මැතිවරණය පැවැත්වීමට නොහැකි වීම නිසා ඇතිවන දේශපාලන තත්වය පිළිබඳව බවද ඒ මහතා එහිදී පැවසීය.
නොවැම්බර් මස 09 දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරියද මැතිවරණ පැවැත්වීමට විරුද්ධ පිරිසක් අධිකරණයට ගොස් තාවකාලික වාරණ නියෝග ගෙන එක්සත් ජාතික පක්ෂය කතානායකවරයාගේ සහයෝගය සහිතව විසුරුවා තිබූ පාර්ලිමේන්තුව නැවත කැඳවා පාර්ලිමේන්තුවේ බහුතරය ඔවුන්ට තිබේය යන්න පෙන්වීමට නොයෙක් ක්‍රියාකාරකම්වල යෙදුන බව ද ඒ මහතා පැවසීය.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් රුපියල් මිලියන 12 කට අධික වටිනා වටිනාකමින් යුත් හෙරොයින් තොගයක් සමඟ සැග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අදාල පුද්ගලයින් දෙදෙනා විසින් අදාල වටිනාකමින් යුතු හෙරොයින් කිලෝ ග්‍රෑම් 01ක් ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටින විටදී නුගේගොඩ පාගොඩ ප්‍රදේශයේ දී මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසන්නේ මහින්ද රාජපක්ෂ මහතා හෙට දිනයේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකර සිය අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවයි.
ඔහු සිය ට්විටර් ගිණුමේ මේ පිළිබඳව සඳහන් පණිවුඩයක් තබමින් වැඩිදුරටත් පවසා ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එක්ව ඉදිරියේ දී පුළුල් දේශපාලන වැඩපිළිවෙළක් දියත් කරන බවයි.
